Thursday, October 21, 2010

සතුන්ට අපිව කොහොම පේනවා ඇත් ද?

පහු ගිය දවසක වැස්සට තෙමිච්ච හින්ද ආපු අදහසක් ද කොහෙද මේක... හිතන්න දේවල් එකසිය ගානට තියාගෙන මම ඉතින් මේ වගේ වැදගත් දේවල් ගැන හිතන්නත් පොඩි කාලයක් වෙන් කර ගන්නවා.

මට ආපු ප්‍රශ්නේ තමා බල්ලන් ගේ පූසන් ගේ කුරුල්ලන් ගේ ලෝකය ඇතුළේ මිනිස්සුන්ට තියෙන තැන මොකක් ද කියල. උන් කොහොම ද අපි ගැන හිතන්නේ... අපිව අඳුර ගන්නේ කොහොමද... මිනිස්සු කියන සතුන් ගැන බල්ලන්ගේ පූසන්ගේ කූඹින්ගේ ඊ.ටී.සී... ගේ දෘෂ්ටිකෝණයෙන් බලනකොට කොහොම පේනව ඇති ද?

බල්ලන්ට පූසන් ගැන හා පූසන්ට බල්ලන් ගැන ඇති හැඟීම් මෙන් මිනිසුන් ගැන මොනවගේ දේවල් හිතෙනව ඇත්ද නැත්නම් උන් ඔය වගේ සම්භාව්‍ය දේවල් හිතන්නේ නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නව විතර ද?

ටික කාලෙකට කලින් එක පොඩි සිද්ධියක් වුණා මටයි අම්මටයි. කොයිවෙලාවේ කොතන බෝම්බයක් පුපුරයි ද කියල බයෙන් වැඩට යන්න ගිය දවසක අම්මයි මමයි ගෙදරින් එළියට එන්න හදන කොටම අපේ ගෙදර ළඟ පාරේ ඉන්න බල්ලෙක් (නිතර ඉන්න අයාලේ යන බල්ලෙක්) අපි දෙන්නට යන්න දෙන්නෙ නැතුව ඉස්සරහට ඇවිත් අපිට යන්න නොදී වටේ කැරකි කැරකි හිටියා. ඌ අපිට මොකක් දෝ කියන්න හැදුව වගේ.. කොහොම හරි අපි දෙන්න විනාඩි 5-10 ක් විතර ඉඳල ගියා. එදා නම් බෝම්බයක් පිපිරුවෙ නැද්ද කොහෙද.. කොහොම හරි මට පස්සෙ හිතුණා බල්ල එදා ට්‍රයි කලේ බල්ලගෙ මොකක් හරි ප්‍රශ්නෙකට අපෙන් උදව්වක් ගන්න ඕනේ වෙලා ඌ අපිට ඒක කියන්න ට්‍රයි කලා වත් ද කියල.

කොහොම වුණත් බල්ලට අපිට දෙයක් කියන්න හරි මොකක් හරි පණිවිඩයක් දෙන්න ඕනේ වුණා නම් ඌට අපි ගැන මතක් වෙන්න ඕනේ... අපි ගැන සිතිවිල්ලක් එන්න ඕනේ නේ.. අන්න ඒහෙම හිතෙන වෙලාවෙදි බල්ලගේ හිතේ ඒ මනුස්සය ගැන තියෙන්නේ මොනවගේ දේවල් ද...මොනවගේ ප්‍රතිරූපයක් ද

නිකමට වගේ හිතල බලනකොට පොඩි ෆන් ගතියක් තියෙනවා වගේ නේද? මගේ මේ ඔළුව පෙඟිච්ච          නිසා ද මන් ද මට මේව හිතෙන්නේ...

Tuesday, October 19, 2010

දුක හිතීම...

මට අද දුක හිතුණා... හේතුව දන්නේ නෑ...

