Sunday, November 09, 2014

බුදු දහම සහ මම හෙවත් මගේ සත්‍යය ගවේෂණය - 2 කොටස

මේ තියෙන්නේ මුල්  කොටස . ඒ කොටස කියවල මේ කොටස කියවන්න පුළුවන් නම් වඩා හොඳයි  


ඉතිරි ටික ලියන්න කලින් තව පොඩි දේවල් ටිකක් ලියල ඉන්නම් . කලින් කතාවට ඌණ පුරණයක් විදියට 

මට  මගේ හිත ඇනලයිස් කරලා බලන්න පුළුවන් .. මම මගේ හිත තේරුම් ගන්න උත්සාහ ගන්න ඇත්තේ සමහරවිට ඔය තාත්තගේ මරණෙන් පස්සේ වෙන්න ඇති . සරලම උදාහරනේ තමයි ඊට පස්සේ මට දුක හිතන ඕනෑම වේලාවකදී මම හිතල බලනවා ඇයි මම මේ සිද්දියට දුක් වෙන්නේ ? මිට වැඩිය දෙයක් මට වුනානේ. ඉතින් මේක මොකක් ද ? ඔච්චරයි.

හරි ඉතින් මම බණ පොත්, ජාතක කතා  එහෙම ඊට ගොඩක් කලින් ඉඳන් කියවල තියෙනවා.  මම මේ කතාව කෙටියෙන් පටන් ගන්න තමයි අර රේරුකානේ හාමුදුරුවන්ගේ පොතෙන් පටන් ගත්තේ. 

ඔය එහෙන් මෙහෙන් කියවපු දේවල් වලින් සහ දෙමව්පියන්ගෙන් මම හොඳ නරක කියන දේ දැනගෙන හිටියා ..ඒ කියන්නේ පන්සිල් රකින(ඉඳල හිටලා මදුරුවෙක්, කුඹියෙක්  මරල/ ඉස්කෝලෙට රස්සාවේ බොසාට බොරුවක් කියනවා ඇරුනම)  මහා ලොකු ලෙස පවක් නොකරපු කෙනෙක්. මේ අපි හැමෝම  වගේ තමයි.

මම ඔය බොහොමයක් පොත් වල දී දැක්කේ, එහෙම නැත්නම් ඔය බණ වලදී අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ගේ අන්න ඒ බේසික් ටික හදන්න ඕනේ කරන ධර්මය .. ඊට අමතරව ඉතින් මේ සංසාරේ දුකයි . අපි පින් කරලා කොහොම හරි කෙලවර නිවන් දකින්න ඕනේ කියන ටික තමයි මට නම්  ඔය හැම බණකදිම ඇහිලා තියෙන්නේ.

අපිට නිතර ඇහෙන්නේ සමස්ථ සමාජය හදන්න කියන බණ  මිසක් ධර්මයේ හරය නැත්නම් ගැඹුරු තැන් පැහැදිලි කරන බණ නෙවෙයි . අනිත් එක බණ අහනකොට මුලින් ම ඔළුවට දෙන්නේ මේක ඔය ආවට ගියාට තේරුම් ගන්න බෑ  .. මේවා පින් කරපු අයට විතරයි තේරෙන්නේ  වගේ  අදහස් ..

අවංකවම සමහරවෙලාවට ඒ වගේ බණ  කියන හාමුදුරුවන්ට වැඩිය නම් ගමේ කුලී වැඩක් කරලා , හවසට ෂොට් එකක් දාගෙන, සිංදුවක් කියාගෙන ඉන්න මනුස්සය තුල නිහතමානි කම , අව්‍යාජ කම , නිරහන්කාරය වගේ මහා සුත්‍ර වලින් පැහැදිලි කරන ධර්මය ප්‍රායෝගිකව තියෙනවනේ කියල මට හිතිලා තියෙනවා.

ඉතින් මට හිතුනේ හරි මේ ටික මම දැනටම දන්නවා . ඒ කියන්නේ හොඳට ජිවත් වීම කියන කොටස. කෙළවර තියෙන නිවන ගැන කවුරුත් දන්නේ නෑනේ. අඩුපාඩු ඇති. හැබැයි   මෙතනින් එහාට කොහොමද කියන එක 

ඊට පස්සේ අපි හැමෝම කරන භාවනාව, මමත් අනාපානසතිය, සමථ , විදර්ශනා  ආදී වශයෙන් ඔය උගන්නන හැම එකම වගේ ට්‍රයි කළා සැහෙන කාලයක් . බොරු කියන්නේ මොකටද එක විනාඩි යක් හිතේ සිතුවිලි නැතුව ඉන්න මට බැරි වුණා.  නමුත් අර හිත ඇනලයිස් කරලා බලන ගතිය නිසා විදර්ශනාව එච්චර අමාරු දෙයක් විදියට හිතුනේ නෑ .. නමුත් මම විදර්ශනා භාවනාව කියල මහ ලොකුවට භාවනා කලේ නෑ.. 

මට ඔය දවස් වල නිකමට වගේ හිතුනා භාවනා කරන්න, හිත එකග කරන්න මෙච්චර අමාරු නම් .. ඒ කාලේ කොහොමද තොග ගානට මිනිස්සු සෝවාන්  ආදී මාර්ග ඵල ලැබුවේ කියල ... හැබැයි ඒ පෙර පින නැත්නම් සසර පුරුද්ද කියන එකෙන් එහා ගිය උත්තරයක් මට හොයන්න ඕනේ වුණා. 

ඔන්න ඔය වගේ ආපු ප්‍රායෝගික ප්‍රශ්න වලට අර පොත් වල උත්තර නොතිබුන නිසා තමයි  ඒ දවස් වල මම ඒවා කියවන එක අතෑරියේ ...රේරුකානේ හිමියන්ගේ පොත් වල තියෙන ධර්මය හෝ ඒ මාර්ගය ගැන මට කිසි ගැටලුවක් නෑ .. ඒව  100% ක් ඇත්ත . හැබැයි මට ඒ මාර්ගය  හරි නොගිය නිසා අතෑරලා දැම්ම. 

මට ඕනේ වුනේ මම ගෙවන මේ ජීවිතය තියාගෙන මේක තේරුම් ගන්න . ඒ නිසා වෙන්න ඇති මට අධිකාරම් මහත්මය සහ ක්‍රිෂ්නමුර්ති තුමාගේ ජිවන චරිත සහ ඉගැන්වීම් අල්ලලා ගියේ ..

ඌණ පුරණය ඉවරයි ...

දැන් තමයි ඉතිරි කොටස ...

ඉතින් එක දවසක දිමුතු අයියා පොඩි කතාබහකට කියල මේ කියන කෙනාව එක්කන් ආවා . ඒ කතා බහ අපි කලේ අක්කලාගේ ගෙදර . මගේ ජීවිතේ එක හැරවුම් ලක්ෂයක් ඒ කතා බහේදී සිදු වුණා කියල කියන්න පුළුවන් .

මම හිතන්නේ බොහෝ දෙනෙක් මෙතුමාව අඳුරනවා ඇති. ලංකාවේ දැනට ඉන්න විද්වත් අධ්යාපනඥ්යෙක් ,ඒ වගේම කවියෙක් සහ ලේඛකයෙක් වෙච්ච ඒ.එස් බාලසුරිය මහතා තමයි ඒ අපුරු පුදගලය. 

ඉලක්කය , දොරමඩලාව , අසිරිමත් බුදු වදන් ,  ආදී රුපවාහිනි වැඩසටහන් වලිනුත් මේ දිනවල විකාශය වෙන ඉඳුරු දොර නම් පෙරදිග දර්ශනය පිළිබඳව කෙරෙන ගුවන් විදුලි වැඩ සටහනිනුත් ඒවගේ තව බොහෝ විද්‍යුත් මාධ්‍ය වල තියෙන  වැඩ සටහන් සහ පාසල්  සිසුන්, ගුරුවරුන් සමග කරන වැඩ සටහන් ආදියෙන් බාලසුරිය මහත්මය  ලංකාවට එතුමාගේ දැනුම අවබෝධය ලබා   දෙනවා . ලෝකයේ විවිද  රටවල තමන් ලද අවබෝධයෙන් සේවයක් කරපු කෙනෙක් සහ භාෂා කිහිපයකට පරිවර්තනය වෙච්ච පොත පත රාශියක් රචනා කරපු විද්වතෙක් .



බාලසුරිය මහත්තය බොහොම සරල හරි අපූරු කෙනෙක් . අපිත් එක්ක හොඳට හිතවත්ව කතා බහ කරලා කාලයක් තිස්සේ දන්න අය වගේ  ආශ්‍රය කලේ . මගේ ඔලුවේ තිබුනේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කරන මේ වගේ අය ගැන වෙනස් ප්‍රතිරූපයක්. ඒ කියන්නේ පොඩි ආරුඩ කරගත් සිල්වත් බවක්  එහෙම නැත්නම් ශාන්ත දාන්ත ගතියක් තියෙන අමුතු රුපයක් තමයි මට මැවිලා තිබුනේ . හැබැයි බාලසුරිය මහත්තය ඊට හාත්පසින් ම වෙනස් . හරිම නැචුරල් විදියට ඉන්න අව්‍යාජ ගමේ මනුස්සයක් .

නමුත් මම පස්සේ කාලෙක එතුමාව ආශ්‍රය කිරීමෙන් දැන ගත්තේ නවීන විද්‍යාව ගැන  නිතර අලුත්වන දැනුමකින් ඉන්න, විද්‍යාවේ අලුත් සොයා ගැනීම් , මතවාද ගැන බොහොම බුද්ධිමත්ව බලන ,  ඒ වගේම පුරාණ පෙරදිග දර්ශනය  ගැන එහෙම නැත්නම් සතර වේදය ගැන ව්‍යක්ත දැනුමක් තියෙන , නමුත් මේ නුතන විද්‍යාව ප්‍රතික්ෂේප නොකරන හරිම ප්‍රායෝගික කෙනෙක්. ඒ වගේම හරිම විවෘත කෙනෙක් . 

