නිධාන කතාව
2006 මම සම්පූර්ණයෙන්ම ලාංකික ටැලිපෝන් ආයතනයකට සෙට් වෙච්ච වෙලාවේ මට දුන්න පළමු ප්‍රොජෙක්ටුව උනේ ඊ-මේල් වලින් එස්.එම්.එස් යවන සහ එස්.එම්.එස් වලින් ඊ-මේල් යවන්න පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න.. අපරාදේ කියන්න බෑ ජොබ් එකට ගිහින් 1 වෙනි සතියෙම වැඩේ ගොඩ දාල දුන්න(පොර ටෝක් එකක්). ඒකෙන් ඉම්ප්‍රෙස් වෙච්ච(එහෙම වුනා කියල මම හිතනවා) අපේ හිටපු බොස් මහත්මිය කිව්වෙ නැතෑ අපි ඔය එස්.එම්.එස් සිංහලෙනුයි දෙමළෙනුයි යවමු කියල... මමත් ඉතින් හා කියල G දෙවියන්ගෙන් වැඩේ ගොඩ දාන ආකාරයක් හොයල බැලුවා.
සිංහල යුනිකෝඩ් සමූහයට සැට් වුණේ ඔන්න ඔය සෙවිල්ලෙන් පස්සේ.. කොහොම කොහොම හරි CDMA ෆෝන් වල යුනිකෝඩ් සහය ගන්න එක අපේ සීමාවෙන් එහා (චීනේ සීමාව)ට ගිය නිසා සිංහල එස්.එම්.එස් වැඩේ එතනින් අහවර උණා... මට නිදහසට කාරණාත් එක්කම. සිංහල යුනිකෝඩ් සමූහයේ වැඩේ නැඟල ගියා..
බොහෝ දෙනෙක් හඳුනා ගත්තා... නම් වශයෙන් කියන්න ට්‍රයි කරල ඇන ගන්න ඕනේ නෑනේ(ඔක්කොම මතක නැති නිසා)
සිංහලෙන් ලියන්න තිබ්බ උණ නිසා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ..බ්ලොග් එකක් කියන්නෙ මොකක් ද කියල දැන ගත්තේ එදා තමයි .මම මුලින් මේක හැදුවේ හැමෝම එකතු වෙලා පෝස්ට් දාන්න පුළුවන් බිත්ති පුවත්පතක් විදියට. නම බිත්තිය උනේ එහෙමයි. හැමෝටම ලියන්න පුලුවන් වෙන්න කියල මම username එකයි password එකයි දෙකම ගෘප් එකට යැව්වා..(ඕක කරන්න පුළුවන් වෙන විදියක් ගැන මට කිසිම අදහසක් ඒ දවස් වල තිබ්බෙ නෑ ... (දැනුත් නෑ ඇත්තටම)). අපරාදේ කියන්න බෑ කවුරුවත් මොකුත් ලිව්වෙත් නෑ.. මගේ බ්ලොග් එක හැක් කරන්න ආවෙත් නෑ...
කොහොම හරි 2006 අගෝස්තු මාසේ 17 වෙනිදා මම පළවෙනි පෝස්ට් එක ලියල ඕං බ්ලොග් ලිවිල්ල නිල වශයෙන් පටන් ගත්තා.
අන්තර්ජාලයේ අපේ බිත්තිය විදියට මුලින් තිබ්බ නම අන්තර්ජාලයේ මගේ බිත්තිය වුණේ ඊට පස්සේ..
ඉතිහාස කතා
ඊට පස්සෙ ඉතින් ඔය හිතෙන හිතෙන වෙලාවට ඔහේ එක එක දේවල් ලියපු එක තමා කලේ.. විශේෂයෙන් කිසිම දෙයක් නෑ.. ගොඩක් වෙලාවට මොනව හරි ලියන්න ඕනේ කියල හිතුන ගමන් ඔලුවට එන දේ තමයි ලියල තියෙන්නෙ.. ඉඳල හිටල තමයි ඔය වැදගත් දෙයක් (තාක්ෂණික (එකයි ද කොහෙද),චිත්‍රපටි) වගේ ඒව ගැන ලිව්වේ..
එක එක ලව් සීන් කෝන් නිසා ටිකක් කචල් කාලෙ නේ.. මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නැති වෙලාවට මේකේ මොනව හරි ලියන එක තමා කොලේ...