Monday, October 11, 2010

කෙස් ගහෙන් මිස් වුණ NASA ගමන

මම ඔය රට යන වැඩේට එච්චරම කැමති නෑ... මෙන්න මෙහෙට වෙලා තියෙන දෙයක් කාල බීලා පවුලේ කට්ටියත් එක්ක දැහැමින් සෙමින් ජීවත් වෙන්න තමා ඉතින් මම කැමති. හැබැයි NASA එකට යනවා කියන්නේ පොඩි කාලේ ඉඳල මගෙ හිතේ තිබුණ ලොකුම ආශාව... ඉස්සර මගේ කාමරේ බිත්ති 4 පිරෙන්නම ගහල තිබුණේ NASA එකෙන් එවපු පින්තූර.  මීට අවුරුදු 2-3කට කලින් තමයි මම ඒ ටික බිත්තිවලින් ගැලෙව්වේ. කල වයස හරි ගිහින් ඔය එක එක වැඩ වලට ගේ රෙපයාර් කරන කොට තමයි හිතුණේ දැන් ලොකුයි නේ මේව දැන් සුදුසු නෑ කියලා. බොහෝම දුකින් ඒ ටික ගලවලා මම වගේ උණ තියෙන තව පොඩි එකෙකුට දුන්නා.
කොහොම හරි ඉතින් NASA එකට යන එක හීනයක් විතරක් වෙලා තිබුණේ මීට මාස 2-3ක් වෙනකම්.
 කෙටියෙන් කිව්වොත් මේකයි වුණේ. අනාගතේ ගැන ටිකක් සිරාවට හිතල බලල කරන්න තියෙන වැඩ ටික ගොඩ දාගන්න තියෙන එක විසදුමක් විදියට ඇම්.ඇස්.සී එකක් කරන්න කියල හිතාගෙන පිට රටකට යන්න සෙට් වුණා. ලංකාවේ අපි වගේ අයට බොහෝම හොඳට ගැලපෙන විශ්ව විද්‍යාලයක් හොයාගෙන බොහෝම අමාරුවෙන් පාඩම් කරල ඒකට යන්න කරන්න ඕනේ විභාග පාස් කරල රටේ නැති වැඩ කෝටියක් විතර කරල යන්න ඔක්කෝම සෙට් කර ගත්තා. ඇමරිකාවට යන්න ලැබුණ මේ චාන්ස් එකේ මම දැක්ක එකම ආතල් සීන් එක තමා NASA එක බලන්න යන්න පොටක් පාදා ගැනීම. වෙන මොකුත් නෙවෙයි NASA එකේ බෝඩ් එක ඉස්සරල ඉඳල පොඩි පොටෝ කෑල්ලක් අල්ල ගන්න තිබ්බනම් ඇති.
අපරාදේ කියන්න බෑ.. අර මට තිබ්බ මිලියනපතියෙක් වෙන සිහිනෙත් ඕං හරි ගියා. අපේ මාමට පිං සිද්ද වෙන්න වීසා එක ගන්නකං කියල මාව මිලියනපතියෙකුත් කලා. මම යි මගේ කෙලිපොඩ්ඩයි දෙන්නම එකම ක්‍රියාමාර්ගය අනුගමනය කරල කැම්පස් එකේ ඔක්තෝබර් වාරේට යන්න ඉත සිතින් සෙට් වුණා.
අපි එලෝ කෝටියක් දේවල් කලත් ඉතින් අන්තිමට සුද්දනේ වීසා එක දෙන්නේ. දෙවියන්ට බුදුන්ට වැඳල ගියා කෙලිපොඩ්ඩ ගියා ඉතින් හා හපුරා කියල වීසාව ගන්න. අපරාදේ කියන්න බෑ වීසා දෙන්න හිටපු සුද්දිත් බොහෝම ලස්සනට හිනා වෙලා වීසාව රිජෙක්ට් කලානේ. ඒ කැම්පස් එකට කලින් ගිය කවුරුත් ආයේ ඇවිත් නෑ  ඇම්.ඇස්.සී කරන්න වෙන කැම්පොස් එකක් හොයාගන්න කියලා. කාට කියන්න ද ඊට පස්සේ.... මම ඉතින් නාසා එක බලන්න ඕනේ කියල වීසා ඉල්ලන්නයෑ...
දැන් ඉතින් NASA ගැන හිත හිත උඩ බලාගෙන ඉන්නවා... හික්...

Monday, September 20, 2010

මගේ පොත කඩේ ඇත.