ඉතින් එදා පොඩි සතුටු සාමිචියකින් පස්සේ   අපි කට්ටිය බාලසුරිය මහත්තයත් එක්ක අක්කලාගේ ගෙදර තියෙන  සඳලු තලේකට සෙට් වෙලා ඉතින් මේ ධර්මය ගැන කතා බහ පටන් ගත්තා . 

මට එදා කතා කරපු  සියල්ල මතක නෑ. නමුත් ඒ කතාවේ හරය වුනේ මෙන්න මේ වගේ දෙයක්  . 

මුලින්ම අපි ඔක්කොම නිහඬව ටික වෙලාවක් ඉඳල අවට පරිසරයේ තියෙන නිහඩ බව අත්වින්ද ඊට පස්සේ බාලසුරිය මහත්තය අපට පැහැදිලි කරලා දුන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීම කියන්නේ  ස්භාව ධර්මය සමග ජිවත් වීම කියන දේ . අපි මනසින් ගොඩ නගාගෙන තියෙන ලෝකයෙන් මිදිලා සොබාදහමට එහෙම නැත්නම් මේ වීශ්වයට අප විවෘත වෙන්න ඕනේ කියන එක. ඒක අත්දකින්න අපිට අපේ මනසින් ගැලවෙන්න ඕනේ කියන එක එතුමා පැහැදිලි කරලා දුන්න . ඒ වගේම අපිට පැහැදිලි කරලා දුන්නා  මේ සිහිය පවත්වාගෙන යන හැටි ගැන  සහ සිහිය   (consciousness) ගැන සහ ආධ්‍යාත්මික ජීවනයට  මේ සිහිය කොහොමද උපකාරී වෙන්නේ කියන එක ගැන . 

ඒ කියපු ගොඩක් දේවල් අපිට එදා තේරුනේ නෑ .. නමුත් ඒ කතාවේ අපි මිට කලින් කවදාවත් අහල නැති නැවුම් බවක් තියෙනවා කියල අපිට වැටහුනා .

ඒ නැවුම් බව අපිට දැනුනේ ඒ කතා බහ තුල කිසිම වෙලාවක පාලි වචන  එහෙම නැත්නම් අපි බණ කියල දන්න වචන වලින් තොරව මේ ධර්මය  ගැන සහ අපේ සිත ගැන කතා කිරීම නිසා වෙන්න ඇති . 

ඔන්න ඔය විදියට මුල්ම හමුවීම සිද්ද වුණා. 

ඊට පස්සේ ඉඳන් අපි නිතර හමුවෙන නිතර කතාබහ කරන හිතවතුන් බවට පත්වුනා  . ඒ වගේම එතුමා විශිෂ්ට මනෝ උපදේශකයෙක් වශයෙන් සහ වැඩිහිටියෙක් වශයෙන් මගේ ජිවිතයේ ඒ ඒ කාල වලදී ආපු ගැටළු විසඳගන්න මට සැහෙන්න උදව් කළා .

බාලසුරිය මහත්මය විවාහකයි දරුවෝ ඉන්නවා . ඒ  දරුවන්ගේ දරුවොත් ඉන්නවා . ඒ වගේම හොඳ නවීන පන්නයේ ගෙදරක් එතුමාට තියෙනවා. ඒ කියන්නේ බොහොම හොඳ ලෞකික ජිවිතයක් එතුමා ගෙනියනවා . 

ඒ කියන්නේ ඇත්තටම මේ වගේ දෙයක් හොයන කෙනෙකුට තේරුම් ගන්න ඕනේ වැදගත් ම දෙයක් තමයි ආගමික හෝ ආධ්‍යාත්මික ජීවිතය කියල දෙකක් නෑ කියන එක . තමන්ගේ එදිනෙදා ජීවිතය තුලින් මේ ආධ්‍යාත්මික ජීවනය අපි ප්‍රගුණ කරන්න ඕනේ . 

ඒ කියන්නේ තමන්ගේ දැනට තියෙන ප්‍රශ්න ටික ඉවර කරගෙන , එහෙම නැත්නම් නිවාඩු දාල , නැත්නම් හැමෝම වගේ වයසට ගියාම කරන්න ඕනේ දෙයක් නෙවෙයි මේක . මේ දැන් මේ මොහොතේ ඔබේ ජීවිතය ඔබ ගෙනියන්න ඕනේ මේ මාර්ගයේ.

ඒකට හොඳ ජීවමාන උදාහරණයක් බාලසුරිය මහත්තයාගේ ජීවිතය තුල තිබුණා .

මේ ලෞකික ජිවිතයේ තියෙන ප්‍රශ්න එක්ක කොහොමද මේ දේවල්  කරන්නේ ? අපි කොහොමද භාවනා කරන්නේ ?එහෙම නැත්නම් අපි කොහොමද පින් කරන්නේ? වගේ අපි හැමෝටම තියෙන ප්‍රශ්න වලින් තොරව මේ ගෙවන ජීවිතය මීටත් වඩා හොඳින් සාර්ථකව ගෙවන ගමන් අපි ඇතුලතින් වෙන්න ඕනේ දේවල් කොහොමද අපි දියුණු කරගන්නේ කියල බාලසුරිය මහත්මයා කියල දුන්න  

මම මේ කාලයේ දී  එදිනෙදා  ජීව්තයේ සිද්දි වලට මුහුණ දෙනකොට මගේ හිත හැසිරෙන්නේ කොහොමද මගේ හිත වැඩකරන්නේ කොහොමද කියන දේ ගැන සංවේදී වෙන්න  පුරුදු වුණා . ඒ කියන්නේ දුක, කෝපය, ඉරිසියාව  වගේ දේවල් පමණක් නෙවෙයි අපිට නොපෙනී  අපි තුලින් හීනියට මතුවෙන ලොකු කම , උද්දච්ච කම , ආඩම්බරය වගේ දේවල් මතු වෙනකොටම කොහොමද ඒක  දකින්නේ කියන එක තේරුම් ගත්තා .

ඒ වගේම අනික් වැදගත්ම කරුණ තමයි ඔබ තුල තියෙන කරුණාව නැත්නම් හොඳ නිසා අනිත් අයට වඩා තමන් උසස් කියන මානසිකත්වය නැත්නම් අපි ධර්මය දන්නවා,  මම මේවා දන්නවා කියන අපේ දැනුම නිසා   අපි තුල ඉබේම ඇතිවෙන සියුම් මානය  පවා  ඒ සිතුවිලි ඇතිවෙන වෙලාවේදීම දැනගන්න  තරමට හිත සියුම් කරගන්න පුරුදු වුණා .

අනිත් එක අපි තුල තියෙන නිහතමානිකම ගොඩක් වෙලාවට අපිට වඩා සමාජ මට්ටමින් හෝ ධනයෙන් , බලයෙන් හෝ මොනයම් හරි දෙකින් අඩු අයත් එක්ක ඉන්නකොට හරිම ලේසියෙන් තිබුණට , අපේම මට්ටමේ  නැත්නම් අපේම රැකියාවේ ඉන්න අපිට වඩා පොඩ්ඩක් ඉහල කෙනෙක් එක්ක ඉද්දි ඒ නිහතමානිකම ඉබේම අතුරුදහන් වෙලා ego  එක (මමංකාරය) එලියට එන හැටි දකින්න තරම් අපේ හිත සියුම් වෙන්න ඕනේ.

අපිට ජීවිතය තියෙන්නේ මේ මොහොතේ විතරයි කියන දේ තේරුම් කරලා දුන්නේ බාලසුරිය මහත්තය . ඒක  තේරුම් ගන්න එක බලෙන් වෙහෙස වි කළහැකි දෙයක් නෙවෙයි . ඒකට අපි තුල තියෙන යහපත දියුණු කරන්න ඕනේ . ඒක ක්‍රියාවෙන්   කරන්න ඕනේ . ආදරය කරුණාව වගේ මානුෂික ගුණාංග අපි තුල දියුණු වෙනකොට මේ සොබාදහම ගැන අපේ තියෙන සංවේදී කම වැඩි වීම තුලින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් කියල තේරුම් කරලා දුන්න. 

මට හිතෙන්නේ අපේ සිත සියුම් වෙන්නේ අපි සොබාදහමට ලං වෙන තරමට .. සිත බලෙන් සියුම් කරන්න බෑ... සිතට සිතිවිලි එන එක නවත්තන්න අපිට බෑ .. නමුත් එන සිතිවිලි වලට සංවේදී වෙන්න පුළුවන් .. හිතට එන හිතුවිලි වලට සංවේදී වෙනකොට හිත සියුම් වෙනවා . ඒක නිරායාසයෙන් වෙන දෙයක්.

අනිත් වැදගත් ම දේ තමයි  "Learn to unlearn" කියන එක. ඒ කියන්නේ  ජිවිත කාලයක් තිස්සේ අපි මේ සමාජයෙන්, ආගමෙන් ඉගෙන ගෙන තත්වාරෝපනය කරගෙන තියෙන ඒ කියන්නේ condition කරගෙන ඉන්න දේවල් වලින්  තොරව යමක් දිහා නැත්නම් පුද්ගලයෙක් දිහා බලන්නේ කොහොමද කියන එක.  

