අපි වගේ විප්‍රවාසිව ඉන්න අයට නිකන් ඉන්න වෙලාවට කරන්න ඒ හැටි දෙයක් නෑ.. ඒ කියන්නේ ඔෆිස් එකට ගිහින් ඇවිල්ල නිදාගන්න කම් ඉන්න වෙලාව සහ ගොඩක් වෙලාවට සති අන්ත. (අනිත් අයට කොහොමද දන්නේ නෑ.. මම කිව්වේ මට... ). ලංකාවේ ඉන්නවට වඩා මෙහෙම රටක ඉන්න එකේ එක වාසියක් තමයි කරන්න මෙලෝ වැඩක් නැති වෙලාවල් තිබීම.. ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. කොහෙන් හරි මොකක් හරි වැඩක් සෙට් වෙනවා.. මම ඔය නිකන් ඉන්න වෙලාවට කරන්න කියල හැටක් විතර දේවල් හිතාගෙන ඉන්නවා.. .. උදාහරණ විදියට මේ බ්ලොග් එක ලියන එක, ජිම් යන එක, ස්විමිං යන එක, පොත් කියවන එක, චිත්‍ර අඳින එක, ඉලෙක්ට්‍රොනික් වැඩ කරන එක ආදී වශයෙන්.. හෙහ් හෙහ්..හැබැයි අන්තිමට එකක්වත් කරන්නේ නෑ... වස කම්මැලියි.. ඉතින් ඔහොම ඉන්න වෙලාවට කිසි අමාරුවක් නැතිව කරන එකම වැඩේ තමයි ටි.වී එකේ ඔය ටි.වී සීරීස් බලන එක.. මෙහෙ තියෙන ලෝකල් මෙගා නාට්ටි බලන්නේ නැති නිසා කරන්නේ ඉංග්‍රීසි නාට්‍ය මාලා බලන එක තමයි.. එක්කෝ ෆිල්ම්..
ඔය ෆිල්ම් , ටීවී සීරිස් බලන්න තියෙන ලේසිම විදිය තමයි Popcorn Time. මේක ඉන්ස්ටෝල් කර ගත්තම තියෙන ඕනේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම්.. විනාඩි 2-3ක් යනකොට ෆිල්ම් එක ප්ලේ වෙනවා.. ඉස්සර වගේ ඩවුන්ලෝඩ් කර කර ඉන්න දෙයක් නෑ.. තනිකරම නොමිලේ.. ඊළඟ විසඳුම Netflix වගේ සේවාවක් ලබා ගැනීම.. ලංකාවෙත් දැන් තියෙන නිසා හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවනම් ගත්තට පාඩු නෑ.. මේ කිව්වේ ටොරන්ට් බාගෙන ඩවුන්ලෝඩ් කරන්නත් කම්මැලි තරමේ අයට...
ෆිල්ම් සහ සාහිත්‍යය අපුරුවට එකට මුහු වෙනවා කියල මට හිතුනා... දැන් හැදෙන ගොඩක් ෆිල්ම් වලට පාදක වෙන්නේ මීට කාලෙකට කලින් කවුරුන් හෝ ලියපු පොතක එන කතාවක්.. හෝ කතාවේ එන චරිත. පොත සහ ෆිල්ම් එක කොච්චර දුරට රසවින්දනයට බලපානවද කියන එක හිතල බැලුවොත් පොත කියවනකොට දැනෙන රසවින්දනය වැඩියි කියන්න පුළුවන්.. හැබැයි සමහර ෆිල්ම් බලනකොටත් ඒ වගේම රසයක් තියෙනවා. ඒක සාපේක්ෂ දෙයක්.. මේ තාක්ෂණික දියුණුව එන්න කලින් ඇත්තටම අපිට පොතක් පතක් ඇර සාහිත්‍යමය වින්දනයක් ලබන්න තිබුනේ සීමිත අවස්ථා ප්‍රමාණයක් පොතකින් ලැබෙන වින්දනය ඒ කාලේදී අපිට ඉහටත් උඩින්.. හැබැයි දැන් ඒක තව දුරටත් එහෙම ද? කොච්චර දැනුමක් සහ රසයක් මේ වීඩියෝ සහ ඕඩියෝ මාධ්‍ය වලින් ලැබෙනවද... ඉතින් තව දුරටත් පොතටම අපි තැන දීම ටිකක් අසාධාරණයි වගේ..
මට ඕක හිතුන එක උදාහරණයක් කියන්නම්.. මම ඉස්සර ඔය විදුසරේ යන අවකාශ-කාලය, සාපේක්ෂතාවාදය වගේ මෙලෝ දෙයක් නොතේරෙන ලිපි හෙන අමාරුවෙන් කියවනවා.. කොච්චර හිතුවත් අපිට ඒවා තේරුම් ගන්න හෙන අමාරුයි.. සමහර වෙලාවට අපි ඔය මොකක් හරි අපිට හිතෙන දෙයක් හිතාගෙන ඒක තමයි හරි කියල හිතාගෙන ඉන්නවා.. හැබැයි දැන් යු-ටියුබ් එකේ ඔය ඕනේ එකක් ගානට ඕනෙම කෙනෙකුට ලේසියෙන් තේරුම් යන විදියට හදපු වීඩියෝ ඕනේ තරම් තියෙනවා.. ඒ දැනුමෙන් මිනිස්සු කොච්චර දේවල් කරනවා ද?
