Thursday, May 20, 2010

යන්ත්‍ර සමඟ

යන්ත්‍ර සහ අප අතර ඇති වෙනස මොකක් ද කියල නිකමට හිතල බැලුව දවසක්

බලපුවහම වෙනසක් නෑ...
මම කියන්නෙ පරමාණු ලෙවල් එකෙන් ගත්තහම යන්ත්‍රයි ජීවීනුයි අතර වෙනසක් තියෙන්නෙ බැහැ.
මේක මේ එකපාරටම හිතිච්ච අදහසක්. කෙස් පැලෙන තර්ක දාන්න බැහැ.
මේ ලෝකේ ජීවය ඇති වුණේ ලෝකය තුළ ඇති මූලද්‍රව්‍ය එකතු වෙලානේ (ජීවීන් පිටසක්වලින් ආවා කියන කතාව ටිකකට අමතක කරල බලමුකෝ)

ඒ ජීවීන් මිනිස්සු බවට පරිණාමය වෙලා මේ හදන යන්ත්‍ර සූත්‍ර වල තියෙන්නෙත් අර මූලද්‍රව්‍ය සැට් එකමනේ.
පරමාණු ලෙවල් එකෙන් ගත්තම පරමාණු සැකැස්ම නිසා ඇති වෙච්ච ගුණාගුණ වෙනසක් තමා අපි යන්තර හදන්න බාවිතා කරන අමුද්‍රව්‍ය වලයි අපේ ශරීරය හැදිල තියෙන අමුද්‍රව්‍ය වලයි තියෙන්නෙ (ඔය තියෙන්නෙ මම දන්න කෙමෙස්ට්‍රි සහ බයෝ)

අපි ඔක්කොම හැදිල තියෙන්නෙ එකම තැනකින් ගත්ත වෙනස් අමුද්‍රව්‍ය වලින් නේ. මට හිතුණේ ගුණාගුණ කොහොම වුණත් අර එකම තැනකින් ලබාගත් කම නිසා ජීවී සහ අජීවී යන කොටස් දෙක අතර ලොකු බැඳීමක් තියෙන්න ඕනෙ කියන එක.  මේක පරණ කතාවක්. එහෙම බැඳීමක් තියෙනවා කියන එක ඔප්පු වෙලත් තියෙනවා

මම කියන්නෙ ඒ බැඳීම අපිට දැනුත් පාවිච්චි කරන්න පුළුවන් කියල. ඒ බැඳීම යන්ත්‍ර එක්ක ඇති කරගන්න පුළුවන් නම් හිතාගන්න බැරි දේවල් කරන්න පුළුවන් වෙයි. (ඔය ඕනෙ තරම් ෆිල්ම්ස් වල තියන්නෙ)

මම මේ සංකල්පය ඉස්සර ඉඳල ට්‍රයි කරල බලල තියෙනවා. සාක්කි වලින් ඔප්පු කරන්න බැරි උණාට මම අත්දැකල තියෙනවා එහෙම බැඳීමක් තියෙනවා කියන එක.

මට තියෙනවා බොහෝම අමාරුවෙන් ගත්ත ලැප්ටොප් එකක්. මම හම්බකරපු සල්ලි වලින් මීට අවුරුදු 3.5 කට විතර කලින් ගත්ත දුකට සැපට ඕනේ දේකට ඉන්නෙ ඔය ලැපා තමයි. බයික් එකේ නැඟල කරේ එල්ලිලා කදු පල්ලම් ඕනේ එකක යන්න ඉන්න එකම හිතවතා තම ඉතින්.

ඉතින් ඕකේ මොකක් හරි ලෙඩක් එනවා කියන්නේ සියදිවි නසා ගන්න වෙන කේස් එකක් නේ. මම ඉතින් කරන්නෙ ලැපාට හොඳට සලකන එක. හැබැයි මේ කියන්නෙ හෝදල පිහදාල වයිරස් වලට බෙහෙත් දීල බර වැඩ ගන්නේ  නැතුව බබා වගේ තියන් ඉන්න එක නෙවෙයි. මගේ ලැපාගේ බාහිර පෙනුම දැක්කම අනේ සංසාරේ කියල මටම හිතෙනවා. (මම වගේම තමා). හැබැයි මම ලැපාට කොයි වෙලේවත් දුකක් දෙන්නේ නෑ.. ඒ කියන්නෙ මොන දේ කරන්න බැරි උණත් මම ඌට බනින්නේ නෑ.