සරලව කිව්වොත්  judge  නොකර බලන්න. මේ ඉන්නෙත් මම වගේම මනුස්සයෙක්  නැත්නම් ප්‍රාණියෙක් එහෙම නැත්නම් මම හැදිච්ච සොබා දහමෙම තව නිර්මාණයක් විදියට  දේවල් දිහා ප්‍රායෝගිකව බලන්නේ කොහොමද කියන එක .

මේ විදියට ජීවිතය දිහා බලනවා කියන්නේ අපේ හිත්  ඇතුලේ රාගය, ද්වේශය,මෝහය නිකන් ම නැති වෙලා යනවා කියන එක . රාග  ද්වේශ  මෝහ  ආදී වශයෙන් ඇතිවන සිතුවිලි දකින්න ඕනේ ඒ මොහොතෙදිමයි. විභාගෙකට ඉගෙන ගන්නවා වගේ ධර්ම කරුණු ඔක්කොම ඉගෙන ගෙන ඒවා ප්‍රැක්ටිස් කරලා පස්සේ කොහොම හරි රාගයයි , ද්වේශයයි  මෝහයයි නැති කරගන්නවා කියන දේ වැරදියි කියන එක අපි ප්‍රත්‍යක්ෂයෙන්ම   තේරුම් ගත්තා .

ඒ වගේම අපි කළයුත්තේ  කවදාවත් දුක් නොවෙන , කවදාවත් රාගයක් ඇති නොවෙන, මොනම හේතුවකට වත් තරහක් ඇති නොවන  කවදාවත් සතුටක් නොදැනෙන, සියලුම බැඳීම් වලින් ඉවත් වෙච්ච ජිවිතයක් ලබා ගැනීමට උත්සාහ කිරීම නොවෙයි කියන දේත් අපි තේරුම් ගත්තා .

මේ විදියට අපි කිසිවක් නොදන්නා අලුත් මිනිසෙක් විදියට ලෝකය දිහා බලනකොට ඔබට නැවුම් ලෝකයක් පෙන්න පටන් ගන්නවා. ඒ ලෝකයේ හැමදේම නැවුම් හැම මොහොතක් ම අලුත්.

මේ විදියට ජිවත් වෙනකොට ඔබට වැටහෙයි නිවීම තියෙන්නේ මේ දැන් , මෙතන මිසක් කෙළවර නෙවෙයි කියන එක .

අපි මේ දැනටම දන්න, අපි වන්දනා කරන සංකල්ප ගැන අපේ ඔලුවේ තියෙන අදහස ගැන වෙනස් කෝණයකින්  නැත්නම් වෙන  perspective  එකකින් බැලුවම ඒ දේවල් අපිට තේරුම් ගන්න පහසුවෙනවා . අපේ ඔලුවේ ආගම විසින් ගොඩනගල තියෙන ප්‍රතිරුප සියල්ල බිඳ වැටුනම අපිට මේ දේවල් වටහාගන්න ලේසියි කියල මම තේරුම් ගත්තා.

අපි මෙහෙම ටික කාලයක් ඉන්නකොට අපිට තවත් අපි වගේම මේ වගේ දේවල් ගැන උනන්දු වෙච්ච බොහෝ දෙනෙක් හම්බ වුණා .   ඒ අය  එක්ක එකතු වෙලා කතා බහ කරපු දේවල්, අපි කරපු වැඩසටහන් , ගිය තැන්  ගැන විස්තර මහ  ගොඩක් තියෙනවා . 

සත්‍ය ගවේෂකයින් ගේ කණ්ඩායමක් අපිට හිටිය  (දැනුත් ඉන්නවා)

මම මේ හම්බවෙච්ච ගොඩක් අයගෙන් කීප දෙනෙක් ගැන විස්තර ලියන්නම් . නැත්නම් මේක ඉවර වෙන්නේ නෑ ..

අපි මේ විදියට ටික කාලයක් ආශ්‍රය කරද්දී බාලසුරිය මහත්මය කිව්වා අපි වගේම මේ ක්‍රමයෙන් මේ ගැන හොයන්න උනන්දු වෙන තව අය ඉන්නවා . අපි ඒ අයත් එක්ක එකතු වෙලා මේවා ගැන තව හොයමු  කියල

ඊට පස්සේ අපි කට්ටිය ගියා තවත් අපුරු තැනකට .

ඔය ගම්පහ පැත්තේ ඉන්න අය දන්නවා ඇති වතුරුගම පාරේ ටික දුරක් ගියාම තියෙනවා මාලිගාකන්ද පන්සල .. ඒ පන්සලට ටිකක් කලින් තැනක් තියෙනවා  සනාතන ධර්ම නිකේතනය (මේ වගේ නමක් ) කියල කඳු ගැටයක් උඩ  ගල්තලාවකට මුහුණ දාල හදපු පොඩි තැනක්.

නියම නිස්කලංක පරිසරයක තියෙන තැනක් .

මේ තැන 1950 ගණන් වල ඉඳන් අපි මේ කතා කරන ගිහි ජීවිතය තුල ඉඳගෙනම කොහොමද මේ සත්‍යය තේරුම් ගන්නේ නැත්නම් ධර්මය අවබෝධ කරගන්නේ කියන එක ගැන උනන්දුවෙලා ඒ මාර්ගයේ ගිහින් ප්‍රතිඵල ලබා ගත්තු එක්තරා මහත්මයෙක් හදපු තැනක් .  බාලසූරිය මහත්මය ඒ කාලේ සිටම ඒ අය  ඇසුරු කරපු ඒ වගේම ඒ ස්ථානය පටන් ගන්න මුලික වෙච්ච අයගෙන් කෙනෙක් .

මෙතන විවිධ වැඩසටහන් පැවැත්වෙන තැනක් . දැනට එතන පාලනය කරන අයගෙන් අවසර අරගෙන තමයි අපි ඔය වැඩසටහන් වලට ගියේ ..

 මේ තියෙන්නේ එම ස්ථානය.
බාලසුරිය මහතා සමග සාකච්චා කරමින් 

මේ හමුවීම්  වලදී බාලසුරිය මහත්මය අපිට බොහොම ගැඹුරු ධර්ම කාරණා පැහැදිලි කරලා දුන්නා .ඒවගේම වැඩි පුරම අපි කලේ ඒ අවට තිබුණු කැලෑවේ තිබිච්ච ස්භාවික පරිසරයේ හුදෙකලා වෙලා පරිසරයට සංවේදී වෙච්ච එක . ගහකොලට සංවේදී වෙච්ච එක . වත් පිළිවෙත් රැකීම් , සාම්ප්‍රදායික ඇදහිලි වලින් තොරව නිදහස් පරිසරයක නිදහසේ ඉන්න ගමන් මේ ධර්ම කරුණු කතා කරපු එක තමයි මේ වැඩසටහන් වලදී කෙරුනේ. ඒ කතා කරපු හැමදේම මේකේ ලියන්න බෑ .. නමුත් ඒ හැමදේම තුලින් මේ "මම" කවුද කියල හඳුනාගෙන "මම" නැති කිරීමේ මාර්ගය බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා .

අනිත් එක තමයි අපි කාලයක් මේ විදියට මේ දේවල් ගැන ඉගෙන ගන්නකොට අපිට පොඩි සැකයක් මතුවුණා  අපි මේ කරන්නෙත් තවත් දෘෂ්ටියක් ඇතුලේ හිරවිමද  එහෙම නැත්නම් "බාලසුරිය දහම" කියල අමුතුම දහමක් ඇතුලේ හිරවීමක් ද කියන එක. මට මතකයි දිමුතු අයියා මේ කතාව කෙලින් ම බාලසුරිය මහත්තයගෙන් ඇහුවා . මොකද ඒ කාලේ තමයි ඔය විවිධ බුදුවරු ගොඩක් එක පාර පහළ වුණේ . 

ඒ වෙලාවේ බාලසුරිය මහත්තය හිනා වෙලා කිව්වා . "එහෙම හිතෙන එක සාධාරණයි . මම මේ කතා කරන්නේ කිසිම ආගමකට , සංවිධානයකට අයත් නැති සොබා දහමේ පවතින සත්‍යය ගැන. මට කාගේවත් ගුරුවරයෙක් වෙන්න ඕනේ නෑ .. මමත්  ඔබ සමග එකතු වෙලා සත්‍යයය සොයන කෙනෙක්" කියල. එතුමාගේ තිබුණු මේ නිර්ව්‍යාජ බව නිසා අපි තුල තිබුණු ඒ සැකය ඉවත් වුණා.

ඉතින් දැන්  අවුරුදු 5-6ක කාලයක් තිස්සේ අපි මාසෙකට සැරයක් ඔය වගේ හමුවීම් තිබ්බා. සමහර වෙලාවට ඔය එකතු වෙච්ච අයගේ ගෙවල් වලදී අපි හමු වුණා .  බොහොම අව්‍යාජ මිනිසුන් රැසක් මේ ගමන් වලදී මට හමුවුණා . සමාජයේ බොහොම සරල දිවිපෙවෙත් ගෙවන නමුත් බොහොම උසස් තල වල ඉන්න අය  ඉන්නවා කියන එක මම තේරුම් ගත්තා .

විජේසිංහ මහත්තය , රත්නායක මහත්තය ඒ වගේ අපි නිතර ඇසුරු කරන දෙන්නෙක්. ඒ අය බාලසුරිය මහත්මය සමග බොහෝ කාලයක් .. ඒ කියන්නේ දශක ගණනාවක් තිස්සේ මේ දේවල් අධ්‍යනය කරමින් , ඒවා තුල හැසිරෙමින්  ඒ වගේම ඒ අවබෝධය නිහඩව ලබාදෙමින් මේ කටයුතු වල යෙදුන අය. විජේසිංහ මහත්මය විද්‍යා ගුරුවරයෙක් වගේම සියනෑ  කොරළයේ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් . රත්නායක මහත්මය තමන්ගේම කියල කර්මාන්තයක යෙදෙන ඉංජිනේරු මහත්තයෙක් .

