මීට හරියටම අවුරුදු 10කට කලින් මෙන්න මේ කවිය ලියලයි මම බ්ලොග් ලියන්න පටන් ගත්තේ. කොම්පියුටර් එකේ සිංහලෙන් ලියන්න තියෙන ආසාවට පටන් ගත්ත ලිවිල්ල දන්නෙම නැතුව අවුරුදු 10ක් ම ලියල.
බ්ලොග් ලිවිම කියන දේ වෘත්තියක් වෙලා තියෙන දැන් කාලේ බ්ලොග් එකක් කියන්නේ තව දුරටත් අමුතු දෙයක් නෙවෙයි. හැබැයි මම මේක පටන් ගන්න දවස් වල මට නම් මේක අමුතු අත්දැකීමක් වුණා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මෙච්චර පහසුවෙන් සිංහල අකුරු පරිගණකයේ ටයිප් කරන්න පුළුවන් වීම නිසා. සිංහල යුනිකේත හඳුන්වා දීලා ඒ වෙනකොට වසර ගණනක් ගෙවිලා තිබුනත්, යුනිකේත නොවන සිංහල අකුරු ඉන්ස්ටෝල් කරලා ඒ අකුරු වලින් අමාරුවෙන් ලිපි සකසමින් හිටිය අය යුනිකේත ගැන ටික ටික දැනුවත් වෙලා ටිකෙන් ටික සිංහල යුනිකෝඩ් ලියන්න පටන් ගනිද්දී කොම්පියුටර් නම් ඉතින් ඉංග්‍රීසි තමයි කියන හැඟීමෙන් රස්සාවට ආපු මට මේවගේ අපුරුවට සිංහල අකුරු ලියන්න පුළුවන් වීම හරිම විනෝද ජනක දෙයක් වුණා.
ඒ විනෝදය නිසා ලියන්න පටන් ගත්ත මේ බ්ලොග් එක අවුරුදු 10ක් ගෙවෙන අද දවසේ මම ලියන්නෙත් එදා ඒ ලියපු ආසාව නිසාම මිසක් වෙන කිසිම අරමුණක් නිසා නෙවෙයි. මින් ඉදිරියට ලියන දේවලුත් හුදෙක් මගේ ආසාව මගේ කැමැත්ත නිසා මිස වෙන කිසිම අරමුණක් වෙනුවෙන් නොලියා ඉන්නයි මගේ බලාපොරොත්තුව.
මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය සහ සිංහල යුනිකේත ගැන මම දන්න දේවල් මම මිට කලින් සටහන් වල ලිව්වා.
මේ තියෙන්නේ එහෙම ලියපු සටහන්
සිංහල යුනිකේත සහ බ්ලොග් කරණයේ ඉතිහාසය ගැන...
මම මේ අවුරුදු 10 තිස්සේ බ්ලොග් ලෝකයේ සිද්ද වෙන දේවල් දිහා ඔහේ බලාගෙන හිටපු එක තමයි කලේ.. බොහෝ රසවත් දේවල් මට මිස් වුණා කියල මම දන්නවා. නමුත් ගොඩක් සොඳුරු මිනිසුන් හඳුනාගන්න ලැබුනා.. තවම අඳුනා නොගත් එහෙම අයත් බොහෝ ඉන්නවා. මම බ්ලොග් ලියන්නේ හෝ කියවන්නේ හරි අඩුවෙන්..දවසේ වැඩිහරියක් කොම්පියුටරේ ඉස්සරහ ගෙවෙන රස්සාවේ තියෙන වැඩ අධික කම නිසා ගොඩක් වෙලාවට හවස ගෙදර ගිහින් ආයෙත් බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හිතෙන්නේ නෑ... කියවන දෙයක් වුනත් ගොඩක් වෙලාවට කියවන්නේ ඔෆිස් එකේ වැඩ අතරතුර..
සිංහල යුනිකේත ගුග්ල් සමුහයටත් අවුරුදු 10ක් ගෙවුනා කියල දැන් දවස් කීපයකට කලින් ඊමේල් එකක් ඇවිල්ල තිබුනා.. ඒ සමුහයේ සිටි අයව නැවත හමුවන්න ආසයි.. ඒ වගේම බ්ලොග් කරුවන් එකතුවෙන උළෙලකට ගිහින් හමුවෙන්නත් ආසයි. නැවත ලංකාවට ආපු දවසක නොවැරදීම ඔය හමුවීම් වලට එන්න ඕනේ (මොකට ආවත් ඉතින් ඔහේ පැත්තකට වෙලා බලා ගෙන ඉඳල යන එක තමයි කරන්නේ.. හෙහ් හෙහ්)
මම දකින විදියට බ්ලොග් එකක් කාලයක් පවත්වාගෙන යන්න වැදගත් ම දේවල් තමයි තමන්ට ලියන්න තියෙන ආසාව සහ ලියන දේ ගැන අන් අයගේ අදහස්... තමුන්ට ආසාවක් නැතුව වෙන වෙන අරමුණු වලින් පටන් ගන්න බොහෝ අඩවි ටික කාලයකින් වැසි යනවා. ඒ වගේම අපේ කොමෙන්ට් කරුවන් නැත්නම් මොන ආසාව තිබුනත් ටික කාලෙකින් එපා වෙනවා.
