Tuesday, June 21, 2011

කාලෙකට පස්සෙ දැකපු ලස්සන පින්තූර කිහිපයක්...

...මිනිසා සහ පරිසරය අතර තිබිය යුතු සැබෑ බැඳීම... 


Thursday, June 16, 2011

මීටර් ටැක්සි

                                      මේක මීටර් ටැක්සි ප්‍රමෝට් කරන්න ලියන පෝස්ට් එකක් කියල හිතන්න එපා. (හිතුවත් කමක් නෑ..) මම ළඟදි (අදත්) එකක ගියා... අවංකවම හෙනම ලාභයි කියල හිතුණා. මම 3 වීල් වල යන්නේ ඇත්තටම හෙන කලාතුරකින්. ඒ නිසා වැඩිය ගනන් මිනුම් දන්නෙ නෑ...
                                    
                                      මේ ළඟදි මිරිහාන හන්දියේ ඉදන් මහරගමට යන්න ඕනේ වෙලා එකක් ගන්න වුණා..  හරියටම ගත්තොත් දුර තියෙන්නෙ කිලෝමීටර් 3කට පොඩ්ඩක් වැඩියෙන්... උදේ 9ට විතර පාරේ ට්‍රැෆික් එහෙමත් වැඩිය නැති වෙලාව... කොහොමත් ස්ටෑන්ඩ් වල ඉන්න අයගේ ගාන වැඩියි නේ.. ඒ නිසා පාරේ යන නෝමල් එකක් නවත්තල ඇහුවා.. ගාන 200/= අඩු කරන්න නම් බෑ කිව්ව.. මම ගියේ නෑ..

                                        ටික වෙලාවකින් ආපු මීටරයක් තියෙන එකකට ඕනෙ දෙයක් වෙද්දෙන් කියල නැග්ගා... පළමු වතාවට නිසා ඇහුවා කොහොමද අයියේ ගනන් කියල.. මිනිහ කිව්ව මීටරේ වැටෙනවනේ.. ඔය සයිඩ් එකේ ගහල තියෙනව අය කරන විදිය කියල... පලමු කි.මි 1ට රු.50/=, වැඩිවෙන සෑම මීටර් 100කටම රු.3/=, නතර කරගෙන ඉන්න සෑම විනාඩියකටම රු.1.50/=.

                                         මහරගම හන්දියට එනකොට ගාන රු 110යි. මට යන්න ඕනේ වෙලා තිබුණේ පිළියන්දල පාරේ තියෙන අපි දෙන්න ගත්ත ගෙදරට (ගත්ත කිව්වේ කුලියට). මුලින් මම හිතාගෙන හිටියේ මහරගමට ගිහින් බස් එකේ යනවා කියල.. හැබැයි ගාන දැක්කම ගෙදරටම යන්න හිතුණා..මහරගම ඉඳල ගෙදරටම තව කිලෝමීටර් 3ක් 3.5ක් විතර ඇති. ගෙදර ළඟට යනකොට මීටරේ ගාන 237යි... රුපියල් 240න් ගමන ඉවරයි.. සම්පූර්ණ ගමන කිලෝමීටර් 6.5ක් විතර. සාමාන්‍ය එකක ඔය ගමන මම ගියා නම් අඩුම 350ක් හෝ 400ක් යනවා...

                                        අදත් නුගේගොඩ ඉඳන් පිටකෝට්ටේ එපිටමුල්ල පාරට ආවා.. ගාන රු.107යි. අඩුම 200ක් වත් යන ගමනක් බාගයක් අඩුවෙන් ආවා.

                                        මුල්ම දවසේ විස්තර කතා කර කර යද්දි දැන ගත්තේ මීටර් හයිකරපු 3 වීල් වලට අනිත් ඒවට වඩා ආදායම හොඳයි ලු...වැදගත්ම දේ ඒවා ඒ ඒ අය හෝ යම් යම් ආයතන වලින් පෞද්ගලිකව හයිකර ගත්ත මීටර් මිසක් රජය හෝ කිසිම සමිතියක් මැදිහත් වෙලා කරපු දෙයක් නොවෙයි කියන එක...ඒ මනුස්සය කියපු විදියට නම් ආන්ඩුවට කොන්දක් නැහැලු හැම 3 වීල් එකටම මීටරයක් හයි කරන්න... ආන්ඩුවට කොන්දක් නෑ කියන එක දැන් දැන් එක එක දේවල් නිසා මිනිස්සුන්ට දැනෙනවා... මීට අවුරුදු 2කට විතර කලින්නම් මේ ආන්ඩුවට හොඳ කෙලින් කොන්දක් තිබුණ කියලයි මම හිතාගෙන හිටියේ...                      
                                  
                                   කොහොම වුණත් එදායින් පස්සේ ස්වයංපෝෂිතව නොයන හැම වෙලාවෙම මීටරයක් තියෙන එකකම යන්න ඕනේ කියල මම හිතා ගත්තා.. හෙට අනිද්දට නැනෝ ටැක්සියකත් ගිහින් බලන්න ඕනේ...

Monday, June 13, 2011

කාල යක්ෂයාගේ හෝරාව…

පරණ පෝස්ට් එකකට පොඩි ඇඩ් එකක්... මේක මම ලියන්න පටන් ගත්තට ලියන්න කම්මැලි කමට නතර කරල දාපු විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසියක්... ඊයේ හදිස්සියෙම හිතුණ ආයේ ලියන්න පටන් ගන්න... වෙනම බ්ලොග් එකක් පටන් අරන් 2007 දී ලියන්න ගත්තට දිගටම ලිව්වේ නෑ... ආයෙත් පොඩි පබ්ලිසිටි එකක් දීල පොඩි කික් එකක් වගේ ගන්න හිතුණා... ලියල තියෙන ඔක්කොම ටික මේකේ දාන්නම්.. කියවල බලල අදහසක් දෙකක් දෙන්නකො...