පහු ගිය දවස් වල ඩිස්ප්ලේ එකේ පොඩි අවුලක් තිබුණා. ඔන් වෙනකොට දිගටම ඩිස්ප්ලේ එක ගැස්සෙනවා පොඩ්ඩක් එහාට මෙහාට හෙල්ලුවහම හරි යනවා. ඔය විදියට හොල්ල හොල්ල සෑහෙන්න දවසක් මම පාවිච්චි කළා

එක දවසක් ඩිස්ප්ලේ එක එන්නෙම නැතුව ගිහින් ෆුල්ම කෙලා වෙලා ගියා. මට ඉතින් දෙලෝ රත්වුණා.  ඩිස්ප්ලේ එකක් දාන්න වෙන්න නම් එපා කියල දෙයියන්ටත් කිය කිය පොඩි වැඩක් කළා.

ලැප් එක හොඳට වහල. ඒක උඩින් අත් දෙක තියල හිත සම්පූර්ණයෙන්ම ලැපාගේ පරමාණු ලෙවල් එකටම ෆෝකස් කලා. එහෙම කරල ඇතුළේ තියෙන අයි.සී,චිප්,ප්‍රොසෙසර්, ඊටීසී.. ඊටීසී..  ඔක්කොම වල තියෙන සියළු ගැටළු විසදෙන්න කියල තදින්නම හිතලා මැද ඉදන් දෙපැත්තට කිහිප සැරයක් අත ගෑවා.

ඊට පස්සෙ දෙයියනේ කියල ඔන් කරල බැලුවා

මෙන්න බබා වගේ බඩු වැඩ... කිසි ගැස්සිල්ලක් පැද්දිල්ලක් නැතුව මාර සතුටෙන් වගේ ලැපා වැඩ.

විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැ හැබැයි ඒක එහෙම වුණා.

මම කොහොමත් මගේ බයික් එකයි,කාර් එකයි එක්කත් ඔන්න ඔය වගේ වැඩ කරනවා අද වෙනකම් එක දවසකවත් මඟ හිටල නෑ. කැඩුනත් කැඩෙන්නෙ ගෙදරදිම තමා  (කරුමෙට අදම මඟ හිටියි ද දන්නෑ ඉතින්)

මේක ගැන දිගින් දිගට හිතල බලලා හෙන ෆැන්ටසි ආතල් එකක් ගන්න පුළුවන්. මම ඉස්සර නම් වැඩියෙන්ම කරන්නෙ ඒක.

දැන් 5යි.. හෙට ඉතිරිය...

Wednesday, May 12, 2010

මිලියන පතියෙක් වීමේ පහසුම මඟ

නැටුමට,ගැයුමට හෝ වැයුමට උපන් හැකියාවක් නැති වූ ද, පහේ පන්තිය වන් තෙක් ඉගෙන ගත් කිසිවක් මතක නැත්තා වූද, උපතින් උරුම වූ දේපල , බූදල් නැත්තා වූද , විකිනීමට හෝ උගස් තැබීමට වටිනා කියන කිසිවකූත් නැත්තා වූද, යාන්තම් සමත් කරගත් පුද්ගලික උපධියක් සහ අඩුවෙන් පඩි ලැබෙන කොම්පැණියක ස්ථීර රැකියාවක් ඇති,විශේෂයෙන් කිව හැකි දක්ෂතා කුසලතා හැකියා ආදීයෙන් තොර වූද , ඉන්න හිටින්නට ගෙයක් දොරක් සහ යන්න එන්නට වාහනයක් පමණක් ඇති පුද්ගලයෙකුට වසර 1 1/2ක පමණ කාලයක් ඇතුළත් මිලියනපතියෙකු (මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමට කැමති බැවින් ලක්ෂපති හෝ කෝටිපති යන අන්ත දෙකම බැහැර කර ඇත...) වීමට හැකි පහසුම මඟක් දන්නා කෙනෙක් වේ නම් කරුණාකර කමෙන්ට් කරන්න...

ස්තූතියි

Friday, April 30, 2010

කරන්නට දෙයක් නැති මම...

