Sunday, August 23, 2020

ටෙස්ටින් වන් වන්

මේකේ මොකුත් ලියා ගන්න බැරුව අලි අමාරුවක වැටිලා ඉන්නේ. මොන විදියට හිතල ලියන්න ගත්තත් වචන දෙක තුනකට වඩා ලියවෙන්නේ නැහැ... 

ලියන්න බොරුවක් වත් ගොතා ගන්න බැහැනේ. 

ලිය ලිය හිටපු...

   

  

20 comments:

  1. බොරු ලියාගෙන ලියාගෙන යන්න .බොරු කියල දෙයක් නැහැ පරිකල්පනා වල

    ReplyDelete
    Replies
    1. සම්මාන කෑල්ලක් වත් දෙන්න කෙනෙක් හිටියනම් බොරුවක් වත් ලියන්න උනන්දුවක් ඇති වෙනවා. හෙහ් හෙහ් .. අජිත් අයියේ ආයේ පටන් ගමුද සම්මාන වැඩක් වත් ?

      කිසිම දෙයක් ලියන්න බැරි බ්ලොක් එකක් නේ මේ තියෙන්නේ ..

      Delete
  2. අයිසෙ ඩයරියක් ලියනවා. එතකොට අර වේසේ එනවා සුවර්.

    මටත් එපා වෙලා ඉනනේ බං. නොවා නොහුකා ටත් ලියන එක තාවකාලිකව නැවැත්තුවා. ඊයෙත් චීන රොකට් එකක් ගියා හොදේ

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැහැ දේශෝ . ලිවීම කියවීම දෙකම නතර වෙලා මගේ නම් ... ඩයරි තියා බඩු තුණ්ඩුවක් ලියන්නත් කම්මැලියි.

      රොකට් බැලිල්ල නම් තාම උනන්දුවෙන් කරනවා. උඹට පිං සිද්ද වෙන්න. බ්ලොග් එක නැතත් එකවත් ඇදන් පලයන්.

      Delete
  3. මං ලියනවා මැල්ලුම් හාමිනෙත් එක්ක කුස්සියේ. කාටවත් මෙලෝ රහක් නැති මගෙ හෑල්ල නතර කරල කොච්චර කලක්ද ? වත්ත වටේ ගස් හදනවා. එලවලු වවනවා. බොහොමයක් වෙලාවට බ්ලොග් කියවනවා. අදහස් ලියනත්න් කම්මැලියි..
    සරත් ලංකාප්‍රිය

    ReplyDelete
    Replies
    1. සරත් බයියා, ඔයාල බ්ලොග් වලින් ගියත් හරි මෙලෝ රහක් නැති වුනානේ. ආයේ ලියමු. වත්ත වටේ වැඩ කරද්දී මතක් වෙන හොඳ හොඳ දේවල් ඇතිනේ .

      Delete
  4. ඩ්‍රැකීගෙන් අහන්න

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ලෝ... ආදර්ශමත් චරිත.

      Delete
  5. ඔව්. මගෙං අහං පැත්තො...

    ReplyDelete
    Replies
    1. කියපන් බලන්න උඹේ රහස

      Delete
    2. ඔලුවෙ මොකවත් නැතුව කොම්පියුටරේ ළග වාඩි වෙනව. ගොඩක් වෙලාවට ඒ රෑ දහයට විතර. එක දිගට ලියනව. ලියන එකට හරියන මියුසික් එකක් දාගන්නව ඇහෙන්න. සමහර විට ඒ ගැන විකියෙ හොයනව, කියවනව. හිතුණහම කලු කෝපි එකක් හදාගෙන ආයෙ එනව... අන්තිමේ, පාන්දර තුන විතර වෙද්දි සෑහෙන තරම ලියවිලා.

      ඊට පස්සෙ නිදාගන්නව. තව දවස් දෙක තුනකට පස්සෙ ආපහු කියවනව ප්‍රීවීව් දාගෙන, ගොඩක් වෙලාවට ඔපිස් එකේදි. ඊට පස්සෙ පබිලිස් කරනව.

      ඕං රහස!!!

      Delete
    3. මටත් මීට මාස දෙක තුනකට කලින් ඒ වගේ උනන්දුවක් තිබ්බා. එක එක වැඩ හින්ද වැඩේ මග ඇරුනට පස්සෙ ආයේ ඒ ගැම්ම ගන්න හරි අමාරුයි. දහ දොලොස් පාරක් විතර ඩ්‍රාෆ්ට් එකේ තියෙන ඉතිරි කොටස එඩිට් කරන්න හැදුවට වචන දෙක තුනකට වඩා ලියන්න හිතෙන්නෙ නෑ. ඔෆිස් එකේදි කොහොමත් ගෙදරට වඩා ඔය වගේ දේවල් කරන්න හිතෙනවා. මම මාර්තු මාසෙ ඉඳල තාම ඔෆිස් ගියෙ නෑනේ. හෙහ් හෙහ්..

