සාමාන්‍ය ළමා කාලයක් සහ ජීවිතය ගැන ගැඹුරු වැටහීමක් නැති යොවුන් සමයක් පසුකරමින් පැමිණි මට ජීවිතය ගැන බොහෝ දේ සිතීමට මාගේ පියාගේ හදිසි වියෝව හේතු වූ බව කිව හැකිය. දරා ගැනීමට අතිශය අපහසු වූ ඒ වියෝව කෙසේ හෝ දරාගත යුතු බව තේරුම් ගෙන ජීවිතය සාමාන්‍යය පරිදි ගෙවීමට අප පුරුදු වී සිටියෙමු. ආර්ථික ගැටළු,අධ්‍යාපනික ගැටළු සහ අනෙකුත් ලෞකික ජීවන ගැටළු සමඟ ගෙවී ගිය තරුණ කාලය තුළ හුදෙකලා වූ හැමවිටම ජීවිතය ගැන අවබෝධකර ගැනීමට, තේරුම් ගැනීමට මම උත්සාහ කළෙමි. අනෙකුත් ලෞකික ගැටළු බොහෝවිට ඒ සිතීම වැඩි කිරීමට මිස අඩු කර ජීවිතය සතුටු කිරීමට එතරම් හේතු නොවීය. සාම්ප්‍රදායික ආගම තුළින් නොලැබෙන යම් කිසි සහනයක අවශ්‍යතාවක් බොහෝ විට දැනුනි.
බුදුදහම ඇදහීම සම්බන්ධයෙන් නිවස තුළ වූයේ ද මැද පිළිවෙතක් නිසා ආගම ගැන එතරම් භක්තියක් කුඩා කල සිටිම නොතිබූ නමුත් බුදු දහමේ සඳහන් වූ සමහර කරුණු ගැන මගේ සිත පැහැදී තිබිණි. නමුත් එම කරුණු ප්‍රායෝගික ජීවිතයට යොදාගැනීම ගැටළුවක් ව තිබිණි. පන්සල කෙරෙහි එතරම් බැඳීමක් නොතිබූ බැවින් බොහෝ විට දානමානාදී කටයුතු වලදි පවා එය තවත් එක් වැඩක් ලෙස කරනවා මිස ඊට එහා ගිය ගෞරවයක් හෝ භක්තියක් සිත තුළ නොතිබිණි. මියගිය පියාට පිනක් සිදුවේ යන චේතනාව පමණක් බොහෝවිට තිබිණි.
මේ අයුරින් කාලය ගෙවී ජීවිතයේ විවිද වෙනස් කම් සිදුවෙමින් යන අතර තුර කුඩා කළ සිටම කියවීමට දැක් වූ ලැදියාව නිසා චරිතාපදාන කියවා ජීවිතය තේරුම් ගැනීමේ පුරුද්දක් මා සතුව තිබිණි. ආචාර්‍යය ඊ.ඩබ්ලිව් අදිකාරම් චරිතය ලාංකික චරිතකතා අතුරින් මගේ සිත්ගෙන තිබිණි. ක්‍රිෂ්ණමූර්ති තුමා ගැන දැන ගැනීමට ලැබී එතුමාගේ පොතපත කියවීමේ උනන්දුවක් ද මේ කාලය වනවිට ඇති වී තිබිණි. අවස්තා කිහිපයකදී ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්තාන වලට ගොස් දේශන වලට සවන්දීම, පොත පත පරිහරණය, සහ අන්තර්ජාලයෙන් එතුමාගේ දේශන වලට සවන්දීමට ද පුරුදු වී සිටියෙමි. ආගම තුළින් නොලැබෙන සහනය ඒ ජීවන චරිත සහ දේශන තුළ ඇතිබව වැටහී තිබිණි. නමුත් ඒවායේ වූ ගැඹුරුබව ප්‍රායෝගික ජීවිතයට කෙසේ යොදාගත හැකිද යන ගැටළුව හැමවිටම තිබිණි.
මේ අතර එක්තරා දිනෙක ඒ.එස් බාලසූරිය මහතා සමඟ සැදෑ වරුවක් ගතකිරීමේ අවස්ථාවක් උදාවුණි. රූපවාහිනියෙන් එතුමාගේ දේශන අසා තිබුණ නමුත් එදා හවස්වරුවේ එතුමා කතාකළ දෑ තුළ මෙතුවක් නොඇසූ තරමේ නැවුම් බවක් තිබිණි. අපට අහිමි වූ කාලයක ජීවත් වූ ක්‍රිෂ්ණමූර්ති තුමා, අදිකාරම් මැතිතුමා වැනි අයගේ පොතපත කියවන විට දැනුණු සහනශීලී හැඟීම බාලසූරිය මහතාගේ දේශන වල තිබුණි.
