Wednesday, December 21, 2011

ඉංග්‍රීසි සහ සිංහල අපි

              මේක අපි හැමෝම වගේම ගොඩක් වෙලාවට කතා බහ කරන... හැමදාම විසඳුමක් හොයන ප්‍රශ්නයක්.. මේක ප්‍රශ්නයක් නොවන අය සාමාන්‍යයෙන් ඉන්නෙ ගොඩක් අඩුවෙන්... හැබැයි මෙතන ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද? පහුගිය දවස් ටිකේ මම මුහුණ දුන්න පොඩි සිද්දියක් නිසා තමයි මේක ලියන්න හිතුණේ..

              මම වැඩ කරන ස්ථානයට අලුතෙන් කෙනෙක් ව ගන්න පොඩි ඉන්ටර්විව් වගයක් තිබුණා.. තාක්ෂණික පැත්තේ ඉන්ටර්විව් එක කළේ මම... ඔක්කොම ඇවිත් තිබුණේ උපාධීධාරි අය... රටේ පිළිගත් විශ්වවිද්‍යාල වල දක්ෂකම් දක්වල විවිධ ස්ථාන වල කලක් වැඩ කරපු අය තමයි ගොඩක් හිටියේ... සම්මතයක් වශයෙන් අපේ රටේ ඉන්ටර්විව් තියෙන්නෙ ඉංග්‍රීසියෙන් නිසා මේකත් අපි කළේ ඉංග්‍රීසියෙන්... එහෙම කරන්න හේතුව තමයි අපි කරන සෑම වැඩක් (කතා බහ හැර) ඉංග්‍රීසියෙන් කළ යුතු නිසා ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කිරීමත් එක අරමුණක් වුණා.. විදේශීය සමාගම් සමඟ කෙලින් ම සබඳතා පැවැත්විය යුතු නිසා ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව අපි කරන මෘදුකාංග හදන වැඩ වලදි අනිවාර්යයි. කඩ්ඩ පොලිෂ් වෙන්නම ඕනේ නෑ.. හැබැයි කඩුවෙන් යමක් කර ගන්න(කොස් කොටන්න) හරි පුළුවන් වෙන්න ඕනේ...
ගොඩක් අයට සාමාන්‍ය මට්ටමින් තාක්ෂණික පැත්තේ දේවල් ටික තේරෙන විදියට පැහැදිලි කරගෙන සාකච්චාව දිගට ගෙනියන්න පුළුවන් කමක් තිබුණා..

ආපූ අය අතරින් දෙන්නෙක් හැසිරුණු විදිය මම කියන්නම්...

             පස්සේ දවසේ ආපු එක්කෙනෙක් ගේ ඉංග්‍රීසි හැසිරවීම අනිත් අයට සාපේක්ෂව ටිකක් දුර්වල ගතියක් (මටත් වඩා දුර්වල) ගතියක් තිබ්බා... මම අහපු සරල තාක්ෂණික ප්‍රශ්නයක් පැහැදිලි කරන්න එයාට ටිකක් අමාරු වෙලා එකපාරටම මගෙන් ඇහුවා ඉස් ඉට් ඕ.කේ ටූ ස්පීක් ඉන් සිංහල කියල... මම කිව්වා කිසි ප්‍රශ්නයක් සිංහලෙන් කතාකරමු කියල...පස්සේ අපි දෙන්නා දිගටම කතා කළේ සිංහලෙන්...

              සිංහලෙන් කතා කරද්දි වඩා පැහැදිලිව ඒ මල්ලි ප්‍රශ්න වලට උත්තර දුන්නට අපිට තිබුණ මූලික අවශ්‍යතාවයක් වෙච්ච විදේශීය  ජාතිකයින් සමඟ කටයුතු කරන එක අනිවාර්‍ය නිසා එයාව ඉවත් කරන්න සිද්ද වුණා..

               ඊට පස්සේ ආව තව එක්කෙනෙක්, එයා මුල ඉඳල අවුලක් නැතුව ඉංග්‍රීසියෙන් වැඩේ ගොඩ දාගෙන ආවා.. හරියටම මම එදා අර මල්ලිගෙන් අහපු ප්‍රශ්නෙදිම මිනිහත් මගෙන් ඇහුවා කැන් අයි එක්ස්ප්ලේන් දිස් ඉන් සිංහල කියල... මම කිව්වා කිසි අවුලක් නෑ කියන්න කියල.. මිනිහ ලස්සනට අදාල දේ සිංහලෙන් උදාහරණ සහිතව පැහැදිලි කරල නැවත් ඉංග්‍රීසියෙන් වැඩේ කරගෙන ගියා...

එකම ප්‍රශ්නෙකට දෙන්නෙක් දෙවිදියකට මුහුණ දුන්නේ ඔන්න ඔහොමයි...

             අපේ මූලික අවශ්‍යතා 2කම මේ දෙන්නගෙන් හරියටම ඉටු උනේ නෑ.. ඒ කියන්නේ තාක්ෂණික දැනුම සහ ඉංග්‍රීසි භාවිතය කියන දේ පිළිබඳව දෙන්නගෙම ගැටළු තිබුණා නමුත් එකම ගැටළුවට මුහුණ දුන්න විදියේ තියෙන වෙනස නිසා එක්කෙනෙක් වඩා සාර්ථක උනා.

              තාක්ෂණික දේවල් සහ අනෙකුත් බොහෝ දේ වලදි අපි මේ නොදන්නා භාෂාවකින් නොදන්නා දේවල් ඉගෙන ගෙන අමාරුවෙන් ගැට ගහ ගහ ඒවා තේරුම් ගන්නයි.. තේරුම් කරන්නයි දඟලන දැඟලිල්ල ගැන හිතල බැලුවහම අපි රටේ සහ අනෙකුත් ඉංග්‍රීසී සිය මව් භාෂාව නොවන රටවල වෙසෙන අය උපතින් ම ඉංග්‍රීසි කතා කරන මිනිසුන්ට වඩා ඉහල බුද්ධි මට්ටමක ඉන්නව වගේ කියල මට හිතුණා...

               පරිගනක භාෂාවක් හෝ අදාල තාක්ෂණික දේවල් සිංහලෙන් ඉගෙන ගන්න හදන එක තේරුමක් නෑ.. කවුරු කොහොම කිව්වත් ඒ දේවල් අපිට ඉගෙන ගන්න වෙන්නේ ඉංග්‍රීසියෙන් සහ භාවිතා කරන්න වෙන්නේ ඉංග්‍රීසියෙන්... හැබැයි අපේ ඔළුවෙන් අපි ඒ දේවල් තේරුම් ගන්නේ සිංහලෙන්... මොකද අපි හිතන්නේ සිංහලෙන් නිසා... සිංහලෙන් තේරුම් අරං නැවත ඉංග්‍රීසියෙන් එළියට දාන්න ගියාම අපිව අනාත වෙනවා.. එතකොට අර අමාරුවෙන් තේරුම් ගත්ත දේට වඩා අපේ ඔලුවෙ තියෙන්නේ කොහොමද මම මේක ගැටගහ ගන්නේ කියන එකනේ...

              මම හිතන විදියට මේ ඉංග්‍රීසි සහ සිංහල අපි අතර තියෙන ගැටුමට තියෙන හොඳම විසඳුම තමයි ඉංග්‍රිසියට විරුද්ධ නොවී අපි පුලුවන් විදියට ඉංග්‍රීසි ඉගෙන ගෙන වැරදි වැරදි හරි ඉංග්‍රීසි භාවිතා කරන එක. ලැජ්ජාව හෝ සවුත්තු වීම හෝ කියල දෙයක් අපි අපේ ඔළුවට දාගෙන මඟ අරින්න, ලිස්සල යන්න ට්‍රයි කරන්නෙ නැතුව දන්න විදියට ඉංග්‍රීසියෙන් වැඩ කරල අවශ්‍ය ඕනෑම විටකදී සිංහල භාවිතා කරල අපේ වැඩ ටික සාර්ථකව කරගන්න එක.. බොහෝ වෙලාවට නිවැරදිව ඉංග්‍රීසි උගත් සහ බුද්ධිමත් අය සහ ඉංග්‍රීසි මව් බස වෙච්ච විදේශිකයින් අපි අතින් වෙන ඉංග්‍රීසි අඩුපාඩු ගණන් ගන්නේ නෑ... සිංහල එකෙක් එක්ක සිංහලෙන් කතා කරන්න කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න ඕනෙත් නෑ නේ.

