ජීවිතේ අස්ථීර කම කොච්චර ද කියන එක කවදා හරි අත්විඳල තියෙනව ද? අපි හැමෝම දන්නවා මේ ජීවිතේ ස්ථීර නෑ කියන එක. හැබැයි තමන්ටම ඒක අත්විඳින්න ලැබෙන කම් ඒක මොනවගේ ද කියල හරියටම තේරුම් යන්නෙ නෑ.
මගේ නෑදෑ අක්ක කෙනෙකුගේ එකම පුතා
අපූරූ දරුවෙක් වයස 15-16 විතර, කඩිසර , දක්ෂ , ටෙකී , උනන්දු , කටකාර , පවුලේ හුරතලා වෙච්ච බොහෝම පැහැබර අනාගතයක් තියෙන කොල්ලෙක් කියල බය නැතුව කියන්න පුළුවන්.
දැන් ඉන්නෙ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ.
කොළුකමට නැගපු ගසකින් වැටී මොළයට සිදුවූ දරුණු තුවාල නිසා ජීවිතයත් මරණයත් අතර සටනක මේ මොහොතේත්....
වෛද්‍යවරු කියන්නේ බලාපොරොත්තු තියාගන්න එපා කියලා. එයාට තනිවම එක හුස්මක් ගන්න පුළුවන් වුණොත් අපිට මොනවහරි කරන්න පුළුවන් කියන එක.
අපි හැමෝම ඒ එක හුස්ම වැටෙන තුරු බලාගෙන ඉන්නවා.
කළු සුදු ඡායාරූපයක කතාව - Third year blues
-
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සැලසුම් කර ගොඩනගා ඇත්තේ අධ්‍යයන, අනධ්‍යයන
කාර්යමණ්ඩල මෙන්ම ශිෂ්‍යයින් ද විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළම පදිංචිව සිටින
නේවාසික විශ්වව...
9 hours ago


