2016 ගංවතුර ආපු වෙලාවේ ලියු සටහන මේ . ආයේත් ඒ වගේම කාලයක් ඇවිත් . ගං වතුර තාමත් එහෙමමයි , අපේ ගමේ අපිත් එක්ක ගංවතුරට කොටු වුනු බොහෝ දෙනාත් තාමත් එහෙමමයි .
සමහර ජිවිත අලුත් නොවෙන්න පරිසර සාධක බලපානවද ? ඔය අපි හිටපු පළාත දැන් අවුරුදු 30-40කට පස්සෙත් එච්චර වෙනසක් වෙලා නැහැ .. ඒ පාර , ඒ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් , රස්සා ආදිය ලොකු වෙනසක් වෙලා නැහැ .. මම ගිය අවුරුද්දේ ගියා පරණ යාළුවන් ගේ ගෙවල් කීපෙකට , ඒ ගෙවල් මිට අවුරුදු 30-40කට කලින් තිබ්බ තත්වෙට වඩා දශම ගානකින් ඕනනම් වෙනස් වෙලා ඇති . බොට්ටා තාම ඉන්නේ උන්ගේ මහ ගෙදර , ඒ ගෙදර අපි පොඩි කාලේ ගිය ගෙදරමයි , ඉස්සර කුප්පි ලාම්පු තිබ්බ ගෙදරට දැන් ලයිට් තියෙනවා . අජ්ජා ඉන්නෙත් තාත්තා හදපු පුංචි ගෙදරමයි , ලොකු දොඩ්ඩ අලුතින් ගෙයක් හදන්න පටන් අරගෙන හැබැයි මම කලුවරට දැක්කේ යන්තම් උස්ස ගත්ත බිත්ති ගොඩක් විතරයි , උගේ ජිවිත කාලෙම ඌ ඒ ගේ හදයි ..
සුගත් , චමින්ද හොඳ ගෙවල් දෙකක් හදාගෙන තරමක් හොඳට ඉන්නවා , උන්ගේ ජිවිත වෙනස් වෙන්නේ හරි හෙමින් .
අපි හිටිය බියගම කියන්නේ කොළඹ ඉඳල 20km වත් නැති තරම් රටේ ප්‍රධානම නගරයට ළඟ තැනක් හැබැයි ඒ ජීවිතයි , ඈත දුම්බර මිනිස්සුන්ගේ ජීවිතයි අතර මහා වෙනසක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා අපේ රටේ දියුණුව කියන එක මහා අබූත විදියකට තමා ව්‍යාප්ත වෙන්නේ .
මම මේ ජිවත් වෙන්නේ තුන් වෙනි රටේ . අනිත් රටවල් දෙකේම ප්‍රධාන නගර වල ඉඳල 20km කියන්නේ ඒ රටේ prime location විදියට සැලකෙනවා . ලංකාවේ ප්‍රධාන නගරය තුලම කොච්චර අවාසනාවන්ත ජිවිත තියෙනවද ?
අපි ඔය ගමට පිටින් ඇවිල්ලා පදිංචි වෙච්ච අය . ඒ කියන්නේ අපේ තාත්තා එහෙට ආවේ හපුතලේ ඉඳල . ඔය මගේ යාලුවෝ ඔක්කොම පරම්පරාවෙන් ඒ ගමේම උපන් අය . ඉස්සර මට මතකයි ඔය ගමේ කට්ටිය කියනවා ගමට පිටිං ආපු මිනිස්සු හැමදාම දියුණු වෙනවා , ගමේ උන් එකම තැනමයි කියල ..ඒක ඇත්ත
නගරෙට කිට්ටුව තියෙන තැනකට දුර ඉඳල එන කෙනෙක් දියුණු වෙන්නයි , උපන්දා ඉඳල එක්කෝ නගරෙම හැදුනු , නැත්නම් ඒ ආසන්නයේ ජිවත් වෙච්ච මිනිස්සු ඔහේ ඉන්නං වාලේ ඉන්නයි හේතුව මොකක් ද මන්ද ?