දැනුම සහ සාහිත්‍ය රසය කියන්නේ දෙකක් කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.. පොතක් කියෙව්වහම අපිට හිතා බැලීමේ නිදහස අසීමිතව තියෙනවා.. තම තමන් කැමති ආකාරයකට පොතේ එන චරිත මවා ගන්න පුළුවන්.. හැබැයි ෆිල්ම් එකේ දී අපිට කවුරු හෝ කෙනෙක් ඒ කතාව විඳපු විදිය තමයි බලන්න වෙන්නේ... එතකොට අපිට නිදහසේ හිතන්න තියෙන අවකාශය ඇහිරෙනවා... හැබැයි අපි මෙහෙම හිතුවොත් අපි පොතක් කියවල අඬපු වාර ගනනද වැඩි නැත්නම් ෆිල්ම් එකක් බලල අඬපු වාර ගනනද වැඩි? මට නම් පොතක් කියවල ඇස් වලට කඳුළු ආපු දවසක් මතක් කරගන්නත් බෑ වගේ.. හැබැයි කඳුළු උනපු ෆිල්ම් ඕනේ තරම් තියෙනවා.. එහෙම වෙන්නේ නළු නිළියන්ගේ දක්ෂ තාවය සහ අධ්‍යක්‍ෂකවරයාගේ දක්ෂතාවය නිසා තමයි.. හැබැයි වර්තමාන ලෝකේ මිනිස්සුන්ගේ හදවතට වඩා දැනෙන්නේ පොත් ද චිත්‍රපටි ද?
මම මේ දවස් වල Netflix එකේ යන කතා මාලා දෙකක් බලනවා... අහසට පොලොව වගේ වෙනස් කතා තියෙන සීරීස් දෙකක්.. එකක් Stories by Rabindranath Tagore අනික Penny Dreadful. මේ දෙක ගැන කෙටියෙන් යමක් කිව්වොත් අපි කවුරුත් දන්නා රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතා පදනම් වෙච්ච 1920 ගණන් වල වගේ ඉන්දියාවේ සමාජය නිරුපනය වෙන කතා මාලාවක්..හරිම ලස්සන පසුතල සහ රුගත කිරීම් වලින් යුක්ත අපුරුවට හදපු කතා පෙලක්.. කතාවල තේමාව සංකීර්ණ නෑ.. මිනිස්සු එදිනෙදා ජිවිත වල මුහුණ දෙන පොඩි පොඩි සිද්දි හරි අපුරුවට කතාවලට දාල තියෙනවා.. වැදගත් ම දේ තමයි.. ඒ කතා ඉවර වෙන්නේ අවසානය අපිට හිතා ගන්න ඉඩ ඉතිරි කරලා.... උදාහරනෙකට කිව්වොත් තුන්කොන් ප්‍රේමයකට මැදි වෙන තරුණ වැන්දඹුවක් ගැන කතාවක්. කතාව ඉවර වෙන්නේ ඒ ගැහැණිය සහ මිනිසුන් දෙදෙනා තම තමන් සැබවින් ම ජිවිතයේ කල යුතු ඇත්ත තේරුම් ගන්න අවස්ථාවට අපිව ගෙනල්ල..ඒ දේවල් ගැන ඉඟි වලින් අපිට දන්වල කතාව ඉවර වෙනවා... එතනින් එහාට කතාව ගොතා ගන්න තම තමන් ට පුළුවන්...
මේ කතා මාලාවේ තියෙන අනිත් වැදගත් ම දේ තමයි එක කතාවකින් පස්සේ අනිත් කතාව පටන් ගන්නේ.. අර කලින් කතාවේ චරිතයකට මග තොටේදී හරි නැත්නම් රැකියා ස්ථානයේදී හරි හමුවෙන තවත් කෙනෙකුගේ කතාවකින්.. ඒ කිව්වේ මෙහෙමයි එක කතාවක් තියෙනවා රහස් පරීක්ෂකයෙක් ගැන.. රහස් පරික්ෂකයාගේ කතාව ඉවර වෙන්නේ එයා වැඩ කරන පොලිස් ස්ථානයෙන් නිදහස් වෙලා යන හිර කරුවෙකුගේ චරිතය අපිට පෙන්නලා.. ඊට පස්සේ කොටස තියෙන ඒ හිර කරුවාගේ කතාව.. හිර කරුවාගේ කතාව ඉවර වෙන්නේ ඔහුට හමුවෙන පුංචි ගැහැණු ළමයෙකුගේ චරිතයෙන්... කතා එකට එකක් සම්බන්ධ නෑ... නමුත් ඒ චරිත එකට එකක් සම්බන්ධයි... මම ඒ වගේ අදහසක් දැකපු පළවෙනි වතාව.. මට නම් හරි අපූරුයි කියල හිතුනා.. හැම කතාවක් අවසානයේම අපිට ඒ කතාවේ අවසානය කොහොම වෙන්න ඇති ද කියල හිතන්න ඉතිරි කරලා නතර කරනවා.. ඔක්කොම ප්‍රශ්න වලට උත්තර ටික දීලා ඉවර කිරීමක් නෑ... හැබැයි උත්තරේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියල කතාවේදී පෙන්නනවා..
