තනිකමට බයයි... තනිකම දුකක්... තනිවෙන එක පවක්... (ද)? මහ පාරවල් වල, අඟුපිල් වල තනියම හැදෙන පොඩි උන් ගේ හිතට දැනෙන දුකත් එක්ක අපි තනි උනාම දැනෙන දුක දුකක් ද? අපි තනි උනාම අපිට දැනෙන දුක හෙන ආත්මාර්ථකාමීයි කියල හිතෙන්නෙ නැද්ද? මට සතුට දෙන්න වෙන කෙනෙක් මගෙ ලඟ නැති වීම ගැන දුක් වෙන එක හෙන පටු කමක් වගෙයි...
මේ ලෝකේදි මනුස්සයෙක් තනි වෙනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්.. වෙන්න පුළුවන් එකම දේ අවට ලෝකය තමන්ට ඕනේ විදියට වැඩ නොකර ඒ ඒ අයගේ වැඩ කරගෙන ඉන්න එක.. ලෝකයේ ඉන්න බිලියන 7ක සෙනඟක්, අපි දන්න කියන ගහකොල, සතුන්, පරිසරය අපි සමඟ ඉන්නකොට අපි තනිවෙලා කියල හිතන එක සාධාරණ ද? ඔවුන් අපි වෙනුවෙන් මොකුත් නොකර ඉඳියි. නමුත් ඔවුන් හැම මොහොතෙම අපි අවට ඉඳිමින් අපේ තනිකම නැති කරනව නේද කියල හිතිල නැද්ද?
අසනීප වෙලා ගෙදර ඉන්න දවසවල/ඉස්කෝලේ නිවාඩු දවස් වල අම්මයි තාත්තයි දෙන්නම වැඩට යන කොට අඬපු හැටි මට තාම මතකයි.. අම්ම හරි තාත්ත හරි ගෙදරට ආවම දැනෙන සතුට...
මට ඒ තනිකම හරි පාළුව හරි කියන එක දැනෙන එක අඩු වෙලා ගියේ සා.පෙ කරන කාලෙදි විතර...
පස්සෙ පස්සෙ මම තනිකම විඳින්න පුරුදු උනා... ඒක හෙන සිරා කියල තේරුම් ගත්තම හරිම නිදහසක් දැනෙනව.. නිදහසේ හිතන්න.. වැඩ කරන්න... සතුටු වෙන්න පුළුවන්.
මම තාමත් ආස ඩේවිඩ් බෝමන් වගේ තනිවෙන්න..
හැබැයි ඒ තනිකම මනුස්සයෙකුට දරා ගන්න බෑ කියලයි ඉස්සර මට හිතුනේ... මුලු මිනිස් වර්ගයාගෙන් ම ඈත් වෙලා, දන්න කියන ගහකොල,සතුන්,පරිසරයෙන් ඈත් වෙලා සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතර තනිවෙන එක කොහොමට දැනෙයි ද? කිසිම පණිවිඩ හුවමාරුවක් වත් නැතුව.
මේ ලෝකේ බොහෝ මිනිසුන් ඉන්නව තමන්ට කියල කාත් කවුරුවත් නැති. ඒ මිනිස්සුගෙන් සමහරු ඒ තනිකම ආශිර්වාදයක් කරගෙන විශමය ජනක දේවල් කරමින් ජීවිතය සතුටින් ගෙවනවා.. සමහරු තනිකම දුකක් කරගෙන ඒ දුක හිතින් විඳගෙන ජිවත් වෙනවා.. ඒ දුක දරාගන්න බැරි වුණාම ජීවිතෙන් සමුගන්න අයත් ඉන්නවා.
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා.......
කළා වැව ළඟ..... ඉලුක් හෙවනක
මැටි පිළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා
ඔහු තවම තනිකඩ යැයි කියා
මේ පද පෙළ දැකපු වෙලවේ හිතට ආපු දෙයක් මේ..
මේ සින්දුවේ තියෙන තේරුම මේක නොවෙන්න පුළුවන්.. හැබැයි මම ඒක දැක්කේ මේ විදියට...
ටිකක් හිතල බැලුවොත් අපි ලොකුවට දුක් වෙන තනිකම ගැන... අපි දුක්වෙන්නේ තේරුමක් නැතුව කියල හිතෙයි.. අපේ ඇතුලේ ඉන්න, අපි විසින් ම ගොඩනඟාගත් "මම" ව සනසන්න නේද මේ අපි දඟලන්නේ කියල නිකමට වගේ හිතෙයි..
කාත් කවුරුත් නැතුව අසරණ වෙච්ච පොඩි එවුන්ට මේක තේරුම් අරගන්න තේරෙන්නෙ නැති කම නිසා උන විඳින දුක ගැන නම් දැනෙන්නේ මහා දුකක්.. මොනව කරන්නද..
මොනව කිව්වත් ඉතින්... සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි...
මමත් තනිකමෙන් සුන්දරත්වය දකින කෙනෙක්
ReplyDeleteවෙලාවකටනම් එපා වෙනවා
ඒත් තනිය සැපයි
හ්ම්.......... ඒ ගීයනම් මම ආසම ආසම ආසම ලස්සන ගීතයක්... කියන්න වචන නැ
අනේ මන්ද අප්පා..මාරම විදිහට මගෙ හිතට දැනුනා ඔබේ මේ ලියවිල්ල..
ReplyDeleteසිත්තරී මං, තනිය සැප වුණාට එපා වෙන්න හේතුව ගැන තමා මමත් හිතල බැලුවේ...
ReplyDeleteහිරුහිමාවී, හිතට දැනුන දේ ගැන හිතල බලන්න... වෙනස් දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙයි.
තනිකම සුන්දරයි..... ඒත් ඒ තනිකම ටික කාලෙකට නැති වෙලා ආයෙම තනිවෙන්න උනොත් ඒක මහ කාලකන්නි හැඟීමක් !!!
ReplyDelete"මොනව කිව්වත් ඉතින්... සංසාරේ ගෙවන කම්... ඔයා නැතුව මට පාලුයි... "
ReplyDelete++++++++++++++++++++++
මට නම් පෙනෙන්නේ පැතුම් මහත්තයාගේ නෝනා කොහේ හරි ගිහින් ඉන්න වෙලාවක යටලීයේ නාරිලතාමල් පෙනෙන වෙලාවක ලියලා කියලයි..
ReplyDeleteමන් නම් කැමති තනි වෙන්න ඇත්තටම මේ දවස් වල මන් තනිකම අහිමි වීම නිසා කණගාටුවෙන් ඉන්නේ . හැකි ඉක්මනින් ආයි සුපුරුදු තනිකම හොයා ගන්න ඕනේ.
ReplyDeleteමටනම් තනිකම තරම් හොඳ දෙයක් නැහැ කියල හිතෙනවා වෙලාවකට..ඒත්..
ReplyDeleteමධුරංග, එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇති කියල නිකමට හරි හිතල බලල තියෙනව ද?
ReplyDeleteතිස්ස අයියා,
සම්භාව්‍යය ඇත්ත..
සරත් අයියා,
නෝනා නැති වෙලාවක නම් තමා.. ඒ වෙලාවේ තිබ්බේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් හැබැයි...
ම,
සුපුරුදු තනිය නම් මරු.. මට නම් ආයේ ඒක ගන්න බෑ.. හැබැයි තනි නොවිත් ඒ වගේ ඉන්න පුළුවන්..
හිරුහිමාවී,
ඒ සැපය විඳින්න තනි නොවිත් පුළුවන්..