මම හිතන්නේ risk ගන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන් කියල , උන්න තැන අතෑරලා අලුත් තැනකට යන කෙනා යන්නෙම risk එකක් ගන්නනේ , එතන ඉඳල කරන හැමදේම risk තමා , හැබැයි අතාරින්නෙ නැතුව ඇදගෙන යනවා , නමුත් උපන්දා ඉඳල එකම තැන ඉන්න මිනිස්සු වෙනසක් වෙන්න කැමති නැහැ .. ඔය ඇති , මේ හොඳයි , අපේ පරම් පරාවම හිටියේ මෙහෙම තමා , තණ්හාය ජායති සෝකෝ නේ කියල ඔහේ තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා වගේ දෙයක් කියල තම මට නම් හිතෙන්නේ ...
ඒකෙ ඇති වැරැද්දක් නැහැ .. හැබැයි ඒ ජිවිත අපරාදේ , ඔවුන්ට හැමදාම ප්‍රශ්න , ජීවිතේම දුකක් කියල හිතෙනවා , ඔවුන් සැප හොයන්නේ කෙළවර තමා ... ඒ වෙනකම් ඔවුන්ට මොනවා හරි කරදරයක් උනාම රටේ ඉන්න අර risk අරගෙන, දැඩි මහන්සියකින් වැඩ කරන මිනිස්සු ඔවුන් වෙනුවෙනුත් මහන්සි වෙලා, ඔවුන්ව ජිවත් කරලා දෙන්න ඕනේ .
මේ අදහස වැරදියට ගන්න එපා , නමුත් අපේ වගේ රටවල මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අවුලක් තියෙනවා . ඒ අවුල අපි දකින්නේ රටේ දේශපාලනයේ අවුලක් කියල නමුත් ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද කියල ඔවුන් නොදැනීම තමා තියෙන අවුල කියල මට නම් හිතෙන්නේ ..
උදාහරනෙකට ඔය බියගම කියන්නේ හැමදාම ගංවතුරට යටවෙන පලාතක් . මම මේ ජිවත් වෙච්ච දසක 4ටම ඔය පළාතේ කිසිම සංවර්ධනයක් ගංවතුර වැළැක්වීමටවත් , අඩුම තරමේ ගංවතුරක් ආවම නිසි පරිදි ඒක කළමනාකරණය කරගන්න වත් ක්‍රමයක් නැහැ .. කොළඹ නුවර යන අලුත් පාර තියෙන්නේ ඔය පලාත හරහා , පිටත වටරවුම් පාරේ ප්‍රධාන exit තුනක් ඔය අවට තියෙනවා. මේ වගේ රටේ ප්‍රධාන නගරයට කිට්ටුව තියෙන ප්‍රදේශ ගොඩක් කිසිම සැලකිල්ලකින් තොරව දශක ගානක් තිස්සේ ඔහේ තියෙන්නේ කොහොමද කියල හිතල බලනකොටත් පුදුමයි .
ලංකාවට සිදුවෙන විනාස හැමදේකින්ම , හැමදාම වෙන්නේ අසරණ වෙන මිනිස්සුන්ට කට්ටිය හෝ ගාල උදව් කරනවා , සති දෙකකට පස්සේ හිටපු විදියටම ආයේ ඔහේ ඉන්නවා , ආයේ විනාසයක් එනකම් !
මම සරල දෙයක් විදියට කිව්වොත් , ඔය බියගම අපේ ගෙවල් තිබ්බ හරිය ගොඩක් උසයි , කවදාවත් යටවෙන්නේ නැහැ . ඒ මිනිස්සු හැමදාම කොටුවෙනවා .හැබැයි එක ගෙදරකවත් පොඩි මෝටර් බෝට්ටුවක් නැහැ . වතුර ටිකක් වැඩිවෙනකොට පළාත යටවෙනවනම් අත්‍යාවශ්‍ය බදු ටිකක් ගෙනල්ල ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි ගබඩා සංකීර්ණයක් හදන්න මහා වියදමක් යන්නේ නැහැනේ .. වටේ 5km විතර කොටුවෙලා අසරණ වෙන මිනිස්සුන්ට දවස් දෙක තුනක් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න පුළුවන් මුලික පහසුකම් ටික හදන්න කාටවත් සැලසුමක් නැහැ , ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට එහෙම දේවල් තමන්ට ඕනේ කියල අඩුම තරමේ හැඟීමක් වත් නැහැ .