ඔවූහු පරිපූර්ණ ලෝකයක් පිළිබඳව සිහින මැවූහ..එය ගොඩ නැගූහ..සියළු සැප සම්පතින් පිරුණු ලොවක් ගොඩ නගා ගත් ඔවූන් දැහැමින් සෙමින් කාලය ගෙවූහ.
වෛරය, ක්‍රෝධය, ඊර්ශ්‍යාව, ආශාව, රාගය ආදී ප්‍රාථමික මිනිස් ගති ඔවුන් තුල නොවීය…
සිත් තුල කිසිවක් නොවූයෙන් සතුටක් හෝ දුකක් ඔවුන්ට කිසිදා ඇති නොවීය.
ඔවුන් දැන සිටියේ තමා පිළිබඳව පමණි..අනුන් ගැන දැන ගැනීමේ අවැසි කමක් ඔවුන් තුල නොවීය…
සැබැවින්ම ඔවූහු මිනිසුන්ම විය..දෙවියන් නොවීය…
දෙවියන් යැයි කිසිවෙක් එහි සිටියේ නැත…
අහස් කුස සිසාරා සිහිල් සුළං රැළි හමා යයි..පහලින් වූ ජල තලය කම්පනය කරවමින් අධ්වේගී මයින්ඩ්ජෙට් යානා ඒ මේ අත ඇදී යයි…
නිල් පාට ආකාශයේ නිකැළැල් බව,පොළෝ තලයේ සොඳුරු බව නීෂා ගේ සිත කුල්මත් කළාය..ඇගේ මයින්ඩ්ජෙට් යානාවේ වේගය තවත් වැඩි වී රන්වන් පාටින් බබළන සිය මන්දිරය වෙත ඈ රැගෙන ගියේය…
මන්දිරය ඉදිරිපිට අංගනයේ යානාව නැවැත්වූ ඇය සිනා සලමින් ඉන් බැස සිය පියාණන් වෙත පිය නැගුවාය. ඇගේ සිත සතුටින් පිරී තිබිණි.
සිනා සලමින් මලක් සේ පියකරුව එන සිය දියණිය දෙස බලා සිටි නෙමින්දේර් රජුට සිය බිරිඳ සිහි විය..දිනපතා උදෑසන සිය මන්දිර අංගනයේ සිට නෙත් මානයේ පෙනෙන ලෝකයේ සොඳුරු බව විඳින නෙමින්දේර් රජු බොහෝ වෙලාවක් එහි වෙසෙන මිනිසුන්ගේ ජීවිත ගෙවී යන අයුරු මෙනෙහි කලේය. කළකට පෙර ජීවිතයෙන් නිදහස් වූ සිය බිරිඳ සමඟ ගෙවූ කාලය සිහි කලේය.
එය ඔහුගේ දින චර්‍යාවේ කොටසක් විය. නීෂාගේ පැමිණීමෙන් ඔහුගේ එම දැහැන මදකට බිඳී ගියේය.
දැවැන්ත කළු මකරාගේ පිට නැඟ ඉදිරියේ වූ මහ වනය දෙස බලා සිනා සුනු ප්‍රයිකූල් තම අත වූ කුඩා උපකරණයේ බොත්තම් කිහිපයක් තද කළේය.
නැඟෙන හිර ඈත ක්ෂිතිජයෙන් තද රතු පැහැති ආලෝක කදම්භයක් නැඟී ආවේය..ඒ ඔවුනට සටනට පිටත් වීමට සිය මූලස්ථානයෙන් ලැබුණු සංඤාවයි..
ලේ වැකුණු අසිපත ලෙළවූ ප්‍රයිකූල් “යමල්ලා”යැයි අණ දුන්නේය. මකරුන් පිට නැඟුනු සෙනෙවියෝ සිය සේනා ඉදිරියට මෙහෙය වූහ.. 30,000 ක සේනාවක් සමඟ ආදි කල්පික අඳුරු වනය තුල ඔවුන් කරන්නට සැරසෙන මේ සටනේ අවසානය කුමක් වේදැයි කිසිවෙකු නොදත්තෝය..වනයට මෙපිටින් වූ තැනිතලා නිම්න භූමියේ විසිරුණු 30,000 ක් පමණ වූ මළ කඳන් පෙර දින කිහිපයේ සිදු වූ සටන් වල දරුණු කම පෙන්නුම් කළේය.. විශ්වය පුරා පැතිරුණු ග්‍රහ ලෝක, ග්‍රහ මණ්ඩල තුල විවිධාකාරයේ සටන් ඇති වී නැති වී ගියේය..විශ්වයට සටන් යනු අරුමයක් නොවේ…නමුත් මේ සටනේ වෙනසක් ඇත..ඒ ඔවුන් සටන් කරන්නෙ කුමක් සමඟ දැයි මේ සෙබළුන් නොදැන සිටීමයි…සිය සතුරා කවුරුන්දැයි නොදැන සටන් කරන මේ සෙබළුන් දැන සිටි එකම දෙය කොයි මොහොතේ හෝ තමන් මිය යන බව පමණි..තමා මිය ගියේ සිය අතින්ම බව ඔවුන් වටහා ගත්තේ මිය ගිය පසු වීම මේ සටනේ ඇති කුරිරු බවයි..
**************************************************************
ටිටී…..ටිටී….ටිටි මල්ලී…කෝ ඔයා…ඔයා කොහෙද ගියේ..මෙහෙ එන්නකෝ…කොහෙ යනවද මන්ද..කොයි වෙලේවත් ගෙදර නැහැ…ටිටි මල්ලියෝ…
ඩිං ඩොං ඩිං ඩොං…ලල්ල ලලා..ඩිං ඩිං..ටිටී ටිටී….ආව්…ෂික්..මේ මොන ජරාවක් ද..මගෙ කකුලත් වැදුනා…මල වදේ..කෝ මේ ටිටියා…
අයියෝ අමතක වුණා නෙ…දැන් වත් යන්න ඕනේ…ඉවරද දන්නෙත් නැහැ….ටිටි මල්ලී ඔයා ඉන්න තැනකින් එනවද නැද්ද…මට බැහැ මුළු දවසම ඔයාව හොය හොය ඉන්න…ටිටීඊඊඊ……
මම යනව යන්න…එනවකො අද ගෙදර….මෝඩ ටිටියා….
අම්මා..ටිටියා ආවොත් අල්ලලා ගෙදර තියා ගන්න කොහෙවත් යන්න නොදී..මම යනවා…නීෂා බලාගෙනත් ඇති…
දෙතුන් වතාවක් ගැස්සුනු මයින්ඩ්ජෙට් යානය ඉහලට නැඟුනේය…එහි වූ නොඟිනිය හැකි තරම් වූ සීරීම් ලකුණු…අසරණ ටිටී ගේ සහෝදරිය ගැන අවට ලෝකයා දැනුවත් කළේය..
ආ..ඔයා ආවද ? මම මේ බලාගෙන හිටියෙ…රිදී පැහැති නවීන මයින්ඩ්ජෙට් යානයෙන් බිමට බට සිය පෙම්වතා වෙත වූ ආදරණීය බැල්මකින් යුතුව නීෂා ඇසුවාය…කොහොමද කුමාරියෙ ඉතින්…සිය ප්‍රියාවියගේ දෑස දෙස ආදරයෙන් බැලූ ඔහු පැවසුවේය…එකිනෙකාගේ දෑසින් ආදර වදන් තෙපලමින් ඔහු හා ඇය මාළිඟාව වෙත පිය නැගුවෝය…
මාළිඟාව තුල සිටි නෙමින්දේර් රජු සිය බෑනාව සෙනෙහසින් යුතුව පිළිගත්තේය…
අනේ මම පරක්කු නැහැ නේද..? මම හිතුවෙ ඉවරත් ඇති කියලා…අසළ තිබූ මල් බදුනක් පෙරලමින් පැමිණි ටිටීගේ සොයුරිය ඇසුවාය..ආ…මේ එන්නෙ අනිත් එක්කෙනත්..කොහොමද දුවේ ඉතින්…රජු සිනා සෙමින් විත් ඇසුවේය..හ්ම් හ්ම්..හොඳා හොඳා…මම හොඳින්..මාමණ්ඩිට කොහොමද..? මම පරක්කු නැහැ නේද..? මම හිතුව ඔක්කොම ටික ඉවර වෙලා ඇති කියලා…
පිස්සු කෙල්ල…කෝ අද ඔයාගෙ මල්ලි ආවෙ නැද්ද..?
අනේ මම දන්නෑ ඒ මෝඩය කොහෙ ගිහිල්ලද කියල..හොයල හොයල බැරිම තැන මම ආව…
ඇති යන්තම් දැන්වත් ආව..මම හිතුව අමතක වෙලා ඇති කියල…නීෂා සිනා සෙමින් සිය මිතුරිය පිළි ගත්තාය…
ආ…කොහොමද..ටිටීගෙ අක්කේ…මොකද මේ හති දා ගෙන…ගෙදර ඉඳන් ම දුවගෙනද ආවේ..?
අනේ යනව මෝඩය යන්න…මම මොකටද දුවන්නෙ මට තියෙනවා නියම වාහනයක්…ඔහේගෙ කබල වගේ නෙවෙයි…
ඔව් ඔව් මම දන්නව අර හැඩේ ඇද වෙච්ච එකනේද…පුදුමයි ඒක තාම වැඩ කරනවද..?
ඊඊඊ….යනව යන්න…
නීෂා කෝ අනේ ඔයා හදපු කෑම..මට බඩගිනියි…
***************************************************************
ඇස්ඩෝව්ස්….මේ වැඩේ කොහොම හරි කෙරෙන්න ඕනෙ… හොඳින් හරි නරකින් හරි…
ඒක ගැන ඔබ තුමා බය වෙන්න එපා…ප්‍රයිකූල් නියමෙට වැඩේ කරයි… මේක කොහොමවත් වරදින්න විදියක් නැහැ… වියරු හිනාවෙන් යුතු ඇස්ඩෝව්ස් ගේ කපටි ඇස් අඳුරු කුටිය තුල බළල් ඇස් මෙන් දිලිසුණේය.
උඹ ඔහොම කිව්වට අපිට තව ඉතිරි වෙලා ඉන්නෙ සෙබළු 30,000 යි… තාම ප්‍රයිකූල් ඉන්නෙ පටන් ගත්ත තැනමයි. මේක සෙල්ලමක් නෙවෙයි ඇස්ඩෝව්ස් මිනිස්සු 60,000ක් බිලි දෙනව කියන්නෙ මේ ලෝකෙ කිසිම මිනිහෙක් නොකරන දෙයක්…
මම ඒක දන්නව නම්ලොක් නමුත් අපිට වෙන විකල්පයක් නැහැනෙ… ඒක තමයි ස්කෘලොක් ගේ සාපය… අපිට ස්කෘලොක් ව ආපහු ගන්න නම් ඒක කරන්නම වෙනව… දැන් මැරිච්ච මිනිස්සු 30,000 ගැන වත් මැරෙන්න ඉන්න මිනිස්සු 30,000 ගැනවත් හිතල වැඩක් නැහැ… හිතන්න ඕනෙ එක දෙයක් ගැන විතරයි.
අඳුරු මාළිගාව වසා පැවතියේ අඳුරම පමණි. පළිඟු කැට බුබුළු වලින් දුන් මන්දාලෝකය එම අඳුර මකාලීමට ප්‍රමාණවත් නොවීය. මාලිඟාව තුල හිස් වැසුම් ලා ගත් දික් දෑකැති අතින් ගත් අමනුස්ස මුර සෙබළුන් හැර සිටියේ මිනිසුන් කිහිප දෙනෙකි.. ඔවුන් අතර සිටි සැබෑ මිනිසුන් 30,000 ක් මේ වන විට මිය ගොස් සිටි අතර ඉතිරි 30,000 මිය යමින් සිටියෝය..
ගම් වැසියන්ගේ සරල දිවි පෙවෙත සුන්දර එකක් විය. නමුත් එය මායාවක් පමණක් බව ගැමියන් නොදැන සිටියා නොවීය. දැන සිටියත් කළ හැකි කිසිවක් නොවූයෙන් ඔවුන් එම දිවියට පුරුදු වී සරල ලෙස ජීවත් වූවෝය.. කැලෑව ඔවුනට ආහාර ලබා දුන්නාය..ගංඟාව ජලය ලබා දුන්නාය.. හිරුගේ ආලෝකයට ආදරය කළ මෙම අසරණයින් බිය වූයේ සඳුටය.. ඒ සඳු ඔවුනට අඳුර රැගෙන පැමිණි හෙයිනි. අඳුර ඔවුන් ආදරය කල වුන් රැගෙන ගිය හෙයින් ඔවුන් සඳුට ෛවර කළෝය.