ඕක බලද්දි මට හිතුනේ මේ විදියට කොච්චර කතා මවන්න පුළුවන් ද කියල...
හරි අනිත් කතා මාලාවට එමුකො..
අනිත් කතාව හොරර් කැටගරියේ එකක්.. මම ඔය හොල්මන් සහ ඔය ඒ වගේ වල්බුත තියෙන කතා බලන්නේ නෑ...මට හිතෙනවා ඒවා මෙලෝ වැඩක් නෑ කියල.. නිකන් පොඩ්ඩක් බය වෙනවා විතරයි.. ඉතින් මම මීට අවුරුදු 10-12කට කලින් බැලුවට පස්සේ කිසිම හොරර් ෆිල්ම් එකක් බලල නෑ.. මේ Penny Dreadful කතාවේ Trailers මම ගොඩක් කලින් ඉඳන් බලල තිබුනා.. හැබැයි ඔය මොකක් හරි හොල්මන් කේස් එකක් වෙන්න ඇති කියල මම අත ඇරල දාල තිබුනේ.. මේ ගිය සතියේ ඔය මට වගේම ටිකක් කචල් ගති තියෙන යාලුවෙක් තමයි කිව්වේ ඒක බලපන් කියල..
මම කොච්චර මේ සාහිත්‍යය ගැන දන්නවද කිව්වොත් එහෙම ඔය Penny Dreadful කියන නම ගැන හිතාගෙන හිටියේ නිකන් හොල්මන් ආවේශ වෙන Penny කියල කෙල්ලෙක් ගැන කතාවක් වෙන්න ඇති කියල.. පස්සේ හොයල බලද්දී දැන ගත්තේ Penny Dreadful කියන්නේ වෙනමම සාහිත්‍යයක් කියල...
මෙන්න මෙහෙමයි විකිපීඩියාවේ තියෙන්නේ
[Penny dreadful is a pejorative term used to refer to cheap popular serial literature produced during the nineteenth century in the United Kingdom. The term is roughly interchangeable with penny horrible, penny awful,and penny blood. The term typically referred to a story published in weekly parts, each costing one penny. The subject matter of these stories was typically sensational, focusing on the exploits of detectives, criminals, or supernatural entities. While the term "penny dreadful" was originally used in reference to a specific type of literature circulating in mid-Victorian Britain, it came to encompass a variety of publications that featured cheap sensational fiction, such as story papers and booklet "libraries". The penny dreadfuls were printed on cheap wood pulp paper and were aimed at young working class males.]
ඒ කියන්නේ 19 වන සියවසේදී තිබ්බ අපේ චිත්‍ර කතා වගේ කතා ජාතියක් වෙන්න ඇති... නැත්නම් දැන් ඔය නැගල යන Marvel, DC Comic වගේ වෙන්න ඇති.. හැබැයි මේ කතා ටිකක් අද්භූත , හොල්මන් කැටගරි වලට අයිති වෙන, විවිධ හැඟීම් ඒ කිව්වේ මේ ශෘන්ගාර රසය එහෙම ටිකක් වැඩිපුර උපදවන සුළු කතා ජාතියක් වෙන්න ඇති..
හරි එතකොට මොකක්ද මේ Penny Dreadful කතා මාලාවේ තියෙන අර සාම්ප්‍රදායික හොල්මන් කතා වලට වඩා තියෙන විශේෂත්වය.. අපි කවුරුත් Dracula චරිතය දන්නවනේ ඒ පොත කියවපු අය දන්නවා ඒ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන ජොනතන් හාකර් ගේ බිරිඳ වෙච්ච මීනා හාකර් ගැන.. මම අර කලින් ලියපු පෝස්ට් එකේදිත් මෙයා ගැන ලිව්වා.. අනිත් කෙනා අර මැරිච්ච මිනිස්සුන්ට පන දෙන දොස්තර මහත්තය Frankenstein. ඊට පස්සේ තව මේ Dorian Grey කියල හාදයෙකුත් ඉන්නවා.. කතාව කිව්වොත් වැඩක් නැති නිසා මම වැඩිය මොකුත් නොකිය ඉන්නම්.. හැබැයි මෙහෙම කියමු අපි නිකමට හිතල තියෙනවද ඔය මීනා හාකර් ගේ චරිතය ගැන.. ඒ කියන්නේ එයා ඔය ජොනතන් හාකර් ව බඳින්න කලින් සිද්ද වෙච්ච දේවල් ගැන.. ඇත්තටම අර Dracula කතාවේදී මීනා හාකර්ට වෙච්ච දෙයින් පස්සේ එයාගේ පවුලේ අය කොහොමද එකට මුහුණ දෙන්න ඇත්තේ..? එයා වෙනුවෙන් අනිත් අය මොනවා කරන්න ඇති ද? හෙහ් හෙහ් අපි කවදාවත් ඔච්චර දේවල් ගැන හිතනවා ද?