එතුමාගේ පොත පත වල සිතීමට බොහෝ නැවුම් කරුණු අඩංගු විය. ඒ කරුණු ගැන අවශ්‍යය ඕනෑම විටෙක කතාබහ කිරීමට තර්ක කිරීමට අවස්තාව ලැබීම අතිශයින්ම වැදගත් විය. හැකි හැමවිටම එතුමාගෙ දේශන වලට සහභාගී වීම පුරුද්දක් බවට පත්විය. බොහෝ කළණ මිතුරන්ගේ ඇසුර ඒ දේශන වලට සහභාගී වීමෙන් ලබා ගත හැකි විය. ජීවිතය පිළිබඳව වෙනස් ආකාරයකින් බැලීම ටිකෙන් ටික ආරම්භ විය. බොහෝ තරුණයින්ට ඇතිවන ලෞකික ගැටළු සහිත ජීවිතය දෙස යම් තරමකින් වෙනස් ලෙස බැලීමට මා පුරුදු විය.
ක්‍රම ක්‍රමයෙන් සිතිවිලි වල සිදුවන වෙනස් කම් නිසා ජීවිතය පහසු වීමක් ටිකෙන් ටික දැනෙමින් තිබිණි. යා යුතු නිවැරදි මාවතට පිවිසි බව මනාව වැටහී තිබිණි. අන් සියළු වැඩ වලට වඩා ප්‍රමුඛත්වයක් ඒ මඟ යාමට දීමට මා පුරුදු විමි. ලෞකික ජීවිතය සුපුරුදු ලෙස ගෙවී ගියේය. එහි කිසිදු කඩා වැටීමක් මේ මඟ යාම නිසා සිදු නොවුණි. සිදු වූ එකම දෙය ගමන පහසු වීම පමණි.
මේ අයුරින් ගෙවුනු වසර කිහිපය තුළ වුවද සැබෑ සහනය තවමත් නොලැබුණු බව දැනී තිබිණි. සැබෑ සහනය ලබාගත යුතු දෙයක් බව සිතා ඒ වෙනුවෙන් උත්සාහ කිරීමට ටිකෙන් ටික මා පෙළඹුනි. භාවනාවෙන් ලැබෙන දෙයක් යැයි ඉගෙන ගෙන තිබූ බැවින් භාවනාවෙන් ලැබීමට උත්සාහ කලෙමි. ලෞකිකව ගෙවන එදිනෙදා ජීවිතය තුළ භාවනාවට එතරම් තැනක් දීමට ප්‍රායෝගිකව අපොහොසත් වීම නිසා බාලසූරිය මහතා නිතර පවසන මේ මොහොත තුළ ඇති ජීවිතය දැකීමට පටන් ගතිමි.
බොහෝ කාලයක් තිස්සේ කෙසේ හෝ ලබා ගන්නට ඕනෑ යැයි සිතමින් කළ උත්සාහය අතහැර දමා, සිදුවන්නේ කුමක් දැයි හැමවිටම අවදියෙන් සිත දෙස බලාසිටින විට ක්‍රම ක්‍රමයෙන් සිත තුනී වී යන බවක් දැණිනි. 2011 වසරේ මැද භාගයේ එක්තරා දිනක රාත්‍රී නින්දට යාමට සැරසි තවත් ඉතිරි වී ඇති මේ සිතිවිලි රාමුවෙන් ගැලවීමේ අවශ්‍යතාවක් මතුවී සිත දෙස බලා සිටින විට ක්ෂණයකින් පසු පෙර නොවූ ආකාරයේ සැහැල්ලුවක් දැනුන ආකාරයක් මට මතකය. ඉන්පසු ගෙවූ හැම දිනකම මා ජීවත් වූයේ අප්‍රමාණ සැහැල්ලු ස්භාවයකිනි. සිතට එන සියළු සිතිවිලි නෙලුම් පතකට වැටෙන දියබිඳු සේ ගලා ගොස් අතුරුදන් වන ආකරයක් මට දැනෙයි. එදිනෙදා වැඩ වලදී මේ තත්වය නොමැති වූවත් වැඩක් නොකරන සෑම විටම ස්භාවය මෙයයි.
