Tuesday, September 16, 2014

පොතක් ගැන කතාවක්....

සාහිත්‍ය මාසේ පොත් ගැන කතා බහ කරන නිසා පොත් ලියන කියවන අයගේ හිතසුව පිණිස බොහෝ වැදගත් සටහන් කීපයක් ම ලියවිලා තිබුනා. අපි දන්න කියන බ්ලොග් කරුවන් කීප දෙනෙකුගේම පොත් එලි දැක්වීමත් සිද්ද වුණ එක මම හිතන්නේ මේ අවුරුද්ද අපේ සිංහල බ්ලොග් වලට නම් හොඳට  මතක තියෙන අවුරුද්දක් වෙයි. 

මමත් තිලක සිතයි, සොඳුරු බාලේ ගෙවුණු තාලේ නම් මිලදී ගත්තා. තිලක සිත මෙහෙට ගෙනාවට  සොඳුරු බාලේ ගෙවුණු තාලේ නම් ඉතින් ගත්ත ගමන් අක්කගේ දුවට දීල ආවා. ඒක කියවන්න වෙන්නේ ආයේ ලංකාවට ගිය දවසක.

පොත් කියවීම සහ කියවපු පොත් ගැන ගොඩක් අය සටහන් දාල තිබ්බ නිසා මේ පොත් ලිවිම ගැන පොඩි සටහනක් දාන්න මට හිතුනා. මම මේ ලියන්නේ මගේ අත්දැකීමක්. පොතක් ලියපු ඕනේ කෙනෙක් මේ අත්දැකීම මේ විදියටම විඳලා ඇති. ඉස්සරහට ලියන්න හිතන් ඉන්න අය වෙනුවෙන් ඒ අයත් තම තමන් ගේ අත්දැකීම් ලියයි කියල මම හිතනවා.

මම ඉස්කෝලේ උසස් පෙළ කරන කාලේ පොතක් ලියපු කතාව මම කලින් පෝස්ට් එකක ලිව්වා. මේ තියෙන්නේ. ඇත්තටම එහෙම කලේ මට ඒ දවස් වල ලියන්න හෙන ආසාවක් තිබුනා. නොකා නොබී ලිව්වා කිව්වොත් හරි. පොත ලියපු කතාව ආයේ කියන්නේ නැතුව ඕක ලියපු හැටි ගැන පොඩි සටහනක් තමයි මේක. ගිය සතියේ ලංකාවට ගිය වෙලාවේ පරණ පොත් ටික අවුස්සලා බලද්දී තමයි මේ වගේ සටහනක් ලියන්න අදහස ආවේ.

හැමෝම වගේ පොඩි කාලේ ඉඳන් එක එක විදියේ පොත් කියවන උණ තිබුණු නිසා මේ ලිවීමේ ආසාව මටත් ඇති වුණා කිව්වොත් නිවැරදියි. හැබැයි ඒ ලිවිම පොතක් දක්වා ගියා කියල මටත් සමහර වෙලාවට හිතා ගන්න අමාරුයි. 

මුලින් ම ඉස්කෝලේ රචනා ලියල ඊට පස්සේ නිසදැස් ලියල ඊටත් පස්සේ පත්තරේට ලියල අන්තිමට පොතකුත් ලියල තමයි වැඩේ නතර වුනේ හෙහ් හෙහ්.

ඉතින් දැන් ඔය විදුසරේ ගිය විද්‍යා ප්‍රබන්ධයි, ආතර් සී. ක්ලාක් ගේ පොතුයි කියව කියව හිටපු මගේ ඔලුවේ ගොඩක් වෙලාවට ඕවා තමයි වැඩ කලේ. උසස් පෙළ පන්තියේ ඉන්නකොට ඔය එක සයන්ස් කෑලි ගැන කොහොමත් හෙන උනන්දුයි නේ. ඉතින් ඔහොම ඉද්දි එක දවසක් මට හිතුනා නිකමට විද්‍යා ප්‍රබන්ධයක් ලියල බලන්න. ඒ දවස් වල ඉතින් ඕනේ වෙලාවක ළඟ තියෙන්නේ පුල්ස්කැප් කොල නේ. ඉතින් අරන් එකක් ලිව්වා. මට මතක විදියට ඒ කතාවට මුලික වුනේ ඒ දවස් වල මම බලපු 
The Adventures of Brisco County Jr සීරිස් එකේ තිබ්බ පොඩි මොකක් හරි ගැජට් එකකින් ඔලුව විකාර වෙන පොරක් ගැන කතාවක්. මම ඕක විදුසරට දැම්ම. සති 2-3ක් බැලුවට ගියේ නෑ. ඊට පස්සේ තව එකක් ලිව්වා .

මේ තියෙන්නේ ඒ දෙවෙනියට ලියපු කතාවේ අත් පිටපත.


