Monday, September 26, 2016

බෝර්නියෝ සංචාරය - 2 මුහුණට මුහුණ හමුවුණු මාළු සහ පැරිෂුට් ගමන..

අපේ බෝර්නියෝ සංචාරයේ පළවෙනි දවස කොහොමද ගෙවුනේ කියල පහලින් බලන්න


දෙවෙනි දවසේ උදේ 9.30ට වගේ කලින්දා වගේම වෑන් එකක් ඇවිත් අපිව Kota Kinabalu නගරයේ තිබුණු ජැටිය ට එක්කන් ගියා. අපි හිටපු හොටෙල් එකේ ඉඳල විනාඩි 10ක වගේ දුර. මේ නගරය දකුණු චීන මුහුදට මායිම් වෙච්ච නගරයක්. නගරය අවට තිබුණු පුංචි දුපත් සමුහයක් තියෙනවා. ඒ හැම දුපතක් ම වගේ සංචාරක ආකර්ෂන. ටිකක් විශාල දුපතක වෙනමම පාසලක් පවා තියෙන බව අපි පස්සේ දැන ගත්තා. 

මෙතන ඉඳල ඉතින් පොටෝ ටිකක් දාන්නම්. මේ තියෙන්නේ ජැටිය


අපේ නඩේ ගුරා තමයි මේ මැද ඉන්නේ.. අපිත් එක්ක ගිය අනිත් සෙට් එකත් එක්ක.


බෝට්ටුව අධි වේගයෙන් යනවා. දෙතුන් තැනකදීම කනේ වැලි (සොරි සොරි වැලි නෙවෙයි... වතුර වතුර..) ගෑවෙන්න නවල අරන් පොඩි පොඩි වැඩ කෑලි දාපු අපේ බෝට්ටුවේ ඩයිබර් මලය දක්ෂය..

ඔහොම විනාඩි 15-20 වගේ ගිහින් අපි මුලින්ම ගොඩ බැස්සේ මෙන්න මේ Sapi දුපතට.. දුපතේ තියෙන පිළිගැනීමේ කවුන්ටර් එක තමා මේ.


මේ තියෙන්නේ දුපතේ වෙරළ

මේකට ආවට පස්සේ අපේ නඩේ ගුරා අපිට එයාල කරන තව එක එක ඇක්ටිවිටිස් වර්ග කීපයක් ගැන කියල දුන්නා.  ස්කුබා ඩයිවින්, පැරා සේලින්, බනානා බෝට්, සී වෝකින් වගේ ඒවා.. කැමති අයට ඒවාට යන්න පුළුවන් ඉතිරි අයට තිබුනේ ඉතින් ස්නොර්ක්ලින් කරන්න තමයි. අපි දෙන්න මොකද කරන්නේ කියල පස්සේ තීරණේ කරන්න හිතාගෙන ස්නොර්ක්ලින් වලට මුහුදට බැස්ස. හැබැයි ඒ වෙරළ එතරම් ලස්සන  කොරල් තියෙන තැනක් නෙවෙයි.. අනිත් එක ගොඩක් සංචාරකයෝ හිටපු නිසා වතුර බොර වෙලා තිබුනේ.. ස්නොර්ක්ලින් වලට එච්චර සුදුසු නෑ.. 

මෙන්න මේ වෙලාවේ තමයි මම මෙන්න මේ පෝස්ට් එකේදී කිව්ව මගේ ඇක්ෂන් කැමරාව එලියට අරන් මුලින්ම වතුරට බැස්සේ..

ලාබෙට ගත්ත චයිනීස් කැමරාවේ වැඩ කිඩ බලන්නත් එක්ක දෙයියෝ බුදුන් සිහි කරගෙන ඕනේ එකක් වෙන්න කියල දිය යට ඔබලා බැලුවා.. පුදනකොටම කාපි යකා කියල මෙන්න බොලේ බඩු වැඩ හෙහ් හෙහ්..

මේ තියෙන්නේ එහෙන් මෙහන් ගත්තු ෆොටෝ ටිකක්... වීඩියෝ කරපු ටිකකුත් තියෙනවා. ඒවා මේකේ දැම්මේ නෑ.. 

කැමරාවේ දිනේ හරියට හදපු නැති නිසා වැරදි දිනයක් තියෙන්නේ.. ඒක නොසලකා බලන්න.. :)

මුහුණට මුහුණ ආපු මාළුවෙක්..
එන්නේ පිඹගෙන..
කොරල් නම් වැඩක් නෑ..