බොහෝ ධර්ම කරුණු සැකයකින්, තර්කයකින් තොරව සත්‍යය ලෙස වැටහී යන ස්භාවයක් පවතී. සමාජ සම්මත යැයි සළකන දේ තුළ ඇති මුලාවන් වැටහෙන ස්භාවයක් ඇති අතර ජීවිතය අතිශය සැහැල්ලු සහ ඉතා පහසුවෙන් ගලා යයි. දුක,කණගාටුව, කෝපය වැනි සිතිවිලි විටෙන් විට පැමිණියද ඒවා ඇති බව පසෙක සිට බලා සිටිමින් ඔහේ සිදුවන්නට හැර සිටින ස්භාවයකින් ජීවිතය ගෙවීමට හැකි වී ඇත. ඒ ඒ සිතිවිලි වලට අදාළව ක්‍රියා කිරීම් සිදු කලත් කරන්නේ මොකක්දැයි අවදානයක් සහිත වීම, විනාඩි කිහිපයකින් නැවත සැහැල්ලු ස්භාවයට පත්වීමට හැකි වීම නිසා එදිනෙදා කටයුතු සහ සබඳකම් ඉතා පහසුවෙන් පවත්වාගෙන යාමට හැකි වී ඇත. බොහෝ විට සිතුවිල්ලෙන් තොරව ඔහේ සිටීමට ඇති කැමත්ත නිසා පෙර කිසි කලක නොවූ ආශ්වාදයක් විදීමට මා පුරුදු වී ඇත. එය අලස කම නොව කිසිවක් නොකර නිදහස් මනසින් සිටීමේ කැමැත්තය. එදිනෙදා අවශ්‍ය දේවල් කිරීමේදී කලයුතු දේ කුමක් දැයි පෙර නොවූ ලෙස වැටහීම සහ සමාජ සම්මත බොහෝ දේ ඇසුරින් අවශ්‍යම දේ පමණක් තෝරා බේරා ගැනීමට සහ එසේ කිරීමේදී සිදුවන ලාභ අලාභ කෙරෙහිද එතරම් වෙනසකින් තොරව බලා සිටීමට හැකි නිසා බොහෝවිට මිනිසුන් සමඟ කටයුතු කරන විට මහත් පහසුවක් දැනෙමින් පවතී. කිසිවක් මට නොවේ ලෙස සිටීමේ හැකියාව නිසා ජීවිතයේ ගැටළු වලින් මානසික පීඩාවක් ඇති නොවී ඔහේ නතර වී සිටීමේ ආසාව හැම විටම සිත තුළ පවතී.
සිතෙහි මේ පවතින ස්භාවය ගැන ගැඹුරුන් සිතා බලන විට එය ජීවිතකාලය පුරා සෑම දිනම තිබූ තත්වයක් මිස අමුතුවෙන් ලැබූ දෙයක් නොවන බවත් සිදුවී ඇත්තේ මෙතෙක් කලක් වැසී තිබුණු දෙයක් ටිකෙන් ටික නිරාවරණය වී මනාව පැහැදිලි වීමක් යැයි වැටහී ඇත. බාලසූරිය මහතා අමුතු දහමක් හෝ තිබෙන දහම වෙනස් ලෙසකින් හෝ දේශනා නොකර පවතින සත්‍යය ඒ ආකාරයෙන් ම පහදා දීම නිසා මගේ ජීවන දැක්ම වෙනස් විය. 2600 වසරකට පෙර මිනිසුන් ඇසූ ඒ නොකිලිටි සත්‍යයය සහ බාලසූරිය මහතා මේ වත්මනෙහි අපට පහදා දෙන සත්‍යයය අතර වෙනසක් නැති බව මට හැඟේ. විවිධ කඩතුරාවන්ගෙන් වැසී ගොස් ඇති ඒ සත්‍යයය සහ ඒ සත්‍යයය වෙත ළඟා විය හැකි මාර්ගය අපට නිවැරදි ලෙස පෙන්වා දී ලෞකික ජීවිතය තුළම නිදහස ලබා ගත හැකි බව පෙන්වා දුන් ඒ.එස් බාලසූරිය මහතාට මාගේ නමස්කාරය මෙසේ පුද කරමි.