“ප්‍රයිකූල් අර කන්ද එහා පැත්තට රෑ වෙන්න කලින් යා ගන්න බැරි වුනොත් අපි අමාරුවෙ.” විඩාවෙන් හෙම්බත්ව පසු පසින් වැටී ගෙන එන සිය අසරණ සෙබළු දෙස අනුකම්පාවෙන් බැලූ සෙන්ට්‍රිනෝ පැවසුවේය. ඩුවෝගේ පිට නැඟුන ප්‍රයිකූල් කෙලින් බලා කිසිත් නොදොඩා සිටියේය.
“මේ මිනිස්සු අපි වෙනුවෙන් මෙහෙම කැප කිරීමක් කරන එක ගැන මට වෙලාවකට පුදුමහිතෙනව. අනිත් එක කිසිම දෙයක් නොලැබෙනව කියල පැහැදිලිවම දැන ගෙන තමන්ගේ ජීවිත මේ විදියට පරිත්‍යාග කරන මිනිස්සු මම නම් කවදාවත් දැකල නැහැ… ”
“ඒක එහෙම වෙන්නෙ නැහැ සෙන්ට්‍රිනෝ… මේ මිනිස්සු මැරෙන්නෙ නිකම් නෙවෙයි… ඔවුන් මැරෙන්නෙ වීරයින් විදියට…”
“හැම සෙන්පතියම යුද්දෙට යන තමන්ගේ සෙබළුන්ට කියන්නෙ ඔහොම තමයි. ඒත් යථාර්තය ඒක නෙවෙයි නෙ. වීරයෙක් විදියට මැරෙන්න නම් වීර කමක් කරල මැරෙන්න ඕනෙ. මට නම් මෙතන කිසිම වීර කමක් පේන්නෙ නැහැ.”
ප්‍රයිකූල් කිසිත් නොකියා ඈත බලාගෙන ගමන් කළේය. සවස් වෙමින් තිබිණි. මකරාගේ පිට මත වූ ආසනයේ එල්ලා තිබුණු ජලය පිරවූ බඳුන ගෙන මදක් පානය කළ ඔහු ඉදිරියෙන් ඇති කඳු පෙල දෙස බැලූවේය. “ඉක්මන් කර පල්ලා” ඔහු සිය සේනාවට අණ දුන්නේය.
ආදි කල්පික දැවැන්ත වෘක්ෂලතාවන් පිරි කැලෑවේ කෙලවරින් වැටුණු මඟ ඔස්සේ ඉදිරියට ඇදෙන මෙම සෙබල පිරිස සිටියේ මැනවින් සන්නද්ධවය. ඔවුන් අත තිබුණේ අධි බලැති කිරණ තුවක්කු, තියුණු මුවහතින් යුතු වානේ අසිපත්, අධි බලැති පිපිරිම් සිදු කළ හැකි දුරස්ථ පාලක බෝම්බ ආදී ඕනෑම ආකාරයක සටනකට සුදුසු ආයුධය. එක් එක් සේනා කණ්ඩ භාර සෙන්පතියන් පැලද සිටි සන්නාහකයන් ඕනෑම වෙඩි උණ්ඩයකට ඔරොත්තු දීමට සමත් ඔනෑම කඩු පහරකට ඔරොත්‍තු දෙන අන්දමේ අතිශය සවිමත් කාබනික ලෝහයන් ගෙන් සමන් විත විය.
මායාවන් ගෙන් කෙළ පැමිණ සිටි ස්කෘලොක් ගේ සොහොන් කොත සොයා යන මේ බියකරු ගමන සඳහා ඔවුන්ට මෙවැනි ආයුධ වල සහාය අත්‍යාවශ්‍ය විය.
බටහිර ක්ෂිතිජයේ නේක වර්ණ රටා ඇඳෙමින් තිබිණි. නිමා වෙමින් තිබුණු දහවල හාත්පස පරිසරයේ සොඳුරු දසුන් මවමින් සිටියාය.
“ස්කෘලොක් ආයෙ අවදි වුනොත් මේ නිහඩ බව තව දුරටත් මේ විදියට තියෙන එකක් නැහැ.” ගං තෙරේ ඇවිදිමින් සිම්ටෝන් පැවසුවේය. “අනේ මට බයයි සිම් ස්කෘලොක් ගෙ හිනාව ගැහැණුන් ව වශී කරනවලු නේද?””ගැහැණුන් ව විතරක් නෙවෙයි යක්ෂයො පිසාචයොත් වෂී කර ගන්න ස්කෘලොක් ට පුළුවන් කියල මම අහල තියෙනව.”