මට නම් මගේ බ්ලොග් එකට ලැබෙන හිට්ස් ගාන කවදාවත් වැදගත් වුනේ නෑ.. සටහනක් ලිව්වම කි දෙනෙක් බැලුව ද කියන දේ එච්චර මම සලකන්නේ නෑ.. නමුත් ගොඩ දෙනෙක් බැලුවම සිතට සතුටක් දැනෙනවා. හැබැයි ඊළඟට ලියන සටහන ලියවෙන්නේ හුදෙක් මට ඕනේ දේ ලියන්න මිසක් ගොඩ දෙනෙක් බලයි කියන අරමුණින් නෙවෙයි..
කාට හරි දැන ගන්න ඕනේ නම් අවුරුදු 10ක් බ්ලොග් එක ලිව්වම කොච්චර හිට්ස් ලැබෙනවා ද කියල
අද මේ මොහොත වෙද්දී මගේ බ්ලොග් එකට ලැබිල තියෙන සම්පුර්ණ පේජ් විව්ස් ගාන ඒ කිව්වේ
Pageviews all time history - 107,497
Pageviews all time history - 107,497
මෙච්චර කාලෙකට වැඩිම දෙනෙක් බලපු පෝස්ට් එක මෙන්න මේක බලපු ගාන 1116යි.
ඔය මදැයි නේද.. හෙහ් හෙහ්
වෙන ඉතින් ලියන්න දෙයක් නෑ. බ්ලොග් ලිවිම කියන්නේ හරි ආතල් ජනක දෙයක්. මගේ නම් අවංකම හැඟීම ඒකයි. අනිත් එක සීමාවක් නැතිව ඕනේ දෙයක් ඉතා පහසුවෙන් ලියල අන් අයගේ අදහස් ක්ෂණිකව දැන ගන්න පුළුවන් වීම නිසා බ්ලොග් ලිවිම අනිත් සියලුම ලේඛන කලා වලින් වෙනස් වෙනවා. අනාගත ලේඛන කලාව බොහෝදුරට බ්ලොග් වලින් ම සිද්ද වෙයි වගේ..
තමුන්ට කැමති දේ කැමති විදියට කරනකොට එපා වීමක් නැතිව ජිවිත කාලයක් වුනත් කරන්න පුළුවන්..
පසුගිය වසර 10 පුරාවට මේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමට මගේ ස්තුතිය..!
පසුගිය වසර 10 පුරාවට මේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමට මගේ ස්තුතිය..!
සුභ පැතුම් ඔබට
ReplyDeleteබොහොම ස්තුතියි ඉයන්!
DeleteGood luck Pathum.
ReplyDeleteබොහොම ස්තුතියි ! මට මේ නම දකිද්දී හැමදාම ඔළුවට එන්නේ මොකට නිම්නයක තනිවෙලා ඉන්නවද කන්ද උඩට නැගල ආතල් එකේ ඉන්නේ නැතුව කියල.. හෙහ් හෙහ්...
Deleteකන්ද උඩට නැග්ගත් පැතුම් පෙන්නේ පහල නිම්නයනේ.....:)
Deleteඅම්මෝ අවුරුදු දහයක් සෙල්ලන්ද
ReplyDeleteඅටම් ලත් අවුරුදු 10ය ගහයි අද හෙටම.. හෙහ් හෙහ්..
Deleteමගේ හෘදයාංගම සුබපැතුම් කොල්ලො...හෙහ්,හෙහ්,..හප්පා..ටෙන් ඉයර්ස් ආ?...වෙරි ගුඩ්...:)
ReplyDeleteඑල කීරි රවී තුමා... ! මම අවුරුදු 10ම ලියපුව වගේ 10 ගුණයක් විතර රවී අයියා මේ ටික කාලෙට ලියල ඇති.. හෙහ් හෙහ්..
DeleteRaviAugust 29, 2016 at 3:36 PM
DeleteKalyana,
සයින් ද පීස් සකබෝනා..යකෝ දෙදාහෙ පටන් ගත්තු බ්ලොග් එකක්.
