මේක මේ කොල්ල කාලේ කරපු පොඩි ආතල් ජනක වැඩක්.
ස්ථානය : මම මුලින් ම වැඩ කරපු කොම්පැනිය
කාලය: 2004 හෝ 2005 වසරේ එක්තරා දිනයක්
චරිත : මම සහ ඒ දවස් වල මම කරපු කෝස් එකක හිටපු ලස්සන ගෑනු ළමයෙක්
චරිත ගැන කෙටියෙන්:
මම : හොඳ හැදිච්ච කොල්ලා
A ළමය : අපි සෙට් එකත් එක්ක හෙන ෆිට්. ටිකක් සෝෂල් චරිතයක්. හෙන හොඳයි. මම වගේම හොඳ හැදිච්ච ගුණ යහපත් ළමයෙක්.
පසුබිම් විස්තර :
මගේ :
කොහෙන් හරි කමක් නෑ ඉතින් කෙල්ලෙක් සෙට් කරගැනීමේ මානසිකත්වය සමග ස්කයිප් , කපුටා චැට් ,I R C චැට් ආදී මෙකි නොකී සියලු චැට් අත්හදා බලමින් ඉන්න කාලේ . කෙල්ලෙක් එක්ක චැට් එකක් සෙට් වෙනවා කියන්නේ ඉතින් සියලු වැඩ අමතකයි .
A ළමයාගේ :
ඒ කාලේ වෙනකොට කොල්ලෙක් නම් හිටියේ නැද්ද කොහෙද. හැබැයි සැහෙන කොල්ලෝ ගානක් ලයින් දමපු ඇත්තටම ලස්සන ළමයෙක්
කතාව
A ළමය : ආ කොහොමද? ඔෆිස් එකේ ද ඉන්නේ ?
මම : ආ හලෝ කොහොමද? ඔව් මේ පොඩ්ඩක් වැඩ කරන්න කියල හිතුව.
A ළමය : ඒක හොඳයි ඉඳල හිටලා හරි වැඩක් කරන එක (ස්කයිප් හිනා )
මම : අපි හැමදාම වැඩ තමයි හලෝ . ඔයාල වගේ අයිස් ගහන්නේ නෑ .
A ළමය : අපි අයිස් ගහන්නේ නෑ හරි ද
මම : හරි හරි අපි දන්නවනේ (ස්කයිප් හිනා)
මම : මේ එක නෙවෙයි . කෙල්ලෝ නැද්ද ?
A ළමය : කෙල්ලෝ ඉන්නවා . ඇයි මම
මම : ඔයා නෙමෙයි. වෙන කෙල්ලෝ නැද්ද ?
A ළමය : මොකටද අහන්නේ ?
මම : නෑ මේ නිකන් (ස්කයිප් හීන් හිනා)
මම : මේ ඒක නෙවෙයි . අරූට කෙල්ලෙක් සෙට් වෙලා නේද ?
A ළමය : අරු කිව්වේ කවුද ?
මම : අරු කිව්වේ X
A ළමය : මම දන්නේ නෑ. මට කිව්වේ නෑ.
මම : ඌ මට එහෙම එකක් කිව්වා නේ .
A ළමය : වෙන්න ඇති.
මම : මාත් කෙල්ලෙක් හොයා ගන්න ඕනේ . මෙහෙම හිටිය ඇති.
A ළමය : ඒක හොඳයි . දැන් වයසයි නේ.
මම : කවුද වයස ? අපි තාම එල කොල්ලෝ හරි ද ?
A ළමය : අපෝ මම දන්නවා.
මම : මොනව ද දන්නේ ?
A ළමය : නෑ මොකුත් නෑ.
මම : මේ ඒක නෙවෙයි . පොඩි බඩ්ඩක් කියන්න ද ?
A ළමය : මොකක් ද ?
මම : මේ පොඩි සීන් එකක්. එක්කෝ ඕනේ නෑ.
A ළමය : කමක් නෑ කියන්න. මටත් මේ වැඩකුත් නෑ කරන්න.
මම : ඕකනේ ඉතින් මම කිව්වේ අයිස් ගහනවා කියල (ස්කයිප් මහ හිනා)
A ළමය : අයිස් නෙමෙයි අනේ . මේ පොඩි රෙස්ට් එකක් ගත්ත .
මම : මම දන්නවනේ රෙස්ට් ගැනිල්ල ගැන .
A ළමය : මොකක් ද ඉතින් කියන්න තියෙනවා කිව්වේ ?
මම : ආ ඒක වැඩක් නෑ ..
A ළමය : අනේ කියන්නකෝ.
මම : කියන්න බෑ බෑ වගේ .. (ස්කයිප් ලැජ්ජා මූණ )
A ළමය : හරි හරි ඉතින් කියන්න මම කාටවත් කියන්නේ නෑ .
මම : (ස්කයිප් හිතන මූණ )
A ළමය : (ස්කයිප් වේටින් මූන )
මම : ෂුවර් ද කාටවත් කියන්නේ නෑ කියල ?
මම : අරුන් එකෙකුටවත් කියන්න බෑ හරි ද ?
A ළමය : හරි හරි අනේ .