      උඹ හැබෑවටම ආදර්ශමත් චරිතයක්. දේශක, සරත් ලංකාප්‍රිය ඔබේ අවදානයට!

      Delete
    4. ආදර්සෙටත් වඩා පැත්තො වෙලා තියෙන්නෙ, කොටි වළිගෙ අතෑරගන්ඩ බැරිකම. මේ වැඩේ මට මාර ඉන්ටරෙස්ටිං. ඉතිං කමෙන්ට් කීයක් වැටුණත්, වැටුණෙම නැතත්, මාසෙකට දෙපාරක්වත් ලියන්ඩ ඕනෙ කියන තල්ලුව මගෙන්ම මටම ලැබෙනව. ඒකයි.

      Delete
    5. අනික, කාලයක්ෂයට මොකද උනේ කියන එක ගැන තියෙන කුතුහලය තාම මට තියෙනව. වැඩේ අමාරුකම මට තේරෙන හින්දා මිසක් නැත්තං මම උඹත් තල්ලුකරනව බිත්තියට.

      Delete
    6. මටත් ඒ උනන්දුව තිබුණා. මම පහුගිය මාස දෙක තුනක් තිස්සේ පොඩි විභාගෙකට මහන්සි වුණා. එකත් එක්ක තමා මේක යට ගියේ. දැන් ආයේ පටන් ගන්න තියෙන කම්මැලි කම තමා මේ.

      උඹලගේ මේ කමෙන්ට් හින්ද සෑහෙන කික් එකක් ආවා. වෙන මොකක් හරි ලියල හරි ආයේ පටන් ගන්න ඕනේ .

      Delete
  6. මම දොස්තරෙක් නං නෙවෙයි. ඒත් අසනීපෙ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට නං ලේවල රතු රුධිරාණු අඩුවෙනකොට ඔහොම උදාසීන වෙනවා. ඉතින් පීකුදු ටිකක් කනවා....

    වෙහෙස දැනෙන දිනවලට වැඩියෙන් දෙහි ටිකක් බොනවා; දෙහි- ලෙමන් වගේ කොළ-ලෙලි හරි පොඩි කරලා ඒ සුවඳ උරනවා.

    කොච්චර මහන්සි වුණත් හැමදාම චුට්ටක් හරි කියවනවා- සතියකට දෙක-තුනක්වත් films බලනවා.... එතකොට නං හිතට එන එව්වා ලියන්න ගත්තොත් පැය 24ම ලියන්නැයි වෙන්නේ! සත්තයි!!

    ReplyDelete
    Replies
    1. නිදි, නිදී ට තියෙන උනන්දුව දැක්කම අපිට අපි ගැන ලජ්ජා හිතෙනවා. ඔය විදියට තව කාලයක් ලියමු.

      පීකුදු කෑම එතරම් හොඳ දෙයක් නෙමේ කියල මම මේ ලඟදි පොඩි ලිපියක් කියෙව්වා. සත්තුන්ට දෙන කෑමවල තියෙන විෂ කොටස් ඔය පීකුදු වල තියෙන්න පුළුවන් කියල කතාවක් එකේ තිබ්බ අනේ මන්ද ඕව ඇත්තද බොරුද කියල .

      කොහොම වුනත් නිදී මම ලියපු කතාව ගැන මුලින් කියපු අදහසක් ඇත්ත කියල මට පැහැදිලියි දැන්. එකේ චරිත වැඩියි. ඒ හින්ද ගොඩක් දේවල් ලියන්න වෙනවා. සමස්ත කතාව ගැන කල්පනා කලාම ගොඩක් ලියන්න වෙන හින්ද සමහර වෙලාවට කම්මැලි හිතෙනවා .

      නමුත් ඔබලාගේ අදහස් සහ උනන්දු කිරීම් හින්ද අතෑරලා දාන්න හිතෙන්නේ නැහැ .

      Delete
    2. කීයටවත් අතෑරලා දාන්නත් එපා! මනුස්සකම කියන්නෙත් අභියෝගවලට මුහුණපාන එකනෙ.

      මම ගන්නේ හරක් පීකුදු. ඇත්තටම නං දැන් වසවිස නැති දේකට කන්න තියෙන්නේ වත්තේ වවාගන්න දෙයක් විතරයි.

      Delete