මම අර කලින් කිව්ව රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතා සහ මේ කතා මාලාවේ කිසිම සමාන කමක් නෑ.. හැබැයි මම දැක්ක ලොකුම සමනාකම තමයි එක කතාවක ඉන්න අනු චරිතයක කතාව කොහොම වෙන්න ඇති ද කියන එක... අපි නොසලකා හරින ඒ චරිතය ඇතුලේ තව අපුරු කතා තියෙන්න පුළුවන් නේද?
Penny Dreadful ගැන කියද්දී එකේ ප්‍රධාන චරිත රඟ පාන නිළිය ගැනත් මොකුත් නොකියම බෑ.. Eva Green කියන්නේ මම බලපු ෆිල්ම් වලින් මගේ මතකේ රැඳිලා ඉන්න මම කැමති නිලියක් .. මේ නිළිය ගැන අඩු පාඩුවක් නැතිව ඔය පිරිමි පාර්ශවයේ අයට බලා ගන්න පුළුවන් The Dreamers කියන ෆිල්ම් එක බැලුවනම්..
මේ කතා දෙක අපි දෙන්න බලන්නේ මෙහෙමයි.. අපි දෙන්නම රබින්ද්‍රනාත් තාගෝර් තුමාගේ කතාවෙ කොටසක් දෙකක් ඔය රෑට කන ගමන් බලනවා.. ඊට පස්සේ බට්ටි නගා නිදා ගන්න ගියාම මම Penny Dreadful බලනවා.. ඔය යන එන වෙලාවට Penny Dreadful එකේ දකින පොඩි පොඩි කෑලි වලට බට්ටි නගා රෑට හීනෙන් බයවෙනවා.. මම ආතල් එකේ නිදා ගන්නවා.. ඊට පස්සේ බැනුම් අහනවා රෑ තිස්සේ මල විකාර කතා බලනවා කියල.. හෙහ් හෙහ් හෙහ්..
හරි දැන් ඔය වගේ කතා බලපුවහම අපිට ඊලඟට හිතෙන දේ සහ බ්ලොග් පෝස්ට් එකක් සාර්ථක වෙලා හිට්ස් වැඩි වෙන්න ඊලඟට අවශ්‍යය වෙන දේ ගැන හිතල බලමු..
ඒ කියන්නේ මෙන්න මේවගේ කතා එක්ක ලංකාවේ තියෙන කතා සංසන්දනය කරලා ලංකාවට බනින කොටස ගැන අපි දැන් නිකමට හිතල බලමු.
මම ලංකාවේ ඉන්න කාලේ එක දවසක් ඔය විදර්ශන ප්‍රකාශන ආයතනයේ ජනක ඉනිමංකඩ මහත්මය ද කොහෙද සංවිධානය කරපු ඔය සාහිත්‍යය ගැන තියෙන හෙන විද්වත් දෙසුමක් අහන්න ගියා ජෝන් ද සිල්වා එකට.. මට අවුරුදු 24-25ක් වගේ ඇති.. කොන්ඩ රවුල් වවා ගත්ත හෙන සෙට් එකක් ඇවිල්ල හිටියා.. තවත් ඒ වගේම කොන්ඩ රැවුල වවාගත්ත මහත්මයෙක් මයික් එක බදාගෙන පැයක්- පැය බාගයක් විතර හෙන බර වචන වලින් දේශනාවක් කළා.. මට මෙලෝ දෙයක් තේරුනෙ නෑ... ඉතින් ගිය මෝඩ කමට අහගෙන ඉඳල ආපහු ආවා.. මට ඒ කතාවේදී කියපු කිසිම දෙයක් දැන් මතක නෑ..
හැබැයි එදා මට මතක සිද්දි දෙකක් තියෙනවා..
එකක් මම ඒ කතාව අහගෙන ඉන්න ගමන් හිතුවා ඇයි ලංකාවේ හැරී පොටර් වගේ ෆුල් ෆැන්ටසි කතා බිහි වෙන්නේ නැත්තේ කියල. සභාව මැද්දේ නැගිටලා ඔය ප්‍රශ්නේ අහන්නත් හදල නිකන් මොකට චාටර් වෙනවා ද කියල මම නිකන් හිටපු එක ..
අනිත් එක තමයි දේශනාව ඉවර ගෙදර යන්න නැගපු AC බස් එකේ මම ඊට කාලෙකට කලින් ට්‍රයි කරලා චාටර් වෙච්ච ගෑනු ළමයෙක් එයාගේ පෙම්වතා එක්ක ආදරෙන් තුරුල් වෙලා හිටපු එක. මම එතනම උලම වගේ හිටගෙන ගිය හැටි.. හෙහ් හෙහ්..
දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න අය වශයෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි ලංකාවට නොබැන ලංකාවේ මිනිස්සුන්ගේ නොහැකියාවන්, හෝ නොදැනුවත්කම් ගැන අඩු තක්සේරු නොකර අඩුම තරමේ අලුතින් ලියන, අලුතින් ෆිල්ම් , නාට්‍ය හදන, නැත්නම් කලාවට සාහිත්‍යයට එකතු වෙන අයට අලුත් විදියට හිතන්න පුළුවන් දේවල් අලුත් සංකල්ප ගැන.. පොඩියට හරි කතා බහ කරන එක.. මේක කලාව සාහිත්‍යයය ගැන විතරක් නෙවෙයි හැමදේ ගැනම එහෙමයි.. අපි ගොඩක් වෙලාවට කරන්නේ destructive criticism මිසක් constructive criticism නෙවෙයි.. ඉතින් ලංකාවේ වරදක් තියෙනවනම් ඒ වරදට හේතුවත් අපිමයි..
හරි ඉතින් මේ කතා බලද්දී මට හිතුන දේ මෙහෙමයි.. ලංකාවේ සාහිත්‍යයයේ කොච්චර අපුරු චරිත ඉන්නවා ද කතා මවන්න පුළුවන්..
උදාහරණ :
1. 33 කෝටියක් දෙවියන්ගෙන් අපි දන්නා දෙවියෝ කීප දෙනා ගැන කතා.. ඒ කියන්නේ සීයුස් දෙවියන්ට හොම්බෙන්න යන්න දෙන්න පුළුවන් පවර්ස් තියෙන දෙවිවරු අපිට ඉන්නවා..
2. මහසෝනා, රීරි යකා, කළු කුමාරයා, කාලි අම්මා ඇතුළු අපි ඔය දන්න කියන යක්ෂ ප්‍රේතයෝ ගැන.. Dracula කැලේ...
3. විජය කුමාරයාගේ ඉඳන් මහින්ද මහ රජානෝ දක්වා ඒ රජපවුල් සහ ඒ ඒ රජවරුන්ගේ බිසෝවරු සහ අන්තක්පුර ගැන PG සහ R කැටගරි වල ෆිල්ම්
4. හැමෝම නැගිට්ටවන්න හදන රාවනා රජතුමා ගැන.. මම අර රාවනා මෙහෙයුම ද කොහෙද කියල තියෙන පොත නම් කියෙව්වා.. එක හැබැයි ඉංග්‍රීසි ඇක්ෂන් ෆිල්ම් එකක් සිංහලෙන් ලියල රාවනා නමින් එච්චරයි වෙන ගත යුතු නිර්මාණශීලි දෙයක් නම් මම දැක්කේ නෑ.. හැබැයි හොඳ උත්සාහයක්..
5. ඊට පස්සේ ඔය රාජධානි ගැන කතා.. අනුරාධපුර, පොලොන්නරුව.. සමාධි පිළිමේ නෙලපු ගල් වඩුවාගේ තිබිච්ච හැකියාව ගැන ඇඟ හිරිවැටෙන කතාවක් ගොතන්න පුළුවන් නේ...
6. ඊට පස්සේ ඕනනම් ඔය පොළොන්නරුවේ තියෙන පිටසක්වල දොරටුව ගැන.. (එහෙම ඒවා තියෙනවද නැද්ද කියල අවුරුදු 2500ක් විතර වාද කළා ඇතිනේ දැන්)
7. සිගිරිය තියෙන්නේ.. ටීවී සීරිස් කීයක් හදන්න පුළුවන් ද...
8. රිටිගල පැත්තේ තිබ්බයි කියන සටන් කලා...
ඔය යක්කු ගැන කියද්දී මට මතක් වුනේ මට හම්බ වෙච්ච එක්තරා මහත්මයෙක් කිව්වා මහසෝනා හෝ ඒ වගේ ප්‍රසිද්ධ නමකින් අපි ඔය හඳුන්වන බලවේගයක් භාවනාව ගැන ඉගෙන ගන්න තමන් හා සම්බන්ධ වෙනවා කියල..
අපූරු සංකල්පයක් නේද නියම කතාවකට...
ඔය තියෙන්නේ කීපයක්.. මේවා නිකන් spider man, super man, LOTR, ටයිප් එකේ කතානේ කියල සම්භාව්‍ය අයට අහක දාන්න පුළුවන්
අපි හොඳට අඳුරන අපිට අමතක වෙච්ච චරිත ටිකක් මතක් කරලා බලමු...
1. කයිසාරුවත්තේ මුහන්දිරම් පරම්පරාව එතනින් ඉවර උනාද? නැත්නම් ඒ පරම්පරාවෙ අයගේ වර්තමාන තත්වය කොහොම වෙන්න ඇති ද?
2. මඩොල් දුවේ කවුරු හරි හොටෙල් එකක් හැදුවොත් උපාලි ලගේ , ජින්නලගේ ළමයි මොනවා කරයි ද?