මේ ඉන්නේ තව එකෙක්

මාළුත් ගොඩක් නෑ.. සෙනග වැඩි නිසා මාළු හැංගිලා ද කොහෙද

මේ ඉන්නේ තව සෙට් එකක්

ඔය විදියට පැය දෙකක් විතර මාළු පස්සේ ගිහින් කොරල් වලට කකුල් තුවාල කරගෙන ෆොටෝ ගත්තා ,වීඩියෝ කළා. මට අමතර බැටරි එකක් එහෙම අරන් යන්න බැරි වෙච්ච නිසා ෂුවර් නැතිව තමයි කැමරාව පාවිච්චි කලේ.  හැබැයි අවුලක් නැතිව හවස් වෙනකම් කැමරාව වැඩ කළා.  චීන මුහුදේ දී චීන බඩු හොඳට වැඩ කරනවා මගේ හිතේ.. හෙහ් හෙහ්..

ඊට පස්සේ අපේ දුපතේ සුදානම් කරලා තිබ්බ අපේ දවල් කෑමට ගොඩට ආවා.

මේ තියෙන්නේ

බුෆේ ක්‍රමයට කෑම නම් හොඳටම තිබුනා.

කාල බීලා  පොඩි කයියක් ගහල ඊලඟ ගමනාන්තය  වෙච්ච Manukan දුපතට පිටත් වුණා.

තව විනාඩි 15ක් විතර බෝට්ටුවේ ගිහිල්ල Manukan දුපතේ ජැටියේ දී අපේ නඩේ ගුරා කිව්වා පැරා සේලින් කරන අයට දැන් කරන්න පුළුවන් කැමති අය එන්න කියල.  ෆෝම් එකක් දුන්න අපේ නම් ලියන්න.  ඒ සැරේ අපි දෙන්නයි තව කොරියන් දෙන්නෙකුයි පැරා සේලින් වලට නම් දුන්න.

එතනින් පස්සේ අපි ආපු බෝට්ටුවෙන් අපිව වෙන බෝට්ටුවකට දාගෙන මෙන්න පැරා සේලින් කරන්න පිටත් වුණා.

අපි දෙන්න මීට කලින් එක පාරක් පැරා සේලින් කළා. ඒ මැලේසියාවට අයිති ලංකාවී කියන දුපතට ගිය වෙලාවේ. එකේදී තිබුනේ අපි වෙරළේ ඉන්නවා පැරිෂුට් එක දාගෙන . මුහුදේ තියෙන බෝට්ටුවකින් පැරිෂුට් එකත් එක්ක අපිව ඇදගෙන වේගෙන් යනවා..  අන්තිමට අපි ගොඩ බහින්න ඕනෙත් ආයේ වෙරලටමයි.. ඒක ටිකක් භයානකයි මොකද ආපහු බානකොට හරි තැනදී පැරිෂුට් එක පාලනය කර ගන්න බැරි වුනොත් වෙරළට නෙවෙයි පොල් ගහක් උඩට වුනත් වැටෙන්න පුළුවන්.. ගිය සැරේ ගිය වෙලාවේ මම නම් ගානට වෙරළට බා ගත්තා.. හැබැයි එක ජෝඩුවක් වෙරළේ නතර කරලා තිබ්බ බෝට්ටු ගොඩක් උඩට ගොඩ බෑව.. හෙහ් හෙහ්

ඉතින් මේ සැරේ අපි දෙන්න වීරයෝ වගේ ගියා

බෝට්ටුව ඉතින් දැන් මුහුද මැද්දට යනවා. ටික වෙලාවකින් මෙන්න  බෝට්ටුවේ හිටපු මල්ලි කෙනක් ඇවිල්ල දඩ බඩ ගාල අපි දෙන්නට නයිලෝන් කඹ වලින් හදපු බෙල්ට් වගයක් ඇඳ ගන්න කිව්වා.. ඊට පස්සේ ඕකේ, ඕකේ කම් කම් කියල අපි දෙන්නව බෝට්ටුවේ පිටිපස්සේ තිබ්බ වේදිකාවට නග්ගල ඒ වෙද්දී දිග ඇරල තිබ්බ පැරිෂුට් එකට අමුණලා උඩ ඇරියනේ.. හෙහ් හෙහ්..මදැයි මම වීරයා වගේ වෙරළේ ඉඳල පැරිෂුට් එකේ යන්න හිතා ගෙන හිටියා .. 