පොත් ප්‍රදර්ශනය බලන්න ගියා... එක පොතක් වත් ගත්තේ නම් නෑ... මගේ බිත්තිය කියවන හුදී ජනයාගේ හිත සුව පිණිස මගේ "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා" පොතේ පිටපත් 15ක් පමණ ආරිය ප්‍රකාශකයෝ සහ තාරා ප්‍රකශන වෙත ලබා දුන්නා. මං ගැන අනුකම්පාවෙන් එම ප්‍රකාශන සමාගම් දෙක එම පොත් ලබා ගැනීම ගැන මාගේ ස්තූතිය. ඔවුන්ගේ කුටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති තාවකාලික ගොඩ නැඟිල්ල තුළ තමා තියෙන්නෙ. හරියටම කිව්වොත් M.D ගුණසේන සමාගමේ කුටියට කෙලින් ම ඉස්සරහ තියෙන කුටිය තමා ආරිය ප්‍රකාශකයෝ. ගිය වෙලාවක නිකමට වගේ බලන්න. පොත ටිකක් පරණ වෙලා දැන්. ඉතින් කඩ ඇතුලෙදිත් සලකන්නේ කුඩම්මා තමා. ටිකක් හොයල තමා හොයාගන්න වෙන්නෙ.

Sunday, September 19, 2010

කියන දේ ඇසීම...

වැඩිහිටියෝ කියන දේ අහන්න ඕනේ කියන එක පොඩි කාලේ ඉඳන් අපිට උගන්නන දෙයක් නේ... ඕක හරියට කරන්නෙ අපි කීයෙන් කී දෙනා ද? කියන දේ ඇසිය යුතු ද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ වැඩිහිටියගෙ ස්වභාවය අනුව කියල තමයි මම නම් හිතන්නේ...

එක එක වැඩිහිටියෝ එක එක විදියනේ... තමන්ට අවංකවම ආදරෙන් තමන් ගේ සතුටට දියුණුවට අවවාද අනුශාසනා දෙන අය ඉන්නේ බොහෝම කලාතුරකින්... අම්මා තාත්තා කවදාවත් දරුවන්ට වැරදි අවවාද දෙන්නේ නෑ... ඒ අයගේ දැනුම් තේරුම් කම් අනුව ඒ අය දෙන අවවාද සමහර වෙලාවට අපිට පිළිගන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාලා එහෙම කරන්නේ සැබෑවටම ආදරෙන් සහ අවංක සිතින්. වඩා වැදගත් වෙන්නේ අන්න ඒ අවංක කමයි ආදරයයි.

අම්මා තාත්තා ඇරුනහම අපිට ආදරෙන් අවංකව උපදෙස් දෙන අය ඉන්නවා හැබැයි ඒ උපදෙස් බොහෝ වෙලාවට එක දැක්මක් මත පදනම් කරගෙන විතරයි එයාල දෙන්නෙ.. උදාහරණෙකට ජොබ් එකක් ගැන උපදෙස් ගන්න කොට ගොඩක් වෙලාවට අම්මල තාත්තල කියන්නෙ කරදරයක් අමාරුවක් නැතුව පාඩුවෙ කරන්න පුළුවන් ජොබ් එකක් හොයා ගන්න කියල ඒක තමා ජොබ් එකක් කරන ඕනෑම මනුස්සයෙකුගේ හිත ඇතුලේ තියෙන එකම බලාපොරොත්තුව. නමුත් ඔය උපදේසේ වෙනත් වැඩිහිටියෙක් ඒ කිව්වේ අයියා,අක්කා,මාමා,නැන්දා,ගුරුවරු.. ඊ.ටී.සී... ඊ.ටී.සී... දෙන්නේ සමාජ සම්මත මත අනුව. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න නම් මේවගේ එකක් තමා කරන්න ඕනේ... ඔයවගේ ජොබ් කවුරුත් ගනන් ගන්නෙ නෑ.. ඕව කරල තැනකට එන්න අමාරුයි... ඕව නේ.

ජීවිතේ ගැන එක එක්කෙනාගේ අවබෝධයේ වෙනස ගොඩක් වෙලාවට අපිට තේරුම් ගන්න අමාරුයි. මොකද අපි තාම ජීවීතේ හරියට තේරුම් අරගෙන නැති නිසා. ගොඩක් වෙලාවට අපි ඒ ඒ අයව තේරුම් ගන්න හදන්නේ එයාල භෞතිකව ලබාගෙන තියෙන දේ අනුව. එයාලගේ අභ්‍යන්තරය අපිට පේන්නේ නෑ.. එයාල අපිට ඒක පෙන්නන්නෙත් නෑ.