අපි මේ හිතං හිටියෙ අපේ පැතුමා තමයි ජේස්ටම බ්ලොගර් කියල. ඒකා හන්දියක් හන්දියක ගානෙ කිය කිය ගියෙත් එහෙමනෙ. "මම තමයි මෝස්ට් සීනියර් බ්ලොගර්, අයි ස්ටාටඩ් බ්ලොග් රයිටිං ඉන් ශ්‍රී ලංකා..." අරකද මේකද කියල. අම්මප මූ තියන්ට වටිනවද?
දැන් වෙරි ද? හෙට උදේට ආයේ පැහැදිලි කරලා කියමු බලන්න.. හෙහ් හෙහ්
Deleteහෙට උදේ වෙනකල් ඉන්ට දෙයක් නෑ බොල..මෙන්න මේ කමෙන්ට් එක ඔය...:)
Deleteඔන්න ඕකනේ මම එදා කිව්වේ මම අසරණ පොඩි එකා කියල.. තව නාකි ඉන්නවා මේකේ.. හෙහ් හෙහ්..
Deleteමොනවා උනත් හොඳ හොයා ගැනීමක්.. !
බිත්තිය පටන්ගෙන ගෙවුනා දස වසරක්
ReplyDeleteසුභ පැතුමන් සමගින් දෙමි මල් පොකුරක්
ජයවේවා!!!
මම ඊයේ මේක ලියද්දි කවිපදයක් ගොතා ගන්න බැලුවා.. හරි ගියේ නෑ.. දුමින්ද නම් ගානට කවිය ගොතල තියෙනවා.. බොහොම ස්තුතියි..
Deleteජය
ReplyDeleteබොහොම ස්තුතියි වැව් ඉස්මත්ත.. !
Deleteසුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තුතියි සෙන්නා..! අර එබෝලා රෝගියා මලා ද? :D
Deleteජ්‍යොෂ්ඨ ශ්‍රේෂ්ඨයාණනි, නොනැවතී ඉදිරියට යන්නට හෘදයාංගම සුබපැතුම්!
ReplyDeleteවිචා,
Deleteකිව්වත් වගෙ පැතුමට අපි නම්බු නාමයක් දෙමු "ජේෂ්ඨ වියුණු රචක" නැත්නම් "පුරෝගාමී වියුණු රචක" කියල.Senior Blogger or Pioneer Blogger...:)
අනේ මම අසරණ පොඩි ළමයෙක්.. මට පාඩුවේ ඉන්න ඇරපල්ලා.. :D
Deleteහදවතින්ම සුභ පැතුම් - පැතුම්. පැතුම් ගේ බ්ලොග් එක මම මුලින්ම වගේ කියවපු එකක්. ඒ කියන්නේ රසිකගේ කතන්දර කාරයා, ටැබූ සබ්ජෙක්ට් වගේ එක්ක. පැතුම් ගේ එකේ උපේක්ෂ එක්ක හෙම සංවාදත් ගිය වගේ මතකයි. රැඳී ඉන්න දිගටම.
ReplyDeleteඅජිත් උපේක්ෂත් එක්ක සංවාදේ ගියේ අර බුද්ධාගම සම්බන්ධ පෝස්ට් එකේදී නේ.. කෝ මේ උපේක්ෂා හැබෑටම..? ඔය විවේක ගත්ත මදැයි.. දැන් ආපහු වැඩට බහිමු..:)
Deleteමම කලින් පටන් ගත්ත එක විතරයි කලේ.. රසික, ටැබූ කියන්නේ බ්ලොග් ලෝකයේ දැවැන්තයෝ.. මට කවදාවත් බැරිවෙයි ඒ මට්ටම එන්න.. හෙහ් හෙහ්
සතුටුයි. සුබ පැතුම් පැතුම් !! දස වසරක් තිස්සේ බ්ලොග් ලිවීම ජයග්‍රහණයක්. ඒ ලියන හැම දේම වගේ තත්වයෙන් උසස් නිසා ඔබ ලබා ඇත්තේ විජයග්‍රහණයක්
ReplyDeleteබොහොම ස්තුතියි තිලක් අයියේ..
Deleteහෙක්.. මෙයා එහෙනං අවුරුදු 10 ක්ම බිත්ති බැඳල එහෙනං. ඔහොම යං ලොක්ක ඉස්සරහටම.
ReplyDeleteකො.කා.ස. සභාපති හැටියට ඔන්න මගෙනුත් සුබ පැතුම්. -ජය-
කො.කා.ස තමයි ඉතින් මේවා මේ විදියට කරන්න අත හිත දෙන්නේ... අර ත්‍රිවිල් වල ගහනවා වගේ බ්ලොග් වලත් ගහන්න ඕනේ අත හිත කොමෙන්ට් කරුවන්ගෙනි කියල... හෙහ් හෙහ්.. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියා
Deleteඔබේ වසර 10ක බ්ලොග් කලාවට සුභ පැතුම්.