ස්කෘලොක් ගැන කතා කරන එකත් අපිට තහනම් කරල තියෙන්නෙ..
හැම දේම හොඳන් සිද්ධ වෙයි කියල හිතමු…
සිම් සිය අහිංසකාවිය දෙස ආදරයෙන් බලා පැවසුවේය…
********************************************************************************
සදාකාලිකත්වයේ රහස සොයා මිනිසුන් නොනැවතී යන මේ ගමන දෙස උපේක්ෂාවෙන් බලා සිටි ඔවුන්ට කළ හැකි කිසිවක් නොවීය…
තමන් පතන සදාකාලිකත්වය තමා තුලින් සොයා නොගෙන මායාවන් ලුහුබැඳීම පිළිබඳව ඔවුන් තමුන්ගේ වර්ගයාට දොස් නොපැවරූහ.. ඒ ඔවුන් අනිත් වුන්ට වඩා උසස් යැයි සිතා සිටි නිසා නොව අවබෝධය යනු ලබාගත යුතු දෙයක් මිස ඉබේ නොලැබෙන දෙයක් බව ඔවුන් මනාව දැන සිටි හෙයිනි…
කිසිවිටෙකත් ඔවුන් සිය නෑයින්ගේ ක්‍රියාවන් පිළිබඳව තිබූ අවදානයේ වෙනසක් සිදු නොවීමට වග බලා ගත්හ… අවශ්‍යවිට අවශ්‍ය දේ කිරීමට ඔවුන් කිසි විටෙකත් පසුබට නොවනු ඇත…
*********************************************************************************
අර මොකක් ද?
සෙන්ට්‍රිනෝ නැඟෙනහිර දෙසින් ගලා ආ මීදුම් පටලය දෙස බලමින් ඇසීය…
සේනාව කැළේ ඇතුලට ගනින් සෙන්ට්‍රිනෝ.. මේ මීදුම එච්චර සුභ ලකුණක් නම් වෙන්න බෑ… ඈතින් ගලා එන අඳුරු පැහැති මීදුම් පටලය දෙස බලා ප්‍රයිකූල් කෑ ගෑවේය..
සෙන්ට්‍රිනෝ ගේ සහ ප්‍රයිකූල් ගේ අණින් සෙබළුන් වනයේ ගස් අතරට වැදෙන්නට විය..
ඔවුන්ගේ මුහුණු තුළ මරණයේ බියක් සටහන් වූයේ නිතැතින්මය..