             අපිත් එක්ක ඉන්න බොහෝ(90%) අය ඉංග්‍රීසි කතා කරන කොට ඕනේ තරම් වැරදි කරනවා (ගොඩක් වෙලාවට ඔය පොෂ් පවුල් වල ඉන්න අවුල් ඩයල්) නමුත් කිසි ප්‍රශ්නයක් නෑ නේ අවශ්‍ය වැඩේ කෙරෙනව නම්... අපි ඉංග්‍රීසි දන්නේ නෑ කියල පස්ස ගහල ඉන්නේ නැතුව දන්න ඉංග්‍රීසි සහ දන්න සිංහල දාල අපේ වැඩේ කරගන්න ආකල්පය අපිට දියුණු කරගන්න පුළුවන් නම් ඉංග්‍රීසිත් එක්ක අපිට ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්... අපේ ජීවිත ඉංග්‍රීසි නිසා පස්සට යන්නෙ නෑ.. හැබැයි ඒකට අපේ ඔළුවේ තියෙන පුහු මාන්නය සහ ලැජ්ජාව ටිකක් අඩු කර ගන්න වෙනවා.

              ලොකු ටෝක්ස් දැම්මට මගෙත් කඩ්ඩ අන්තිමයි. හැබැයි මගේ ලැජ්ජා බය දෙකම නැති වෙලා නිසා ඕනේ තැනක බයක් නැතුව ඕනේ එකක් කියල මට අනුව පොරක් සහ ඌට අනුව චාටර් පොරක් වෙලා එන්න තරම් පුරුෂ අරක මට තියෙනවා... ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් මම කිව්ව දේ ගැන අනිත් මනුස්සය හිතන්නේ මොකද කියන එක ගැන හිතන්නේ නැතුව ඉන්න මට පුළුවන් කම තියෙනවා.. මොකද අපිට අනිත් අය හිතන දේ ගැන හිතනවට වඩා වැඩ තියෙනවනේ මේ ජීවිතේ කරන්න.

Saturday, December 10, 2011

මම කියවන බ්ලොග් එකක්...

මම කියවන බ්ලොග් අතරින්... මගේ හිතට අල්ලපු මේ බ්ලොග් එක ගැන පොඩි දෙයක් ලියන්න හිතුණා.... මේ කතා අපි හැමෝටම වැදගත් නිසා..සෙන් කතා කියවන්න අපි හැමෝම කැමතියි... (හැමෝම කොහොම ද දන්නෑ .. මම නම් හෙන කැමතියි)... මේ පුංචි කතා වලින් අපේ ජීවිත වලට ගන්න බොහෝ දේ තියෙනවා... බොහෝවෙලාවට හතර පෝයට සිල් අරන් (මම අරන් නැති නිසා හරියටම දන්නේ නෑ.. උදාහරණයක් පමණි) අපි ඉගෙන ගන්න දේවල් වලට වඩා දේවල් මේ පුංචි කතාවල තියෙනවා....

අපේ දැකීම වෙනස් කර ගන්න මේ පුංචි දේවල් වලින් ලැබෙන උදව්ව හරීම වැදගත්... සම්මා දිට්ඨිය ඇති කරගන්න පල්ලියෙනුත් පුළුවන් කියල මට හිතුණා(බොහෝම කාලයක් තිස්සේ හිතිල තිබ්බට ප්‍රසිද්ධියේ කිව්වෙ අද...)... නිකමට කියවල බලන්න... (ඇඩ් එකක් ,කඩේ යාමක්,ආගම් වාදයක් වැනි මෝඩ ආතල් එකක් ගැනීමට පෙර කියවා බලන්න.)

http://sinhala-catholic.blogspot.com/

මා කියවන අනිත් බ්ලොග් අයිතිකරුවන් හිත් අමනාප කර නොගනීවා... මෙය හුදෙක් මා දුටු සරල විශේෂත්වයක් ඔබ සැම සමඟ බෙදා ගැනීමක් පමණි...

Friday, November 18, 2011

පන්තිය පිටින් පැන යාම...

ඉස්කෝලෙන් පනිනව කියන එක තරම් ආතල් වීරක්‍රියාවක් නම් ඉස්කෝලෙ කාලේ කොල්ලෙකුට වෙන නැතුව ඇති... ඊට පස්සේ ගෙදර ගිය වෙලාවේ ඉඳන් පණ බයේ ඉන්න වෙන එක වෙනම කතාවක්..හැබැයි පස්සේ කාලෙක නම් ඊට වඩා ආතල් එකක් වෙන නෑ...  මම උ.පෙ ට එනකම් නම් ඒ වගේ ඇඩ්ඩ්වෙන්චර් කරල නෑ.. ඔය ස්පෝට් මීට් දවස් වලට .. ටීචර්ලගෙ රැස්වීම් දවස් වලට ෂේප් එකේ මාරු වෙලා ගිය දවස් ඇර.. උ.පෙ කාලේ නම් සිස්‍ය නායකයෝ පස්සෙන් එලවගෙන එනකොටත් දූවගෙන් ගිහින් තාප්පෙන් පැනල දුවල තියෙනවා... හික් මේක දැනුත් හිනා... කකුල් උළුක් වෙන තරම් උස තාප්ප වලින් ගේමක් නැතුව පැනල.. අනුන්ගේ වතු උඩින් පැන පැන.. දුවන එක... හප්පා... එහෙම සැපක්..

මේක උනේ 13-බී එකේ ඉන්නකොට ... 8ට ඉස්කොලේ පටන් ගන්න දවස් වල මම ඉතින් 7.30-7.45 වෙනකොට යනවා.. 2කේ කෑල්ලේ යන නිසා කොහොමත් වෙලාවට යැවෙනවා.. 2කේ කෑල්ල කිව්වේ ඉස්සර කඩුවෙල ඉඳන් ගම්පහට යනකම් දාල තිබ්බ ප්‍රයිවට් බස් එකක්.. ඒකේ ගන්නේ ඉස්කෝලේ ළමයි විතරයි... ටිකට් එක රු 2යි. පස්සෙ ගාන ටිකක් වැඩි උණා.. ලොකු අයගෙන් 5ක් ද කොහෙද ගත්තා.. හැබැයි බස් එකේ නම 2කේ කෑල්ල...

ඔන්න දවසක් පන්තියට යනකොටම එකෙක් කිව්වා..අඩෝ නේවින්දලගේ ආච්චි මැරිලා.. මොකො කියන්නේ යමුද? තව කවුද යන්නේ.. අපි සෙට් එකම යනවා... එල මම රෙඩි.. මේ උඹල මොකෝ කියන්නේ යනවද නැද්ද... අඩෝ ඔක්කොම ගියාම කවුරුත් නෑනේ පන්තියේ...පන්තියේ හිටිය කියල මක්කරන්නද බන්..උඹල ඉගෙන ගන්න උන් යෑ වරෙන් යන්න... එල.. මේකයි ප්ලෑන... එකා එකා හෙමින් හෙමින් පිට්ටනියේ ගේට්ටුව ගාවට යමන්... බෙල් එක ගහන්න කලින් ගේට්ටුවෙන් පැන ගන්න ඕනේ..නැත්නම් සිකුරිටි අංකල් ගෙන් කචල්.. එල එල.. එහෙනම් දැම්මම එකා එකා යමල්ලා.. යකෝ තව විනඩි 5යි තියෙන්නෙ.. මේ තොපි එන්නෙ නැද්ද ගෑනූ වගේ ඇඹරෙන්නේ... මේ එන එකෙකුට එන්න කියල අපි යං බන් නැත්නම් එකෙකුටවත් යන්න වෙන්නෙ නෑ...

කොහෙද කොහෙද කට්ටිය මේ යන්නේ... යන්න දෙන්න බෑ... අංකල් මේ අපේ යාළුවෙකුගේ ආච්චි මැරිල අපි යන්නම ඕනේ... මේ මේ එහෙම යන්න දෙන්න බෑ.. කෝ කෝ ඔය එලියට ගිය අය මෙහෙ එනවලා.. අංකල් මේ පිස්සු කෙලින්නෙ නැතුව ඉන්න... අපි යනවා... අංකල් කියන්න දැක්කේ නෑ කියල..ඉවරයි නේ.. අද ඉගෙන ගන්න බෑ.. ටීචර්ලත් නිවාඩු.. තේරුමක් නෑ ඉඳල.. පිං සිද්ද වෙන වැඩනේ... ඔන්න ඔහේ අංකල් අහක බලා ගන්න... හික් හික් අංකල් පව් ඉතින්... කොහොම හරි අපි ඔක්කොම එළියේ..  එළියට බැහැපු ගමන් ඉතින් විදුලි වේගෙන් ඉස්සෙලම එන බස් එකේ එල්ලුනා..