3. විරාගයේ අරවින්දට දුරින් වෙච්ච නෑදෑයෙක් අරවින්ද ගැන කොහොම හිතනවා ඇත්ද?
4. දම්මි සහ සුගත්ට අමතරව දම්මිටයි සුගත්ටයි හිටපු අනිත් යාළුවන්ට මොනවා වෙන්න ඇද්ද..?
5. උපාලි විජේවර්ධන මහත්මය අතුරුදහන් වුනාද? නැත්නම් ..
6. නවලෝක ව්‍යාපාරය ගොඩ නැගුවේ එක රැයකින් ද?
හිතල බැලුවොත් තව කොච්චර චරිත ඉන්නවා ද ...
අපි මේ උඩ දාගෙන බලන කතාවල ඉන්නෙත් මේ වගේ ම චරිත තමයි.. එකම වෙනස ඒ චරිත මුළු ලෝකෙම අඳුරන චරිත වීම සහ අපේ චරිත ගැන දන්නේ අපි විතරක් වීම.. හැබැයි ඔවුන්ගෙයි අපෙයි කිසි වෙනසක් නෑ..
මම මේ ලඟදි මහ රජ ගැමුණු චිත්‍ර පටිය බැලුවා..CD එකක් ගෙන්නගෙන... බලද්දී හිතුනේ ලංකාවේ හැටියට සෑහෙන්න හොඳට කරලා තිබුනට.. ඔයිට වඩා හිතට වදින විදියට සහ උසස් තත්වයකින් ඒ චිත්‍රපටිය හදන්න තිබුන නේද කියල.. සල්ලි ප්‍රශ්නය ලංකාවට ප්‍රශ්නයක් තමයි හැබැයි ෆිල්ම් එකක උසස් තත්වය කියන්නේ සල්ලි නිසාම සිමා වෙන දෙයක් නෙවෙයි නේද..? අපිට මොකක් හරි නිෂ්පාදනයක තිබිය යුතු උසස් තත්වය ගැන තියෙන හැඟීමේ මොකක් හරි අවුලක් තියෙනවා.. ඒ අවුල අපේ අතින් ලියවෙන පොත් පත් වල, අදහස් වලත් තියෙනවා.. මට හිතෙනවා අපි විහින් හදාගත්ත සීමාවල හිරවෙලා කියල... මමත් එහෙමයි..
මිනිස්සුන්ට සීමාවල් තිබිය යුතුයි.. හැබැයි අපි හිතන දේවල් වලට සීමාවක් තියෙන්න ඕනේ ද.. සාහිත්‍යයය කලාව කියන්නේ සීමාවල් නැති දේවල් නෙවෙයි ද?
එහෙම ඉතිහාසේ සම්බන්ධ කරගෙන කතා හදනවනම් කොච්චර දෙයක් ද? හැබැයි ඉතින් හැදුවහම වෙන්නේ අපේ ඉතිහාසඥවරු, හාමුදුරුවරු ටික කතාවේ කොහේහරි කොනක් අල්ලගෙන කතාව හදපු ලියපු රඟපාපු සේරගෙම පතුරු අරිනවා.
ReplyDeleteඒක හින්දා තමයි මෙච්චර ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියාගෙනත් අපිට රොබින්හුඩ්ලගේ, ඇරෝලගේ, ස්පයිඩර් මෑන්ලගේ එහෙම රසිකයෝ වෙන්න වෙලා තියෙන්නේ(මමත් ඇතුළුව).
අර දැන් විකාශය වෙන ඉන්දියන් කුණු කතා දැක්කහම අපි ඒකාලේ බලපු දඬුබස්නාමානය එහෙම මතක් වෙලා හීල්ලෙනවා ඇත්තටම.
ටයිටස් තොටවත්ත මහත්මයා අද හිටියනම් එතුමා මැරෙන්නේ මේ විසූක දස්සන දැකලා හිතේ අමාරුවෙන්මයි.
මෙහෙමයි විවිද රස විඳින අය වෙනුවෙන් විවිද ආකාරයේ නාට්‍ය, පත පොත තියෙන්න ඕනේ.. හැමෝම එක විදියට එකම දේවල් රසවිඳියි කියල බලාපොරොත්තු වෙන්න බෑනේ.. මම අදහස් කරන්නේ ඔය විදේශ ටෙලි නාට්‍ය මට්ටමේ කතා මාලා..සහ සාහිත්‍ය කෘති වගේම දේ කරන්න ඕනේ තරම් සම්පත් අපි ළඟ තියෙනවා... අපි ඒවායෙන් වැඩක් ගන්නේ නෑ වගේ.. සමහරවිට ඉස්සරහට හැදෙයි.. බොහොම ස්තුතියි හසිතගේ අදහසට..
Deleteඅනිත් රටවල සිනමාව මෙච්චර දියුණු වෙන්න හේතුවත් ඔවුන්ට ලැබිල තියන සිතීමේ නිදහස කියලයි මම හිතන්නේ.