ක්‍රම ක්‍රමයෙන් මීදුම වනයේ ගස් අතරට ගලා එන්නට විය…
ගොම්මන් යාමයේ අදුරු මීදුමක් තුළ සිදුවිය හැකි දේ බොහෝ බව දත් සෙබළු සිය අවි ආයුධ සූදානම් කරගත්තෝය…
වනය තුළ පැතිරුණ නිහඩතාවය දෙබෑ කරමින් ගලා ආ කටෝර නාදයෙන් සෙබල හදවත් නතර විය…
දෙවියනේ මේ මොක්කුද???
දුවපල්ලා…. මුන්ගෙන් බේරෙන්න නම් දුව පල්ලා… ක්‍රෑටස් කෑ ගැසුවේය.. කොහෙ දුවන්නද යකෝ… අසළ සිටි වෙඩික්කරුවා බිම පෙරෙලෙමින් හඩ නැඟීය..
ඔහුගේ හිස වසා සිටි පිසාච මැස්සන් ගේ ප්‍රහාර වලින් සිදුරු වූ මුහුණින් ලේ පෙරෙමින් තිබිණි.
බිම පෙරෙලමින් මැස්සන් ගසමින් සෙබළුන් සී සී කඩ දිව ගියෝය..
දස අතින් නැඟුණ මරහඩ සහ වෙඩි හඩ අතරින් පියඹා ආ ලේ පිපාසිත පිසාච මැස්සන් ගේ හඩින් නිසල වනය සසල වී ගියේය.......
-----------------------------------------------------
කතාව සම්පූර්ණයෙන් ම වෙනම බ්ලොග් එකක ලියන එක හොඳයි කියල හිතල පටන් ගත්ත පරණ බ්ලොග් එක මෙන්න

පොතක පිටු පෙරලනවා වගේ පෝස්ට් දාන්න පුළුවන් වර්ඩ්ප්‍රෙස් තීම් එකක් හොයා ගන්න ඕනේ.. අන්තිමට දාන පෝස්ට් එක උඩින්ම තියෙන නිසා කතාවේ මුල හොයන්න ගොඩක් දුර යන්න වෙනව නේ...