කොහොම හරි බස් 2ක 3කට මාරු වෙලා මළ ගෙදර ගියා... වෙලාව 9-10ට ඇති.. ඊට පස්සේ බුලත් විටක් කාල..ඕමී අතක් ගහල... කැරම් අතක් ගහල බිස්කට් පෙට්ටියක් 2ක් බීම බෝතල් කේස් 1ක් 2ක් ඉවර කරල 2 වෙද්දි එන්න ලෑස්තිය... මොකද උදේ වරුවේ මොනව කලත් හවස වැඩ ටික වෙලාවට කරන්න ඕනෙ නේ... ඒ කිව්වේ කලින් දා ගත්ත ඇපොයින්මන්ට් වගේ ඒවා...

කොහොම හරි ආපහු ගම්පහට එන්න තියෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහින් නේ... අන්න කට්ටිය දැන් ටිකක් බයයි.. මොකද ඒ දවස් වල තමා අපේ හඟුරන්කෙත චන්ද්‍රරතන හාමුදුරුවෝ විනය බලන්න බාරගෙන හිටියේ... හාමුදුරුවෝ හිටපු ගමන් වෑන් එකක් අරන් ගිහින් ගම්පහ ටවුමේ ඉන්න උන් ව අල්ලගෙන වෑන් එකේ දාගෙන එනවා.. හාමුදුරුවොත් එක්ක සෙල්ලං නෑ.. හොඳට හොඳයි..නරකට නරකයි... ඔය බයත් හිතේ තියාගෙන හූනෝ වගේ බස් එකේ එනව ඉතින්.. පෙර පිනකට ඉස්කෝලේ ගාවින් යනකොට අවුලක් උනේ නෑ... හැබැයි වෙලාව 1.30 විතර නිසා ටිකක් බයයි හාමුදුරුවෝ ටවුමේ ඇති කියලා...  අඩෝ ටවුමට යන්නෙ නැතුව ඉස්පිරිතාලේ ගාවින් බහිමු... බෑ බෑ.. අද පන්ති... තොපි ඉස්පිරිතාලේ ගාවින් බැස්සට @$$$&#$තෝ අපි යන්න එපෑ ටවුමට.. #$# වැඩ කරන්නේ නැතුව කට්ටියම ටවුමට යමු.. අහු උනොත් ඔක්කොම නේ... එල ඕනේ එකක් වෙන්න යමු බන්... හැක්.. පුරුෂ දයිරිය කියන්නේ ඔන්න ඕවට...

එදා නම් අපිට පැනල යන්නම තිබිච්ච දවසක් වගේ ටවුමෙදිත් මටයි,දිනේෂයටයි නම් අවුලක් උනේ නෑ..අපි දෙන්නත් හොඳ ළමයි වගේ තිබිච්ච කඩුවෙල බස් එකකට නැඟල ඔලුව එහෙම පාත් කරගෙන ඉතින්.. හැංඟිලා වගේ හිටිය..

කොහොම හරි ඉතින් ගෙදරත් ඇවිල්ල.. මම වීර ටෝක් එක දුන්න අම්මටයි තාත්තටයි.. හික් හික්.. අනේ කොල්ලෝ.. මේ විභාගෙ අස්සේ කරන වැඩද? දැන් ඉතින් හෙට ඉඳන් පන්ති තහනම් කරයි.. ඉතින් හොඳයි නේ අම්මේ.. එතකොට අපිට ගෙදර ඉන්න පුලුවන් නේ.. හික් හික්.. තාත්ත ඉතින් ෆිට් එකනේ.. පන්ති තහනම් කලොත් තාත්ත එනව නේ.. නේද..... මම ඉතින් තාත්තට බටර් ටිකක් ගාල කරේ එල්ලුනා..

දැන් සීන් එක තියෙන්නෙ පහුවදා ඉස්කෝලේ යන එක...  සුපුරුදු පරිදි 2කේ කෑල්ලට නැඟල බයවෙමින්.. පොර ටෝක් දෙමින්.. පොඩි උන්ට චන්ඩි වෙමින්..කෙල්ලන්ට ලයින්(ලයින් දාන්න තරම් සිරා කෙල්ලෝ නම් 2කේ කෑල්ලේ සිටියේ නැත) දමමින්.. ඉස්කෝලෙට ගියා..

වෙනසක් නෑ.. පන්තිය සාමකාමීයි.. අඩෝ අරුන් ටික පන්තියේ ඉඳල නේ බන්.. $$%#@$ #$@$# නේ බන්..  මොකෝ උනේ..ලේනා (කෙමිස්ට්‍රි සර්)ආවද? බර්ටිය (ෆිසික්ස් කරපු පන්ති බාර සර්)නිවාඩු නේද ඊයේ..කාන්ති අක්ක(අංස භාර මිස්) අවුලක් නෑ නේද...

ඊයේ කොහෙද තමුසෙලා ගියේ... හේමචන්ද්‍ර සර්(ලේනා) එකපාරටම පන්තියට ඇවිත් ඇහුවා... අදත් යනවලකෝ අපිටත් විවේකයක් ගන්නත් එක්ක...  තමුසෙලා කරන විභාග..

ඊයේ මළ ගෙදරක ගියාළු නේද? අනේ මන් ද මටත් රස්සාව නැති වෙනවා ඕයි තමුසෙලගේ මේ වැඩ වලින්... පන්ති බාර බර්ටි සර්...

සංජීව, දමිත්, තමුසෙල නම් කවදාවත් හදන්න බෑ... මුළු පන්තියම නරක් වෙනවා... වැද්දා සහ සංජීවයා සමඟ කවදත් කචල් කාන්ති මිස්...

කට්ටියම යනවල ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකට...


(බැනුම් වල සාරාංශයක් පමණි)
...........................................................................................................................................................
...........................................................................................................................................................
...........................................................................................................................................................

...........................................................................................................................................................
...........................................................................................................................................................
...........................................................................................................................................................

...........................................................................................................................................................
...........................................................................................................................................................
...........................................................................................................................................................

...........................................................................................................................................................
...........................................................................................................................................................
...........................................................................................................................................................

...........................................................................................................................................................
...........................................................................................................................................................
...........................................................................................................................................................

දැඩි අවවාදා රැසකින් පසු නිදහස් කරනු ලැබීය... පන්තියේ නතර වූ 4 දෙනා අපි කවරුවත් අද ආවේ නෑ යන නිදහසට කාරණාව කියා අපව බේරා ගෙන තිබිණි... නම් රෙජිස්ටරයේ 0 දමා වැඩේ ගොඩ ගියේය..

සැබෑ පන්ති තහනම සහ 13-බී බා වූ හැටිත් මතක් වෙනව අප්පා... ඒක පස්සේ වෙලාවක...

































Wednesday, November 09, 2011

මගේ Star Gate බැලීම...

මේක මම බලන්න අරන් දැන් අවුරුදු 4ක් විතර ඇති.. සීසන් 5ක් විතර බලල අවුරුදු 2ක් විතර නොබල හිටියා.. මොකද ඔක්කොම කොටස් ටික නැති කම සහ එක එක වැඩ නිසා... දැන්  SG 1 සීසන් 10ටම අදාළ කොටස් සහ Star Gate Atlantis, Star Gate Universe ඇතුළු මෙතෙක් මේ සම්බන්ධව නිපද වූ සියළු කතා එකම වහලක් යටින් ගන්න පුළුවන් විදියට මට ලැබිල තියෙනවා.. අපේ අමිල මල්ලිට පිං සිද්ද වෙන්න... 

මේක හෙන පරණ කතාවක් නිසා දැන් කාලේ අය (ඒ කියන්නෙ හෙනම උන නැති අය වගේ අය) වැඩිය බලන්නෙ නැති කතා මාලාවක්... ඉඳල හිටල කෙනෙක් තමා මට නම් සෙට් වෙන්නේ මේකට කැමති...

කතාව ගැන සරලව කිව්වොත් පුරාවිද්‍යා කැනීමකින් හොයා ගන්න  Star Gate නමින් හඳුන්වන උපකරණයක් මඟින් විශ්වයේ තියෙන විවිධාකාරයේ ග්‍රහලෝක වලට ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ගමන් කිරීමට හැකියාව ලබන මිනිස් කණ්ඩායමක් සහ ඔවුන්ට හමුවන විවිධාකාර ජීවකොටස් අතර සිදුවන සිද්දි මාලාවක් තමා කතාව පුරාම තියෙන්නෙ... ඒ කියන්නේ මේකේ තනිකරම තියෙන්නෙ දැනට අපි දන්න දේවල්වලට අනුව නම් හෙනම බොරු ගොඩක්... 