මේ තියෙන්නේ කතන්දරේ

බෝට්ටුවෙන් පිටත් වෙච්ච ගමන් ම


ටික ටික ඈත් වෙන බෝට්ටුව


දකුණු චීන මුහුද උඩින් කකුල් දෙකත් වන වන..

මේ තියෙන්නේ පැරිෂුට් එක

මේ තියෙන්නේ වට පිටාව



බහින්න කිට්ටුව ටික ටික ලං වෙන බෝට්ටුව. ඔය බෝට්ටුවේ තියෙන මැෂින් එකෙන් තමයි කඹේ උඩට යවල අපහු ගේන්න ගන්නේ.. කිසිම අමාරුවක් නෑ.. අපිට තිබුනේ අර නයිලෝන් බෙල්ට් එකේ ෂපාන් එකේ වාඩි වෙලා ඉන්න විතරයි..



යන්තන් ඇඟට ලේ ටිකක් ඉනුවේ ඔන්න දැනුයි.. හෙහ් හෙහ්



මේ ගමන මම ෆුල් වීඩියෝ කළා. හැබැයි හොඳ සෙල්පි පොල්ලක් එහෙම නැතිව අමාරුවෙන් අතින් අතට මාරු කරන වීඩියෝ කරපු නිසා ගොඩක් හෙලවිලා. කැමරාව අලුතින් ගත්ත නිසා නියම විදියට සුදානම් වෙන්න බැරි වුණා මේ ගමනේදී..


අපි ගොඩට ආවට පස්සේ අර කොරියන් ජෝඩුවත් ගියා. මේ වැඩේ විදි දෙකකට කරන්න පුළුවන්. අපි යන්න කලින් අපේ අහනවා වතුර ටච් කරන්න ඕනේ ද කියල .. අපෙන් ඒක අහපු වෙලේ අපි හිතුවේ උඩට ගෙනිහින් කෙලින්ම මුහුදට බාන සීන් එකක් වෙන්න ඇති අනේ මේ පිනන්නත් බැරි අපිට ඒක එපා ඔන්න ඔහේ උඩින් ම අපි දෙන්නව අරන් එන්න කියල අපි කිව්වා. අර කොරියන් දෙන්න වතුර ටච් කරන වැඩෙත් කළා. මේ තියෙන්නේ මම බෝට්ටුවේ ඉඳල ඒ දෙන්නගේ ගත්ත ෆොටෝ ටිකක්.

මෙන්න මෙහෙමයි උඩට ගියාම

මේ තියෙන්නේ බෝට්ටුව ටිකක් ස්ලෝ කලාම ගානට මුහුදට පාත් වෙන හැටි..


බෝට්ටුවෙ වේගේ වැඩි වුනාම ආයේ උඩ යනවා.. එකත් ආතල් වැඩේ. අපිට ඒක තේරුනේ පස්සේ.. හෙහ් හෙහ්

මේ ඉන්නේ ඒ ජෝඩුව බාන වෙලාවේ



මේ වැඩේ හරිම ලේසියි. බය වෙන්න දේකුත් නෑ.. හැබැයි උඩට ගියාම පොඩ්ඩක් විතර බය හිතෙනවා. මම නම් එක අතකින් කඹේ අල්ලන් අනිත් අතින් කැමරාවේ සෙල්ලං කර කර යන්න ගිහින් මග දිගට බැනුම් අහ අහ ගියේ.. හෙහ් හෙහ්..

මේ පැරිෂුට් ගමනින් පස්සේ තමයි අපි ගියේ Manukan දුපතට.. ඊට පස්සේ හවස 4-5 වෙනකම් ඒ දුපතේ ස්නොර්ක්ලින් කරලා ආපහු ආවා.

ආපහු ගමනේදීත් කනේ වතුර ගෑවෙන විදියට බෝට්ටුව නවල ආතල් එකේ සිංදු කිය කිය අපේ නඩේ ගුරා ඇතුළු කට්ටිය අපිව පරිස්සමින් Kota Kinabalu ජැටියට එක්කන් ආවා. එතනින් පස්සේ වෑන් එකේ හොටලේටම ගෙනත් ඇරලවල එදා දවස ඉවර කළා.

හෝටලේට ආපු අපි දෙන්න ආයෙත් රෑට කන්න එක්ක කියල Kinabalu ටවුමේ පොඩි රවුමක් ඇවිදලා.. පොඩි ෂොපින් පාරක් දාල ආයෙත් හෝටලේට ආවා.