Thursday, June 09, 2011

අපේ ෆිල්ම් ෆෙස්ටිවල් එක

                                               අපි දෙන්න ෆිල්ම් ෆෙස්ටිවල් එකක් පටාන් ගත්තා (දෙන්න කිව්වේ මමයි මමයි). මෙච්චර දවසක් තනියම ෆිල්ම් බලපු එකේ දැන් දෙන්නත් එක්කම බලනවා. අපරාදේ කියන්න බෑ මේ වෙනකොට ෆිල්ම් 4ක් 5ක් අපි දෙන්න බැලුවා. අරම්භ කළේ  Water for Elephants බලල.  දන්න කියන මේ දවස් වල ජනප්‍රිය නලුවෝ දෙන්නෙක් ම(Robert Pattinson/Christoph Waltz) ඉන්න නිසා ගියා බලන්න. හැබැයි වැඩක් නෑ.. ඔන්න එකමත් එක රටක තිබිච්ච සර්කස් එකකට අහම්බෙන් සෙට් වෙන කොල්ලෙක් සර්කර් එකේ අයිතිකාරයගේ ගෑනිත් එක්ක පැනල ගිහින් බොහෝම සතුටින් ජීවත් වුණා ලු.. කියල එක වාක්‍යයෙකින් ෆිල්ම් එකම කියල දාන්න පුළුවන්. රොමෑන්ටික් එකක් වගේ නිසා ආරම්භ කරන්න හොඳයි නේ කියල බලන්න ගියා මගේ කැමතිම වර්ගෙ එකක් (Thor)අත ඇරල  පස්සේ අපරාදේ කියල හිතුණා. මොනව කරන්න ද ඉතින්. 
                                                           ඊට පස්සේ ගෙදර ඉඳන් බැලුවා The Patriot. ඒක නම් බැලුවට පාඩු නෑ වගේ. හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ පැය 3ක් විතර බලාගෙන ඉන්න පුළුවන්. හෙට අනිද්දා TransformersDark of the Moon  එනවයි කියන නිසා මම කතාව මතක් කරගන්නත් එක්ක Transformers එකයි Transformers: Revenge of the Fallen බලන්න පටන් ගත්තා. කොහොම හරි  Transformers එක මම තනියම බැලුවා Transformers: Revenge of the Fallen  එක පාන්දර 1 විතර වෙනකම් අපි දෙන්නම බැලුවා. 
                                                                         Transformers: Revenge of the Fallen එකේ තනිකරම තියෙන්නේ යකඩ ගොඩවල් හැප්පෙන එක නිසා පොඩි මනුස්ස ගතියක් එන්න කියල හිතාගෙන හින්දි ෆිල්ම් එකක් බැලුව (ඇත්තම කියනවනම් Jodhaa Akbar බලන්න දොල දුකක් වගේ එකක් හැදිල තිබුනා නේ එක්කෙනෙකුට...) හොඳ ටොරන්ට් එකක් හොයා ගන්න බයිස්කෝප් සයිට් එක පුරාම හෙව්ව තිබ්බේ නෑ.. පස්සෙ ගූග්ල් ලොක්කා හොයල දුන්න එක බාගෙන ගිහින් බලන්කොට එකේ සද්දෙයි රූපයි යන්නේ වෙන වෙන ම... ඊටත් පස්සේ යන යන පාරවල් දිගේම තිබුණ කඩවල් 60ක විතර හොයල හොයල අන්තිමට යාන්තම් Jodhaa Akbar  බලාගත්තා...
                                                            ඊළඟට බලන්නේ Taal ද  Gone in Sixty Seconds ද කියල තමයි මේ දවස් වල කම්පනා කර කර ඉන්නේ... අනේ අයියා අපි තාල් බලමු කිව්වම ඉතින් තීරණේ එනවා. කොහොම වුණත්  Pirates of the Caribbean: On Stranger Tides M.C එකට ආපූ ගමන් ගිහින් බලන්න මේ වෙනකොට එකඟතාවෙකට ඇවිල්ල ඉන්නේ... 












Monday, May 30, 2011

ලියුම් මැකීම

මීට අවුරුදු 6-7කට කලින් කවදාවත් ලියුමක් මකන්න වෙන එකක් නෑ කියල දුන්න පොරටෝක් එකට අහුවෙලා ගත්ත ලියුම් පෙට්ටියේ ඉඩ 95% ඉවරයි කියල කියපු නිසා ඇවිල්ල තිබ්බ ලියුම් 6000ක් විතර මකල දාලා යාන්තම් සුද්ද කරල ගත්තම දැන් කියනවා You are currently using 6621 MB (87 %) of your 7588 MB. ලු. තව කී දාහක් මකන්න වෙයි ද මන් ද....

Over 7588.402033 megabytes (and counting) of free storage. ලු. අනේ මන් ද  මෙහෙම කිව්වට කොහොම විස්වාස කරන්න ද... 
මකන එකත් ලේසී නෑනේ... කියවන්නේ නැතුව තිබිච්ච ලියුම් 6000ක් විතර හොයල මකල දැම්ම.. මෙච්චර කාලයක් නොකියවා හිටිය කියල අප්සැට් එකක් වුණේ නැති නිසා මකල දැම්මත් අප්සැට් එකක් වෙන්නේ නෑනේ කියල... 

in:Unread,in:has Attachment කියල ලියුම් පෙට්ටිය ඇතුළෙ හොයල තමා මැකුවේ...අපරාදේ කියන්න බෑ ලියුම් යවන්න කරන්න වගේම මකන්න කරන්නත් (යවනවා මකනවා හැරුණු විට කරන දේ "කරන්න" යන්නෙන් අදහස් වේ... :) ) පහසුකම් නම් දීල තියෙනවා... කොහොමත් නිතර ලියුම් එවන ගෘප් ෆිල්ටර් කරල ලේබල් හදල තිබ්බම මකන්න ලෙසියි... අපි කියවපු ලියුම් නියම කරන දවස් ගනනකදි ස්වයංක්‍රීයව මැකිල යන්න ක්‍රමයක් තියෙනවද කියල හොයල බැලුවට හම්බ වුණේ නෑ...දන්න කෙනෙක් ඉන්නවනම් කොමෙන්ටුවක් දාල යන්න... ලැබ් එකේවත් තියෙයි ද දන්නෑ....