මේ චරිත වල තිබ්බ මනුස්සකම  තමයි අපිට  ධර්මය ප්‍රයෝගිකව තේරුම් කරලා දුන්නේ. ඔවුන්ගේ හැසිරීමේ, කතාබහේ ධර්මය තිබුණ. 

මේ ගිය හැම ගමනකදීම අපිට හිතන්න බොහෝ දේවල් ලැබුන. බාලසුරිය මහත්මයාගේ හැම දේශනයකින් ම අපි ලෝකය දකින විදිය වැඩිදියුණු වුණා .  අපේ සිහිය දියුණු වුණා  කිව්වොත් හරි . සිහිය දියුණු වෙන විට සමාධිය දියුණු වෙනවා .  ඒ දේවල් වුනේ අපි මේ දුවන, ගැටෙන , සල්ලි පස්සේ යන  මේ සමාජයේ  ඔහේ ජිවත් වෙන අතර තුරම තමයි .

අවසානයේදී ධර්මයත් ඇතුළුව සියලු දේ අපෙන් ගිලිහි ගිය විට පමණක් ඔබට ඒ සත්‍යයට නිරාවරණය වීමට හැකි බව බාලසුරිය මහත්මය අපිට කියල දුන්නා 

පෞද්ගලිකව මං ගැන කිව්වොත් තාත්තගේ මරණයත් එක්ක අඩාල  වෙමින් ගිය ජීවිතය නැවත ගොඩ නගාගන්න මම මේ ගිය මාර්ගය උදව්වුනා . ජීවතේ කලකිරිච්ච  සමාජයට , රටට, ලෞකික දියුණුවට වෛර කරන, ආගම් වාදී ,  හිස් චරිතයක් වෙනුවට කාල ඇඳලා,  රටේ ලෝකේ ඇවිදලා, පවුලක් පන්සලක් වෙලා අනිත් මිනිස්සුන්ටත් උදව් පදව්වක් කරගෙන , සිහියෙන් යුතු මනුස්සයෙක් විදියට ලෞකික ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක මම තේරුම් ගත්තා .

ඒ වගේම තමයි මම සහ ලෝකය කියන්නේ තවදුරටත් 2ක්  කියල නොහැගෙන,  විශ්වයේ අපරිමිත බවට විවෘත වෙච්ච, නිරන්තරයෙන් පවතින හේතු විරහිත ප්‍රීතියක් , සතුටක් , මහා සැනසීමක් සමග නතර වූ සිතක් සහිතව ජීවිතය දුකින් විමුක්තව ගෙවන්නේ කොහොමද කියන සත්‍යයය මම ප්‍රයෝගිකව අත්දැක්ක කියන්න පුළුවන් ..

මේ සටහනේ මම ලිව්වේ බොහොම ටිකයි . මේ ගෙවුණු කාලය තුල අපි අවබෝධ කරගත්ත දේවල් කතා කරපු දේවල් සැහෙන්න තියෙනවා . මම මේ ලිව්වේ ඒ දේවල්  කැටි කරපු  පොඩි සාරාංශයක් විතරයි .

මේ සටහන කියවපු කාට හරි බාලසුරිය මහත්මයාගේ දේශන, වැඩසටහන්  ආදිය ගැන උනන්දුවක් ඇති වුණා  නම් මේ තියෙන අඩවි වලින්  වැඩි දුර විස්තර දැනගන්න පුළුවන්

මම හිතන්නේ එතුමා යු ටියුබ් එකේ දාල තියෙන වීඩියෝ වලින් එතුමා ප්‍රායෝගිකව කරන වැඩසටහන් ගැන ඔබට බොහෝ කරුණු දැන ගන්න පුළුවන් ..

මේ ලින්ක් එකෙන්  එතුමා ගැන සහ එතුමාගේ පොත් පත් ගැන ඔබට විස්තර දැන ගන්න පුළුවන් .

ඒ වගේ ම මේ අඩවියෙන් එතුමා විසින් රචිත තවත් ලිපි සහ සිංහල බසින් සහ ඉංගිරිසි බසින් කරන ලද විවිධ දේශන ඔබට බලන්න පුළුවන්

මේ තියෙන්නේ යු ටියුබ් ලින්ක් එක කෙලින් ම ඔබට වීඩියෝ බලන්න පුළුවන්.

කිසියම් කෙනෙකුට මට වගේම මේ වගේ දේවල් ගැන උනන්දුවෙන් හොයන්න ඕනේ කියල හිතෙනවනම්  ඒ වගේ අයට උදව්වක් වෙන්න කියල හිතාගෙන ලියපු සටහනක් මේක. 

ඒ වගේම තමයි මේ සමාජය තුල ඉන්න  මවා ගත්තු ප්‍රතිරුප නැති , එහෙත් ජිවිතයේ හරය වටහාගෙන බොහොම උසස් තල වල ජිවත් වෙන මින්සුන්  ගැන  පොඩි දැනුවත් කිරීමක් කරන්න ලියපු සටහනක්.  

143 comments:

  1. බොහොම හොඳයි පැතුම්. //කාල ඇඳලා, රටේ ලෝකේ ඇවිදලා, පවුලක් පන්සලක් වෙලා අනිත් මිනිස්සුන්ටත් උදව් පදව්වක් කරගෙන , සිහියෙන් යුතු මනුස්සයෙක් විදියට ලෞකික ජීවිතය ගෙනියන්නේ කොහොමද කියන එක මම තේරුම් ගත්තා // - මේක තේරුම් ගත්ත එක හොඳයි. මමත් කරන්නේ මේකමයි. කාල ඇඳලා රටේ ලෝකේ ඇවිදින ගමන් නොදන්නා විද්‍යාවන් ඉගෙන ගැනීම. හැකිනම් දැනුම බෙදා දීම. අනුන්ට උදව් දිම. ඔයාගේ ලිපිය කියෙව්වම හිතුන ඒ දවස් වල ක්‍රිෂ්ණ මුර්ති කියවපු එකත් බල පාන්න ඇති. මිට අමතරව මගේ ටෙලස්කොප්යක් තිබෙනවා එකෙන් රෑට තරු බලන කොට අර ඔබ කිව්වා වගේ හැඟීමක් ඇති වෙනවා. තරු පිරුණු අහසේ සිත මහා විශ්වය හා සොබා දහම හා එකතු වී , මමත් ඒ විශ්වයේම පුංචි කොටසක් හැටියට නිහතමානී බවක් හා හරිම සතුටක් දැනෙනවා. ඒක වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. ලින්ක් හොඳයි. වෙලාවක බලන්නම්.

    ReplyDelete
    Replies
    1. අජිත් බොහොම ස්තුතියි ,
      [සිත මහා විශ්වය හා සොබා දහම හා එකතු වී , මමත් ඒ විශ්වයේම පුංචි කොටසක් හැටියට නිහතමානී බවක්]

      ඔබට හිතෙන්නේ නැද්ද අපි ඇත්තටම විශ්වයේම පුංචි කොටසක් කියල .. අන්න ඒ කොටස "මම" .. නම් අපි ඒ විශ්වය සමග නැවත එකතු වුනාම ඉබේම "මම" නැතිවෙලා යනවා කියල හිතෙන්නේ නැද්ද ... මම තේරුම් අරන් තියෙන්නේ අන්න එහෙමයි ...

      මම ඔය ටෙලිස්කොප් එකක් ගන්න දැන් කාලයක් තිස්සේ බල බල ඉන්නවා .. ඔයා ළඟ තියෙන එකේ විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන් ද ? එකක් ගන්නකොට දැනගන්න ඕනේ දේවල් මොනවාද ?

      Delete
    2. //අන්න ඒ කොටස "මම" .. නම් අපි ඒ විශ්වය සමග නැවත එකතු වුනාම ඉබේම "මම" නැතිවෙලා යනවා කියල හිතෙන්නේ නැද්ද// ඔව් එහම තමා හිතෙන්නේ. මගේ පරණ ටෙලස්කෝපයත් තිබෙනවා . ඒක පවුම් 70 කට විකුනන්න ebay එකේ දාන්න ඉන්නේ. මම ටෙලස්කෝප තේරීම ගැන සිංහලෙන් ලිපියක් දානවා . ඒක බලන්න.

      Delete
    3. අන්න ඒ විදියට දකින මාර්ගය ගැන තමයි බාලසුරිය මහත්තය කියල දුන්නේ ... ඔබ ඒ සටහන් කියවල වීඩියෝ එහෙම බලන්න ...

      අන්න හොඳ වැඩක් .. මම හිතන්නේ ඒ ලිපිය ඊළඟ එක විදියට දාන්න .. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකක් ගන්න ඉන්නේ ..

      Delete
  2. බොහොම අවධානයෙන් කියෙව්වා. පැතුම් කියන ගොඩක් දේ මමත් පිළිගන්නවා. අර සබැඳිවලින් ගිහිල්ලා කියවන්න ඕනෙ වැඩිදුර දැනගන්න.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියල ලිස්සල යන්නේ නැතුව දන්න දේවල් පොඩ්ඩක් කියන්නකො ... :)

      Delete
  3. ඔය වගේ කොච්චර සාකච්ඡා කරත් තමන්ගේ තරමින් තමා ගොඩ යන්නේ.. ඒකයි ඇත්ත. බුදුන් කරෙත් ඒකනේ. ලෝකයේ එයා දකින හැම දෙයක්ම අත් විද බැලුවට අවසානයේ නිදහස දිනුවේ ස්ව දැනුමෙන්.