මම : මේකයි .මම මේක ඔයාට කියන්නමයි කියල හිටියේ.
මම : මට ලැජ්ජයි හලෝ
A ළමය : ඔහොම ලජ්ජා වෙලා බෑ අනේ . දැන් එල කොල්ලෙක් කිව්වා නේද .
මම : එල කොල්ලෙක් කියන්නේ ඉතින් ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක් කියන එක නේ.
A ළමය : අපෝ මම දන්නවා නේ . (ස්කයිප් හිනා )
A ළමය : කෝ ඉතින් කියන්නකෝ
මම : මම මේක කිව්වා කියල ඔයා අප්සට් ගන්නේ නෑ නේද ?
A ළමය : අනේ නෑ අනේ . ඔයා දන්නවනේ මගේ ගැන .
මම : ඔව් ඉතින් ඔයා ගැන දන්නා නිසා තමයි මම මේක කියන්න හිතුවෙත් .
මම : හරි එහෙනම් ප්‍රොමිස් කියන්න මම මේක කිව්වට පස්සේ තරහ වෙන්නේ නෑ කියල .
A ළමය : හරි හරි ඉතින් ඔන්න ප්‍රොමිස්.
මම : හරි
මම : මේකයි ඉතින් මේක හිතේ තියන් ඉඳල තේරුමක් නෑනේ . ඔයා ගැන හොඳට දන්න නිසා මේ කියන්නේ .
A ළමය : ඉතින් කියන්න
මම : මම දැන් සෑහෙන වෙලාවක ඉඳන් හෙන චූ බරේ හිටියේ. ඔයාට කියන්න නිකන් මොකක් ද වගේ නිසා කිව්වේ නැත්තේ . අනේ මොකුත් හිතන්න එපා හොඳද .. මම යනවා චූ දාන්න . ඔයා කාටවත් කියන්න එපා ප්ලීස් හරි ද ? (ස්කයිප් බිම පෙරෙලෙමින් හිනා )
මෙහෙම කියල ඉතින් මම ඇත්තටම චූ දාන්න ගියා . ගිහින් එනකොට
A ළමය : මෝඩයා . මම යනවා (ස්කයිප් ඕෆ්ලයින් )
මට ඉතින් ෆුල් ආතල් හැබැයි ඉතින් පොඩ්ඩක් අප්සට්. ඇත්තටම ඒ ළමය ගැන කිසිම ලයින් එකක් ඒ දවස් වල තිබුනේ නෑ . (ඔය මම කීප තැනකම කියපු මගේ අතීසාර මිත්‍රයාගේ නම් පොඩි ලයින් එකක් තිබ්බ . හැබැයි ඒ වැඩේ හරි ගියේ නෑ ) මම ඉතින් ෆිට් එකට ජොලියට වගේ බයිට් කරන්න හිතාගෙන කරපු වැඩක් .
දැන් තමයි කතාවේ ආතල් ම හරිය
මේ සීන් එකෙන් පස්සේ ඉතින් මම ඉතින් ගෙදර ගිහින් හෙමිහිට රෑ වෙලා අර කියපු අතීසාර එකාට කෝල් එකක් දුන්න.
"අඩෝ මේ උඹ දන්නව ද අද අරකි මාත් එක්ක චැට් කලානේ .
කවුද ?
අර A ළමය බන්. උඹේ ලයින් එක .
අනේ පල $#$#@$@#$ යන්න . මගේ ඇති ලයින් එකක් නෑ.
හරි හරි ඉතින් අපි දන්නවනේ . මම ඕනනම් අහන්නම් උඹට බයයි වගේ නම් ..
අනේ පල යන්න .මම බය නෑ යකෝ.
අපෝ ඔව් මම දන්නවා බය නෑ කියලා ළඟට ගියාම කලිසමේ චූ යනවා
අනේ පල #%%#$%%#$%#$% යන්න . ඉතින් ඒකී මොකෝ කියන්නේ.
මම මේ ආතල් එකට ඒකිව පොඩ්ඩක් බයිට් කළා . අප්සට් ගියා ද දන්නේ නෑ ..
අරූ මහා හඬින් සිනා සෙයි .. අනේ උඹේ බයිට් කිරිල්ල. අපි දන්නේ නැද්ද උඹේ හැටි.
ඇයි මොකෝ උඹ මොනව ද දන්නේ ?
$%$%%$#% ඒ චැට් කලේ ඒ කෙල්ල නෙවෙයි. අරූ X ඒකිගේ නමින් ලොග් වෙලා ඇවිල්ල චැට් කලේ උඹව අන්දන්න.
-----------------------------------------------------------------------------------------------------------------------
ප.ලි
(එදා වෙච්ච දෙබස් ටික මට හරියටම මතක නෑ . මීට ආසන්න විදියකට කතා බහ ගියා . සීන් එක ඇත්තටම වුණා . අදටත් A ළමය මෙහෙම සීන් එකක් ගැන දන්නේ නෑ .. හෙහ් හෙහ් )
Death of a Salesman- an Attack on the American Dream
-
*Ruwan M Jayatunge M.D.*
*“He’s a man way out there in the blue, riding on a smile and a shoeshine.
And when they start not smiling back—that’s an e...
59 minutes ago