හැබැයි ඕනෑම මොහොතක ඇත්ත වෙන්න පුළුවන් බොරු ගොඩක් (මේ මට හිතෙන හැටි)... ඒ කියන්නේ මම අර I Want to Believe ජාතියේ කෙනෙක්...

1994 පටන් අරන් 2011 වෙනකම් අවුරුදු 17ක් තිස්සේ එක එක විදියට මේ කතා මාලාව හැදිල තියෙනවා..2011 න් පස්සේ නම් ස්තීරෙටම ආයේ මොකුත් හදන්නෙ නෑ කියල හදපු අය කියල තියෙනවා.. මොකද රේටින්ස් අඩුයි කියල...

මේ දැනුත් එකෙක් චැට් එකට ඇවිල්ල චාටර් එකක් දාල ගියා පරණ චාටර් කතා බල බල ඉන්නෙ නැතුව අලුත් එකක් බලපන් කියල... හික්... මේක ලියල දාන්න හිතුනේ ඒකයි... මම ම හිතුව මොකෝ මේ පරණ කතාවක් නිදිමරාගෙන බලන්නේ කියල... 

මේක ඇතුලේ තියෙනවා ෆැන්ටසි වල යන්න පුළුවන් උපරිම සීමාවටම වගේ තියෙන අදහස් ගොඩක්... ඒ කියන්නේ පට්ටපල් බොරු..නැත්නම් ගජබින්න ලෙවල් එකේ කතා.. හැබැයි ඒ හැම බොරුවම අපි අදවෙනකම් දන්න විද්‍යාවෙන් පැහැදිලි වෙන විදියට මේක හදල තියෙනවා..

ඒ කියන්නේ ඕනේ බොරුවක් විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්... සරලව කිව්වොත් විද්‍යාව බොරුවක් වෙන්න පුළුවන් කියන එක ලස්සනට මේක ඇතුලෙන් පැහැදිලි වෙනව... සරල ගනයේ යුද්ධ, ආයුධ,අන්තර්ග්‍රහලෝක දේශපාලනය වගේ හුදී ජනයාට හරියන විදියේ කතා ඇතුළේ අර වගේ විජ්ජා කෑලී හෙන ගොඩක් ලස්සනට ගලපල තියෙනවා..

විද්‍යාවයි බොරුවයි ඇරුනම මේකේ මොනවද තියෙන්නේ...

18ට වැඩි කෑලී නෑ... (එකම එකක් ද කොහෙද සීසන් 1 හෝ 2 වල තිබ්බා)

බොහෝම සියුම් විදියට අපි වන්දනා කරන බෞද්ධ දර්ශනය ඔවුන් මේ කතා මාලාව පුරාම ගෙනියනවා... ඒක හැබැයි තනිකරම ආගමකින් තොරව මනුෂ්‍යත්වය පදනම් කරගෙන කතා මාලාව පුරාම තියෙනවා... ඒ කියන්නේ අපි වඳින දේ ඔවුන් නිර්මාණශිලීව මිනිසුන් අතරට ගෙන යනවා... 

බොහෝම හොඳ මානුෂික ගුණාංග, උත්සාහය, කැපවීම, මොලෙන් වැඩ ගැනීම,ස්තානෝචිත මොලේ වගේ අපි දන්න බොහෝ දේවල් නිර්මාණශීලීව හදල තියෙනවා...අපි ඒව දන්නව විතරනේ... 

ඊටපස්සේ හාස්‍ය කියන එකත් හරි සියුම් විදියට කතාව පුරාම තියෙනවා...

ඔන්න ඔය කියන බොහෝ දේ සහ ඉස්සර කාටූන් වල දැක්ක ෆැන්ටසි අදහස් ඇත්ත වගේ හදල තියෙන එක තමා මම මේක බලන්න තියෙන ප්‍රධානම හේතුව...

ගොඩක් ඉංග්‍රීසි කතා මාලාවල් මේ කාලේ අය අතර ජනප්‍රිය වෙන්න හේතුව ඒ හැම එකකම මිනිස් හැඟීම් බොහෝම සියුම්ව  අපේ හිත් වලට කාවදින විදියට ඉදිරිපත් කිරීම වෙන්න ඇති... ඒ කියනේ මිනිස්සුන්ට පොත පතින්, ආගමෙන් නොදැනෙන සංවේදී කමක් තමා සහ අන් අය ගැන සිතිය යුතු දේ ගැන ඉන්ඩිරෙක්ට් විදියට ඉදිරිපත් කිරීම ගොඩක් කතා වලින් වෙනවා...(මම නම් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා)

කොහොමත් තව වැඩිම උනොත් තව අවුරුද්දක් 2ක් මෙව්ව බල බල ආතල් එකේ ඉන්න පුළුවන් වෙයි... තාම මාස 6 නේ... ඊට පස්සේ 2-3-4 වුනොත් එහෙම මෙව්ව බල බල ඉන්න වෙන්නෙ නෑනේ.. ආයේ ඉතින් අර මම හැමදාම කැමති පැන්ෂන් ජීවිතේදි තමා ඉතින් මොකක් හරි බලා ගත්තොත්... හික්.. එච්චර කල් නම් අල්ලල හිටින එකක් නෑ.. 

ඊට කලින්... අනේ ඔය කවුරු හරි පුරා විජ්ජා මහත්තයෙක් මේ වගේ Star Gate එකක් හොයා ගනීවා කියල තමා මගේ නම් පැතුම...















Tuesday, November 01, 2011

අපි Time Travel කළ හැටි...

අපව අනාගතයට රැගෙන ගිය අපූර්ව සිදුරේ කතාව...

                        කාල තරණය.... කරන්න පුළුවන් වැඩක් ද? පුළුවන්...  හික් හික්...  බ්ලැක් හෝල් වලින් ඕක කරන්න පුළුවන් ලු නේ... හික්.. ඉතින් මේකත් ලාවට බ්ලැක් හෝල් එකක් නේ.. මේකෙනුත් ඕක කරන්න පුළුවන්... අපි කොළා....

                        හරි කොහෙද ඔය හිල තියෙන්නෙ...? අන්න දැන් මම මේ හදන්නේ ඕක තියෙන තැන ගැන කියන්නයි...... මේකෙන් කාලතරණය කළ අය මේ අවටත් ඉන්නව ඇති... විස්තර ටිකක් කියනකොට සමහරුන්ට මතක් වෙයි...

                        මේක තියෙන්නේ ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලේ විද්‍යා අංසෙ 2වෙනි තට්ටුවේ 12 E /12 F කියන පංති දෙකෙන් එකක (මතකෙ පොඩ්ඩක් අවුල්) සිවිලිමේ.... ඒ කියන්නේ කොන්ක්‍රීට් එක විදපු හිලක්...ඉස්කෝලේ මල්ලිල ඉන්නවනම් පොඩ්ඩක් ගිහින් බලන්න තාම ඇති... දැනට අවුරුදු 2කට විතර කලින් නම් තිබ්බා...(මම මේක ගන්න කොට)

                        1999-2000 වගේ කාළේ ඒ කියන්නේ මම උපෙ කරපු කාලේ අපේ ඉස්කෝලේ තිබුණ හෙන ප්‍රදර්ශනයක්... 80 වෙනි හෝ 85වෙනි හෝ 75වෙනි හෝ වගේ හෙන ප්‍රදර්ශනයක්...(හරියටම මතක නෑ) අපි හිටියේ 12B එකේ... ගනන් අංසේ.. ප්‍රදර්ශනේ ගැන නිවුස් එක කිව්වහම අපිත් මොකක් හරි කරන්න එපෑ කියල කස්ටිය හිතන්න පටන් ගත්තා....

                         වටේ පිටේ උන්ගේ අදහස් හොරකම් කරන්න බැලුවා.. එහා පංතිය ඒ කියන්නේ 12A එකේ උන් ඩයිනෝසරයෙක් හදනවලු.... අපිට කොහොමත් ගේම තිබ්බේ උන් එක්ක විතරයි.... බයෝ ක්ලාස් වල උන් එක්ක අවුලක් තිබ්බේ නෑ.. ගණන් කරන උන්ට හිටියේ අපේ පංති 2ක විතරද කොහෙද... 12C එකේ උන් නම් මොනව කලා ද මන් ද.... මතකත් නෑ...