    මචං අර නවීන ලස්සන ගේ මට දෙන්න බැරිද කියල අහපංකෝ බාලසුරිය මහත්තයගෙන්. ඔය දොරමඩලාවට ආවා මාත් දන්න හොද බහුශ්‍රැත අවංක අහිංසක බ්‍රහ්මචාරි මහත්තයෙක්.. දැන් ඉන්නවද කියල නං දන්නෑ බං. ඉන්නවං ඇත්තටම මල් තියල වදින්න ඕන.ඒ තරම්ම අති විසිස්ටයි අදහස් වලට අනුකූලව හැසීරිම හා කල්කිරියාව. නම නිකං මට මතක ජේ සුරියපප්පෙරුමාල් වගේ.. හැක්

    ReplyDelete
    Replies
    1. [ තමන්ගේ තරමින් තමා ගොඩ යන්නේ..] මේක හරි .. හැබැයි ඉතින් හැමදාම එකම ටික එකම විදියට ඇහුවට තමන්ගේ තරම වැඩි දියුණු වෙන්නේ නෑ නේද ? තමන්ගේ තරමට ඉබේ ගොඩ යනකම් ඉතින් ඔහේ හිටිය ට නම් වැඩක් වෙන එකක් නෑ ...

      ඉතිරි කොටසට උත්තර බඳින්න කම්මැලියි බන් .. ඔය වගේ කතා අහලම එපා වෙලා .. . (ඔන්න උඹේ තරම... හැක් හැක් හැක් )

      Delete
  4. පැතුම්. මේ සටහනේ ( එහෙම කිව්වේ ලොකු කතාවක සාරාංශයක් හින්ද) මගේ හිත ගිය තැන් ගොඩයි. ඒ හැමතනකටම කොමෙන්ටුවක් දැම්මොත් මම හිතන්නේ ඒක අසාර්ථක වෙයි. මොකද සටහන වගේ ගලායාමක් නැති හින්ද මම කියන්නේ මොකද්ද කියල නොතේරෙන්න තියෙනවා.

    මේ විදියට සත්‍ය කුමක්දැයි හොයන එකේ ගොඩක් වාසි තියෙනවා. ඒ වගේම අවාසිත් තියෙනවා. වාසිය ගැන කියන්නම්, අපි ආගමක් තුලට සම්පුර්ණයෙන් කොටු නොවී දර්ශනයක් ලෙස දකින එක. අවාසියත් ඒකමයි.. මොකද ආගමේ ( බුද්ධ ධර්මය නම් දාර්ශනික ආගමේ) අපිට මග සලකුණු තියෙනවා ( කලින් ගියපු අයගෙන් අසා දැනගත්) ඒ හින්ද වල්මත් වෙන්නේ අඩුවෙන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ ඊට වෙනස් වැඩක් ( ඒක මෙතනට අදාළ කරගන්නේ නැතුව ඉම්මු)

    ඔබ ඔය කියන ලෞකික සාර්ථක භාවය සමග බද්ධ වෙලා යන ආධ්‍යාත්මික සාර්ථකත්වය කියන දේ මමත් තදින් විස්වාස කරන්නේ ඇත්තටම මමත් එහෙම කරන එක ප්‍රයෝගිකව අත්හදා බලලා, ඇත්තටම සාර්ථක ප්‍රතිපල නෙලාගෙන තියෙන හින්ද ( ලොකුකමට කිව්වා නෙවෙයි) මමත් ඔබ වගේම මෙහෙම ගවේෂණයක් කළා, මගේ වයස 17-22 විතර කාලේ. හැබැයි, මට කණ්ඩායමක් හිටියේ නැහැ. ( අවාසනාව) මොකද මගේ වයසේ උන්නු අයට එහෙම උවමනාවක් තිබ්බේ නැති හන්ද , මම ගියේ තනි ගමනක්. ඒ වගේම ඔබට වගේ ක්ෂණික කම්පනයක් (ප්‍රමුඛ ලෙස ) වගේ සංසිද්ධියකට මුහුණදුන්න කෙනෙක් නොවෙන හින්ද ( තවම ) මගේ මේ ගවේෂණය අමුතු බවයි ඒ වයසේදී අනිත් උන් හිතුවේ.

    ඇත්තටම පැතුම්, අපි අපේ බණ 'අහන විදිය' වෙනස් කරන්න ඕනේ. මොකද දුක කියල හාමුදුරුවෝ කියනකොට අපිට මතක් වෙන්නෙම හොටු පෙරන් අඬන දුක. ඇත්තටම ධර්මය තුල එහි අර්ථය ගැඹුරුයි. පාලි වලින් ධර්මය කියවනකොට මේ අවුල වෙන්නේ නැහැ. මොකද එතකොට භාෂාවේ තියෙන ගැප් එක අඩු හින්ද.

    කොහොම උනත්, කොහෙන් සම්බන්ධ උනත්, අවසානෙදි එකම ගඟට වැටෙන එක තමයි වැදගත්. සමහර වෙලාවට සමහර පාරවල් ගැඹුරු , අඳුරු ළිං කරා අපිව ගෙනියනවා. ඒක තේරුම් ගන්න හරිම අමාරුයි.

    ඔබ 'සිල්මාතා කායිව්' කියවා තියෙනවාද? ඇයත් රහත් පලයට පැමිණියත්, සාමාන්‍ය දිවියක් තබාගෙන. සියලු වැඩ අතපසුකොට විමුක්තිය සෙවිය යුතුයි කියන එක එහෙනම් ඔබත් පිලිගන්නවා? සන්තෝසයි මිත්‍රයා!!

    විමුක්තිය සොයනවා හෝ ධර්ම මාර්ගයේ යනවා හෝ කියා කීමෙන් අදහස් කරන්නේ අප සතු සියලු ධන ධාන්‍ය අනුන්ට බෙදා දීමෙන් පෙන්නුම් කරන ගතිගුණයක් යැයි කියන විස්වාසය මට පෙනෙන්නේ විහිළුවක් ලෙස. ඒ චින්තනය ප්‍රථමිකයි. විශාඛාව, අනේපිඬු සිටුතුමා පවා වත් එහෙම කලේ නැහැ නේ? ඔවුන් සෝවාන් පවා වෙලා හිටපු සම්‍යක්දෘෂ්ටික අය ! එතැනින්ම එය ඔප්පු වෙනවා. එහෙම දන් දුන්නේ බෝසත්වරු - බුදුබව පතාගෙන. අපිට තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණයි ඒක. ලොකුකමට නෙවෙයි, මට නම් ඒ වපසරිය තේරුණා.

    හැබැයි ශ්‍රද්ධා කියන්නේ ලොකුම බලකනුව. එය නැත්තම් නියම ධර්ම මාර්ගයේ යනවා කියන එක සැක සහිතයි. ශ්‍රද්ධාව කියන්නේ ඕනේ දේකට 'සාදු සාදු' කියන එක නෙවෙයි.

    දැනට ඇති....
    සමාවෙන්න දිගට ලිව්වට.

    ReplyDelete
    Replies
    1. මේ කොටස මේ ලෙස නිවැරදි විය යුතුයි
      //මේ කොටස මේ ලෙස නිවැරදි විය යුතුයි

      සියලු වැඩ අතපසුකොට විමුක්තිය සෙවිය යුතුයි කියන එක 'පල් බොරුවක් බව' එහෙනම් ඔබත් පිලිගන්නවා? සන්තෝසයි මිත්‍රයා!! //

      සියලු වැඩ අතපසුකොට විමුක්තිය සෙවිය යුතුයි කියන එක 'පල් බොරුවක් බව' එහෙනම් ඔබත් පිලිගන්නවා? සන්තෝසයි මිත්‍රයා!!

      Delete
    2. උපේක්ෂා,

      [අපිට මග සලකුණු තියෙනවා ( කලින් ගියපු අයගෙන් අසා දැනගත්)] මෙච්චර කල් මම නම් දැනගෙන හිටපු මග සලකුණු තියල තිබුනේ ගිහිගෙය අතැරලා ගිය අය ..

      සියල්ල අතැරලා මේක කරන්න ඕනේ කියල පස්සට දදා ඉන්නේ නැතුව මේ ඉන්න ගමන් කොහොමද තේරුම් ගන්නේ කියල හොයා බැලීමක් තමයි මේක ...

      [සියලු වැඩ අතපසුකොට විමුක්තිය සෙවිය යුතුයි කියන එක] මේක මම නම් තේරුම් ගන්නේ මෙහෙමයි ..

      විමුක්තිය සෙවීම කියන දේ නතර වුනාම විමුක්තිය ලැබෙනවා .. ඒ සෙවීම නතර කිරීම ගැන ඉගෙන ගන්න අපිට අනිත් වැඩ කරන අතරෙත් පුළුවන් ...

      [හැබැයි ශ්‍රද්ධා කියන්නේ ලොකුම බලකනුව] මේක හරි .. හැබැයි ඔබට ශ්‍රද්ධාව තියෙනවා කියන දේ ඔබ තේරුම් ගත්තට පස්සේ තවදුරටත් එකේම එල්ලිලා ඉන්න එකෙන් වැඩක් වෙන්නේ නෑ නේද ? මම හිතන්නේ අර දේශකය කිව්වා වගේ තමන්ගේ තරම ගැන තමන්ට අවබෝධයක් ආපුවහාම එතනින් එහාට ඇති දේ ගැන හොයල බලන්න ඕනේ ..

      දන්න දේවල් අපි මේ විදියට කතා බහ කරමු ... දිග වැඩිවීම, ඉඩ මදි වීම හු කෙයාර්ස් මෙයා ...