ReplyDeleteඅපේ රටේ ඉතිහාසය සම්බන්ධ නිර්මාණයක් කරනකොට නිර්මාණකරුවා දැඩි පීඩනයකට පත් වෙනවා. කතාව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් වැරදිච්ච තැන අල්ලගෙන ඒක පතුරු ගහනවා.
දුටු ගැමුණු මාත් බැලුවා බාගයක් විතර බලලා අතෑරියා.ඇත්තටම ඒ කතාවට ඊට වඩා සාධාරණයක් කරන්න තිබුණා කියලා මටත් හිතුණා, ප්‍රධානම දේ චරිත තෝරාගැනීම හරි නෑ.
වෙන රටවල තියෙන සංස්කෘතියයි.. අපේ සංස්කෘතියයි අතර තියෙන ගැප් එක සෑහෙන වැඩි නිසා ඔය අවුල වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.. අපි හිතන රාමුවෙන් පිට යන්නේ නෑ.. කවුරුවත් එපා කියපු නිසා නෙවෙයි අපිම හදාගෙන ඔහේ හිරවෙලා ඉන්නවා..
Deleteමට හිතෙන්නේ ඔය ඉතිහාස කතා ඒ විදියට නිර්මාණය කරල පණ්ඩිතයින් ගෙන් බණ අහනවට වඩා හොඳයි.. ඔය ඔය අපිට ඉන්න චරිත වලින් නිර්මාණය කරපු ෆැන්ටසි කතා හදන එක.. ඒ කියන්නේ ඇත්ත හෝ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන එක නෙවෙයි... හරියට අර සමාන්තර විශ්වයක දුටු ගැමුණු රජතුමා හිටියනම් මොනවා කරයි ද වගේ.. හෙහ් හෙහ් පණ්ඩිතයන්ට බණ කියන්න පුළුවන් එයාල දන්නා සීමාව ඇතුලේ හිර වෙලා හදනකොටනේ.. එතනින් එහාට හිතල කරන එක කාටවත් නතර කරන්න බෑනේ...
// මේ Penny Dreadful කතාවේ Trailers මම ගොඩක් කලින් ඉඳන් බලල තිබුනා.. හැබැයි ඔය මොකක් හරි හොල්මන් කේස් එකක් වෙන්න ඇති කියල මම අත ඇරල දාල තිබුනේ.. // අම්මප.. මාත් හිතුවේ එහෙම.. අනික් එක Penny Dreadful කියනෙකේ තේරුම.. හැක්.. දැන් ඔතන cheap කියුවමත් මම මුලින් ගත්තේ වෙන අදහසක්.. (Penny කියල තිබිලත්..)
ReplyDeleteඅම්මප කොච්චර දේවල් තියෙනවද තව අපිට අහුවෙන්නේවත් නැති.. හිතන්න සල්ලි යන්නෙවත් සීමාවක් දාලවත් නැති නිසා අඩුම තරමින් හිතන්නවත් ඕනි..
ස්තුතියි පැතුම්!
මම මේකේ පළවෙනි කොටස බලපුවහම හිතුනා යකඩෝ මොන මෝඩයෙක් ද මම මෙච්චර කල් මේක නොබැලුවේ කියල.. හෙහ් හෙහ්.. ඊට පස්සේ තමයි ගුග්ල් කරලා ඕක ගැන හෙව්වේ..
Deleteඅපේ රටේ ඉන්න විද්වත් බකපණ්ඩිතයො එක්ක ඔය කියනාකාරයෙ ෆිලුම් කොහේ හදන්නද. එහෙම හැදුවොත් වෙන්නෙ ප්‍රඩියුසර් කාරයට ෆිල්ම් රෝලෙන්ම බෙල්ලෙ වැල දාගන්න තමයි. මේ ඊයෙ පෙරේදත් අර හෝ ගානා පොකුණට මොකක්ද කේස් එකක් ඇද්දෙ.
ReplyDeleteහැබැයි ඔහොම එකක් හදනවනං කතාව ලියන්න නියම මනුස්සය තමයි අපේ රවී අයිය. හැක්..
ප්‍රසා... සිරාවට බන් රවී අයිය ලියනවා වගේ එලොවටත් නැති මෙලොවටත් නැති ටයිප් එකේ කතා ගැන තමයි මම කියන්නේ.. දැන් බැලුවහම රවිය කරන්නෙත් අර රබින්ද්‍රනාත් තාගෝර් වගේ කතා වල ඉතිරි කොටස අපිට හිතා ගන්න ඉඩ තියල නිකන් ඉන්න එක නේ... මට මේක ලියද්දිත් ඔන්න පොරව මතක් වුණා...හෙහ් හෙහ්..
Deleteහෝ ගානා පොකුණ බලල නෑ... ඔය වටේ ඉන්න බල්ලෝ හැමෝටම ගල් ගගහ ඉන්නේ නැතිව තමන්ගේ ගමන යන්න කියලනේ බන් අර කවුද කෙනෙක් කියල තියෙන්නේ..