හැබැයි අපි ඇතුලත් පිටත් දෙකම හොඳට දන්න දෙන්නා තමයි අපේ අම්මයි තාත්තයි. මොකද එයාලට අපිට හංගන්න දෙයක් නෑ. අපිත් එක්ක උදේ හවස ජීවත් වෙන අපේ දුකට සැපට ඉන්න අය තරම් අපිට හරි යන දේ වෙන කාටවත් තේරුම් ගන්න බැහැ. අම්මල තාත්තල දෙන උපදෙස් අපේ සමාජ ජීවිතයට හරිම යන එක නොවෙන්න පුළුවන් මොකද එයාල අපේ වයසෙදි ජීවත් වෙච්ච සමාජෙයි දැන් සමාජෙයි හෙනම වෙනස් නිසා. නමුත් එයාලා ඒ දෙන අවවාද අපේ පුද්ගලික ජීවිතේට හරියටම හරි යනවා.

මේ මම මගේ 29 අවුරුද්දක් තිස්සේ ජීවත් වෙච්ච කාලේ තුළ ජීවිතෙන් ඉගෙන ගත්ත පාඩමක්.

හරි දැන් කියන්නම් මේ තකහනියේ මට මේ වගේ තවුසන්ඩ් ටෝක් එකක් දාන්න හිතුන කාරණේ..
මම මේ දැන් තමා The Sixth Sense බලල ඉවර කලේ. ඉස්සර ඉඳන් බලන්න හිටපු ෆිල්ම් එකක් වුණාට අද තමා බැලුවේ. අපේ Sixth Sense එක ගොඩක් වෙලාවට අපිට හරිම යන දේ අපිට කියනවා නමුත් අපි ඒක අහන්නේ නෑ. අපේ උපතින්ම තියෙන Sixth Sense එක සමාජ සම්මත විසින් යටකරන කරන එක තමා ගොඩක් වෙලාවට වෙන්නේ. තාවකාලිකව ඒ සමාජ සම්මත දිනනවා නමුත් අවසානයේ සැබෑ දිනුම පැරදුම තීරණය වෙන්නේ අපි කොච්චරක් දුරට අපේ Sixth Sense එක කියන දේ පිළිගන්නව ද නැද්ද කියන එක අනුව.

මේ ෆිල්ම් එකේ ඔහොම කතාවක් නෑ. මේක ඉන්න පුංවි ළමය මම වුණා නම් කොහොම ද කියල නිකමට වගේ හිතුවා. හික් හික්..

හරි, මම තාමත් ආසන්නතම හේතුව කිව්වේ නෑ..

මම පහුගිය අවුරුදු 2-3 ඒ කිව්වේ 2006-2009 වගේ කාලේ කරපු වැදගත්ම දේ තමා භාවනාව,ආධ්‍යාත්මික ජීවිතය, ජීවිතයේ සැබෑ හරය.. ඊ.ටී.සී...ඊ.ටී.සී හොයපු එක. (ඒව හොයන්න ගිහින් ඉතින් ඔය වෙන වෙන දේවල් කර ගන්න එක ටිකක් අතපසු වුණා... මේ දවස් වල ඒ අතපසු වීම් වලට වන්දි ගෙවනවා හී හී..) ඒ.එස් බාලසූරිය මහත්තයා, විජේසිංහ මහත්තයා,රත්නායක මහත්තය එක්ක හැම මාසෙකට දවසක් සම්පූර්ණයෙන් භාවනාව සහ ගැඹුරු අභිධර්මය ගැන ගම්පහ වතුරුගම පාරේ තියෙන සනාතන ධර්ම මධ්‍යස්තානේ ඉඳන් කරපු සාකච්චා මගේ ජීවිතේ මාර විදියට වෙනස් කලා.