මම හිතන්නේ නැහැ කිසිම රජයක් ඔය ඔක්කොම ගැටළු වලට හිතල උත්තර හදල දෙයි කියල . ඒ ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ට රජයට සහ දේශපාලනයට බල කරලා තමන්ගේ ආරක්ෂාව , තමන්ගේ සුව පහසුව සඳහා වැඩ කරව ගන්න දැනුම සහ අවශ්‍යතාව තියෙන්න ඕනේ .
අසරණ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ , අසරණ නොවී සිටින්න තමන්ට අවශ්‍යතාවයක් නැති හින්ද කියල හිතෙන්නේ නැද්ද ?
හැබැයි අපිට අසරණයින්ට සරණ වෙලා පින් කරලා කෙළවර සැප විදින්න තියෙන චාන්ස් එක අඩුවෙනවා !!!
පසුගියදා දිවයිනට බලපෑ වර්ෂාව සහ ජලගැලීම් නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝට් 300 ක පමණ අලාභ හානි සිදුව ඇති බව කියැවේ.
ReplyDeleteවිශ්ව විද්‍යාලය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මුදල් පරිත්‍යාග ලබා ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇත.
ඒ අනුව සිංහල බ්ලොග් කරුවන් මෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආදි සිසුන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රසික සූරියාරච්චි මහතා රුපියල් 5,000 කින් ආධාර කොට ඇත.
එසේම ඇමරිකාවේ වාසය කරන ඉකොනොමැට්ටා ඇමරිකන් ඩොලර් දහයකින් එනම් රුපියල් 3,000 කින් පමණ ආධාර කොට ඇත.
ඔවුනට අපගේ ස්තුතිය පිරිනමමු.
එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආදරය කරන ඔබටද එම විශ්ව විද්‍යාලයේ වෙබ් අඩවිය හරහා ගොසින් අන්තර්ජාලය ඔස්සේ මුදල් පරිත්‍යාග සිදු කළ හැක.
Ha>>>>>>>>>aaaaaaaaaaaaaaaaaaaaaa
Deleteඅනුර අයියට සල්ලි තියෙනවා . අනුර අයියා ඕව හදල දෙයි
Deleteතමංගෙ අවශ්‍යතා වෙනුවෙන් මිනිස්සු අදාල තැන්වලට බලපෑම් කරන්න කොන්දක් ඇතිවෙනකල් ඔය දේ ඔය විදියටම සිද්ද වෙයි.
ReplyDeleteඔව්. කවදා එහෙම වෙයිද කියන එක තමා ඉතින් හිතා ගන්න බැරි
Deleteපැතුම් මේ මිනිස්සු ඉන්නේ comfort zone එකක. risk ගන්නේ නැත්තේ ඒ නිසා වෙන්න පුළුවන්. තමා තුල ඉන්න හතුරට වඩා තමාට පිටින් ඉන්න හතුරෙක් හදාගෙන සටන් කරන එක ලෙහෙසියි. පහුගිය කාලය පුරාම උනේ ඕක වෙන්න පුළුවන්. අපි සටන් කරේ දුෂිතයන්ට එරෙහිව. දැන් අපි අපේ ඇඟ ඇතුලේ ඉන්න කම්මැලියට විරුද්ධව fight එකක් දෙන්න වෙනවා.
ReplyDeleteඔය කම්මැලි කමේ root cause එක අර පහලින් lotus කියල තියෙනවා වගේ බුදු දහම වැරදියට අල්ලා ගැනීම වෙන්න බැරිද ?
Deleteඔහේ පා වෙවී ඉන්න එකත්, එක්තරා ලයිෆ් ස්ටයිල් එකක්. රැට් රේස් එක, ස්ට්‍රෙස් අඩුයි. අවුල, අමතර අපදාවක් ආවොත් ඇඩ්රස් නැති වෙනවා.