ප.ලි
මේ සටහන මීට ටික කලකට පෙර ඒ.එස් බාලසූරිය මහතාගේ ජීවිතය සහ එතුමා කල සේවය ඇගයිම පිණිස නිකුත් කල කුඩා සමරු පොතක් සඳහා මා විසින් ලියන ලද සටහනකි. ගෙවුණු කාලය පුරාවට ලෞකික බැඳීම් සමග ගෙවී යන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා සිටීම නිසා මෙතුමාගෙන් මා උගත් දේ කෙතරම් මගේ ජීවිතය සාර්ථකව ගෙවීමටත් , මිත්‍යාවෙන් පිරුණු මතවාද වලින් බැහැරව පවතින සත්‍යයය එලෙස දැක ආත්ම පුර්ණයට පත්වීමටත් හේතු වූ බවත් අනාගත කාලය වෙනුවෙන් සටහන් කර තැබීමකි.
පෙර සටහන්
බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය 1 කොටස
බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස
කැමති කෙනෙකුට විමසා බලන්නට
Vimukthi Center For Spiritual Well-Being

පැතුම්ගෙන් අමුතු ආකාරයක පොස්ට් එකක්. හිත හසුරුවාගැනීම එතරම්ම පහසුයි කියා හිතන්නට බෑ. නමුත් ඔබේ මේ උත්සාහය ප්‍රසංශනීයයි
ReplyDeleteඉවාන් හිත හසුරුවා ගැනීම කිසිසේත්ම පහසු දෙයක් නෙවෙයි. මම ඉගෙන ගත්ත දේ තමයි අපේ එදිනෙදා ජීවිතයත් මේ ආධ්‍යාත්මික දියුණුව උදෙසා අපි කරන දේවලුත් දෙකක් විදියට නොගැනීම. ඒ කියන්නේ මේ දැන් මේ මොහොතේ සිටම ඒ වෙනුවෙන් අපි උත්සාහ කළ යුතුයි කියන එක. මම මේ ලිව්වේ ආසන්න වශයෙන් පහුගිය අවුරුදු 10ක විතර කාලයක් තිස්සේ මම එදිනෙදා ජීවිතය තුලින් තේරුම් ගනිමින් ගත කල කාලය ගැන සාරාංශයක්.
Deleteමම අර කලින් පෝස්ට් දෙකේදී කිව්වා වගේම අපි ඔය හිත හසුරුවා ගැනීම ගැන දකින විදිය වෙනස් කර ගැනීමෙන් වඩා සාර්ථකව ඒ දේ කරන්න පුළුවන්.
ටිකක් බර වැඩියි වගේ. මොකුත් නොකිය ඉන්නං.
ReplyDeleteහෙහ් හෙහ් එහෙම බරක් දෙයක් නෑ.. ඇවිල්ල බලපු එකත් ලොකු දෙයක් නේ..
Delete1970 දශකයේදී මට හමුවුණු එක්තරා ස්වාමීන් වහන්සේ නමකගෙන් බුදු දහමේ වැදගත් කරුණු රාශියක් ඉගෙනගත්තා. ඇත්තෙන්ම ඒ නිසා යැදීම්, ඇදහීම්, වලින් තොරව අධිඨාන, අනුගමන, සහ පිළිපදින ක්‍රියා පිළිවෙතක් සෑහෙන කාලයක් මා පවත්වාගෙන ගියත්, හමුදා ජීවිතයේදී එය බිඳ වැටුණා.
ReplyDeleteබොහොම හරවත් සහ සිතන්නට යමක් ඉතිරි කරන ලිපියක් ලෙස අගය කරනවා.
බොහොම ස්තුතියි අගය කිරීම ගැන. විචාරකට හැකිනම් ලබා දී ඇති ලින්ක් වලින් ගිහින් එහි ඇති වීඩියෝ කීපයක් බලන්න.
Deleteෂහ් මරුනෙ.... එහෙම ඉන්න පුළුවන්නම්... ඒ කියන්නේ දැන් පැතුම් නැවතිලාද ?
ReplyDeleteහෙහ් හෙහ් සෙන්නා, නවතින්න ට්‍රයි කරන එක නැවතිලා කියල වගේ කියමු. පුළුවන් නම් ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන වීඩියෝ ටිකක් බලන්න.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ බිසී වෙලාවේ දිගට දිගට ලියන්න කුචුකවන එක තරම් නරක වැඩක් තියෙනවද හැබෑට ආ?
ReplyDeleteසටහන ගැන ස්තුතියි. පෘතක්ජන මිනිසුන් තවත් කෙනෙකුගේ ගුණයක් කියන්නේ එක්කෝ ඒ මනුස්සය මැරිලා ගියාම, නැත්තම් වාසියක් තියෙයි කියල හිතාගෙන. ඒ දෙකම නැතුව කෙනෙක්ගේ ගුණයක් ලිවීමට, අගය කිරීම ලබන්නා වගේම අගය කිරීම කරන්නා තුලද ගුණවත් කමක් තියෙන්න ඕනේ. නැද්ද?