ඕක ලියල දැම්ම පත්තරේට  මෙන්න ඊළඟ සතියේ පත්තරේ කතාව තියෙනවා ජනක රත්නායක මහත්තයාගේ චිත්‍රෙකුත් එක්ක. මට ඉතින් කියල වැඩක් නෑ සන්තෝසේ.. හෙහ් හෙහ්

මේ තියෙන්නේ පළවෙනි කොටස පත්තරේ ගිය හැටි. දිනේ 2000 අප්‍රේල් 12 බදාදා

 මේ තියෙන්නේ දෙවෙනි කොටස දිනේ 2000 අප්‍රේල් 19 බදාදා

දැන් ඉතින් මාර ෆිට්. හෙහ් හෙහ් කට්ටියගෙන් එක එක අදහස් එනවා. හොඳ කියනවා. මරු ආතල්.  ඒ කික් එකට තව එකක් ලිව්වා. එකත් ටික දවසකින් පස්සේ පත්තරේ ගියා.
(මම එකේ ෆොටෝ එකක් ගත්තේ නෑ.. දැන් අපරාදේ කියල හිතෙනවා.)

දැන් ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් ඔලුවේ වැඩ කරන්නේ මේ විද්‍යා ප්‍රබන්ධ ලිවිල්ල. ඔය අවුරුද්දේ අගෝස්තු වල තමයි මම මුල් වතාවට  උසස් පෙළ කලේ... හෙහ් හෙහ් හිතා ගන්න පුළුවන් ඇතිනේ ප්‍රතිඵලේ.. රෑ තිස්සේ පාඩම් කරනවා කියල කලේ විද්‍යා ප්‍රබන්ධ ලියපු එක. 

කොහොම හරි පලවෙනි වතාවට විභාගේ ඇනගෙන දෙවෙනි වතාවටත් උසස් පෙළ කරන්න ගත්තා.  ඊට පස්සේ පත්තරේට ලිව්වේ නෑ. හැබැයි විද්‍යා ප්‍රබන්ධ උණ තදටම තිබුනා. 

දෙවෙනි වතාවට විභාගේ කරන්න පටන් ගත්තත් මගේ ඔලුවේ වැඩ කලේ මේ කතා ලිවිල්ල. ඉතින් ඕනේ එකක් කියල හිතට එන දේවල් ලියල දැම්ම.

මේ තියෙන්නේ එහෙම ලියපු කතා වල අත්පිටපත්




ඉස්සර මම බස් එකේ යද්දී කල්පනා කරන්නේ කතාව කොහොමද වෙනස් කරන්නේ කියල. ඊට පස්සේ ගෙදර ඇවිත් ආයෙත් ලියනවා. සමහර සිද්දි මගේ හිතට හරි යන විදියට ලියන්න බැරි වුනාම සම්පුර්න කොලේම විසිකරලා ආයේ මුල ඉඳන් ලියනවා.

ඔය අතරේ මම පත්තරේට ලියපු කතා වලට පොඩි ගෙවීමක් එක්ක චෙක් එකකුත් තැපෑලෙන් ආවා. ඒක තමයි මම මුලින්ම ජිවිතේ හම්බ කරපු මුදල. මේ තියෙන්නේ රිසිට් එක

ඔය කාලේදී තමයි මම හිතුවේ මේ කතා ටික එකතු කරලා පොතක් ලියනවා කියල. ගෙදර අයට කිව්වම එයාල අකමැත්තක් පෙන්නුවේ නෑ. හැබැයි කිව්වා කොහොම හරි විබාගේත් කරගන්න කියල. මමත් ඉතින් ඔලුව වනල දෙකම කරන්න ගත්තා.

මට තේරුනා මගේ ඇත්තම ආසාව තියෙන්නේ ලියන්න මිසක් විභාගේ පාස් වෙලා කැම්පස් යන්න නෙවෙයි කියල. එහෙම කියල ඉතින් නිකන් ඉන්නත් බැරි නිසා ඔය ක්ලාස් එහෙමත් ගියා.

මේ තියෙන්නේ ෆිසික්ස් හරි ඇප්ලයිඩ් හරි ගානක් හදන්න ට්‍රයි කරපු කොලෙකුත්. ඔකේ අනිත් පැත්තෙත් කතාවක කොටසක් ලියල තිබ්බා.

හෙහ් හෙහ්

පොත ලියපු එකට අමතරව පොතේ එන චිත්‍ර, කවරේ හැමදේම ඩිසයින් කලේ මම. කටු සටහන් ගගහ ෆුල් ගේමක් දුන්නා.

මේ තියෙන්නේ ඒ දවස් වල මගේ තිබ්බ කොම්පියුටර් කට්ටෙන් හදපු පින්තුර.



මේ හැම ග්‍රැෆික් එකක් ම හොයා ගත්තේ එක්කෝ මම බලපු ෆිල්ම් වලින්, නැත්නම් ගහපු ගේම් වලින්.  ඉස්සර v-cop 2 කියල ගේම් එකක් තිබුනා. 