ReplyDeleteරැට් රේස් එක කියල එකක් නැහැ බස්සා , ඉපදෙන හැම කෙනෙක්ම ජිවත් වෙනකම් මොනවා හරි කරන්න ඕනේ .. ඔහේ ඉන්න බැහැනේ .. ඒ කරන දේ තමන්ටත් අනුන්ටත් සැපවත්ව ජිවත් වෙන්න පුළුවන් දෙයක් වෙනුවෙන් මහන්සි වෙලා කරන එකේ වරදක් නැහැනේ .. ඔය රැට් රේස් එක දුවන මිනිස්සු නිසා තමා නොදුවා ඉන්නවයි කියල හිතන් ඉන්න කම්මැලි බහුතරයක් ලෙඩට දුකට බෙහෙතක් ගන්නේ , ගමනක් බිමනක් යන්නේ , ඇඳුමක් ලස්සනට අඳින්නේ .. ඒවා ඔක්කොම රැට් රේස් වල අතුරුපල නේද
Deleteහේරත් මාමා හපුතලේ හිටියේ
ReplyDeleteදැන් නම් මිනිහා මෙල්බර්න් ඉන්නේ
කුම්මැහි කම නොවැ මෙහි දැන් පේන්නේ
සුවාරිස් මාමා වෙලේ ලගින්නේ
ඩිස්ටි ඩිඩින්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමගෙ ඔලුවට ආවෙත් නිහඬපාල කියපු දේමයි. Growth happens outside the comfort zone කියලනෙ කියන්නෙ.
ReplyDeleteසමහර වෙලාවට මට හිතිලා තියෙනවා අපේ මිනිස්සු බොහෝ වෙලාවට කිසිම දේකට උත්සාහ කිරීමෙන් තොරව, ලද දෙයින් සතුටු වෙමින් "ආ අපි බුද්ධාගම අනුව ජීවත් වෙනවා" කියලා කයිවාරු ගහනවා කියලා. That's why westerners make better use of positive thinking, LoA etc although we brag about having exposed to Buddhism since birth 😍.
ඒ වගේ තව දෙයක් තමයි අපි පොඩි කාලෙදි දෙමව්පියො, ගුරුවරු අපේ දක්ශතා අගය කරන්නෙ අඩුවෙන්. ඒ නිසා අපේ රටේ ගොඩක් අයගෙ self- esteem එක අඩුයි; තනිවම ජීවිතේ ඉස්සරහට යන්න ඕනෙ කියන එක ඔලුවට එන්න කාලයක් යනවා. ඊට සාපෙක්ශව බටහිර දෙමව්පියො දරුවන්ගෙ පොඩි දේත් අගය කරනවා. good job, amazing, excellent වචන බොරුවට හරි ඔවුන් නිතරම පාවිච්චි කරනවා. මම කියන්නෙ නෑ ඔවුන්ගෙ ජීවිත සර්ව සම්පූර්නයි කියලා, නමුත් ඒ වගේ අගය කිරීම් අපිට නැති එක සාපේක්ශව අවාසියක්.
මගේ අදහසත් මේකමයි ... අපිව පසුගාමී කරලා තියෙන්නේ .. කවුරු හරි වෙනස් අදහසක් කිව්වොත් , දෙයක් කලොත් ඒකට හිනා වීම වීරකමක් කියල හිතන විදියට අපේ හිත් පොඩි කාලේ ඉඳල හැදිලා තියෙනවා . මමත් සමහර වෙලාවට එහෙමයි ..
Deleteඒක ආගමෙන් පටන් අරන් ටික ටික සමාජ ගත වෙච්ච මහා නරක පුරුද්දක්
නාගරිකව මිනිස්සු ටික ටික ඒ ගති පිළිකුල් කලාට , තවමත් ගොඩක් ගම්බද හැදිච්ච මිනිස්සු ගාව ඔය ලක්ෂණ තියෙනවා කියල මට හිතෙනවා ..
ඒක වැරදි දෙයක් කියල මම තේරුම් ගත්තෙත් ගොඩක් පහු වෙලා .
මම පොඩි කාලේ ගොඩක් දක්ෂයි .. 4 වසරේදී මම ඔය කැඩිච්ච ඔරලෝසු ඇන්ජිමක් අටවල හදාගෙන ගිය මොකක් හරි සෙල්ලම් බඩුවක් දැකලා 4 වසරේ ටීච පුතා හරි දක්ෂයි , කවද හරි ඉංජිනේරුවෙක් වෙන්න කියල කිව්වා .. මට ඒක ජිවිතේට අමතක වෙන්නේ නැති දෙයක්
හැබැයි ලොකු වෙද්දී ඉස්කෝල ගුරුවරු බොහෝ දෙනාගෙන් ආවේ .. උඹලට උගන්නල වැඩක් නැහැ .. තොපි මහා මෝඩයෝ කියන ආකල්පය .. සද්දෙට බැනල නොන්ඩි කරලා දාන එක ලොකු කමක් විදියට තමා ගුරුවරුත් දැක්කේ ....
appreciation කියල දෙයක් ඇත්තටම ලැබුනේ ජොබ් වලදී තමා .. ඒ අපි ගොඩක් පිටරටවල මිනිස්සු එක්ක වැඩ කරන්න අවස්තාව තියෙන රස්සා කරපු නිසා .. එහෙම නැති මිනිස්සු සමහරවිට මුළු ජීවිතේම අර නොන්ඩි කරලා පල් කරලා දාන කල්චර් එක ඇතුලේ ජිවත් වෙලා මැරිලා යනවා ..