ReplyDeleteමට නම් බ්ලොග් එක නිසා සිද්ද උනු තරමක් සිද්ද උනේ හොඳමයි
ඒක නිසාම මම කියන්න පුරුදු වෙලා හිටියා මෑත අවුරුදු 10 ගත්තොත් මට වුනු හොඳම දේවල් ලිස්ට් කලොත් බ්ලොග් එක ලියන්න ගැනීම, පුතා ලැබුනු එක ඊට අවුරුදු 7කට පස්සේ දුව ලැබුනු එක එහෙම කියලා.
ඇත්තෙන්ම මේක අපූරු විනෝදාන්ශයක්
මටත් බ්ලොග් එක නිසා හොඳක් මිසක් නරකක් නම් වෙලා නෑ... ඇත්තටම හරි ජොලි වැඩක්..
Deleteබොහොම ස්තුතියි දුකා අයියා..
මම හිතන විදියට සිංහලෙන් බ්ලොග් ලියන පරණම හාදයා බොලා..සුභ පැතුම් මිත්තරයා..
ReplyDeleteබොහොම ස්තුතියි සිරා.. !
Deleteපැතුම් ගැන මට නම් ඇත්තේ ඉතා සුහද හැගීමක්.. කොයි තරම් කාලයකින් දුටුවත් ඒ ගැහැීමේ වෙනසක් නම් නැහැ.. පැතුම් බ්ලොග් බැලුවාද නැද්ද කියන එක මේ කාලයටම මම නං බලා නැහැ.. අර විචා කිව්වත් වගේ සේස්ට ජේස්ට විදියට බෝම නිහතමානිව හියපු පොරක් තමා මේ.. සන්තෝසයි.. එච්චරයි.. ජය වේවා.. (වෑස තියෙන නිසා අමාරුවෙන් හරි අවුරුදු 20 ක් විතර තව අදින්න බැරි වෙයිද ආසාව හීන නොවී.. හැක් හැක්..)
ReplyDeleteජය වේවා පැතුමා.. හිටිස් තම්බලා කන්නයැ..(බ්ලොග් ප්‍රස්ථාපිරැළකි)
හෙහ් හෙහ් අඩෝ ඒ කියන්නේ මම උඹේ බ්ලොග් එක බලන එක තේරුමක් නැද්ද මිට පස්සේ හෙහ් හෙහ්...
Deleteබලමු ඉතින් ඔය තව කාලයක් අදින්න... බරක් නොගෙන කරන තාක්කල් අදින්න පුළුවන් වෙයි..
බොහොම ස්තුතියි දේශක මාමේ...
අවුරැදු 10 ක් බ්ලොග් එකක් කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. හැබැයි තමන් කැමති දේ කරද්දි ආසාවෙන් කරන්න පුලුවන් කියන එකට නම් මමත් එකඟයි. යෙහෙන් චිරාත් කාලයක් බ්ලොග් ලෝකයේ සැරි සැරීමට වසරම් ලැබේවා.
ReplyDeleteSali, බ්ලොග් එකක් කරන එක අමාරු වැඩක් නෙවෙයි.. හිතට වදයක් නොවෙන තාක් කල්... බොහොම ස්තුතියි Sali
Deleteසුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තුතියි මහේෂ්..!
Deleteසුබ පැතුම් !
ReplyDeleteබොහොම ස්තුතියි මනෝජ්..!
Deleteමම මුලින්ම බ්ලොග් කියෙව්වා 2010–2012 දක්වා කාලයේ. එත් ඔබේ බ්ලොග් එක දුටුවේ නැහැ. අද දුටුව නිසා ඉඩ ඇති හැටියට පරණ සටහන් කියවා බලන්න ඉන්නේ.
ReplyDeleteඔය හිට්ස් ගැන ඔබ කියන අදහස තමයි මමත් විශ්වාස කරන්නේ. සමුරායි සමයේ ජපන් ඉතිහාසය ගැන මම ලියපු සටහන් විමලබුද්ධි හමුදුරුවොන්ගේ විශ්විද්‍යාල නිබන්ධනයක් සඳහා ඉතා ප්‍රයෝජනවත් වුනා කියල ලැබුන ස්තුතිය තමයි බ්ලොග් ලිවීමෙන් ලැබුන වැඩිම සතුට. කියවලා දෙයක් ගන්න එහෙම එක කියවන්නෙක් වෙනුවෙන් වුනත් ලියන එක හිට්ස් ගොඩක් වෙනුවෙන් ලිවීමට වැඩිය සතුටක් බවයී මම හිතන්නේ.