Tuesday, August 15, 2017

මල්ටි ලෝක


     දෙවියෝ සහ භූතයෝ ගැන මට තියෙන්නේ ඔය ගොඩක් දේවල් වලට වගේම නියුට්‍රල් හැඟීමක්.  ඒ කියන්නේ එයාල ඉන්නවනම් එයාල එයාලගේ පාඩුවේ හිටියාවේ මම මගේ වැඩක් කරගන්නම් වගේ ගතියක්. කොල්ලා කාලේ ඕවා ගැන හොයන්න උනන්දුවක් තිබුනට දැන් දැන් ඒ වගේ වැඩ ගැන ඒ හැටි උනන්දුවක් නෑ.  හැබැයි දේව භූත සිද්දි ගැන කතා අහන්න නම් ඉතින් කවදත් කැමතියි.

මිනිස්සු විදියට අපි කොච්චර දියුණුයි කියල පාරම්බෑවත් මේ නොපෙනෙන ලෝක සහ එහි වැසියන් ගැන තියෙන කුතුහලය නම් කවදාවත් අඩු වෙන එකක් නෑ.. හෙහ් හෙහ් කවද හරි දවසක ඔය නොපෙනන ලෝක වාසින් එක්ක භෞතිකව සම්බන්ද වෙන්න ලැබුනොත් ඒ කිව්වේ ඔය විද්‍යා ප්‍රබන්ධ වල වගේ අමුතු දොරවල් විවෘත වෙලා නැත්නම් මොනවා හරි මැෂින් වලින් හරි ඔය මොකක් හරි ආතල් ජනක විදියකට සෙට් වෙන්න ලැබුනොත් හරි ජොලියට තියෙයි නේද? එහෙම උනොත් අපිට අලුත් ප්‍රශ්න ටිකක් එහෙම ලැබෙයි.. ඒ කියන්නේ  මෙන්න මේ වගේ..



"අර දෙවියෝ අර කරන වැඩේ වැරදි නේද? අච්චර ගානක් වියදම් කරලා පලතුරු වට්ටි තියන මිනිස්සු  ගැන ඇහැක් ඇරලා බලන්නේ නෑනේ.. අනේ මන්ද සක්‍ර දෙවියෝ මොනවා කරනවද කියල? මෙච්චර කාලයක් තිස්සේ අපිව රවට්ටලානේ.. "

ඊට පස්සේ ඉතින් ඔය කපු උන්නැහලට පුළුවන් ඕනනම් ඔය දිව්‍ය ලෝකේ තියෙන මොකක් හරි වටරවුමක උද්ගෝෂණයක් එහෙම කරන්න.

ඊට පස්සේ ගෙවල් වල ඉන්න ඔය තරුණ ළමයින්ට පුළුවන් මේ ලෝකෙන් තමන්ට කියල සහකාරියක් , සහ කරුවෙක් හොයා ගන්න බැරි වුනොත් ඔය ඒ වගේ ලෝක වලට ට්‍රයි කරන්න. හෙහ් හෙහ් හරි ජොලියට තියෙයි නේද? ඉතින් එතකොට අපේ දෙමව්පියන්ට එහෙම අලුත්ම තාලේ ප්‍රශ්න තියෙයි.. හෙහ් හෙහ්.. 

මංගල දැන්වීම්
දෙව් සංගම් සාමාජික, විමාන 3ක් හිමි, වරම් හිමි දෙව් පුතුට මිනිස් ලොවින් මනාලියක් මව  සොයයි! කුල මල අනවශ්‍යයි! භූත මනාලියන් ද සලකා බැලේ! වරදට සමාව දීම දේව ගතියයි!

අඩි 2යි අඟල් 3ක් උස, සිහින් සිරුරැති, පියකරු ප්‍රේත දියණිය ඔලිම්පස් කුමාරයෙක් විවාහයට සොයයි! සියුස් ගේ කැමැත්ත නොසැලකේ. දායාද සහිතයි! 

"අල්ලපු ගෙදර ඇලිස් ගේ කෙල්ල බුතයෙක් එක්ක පැනල ගිහින් කියන්නේ... අනේ මන්ද මේ මල්ටිදස්ස කාලේට වෙන දේවල්.. ඒ කාලේ ඔය බුතයෝ අපි බෝතල් වල දාල හිර කරලා මුහුදට දැම්ම... දැන් මෙතන උන් එනවා අපෙන් හිර ගන්න.. අම්මපල්ල හැබෑට.. හරි හමන් කට්ටඩියෙක් නෑනේ හොයා ගන්න.."