ඔය සාකච්චා වලදි මුල්ම දවස් වල අපිට හෙනටම අල්ලලා ගියේ (අපි කිව්වේ මමයි අක්කයි අක්කගේ අයියා (මචා)) භූතයෝ සහ දෙවියෝ ගැන ඉගෙන ගත්ත දේවල්... කොහොම ද භූත කොටස් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක තමා අපිට ඒ දවස් වල තිබ්බ එකම උණ. හික් හික්... බාලසූරිය මහත්තයා බොහෝම ලස්සනට අපිට අභිධර්මය කියල දෙන අතරේ එතුමාගේ අත්දැකීම් එහෙම කියනවා. ඒ කියන්නේ භාවනාවේ එක් එක් අවදි වලදි මුහුණ දෙන්න වෙන දේවල් ගැන. අපි ඉතින් හාර හාර අහනව ඔය භූත කතා. බාලසූරිය මහත්තයා ගොඩක් වෙලාවට ඒව අපිට කිව්වේ බොහෝම පරිස්සමින්...

අපිත් අරීන්නේ නෑ හැමදාම කොහොම හරි කතාව භූත පැත්තට හරවනවා..

ඔන්න ඔහොම කතා කර කර ඉන්න දවසක බාලසූරිය මහත්තයා කිව්වා.. භාවනාව දිගටම කරගෙන ගිහින් හිත හොඳට පුහුණු වෙනකොට ඔය දේවල් නිකන් ම දැනෙන්න පටන් ගනියි එතකම් ඒවට උත්සාහ කරන්න එපා ඒවා එච්චර හොඳ නෑ කියල... ඒවා හොඳ නැත්තේ මොකද කියන එක අද මට මේ ෆිල්ම් එක බලනකොට හොඳට තේරුණා.

වැඩිහිටියෙක් දෙයක් කිව්වහම අහන එකේ වැදගත් කම ගැන පොර ටෝක් එකක් දාන්න ඕනේ කියල හිතුණේ එතකොට. නැත්නම් මෙලහට තොවිල් නටල මළ කෙලියක් වෙන්න තිබ්බා නේද කියල හිතුණා.

Friday, September 10, 2010

උදෙන් ම වැඩට ඒම

අද මම 7.29 ට ඔෆිස් එකට ආවා. අද නිවාඩු දාන්න හිතාගෙන ඊයේ ගෙදර ගියේ හැබැයි අන්තිමට උදෙන් ම වැඩ. සුවර් එකට 1/2 ඩේ එකක් වත් දාන්න නම් ඕනේ අද. අද නිකන් වැඩ කරන්න හිතෙන්නෙ නෑ වගේ... (ගොඩක් දවස්වලට ඉතින් එහෙමනේ)

උදෙන් ම වැඩට එන එක හොඳ ද නරක ද?

මම හිතන්නේ ජීවිතේ සාර්ථක වෙන්න නම් උදේම අවදි වෙන එක වැදගත්. උදේම වැඩට එන එක සාර්ථක වෙන්න හේතුවක් ද කියල නම් මට ෂුවර් නෑ... මොකද මම අද ආපු වෙලාවෙ ඉඳල කළේ බ්ලොග් බලන එක.
හැබැයි වැඩ පටන් ගන්න විනාඩි 15කට විතර කලින් එන එක නම් වැදගත්. මම හැමදාම එන්නෙ වැඩ පටන් අරන් විනාඩි 15කට පස්සෙ නේ... ඒකත් ඉතින් අවුලක් ම නෑ.. පඩිය පොඩ්ඩක් අඩු වෙන එක විතරයි එකම පාඩුව. 

ඊයේ මගේ බෝත්ඩේ එක. අද උදෙන් ම වැඩට ආවා... මම හිතන්නේ මට උදෙන් ම වැඩ කරන්න පටන් ගන්න කල වයස දැන් තමා හරි ගිහින් තියෙන්නෙ... එකම අවුල හෙට සැටඩේ වීම තමා... හෙට උදෙන් ම නැගිටින එක නම් සෑහෙන්න බොන්න ඕනේ ප්‍රශ්නයක්...

කොහොම වුණත් ඉස්සරහට ටිකක් උදෙන් ම නැඟිටල වැඩක් පලක් කරල ටිකක් පිළිවෙලට ඉන්න ඕනේ... මේ තියෙන වැඩ ටික කරගන්න එහෙම නැතුව බැහැනේ හැබෑටම...

Tuesday, September 07, 2010

Object Oriented වඩුවා යනු...

An “object oriented” carpenter would be mostly concerned with the chair he was building, and secondarily with the tools used to make it; a “non-OO” carpenter would think primarily of his tools.

උපුටා ගැනීම

ජේම්ස් ගොස්ලින් ගේ ජාවා පිළිබඳ හැඳින්වීම - 1995