                           එක එකා එක එක අදහස් කියනවා....එහා පැත්තේ ඩයිනෝසරයට ඉන්න කැලෑවක් හදමු.... අපිත් හදමු තව ඩයිනෝසරයෙක්.... කාර් එකක් හදමු ද? අඩෝ සිරාවට කාර් එකක් හදමු... හොඳට රවුම් කරපු කැබ් එකක් වගේ එකක්... ඒක හරි යන් නෑ... එෆ්.එම් චැනල් එකක් කරමු... අපෝ ඒක වැඩක් නෑ... ඒව චාටර් වැඩ නේ බන්...  හරි සිරා වැඩක් තියෙනවා.... අපි හදමු ගුවන් විදුලියේ විකාශය පෙන්නන එකක්.... ඒ මොකක් ද %#&@##@@#තෝ ඒ... කොහොමද එහෙම ඒව හදන්නේ...  හරි මෙහෙමයි... අපි මුලින් ම හදපු රේඩියෝ එකේ ඉඳන් දැන් වෙනකම් තියෙන රේඩියෝ ගැන විස්තර ඔක්කොම තියෙන කුටියක්... හප්පා ඕව වැඩක් නෑ ඕයි... මොකක් හරි වැඩ කරන එකක් හදන්න ඕනේ... ඔය කුටි බලන්න මිනිස්සු එන්නෙ නෑ... අනේ තොපි වගේ මෝඩ %&$#@$#$ලා එක්ක මේක කරන්න බෑ...

අදහසක් නෑ.. කට්ටිය සී සී කඩ....

හවස ඉතින් සුපුරුදු පරදි ගෙදෙට්ට වෙලා කාටූන් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නවා.... මොන පාඩම් ද අනේ...පිස්සු ද මන් ද...ඔන්න කාටුන් එකේ පෙන්නනව සිරා සීන් එකක්... එකේ ඉන්න එක බුවෙකුට තියෙනව පොඩි අමුතු ගැජට් එකක්.. ඒකෙන් පොරට පුළුවන් ඕනේ වෙලාවට අතීතෙට අනාගතේට යන්න... (කාටුන් එකේ නම මතක නෑ... හෙන ප්‍රසිද්ධ එකක් නම් නෙවෙයි ද කොහෙද)

ඕං ඉතින් නැනෝ මීටර් වෙලා තිබ්බ මගේ මීටරේ පොඩ්ඩක් වැඩ කරන්න ගත්තා... මේ තියෙන්නෙ පට්ට අදහසක්... ගත්ත කොලයක් ගැහුව ප්ලෑන් එකක්... හෙට එලිවෙනකම් ඕං නින්ද ගියෙත් නෑ...

අඩෝ මේ අපි හදමුද ටයිම් මැෂින් එකක්... හුටා.. මේ %#$#$#$ ට මේ මොකක් වෙලා ද කොහොමද බන් ටයිම් මැෂින් හදන්නේ... මේකයි අදහස... අපි හදමු පොඩි මැෂිමක්.. එක්කෝ අනාගතේට හරි අතීතෙට හරි යන්න පුළුවන් විදියට... එල... ඒක නම් එල...  අතීතෙට යවල අරුන්ගේ ඩයිනෝසරයට ගේමක් දෙමු... කොහොමත් ඔය ඩයිනෝසර්ලව වඳ කරන්න ඕනේ... එල මම කැමතියි ඒ වැඩේට...

අතීතේ වැඩක් නෑ බන් අනාගතේ හදමු... සිරා ඒව ටිකක් හදන්න පුළුවන්... එල එල... ඔව් ඔව් අතීතය සිහිනයක් පමණායි.......... හරි දැන් කොහොමද මැෂිම හදන්නේ... හික් හික්... පොඩ්ඩක් හිටු...  මෙන්න ප්ලෑන.... යකඩෝ මේ මොකක් ද මේ... අඩෝ මේ බලපල්ලා මූට මඤඤං ද කොහෙද... අඩෝ අඩෝ ඒක සිරා... මේ වගේ එකක් හදමු... එල එල...

අයිඩියාර් එක සහ ප්ලෑන කට්ටියට අනුමත වුණා...

වැඩේ කෙරිච්ච හැටි.... අද කරපු වැඩ ගැන සුද්දට මේල් එකක් දැමීමෙන් පසුව බලාපොරොත්තු වන්න..
------------------------------------------------------------------------------------------------------------
ඊට පස්සෙ තිබ්බේ ප්ලෑනට අනුව යන්තරේ හදන එක...  මට ඕනෙ වුණා සිරා ඩෑෂ් බෝඩ් එකක් හදන්න.. ඒ කියන්නෙ ඔය ප්ලේන් වල / ස්පේස් නැව් වල තියෙනව වගේ කෑලී බෑලී ගොඩක් තියෙන බොරු ෂෝ එක උපරිමෙන් තියෙන ඩෑෂ් බෝඩ් එකක් හදන්න... මම ඉතින් ඒක බාර ගත්තා...

ඊට පස්සේ සීන් එක තිබ්බේ කාල තරණය කරන අයට අමුතු විදියේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් විදියට යන්තරේ හදන එක... ඒකට විසේසන්නයෝ හෙනට සැට් වෙලා හෙන සාකච්චාව... අපි මේක රවුමට හදමු හදල මිනිස්සු ඇතුළට දාල කරකවමු... අම්මට හුඩු අන්න අදහස... යකෝ අනාගතේට යන උන්ට කැරකිල්ල හැදෙනවනෙ බොල එතකොට... හරි ඩෝ ඉතින් එහෙම තමා අනාගතේට යන්නේ උඹ හිතුවද බස් එකේ යනව වගේ අනාගතේට යන්න පුලුවන් කියල...  එල එහෙම කරමු... ඒක නෙමේ හෙන මෝටරයක් ඕනේ නෙ බන් කරකවන්න...  අවුලක් නෑ... වෙසක් කූඩු කරකවන සිස්ටම් එකට කරකෝමු... මං දෙන්නං බාන්ඩයක්... එල එල...

දවස් 2-3ක් යනකොට අනිත් පංති වල උන් කොරේ කොර... උන් මේ බාලාංස වැඩ කරනකොට අපි ටයිම් මැසිමක් හදනව කියල උන්ට කාල ඉන්න බෑ.... 

අපේ පන්ති බාර සර්ට නම් අපිව තඹේකට විස්වාස නෑ... කිංඩි හිනාවක් දාල කරන්න පුලුවන් උනොත් හොඳා කියල ඕනේ දෙයක් තියෙනවනම් කියනවල කියල කිව්වා..

අනේ ඔය #$ බර්ටිය දන්න බම්බුව... සර්ගේ ගුණ වර්ණනාව

මචං මේ මම ලයිට් වයර් ඔතන තඩි රවුමක් හොයා ගත්තා ඒක හොඳයි බේස් එකට(මහා මාර්ග වල ප්‍රධාන විදුලි වයර් ඔතන අඩි 4-5ක් විෂ්කම්භය ඇති දැව රෝදයක්)... මෝටරේකුත් හම්බ වුණා... එල එල... සංජීවයා අවංකවම වැඩේට හෙනම දස්සයා බව අපි හැමෝම ඒකමතිකව පිළිගෙන තිබුණි..

මචං මේ මේක හයි කරන්න මෙහෙම බෑ... මේක උඩට මිනිස්සු නැග්ග ගමන් එන බර මෝටරේට දරා ගන්න අමාරුයි...  කෙලිය නේද තාප්පෙට දැන් මොකො කරන්නේ... ලොකු මෝටරයක් හොයා ගන්න වෙනවා...

යකෝ මම මේ මෝටරෙත් ණයට ඉල්ලං ආවේ... වෙන ඒව නෑ හොයන්න... කට්ටියම ආයි ඉතින් උඩ බලාගෙන කම්පනාවට වැටුනා... මේ මෙහෙම වැඩක් කරමුද ? කොහොම වැඩක් ද? තොගේ මේ බම්බු ටයිම් මැෂිමක් හදන්න ගිහින් අපි කන කට්ට අනේ තෝ... හරි යකෝ ඕක මෙහෙම කරමු... මිනිස්සුන්ව කැරකෙව්වත් මිනිස්සුන්ව කෙලින් තියල බිත්තිය කැරකෙව්වත් දෙකම එකයි නේද?  ඈං... වටේ කරකවන්න... අඩෝ අඩෝ එහෙම කරමු... ඒක එල අදහස... කෝ මට තේරුණේ නෑ ආයේ කියපං බලන්න... එල එල දැං තේරුණා... ඒක මේ මෝටරෙන් කරන්න පුළුවං

මේ අඩෝ දැන් මැසිම හැදුව කියමුකෝ කෝ පෙන්නන්න අනාගතයක්... අඩෝ පැතුමෝ කෝ යකෝ අනාගතේ..? මේක නැඟල ගිහින් තොගේ @!%&# ද පෙන්නන්නේ..

