අද වරුවක් නිවාඩු දාල ගෙදර ඇවිත් මහල්ලා සහ මහ මුහුද පොත කියෙව්වා.. දැන් ටිකකට කලින් තමයි කියවල ඉවර වුණේ..
අර්නස්ට් හෙමිංග්වේට නොබෙල් ත්‍යාගය ලබාගන්න හේතු වෙච්ච පොත මේක...
කියවල බලන්න වටින පොතක්
මිනිසෙකුගෙ ධෛර්‍යය, උත්සාහය, කලකිරීම, පරාජය,ආදරය, සරලත්වය, මිත්‍රත්වය,කෝපය ආදි සෑම සිතිවිල්ලකම නියම ස්භාවය අපූරුවට කැටිවුණු පොතක් විදියට තමයි මට නම් ඒක ගැන හිතුනේ...
මාළුවෙක් සහ මිනිසෙක්... අපූරු ගැලපීමක් මතුවෙන ආකාරයට කතාව ගොඩ නඟල තියෙනවා
84 පාරක් අසාර්ථකව මුහුදු ගිය මහල්ලෙක් 85 වෙනි වතාව දැඩි උත්සාහයකින් යුතුව සාර්ථක කරගෙන අවසානයේ පරාජය වීමත් එම පරාජය සැහැල්ලුවෙන් යුතුව විඳ දරා ගන්නා ආකාරය ඉතාමත් නිර්මාණශීලී හා අපූරු ආකාරයකට ලියල තියෙනවා
යටින් දිවෙන හාස්‍යයකුත් මට දැනුණා...
ඉක්මනට නාකි වෙන්න හිතුණා මටත්..
මේ සැරේ පොත් ප්‍රදර්ශනේ බලන්න ගිහින් ගෙනාව පොත් වලින් එකක්..
දවස පුරා කොම්පියුටරෙයි,ජාලෙයි,ඉංග්‍රීසියි අස්සෙ හිරවෙලා ඉන්න එකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පොත් කියන්නෙ නියම බෙහෙතක්
මිදුලෙන් පුටුවක් තියල තව පුටුවක කකුල් දෙක තියාගෙන ගහක් කොලක් දිහා බලාගෙන, කුරුල්ලෙකුගෙ සද්දයක් අහගෙන පොතක් කියවන එක මටනම් තාම මේ ඔක්කොටොම වැඩිය ආතල්...
අර්නස්ට් හෙමිංග්වේ
මහල්ලා සහ මහ මුහුද
ADVANCED TECHNOLOGY / CHIP TECHNOLOGY : එන්විඩියාට අභියෝග කරන්නට චීනය හුආවේ
යොදවයි
-
2019 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද දැඩි අපනයන පාලන සහ වෙළඳ
තහනම්, ගෝලීය තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සලකුණු කළේය. මෙය චීනයේ
කාර්මික...
3 days ago
පොත කියද?එකේ තියෙන විස්තර ගැන මට කියනවද තව ටිකක්? මෙකට එවන්න.
ReplyDeleteashanmenuka303@gmail.com