"අඩේ කවුද බන් අර උඹට රික්වෙස්ට් එකක් එවල තියෙන පට්ට කෑල්ල.. ?  හෙහ් හෙහ් මහසෝනාගේ බාල දුව යකෝ.. මේ බලපන් ෆැමිලි ෆොටෝස්.. හෙහ් හෙහ් පට්ට නේද?"

මම දන්නවා ඔයා ඔය රෑ 12ට පාන් පත්තු කරගෙන මල් කඩන්නේ කාත් එක්ක ද කියල.. අනේ මම රැවටුනා.. ඉහි ඉහි ඉහි...!!

ඊට පස්සේ ඉතින් බුත ලෝක සවාරි ද , දිව්‍ය ලෝක සවාරිද වගේ ඒවත් තියෙයි..

"අනේ අර එහා ගෙදර කට්ටිය නම් අර කෝටි 5ට තියෙන තව්තිසා ටුවර් එක ගිහින් ඇවිත්.. හරි ශෝක්ලු අනේ.. අපිත් යමුකෝ.."

"මොන තව්තිසා ද අයිසේ... ඕනනම් ඔය පොඩ්ඩක් ළඟ තියෙන කොහෙට හරි ගිහින් එමු.. අම්මපල්ල මල කරදරයක් වුනානේ මේ ටුවර් කාරයෝ.."

සජීවී 7ට මෙහෙම තියෙයි

උතුරු කොරියාව සහ අකනිටා බ්‍රහ්ම ලෝකය අතර යුධ ගැටුම්.. බ්‍රහ්මයින් 24කට තුවාල. කොරියානු නායකයා තම ප්‍රහාර නොනවත්වන බවට තර්ජනය කරයි..!

දේව ලෝක අපද්‍රව්‍ය පිට කිරීම් පද්ධති ප්‍රේත ලෝකවලට හැරවීම සම්බන්ධයෙන් මහා විරෝධතාවක්.. !

අපද්‍රව්‍ය වලට අපි නිසි වටිනාකමක් දෙනවා..  සක් දෙවියන් ගෙන් ප්‍රතිඥාවක්!

මේ දේව මණ්ඩලයේ ඉන්නේ දුෂිත දෙවි වරු ඉල්ලා අස්විය යුතුයි.. හොරුන් එලවීය යුතුයි..! ඔලිම්පස් කන්දේ අද රණ්ඩු!!

හින්දු දෙවි වරුන් ගේ රන් ආභරණ ගැන පොලිස් පරීක්ෂණ! වත්කම් හෙළි කිරීමට නියෝග!

ඇතීනාගෙ පැපරාසි ෆොටෝව මල්ටි ලෝක කළඹයි!

හෙහ් හෙහ්.. තව මතක් වෙනවා.. ඔය ඇති.. හෙහ් හෙහ්

එතකොට යුනයිටඩ් නේෂන්ස් නැතුව යුනයිටඩ් වර්ල්ඩ්ස් වගේ එකක් තියෙයි.. අර ස්ටාර් වෝර්ස් ෆිල්ම් වල වගේ අමුතු අමුතු ඩයල් ඇවිල්ල රැස්වීම එහෙම තියයි..

සල්ලි කියල දෙයක් ඒ කාලෙට තියෙයි ද? හෙහ් හෙහ්.. සමහර විට පලතුරු යුෂ වලට හොඳ වටිනාකමක් ලැබෙයි..  වැසිකිලි වලවල් රන් ආකර වෙන්නත් පුළුවන්.. කවුද දන්නේ..

ඊට පස්සේ ඉතින් රියලිටි ෂෝස්, එතකොට ඔය මිස් යුනිවර්ස් තෝරන තරඟ එහෙම මරුවට තියෙයි නේද? 

මෙතන දෙවියෝ සහ භූතයෝ ගන්න කිව්වම අපිට ඉන්න 33න් කෝටිය ගැන විතරක් නෙවෙයි ඔය ඉංග්‍රීසි ෆිල්ම් වල ඉන්න පට්ට දෙවිවරු එතකොට දේවතාවියෝ ගැනත් සලකන්න ඕනේ.. 