 ඒ වගේම ඔය සමහර කරුණු හොයන්න මම පුස්තකාල පොත් කියෙව්වා. අපේ ඉස්කෝලේ හිටපු හාමුදුරුවන්ගෙන් විස්තර ඇහුවා. තව දන්නා දන්නා අයගෙන් විස්තර හෙව්වා. ඒ කියන්නේ ඔය සමහර ඉතිහාස සීන් එහෙම දැන ගන්න. එක කතාවක හිට්ලර් ගැන පොඩි සීන් එකක් හොයා ගන්න මම සැහෙන්න කට්ටක් කෑවා. හිට්ලර් මරුනේ කොහොමද කියන හොයා ගන්න. හෙහ් හෙහ් අවංකවම සැහෙන්න මහන්සි උනා ඒ වෙනුවෙන්.

ඉතින් කොහොම හරි 2001 අවුරුද්දේ සැහෙන කාලයක් ගෙවුනේ මේ පොතේ වැඩේට. මම කටුවට ලියන කතාව අපේ නංගි ආයෙත් මට වෙනම කොලවල ලියල දුන්නා. ඒ මගේ අකුරු වලට වඩා අපේ නංගිගේ අකුරු ලස්සන නිසා. නංගිත් හෙන කට්ටක් කෑවා. 

ඊට පස්සේ ඔය කතා ටික අරන් මමයි තාත්තයි ගියා පබ්ලිෂර් කෙනෙක් හොයන්න. බස් එකේ නැගල ඔය ප්‍රසිද්ධ ප්‍රකාශකයෝ හැමෝ ගාවටම වගේ ගියා. කවුරුත් වැඩේට කැමති වුනේ නෑ. මොකද මම ඉස්කෝලේ යන ළමයෙක් නිසා පොත විකුණා ගන්න බැරි වෙයි කියල. අපේ අම්මගේ යාලුවෙක් ගේ හැඳුනුම් කමකට කැමිලස් ප්‍රකාශකයෝ ගාවටත් ගියා. එතන හිටපු කැමිලස් මහත්තයා තමයි මට කිව්වේ ඔයා මේක කර්තෘ ප්‍රකාශනයක් විදියට කරන්න කියන එක.

පස්සේ අපි එහෙම කරන්න තීරණේ කරලා අපේ ගෙවල් පැත්තේ තිබ්බ තාත්ත දන්නා කියන ප්‍රෙස් එකකට වැඩේ බාර දුන්න.. පොත ප්‍රින්ට් කරන්න කලින් එයාල ටයිප් සෙටින් කරලා අපිට කොපි දෙනවනේ. ඒ කොපි ගෙදර ගෙනල්ල අපි අඩුපාඩු හදනවා. ඒ වැඩේට උදව් කලේ දිමුතු අයියා.

ඔය අතරේ මට ඕනේ උනා මේ පොතේ පිටිපස්සට දාන්න ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතාගෙන් පසු වදනක් ලබා ගන්න. 

ඒ වැඩේ කොහොමද කරන්නේ කියල හිත හිත ඉන්නකොට අපේ අක්කගේ මහත්තයා හෙවත් දිමුතු අයියා වැඩේ ගොඩ දාන්න සපෝර්ට් එක දුන්න. එයා මුල ඉඳන් මේ වැඩේට සපෝර්ට්. අතීජාත මස්සිනා.. හෙහ් හෙහ්

එයාගේ තිබුණු සම්බන්ධ කම් වලින් අපි නාලක ගුණවර්ධන මහත්තයව සම්බන්ධ කරගෙන මම කතා කළා. මම නාලක ගුණවර්ධන මහත්තයටත් අර ප්‍රින්ට් කරපු කොපියක් දුන්නා. ඊට පස්සේ ශ්‍රීමත් ආතර්. සී ක්ලාක් ගෙන් මෙන්න මේ පසු වදන ලැබුණ.




පොත් කවරේ ඩිසයින් කරන වැඩේත් මටම කරන්න ඕනේ උනා. නමුත් ඒ දවස් වල මම පේජ් මේකර් වගේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න දැනගෙන හිටියේ නෑ. ඉතින් මම කවරේ ඩිසයින් කරලා තවත් ග්‍රැෆික් ඩිසයින් දන්න අයිය කෙනෙක් ගේ කඩේකට ගිහින් තමයි පොතේ කවරේ හදා ගත්තේ.

පොතේ මුල් පිටුවට දැම්මේත් අර ගේම්  එකේ ඉන්න කෙල්ලෙක්ව හෙහ් හෙහ්
මේ තියෙන්නේ

මේ කවරේ මිට වඩා කොලිටි එකට හදන්න ඒ අයිය ට්‍රයි කළා. ඒත් මම කිව්වා මට ඕනේ මේක මම ම හදන්න ඒ නිසා මට පුළුවන් විදියට හදපු එක අපි දාමු කියල තමයි මේක මේ විදියට හැදුවේ.  ලැමිනේටින් එක කුල් ලැමිනේට් කරනවද ග්ලොස් ලැමිනේට් කරනවද කියල අහපු වෙලාවේ මම ග්ලොස් එකෙන් කරමු කිව්වේ පස්සේ කාලෙක ලියන පොතක් ආයේ කුල් ලැමිනේට් එකෙන් කරන්න හිතාගෙන. හෙහ් හෙහ්

ඇත්තටම මේක ප්‍රින්ට් කරන්න අපිට සල්ලි තිබුනේ නෑ. මම කොපි 1000ක් ප්‍රින්ට් කළා. ඒ ටිකට රු 60000ක් ගියා ඒ දවස් වල. ඒ සල්ලි දෙන්න අපේ ගෙදර අයට වත් කමක් තිබුනේ නෑ. අන්තිමට අපේ මාමයි, අපේ ලොකු අම්මගේ පුතයි තමයි මට ඔය සල්ලි ටික දුන්නේ.