      Delete
    3. [මග සලකුණු ගැන] ගිහිගෙයි ඉඳන්ම ධර්ම මාර්ගයේ ගියපු චරිත ගැන මම නම් නොයෙකුත් අවස්තාවන් වලදී කියෝලා තිබ්බ. ඒ වගේම මම සිඟාලෝවාද සුත්‍රය ඉතාම තදින්, උනන්දුවෙන්, ගැඹුරෙන් කියෙව්වා, හෙව්වා මගේ වයස 17 වගේ කාලේදී. ඒවා කොතරම් ප්‍රායෝගිකද කියල විස්තර කරන්න වචන නැහැ. ඇත්තටම මම මංගල සුත්‍රයට පස්සේ තදින්ම අධ්‍යනය කරපු අනිත් සුත්‍රය තමයි ඒ. අපේ ගෙදර ඊට ඕනේ කරපු පොත් තිබ්බ. දැන් මට මතක නැහැ.

      ඔව් පැතුම්. අපි පස්සට දානවා. ඒකට අපි අහන 'සමහර' දේශනා බලපානවා. ඒ කියන්නේ වෙනත් සාසනයක් කෙරෙහි කරන නූගත් ප්‍රාර්ථනාව.

      විමුක්තිය සෙවීම කියල මම අදහස් කලේ, 'කෝ තාම නෑනේ... කෝ දැන්වත් නෑනේ' කියමින් සෙවිල්ල නෙවෙයි. එය අපිව වෙහෙසකරවනවා. කොටින්ම භාවනාවකදී උනත් සමාධිය හඹාගෙන යනකොට වෙන්නෙම සමාධිය අපෙන් දුරස් වෙන එක. සමාධිය අපි කරා එන්නේ, සමාධිය බලාපොරොත්තු නොවී, මේ මොහොතේ චිත්තක්ෂණයට අවධානයෙන් ඉඳිල්ලෙන් මිසක් 'නොනවතින චෙක් කිරිල්ලෙන්' නෙවෙයි. මම ඒකයි කිව්වේ පාලියෙන් කියනකොට නියම අර්ථය මතුවෙනවා. අපි සිංහලෙන් කියනකොට අපේ සාමාන්‍ය භාවිතාවෙන් එන වචන වලින් අදහස විකෘති වෙනවා කියල.

      [ශ්‍රද්ධාව] බුද්ධ දේශනාවේ කියනවා, ඔබ ඔරුවක් පාවිච්චි කරලා ගඟකින් එගොඩ වෙලා, ඊට පස්සේ 'මට මේ ඔරුව ගඟෙන් එගොඩ වෙන්න උදව් කළා' කියල එතනින් එහාට යනකොට කරේ තියාගෙන යන්න හිතනවා නම්.. ඔබ තරම් මෝඩයෙක් නැතිය කියල. ඒ වගේමයි ධර්මය ( ශ්‍රද්ධාව සහ අනෙකුත් සියලු ධර්මයේ අඩංගු කරුණු) උනත් එගොඩ වෙන්න ගත්ත කියල කරේ තියන් ඉතිරි ටික යන්න ගත්තොත් එය විහිළුවක් සහ යා නොහැකි ගමනක් වෙනවා.
      ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නේ කාරණා කීපයකට.

      එකක් තමයි : හිතන්න ඔබ ඉන්නේ අඩි ගානක් උස තාප්පෙකින් වටවුණු තැනක කියල. කෙනෙක් උත්සාහයෙන් ඔය තාප්පෙන් උඩට නැගලා ඔබට කියනවා තාප්පෙන් එහා තියෙන දේවල් ගැන. ඔබ ඔහුව විස්වාස කරන්නත්, නොකරන්නත් ඉඩ තියෙනවා... ඔබ විස්වාස කලොත් ඒ අනුව ඔබ වැඩ කරයි. හැබැයි මුලික දේ විස්වාස කිරිල්ල ( මම මේ කියන්නේ ඇදහිල්ල නෙවෙයි. ඔහු ඔබ නොදැක්ක යමක් දැක්කා/දකිනවා කියන මුලික කාරණේ) ඔබත් ඔබ 'පිළිගත්' ඒ උසස් පුද්ගලයින්ගේ අදහසට විවර උන මනසකින් බැලුව නේද? අන්න ඒ වගේ දෙයක්...

      අනික: සංසාරේ කියන්නේ බුද්ධ විෂයක්. ඒ තුල අපේ පරිචය බොහොම අල්ප මාත්‍රයක්. සමහර දේවල් බුදුවරුන් දේශනා කරන්නේ නැහැ ( ලෝක ආරම්භය (සසර), විශ්වයේ අනෙකුත් ජීවින් ඉන්නවද? නැද්ද?, තාරකා ආදිය - දැනට තාක්ෂණික විද්‍යා කොටස් ) ඒ හින්ද ඒ දේශනා නොකරපු කොටස් වලින් සමහර කරුණු ගලපන්න යන එක අති භයානකයි. මොකද ඒක හරියට වඩුවෙක් විසින් ඔපරේෂන් එකකට උපදෙස් දෙනවා හා සමානයි. එතකොට ශ්‍රද්ධාවෙන් පිහිටීමෙන් අපේ මාර්ගයේ ආලෝකය ඇතිකරගන්න එක වැදගත්. නැත්තම් අපි පාර වරද්දගන්නවා. අපි වෙන වෙන අර්ථ නිරුපනයන් වලට අහුවෙනවා.

      ඔබ මේ තනපු වේදිකාවට මම හරිම මනාපයි පැතුම්. මොකද අපිට දැන් වෙලා තියෙන්නේ කනෙක් පසුපසින් කනවැල අල්ලාගෙන යන තවත් කනයෝ රැලක් වගේ යනවාට වඩා බුද්ධිමත් ගමනක් යන එක ගැන හිතල බලන්න මේ වගේ සංවාද වැදගත් වෙන හින්ද.

      මම රැඩිකල් චින්තකයෙක් උනත් අත්දැකීමක් තියෙන දේවල් ගැන කෙලින් කතාකරන්න වැඩිය යන්නේ නැත්තේ අර මම කලින් කියපු වලිගෙන් අල්ලගන්න ගතිය බ්ලොග් ඇතුලෙත් පැතිරිලා තියෙන 'ලාංකික ලෙඩක්' හින්ද. පොර ටෝක් දෙන්නත් මගේ මනාපයක් නැහැ. ( ඒකත් එක ජාතියක පොර ටෝක් එකක් තමයි හෙහ්...)

      Delete
    4. අපි ගොඩක් අය තියරියක් විදියට මේ දේවල් දන්නවා.. කාත් එක්ක කතා කලත් කරන්න ඕනේ මේකයි කියනවා හැබැයි කිව්වට ඇත්තටම කරපු කෙනෙක් නෑ කියල උපේක්ෂට හිතිලා නැද්ද ?

      මට මේවා ගැන හොයන්න හිතුනු තව කාරනාවක් තමයි ඕක ...

      මේක දැනුමෙන් ගොඩ දාන්න පුළුවන් දෙයක් නෙවෙයි .. ඒ කියන්න දන්නවා කියල හිතන්න හිතන්න වැරදි පැත්තට යන විදියේ දෙයක් කියල තමයි මම හිතන්නේ ..

      [ඔබ විස්වාස කලොත් ඒ අනුව ඔබ වැඩ කරයි. හැබැයි මුලික දේ විස්වාස කිරිල්ල ( මම මේ කියන්නේ ඇදහිල්ල නෙවෙයි. ඔහු ඔබ නොදැක්ක යමක් දැක්කා/දකිනවා කියන මුලික කාරණේ) ]

      මේ විස්වාසය කෙනෙක් ගැන ඇති වෙන්නේ ඒ කෙනාගේ හැසිරීමෙන් , අදහස් වලින් සහ ඒ අදහස් වල තියෙන ඔරිජිනල් ගතිය තුලින් ...

      මට ඒ ගතිය මුලින් ම දැනුනේ ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශන වලින් , බාලසුරිය මහත්මයාගේ දේශන වල ඒ ඔර්ජිනල් ගතිය එහෙමම තිබුනා සහ ඒවා අපිට ප්‍රායෝගිකව යොදා ගැනීම ගැනීමේදී එන ගැටළු වලට ලැබුණු පිළිතුරුත් ඒ
      වගේම ඔරිජිනල් .. ඒ කියන්නේ අර සුත්‍රයට අනුව ඕක මෙහෙමයි කියන දේ නෙවෙයි ..

      සංසාරේ වගේ සංකීර්ණ මාතෘකා ගැන කතා කරලා මේක මහා බරපතල දෙයක් කියන හැඟීම අපේ ඔළුවට වැටිලා තියෙන නිසා අපි කවදාවත් මේවා ගැන හිතන්න පෙළඹෙන්නේ නෑ නේද ? අනේ අපිට ඕව තේරෙන්නේ නෑ .. අපි ඔන්න ඔහේ පිනක් දහමක් කරගෙන ඉඳල ලබන ආත්මෙවත් ගොඩ දාමු කියන හැඟීම අපිට ඇවිල්ල තියෙනවා නේද.. ලබන ආත්මේත් බැරිවෙලා හරි ගොඩ දාගන්න බැරි වුනොත් ඒ ආත්මෙදිත් පින් කරන්න වාසනාවන්ත උපතක් ලැබෙන්න කියල හිතාගෙන මේ ආත්මේ වැඩි වැඩියෙන් පින් කර කර පින් එකවුන්ට් එකක් මේන්ටේන් කරනවා මිසක් මේ පින් කර කර ඇවිදින "මම" කවුද කියල තේරුම් ගන්න කියල බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණ පදේ ගැන කවදාවත් හිතන්නේ නෑ නේද අපි ..