(ඉංග්‍රීසි ෆිල්ම් ගැන හිතන්න ගියොත් මේක ඉවර වෙන්නේ නෑ.. තම තමන්ගේ වයසේ හැටියට කැමති දෙයක් හිතා ගන්නල...)

ඊට පස්සේ තව මරු මරු ගැජට් එහෙම තියෙයි.. ඔය තෝර් ගේ මිටියේ පොඩි මොඩ්ල්, ඊට පස්සේ ඉතින් ඔය තියෙනවයි කියන නානාප්‍රකාර ආයුද වල චයිනිස් මොඩ්ල් එහෙමත් අපිට ලාබෙට ගන්න පුළුවන් වෙයි..

"අඩෝ මේ බලපන් මේක ... අපෝ ඔය මොකක් ද බන්.. මොන බුත ලෝකෙන් ද ඕක ගත්තේ.. අපේ තාත්ත යක්ෂ ලෝකෙන් මේක අරන් තියෙන්නේ.. මේ.. කුඩු වෙන්න දෙන්නේ.."  ඒ කාලෙට පොඩි උන් ඔය විදියට රණ්ඩු වෙයි..



"මචං අපේ සයිට් එක අර ප්‍රේත ලෝකෙදි ඇක්සස් කරන්න බැලූ බන්... පොඩ්ඩක් බලපන්.. අනේ ඔය නෙට්වර්ක් එකේ මොකක් හරි අවුලක් වෙලා ඇති බන්.. . ඔය ප්‍රේතයෝ ඕකෙන් බඩු ගන්නේ නෑ බන්.. ඕක හෙට හදමු මම දැන් ගෙදර යනවා.. "

"අනේ මන්ද මම මේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තට කොහොමද අප්පා හොටු වලින් බිල්ඩින් එකක් හදන්නේ.. අපේ කොම්පැනියටත් ඉතින් මේ ප්‍රොජෙක්ට් එකම කරන්න ඕනේ උනානේ.. ෂුවර් එකට ඔය මල පෙරේතයෙක් ගෙන් කුට්ටියක් ලොක්කට හම්බ වෙනවා ඇති.. මට නම් මේ රස්සාව එපා වෙලා තියෙන්නේ.."

"මෙවර අපගේ මහා තරු සම්මානය හිමි වන්නේ... යක්ෂ ලෝකයටද???? බ්‍රහ්ම ලෝකයටද???? ප්‍රේත ලෝකයටද???? නැත්නම් දේව ලෝකයටද....???? තවුතිසාවද? අවීචියද? ඔබේ මනාපයෙන් තේරුණු ජයග්‍රාහකයා මේ විරාමයෙන් පසු!!!!"

අපි වගේ අය ඔය පලතුරු වට්ටියක් දීල, විභාගයක් පාස් කරගන්න , ප්‍රශ්නයක් විසඳ ගන්න ට්‍රයි කලාට ඔය අනිත් රටවල මිනිස්සු නම් ඔය නොපෙනී ඉන්න තාක්ශනේ, එතකොට සෘදියෙන් යන තාක්ශනේ වගේ දේවල් ගැන පරීක්ෂණ එහම කරලා තව අපුරු දේවල් හොයා ගනියි.

සෘදියෙන් යන එකද වඩා හොඳ නොපෙනී ඉන්න එක ද? ඒ කාලෙට ඕවා දැවෙන ප්‍රශ්න වෙයි..

දැනටම ඉතින් ඔය පට්ට ෆිල්ම් එහෙම හදන්නේ ඔය ෆැන්ටසි කතා වලින්..  අපේ රටෙත් දැන් දැන් ඒ විදියේ ෆිල්ම් හැදෙනවා උනාට ඉතින් අපිට ඉන්න දෙවිවරු එච්චර හයි ෆයි සහ ගජමැටික්ස් භාවිතයෙන් තොර හින්ද බලනකොට කිසි ගතියක් නෑ.. අපිට හැබැයි ඔය ආධ්‍යාත්මික ශක්තින් ගැන හොඳ අපුරු නිර්මාණ කරන්න පුළුවන්... 