ආයේ සාකච්චාව... සම්පූර්ණ ප්ලෑන මේකයි... ඇතුල් වෙනකොටම තියෙනව උමගක්... උමග ඇතුලෙන් ගිහින් නගිනව යන්තරේ ට ඒක ටිකක් කරකෝල කට්ටියව අනිත් පැත්තෙන් බස්සනවා... බස්සපු ගමන් තියෙන්නෙ අමුතුම ලෝකයක්... එහෙන් මෙහෙන් බිල්ඩිං හදල ලයිට් දාල එක එක ව්දියේ අමුතු රූප දාපූ විකාර ලෝකයක් අපි හදන්න ඕනේ... කට්ටිය කට ඇරගෙන.... හරි යන උන් ආපහු මේ ලෝකෙට එන්නෙ නැද්ද? උන් ව ආපහු යන්තරේට නග්ග ගන්නේ කොහොමද? ඒකට මේකයි කරන්න ඕනේ... අපු හදමු බ්ලැක් හෝල් එකක්... $%$#%$# යි කිව්වලු කොහොමද %@#$%@යෝ එහෙම එකක් හදන්නේ... ඒක ලේසියි බං... අපි කලු පාටින් තව උමගක් හදමු... ඒක තමා බ්ලැක් හෝල් එක... එල එල ඒක එල... මැට්ට උනාට උඹටත් යමක් කමක් තේරෙනව නේ... 

ඔන්න දැන් ප්‍රදර්ශනේ දවස් ලං වෙලා... අපි දිවා රාත්‍රී වැඩ... 

අපිට හම්බ වෙච්ච පංතිය තමා 12 E /12 F දෙකෙන් එකක්... දැන් ගිහින් උමං හදල යන්තරේ අටෝල හෙන වැඩ... ඔක්කොල වැඩ ඉතින් වහගෙන නේ.. අනිත් උන් සැරෙන් සැරේ එබි එබි බලනවා... හික් අපිට පට්ට ආතල්.. සර්ල ටීචර්ලත් ටිකක් අවුල් ..මුන් මොකක් ද මේ කරන හරුපෙ කියල... A පංතියෙ උන්ගේ ඩයිනෝසරයත් ඒ වෙනකොට හැදිල හැබැයි උගේ ඔලුව ජපන්,කඳ ජර්මන් වගේ... 

ඊට පස්සේ ගේම තිබ්බෙ අනාගතේ හැදිල්ල... මට ඒ දවස් වල ඉඳන් තිබ්බ විද්‍යා ප්‍රබන්ධ පිස්සුව නිසා ඔළුවේ එක එක දේවල් තිබ්බ.. අපි හැදුව හඳට යන සෝපානයක්.. ඊට පස්සේ ඉබේ ගමන් කරන පාරක්... ඊට පස්සේ අනගත ලෝකේ තියෙන්න පුළුවන් ගොඩනැඟිලි ,වාහන... හිතෙන හිතෙන විදියේ එක එක දේවල්...

රෑට රෑට ඉස්කෝලේ ඉන්නකොට මද පමණින් කට්ටිය සප්පායං එහෙමත් (මම නං ඒ කාලේ සිටං අමද්‍යප) වෙනවනේ...ඒ කාලේ අපිට කොම්පුටර් තිබුනේ නෑ.. එකම එකක් තිබ්බ වැද්ද ලඟ .... වැද්ද ඒක ගෙනාපු නිසා කට්ටියට හෙන ආතල්... වයසත් එතකොට 18ට වැඩියි නේ...

කට්ටිය හෝ ගාල වැඩයි,වැලයි ඔක්කොම ඉතින්.. ඒ අතරේ දැං අනාගත ලෝකේ භාෂාව කොහොම වෙයි ද කියන ප්‍රස්නෙත් අපේ එකෙකුට ආව... ආර්ට් එකේ හරි කොමස් එකේ හරි හිටපු නදීකයත් හොඳට සප්පායං වෙලා ඉඳන් පොඩ්ඩක් ඉඳපල්ල කියල ලිව්වෙ නැතෑ හෝඩියක්... ඌට කොහොමත් චිත්‍ර පුළුවන්.. ජීවිතේට දැකල නැති සංකේත දාල විසිල් බෝඩ් එකක් පිරෙන්නෙ මූ හැදුව හෝඩියක්..

ඊට පස්සෙ ඔය එක එක විදියේ පිංතූර ටිකක්,ලයිට් ටිකක් එහෙම දාල හදල ගත්ත අනාගත ලෝකේ...

අපේ කාල යානේ සිවිලිම තරම් උසයි... ඒක වැටෙන්නෙ නැති වෙන්න කියල උඩින් ඇණයක් දාන්න විදපු හිල තමයි ඔය පිංතූරේ දාල තියෙන්නෙ... විද්දේ සංජීවය.... අපි පොඩ්ඩක් ඉස්කෝලේ දේපල වලට හානි කරන්න බයේ ඇඹරි ඇඹරි ඉන්නකොට අනේ මේ %#@%@% නැතුව හිටපල්ල බං වගේ එකක් කියාගෙන ගියා විද්ද...

දැං මැෂිම හරි... මමත් ඔය එක එක ලයිට්(මම ම හදපු සිරාම පැත්තකට බල්බ් 50 ගානෙ දාපු නයිට්‍රයිඩර් සර්කිට් එකත් දාල) සුවිච් එහෙම දාල ගින්දර වගේ ඩැෂ් බෝඩ් එකකුත් හයි කරල දැන් යන්තරේ සූදානම්..(ප්‍රදර්ශනේ ඉවර උණාට පස්සේ මගේ නයිට්‍රයිඩර් සර්කිට් එක හොරෙන් ගලෝගෙන ගිය එකාව මට තාම මතක් වෙනවා....අම්මපල්ල... ;) )

ඔන්න දැං ප්‍රදර්ශනේ දවස... පන්තියේ එවුන්ගේ ඒකච්චන්දයෙන් මං කාල යානයේ ඩැයිවර් උනා... දිනේෂ්,දහනායක,වැද්ද සහ ඉතිරි ගොඩක් උන් අනාගතේ විස්තර කරල දෙන්න ලෑස්ති වුණා..

කාල යානේ වැඩ කලේ මෙහෙමයි... බලන්න එන කට්ටිය උමගක් දිගේ ඇවිත් නඟිනව අර ලොකු ලී රවුම උඩට..ඊට පස්සෙ මම(ඩැයිවර්) සුවිච් 2-3ක් බොරුවට එහෙ මෙහෙ කරනවා.. නැඟපු කට්ටියට කියනව ඔන්න දැං ඔයාලව මම 2100ට අරන් යනව කියල.. එතකොට සංජීවය මෝටරේ සුවිච් එක දානවා... කට්ටිය නැඟල ඉන්න රවුම වටේට තියෙන කළුපාටින්/රතුපාටින් ඉටිකොල ගහල තියෙන බිත්තිය එකපාරටම කැරෙකෙන්න ගන්නව... අම්මට සිරි කිව්වලු... අවංකවම මිනිස්සුන්ට හිතාගන්න බෑ මොකො මේ වෙන්නෙ කියල... හික් හික් ගෑනු ළමයි එහෙම අවංකවම භය වෙච්ච වෙලා වල්  තිබ්බ... ටික වෙලාවක් ඕක කැරකිලා නතර වෙනව දොර අනිත් පැත්තට හැරිල.. කට්ටිය බැහැපු ගමන් තියෙන්නෙ අමුතුම ලෝකයක්... අපේ උන් අයින්ස්ටයින්,නිව්ටන්,ගැලීලියෝ,ආතර් සී ක්ලාක් ල කියල තිබ්බ ඔක්කොම ඒව කලවං කරල එන මිනිසසුන්ට උන් හිටි තැන් අමතක වෙන ටොක්ස් දෙනව... දිනේෂයගේ කතා ටික තමා කතා.. කොහෙන් එනවද මන්ද ජීවිතේටවත් අහල නැති සයන්ස් කෑලී දාල ඌ ටෝක්ස් දෙනව... 