+++++++++
ReplyDelete+++++++++++
Deleteඅපි හැමවෙලේම පරිසරෙයේ පනිවිඩය නොසලකා හරිනවා
ReplyDeleteපරිසරය වෙනස් වෙනවා කියල දැන දැනත් අපි වෙනස් නොවෙන එකක් ප්‍රශ්නයක් කියල මට හිතෙන්නේ
Deleteපැතුම් කැළණි පාලම නාට්‍යය බලල තියෙනවද . ඒ දවස් වල අපි පෙන්වපු නාට්‍යයක් . ඒ මිනිස්සු හැමදාම ගංවතුරෙන් යට වෙනවා . ආයේ එතනටම යනව . හැම මැතිවරණයකදීම දේශපාලකයෝ ඇවිත් කියනව ගෙවල් දෙනවා , අ රක අරක දෙනවා මේක දෙනවා කියල . ඒත් ඒ මිනිස්සු එතනමයි . මේ ආණ්ඩුවටත් සිද්ධ වෙනවා ගෝඨාභය කළා වගේ බලෙන් අයින් කරන්න . (ගෝඨාබය කොම්පඤ්ඤ විදියේ රේල් පාර අයිනේ මිනිස්සු බලෙන් ඉවත් කළා ) . අනිත් කුඹුරු සහ ජල පෝෂක ප්‍රදේශ වල හදපු අය ඒ තැන් වලින් අයින් කරන්න . ඒකට ස්ටමිනා එකක් තියේද කියන එකයි ප්‍රශ්නේ
ReplyDeleteකැළණි පාලම නාට්‍යය අපි පොඩි කාලේ සෑහෙන නැගල ගියා කියල මට මතකයි .. මම බලල නම් නෑ අජිත් ..
Deleteමම මේ කියන්නෙත් ඔය කැළණි පාලම අවට ඉන්න මිනිස්සු ගැන තමා .. අපි උදේ හවස වැඩට යන්නේ කැළණි පාලම උඩින් ..
මම හරියට දන්නේ නැහැ මේ ගංවතුර පාලනය කරන්න පුළුවන් කොහොමද කියල .. අඩුම තරමේ ඔය ගංගා අවට ජිවත් වෙන පවුල් 20-30කට එකක් ගානේ වත් බෝට්ටුවක් ඔරුවක් දෙන්න පුළුවන් කමක් තිබ්බ නම් කොච්චර ජිවිත දේපල මේ අවුරුදු 50-60ක කාලෙට බේරගන්න තිබ්බ ද
හේරත් මාමට එන්න කියාපිය
ReplyDeleteමේවට උත්තර දෙන්න කියාපිය
සොරි සර් .. සුට්ටක් පරක්කු උනා .. පාරේ වතුර
Deleteඅපේ ලොකු මාමා බැන්ද නැන්දලගෙ ගෙදරමයි පදිංචි වෙලා හිටියෙ. එයා මීට අවුරුදු 40 කට විතර ඉස්සෙල්ල මළා. ඒ යනකොටත් ගෙදර ඊට අවුරුදු ගානකට කලින් මම දැක්ක වගේම තිබ්බා.මේ ළඟදි ඒ කියන්නෙ අවුරුදු දෙක තුනකට කලින් නැන්දත් මළා. තාම ගේ අර මම එදා දැකපු විදියමයි.
ReplyDeleteහැලප මාමාත් තාම මහින්ද මහත්තයා වගේමයි. බුරුස් රැවුල වවලා රතට රතේ ඉන්නකොට ගෑනුන්ගේ පෑන්ටි තෙත් වෙන්නේ ආසාවට.
Deleteඒක අල්පේච්ච ජීවිතේද කම්මැලි කමද කියල තමා හැලපේ අපිට හිතා ගන්න බැරි.
Delete++++
ReplyDelete