දැන් හොඳ බබෝ.... ඔහේ ඉඳන් ඔය මිනිස්සුන්ට වද දිදී ඉන්නේ, ලියමුකො තව තව දේවල්.
1. කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ ... (තාලෙට කියන්න)
Delete2. ඔපිස් එකේදී බ්ලොග් ලියන්න බැරි තරමට මුන් මට වද දීම සහ මම මුන්ට වද දීම .
3.ගෙදර ගියාම කම්මැලි කම.
ඔන්න ඔය සරල ප්‍රශ්න දෙක තුන විසඳ ගත්ත නම් ලියන්න තිබුන ගමකට
අනේ මන්ද .. හිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි .. තැන තැන ඇවිදිනවා..
ReplyDeleteහිත හීලෑ නෑ.. හරිම මුරන්ඩුයි .. තැන තැන ඇවිදිනවා..තමයි. ඒක නතර කරන්න බෑ හැබැයි අපිට පුළුවන් ඔය යන එන තැන් ගැන හොඳ සිහියෙන් ඉන්න. අන්න ඒක කරන්න පුරුදු වෙන එක තමයි වැදගත්.
Deleteසෑහෙන කාලෙකට පස්සේ පැතුම්. මම A/L කරන කලේ ක්‍රිෂ්ණ මුර්තිගේ හා ඊ ඩබ් අදිකාරම් මහතාගේ පොතයි හරියට කියව්ව. ඔය ඔබ කියන එක තායි මෙහෙණියක් ඉංග්‍රීසියෙන් ලියල තියෙනවා. සම්මා සති කියන්නේ ඕකට නේද. මම හුඟක් වෙලාවට වාහනයක් යද්දී මුකුත් නොහිත ඉන්න වෑයම් කරනවා. හැබැයි මට ලේසිම වතුර වැඩි. වැවක් මුහුදක් , ගංගාවක් ලඟ හෙම.
ReplyDeletehttp://nelumyaya.com/?p=3938
අජිත් මම හිතන්නේ අපි කරන්න ඕනේ මොකුත් නොහිත ඉන්න ට්‍රයි කරන එක නෙවෙයි අපිට හිතෙන දේවල් ගැන සිහියෙන් ඉන්න එක. සිහිය සහ සිත වෙන් වෙන් විදියට දකින්න පුළුවන් කර ගන්න ඕනේ. එතකොට අපිට අපේ හිත වැඩ කරන හැටි තේරුම් ගන්න පුළුවන්. සම්මා සති කියන්නේ අන්න ඒ සිහියට.
Deleteහිත ඉබේම නිසල වෙලා යනවා සිහියෙන් යුතුව සිත දිහා බලන් ඉන්න කොට. ඒක හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න ඕනේ.
පරිසරය නිශ්චල වුනාම එහෙම ඉන්න ලේසියි තමයි. හැබැයි අපි එදිනෙදා ජිවත් වෙන හැම වෙලාවේදීම ටික ටික හරි ඕක පුරුදු කරන්න ඕනේ. මොනතරම් ධර්මය ඉගෙන ගත්තත් ජිවත් වෙන හැම මොහොතටම ඒවා ආදේශ කර ගන්න බැරි වුනොත් වැඩක් නෑ.
පැතුම්.................. මේ තරම් සුන්දර ලියැවිල්ලක් තියාගෙන අැයි හංගන් ඉන්නේ.... දිගටම ලියමු...
ReplyDeleteකුරුටු, ඉවසීමෙන් හොඳට හිතල යමක් ලියන්න තරම් අදහස් එන්නේ නෑ. අනිත් එක අම්බානක් වැඩ නිසා නිදහසක් තියෙන හැමවෙලේම ඔහේ නිකන් ඉන්න හිතෙනවා මිසක් ඒ වෙලාවෙත් හිතල මතල ගලපලා ලියන්න කම්මැලියි වගේ..
Deleteබොහොම ස්තුතියි අගය කිරීමට.
Sounds similar to my perception. But I'm far behind you. (Means I'm not yet ready to see what is already here) Well done and thanks for the info about Mr. Balasooriya cz haven't heard of him before. Will follow his material too. Just for your info- feel that you may like to listen to Alan Watts.Good luck
ReplyDeleteඇනෝ, ස්තුතියි Alan Watts ගැන මම අසා තිබුනේ නෑ.
ReplyDelete