මේක ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ ඊයේ මට ආපු ඊ මේල් එකක් නිසා..
අපි අපේ අනුරාධපුර යුගය,පොළොන්නරු යුගය හෝ ඊටත් එපිට ප්‍රාග් ඓතිහාසික දේවල් උදාහරණ වලට අරගෙන බොහෝ දේ කතා කරනවා වගේ මේ මායන් ශිෂ්ටාචාරය උදාහරණයට අරගෙන මෙවැනි දෙයක් පැවසීම තුළ කිසියම් සත්‍යතාවක් තියෙන්නෙ පුළුවන් කියල මට නිකමට වගේ හිතුණා...
කොහොම වුණත් දැන් මේ වෙන පරිසර විනාශය නිසා 2012 කොහොම වුණත් 2050-2100 විතර වෙන කොට නම් ලෝකෙ තියෙන එක ගැන ෂුවර් නෑ
2012 ෆිල්ම් එකෙත් කතාව පැහැදිලි ව තියෙනවා... මට නම් Roland Emmerich ගෙ Independence Day තරම් 2012 ඇල්ලුවෙ නෑ...
කොහොම වුණත් මේක මෙහෙම වෙනවනම් අපිට තව මොන දේ කරන්නත් තියෙන්නෙ වසර 3කට දවස් 3ක් අඩු කාලයක්.. අද අද එයි මරු පින් කර ගන්නේ කියල කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමා...
මේ තියෙන්නෙ ඊ මේල් එක...