කිව්වට විස්වාස කරන්න ආයිබෝංලා අර නදීකය වෙරිමර ගාතේ ඇඳල හදපු අනාගත හෝඩිය තම තමන් ගෙනාපු පොත් වල ලියාගෙන යන ගෑනූ ලමයිනුත් හිටියා.. අපේ උන් ඉතින් ඔව් ඔව් නංඟී මේක මේ ඊජිප්තුවේ තිබිල හොයා ගත්ත් ඒලියන් භාෂාවක්.. වගේ කටට එන ඕනේ එකක් කියල එන එන අක්කල නංඟිලව අන්දනව... 

ඇතුළට ආපූ අයව එළියට යවන්න අපි හැදුවනේ බ්ලැක් හෝල් එකක්... ඕක විස්තර කරන්න මම හැදුව කතාවක් මෙන්න මෙහෙම... 2080 දි විතර අපේ සෞරග්‍රහ මණ්ඩලේ කිට්ටුව ඇතිවන බ්ලැක් හෝල් එකකින් ටයිම් ට්‍රැවලින් කියන එක කරන්න පුළුවං වෙනව.. දැන් ඔයාලට පුළුවන් 37වෙනි මානය ඔස්සේ ආපහු ඔයාල හිටපු කාලෙට යන්න කියල කට්ටියව අර උමග ඇතුළට දානව... කට්ටිය පොඩ්ඩක් හොල්මන් වෙලා උමඟට ගිහින් ආපු දොරෙන් ම එළියට යනවා... හික් හික්... ඔන්න ඔහොමයි අපේ කාල යානේ වැඩේ ගොඩ දැම්මේ..

සිරා වැඩේ කියන්නේ ටික වෙලාවකින් තාක්ෂණික දෝෂයක් ඇවිල්ල අපේ මෝටරේ ක්‍රියා විරහිත වුණා... කාපල්ලකො පරිප්පු කියල ඉන්නකොට....අජිත් ආවා කාල යානේ දොර ළගට .. දොරටුපාල වගේ හිටගෙන කට්ටිය ඇතුළට නග්ගල අතින් කැරෙකෙව්ව අන්තිමට ....කොහොම හරි මුලු දවසක්ම අජ්ජා තනියම කැරකෙව්වා... 

කොහොම හරි ඉස්කෝලෙන් ම තිබ්බ ජනප්‍රියම අයිටම් එකක් වුණා අපි හදපු ටයිම් මැෂින් එක... මේ ලඟක් වෙනකම් මා ලඟ තිබ්බ ආපු අය ලියල ගිය අදහස් තිබ්බ පොත.... අනේ සංසාරේ කියල අපි පට්ට ආතල් එකක් ගත්තා අපිට කලර්ස් දාගෙන ගනන් උස්සගෙන පාරේ යන රත්නාවලියේ/යසෝධරාවේ සහ උඩින් ම ගිය හෝලික්‍රොස් එකේ කෙල්ලන්ගේ කොමෙන්ට් දැකල... 

ඔන්න මල්ලිල ඉස්කෝලේ ප්‍රදර්ශනේකට හදනවනම් අදහසක් දුන්න...අපරාදේ අප්පා ඒ කාලේ ඩිජිටල් කැමරා හරි කැමරා ෆෝන් හරි කියල ජාතියක් අපි ලඟ තිබ්බ නම් කියල හිතුණා මේක ලියන කොට...

Tuesday, October 25, 2011

මාස 6යේ සංවත්සරය...

දෙකඩ වෙලා මාස 6ක් ගෙවිල ගිහිල්ලා.... පිස්සුවෙන් වගේ ඔහේ ඉන්න එක තමයි වැඩි හරියක් කරන්නේ.... ආදරයයි තේරුම් ගැනීමයි තරම් සතුටින් ජීවත් වෙන්න හේතු වෙන කිසිම දෙයක් නෑ කියල හිතෙනවා.... එකම දේ එකම වෙලාවට දෙන්නෙක් හිතන එක හෙන සිරා... ටෙලිපති වගේ ඉබේම තේරුම් යනවා...  මමයි මමයි කියල මම කියන්නේ ඒකයි... දෙකක් නෙවෙයි එකක්...

අපි විතරක් නෙවෙයි පවුල් වල ඉන්න අයත් හිත්වල කිසි කහටක් නැතුව අවංක සිතින් සතුටු වෙලා ඉන්න එක ගැනත් තියෙන්නෙ අප්‍රමාණ සතුටක්.... හැමදේම හොඳින් සිද්ද වෙන්න ඉඩ අරිනවට වඩා හැමදෙයක් ගැනම හොඳට හිතල මතල හොඳින් සිද්ද කරගන්න එක තමයි ගොඩක් වෙලාවට අපි කරන්නේ... එතකොට හැමෝම සතුටින්...

වනේ වන සතා වගේ හෙන පිළිවෙලට ජීවත් වෙච්ච මට පිළිවෙල ඉගැන්නුවා... එතකොට මම කිසිම දෙයක් ඔළුවට ගන්නේ නැතුව සැහැල්ලුවෙන් යන්න අරින හැටි උගන්නනවා...

හරියට ප්ලෑන් කරල වැඩ කරන හැටි මට උගන්නනකොට  සතුට තියෙන්නෙ මේ දැන් මිස හෙට නෙවෙයි කියල තේරුම් කරල දෙනවා...

අපේ සහ අනිත් අයගේ සතුට වෙනුවෙන් උත්සාහයෙන් වැඩකරන්න මාව උනන්දු කරන කොට... ලද දෙයින් සතුටු වෙන හැටි තේරුම් කරල දෙන්නයි මට ඕනේ....

හැදෙන පොඩි පොඩි ලෙඩට දුකට ලඟින් ඉන්න,බෙහෙත් දෙන්න,පරිස්සම් කරන්න හදනකොට දුක දරාගෙන ජීවත් වෙන හැටි උගන්නන්න මට හිතෙනවා....

කිසිකෙනෙකුගෙන් වචනයක් අහන්නෙ නැති විදියට ජීවත්වෙන්න මාව උනන්දු කරන කොට අනිත් අයගේ කතාවලින් නොසැලී ඉන්න හැටි මම කියල දෙනවා...

අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි මට කියල දෙනකොට... ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉම්මු අපි නංඟී කියල ගුටිත් කනවා....

ඔන්න ඔහොම තමා ඉතින් පහුගිය මාස 6 ගෙවිල ගියේ...  වචනයෙන් කියන්න බැරි තරම් සතුටක් සැහැල්ලුවක් හැම මොහොතෙම තිබුණා.... ජොලියට වගේ කරන වැඩ නිසා දුක හිතිච්ච වෙලාවලුත් අතේ ඇඟිලි ගානට තිබුණට පස්සේ ඒවත් ඉතින් හරි ජොලි...

මාසෙකට එකක් ගානේ ට්‍රිප් යන වැඩෙත් නොකඩවාම කෙරුනා... ලබන මාසේ ට්‍රිප් එක තාම ප්‍රොසෙසින්...

අපේ ෆිල්ප් ෆෙස්ටිවල් එකේ සතියට 2පාරක් විතර පෙන්නන චිත්‍රපටි බැලිල්ලත් නැඟලම ගියා...

මට පාඩුවේ Star Gate  බලන්න දීලා ඔයා නිදාගන්න යන එකෙන් අපි දෙන්න කොච්චර හොඳට ගැලපෙන දෙන්නෙක් ද කියල මට හැමදාම හිතෙනවා...හික්

ජීවිතේ සතුට මේ විදියට හැමදාම තියාගන්න පුළුවන් කියන එක තමයි මේ කාලේ ඇතුලත තේරුම් ගත්ත දේ... ඒකට ඕනේ කරන්නේ ආදරය,අවබෝධය,තේරුම් ගැනීම,අවංක කම,අදහස් වලට ගරු කිරිම සහ එක හිතින් පිස්සු කෙලීම වගේ සරල දේවල් ටිකක්...

ජිවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුලැලි බිඳක්... හසරැලි පොදක්....
එකට එක් වූ විට දැනේවී.....
පෙර නොවිඳි රසයක්.....



Wednesday, October 12, 2011

හෙලිකොප්ටර් එලවීම වනාහී....

       මෝටර් වලට එක එක විදියේ පෙති හයි කර කර උඩයවන්න ට්‍රයි කරන එක හෙන සිරා වැඩේ... උඩ යන එක කොහොම උනත් කැරෙකෙන වෙලාවට එක එක කොල කෑලි,රිජිපෝං කෑලි අල්ලල ඒවා කැඩිල විනාස වෙන හැටි බලන එක නම් මම ඕනේ තරම් කලා...  මොකක් හරි උඩ යවන්න ඉස්සර ඉඳලම තිබ්බේ හෙන ආසාවක්... කඩදාසි රොකට්, අහස් කූරු, ගෑස් බැලුන් ඔය ටික තමා ඉතින් හිත හදා ගන්න කර කර හිටියේ... 