      මට නම් ඔන්න ඔහොමයි ඕව ගැන හිතෙන්නේ ...

      පොර ටෝක් දීම සම්බන්ධයෙන් ඉතින් අපිට තියෙන්නේ ජාන වලින් ම එන හැකියාවක් නේ ... හෙහ් හෙහ් රටට වැඩකුත් නැති කියන එකාට වැඩකුත් නැති දේවල් ගැන පොරටෝක් දෙනවට වඩා මේ වගේ දේවල් ගැන ඔන්න ඔහේ ටෝක්ස් දාමු ... හූ කෙයාර්ස් :)

      Delete
    5. සූත්‍ර වලින් උපුටා දැක්වුවට පැතුම් මම මේ කියන්නේ 'තවත්' තියරි නෙවෙයි. ඒවායේ තිබ්බ දේවල් ප්‍රයෝගිකව මම කරලා, අත්දැකලා තියෙන කොටස් ගැන මම කියන්නේ. ඇත්තටම කරපු අය මුණගැහිලා තියෙනවා සහ මමත් ඇත්තටම එහෙම කරලා තියෙනවා, ප්‍රථිපලේ බලන්නත් කරලා තියෙන අවස්ථා තිබ්බ. ඒවා ප්‍රයෝගිකව සත්‍යයි. මම පොතේ දැනුම ගැන එතරම් විස්වාසය තියන කෙනෙක් නෙවෙයි. වැඩේ වෙලා තියෙන්නේ හැමදාම ඇල්මැරුණු විදියට කියල අපේ කන් වලට වෙලා තියෙන්නේ කම්මලේ බල්ලට වගේ, ඔහේ අහනවා මිසක් හිතන්නේ නැතිකම.

      යම් කෙනෙක්, දේශනාවක් අපිව හිතන්න පොළඹවනවා නම්, ඒ දේශනාව අතිශයින් වැදගත්!

      'මම' ගැන සහ ඒ සම්බන්ධ කාරනා ගැන මමත් ගොඩක් හෙව්වා. තේරුම් ගන්න හරිම අමාරුයි. නමුත් මට ඒ දේවල් තේරුම් ගන්න ඕනෙකරන අඩුම කුඩුම මට පොත්පත්වල තිබ්බ. ඔබ කලින් කියල තිබ්බ වගේ 'මට' තරහ, සතුට, ඊර්ෂ්‍යාව , සතුට, ශෝකය දැනෙනකොටම ඒ බව දැනෙන ගතියක් ලැබුනා. ඒ 'දැනීම' සහ 'සතිය' වැඩෙන්නට මම කරපු මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවත් උදව් උනා. දැනටත් සියුම් හැඟීම් ඇරුණුකොට, එකපාරටම එන හැඟීම් ගැන මම ආපස්සට හිතනවා. ඒ වැඩේ මම විසින්ම හදාගත්ත මෙතඩ් එකක්. ( මම කියෝපු, අහපු පොත් , දේශනා වලින් උකහා ගත්ත ප්‍රයෝගික කොටස) එහෙමයි කියල ඔලුව අවුල් කරගෙන හිතන්නේ නැහැ. ඒක සැහැල්ලු විමර්ශනයක්. විමර්ශනය අවසානයේ මම මටම යමක් කියනවා
      "ආ.... ඉරිසියා හිතුන නේ? එහෙම නොකර ඉන්න"
      "තරහ ගියා නේද? ඇයි තරහ ගියේ?"

      වගේ සංවාද ඇතුලේ ගොඩනැගෙනවා. ඒවා මට මාව කවුද කියල කියල දෙනවා. මේවා මම ධර්ම පොතපතින් ගත්ත කොටස්. සමහර වෙලාවට ඔබට මුණගැහුන අයටත් මේ දේවල් හිතෙන්න ඇත්තේ. ඔව්.. ඔබටත්!

      සසර ගැනනම් ...පැතුම්... මට ඔබ ඔය හිතන ආකල්පේ නම් නෙවෙයි තියෙන්නේ. සසර කෙටිකරගන්න මේ ජිවිතේ ඇතුළෙන්ම පටන් ගන්නවා මිසක් පින් අමුණන එක මම විස්වාස කරන්නෙම නැහැ. ඔබ ඔය කියන්නේ සම්ප්‍රදායික බණ දේශනාවලින් මිනිස්සුට කියන අර්ථය. මම එහෙම බණ සහ දේශනා අහන්නේ නැහැ. ඇත්තටම තෝරලා බණ අහන්නේ. සසරට කලින් ඔබ කියනවා වගේ අපි අපි ගැන මුලින්ම හොයන්න ඕනේ. ඔව්... සහතික ඇත්ත..... මෙහෙම හිතිලා නැද්ද...

      සමහර සිද්ධි, හැඟීම්, හැසිරීම් වගේ දේවල් ඔබට විස්තර කරන්න බැරි මූලයක් තියෙන්නේ.. ඒ කියන්නේ ඔබ සමහර හැසිරීමක් සහ ඒකට පාදකවෙච්ච කාරණයක් විස්තර කරන්න, විමර්ශනය කරන්න හදල තියෙනවද? සමහර මිනිස්සු, තැන් අපිට එකපාරටම නොරිස්සන්න හෝ දුටුගමන් ආකර්ෂණය වෙන්න වගේ දේවල් වෙලා තියෙනවද? ඔබ හොයල තියෙනවද ඒ ඇයි කියල? ( මම මේ කියන්නේ යොවුන් ප්‍රේමය කියන සිල්ලර කරුණ ගැන නම් නෙවෙයි) මම හොයල තියෙනවා.... ඒ කරනා පුදුම ඉන්ටරෙස්ටින්....

      Delete
    6. හිතට සංවේදී වෙන ගතිය මටත් ඉස්සර ඉඳන් තිබුනා .. මම හිතන්නේ ඒ සංවේදී කම තියෙන අයට මේක තේරුම් ගන්න ලේසියි .. අනිත් අයට ඒ සංවේදී කම හදා ගන්න එක හරි වැදගත් ..

      [මම' ගැන සහ ඒ සම්බන්ධ කාරනා ගැන මමත් ගොඩක් හෙව්වා. තේරුම් ගන්න හරිම අමාරුයි. ]

      ඔන්න ඔය අපිට තේරුම් ගන්න බැරුව හිරවෙන තැන් ගැන අපි ගොඩක් කතා කළා .. ඒවගේ දේවල් වලට නිවැරදි උපදෙස් ඕනේ වෙනවා කියල මම හිතන්නේ ... අපිටත් එහෙම තැන් තිබුනා ... වැඩකට යොමු නොවෙච්ච හැමවෙලාවෙම ඕවා ගැන තමයි ඒ දවස් වල කල්පනා කලේ ..

      මම සසර සංකීර්ණ කම නොදන්නවා නෙවෙයි .. ඒක ගැන සැකයක් මට නෑ .. හැබැයි ජිවත් වෙන හැම මොහොතම සංසාර දුක මෙනෙහි කර කර කලකිරිච්ච ජිවිත ගෙවන එකෙන් මේක තේරුම් ගන්න පුළුවන් කියල මම හිතන්නේ නෑ .. සසර දුක කියන සමස්ථය තේරුම් ගැනීම වැදගත් හැබැයි අපි තුල තියෙන ඔය කෙලෙස් නැති වෙන්නේ මේ ගෙවන ජීවිතය සතුටින් ගෙවන තරමට .. අපිට නිරන්තර සතුට අත්දකින්න පුළුවන් නම් (කාල / බිලා / ජොලි කරන සතුට නෙවෙයි ) මනසින් සියල්ල අතහැරලා හැබැයි ජීවිතය හොඳට වැඩකරමින්, ලෞකික සැප ලබමින් සැපවත් ව ගෙවන ජීවිතය තුල තියෙන සතුට ගැන මම කියන්නේ ..

      මේ සැප කියන්නේ මුලික අවශ්‍යතා සහ සෙසු අවශයතා ටික හිතට බරක් නැතුව ලබාගන්න තත්වය ලෞකික ජීවිතය තුල ලබා ගැනීම .. ඉස්සර මිනිස්සුන්ගේ සරල ජිවිතය ඒ ආකාරයෙන් ම අපිට දැන් විඳින්න බැරි නිසා ... මේ ජීවිතය කඩාකප්පල් කරගෙන සරල වෙන්න ට්‍රයි නොකර මේ ඉන්න ජීවිතය තෘප්තිමත් විදියට ගෙවන ගමන් යහපත් දේ කරමින් ගෙවන ජීවිතය තුලින් සසර කෙටි කරගන්න පුළුවන් ...

      බාලසුරිය මහත්මය අපිට කියපු වැදගත් දෙයක් තමයි නොවිසදුනු ගැටළු තියාගෙන මේ ගමන යන්න බෑ කියන එක .. ඒ කියන්නේ කෙනෙක් ආර්ථිකව , සමාජීයව වුනත් හොඳින් ඉන්නවනම් මේ වගේ දේවල් වලට නිදහස් මනසකින් යොමු වෙන්න පුළුවන් ... සසර දුකයි ඒ දුකින් ගැලවෙන්න ඕනේ කියල උදේ හවස වඳ වැටීමෙන් වෙනසක් වෙන්නේ නෑ කියන දේ තමයි මට කියන්න ඕනේ වුණේ ...

      අපි ඔය සුපර්නචුරල් දේවල් ගැනත් ගොඩක් කතා බහ කළා .. ඒවා මේකේ ලියන්න ගියොත් මේ කතා කරපු දේවල් වලින් වැඩක් නැති වෙලා ඒවාට මුල් තැන ලැබෙනවා ..