ඊට පස්සේ වැඩේ උනේ මේකේ දොරට වැඩීමේ උළෙල ප්ලෑන් කරන එක. ඒ වෙනකොටත් ඉස්කෝලේ ළමයෙක් විදියට හිටපු නිසා උත්සවේ ඉස්කෝලේ මේන් හෝල් එකේ ගන්න ප්ලෑන් කළා. ඊට පස්සේ පොඩි පබ්ලිසිටි එකක් දෙන්න ඔය එක එක පත්තර වලට රේඩියෝ, ටීවී චැනල් වලට දාන්න එහෙම අපේ දිමුතු අයියා ෆුල් සපෝර්ට් දුන්න.

මේ තියෙන්නේ ඒ දවස් වල එයා ඒ වැඩ ප්ලෑන් කරද්දී ගහපු කටු සටහනක්


දැන් ඒවා ප්ලෑන් කරලා දොරට වැඩීමේ උත්සවේට ආරාධනා පත්‍රයක් යවන්නත් ඕනේ නේ. මෙච්චර ඒවා කරපු එකේ එකත් මම ම කරනවා කියල හැදුව කාඩ් එකක්

මේ තියෙන්නේ කාඩ් එකයි කවරෙයි


ඇතුලට දාන්න මරු කවි පදේකුත් දිමුතු අයිය ලියල දුන්න.

මේ තියෙන්නේ ඒක.


පොතේ දොරට වැඩීමේ උළෙලට ආතර් සී ක්ලාක් මහත්මයට ආරාධනා කලත් එතුමා පැමිණියේ නෑ. නමුත් මට එතුමා හමුවෙලා කතා බහ කරලා මගේ පොතේ කොපියක් එතුමාට දෙන්න අවස්ථාව ලැබුණ. මෙතන තියෙනවා ඒ වෙලාවේදී ගත්ත ෆොටෝස් ටිකක්. මේ මගේ ජිවිතේ අමතක නොවන දවස් වලින් එකක්.

ඔක්කොම කරලා අන්තිමට 2001 ජුලි මාසේ 21 (වගේ තමයි මතක) මාසේ දවසක පුංචි දොරට වැඩීමේ උළෙලක් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලේ දි පැවැත්වුනා. මේ උත්සවයට ප්‍රවීන විද්‍යා ලේඛකයින් වන එස්.එම් බන්දුසිල මහත්මයා සහ අතුල මංචනායක මහත්මයා සහභාගී වුණා.

ඒ වගේම  අපේ නෑදෑයෝ කට්ටිය , ගමේ අය , යාලුවෝ එහෙම සහභාගී වුණා. උසස් පෙළ කාලේ මේක කරපු නිසා ඉතින්  ටියුෂන් ක්ලාස් වල යාලුවෝ, ගෑනු ළමයි එහෙමත් ආවා.  හෙහ් හෙහ්

කොහොම හරි ඉතින් උත්සවේ ස්තුති කතාව වෙලාවේ මට හොඳටම ඇඩුනා. ආපු කාට්ටියත් ගොඩක් අය ඇඩුව. හෙහ් හෙහ් 

මේ තියෙන්නේ උත්සවේ වීඩියෝ එකෙන් ගත්ත ස්ක්‍රීන් ෂොට් ටිකක්


 අම්මයි තාත්තයි
 එස්.එම් බන්දුසිල මහත්මය
ඇතුල මංචනායක මහත්මය.

ඔය උත්සවෙන් පස්සේ පොත ගැන ලක්හඬ රේඩියෝ එකේ විනාඩි 10ක් විතර වැඩසටහනක් කළා. ඒ එක්කම සිරස ටීවී එකේ සෙනසුරාදා උදෑසන යන වැඩ සටහනේ විනාඩි 10ක් විතර පොත ගැන පොඩි කතා බහක් කළා. ඒවා ඉතින් ඒ වයසේදී මගේ ජිවිතේට සැහෙන වැදගත් වෙච්ච සිදුවීම්. ආතල් ම සීන් තිබුනේ ටියුෂන් ක්ලාස් වල සර් ල පන්තිය වෙලාවේදී පබ්ලිසිටි දුන්න එක.