මේ දේව සංකල්ප සහ අමනුස්ස සංකල්ප මුළු ලෝකෙම මිනිස්සුන්ගේ හිත් වල තියෙනවා. ඒවා ඉතින් හරි හෝ වැරදි කියල වාද කරන එක තේරුමක් නෑ... තම තම නැණ පමණින් තේරුම් ගන්න ඉඩ ඇරලා ඉන්න ඕනේ.. නමුත් ඉතින් ඔය කවුරු උනත් අතේ දුරින් තියාගෙන ඉන්න එක තමයි කරන්න ඕනේ.. එහෙම නැති වුනාම අපිට තියෙන වටිනාම වස්තුව වෙච්ච අපේ නිදහස් චින්තනේට බාධා වෙනවා. මම නම් විශ්වාස කරන්නේ මෙලොව පරලොව දෙකේම දියණුවට අපිට කවද හරි හේතු වාසනා වෙන්නේ අපේ නිදහස් චින්තනය කියල..  මේ සංකල්ප ගැන බොහෝ දේවල් කතා කරන්න පුළුවන් උනත් ඉතින් අන්තිමට අපි විසින් ගොඩ නගා ගත්ත සංකල්පයක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නවා. කවද හරි තමන්ගේ සංකල්පේ හරි හෝ වැරැද්ද දැන ගන්න පුළුවන් වෙන්නේ අර මම කිව්වා වගේ ඔය ලෝක කවද හරි අපිට භෞතිකව අත්දකින්න පුළුවන් වුනාම තමයි. එතකම් ඉතින් ඔය හැමදේම තම තමන් ගේ හිත් වල තියෙන දෘෂ්ටි තමයි.

මට මේ එලෝ කෝටියක් වැඩ අස්සේ මේ එක පාරටම දෙවියෝ භූතයෝ මතක් වුනේ මොකද කියනවනම්.. මම මේ දවස් වල දෙවියෝ සිහි වෙන කටයුතු නිතර කරනවා. ඒ කියන්නේ බාස් උන්නැහේලා ටිකක් එක්ක ගෙයක් හදනවා. ඊට පස්සේ රස්සාවල් හොයන්න ඉන්ටර්විව් යනවා.. ඊටත් පස්සේ ඔය එක එක වැඩ වලට ආණ්ඩුවේ ඔපිස් වලට යනවා එනවා.. ඉතින් මට නිතර දෙවේලේ ඔය අපේ අසල් ලෝක වාසින් ගැන සිහි වෙනවා. 



මේ දවස් වල විද්‍යාවේදී ඔය අපේ විශ්වය වගේම තවත් විශ්ව ගොඩක් තියෙන්න පුළුවන් කියන සංකල්පයත් නැගල යනවනේ.. මම එහෙම ලිපියකුත් කියෙව්වා.. අනිත් එක මේ අපේ විශ්වය කියන්නේ තනිකරම කම්පියුටර් සිමියුලේෂන් එකක් (සිමියුලේෂන් එකක් කියන්නේ සිමියුලේෂන් එකකට.. ඒ කිව්වේ මේ සිමියුලේෂන් එකකට.. හරි නේ..) කියන සංකල්පෙත් තියෙනවා.. වැඩියෙන්ම ආතල් සංකල්පේ තමයි මේ ඔය අපේ දෙවියෝ, බුතයෝ ඔක්කොම ඉන්න විශ්වය කියන්නේ සක්වල දරුවෙකුගේ පාසල් ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන් කියන එක.. හෙහ් හෙහ් හරි ආතල් නේද එහෙම හිතන එක.

ඉතින් මේ පුදුමාකාර විශ්වයේ ඉන්න අපුරු ජීවියෝ වෙච්ච අපිට මේ තියෙන සිනි බෝල තරම් වත් වැදගත් නැති ප්‍රශ්න ටිකෙන් මිදිලා ආතල් එකේ ඉන්න බැරි මොකද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.. හෙහ් හෙහ්..

අනිත් වැදගත් ම දේ තමයි මට මේ ළඟදී ඔය කියන අපේ අසල් ලෝක වාසියෙක් එක්ක close encounter එකක් වෙච්ච එක.. හෙහ් හෙහ් සෙල්ලන් නෑ ඉතින්..

 ඒ කතන්දරේ ලබන මාසෙට ලියන්න තියා ගන්නම්.. 

(ඔබගේ දේව භක්තියට අපහාසයක් ලෙස ලියුවක් නොවන බව කරුණාවෙන් සලකා විනෝදයෙන් සිටින්න. ස්තුතියි)


22 comments:

  1. දෙව් සංගම් සාමාජික, විමාන 3ක් හිමි, වරම් හිමි දෙව් පුතුට මිනිස් ලොවින් මනාලියක් මව සොයයි! කුල මල අනවශ්‍යයි! භූත මනාලියන් ද සලකා බැලේ! වරදට සමාව දීම දේව ගතියයි!