කරන රැකියාවේ වැඩ ටික හරියට කළ යුතුය.
වැඩි පඩියක් ලැබෙන අළුත් රැකියාවක සෙවිය යුතුය.
ඉන්ටර්විව් සඳහා පාඩම් කළ යුතුය.
අමතර ආදායමක් ලැබෙන වැඩ කළ යුතුය.
අනාගතය සඳහා ඉතිරි කළ යුතුය.
ෂොපින් යා යුතුය.
අවශ්‍ය දෙයට වියදම් කළ යුතුය.
ආස දේට වියදම් කළ යුතුය.
ට්‍රිප් යා යුතුය.
ලොකු ගෙයක් සෑදිය යුතුය.
මල් කැඩිය යුතුය.
ලොකු වෙඩිමක් ගත යුතුය.
බයික් එක සහ කාර් එක නඩත්තු කළ යුතුය.
වඩා හොඳ කාරයක් ගත යුතුය.
වැඩි දුර ඉගෙන ගත යුතුය.
තව ටිකක් පොෂ් විය යුතුය.
කොහේ හෝ රටකට යා යුතුය.
ගෙදර අය සතුටු කළ යුතුය.
නෑදෑයින් සතුටු කළ යුතුය.
මේ සියළු දේ ඇගේ සිත බිඳකුඳු නොරිදවා කළ යුතුය.

Tuesday, April 20, 2010

කම්මැලිකම සහ මම

මම කම්මැලි වෙලා

බ්ලොග් ලියන එක... බ්ලොග් එකට එන කට්ටිය බලල සතුටු වෙන එක.. බ්ලොග් එකට එක එක ගැජට් දාන එක.. ඊටීසී... ඊටීසී.. ඔක්කොම නැවතිලා

මට ඇති වැඩකුත් නෑ... හැමදාම රෑට ජාලේට ආවට කරන වැඩක් නෑ.. එෆ්බී යන්නෙත් නෑ.. චැට් කරන්නෙත් නෑ... බ්ලොග් කියවන්නෙත් නෑ... ඊමේල් ටික පොඩ්ඩක් බලනවා.. ඔහේ ගූග්ල් එකේ මොනව හරි හොයනවා.. ඔච්චර තමා..

කම්මැලි කමද එපා වීමද කියල ෂුවර් නැතුව ඉන්නේ...

කම්මැලි කම යන්න කියල හිතාගෙන තමා මේක හරි ලියල දැම්මේ...

හරි ගියෙ නැත්නම් එපා වෙලා තමා...

Wednesday, March 24, 2010

'SixthSense' technology - අපේ අනාගතය කෙසේ වේචිද?

මළ මීයෙකු විකුණා සිටුවරයෙකු වූ මිනිසෙකු ගැන ජාතක කතාවක් අප කුඩා කළ ඉගෙන ගෙන ඇත. කෘතිම මීයෙකු ගෙන් ලොවම වෙනස් කිරීමට සැරසෙන ඉන්දියානුවෙකුගේ කතාව..
ඔහුගේ නිහතමානීකම සහ නිර්ලෝභීබව සෑහෙන දුරකට ඔහුව රැගෙන යනු ඇත.

http://economictimes.indiatimes.com/tv/TED-India-Pranav-Mistry/videoshow_ted/5231080.cms

Saturday, March 13, 2010

එවිට මම සතුටු වෙමි...

මම සාමාන්‍ය පෙළ සඳහා උගනිමින් සිටියෙමි. සැන්දෑ කාලයේ හා සති අන්ත වල සෙල්ලමෙහි නොයෙදී, 
නිවසේ රැඳී සිට ඉගෙනීමේ කටයුතු වල යෙදෙන ලෙස මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ. 
සාමාන්‍ය පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.

මම ඔවුන්ගේ අවවාදය පිළිපැද සාමාන්‍ය පෙළ විභාගය ඉතා හොඳින් සමත් වීමී. නමුත් මට එයින් එතරම් 
සතුටක් අත් නොවූයේ, මගේ ජයග්‍රහණයේ ප්‍රතිඵලය වශයෙන් තවත් අවුරුදු දෙකක්, පෙරටත් වඩා මහන්සි වී
උසස් පෙළ විභාගය සදහා ඉගෙනීමේ කටයුතුවල යෙදිය යුතු වීම නිසයි.