ඒ දවස් වල රිවිෂන් ක්ලාස් ගිය අය දන්නව ඇති උපාලි සඳගම සර් ව. හෙහ් හෙහ් මිනිහ හෙන ආතල් දෙන පොරක් නේ. සර් මේ පොත ස්ටේජ් එකේ පෙන්නලා. "ඔන්න දැන් අපි ඒ පොත හරියට ටීවී එකේ පෙන්නනවා වගේ මෙතන පෙන්නවා" කියල පොත පෙන්නුවා. ඊට පස්සේ "ආ දැන් එයාට හරි සන්තෝස ඇති" කියල හොඳ චාටර් එකකුත් දැම්ම.. කොල්ලන්ගේ හූ පාර කාගෙන හිටිය ඉතින්.. හෙහ් හෙහ්

කොහොම හරි ඉතින් ඕක තමයි කතන්දරේ.  මම මෙච්චර කාලෙකට ප්ලෑන් කරලා හෙන කැපවීමකින් කරපු එකම වැඩේ ඕක. හැබැයි මම කණගාටු වෙන්නේ නෑ මොකද ඔය සිද්දියෙන් මාස 7කට පස්සේ මගේ තාත්ත හදිසියේම නැති වුණා. ඉතින් තාත්තගේ හිතට සතුටක් දෙන්න මේ පොත නිසා මට පුළුවන් කමක් ලැබීම ගැන අදත් මගේ හිතට තියෙන්නේ ලොකු සැනසීමක්. 


45 comments:

  1. බලන් ගියාම මූ ලේසි පුතයෙක් නෙමේනෙ... මමත් පොතක් ලියලා කාර්ඩ් එකකුත් ගහගත්තා.. අන්තිමට අත් පිටපතත් නෑ... හෙහ් හෙහ්...

    ආයෙ ලියමු තව පොතක්...

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල චීන්නු එක්ක ලියනවා බන් .. ආයේ කාලෙකට ලියන්න හිතෙන එකක් නෑ ... :D

      දැන් ඒ කික් එක එන්නේ නෑ බන් සිරාවට ..ආවොත් බලමු ..

      Delete
  2. // ඉතින් තාත්තගේ හිතට සතුටක් දෙන්න මේ පොත නිසා මට පුළුවන් කමක් ලැබීම ගැන අදත් මගේ හිතට තියෙන්නේ ලොකු සැනසීමක්. //
    ඇත්ත තමයි.. අපි කරන සමහර දේවල් වලින් එයාලගේ සිත් ගොඩක් පිරෙනවා...

    මටත් ඔය කාලේ පොත් ලියන්න හෙන උනක් තිබුනා හැබැයි ලියන්න බැරි නිසා වැඩේ අතඇරල දැම්වා.... උඹ ගැන සතුටුයි...
    පොතට ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ලියන කෙටි කතා කියෙව්වම නම් ලියන්න බා කියල හිතෙන්නේ නෑ ... දැන් ඔය ලියන ඒවා එකතු කරලා පොතක් දාමු .. අමුතුවෙන් ලියන්න ඕනේ නෑනේ .. :)

      Delete
  3. කියලා වැඩක් නෑ සෙන්නා. මම මේ කල්පනා කලේ, 2001 දි මෙහෙම ගේමක් දෙන්න පුළුවන් කම තිබ්බ එකා 2014 වෙනකං ඊට පස්සේ මොකුත් නොකලේ ඇයි කියලා.

    මමත් 9 වසර වෙනකං බණ්ඩාරනායකේ හිටියේ... පැතුම් මට වඩා අවුරුදු කීපයක් බාලයි.. සමහර විට එක කාලේ ඉස්කෝලෙ ඉන්න ඇති.

    එක නෙමෙයි, ඔය පොත සල්ලි වලට ගන්න කොහෙ හරි තියනවද?

    ReplyDelete
    Replies
    1. මේ, ඔය බණ්ඩාරනායකේ බ්ලොග් ලියැකියවීම පිළිබඳ පාඨමාලවක් එහෙම තියනවද ? බ්ලොග් අවකාශේ බණ්ඩලා සෙට් එකක්ම ඉන්නවනේ බලන් ගියාම ! :D

      Delete
    2. සෙන්නා , බණ්ඩාරණායකෙ කියන්නේ ඕනෙම විදියේ පාටමාලාවක් හදාරන්න පුළුවන් තැනක් .. වලියෙන් නම් වලියෙන් සාමෙන් නම් ඒත් වලියෙන් .. අන්න එහෙමයි ඉස්සර නම් :D

      Delete
    3. තිසර, 2006 ඉඳන් ම මේක ලියපු එකම මදිද බන්.. හෙහ් හෙහ්

      පොත නම් දැන් ගන්න තැනක් නෑ මම හිතන්නේ.. ගෙදර නම් තිබුන තව පොත් 50-60ක්..

      Delete
    4. අර කවුද කිව්වලු මම එදත් ශ්‍රී ලංකා, අදත් යූඇන්පී කියලා... හෙහ් හෙහ්..

      අපි දන්නවා බණ්ඩලා හෙන වලි කාරයො කියලා.. ඒ දවස්වල අපි හෙනඅඅඅඅඅඅඅඅ බයෙන් තමා හිටියේ.. අම්මපා.. !

      Delete
  4. මෙයාට අපි සලකනවා මදිනෙ.. ඊට පස්සෙ නොලිව්ව එකට ඇටක‍ටු බි‍ඳෙන්න සලකන්නයි වටින්නෙ..