    +++++++

    ReplyDelete
  2. පින්තුර ටික නොපෙනේ........ මුනාද අප්පා

    ReplyDelete
    Replies
    1. දැන් පෙනිය යුතුය. නොපෙනේ නම් ඔබ සිටින්නේ මේ විශ්වයේ නොවිය හැකිය. කරුණාකර විශ්වය පරික්ෂා කර නැවත බලන්න.

      Delete
    2. [වැඩියෙන්ම ආතල් සංකල්පේ තමයි මේ ඔය අපේ දෙවියෝ, බුතයෝ ඔක්කොම ඉන්න විශ්වය කියන්නේ සක්වල දරුවෙකුගේ පාසල් ප්‍රොජෙක්ට් එකක් වෙන්නත් පුළුවන් කියන එක.. හෙහ් හෙහ් හරි ආතල් නේද එහෙම හිතන එක.]

      පිච්චු නම් කොරන්ට එපා පැතුමා... ඔන්න දැන් මගේ බඩේ ගින්දර පත්තු වෙනවා. අපි ඒ කාලේ ප්‍රොජෙක්ට් කියලා කරපු එව්වයේ හැටියට... මේක එහෙම එකක්නම්.... මුරුගා............................ ෂාමි................... ආඩවනේ.................... ඔක්කොම ඉවරායි !! කලාස් කලාස්..

      ගෙයක් හදන්න ගියාම අපිට අපායේ යක්කු මදි වෙනවා, තිස්තුන් කෝටියක් දෙය්යෝ මෙලෝ වැඩක් නැහැ කියල හිතෙනවා... එතකොට මේ වගේ කොයිල් වෙනවා.. ආ.. රජයේ තැන්වලට ගියානේ.. එහෙනම් එකෙන්ම හෙට අනිද්දට ඔබතුමා විද්‍යා ප්‍රබන්ධයක් ලියනවා.. හෙහ් හෙහ්

      Delete
    3. පෙනේ.. පෙනේ....

      ඒ.. අර හොටු වලින් හදන ප්‍රොජෙක්ට් එක මොකද්ද ඈ ??

      දැනට කියල වෙනසක් තියෙනවද පතුමෝ.. ඔර ෂොපින් කාට් ගන්න පෙරේතයෝ මලාට පර්චස් කරන්නේ නැහැ. ඒ උනාට උන්ට සිස්ටම් එක ඕනෑම මොහොතකදී බටන් ක්ලික් වලට තිබිය යුතුයි! එහෙම බග්ස් අපි නම් කියන්නේ ෆීචර්ස් කියල..

      Delete
    4. එතකොට e-bay එකේ එහෙම දිව්‍ය ලෝකේ පාවිච්චි කරපු බඩු , අපායේ කටු ඉඹුල වගේ දේවල් විකුණන්න තියෙයි නේ?? වැඩක් නැහැ හලෝ... ඔක්කොම චයිනිස්...

      Delete
    5. ගෙවල් සැදීම ගැන අපි කතා නොකර ඉමු.. දන්නෝ දනිතිනේ හෙහ් හෙහ්..

      හොටු ප්‍රොජෙක්ට් එක මෙහෙම එකක් වෙන්න පුළුවන් නේ.. ඔය බුද්ධාගමේ තියෙන්නේ එක එක ප්‍රේත වර්ගයා ගැන.. සෙම් සොටු මළ අනුබව කරන සීන් එහෙම තියෙනවා නේද ඒ කතා වල.. ඉතින් අනාගතේ අපේ ඔය රවී අයියලට වගේ ඔහොම හොටු වලින් ගෙවල් හදන ප්‍රොජෙක්ට් සෙට් වෙන්න පුළුවන්.. මොකද ඉතින් ප්‍රේතයෝ කියලත් පිළිවෙලකට ඉන්න එපැයි...