       ඔය විදියට කාලේ ගෙවිල ගිහින් යාන්තම් අවුරුදු 29ක් වෙච්ච කාලේදි... (29ත් වයසක් ද) සිහින වාහනේ වෙච්ච හෙලිකොප්ටරයක් අරගෙන පොඩි ෆන් එකක් ගන්න ඉඩක් ලැබුණා... පොඩි කාලේ දකින හීන කවද හරි හැබෑ වෙනවා... වැඩිම උනොත් අවුරුදු 20-25ක් යයි...  මුලින් ම ගත්ත එක ඉස්සර කාලේ වගේ ඇඩ්වෙන්චර් කරන්න ගිහින් කඩා ගත්තා..(දැන් ගැරේජ් එකේ...)... පස්සෙ අක්කට පොඩි බටර් පාරක් ගාල ගෙන්න ගත්ත එකෙන් තමයි යන්තම් උඩ යවා ගන්න හැටි ඉගෙන ගත්තේ...  

       මේ තියෙන්නෙ ඉන්ඩෝර් ප්‍රැක්ටිස් කරපු ඒවා... කැමරාකරණය බට්ටි නංඟී මහත්මිය වන අතර පයිලට්කරණය බිං කොමාන්ඩර් මමය.... 




කැමරාකරණයේ ඇති සුළු සුළු අඩුපාඩු වලට හේතුව හෙලිකොප්ටරයට ඇති බය(පයිලට් ගැන ඇති විස්වාසය) සහ රෑ 9.30 ට පමණ ඇතිවන අධික නිදිමතය..

මේ තියෙන්නෙ අවුට්ඩෝර් ප්‍රැක්ටිස් කරපුවා... මෙහි සමහර ඒවායේ පයිලට්කරණය සහ කැමරාකරණය බිං කොමාන්ඩර් මං වන අතර සමහර ඒවායේ පයිලට් කරණය අපේ අකුරැස්සේ රත්නපාල අයියාගේ පුතාය..(පුතාගේ නම අමතකය).... කැමරාකරණය මං ය..





පළපුරුදු ඔබගේ වටිනා අදහස් අනාගතයේ හොඳ පයිලට් වරයෙකු බිහි කිරීමට හේතු වේ.....




Monday, October 03, 2011

වතුරෙන් චාර්ජ් වීම... අත්දුටුවයි,ප්‍රත්‍යක්ෂයි..

වතුර තරම් ලේසී සහ ලාබදායි වෙන කිසිම ඉන්ධනයක් අපිට නෑ නේ... අපි වතුරෙන් වැඩ ගන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලනේ.. (ඒ = ඉස්සර). එදිනෙදා ජීවිතේ අපිට අත්‍යාවශ්‍යයෙන් කර ගන්න ඕනේ වැඩක් ලේසියෙන් පහසුවෙන් කර ගන්න වතුර පාවිච්චි කරන්න පුළුවන් අත්දුටු ක්‍රමයක් තමයි මේක... දැනට ම පාවිච්චි කරන, දන්න අය එහෙම ඉන්නව ඇති නොදන්න අයටයි මේක දාන්නේ...

දැන් ඔය හදිසි ට්‍රිප් එකක්,ටිකක් දුර නෑයෙක් ගේ/යාළුවෙක්ගේ ගෙදරක්, මළ ගෙදරක්, මඟුල් ගෙදරක් වගේ තමන්ට හුරුපුරුදු තමන්ගේ ගෙදරින් පිට තැනකට යන්න වෙච්ච වෙලාවක තමයි මේකේ වැදගත් කම ගොඩක් ම දැනෙන්නේ.. මොකද අපිට හුරු පුරුදු විදියට අපේ කටයුතු කරගන්න බැහැනේ ඒ වගේ තැන් වලදී... ඒ ඒ අවස්තාවේ තියෙන විදියට වැඩේ කර ගන්න වෙනවා...  ගෙදරදි නම් එක්කෝ පිටිකිරි වර්ගයක්/මොල්ට් ජාතියක්/එලකිරි ටිකක්/අඩුම තරමේ ප්ලේන්ටියක් වත් උදේ පාන්දරට ලැබෙනවා නේ.. ඊට පස්සේ ටිකක් ඔය එහෙට මෙහෙට කැරකිලා ලෑස්ති වෙන්න අපිට වෙලාව තියෙනවා.. අර වගේ තැන් වල ඔය මොනවත් ෂුවර් නෑ... හම්බ උනත් අපිට ඕනේ වෙලාවට නෙවෙයි...

මම පොඩි කාලේ ඉඳලම කිරි ජාති/මෝල්ට් ජාති කටේවත් තියෙන්නෙ නෑ... එක්කෝ ප්ලේන්ටි නැත්නම් කෝපි තමයි (කෝපි වලට ආඩම්බර බලන්න වෙනවා කියල කතාවක් තිබුණට මට නම් එහෙම නෑ....).. ගොඩක් වෙලාවට ඉතින් හැමෝම උදේට බොන්නේ කිරි තේ නිසා ඔය වගේ තැන් වලදි මට ප්ලේන්ටිය ෂුවර් නෑ... හැමදාම "අනේ මම කිරි බොන්නේ නෑ නේ.... අනේ ඇත්තද ඉන්න මම ප්ලේන්ටියක් හදන් එන්නම්... නෑ නෑ කරදර වෙන්න එපා ප්ලේන්ටි ඕනේ නෑ..." ඔන්න ඔය විදියට තමා ඕක සිද්ද වෙන්නේ....

බස් වල/අනිත් අයගේ වාහන වල දුර ගමන් ගියාම උදේ එන්න ඕනේ නේ වෙලාවට බස් එක අල්ල ගන්න/ නැත්නම් කට්ටිය යන වෙලාවට යන්න.. ඉතින් අපිට වෙලාවට වැඩ ටික සිද්ද කර ගන්න බැරි වුණාම හෙන අවුල් නේ...අන්තිමට පැය 5-6 විතර ඉවසල ඉන්න වෙනවා කීයට හරි ගෙදර එනකම්...වාහනේ මඟදි කන්න/තේ බොන්න නතර කලත් ඒ වගේ තැන් වල පිළිවෙලකට ඕක කර ගන්න තියෙන අමාරුව නිසා ඉවසන්න වෙනවා.. තමන්ගේ වාහන වල ගියත් ඔහොම තමා.. හරි හමන් ප්ලේස් එකක් මඟදි සෙට් උනේ නැත්නම් ගෙදර පිහිට තමා....(දැන් නම් නිතර යන පාරවල් වල තියෙන හොඳ තැන් ටිකක් දන්න නිසා ෂේප්)

ඔය ප්‍රශ්නෙ (ප්‍රස්නේ මොකක් ද කියල පැහැදිලියි නේ) සහ සරීර කූඩුව ටිකක් ලෙඩ නැතිව තියා ගන්න ඕනේ කියන (ප්‍රිවෙන්ෂන් ඊස් බෙටර් දෑන් කියෝ)  අදහස ඇතුව මම උදේට වතුර වීදුරුවක් බොන වැඩේට පුරුදු උනා... මුල් දවස් වල චුට්ටක් විතර අමාරු උනාට දැන් නම් උදේට වතුර එකක් බීල තමයි මම පටාන් ගන්නේ... ඉස්සර ප්ලේන්ටියට /කෝපි එකට චාර්ජ් වෙච්ච ඒවා දැන් කිසි වියදමක් නැතුව වතුරෙන් නිකන් ම චාර්ජ් වෙනවා....ලේසියට පහසුවට අඩු වියදමින් ඉක්මනින් වැඩේ ගොඩ... 

සීනි ප්‍රස්න නෑ... උදේ පාන්දර කඩේ දුවන්න වෙන ප්‍රස්න නෑ... ගමනක් බිමනක් යනකොට හිත අප්සැට් කර ගන්න දෙයක් නෑ... අතර මඟදි බුම්මන් ඉන්නෙ නැතුව ඕනේ දෙයක් කාල බීල ආතල් එකේ යන්න එන්න පුළුවන්... බ්‍රෑන්ඩ් එක වෙනස් වුණා කියල කට අවුල් වෙන්නෙ නෑ...ගණන් වැඩි වෙන ප්‍රස්න නෑ... සීන් වැඩියි/කහට වැඩියි/පිටි වැඩියි/මෙලෝ රහක් නෑ වගේ කතා නෑ... සරලයි... පහසුයි....ලාබයි...