සන්ධ්‍යා කාලයේ හා සති අන්ත වල නිවසින් පිට නොයන ලෙසත්, සෙල්ලමෙහි නොයෙදෙන ලෙසත් කීම වෙනුවට,මෙවර කෙල්ලන් පසු පස නොගොස් නිවසේ රැඳී සිට, ඉගෙනීමේ කටයුතුවල යෙදෙන ලෙසත් මගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද මට අවවාද කළහ. උසස් පෙළ විභාගය වැදගත් වන්නේ කෙසේද යන්නත්, එය හොඳින් සමත් වුවහොත් මට සතුටු විය හැකි බවත් ඔවූහු මට පහදා දුන්හ.

නැවත වරක් මම ඔවුන්ගේ අවවදය පිළිගෙන උසස් පෙළ විභාගය හොඳින් සමත් වීමි. එවර ද මට සතුටක්
අත් නොවූයේ, වෙන කවරදාටවත් වඩා අමාරුවෙන් තවත් අවුරුදු 4ක් උපාධිය සඳහා විශ්ව විද්‍යාලයේ ඉගෙනීමේ
යෙදිය යුතු බැවිනි. මගේ දෙමාපියන් සහ ගුරුවරු මට මත් පැන් වලින් සහ සම්භාෂණවලින් ඉවත්ව සිට,
ඉගෙනීමේ කටයුතුවලට කැපවන ලෙස අවවාද කළහ. විශ්ව විද්‍යාල උපාධියක් කොතරම් වැදගත් ද යන්නත්
එය සමත් වුවහොත් මට සතුටෙන් සිටිය හැකි බවත් ඔවූහූ කියා දුන්හ.

මේ අවස්ථාවේ දී මම සැක උපදවන්නට පටන් ගතිමි...

මගේ සමහර මිතුරන් බොහෝ වෙහෙස මහන්සි වී උපාධි ලබා ගනු මම දුටුවෙමි. දැන් ඔවුන් ඊටත් වඩා අතිශයින්  ම මහන්සියෙන් තම මුල් රැකියාවෙහි වැඩ කරන්නේ කිසියම් වැදගත් යමක්, මෝටර් රියක් වැනි දෙයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ඉතිරිකර ගැනීමටයි. කාරයක් මිලට ගැනීම සඳහා ප්‍රමාණවත්
මුදලක් තිබුණ විටක සතුටු විය හැකි යැයි ඔවූහු මා සමඟ කීහ.

මෝටර් රියක් මිලට ගැනීම සඳහා මුදල් උපයාගෙන මෝටර් රියක් මිලට ගත් පසුවද ඔවූහූ සතුටට පත් නොවූහ. දැන් ඔවූහු ප්‍රේමයෙන් කුල්මත් වී ජීවිත සහකාරියක් සෙවීමේ අරගලයක යෙදී සිටිති. විවාහ වී තැන්පත් වූ විට සතුටින් සිටිය හැකි වේ යැයි ඔවූහු මා සමඟ කීහ.

විවාහ වීමෙන් පසුව වුව ද ඔවුන් සතුටට පත් වී නැත. කුඩා නිවසක් හෝ නිවසකින් කොටසක් සඳහා මුදල් තැන්පතුවක් කිරීමට තව තවත් වෙහෙසී වැඩ කරන්නටත්, අමතර රැකියාවල් සොයන්නටත් සිදු වී ඇත. අපේම කියා නිවහනක් සාදා ගත් දිනෙක සතුටු විය හැකි යැයි ඔවූහූ කියති.

අවාසනාවකට මෙන් නිවාස ණය සඳහා වූ මාසික වාරිකය ගෙවීමට සිදුවීමෙන් වුව ද අදහස් වූයේ ඔවුන් සතුටින් නොසිටි වගයි. එපමණක් නොව දැන් ඔවුන් පවුල් ජීවිතයක් ආරම්භ කර ඇත.
රාත්‍රියේ දී ඔවුන් නින්දෙන් අවදි කිරීමටත්, ඉතිරි කළ මුදල් සියල්ල වැය කිරීමට සලස්වමින් කනස්සලු ස්භාවය දෙගුණ තෙගුණ කිරීමටත්,(දැන් ඔවුනට දරුවන් ද ඇත.) ඔවුන් ඉටුකර ගත යුතු යැයි සිතූ දේවල් සාක්ෂාත් කර ගැනීම සඳහාත් තවත් අවුරුදු විස්සකට වඩා ගතවනු ඇත.එම නිසා ඔවුන් මට කීවේ දරු පැටවුන් හැදී වැඩී ගෙදරින් පිටව ගොස් තැන්පත් වූ විට සතුටින් ජීවත් විය හැකි බවයි.