මා විසින් නොකියවා මකා දමන ලද ලියුම් එවූ සියලු දේනාට මාගේ බලවත් කණගාටුව!!!




Wednesday, May 25, 2011

දෙකඩව මාසයක්...සහ 100ක්

අද ට මම, අපි වෙලා හරියටම මාසයයි... තනිකඩව ලිව්ව 99ට පස්සෙ ලියන 100 වෙනි පෝස්ට් එක මේක... එක දිගට මාස 6-7ක් තිස්සේ එහෙට මෙහෙට දුව දුව කරපු යුද්දෙ දැන් යාන්තම් ඉවරයි... සියල්ල බොහෝම හොඳින් සිද්ධ වෙලා රැස් ව සිටි සියලු දෙනා සතුටින් විසිර ගියා... අපි දෙන්නත් හැමදේම අළුතින් ම පටන් ගත්තා... දෙන්න කිව්වට දෙකම එකයි.. ඒ නිසා පිස්සු ඩබල් ගතියකුත් ටිකක් විතර තියෙනවා  හික් හික් හික්..... කොහොම වුණත් ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගලාගෙන යන්න පටන් ගත්තා ඒක නම් හිතට මාර සැනසීමක්...

මේ දවස් වල ඉතින් හතර වටේ ගමන් බිමන් යන එක සහ යන යන තැන් වලින් කන බොන එක තමා කරන්නේ... අපි දෙන්නගේ උයන වැඩෙත් සෑහෙන්න නැඟල යනවා... අපරාදේ කියන්න බෑ උයන ඕනේ දෙයක් බඩ පැලෙන්න කන්න පුලුවන් (අපේ එක්කෙනාගේ අත් ගුණේ නේ.. හිහ්)... පොල්ගෑම (පිටිකළ පොල්කිරි කඩෙන් ගෙනත් දීම) වගේ දේවල් වලට මටත් උපන් හැකියාවක් තියෙන නිසා කොයි වෙලාවේ වත් බඩ ගින්නේ ඉන්නේ නෑ... එක එක පරීක්ෂණ කර කර හැදෙන ඕනේම දෙයක් කනවා...

ගිය සතියේ ඉඳල වගේ ෆිල්ම් ෆෙස්ටිවල් තියන්නත් නිදහස පොඩ්ඩක් ලැබුණා.. ඒ එක්කම ස්ටාර් ගේට් සීසන් ටික ඔක්කොමත් ලැබුණා... පොඩ්ඩක් බැනුම් අහ අහ ෆිල්ම් බලන එකත් පට්ට ආතල් වැඩේ... කොහොම හරි පවුල් ජීවිතේ කියන එක අපූරුවට යනවා... කිරිගහට මෝල්ගහෙන් ගැහුව වගේ අපි දෙන්න එකම වගේ වෙච්ච එක  (එකම දේ එකම වෙලාවට හිතීම කියන එක නිතර වීම) නිසා හැමදේම හොඳින් සිද්ධ වෙනවා.... කොහොම වුණත් අපි දැන් බැඳල නේ කියන එක නම් කොයි වෙලාවෙ වත් මතක් වෙන්නෙ නෑ... මුද්ද දැක්කම තමා ඒක මතක් වෙන්නෙ...

බ්ලොග් ලියන එක අද ඉඳන් නිල වශයෙන් පටන් ගන්නයි ඉන්නෙ... ඉලංදාරියාගේ සමුගැනීම අවංකවම දුක හිතුන දෙයක් මොකද පහුගිය දවස් වල එක දිගට තිබ්බ වැඩයි ගමන් බිමනුයි නිසා මට එක සැරයක් වත් ඉලංදාරියව හම්බ වෙන්නවත් හරිහමන් උදව්වක් කරන්නවත් අඩුම තරමේ මල ගෙදරවත් යන්න බැරි උණා... මොනව කරන්න ද.... පිං අතේ වැඩක් කරන හැම වෙලාවෙදිම ඉලංදාරියව මතක් කරල පිං දෙන එක තමා අපිට කරන්න පුළුවන්...

ජීවිතේ හැටි... මම බොහෝම සතුටින් ජීවිතේ පටන් ගන්න කොට මම වගේම තව කෙනෙක් ජීවිතෙන් සමු අරන්... රෝදේ කැරකෙන විදිය තමා... මොනව කරන්නද ඉතින්...

ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී කියල ඉස්සර පිස්සු පූසා කියන කතාව තමා කියන්න වෙන්නෙ...

අපි දෙන්නගේ පොටෝ කෑලි ටිකක්....












සහ මගේ හෙලිකොප්පරය...




හෙලිකොටර් එක ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්...

Wednesday, April 20, 2011

99ක් තනිකඩව

2006 අගෝස්තු 17 ලියන්න පටන් ගත්ත මේ බිත්තියේ මේ වෙනකොට මම 119ක් දේවල් ලියල ඒකෙන් 98ක් විතරක් පබිලිස් කරල තියෙනවා.