    ReplyDelete
    Replies
    1. යකඩෝ 2006 ඉඳන් මේ බ්ලොගක් කොටපු එකම මදිද.. තව වෙන මොනවා ලියන්නද හැබෑටම.. :D

      ඔන්න සිංහල යුනිකෝඩ් කියල ජාතියක් තිබුනේ නැත්නම් මේ වෙද්දී තව මොකක් හරි ලියන්න ඉඩ තිබ්බා..

      Delete
  5. උඹනං අදහන්න වටින බුවෙක් බං බිත්තියෝ.. ඔය වගේ කැපවීමක් ඉස්කකෝලේ කාලෙදි තිබ්බ එකට මෙන්න සැලියුට් එක.. මාත් උඹ වගේම බස් එකේ යද්දි එක එක පිලුම් බලද්දි ඒ දවස් වල විද්‍යා ප්‍රබන්ධ හිතින් ගෙතුවා.. ඒත් උඹ වගේ ඒවා ඉවර කරන්න කැපවීමක් එදත් නෑ අදත් නෑ.. සිරාවට.. උඹ පුත්තලං බූරුවෝ එකහමාරක් වයස නොවුනට ඊටත් එහා ගිය එකෙක් අත්දැකීමෙන්.. ජයෙන් ජය.. මේ සාහිත්ත මාසේ මං කියවපු හොදම පෝස්කටුව මේක තමා.. හරිම රහයි..
    (මේ ටිකේ බ්ලොග් කටු කියෙව්වේ නැති උනාට උඹ දාපු කොමන් හෙඩ්ලයින් එක තිබිලත් මං බලන්න ආපු එක ගැන හරිම සන්තෝසයක් දැනෙන්නේ දැං) හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. " ඔය වගේ කැපවීමක් ඉස්කකෝලේ කාලෙදි තිබ්බ එකට" මේ කැපවීම තිබ්බේ මේ වැඩේට විතරයි බන්.. හෙහ් හෙහ්

      ඊට කලින් තිබුනෙත් නෑ ඊට පස්සේ තිබුනෙත් නෑ..

      Delete
  6. උඹත් මාර වැඩකාරයෙක් නෙව බැලුවම. දැං ඔය පිටපත් ටික ඔක්කොම වික්කද?

    ReplyDelete
    Replies
    1. පිටපත් ඔක්කොම වික්කේ නෑ රාජ්, ගොඩක් ඒවා පුස්තකාල වලට දුන්නා. නොමිලේ දුන්න ඒවත් සැහෙන තියෙනවා. නමුත් ගිය ගාන කවර් වුණා. අනිත් එක කොල්ල කාලේ කියක් හරි අතට හොයා ගන්නත් පුළුවන් වුණා.. පස්සේ මම කඩවල් වලට දාන එක අල්ලලා දැම්ම.

      ගෙදර තියෙනවා තව 50-60ක් විතර.. දැන් නම් පරණ වෙලා හොඳටම..

      Delete
  7. මං ළඟත් අත් පිටපත් දෙකක් තියෙනවා. පොත් ලියන්න පුදුම ආසාවක් තිබ්බ ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. හිත හිත ඉන්නේ නැතුව ලියල දාන්න. හොඳ අත්දැකීමක් ජිවිතේට.. මනොෂ් ගේ කතා ලස්සන ඇති. බ්ලොග් එකේ ලියන දේ වලින් හිතන්න පුළුවන්.

      Delete
  8. පැතුම් නියම වැඩකාරයෙක් නොවැ.ඔය වයසෙදි පොතක් ගහගන්නව කියන්නෙ ලොකු ජයග්‍රහණයක් ඉස්කෝලෙ ළමයෙකුට.
    හැබැයි අඩුව කියන්නෙ ඊට පස්සෙ මොකුත් නොලියපු එකයි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම මහන්සි වෙලා කරපු එකම වැඩේ මේක විතරයි හැලපෙ.. අනිත් දේවල් නොකළ කියල ඉතින් ලොකු පාඩුවක් වෙලත් නෑ.. මේ අත්දැකීම ජිවිතේට ලැබීම හොඳටම ඇති..

      ඊට පස්සේ මම තව විද්‍යා ප්‍රබන්ධ ලිව්වා ඔය පරිගණක මැගසින් එකට එහෙම. හැබැයි ලොකුවට මොකුත් කලේ නෑ..

      2006 දි මේක ලියන්න පටන් ගත්ත නේ.. හෙහ් හෙහ්

      Delete
  9. පිස්සු හැදෙනවා බොල, පැතුමා අදහන්න් වටිනා පොරක්, මොකද ඉස්කෝලේ කාලේ ඔය වගේ ගටක් තියෙනවා කියන්නේ ආයේ කියලා වැඩක් නෑ. අපි ආපහු එකක් කරමුද පතුමෝ ...

    ReplyDelete
    Replies
    1. මට ගටක් කියල තිබ්බේ ඔච්චරයි ද කොහෙද.. හෙහ් හෙහ්..
      ආයේ එහෙම ලියන්න හිතෙන්නේ නෑ බන්.. පස්සේ කාලෙක සමහර විට හිතෙයි... දැන් ඔය උඹල ලියන්නේ පට්ට සිරාවට.. ඒවා දාමුකෝ එලියට රාජ්‍ය සම්මාන ලැබෙයි..

      Delete
  10. උඹ එච්චර වටින පොතට දාපු නම වගේම මෙච්චර වටින පෝස්ට් එකටත් දාපු නම බලපන්! අර දේශ කිව්ව වගේ සාහිත්‍ය මාසෙ පොත් ගැන ලියවිච්ච වටිනාම පෝස්ට් එක.

    බලනකොට මූ පරනම සිංහල බ්ලොගර් වගේම අඩුම වයසෙන් පොතක් ගහපු සිංහල බ්ලොගරුත් වෙනවනෙ.

    උඹට සලකනව මදි!!

    ReplyDelete
    Replies
    1. එහෙනං ඌට කීයක් හරි ණයට දීල සලකහං බං. yela yela''

      Delete
    2. ණය දීමෙන් මුදලත් මිතුරාත් මිතුරාට තවත් දේත් නැතිවේ :P

      Delete
    3. හැබැයි තෑගි දීමෙන් නම් කිසිම අවුලක් වෙන්නේ නෑ නේද ඉන්දික අයියේ.. මම තෑගි බාර ගන්නවා.. තැපෑලෙන් නම් එහෙමයි. එකවුන්ට් එකට නම් ඒත් එහෙමයි.. :D

      පොතේ නම චාටර් කියල මට තේරුනේ හෙන පස්සේ කාලෙක.. හෙහ් හෙහ්

      කොටින් ම ඉතින් මේ පෝස්ට් එකේ මාර්තුකාව අපසට් කියලත් දාන කොට හිතුනේ නෑනේ..

      තාම මාකටිං අන්සේ ඒ හැටි තේරෙන්නේ නෑ..

      Delete
  11. මේ වගේ සිරා වැඩ ගොඩක් කරලා පොතක් ලියලා තියෙන්නේ පොත පතට තියෙන මහත් ආදරය නිසාමනේ. ඉතින් දැන් ඔයාගේ දෙවැනි පොත එලි දක්වන්න කල් ඇවිත් . ඔය වගේ වයසකදී අර තරම් උනන්දුවක් හා සංවිධාන ශක්තියක් තිබ්බනම් දැන් මේ මුහුකුරා ගිය ඕල් රවුන්ඩර්ට මොනාද කරන්න බැරි. සුබ පැතුම් , පැතුම් !!

    ReplyDelete
    Replies
    1. ඒ උනන්දුව ආයේ ගන්න එක තමයි අමාරු වැඩේ.. මේ දවස් වල ප්‍රමුඛතාවය දුන්න වැඩ ටිකක් තියෙනවා. ඒවා ඉවර වෙච්ච කාලෙක තමයි ආයේ හිතන්න ඕනේ.. :)

      Delete
  12. මලා! මම මේක කියවලා තියෙනවනෙ. නියමයි නියමයි .......

    ReplyDelete
    Replies
    1. සිඳු කොයි කාලේද කියෙව්වේ? දැන් නම් කඩවලත් නෑ මම හිතන්නේ..

      Delete
  13. මල සේක කිව්වලු!!!

    අර පත්තරේ ගියා කිව්ව කතාව!!! අඩේ ... මම ඒක කියෝලා තියෙනවා!!! මට උඩපනින්න හොඳ හය්ය හත්තිය තියෙන තැනක් පෙන්නාපන්!!!

    ReplyDelete
  14. මෙන්න මෙතන හොඳ තැනක්... :)

    ReplyDelete
    Replies
    1. හිටින එහෙනං මම සපත්තු දෙකක් දාගෙනම එන්ට!

      මේ ගැන ලියන්න ගියොත් පොස්ටුවක් වෙනවා. ඒ හින්ද උඩපැනලා අමාරුව යැව්වම හරි.. හි.. හි...

      Delete
    2. ලියන්න තියෙන අමාරුව උඩ පැනල හොඳ කර ගන්න පුළුවන් ද? ඇයි දෙයියනේ අපි මේ දාගෙන අකුරු කොටන්නේ එහෙනම්.. හෙහ් හෙහ්..

      උපේක්ෂට පුළුවන් උඩ පැනීමෙන් ලිවීමේ අමාරුව හොඳ කර ගන්න හැටි ගැන පෝස්ට් එකක් දාන්න.. :)

      Delete
    3. ලිවීම නොකර උඩපනින්න මට පුළුවන් හැබෑවටම... වෙලාවක බලනකො ට්‍රයි කරලා මම කිව්වට! ඔලුවට ටොකු දෙක තුනක් ඇනගත්තම වගේ අමාරුව බහිනවා වෙරි හිදෙනවා වගේ... හික්..

      Delete
  15. පොත ලිව්ව තරම්ම වටිනවා ඒ මතක ෆොටෝ කරලා අරන් තියාගත්ත එකත්... ආතර් සී ක්ලාක් මහත්තයා කියලා තියෙන හීනය සැබෑ කරන්නත් එක්ක අලුතෙන් විද්‍යා ප්‍රබන්ධයක් ලිව්වොත් හොඳ නැද්ද... :)

    ReplyDelete
    Replies
    1. අලුතින් විද්‍යා ප්‍රබන්ධ ලියන මානසිකත්වය දැන් නෑ නේ.. දැන් කාලයක් තිස්සේ මට තියෙන්නේ මොකුත් නොකර නිකන් ඉඳීමේ මානසිකත්වය.. හෙහ් හෙහ්

      මේ ෆොටෝ ටික ගත්තේ දැන් දැන් ඔක්කොම කොල ටික දිරල යන්න පටන් අරන් නිසා.. තව අවුරුදු 3-4ක් යනකොට ගන්න දෙයක් නැති වෙයි අත්පිටපත් වල නම්..

      Delete
  16. අම්මාපල්ල අර කිව්වත් වගෙ මල්ලි උඹ මාර පොරක්නෙ.....බොහොම තන්තෝසයි..බොහොම තන්තෝසයි, බොහොමත්ම තන්තෝසයි..

    ReplyDelete
    Replies
    1. රවී අයියල වගේ අය ඒ දවස් වල ආස්සරේ කරන්න ලැබුණ නම් අන්න පොරක් වෙන්න තිබ්බා.. මේක මේ කොල්ල කාලේ ගත්ත පොඩි ආතල් එකක් හෙහ් හෙහ්.

      Delete
  17. එන්න බොහෝම පරක්කු වුණා
    සලකනව මදි අපි නේද කියලත් හිතුණ
    තමන් කැමති දෙයක් කරන්න මිනිස්සු ඕන දුරක් යනව නේද?
    නිර්මාණ බිහිවෙන්න ඒ ගැම්මත් ඕනෙමයි නේ?
    මොකෝ ඉතින් ඇඬුනේ (කිව්වට මටත් ඇස් දෙක තෙත් වුණා) ?
    පොඩි කාලෙදිම රජ ගේම් දීල දැන් හෙන කම්මැලියෙක් වෙලා

    ReplyDelete
  18. අමුතුවෙන් මොනවා සලකන්නද දැන් අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ල මේක බලන යන එකම මදිද .. :)

    ඊට පස්සෙම මේ වගේ වැඩක් කලේ නෑ . එකට හේතුව සමහරවිට තාත්ත හදිසියේ ම නැති වෙච්ච එක වෙන්න පුළුවන් .

    මට ඇඬුන හේතුව ඉතින් ඔය තිස්ස අයියගේ ඇස් වලට කඳුළු ආපු හේතුවම තමයි .. මම විතරක් නෙවෙයි හෝල් එකේ හිටපු ගොඩක් ය ඇඩුව හෙහ් හෙහ්

    දැන් කම්මැලි වෙලා නෙවෙයි තිස්ස අයියේ . ෆෝකස් එක දැන් වෙන වෙන වැඩ වලට යොමු වෙලා .

    ReplyDelete
  19. සතුටත් දුකත් දෙකම එකවට හිතෙන ජිවිත කතාවක කොටසක්. සුබ පැතුම්.

    ReplyDelete
  20. පැතුම්, අපි ලන්ඩන් වල පොත් ප්‍රදර්ශනයක් තියනව ජනවාරි මාසේ. ඔබට කැමති නම් පොත එවන්න. ඒකට මුදලක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. මේ පොත දැන් ගොඩක් පරණ වෙලා ... විකුනන්න සුදුසු තත්වෙක නෑ මම හිතන්නේ ... අනිත් එක මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ඉතින් කොහොමත් පොත් එවන්න විදියක් නෑ ... බොහොම ස්තුතියි ඔබට ...

      ඔබට හැකි නම් තිලක සිත ලියන තිලකසිරි මහත්මයට කතා කරලා පොත් ටිකක් ඉල්ලා ගන්න. හරිම රසවත් පොතක්

      මේ තියෙන්නේ බ්ලොග් එක
      http://thilakasitha.blogspot.com/

      Delete
  21. මේ ලිපිය කියවුයේ අදයි.

    අවසානයේ පියා ගැන ආරංචිය දැක ඇතිවුණේ නම් දුකක්.

    විදුසර අපේ කාලෙට පස්සේ නිසා මා කියවා නෑ. දිවයින සහ ලක්බිම හෙමත් විද්‍යා කතා යනවා නේද? ක්ලාක් ගේ රාමා සීරීස් එක නම් මා ආසාවෙන් කියවා තියෙනවා.

    මාත් උසස් පෙල කාලේ පොත් කිහිපයක් ම ලිව්වා, ඒවායින් වැඩිහරියක් පෙම් කවි. දෙකක් කෙටි කතා පොත්. මේ විදියට ඒවා පළ කරන්න නම් හැකියාවක් තිබුණේ නෑ. මං කළේ මුද්‍රණාද්වාරයෙන් නොව හස්තද්වාරයෙන් ප්‍රකාශනය කිරීමයි. ඒ කියන්නේ අත් පිටපත පමණයි!

    ReplyDelete