දරුවන් නිවෙස් හැර යාමෙන් අනතුරුව බොහෝ දෙමාපියන් බලා සිටින්නේ විශ්‍රාම දිවිය දෙසයි. ඒ අනුව ඔවූහු ජීවිතයේ සතුට දිගටම කල් දමමින් වයස්ගත දිවිය සඳහා යමක් ඉතිරිකර ගැනීමට වෙහෙස වී වැඩකරති.
ඔවුන් මා සමඟ කීවේ ව්ශ්‍රාම ගත් පසු සතුටින් සිටිය හැකි බවයි.

සමහර විට ව්ශ්‍රාම යාමට පෙර සිටමත්, නිසැකවම ඊට පසුවත් ඔවූහු ආගමානූකූල වීම හා පන්සල් පල්ලි වෙත යාම ආරම්භ කරති. පොහෝ දින වල පන්සලේ සහ දෙව් මැදුරු වල ඇති දිගු ආසනවල කොතරම් වයසක උදවිය
සිටින්නේ ද යන්න කෙදිනක හෝ ඔබේ අවධානයට ලක් වීද? දැන් පන්සල් පල්ලි යන්නෙ කුමක් නිසා දැයි මම ඔවුන්ගෙන් විමසීමි. "මක්නිසාද? අප මිය ගිය පසු සතුටින් සිටිය හැකි නිසයි", ඔවූහූ මා සමඟ කීහ.

"මට මෙය ලැබුණ විට සතුටින් සිටිය හැකි යැයි" විශ්වාස කරන අයගේ සතුට අනාගතය පිළිබඳ ව දකින සිහිනයක් පමණි. එය හරියට අඩියක් දෙකක් ඉදිරියෙන් ඇතැයි පෙනෙන දේදුන්නක් වැනි කිසි දා සමීප විය නොහැකි දෙයකි. 

ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලයේදීවත් ඉන් පසුවත් සතුට අවබෝධ කරගන්නේ නැත.

සතුට ඇත්තේ අතීතයේ හෝ අනාගතයේ නොව මේ මොහොතේය.

මේක මම උපුට ගත්තේ මට ආපූ ඊ මේල් එකකින්... ලිව්වේ කවුද කියල ඒකේ සඳහනක් තිබුණෙ නෑ... කවුරු ලිව්වත් මගේ හිත ඒ විදියටම ලියල තියෙනව කියල මට නම් දැනුණා.
මම සතුට සොයා යන්නෙක්  නොවීම ගැන සිහින් සතුටක් හිතේ තිබුණ ද  සතුට සොයා යන ගමනේ මමත් යනවා... 

මේ දවස් වල මෙච්චර කල් සතුටින් හිටිය පුංවි ගේ ලොකු කරගෙන වැඩි සතුටක් ලබා ගන්න පුළුවන් විදියක් ගැන හිත හිත සැලසුම් කරනවා.

මට නොතේරුණාට සතුට ඇත්තේ ලොකු ගෙදරක වෙන්න ඇති...

Monday, February 22, 2010

කලා පොල

ඔන්න අද දෙවෙනි වතාවට මම කලා පොලට ගියා..ගිය සැරේ වගේ නෙවෙයි මේ සැරේ ඇක්සිඩන්ට් ෆ්‍රී..  ගන්න සල්ලි නැති නිසා අංකිත කොපි ටිකක් අරං ආවා හිතේ දුක යන්න..  ගන්න අදහස අත ඇරල දාලයි යනකොට ගියේ. කොහොමත් ගාන සැරයි නේ..එකක් ගත්තොත් මාසයක් හිඟාකන්න සිද්ධ වෙන තරමේ ගනන් තමයි ගොඩක් චිත්‍ර වල තිබුණේ... හැබැයි කීයක් දුන්නත් පාඩු නෑ කියල හිතෙනව සමහර ඒව දකිනකොට









මේක චිත්‍රයක් නෙවෙයි...කළුගල් පතුරක්... දැක්ක වෙලාවේ පිස්සු හැදුණා... නිර්මාණශීලීත්වයේ දිග පළල ගැන හිතල..


වැදගත් ම දේ තමයි... මම ගිය සැරේ ගිය වෙලාවේ ගත්ත කැන්වස් එක තාම ගත්ත විදියටම තියෙන එක... හික් හික්..