මම අළුතින් ලියන්න ගත්ත කථාව මේ... මේක Fantasy ගණයේ එකක්...ඒ නිසා මට ඕනෙ දෙයක් ලියන්න පුළුවන්...
අදහස් දෙන්න...
*************************************************************************************
ඔවූහු පරිපූර්ණ ලෝකයක් පිළිබඳව සිහින මැවූහ..එය ගොඩ නැගූහ..සියළු සැප සම්පතින් පිරුණු ලොවක් ගොඩ නගා ගත් ඔවූන් දැහැමින් සෙමින් කාලය ගෙවූහ.
වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, ආශාව, රාගය ආදී ප්‍රාථමික මිනිස් ගති ඔවුන් තුල නොවීය…
සිත් තුල කිසිවක් නොවූයෙන් සතුටක් හෝ දුකක් ඔවුන්ට කිසිදා ඇති නොවීය.
ඔවුන් දැන සිටියේ තමා පිළිබඳව පමණි..අනුන් ගැන දැන ගැනීමේ අවැසි කමක් ඔවුන් තුල නොවීය…
සැබැවින්ම ඔවූහු මිනිසුන්ම විය..දෙවියන් නොවීය…
දෙවියන් යැයි කිසිවෙක් එහි සිටියේ නැත…
අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා යයි..පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී යයි…
නිල් පාට ආකාශයේ නිකැළැල් බව,පොළෝ තලයේ සොඳුරු බව නීෂා ගේ සිත කුල්මත් කළාය..ඇගේ මයින්ඩ්ජෙට් යානාවේ වේගය තවත් වැඩි වී රන්වන් පාටින් බබළන සිය මන්දිරය වෙත ඈ රැගෙන ගියේය…
මන්දිරය ඉදිරිපිට අංගනයේ යානාව නැවැත්වූ ඇය සිනා සලමින් ඉන් බැස සිය පියාණන් වෙත පිය නැගුවාය. ඇගේ සිත සතුටින් පිරී තිබිණි.
සිනා සලමින් මලක් සේ පියකරුව එන සිය දියණිය දෙස බලා සිටි නෙමින්දේර් රජුට සිය බිරිඳ සිහි විය..දිනපතා උදෑසන සිය මන්දිර අංගනයේ සිට නෙත් මානයේ පෙනෙන ලෝකයේ සොඳුරු බව විඳින නෙමින්දේර් රජු බොහෝ වෙලාවක් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ගෙවී යන අයුරු මෙනෙහි කලේය. කළකට පෙර ජීවිතයෙන් නිදහස් වූ සිය බිරිඳ සමඟ ගෙවූ කාලය සිහි කලේය.
නැඟෙන හිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි..
ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. මකරුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය..වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය.. විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ...නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි...සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි..තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..
ටිටී.....ටිටී....ටිටි මල්ලී...කෝ ඔයා...ඔයා කොහෙද ගියේ..මෙහෙ එන්නකෝ...කොහෙ යනවද මන්ද..කොයි වෙලේවත් ගෙදර නැහැ...ටිටි මල්ලියෝ...
ඩිං ඩොං ඩිං ඩොං...ලල්ල ලලා..ඩිං ඩිං..ටිටී ටිටී....ආව්...ෂික්..මේ මොන ජරාවක් ද..මගෙ කකුලත් වැදුනා...මල වදේ..කෝ මේ ටිටියා...
අයියෝ අමතක වුණා නෙ...දැන් වත් යන්න ඕනේ...ඉවරද දන්නෙත් නැහැ....ටිටි මල්ලී ඔයා ඉන්න තැනකින් එනවද නැද්ද...මට බැහැ මුළු දවසම ඔයාව හොය හොය ඉන්න...ටිටීඊඊඊ......
මම යනව යන්න...එනවකො අද ගෙදර....මෝඩ ටිටියා....
අම්මා..ටිටියා ආවොත් අල්ලලා ගෙදර තියා ගන්න කොහෙවත් යන්න නොදී..මම යනවා...නීෂා බලාගෙනත් ඇති...
දෙතුන් වතාවක් ගැස්සුනු මයින්ඩ්ජෙට් යානය ඉහලට නැඟුනේය...එහි වූ නොඟිනිය හැකි තරම් වූ සීරීම් ලකුණු...අසරණ ටිටී ගේ සහෝදරිය ගැන අවට ලෝකයා දැනුවත් කළේය..
ආ..ඔයා ආවද ? මම මේ බලාගෙන හිටියෙ...රිදී පැහැති නවීන මයින්ඩ්ජෙට් යානයෙන් බිමට බට සිය පෙම්වතා වෙත වූ ආදරණීය බැල්මකින් යුතුව නීෂා ඇසුවාය...කොහොමද කුමාරියෙ ඉතින්...සිය ප්‍රියාවියගේ දෑස දෙස ආදරයෙන් බැලූ ඔහු පැවසුවේය...එකිනෙකාගේ දෑසින් ආදර වදන් තෙපලමින් ඔහු හා ඇය මාළිඟාව වෙත පිය නැගුවෝය...
මාළිඟාව තුල සිටි නෙමින්දේර් රජු සිය බෑනාව සෙනෙහසින් යුතුව පිළිගත්තේය...
අනේ මම පරක්කු නැහැ නේද..? මම හිතුවෙ ඉවරත් ඇති කියලා...අසළ තිබූ මල් බදුනක් පෙරලමින් පැමිණි ටිටීගේ සොයුරිය ඇසුවාය..ආ...මේ එන්නෙ අනිත් එක්කෙනත්..කොහොමද දුවේ ඉතින්...රජු සිනා සෙමින් විත් ඇසුවේය..හ්ම් හ්ම්..හොඳා හොඳා...මම හොඳින්..මාමණ්ඩිට කොහොමද..? මම පරක්කු නැහැ නේද..? මම හිතුව ඔක්කොම ටික ඉවර වෙලා ඇති කියලා...
පිස්සු කෙල්ල...කෝ අද ඔයාගෙ මල්ලි ආවෙ නැද්ද..?
අනේ මම දන්නෑ ඒ මෝඩය කොහෙ ගිහිල්ලද කියල..හොයල හොයල බැරිම තැන මම ආව...
ඇති යන්තම් දැන්වත් ආව..මම හිතුව අමතක වෙලා ඇති කියල...නීෂා සිනා සෙමින් සිය මිතුරිය පිළි ගත්තාය..
ආ...කොහොමද..ටිටීගෙ අක්කේ...මොකද මේ හති දා ගෙන...ගෙදර ඉඳන් ම දුවගෙනද ආවේ..?
අනේ යනව මෝඩය යන්න...මම මොකටද දුවන්නෙ මට තියෙනවා නියම වාහනයක්...ඔහේගෙ කබල වගේ නෙවෙයි...
ඔව් ඔව් මම දන්නව අර හැඩේ ඇද වෙච්ච එකනේද...පුදුමයි ඒක තාම වැඩ කරනවද..?
ඊඊඊ....යනව යන්න...
නීෂා කෝ අනේ ඔයා හදපු කෑම..මට බඩගිනියි...
ඉතිරි ටික තාම හිතනවා....