//ලංකාවේදී එහෙම වෙලාවක් හොයා ගන්න හරි අමාරුයි.. කොහෙන් හරි මොකක් හරි වැඩක් සෙට් වෙනවා..//මගේ බ්ලොග් එක අප්ඩේට් වෙන් නෑ කියන එකේ තේරුම මම ඉන්නේ ලංකාවේ කියන එක
ReplyDeleteගොඩක් කල්පනා කරන්න හා කතා කරන්න දේවල් තියෙනවා මේ පෝස්ට් එකේ
පිටරටවල දී නිදහස තිබුනට අපේ ජිවිතේ යාන්ත්‍රිකයි කියල හිතෙනවා.. ලංකාවේදී අපිට හුරු විදියට ජිවත් වෙන නිසා ජිවත් වීම දැනෙනවා... මට ඒක ගොඩක් වෙලාවට මිස් වෙන හැඟීම තියෙනවා.. හෙහ් හෙහ්..
Deleteහිතෙන දේවල් වෙලාවක් තියෙනවනම් ලියල යන්න තිලක් අයියේ..
// අපිට මොකක් හරි නිෂ්පාදනයක තිබිය යුතු උසස් තත්වය ගැන තියෙන හැඟීමේ මොකක් හරි අවුලක් තියෙනවා..//
ReplyDeleteමේක තමයි පොයින්ට් එක.
අපිට (දකුණු ආසියානුවන්ට හෝ ශ්‍රී ලාංකිකයන්ට කියමුකො ) මොකක හරි නිමාව පිළිබඳ තියන පරිකල්පනීය චිත්‍රය බටහිර වැසියෙකුගේ චිත්‍රයට වඩා බොහොම පහලයි, දුර්වලයි. ඒකට හේතුව මම දන්නෑ. මට නිකමට වගේ හිතෙනවා අපි හරි ඉක්මනට සෑහීමකට පත්වෙනවා හෝ සෑහීමකට පත් වෙන සීමාව පිළිබඳ ප්‍රී ඩිෆයින් කරපු පහල මට්ටමක් තියනවා.. ආගමේ බලපෑමත් මෙතනදි ප්‍රධාන සාධකයක් වෙන්න පුළුවන්..
සෙන්නා, ඔය පොයින්ට් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න ඕනේ.. මට ඕක ගැන කියන්න පුළුවන් කෙටිම පිළිතුර අපි අල්පේච්ච ජීවිතය කියන එක වැරදි විදියට අල්ලාගෙන තියෙන්නේ කියන එක.. ආගමේ අවුලට වඩා තියෙන්නේ අපේ ආකල්ප අවුලක්... එහෙම හිතෙන්නේ නැද්ද සෙන්නට..?
Deleteආකල්ප සකස් වෙන්නේ කාලයක් තිස්සේ එන පුරුදු හා භාවිතාවන්ගෙන් නේද ? සරල බව, ලද දෙයින් සෑහීමට පත්වීම ආදී දේවල් අපි සියවස් ගානක් පුරුදු, පුහුණු කරලා ඒ ඔස්සේ ගොඩ නැගුනු ආකල්ප තොගයක් තමා අපිට තියෙන්නේ... අධ්‍යාත්මික දියුණුව පැත්තෙන් ගත්තම ඒවා හරි වටිනවා වුනාට, මෙහෙම දේවල් එක්ක බලද්දි ඒවයින් වෙලා තියෙන්නේ අවැඩක්ම තමා..
Deleteමට හිතෙන්නේ අපි බුදු දහමේ එන සරල බව සහ අල්පේච්ච තාවය අපේ කම්මැලි කම වහ ගන්න හරි සියුම් විදියට යොදා ගන්නවා කියල.. හිතල මතල කරන දෙයක් නෙවෙයි.. සෙන්න කිව්වා වගේ කාලයක් තිස්සේ ආපු පුරුද්දක් වෙන්න ඇති.. ආගම නිසා මිනිස්සු භෞතික දියුණුව කඩාකප්පල් කර ගන්න එකෙන් වෙන්නේ අන්තිමට ආගමත් නැති ලෞකික ජීවිතයකුත් නැති හිස් මිනිහෙක් වෙන එක... සරලම පැහැදිලි කිරීමක් නම් නැති කෙනෙකුට යමක් දීලා සම්පුර්ණයෙන් ම හිතෙන් අත ඇරලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ හොඳට තියෙන කෙනෙකුට ද යාන්තමට ගැට ගහගෙන ජිවත් වෙන කෙනෙකුට ද..?
Deleteසරල බවට භෞතික දියුණුව බාධාවක් වෙන්නේ නෑ කියලයි මගේ අදහස..
ආධ්‍යාත්මික දියුණුවට ලෞකික දේවල් බාධාවක් වෙන්නේ වැරදියට තේරුම් අරන් අදහන්න පුරුදු වෙච්ච අයට..
ලෝක පුජිත නිර්මාණ කරන මිනිස්සු නරක මිනිස්සු නෙවෙයි නේ..
+++
ReplyDelete