      බග්ස් සහ ෆිචර් කියන සංකල්ප නම් මම හිතන්නේ කවද හරි මේ විශ්වය විනාස වෙලා යනකම්ම ඉතිරි වෙලා තියෙය්.. දිව්‍ය ලෝකෙන් බැහැල සොෆ්ට්වෙයාර් ලිව්වත් බග්ස් තිබිය යුතුයි.. හෙහ් හෙහ්

      Delete
  3. උඹනං බාස්ල‍ගෙන් හොඳට බැට කාල වගෙයි මට පේන්නෙ. හැක්..

    කොහොමද අන්තර් ලෝක බැලස්ටික් මිසයිල් එහෙම යන්න පටං ගත්තම තියෙන ආතල් එක.

    ReplyDelete
    Replies
    1. තාම ලොකු අවුලක් නම් උනේ නෑ බං... හැබැයි ළඟදීම හොඳට නාගන්න ලක්ෂණ දැන් දැන් පෙන්න පටන් අරං තියෙන්නේ..

      මොන ලෝකෙන් ආවත් උතුරු කොරියාව උන්ට විරුද්ධ වෙනවා ඒක ෂුවර්..

      Delete
  4. Praසන්ன හායි!

    කොහොමද මෙයා ඔයා සනිපෙන්ද මන් මේ දවස්වල තංගල්ලේ ජිවිතයේ සමනල් වගේමයි සල්මල් ....නිතරම කට්ටිය එනවා ගෙදරටම මාව බලන්න මම රක්වානේ ආවහම එන්නම්කෝ ඔයාගේ ගල් වැඩපොළට ඉතින්ඊට පස්සේ අපිට... ආවහම් කථා කරමුකෝ
    ටෙක් කෙයාර් ..... සියු සුඋන්

    ReplyDelete
    Replies
    1. ප්‍රසා මචං, අනේ මේ ඇනෝ ළමය ගැන පොඩ්ඩක් හොයල බැලුව නම් නේද හොඳ.. හික් හික් හික්..

      Delete
  5. එකෙකාට www ෙවනුවට UWW ෙවයි ෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් Universal Web (UW) වෙන්නත් පුළුවන්... හැබැයි දැන්මම ඔය අඟහරු ලෝකෙට වගේ කවද හරි ඕනේ වෙයි කියල හිතෙන ඩෝමේන් නේම් සල්ලි දීල අරගෙන තියා ගත්තට පාඩු නෑ.. හෙහ් හෙහ් අනාගතේ දවසක හොඳ ගානකට දෙන්න පුළුවන්..

      Delete
  6. ඔය වගේ අපායේ කස්ටිය දාන ෆේස්බුක් ස්ටේටස් ගැන පෝස්ට් එකක් දමිත් කේතක දමා තිබුනා.

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්කේ නෑ බන්.. හිත හිත ආතල් එකේ ඉන්න මරු හෙහ් හෙහ්

      Delete
  7. හෙහ් හෙහ් හෙහ්.. මේක පට්ට.. මාතෘකාව දැක්කට අදහසක් ආවේ නෑ.. කියවනකොටනේ සැප..

    මාත් දැම්ම ඇඩ් එකක් දාලා බිස්නස් එහෙකට සෙට් වෙන්න ඕනී..
    "භාවිතයෙන් ඉවත් කරන කක්කුසි වලවල් වැඩි මිලට මිළදී ගනු ලැබේ"

    ReplyDelete
    Replies
    1. ඔය සමාන්තර විශ්ව නැත්නම් ඔය මල්ටි විශ්ව වලින් එකක් කොයි මොහොතේ විවෘත වෙලා මොන මගුල් වෙයි ද දන්නේ නෑ.. අපිට ඕවා කර ගන්න බැරි වුනාට ඒ පැති වල ඉන්න උන් මෙහෙ ආවොත් එහෙම. ඉතින් දැන්ම මේව ගැන හිතල බලල වැඩ කරන එක හොඳයි.. හෙහ් හෙහ්

      Delete
  8. නියම පෝස්ට් එකක්. මෙඩුසාටත් කාලයක් යයි :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මෙඩුසා කියන්නේ ග්‍රීක් දෙවතාවියක් ද කොහෙද නේද? ඔය කතා වල ඉන්නවා මම දැකල තියෙනවා. ඔයාටත් හොඳයි මේවා ගැන හිතල මාතල බලන එක..

      Delete
  9. දේව මණ්ඩලයම කචල් වෙලා වගේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. දේව මණ්ඩලේට කොහොම වෙතත් මට නම් මේ දවස් වල ටිකක් කචල්.. හෙහ් හෙහ්..

      Delete