අවුරුදු 4යි මාස 8ක් විතර මේ බ්ලොග් ලිවිල්ල කරල ඉගෙන ගත්ත දේ ගොඩයි.හම්බ වෙච්ච යාළුවොත් ගොඩයි. හම්බ වෙලා කතා කරල නැති උණාට කොමෙන්ට් වලින් දන්න අය ගොඩක් ඉන්නවනේ...මම නම් බ්ලොග් බලන්නෙත් කොමෙන්ට්ස් දාන්නෙත් හරිම අඩුවෙන්... ඒක හදාගන්න ඕනේ..

ඇත්තම කිව්වොත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ සිංහල යුනිකෝඩ් ගෘප් එකට සම්බන්ධ වෙලා හිටපු කාලේ... සිංහල යුනිකෝඩ් ප්‍රචලිත වෙලත් මහ කාලයක් නෑ එතකොට. කොහොම වුණත් එදා ඉඳන් අද දක්වා සිංහලෙන් ලියන්න උදව් කලේ නම් ගාර්ප් එක තමා. මේක ලියන්න පටන් ගන්නකොට මම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ...(දැනුත් දන්නේ නෑ)

බ්ලොග් ගැන නොදැන හිටියට පොඩි කාලේ ඉඳන් එක එක දේවල් ලියන්න තියෙන උණ හොඳ කරගන්න තිබිච්ච හොඳ අවස්ථාවක් නිසා ලියන එක නැඟල ගියා. හැබැයි කියවන්න නම් වැඩිය කට්ටිය හිටියේ නෑ... සි.යු. ගෘප් එකේ කට්ටිය විතරයි නිකමට හරි ඇවිත් බැලුවේ...

බලන්න අය හිටියත් නැතත් මට ලියන්න හිතෙන දේ ලියල දැම්මා... දැන් නම් ගොඩක් දේවල් වෙනස් නිසා සිංහල බ්ලොග් ලියන එක නැඟල යනවා.

ඒක නම් ඇත්තටම හෙනම වටින දෙයක්. ජාලේ ඇතුලේ සිංහලෙන් කියවන්න දේවල් තියෙන එකේ වටිනාකම කියල වැඩක් නෑ.(අපේ ඉතින් කඩ්ඩ හෙනම පොලිස් නේ ඒකයි)

ඉගෙන ගන්න දේවල්, එක එක අදහස්,තාක්සනේ, මඩ,වලි,බොරු,පොර ටෝක්ස් ඔය ඕනම දෙයක් දැන් සිංහලෙන් ම තියෙනවනේ....

කොහොම වුණත් මෙකත් එක්ක ලියපු පෝස්ට් 99ම ලිව්වේ තනිකඩයෙක් විදියට... මුල්කාලේ ලියපු පෝස්ට් වල ගොඩක් ම තියෙන්නෙ තනිකඩ කොලුකම් වල ආතල් තමයි... 100 වෙනි පෝස්ට් එක තනිකඩවම දානව ද දෙකඩ වුණාට පස්සෙම දානව ද කියල තාම හිතල නෑ... දෙකඩ වෙන්න තියෙන්නෙ තව දින 5යි...

ජීවිතේ සිද්ද වෙන වෙනස් වීම් එක්ක ලියන දේවලුත් වෙනස් වෙයි... මොන දේ වෙනස් වුණත් ලියන එක නතර වෙන්නෙ නෑ...

Friday, April 08, 2011

අපේ එකෙකුට ගැසූ උපන්දින මඩක්

තනිකඩව තිස්වසක් ගෙවූවා වූ ද.... පොලිෂ් සපත්තු පැලඳ, ක්ලීන් සූට් ඇඳ, තෙල් ගා හිස පීරා කෝඩ් කොටන්නට වැඩට යන්නා වූ ද, වයර් කෑලි,කම්බි කෑලි ප්ලාස්ටික් කෑලි වලින් තොර ලොවක් නැත්තාවූ ද...., පාන්දර 5ට එලාම් තියා අමාරුවෙන් නැඟිට ජපානයේ අඩුගානට විකුණන කාර් ඇති සල්පිල් වල කරක් ගැසුවා වූ ද.... ඇඟපුරා මඩ නාගෙන කාර් හෝදන්නා වූ ද.... අලුත් කාර්වලට කැමති කෙල්ලන් සොයා අමාරුවෙන් කෝඩ් කොටා හම්බකරගන්නා සොච්චමෙන් පෙට්‍රල් ගසා රට පුරා යන්නා වූ ද...., කාර් වලට නැත්නම් සුදුසු කමකට හෝ කෙල්ලෙක් සෙට් වේවා යන පරම පිවිතුරු චේතනාවෙන් ඇම්.බී.ඒ එකක් කරන්නා වූ ද 

The 40 Year Old Virgin නම් සිනමා කෘතිය තමන් කැමතිම සිනමාපටය ලෙස සලකන්නා වූ ද... කෙල්ලෙක් සොයා ගෙවූ 30 වසර තුළ ගැසූ අවසන් තුරුම්පුව ලෙස හෝම් තියේටර් එකක් මිල දී ගෙන කෙල්ලන්ට ඇසෙන ලෙස සද්දෙට ඉංග්‍රීසි සිංදු අසන්නා වූ ද තවුසන්ඩ් ටෝක්ස් මිස මේ වන තෙක් කරගත්තා වූ දෙයක් නැති................ මිතුරාට උපන්දින සුභපැතුම් ගෙන එන්නේ........