මේ තියෙන්නේ ජැටිය කිට්ටුව හදල තිබුණු ලස්සන මාළුවෙක්..



ඉතින් ඔන්න ඔය විදියට අපේ බෝර්නියෝ සංචාරය ඉවර කරලා පහුවදා උදේ ආයෙත් ක්වාලා ලාම්පුර් නගරෙට එන්න ගුවන් ගත වුණා. 

ගොඩක් වෙලාවට දෙසැම්බර් මාසේ මැලේසියාවේ නැගෙනහිර වෙරළේ තියෙන තව දුපත් දෙකකට යන්න හිතාගෙන ඉන්නවා. ඒ ගමන ගියොත් මිට වඩා හොඳ ෆොටෝ එක්කම තව එකක් ලියන්නම්. 



12 comments:

  1. දෙසැම්බර් මාසේ ඒ පැත්තේ එන්න අදහසක් තියෙනවා. බලමු පුළුවන් වුණොත් සෙට් වෙලා යමු.

    ReplyDelete
    Replies
    1. එන ඕනේ වෙලාවක පොඩි පණිවිඩයක් දෙන්න සුදික අයියා... එල

      Delete
  2. එල! තවත් විස්තර තියනව නං දාන්න.

    ReplyDelete
    Replies
    1. විස්තර නම් මෙච්චරයි රාජ්.. තව ඔය එහෙන් මෙහෙන් ගත්ත ෆොටෝ තමයි... දෙසැම්බර් දිහා ආයෙත් එකක් යන්න හිතන් ඉන්නවා වෙන පලාතකට.. එකත් ලියන්නම්..

      Delete
  3. දෙවෙනි දවසෙනං ආතල් එකක් අරං තියෙනව වගේ.
    පීනන්න බැරි එකෙක් ගිහිල්ල අර පැරෂුට් එක වතුරට බාන වෙලාවෙ කරුමෙටවත් බෝට්ටුව හිට්ටොත් එහෙම තමයි ආතල් එක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අර ජැකට් හින්ද ගිලෙන්නේ නෑ නේද? වතුරට බාන වෙලාව නෙවෙයි බෝට්ටුව හිටියොත් කොහොමත් පැරිෂුට් එක බානවා.. හෙහ් හෙහ්..

      Delete
  4. නියම ඇඩ්වෙන්චර් ටුවර් එකක්නේ.අර පැරිෂුට් එක පොළවේ මට්ටමෙන් කොච්චරක් විතර උඩ යනවාද ?

    ReplyDelete
    Replies
    1. මනෝජ් හරියට උස නම් ෂුවර් නෑ.. කොහොමත් අඩි 300-400ක් වගේ උඩින් යන්නේ... මේ අපි ගිය එක නම් තනිකරම මුහුද උඩ නිසා උඩින් බලනකොට එච්චර ලස්සන නෑ.. මම කලින් ගියේ දුපතක් ළඟ තියෙන වෙරලකින්.. එතකොට දුපත වටේ තියෙන නොගැඹුරු මුහුද හරි ලස්සනට පේනවා..

      Delete
  5. සින්ගිරිස් වලින් ලියල තියෙන්නේ. හැබයි එළ එක්ස්පිරියන්ස් එක. මට නම් බයයි වගේ. එකපාරක් අර මයික්‍රොලයිට් ෆ්ලයිට් එකක් ගිහින් ලේ වතුර වෙලා බිමට ආවේ. ආයේ යන්නේ නැහැ කියල. තව මුහුද යට පින්තූර ගන්න තිබ්බ. වැඩේ ලස්සනයි. ලංකාවේ හෝ මොල්ඩිව්ස් වල ස්නොකර්ලින් යන් අදහසක් තියනවා.

    ReplyDelete
    Replies
    1. [සින්ගිරිස් වලින් ලියල තියෙන්නේ.] ?? මොකක් ගැනද කියන්නේ..

      මොල්ඩිව්ස් වල නම් මුහුද ලස්සන ඇති.. අපි මේ සැරේ එහෙ යන්නත් හිතල ඉන්න කාලේ මැලේසියාවෙ තියෙන දේවල් බලල ඉවර කරනවා කියල හිතල තමයි මේ ගමන ගියේ..

      Delete
  6. Replies
    1. ඔව් ජොලි ගමනක්... තව දුරටත් මුහුද යට සහ අහසින් ගමන් බිමන් යන්න දැන් ආසාව වැඩි වෙලා තියෙන්නේ.. හෙහ් හෙහ්..

      Delete