කවුරුවත් මේක බලනව ද කියන එක ගැන නම් මට කිසිම අදහසක් තිබුණේ නෑ... දන්න කියන යාළුවෝ කිහිප දෙනෙක් විතරයි මෙහෙම එකක් තියෙනවා කියල දැන ගෙන හිටියේ..
අදටත් පබ්ලිසිටි කියල එකක් නෑ.. සින්ඩි වලින් එන අය ඇරෙන්න. (යලට මහට යන මගේ ට්විටරේ ලින්ක් එක ඇති.. මගේ රාජකීය පුද්ගලික වෙබ්සයිට් එකේ කොනකත් ලින්ක් එක ඇති..එච්චරයි ද කොහෙද)
එක එක විදියේ ලස්සන තීම්ස් ගොඩක් තිබුණට මේකේ තියෙන්නේ එදා පටන් ගන්නකොට දාපු තීම් එකමයි.. කිසිම වෙනසක් නැතුව.. අනේ මන්ද මට වෙනස් කරන්න හිතෙන්නෙ නෑ...
ඉඳල හිටල ඔය පොඩි බැනර් එකක්(ඉලංදාරියා වෙනුවෙන්,බ්ලොග් තරඟ වෙනුවෙන්) ඇඩ් කිරීම ඇර වෙන මොකුත් ගැජමැටික්ස් වැඩ දාල නෑ...
ඇඩ්සෙන්ස් වලින් කියල හම්බ කරගත්ත තුට්ටු දෙකත් ගූග්ල් අයියා බ්ලොක් කරල අන්තරස්දාන කලාට පස්සේ ඒකත් නෑ..
සිංහල බ්ලොග් කියවනේට මේක දැම්මේ 2008 හරි 2009 හරි.. එතකං සින්ඩි කියන ඒව ගැන දැන ගැන හිටියෙ නෑ. සිරාම වැඩේ කියන්නේ මම කොත්තු සයිට් එක බලන්න පටන් ගත්තේ 2006ටත් කලින් ඉඳන්.. හැබැයි ඒක සින්ඩියක් කියල දැන ගත්තේ 2009ත් අන්තිම කාලේ.. හික්..
යන එන අය ගැන දැන ගන්න ගූග්ල් ඇනලිටික්ස් දා ගත්තේ 2009 නොවැම්බර් මාසේ 10 වෙනිදා (මේකේ හැටියට) ඉඳන් තමයි ආව ගිය අය ගැන විස්තර තියෙන්නෙ.
ඔන්න ඔහොමයි ගූග්ල් අයියා ඔය කාලේ ඇතුළත ආව ගිය අය ගැන කියන්නෙ..
සින්ඩියට දැම්මට පස්සේ කට්ටිය ටිකක් අඳුර ගත්තා... 2009 බ්ලොග් කරුවන්ගේ හමුවීමට ගිහින් කට්ටියව දැක බලා ගත්තා.. ගිය සැරේ එක වෙඩිමෙ වැඩ නිසා මිස් උනානේ.. මේ සැරේ එකක් තිබ්බොත් එන්න ඕනේ.
වර්තමාන කතා
වර්තමානෙත් ඉතින් ඉතිහාසේ වගේම වෙයි..ඉතිහාසෙට වඩා බොහෝ දේ වෙනස් වුණාට ඉස්සර හිටපු මම ම තාම ඉන්න නිසා වැඩි වෙනසක් වෙන එකක් නෑ.. හැබැයි සහෝදර බ්ලොග් ලියන අයගේ බ්ලොග් ටිකක් වැඩිපුර කියවන්න සහ කමෙන්ට් දාන්න තියෙන උපන් කම්මැලි කම ටිකක් නැති කරගන්න ඕනේ..
මම ලියන වල්බූත කියවන්න 81 දෙනෙක් මගෙ පස්සෙන් එන එක මට වෙලාවකට හිතා ගන්නත් බෑ... කොහොම වුණත් ඒ අයට ගොඩාක් ස්තූටියි.
නිතර මේක බලල කමෙන්ට්ස් දාන හැමෝටමත් (නම් වශයෙන් ඕනෙ නෑනේ).. බස් පදින ගමන් බස් කමෙන්ට්ස් දාන සියල්ලන්ටත් බොහෝම ස්තූටියි.
අනාගත කතා
මොකුත් නෑ... ඔක්කොම මෙච්චරයි..