පෑනේ මිතුරෝ දැන් දැන් අභාවයට යනවද මන්ද... දැන් ගොඩක් ඉන්නේ එෆ්.බී මිතුරොයි ඔන්ලයින් මිතුරොයි නේ..
පෑනේ මිතුරු සංකල්පය සෑහෙන පරණ දෙයක්. මම හිතන්නේ තැපැල් සේවයේ ආරම්භයත් එක්කම බැඳී තියෙන එකක්.. කාලෙත් එක්ක ඇතිවෙච්ච දියුණුවත් එක්කම මිනිස්සු වඩා ඉක්මනින් මිතුරුකම් හදා ගන්න ක්‍රම හොයා ගත්ත නිසා පෑනේ මිතුරු සංකල්පය යට වෙලා යනවා වගේ.. හැබැයි තාමත් පෑනේ මිතුරුකම් තියාගෙන ඉන්න අය ඉන්නව මම හිතන්නේ..
පෑනේ මිතුරු මිතුරියන් හොයා ගන්න ඉස්සර නම් පත්තර වල විස්තර දානව.. දැනුත් තියෙනව ද මන් ද. අපි ඉස්කෝලෙ 6-7 වසරෙදි මොකක් හරි ජත්‍යන්තර ආයතනයකින් ඔය වගේ පෑනේ යාළුවෝ හොයල දෙන වැඩසටහනක් ගැන කියල දුන්නා. ඒකේ තිබිච්ච කූපන් වගයක් පුරෝල දාල මාත් සෙට් කර ගත්ත පෑනේ මිතුරෙක්.
මට මතක හැටියට මගෙ වයසෙම ද කොහෙද. ජර්මන් ළමයෙක්. කොල්ලෙක්. නම අන්ද්‍රේස් ස්කෙන්කල් වගේ නමක් . ලියුම් 5-6ක් එව්වා. කියවන්න්අ හරිම අමාරු ඉංග්‍රීසි අකුරු. හික්.. කොහොම හරි ගලපගෙන කියෝලා මමත් දන්න ඉංග්‍රීසියෙන් මොනව හරි ටිකක් ලියල දානව.. ෆොටෝස් එහෙමත් එව්ව. දැන්නම ඒවා කොහෙද දන්නේ නෑ. මුද්දර,පෝස්ට්කාඩ් තමයි වැඩිපුරම හුවමාරු කර ගත්තේ..කොහොම හරි මාස 6ක් අවුරුද්දක් විතර ලියුම් යැව්ව. පස්සෙ හෙමිහිට මඟ ඇරිල ගියා.. අපේ නංඟිටත් මට මතක හැටියට ඔස්ට්‍රියාවේ ගෑනු ළමයෙක් සෙට් වුණා.. ලොකු වෙන කොට ටික ටික සම්බන්ධකම් නැති වුණා.. අපරාදේ මේ වෙන කම් තිබුණනම් ගිහින් හම්බ වෙන්න වත් තිබ්බා.. බුකියෙ හෙව්වට දැන් හොයා ගන්න බෑ...
ඉස්සර හරි ජොලි ඉතින් එක ලියුමක් ආවම.. ඉංග්‍රීසි තේරෙනෙනේ නැති නිසා අල්ලපු ගෙදර ඩෙනිස් අයියගෙන් තමා සමහර ඒවා අහගන්නේ.. හික්.. මමත් මොනව හරි ලියාගෙන පොරටම කියල වැරදි හදාගෙන තමයි තැපැල් කරන්නේ..
ඒක නැති වුණාට පස්සේ ආයෙත් ට්‍රයි කලේ නෑ.. ඊට පස්සේ ඉතින් ලෝකල් ස්ත්‍රී මිතුරියන් හෙවීමනේ කලේ.. ෆොරිජින් කොල්ලො කෙල්ලො ගැන ඉන්ටරෙස්ට් එක හීන වෙලා ගියා..
ඉස්කෝලෙක් ට්‍රිප් එකක් ගිහින් කෙල්ලෝ සෙට් එකක් ආපු බස් එකකට ටෙලිෆෝන් නම්බර් එක දාල එක ගෑනු ළමයෙක් කෝල කරල පස්සේ පස්සේ ඒ ළමයට ලියුම් දාපු එක වෙනම සීන් එකක්.. ඒක මේ ඔෆීසියල් පෑනේ මිතුරු ගනයට වැටෙන්නේ නෑ මම හිතන්නේ.. ඒ සීන් එක පස්සේ ලියන්නම්.. මොකද ඒක වෙනම සබ්ජෙක්ට් එකක් හික්...
ඊට පස්සේ අර මම ලියල දාපු පොත කියෝපු ඔය දකුණු පළාතේ ගෑනු ළමයෙක් මට ලියුම් එව්වා. ඒකත් නැඟල ගියා ටික කාලයක්.. පස්සේ අපේ අම්මගේ දැඩි උපදෙස් මත ඒකත් නවත්තල දාන්න සිද්ද වුණා.. ඒවත් ඉතින් මොන කැටගරියට අයිති ද මන්ද... හික්සි බික්සි
ගෙදරට ටෙලිපෝන් ගන්න කලින් අපේ නංඟිගේ වෑන් එකේ ගිය තව ළමයෙක් එක්ක (මගේ වයසේ.. බාල අපරාද නෙවෙයි) ඔය ලියුම් කරදහි කීපයක් නංඟි අතේම හුවමාරු කර ගත්ත.. අනේ මන් ද ඉතින් ඒවත් මොන කැටගරියෙද මන්ද.. හික්ස් බිකිස්
ඔන්න ඔයවගේ පෑනේ මිතුරු කම් කීපයක් ම තිබ්බා.. පස්සේ පස්සේ ඊමේල් වලිනුත් ඊටත් පස්සේ බ්ලොග් වලිනුත් මිතුරු මිතුරියන් සෙට් වුණා.. දැන් ඉතින් මොකට මුද්දර ගහල ලියුම් දානවද.. කොහොම වුණත් ඒ පෑනේ මිතුරු සංකල්පය අභාවයට ගිය එක නම් අපරාදේ.. අනේ මන් ද දැන් ඉතින් මිනිස්සු පෑනේ මිතුරගෙන් හරි කමක් නෑ මොකක් හරි ලාබ ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන නේ ඕව පටන් ගන්නේ.. හැබැයි අවුරුදු 10-12 වගේ වයස් වල ළමයින්ට ඒ වගේ පෑනේ මිතුරෙක් මිතුරියක් ඉන්න එක හරි සුන්දර දෙයක් වෙනව.. අක්කගෙ පොඩි උන් දෙන්නට 2ක් සැට් කරල දෙන්න ඕනේ බලන්න..


















