මම අවුරුදු බර ගානකට පස්සෙ විභාගෙකට පාඩම් කරන්න ගත්තා.
හරි ජොලි වැඩේ නේද...? ඔහේ පොත හරි පීඩීඑෆ් එක හරි දිහා බලාගෙන ඉන්න එකනේ තියෙන්නෙ. පාඩම් කරන එක තරම් ෆන් වැඩක් වෙන කොහෙවත් නැතුව ඇති. අනිත් එක පාඩම් කරනවට පඩි ගෙවන ඔෆිස් එකක වැඩ කරන එක... ලෝකෙ කොහෙවත් නැතුව ඇති මේ වගේ කොම් පැණි.
එකම අවුල කිසි දෙයක් ඔළුවට යන්නෙ නැති එක විතරයි. නැත්නම් අනිත් ඔක්කෝම එල කිරි වගේ.
ඔළුවට එන්නෙම වෙන වෙන දේවල් නේ. මම හිතන්නේ වයසේ වැරැද්දද කොහෙද
විභාගේ පාස් වුණහම ලොකූඌඌඌඌඌඌඌඌ තැනකට යන්න පුළුවන් කියල හිතාගෙන ඒ තැනට ගියහම ඔක්කෝම ප්‍රශ්න ටික විසඳෙනවනේ කියල හිතාගෙන හිත එක තැනකට ගන්න මේ හදන්නේ.
හිත පොතට ගන්න කලින් මේක මේ ලියල දැම්මේ. ජූලි මාසෙටම එකක් වත් ලියන්න බැරි වෙච්ච නිසා
MILITARY TECH: Russia develops Starlink jamming system | ස්ටාර්ලින්ක් ජාලය
අවහිර කල හැකි තාක්ෂණයක් රුසියාවෙන්
-
*වොල්නා කුපොල් ගැරන්ට් *ලෙස රුසියානුවන් හඳුන්වන මේ නවතම ඉලෙක්ට්‍රොණික යුධ
යන්ත්‍රය (Electronic Warfare Device) පිලිබඳව අනාවරණය වී ඇත්තේ යුක්රේන
මිලිට...
11 hours ago