      උපේක්ෂා ලංකාවේ ඉන්නවනම් වෙලාවක ගිහින් බාලසුරිය මහත්තයව හම්බවෙලා බලන්න ... ඇත්තටම බොහෝ දේවල් පැහැදිලි කරගන්න පුළුවන් ..

      Delete
    7. මේ පොස්ටුවට මම දාන අන්තිම රිප්ලයි එක මේක... නැත්තම් මේක එකම තැන කැරකෙන දියසුළි දෙකක් මිසක් ඒකාත්මික බවක් නැතිවෙනවා. ඔබේ පෝස්ටුවේ අරමුණ වැරදියට අර්ථ නිරුපනය වෙලා මෙවන් පොස්ටු ඉදිරියට ලියන එක ( ඔබ හෝ වෙනත් අය ) වැළකෙනවා.

      //බාලසුරිය මහත්මය අපිට කියපු වැදගත් දෙයක් තමයි නොවිසදුනු ගැටළු තියාගෙන මේ ගමන යන්න බෑ කියන එක .. ඒ කියන්නේ කෙනෙක් ආර්ථිකව , සමාජීයව වුනත් හොඳින් ඉන්නවනම් මේ වගේ දේවල් වලට නිදහස් මනසකින් යොමු වෙන්න පුළුවන් ... සසර දුකයි ඒ දුකින් ගැලවෙන්න ඕනේ කියල උදේ හවස වඳ වැටීමෙන් වෙනසක් වෙන්නේ නෑ කියන දේ තමයි මට කියන්න ඕනේ වුණේ ...//

      මේ කතාව ඇත්ත. මම එයට යමක් එකතු කරන්න කැමතියි.
      නොවිසඳුණු ගැටළුත් විවිධාකාරයි. සමහර ගැටළු අපිට අපේ මේ ජිවිතයේ ක්‍රියාවකින්, සිතුවිල්ලකින් වෙනස් කරලා විසඳන්න පුළුවන්. සමහර ගැටළු එහෙම නැහැ.
      උදාහරණයක් විදියට ඔබට බීමත් සැමියෙක් නම් හෝ වධක භාරියාවක් නම් ලැබී තිබෙන්නේ, ඔබේ විමුක්තියට බාධාවක් වෙනවාද එය? ( හිතන්න ඔබට දික්කසාදයක් කරා යන්න බැහැ කියල - ඒ කියන්නේ මේ ජීවිතේදී විසදිල්ලක් ලැබෙන්නේ නැහැ)

      එක්කෝ නිධන්ගත රෝගයකින් පෙළෙනවා කියල හිතන්න.. ( පිළිකාවක් හෝ දැනට බෙහෙතක් සොයාගෙන නැති ලෙඩක්) ඒ කියන්නේ සමහර දුක් කරදර එක්කම අපිට මේ ගමන යන්න වෙනවා එතකොට. මම නම් කියන්නේ එහෙම උනත් අපිට මේ ගමන යන්න පුළුවන්. (මම එහෙම යන/ගියපු අය මුණගැහිලා තියෙනවා/අහල තියෙනවා)
      ඒ වෙනුවෙන් නොසැලෙන සිතක් ( 'මම' සහ මගේ සසර ගමන ගැන 'දන්නා') තමයි එකම පිහිට. මම මේ කියන්නේ මගේ සැබෑ අත්දැකීම් ( මට බේබදු සැමියෙක් හෝ නිධන්ගත රෝගයක් 'දැනට' නොමැති බව කරුණාවෙන් සලකන්න.. හි... හි..) මේ ජීවිතයේදී මට එහෙම හම්බවුන අයගේ නම් ගම් කියන්න මම කැමති නැත්තේ ඔවුන්ගේ පුද්ගලිකත්වය මම අගයකොට සලකන හින්දත් , ඒ කතන්දර මගෙත් එක්ක කිව්වයි කියල මුළු රටම ඒ ගැන දැනගන්න එක සාධාරණයි කියල නොහිතන හින්දත්.

      මම කලිනුත් කිව්වා වගේ - සසර ගැන 'බය' කියන්නේ අපි සිංහලෙන් පාවිච්චි කරන 'බය' නෙවෙයි. ඒ කියන්නේ 'අම්මෝ සසර.. මගේ අම්මේ.. බේරගනියෝ... දෙය්යනේ මාව බේරගනියෝ' කියමින් මර බයෙන් ජිවත් වීමවත්, 'මෙව්වා වැඩක් නැහැ... ඔක්කොම අනිත්‍යයි... මොකටද උත්සහ කරලා... ඕනේ දෙයක් වෙච්චාවේ ' කියල අතපය බැඳගෙන ඉන්න එක නෙවෙයි.... සංසාරයේ තිබෙන අනතුර පිළිබඳව තිබෙන අවබෝධාත්මක බිය. ඒකෙන් 'භීතියක්' උපදින්නේ නැහැ. තිබෙන 'භීතිය' ඉවත්වෙනවා මිසක්.

      මම ලංකාවේ තමයි දැන් ඉන්නේ. මම උත්සහ කරන්නම් බාලසුරිය මැතිතුමා ගැන තව කියවන්න සහ ඔහුත් සමග ඔබ කියන සංවාදවලට සහභාගිවෙන්න.

      තව දෙයක්, මේක අපහාසයක් විදියට නොගන්නවානම් හොඳයි. ඔහොම කවයක් වගේ එකක් තිබෙනවා නේද 'නලින්ද සිල්වා' මැතිතුමාටත්? ඔහුගේ ඒ පංති වලට මගේ ළඟම හිතවතෙක් සහභාගී උනා. පොඩ්ඩක්වත් මගේ පැහැදීමක් නැහැ ඒ දේවල් ගැන. මොකද අන්තිමට ඒක මායාවන් එක්ක බැඳිලා ගියපු දුෂ්ඨ විද්‍යා පංතියක්' ලෙස මිසක් වෙනත් දෙයක් ලෙස ',මට' නොපෙනෙන හින්ද. මම වැරදි ඇති.

      අවසාන වශයෙන්..
      පැතුම්.. ඔබ තවදුරටත් මේ ගැන විවිධ මාතෘකා පදනම් කරගෙන ලියනවා නම් මම කැමතියි. මොකද මේ වගේ සංවාද තරුණ අය 'නොකරන තරම්' වෙලා. ෆැන්ටසි ලෝක වලටම තමයි වැඩිපුර මාර්කට් එක.

      Delete
    8. ඔක්කොමත් හරි [ෆැන්ටසි ලෝක වලටම තමයි වැඩිපුර මාර්කට් එක] මෙන්න මේ ෆැන්ටසි ලෝක වලට මොකුත් කියන්න එපා ... හෙහ් හෙහ් හෙහ් .. අපිටත් තද වෙනවා ..මම තනිකරම ජිවත් වෙන්නේ ෆැන්ටසි ලෝකවල ..ඒ කියන්නේ [My life is so much more interesting inside my head] තේරුනානේ ...:D :D

      [එක්කෝ නිධන්ගත රෝගයකින් පෙළෙනවා කියල හිතන්න.. ( පිළිකාවක් හෝ දැනට බෙහෙතක් සොයාගෙන නැති ලෙඩක්) ඒ කියන්නේ සමහර දුක් කරදර එක්කම අපිට මේ ගමන යන්න වෙනවා එතකොට. මම නම් කියන්නේ එහෙම උනත් අපිට මේ ගමන යන්න පුළුවන්. (මම එහෙම යන/ගියපු අය මුණගැහිලා තියෙනවා/අහල තියෙනවා)
      ඒ වෙනුවෙන් නොසැලෙන සිතක් ( 'මම' සහ මගේ සසර ගමන ගැන 'දන්නා') තමයි එකම පිහිට. ]

      මේ ක හරි .. ගොඩක් වෙලාවට මෙවැනි තත්ව වල ඉන්න අය වඩා ඉක්මනින් මේ සත්‍යය අවබෝධ කරගන්නවා ..

      මම අදහස් කලේ මේවගේ විශේෂිත අවස්ථා ගැන නෙවෙයි .. පොදුවේ ගත්තම අපිට ලෞකික ජිවිතේ බොහෝ ගැටළු වලින් මිදීමට හොඳ ආර්ථික තත්වයක් හොඳ රැකියාවක් තිබීම හේතුවෙනවා වගේම මෙවැනි දේ ගැන අවබෝධයක් ලබන්නත් පහසුවක් වෙනවා කියන එක .. ඒ කියන්නේ වයසට ගිහින් බැරි වෙන කම් ඉන්න ඕනේ නෑ .. මුදල් , රැකියාව , සමාජ සම්මත කිසි දෙයක් ගැටලුවක් වෙන්නේ නෑ කියන එකයි මට කියන්න ඕනේ උනේ ..

      උපේක්ෂගේ කතාව හරි ... මම මේ පෝස්ට් එක දැම්මේ මේවා ගැන ලොකුවට කතා කරන්න හිතාගෙන නෙවෙයි .. මොකද අපි කියන දේවල් නිසා ගොඩක් අයට වැරදි චිත්‍ර මැවෙන්න පුළුවන් ... මොකද අපි ලියන එක කියවන කෙනා අපි අදහස් කරන විදියටම තේරුම් ගන්නේ නැති නිසා .. ලොකු හානි වෙන්න පුළුවන් ..

      මේ සටහන් දැම්මේ මගේ අත්දැකීම් බෙදාගන්න සහ මට ජ්විතයේ හමුවුණු සුවිශේෂී පුද්ගලයෙකු නිසා ජීවිතය වෙනස් වී තේරුම් ගත් ආකාරය ගැන සටහනක් තබන්න ...

      මේක ධර්ම සාකච්චාවක් හෝ මේ කරුණු ගැන තර්ක කරිමක් නