මම මොනවද කරන්න ඕනේ කියල කම්පනා කර කර ඉන්න එක...
මට කල හැකි වැඩ...(10ක්)
1. මාගේ පෞරාණික බ්ලොගයේ මොනවා හරි ලිවිම. (මල කෙලි මාසෙට ලියන 2ක මේක)
2. මා දන්නා (දන්නේ සුට්ටකි) ටැක්නිකල් කෑලි දමා ටියුටෝරියල් බ්ලොග් ලිවීම - බාගෙට ලිවූ එක කොම්ප්ලීට් කිරීම
3. කවුරුත් නොදන්නා මාගේ පුද්ගලික අඩවියේ මකුළු දැල් කඩා සුද්ද බුද්ද කිරීම (බුද්ද කරන්නේ කෙසේදැයි නොදන්නා නිසා එය සැමදා කල් යයි...)
4. ඔන්ලයින් කීයක් හරි හම්බ කරගන්නා ක්‍රම සහ විදි කම්පනා කිරීම. ඇඩ් වැඩ,ෆ්රීලන්ස් ප්‍රොජෙක්ට් වැඩ හැර වෙනත් දේ ඇතිදැයි සොයා බැලීම.. වෙනත් අඹ ගස් තිබිය හැක...
5. කොම්පීටර් සහ දැල් නැතිව ජීවත් විය හැකි ක්‍රම කල්පනා කිරීම.
6. එෆ්.බී/ජී+/චැට්/බස් මට එතරම් අල්ලලා යන්නේ නැති බැවින් ඔපිස් වෙලාව නිකරුණේ ගෙවී යාම වලක්වා ගැනීම.. (ක්ලයන්ට්ලාගේ/බිසිනස් ගේන අයගේ/ලොක්කන්ගේ ප්‍රමාද වලට ජයවේවා)
7. ෆිල්ම් සඳහා ඇති උණද දැන් සෑහෙන දුරට හොඳ වී ඇති නිසා ඒ අංශයට යොමු වීමටත් කම්මැලිය.(ස්ටාර් ගේට් බැලීම නැවත පටන් ගන්නවා ද යන්න මේ දිනවල මණ්ඩලයට දමා ඇත..තීරණය තාම මඟ )
8. චිත්‍ර ඇඳීමේ හැකියාව දියුණු කර ගැනීම (චිත්රපොතයි,පැන්සලයි,මකනෙයි හරි)
9. අකාලයේ කෙලවී ගිය මාගේ හෙලිකොප්පරයට හරියන කෑලී සොයා බැලීම. සෙනසුරාදා වරුවක් කොටුවේ ඇවිද්දත් බඩු නෑනේ.. සෝ සෑඩ්...
10.කරපු ප්රොජෙට්ටු වල ඇති ෆොඩි ෆොඩි බගස් ෆිකස් කිරීම... (මාසේ අන්තිමට බැංකියට යන පඩියට පිං පිණිස)
ඉහත කී දේ හැර සොෆින් යෑම,කඩේ යෑම,පොල් ගෑම, එහෙ මෙහෙ යෑම ආදී දේ කරමින් කමින්,බොමින්,නිදමින්,දැහැමින්(පන්සල් නොයා,බණ නොඅසා),සෙමින්, ඔහේ ගෙදරට වී ඉන්න එක තමා ඉතින් මම වැඩියෙන් ම කරන්නේ
මොකටද මම ඉන්නෙ කියලත් හිතෙනවා වෙලාවකට.... හැක් හැක් හැක්..
ජනමාධ්‍ය හැසිරුවීමේ මනෝවිද්‍යාත්මක කලාව
-
ධවල පත්‍රිකාවේ සාධනීය දේවල් තිබ්බා. මාලිමාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලත්
එකල ධවල පත්‍රිකාවේ ධනාත්මක දේවල් අරගෙන තිබුනා. නමුත් ධවල පත්‍රිකාවට එදා
පාසල...
1 day ago
ජීවිතේ ඒකාකාරී වුනාමත් නිකං..අනේ මන්දා..එකවෙලාවකට එපත් වෙනවා...
ReplyDeleteඑහෙම බලනකොට ඔයා එකාකාරිත් නැනේ වැඩ කියක් කරනවා කියලද???
ReplyDelete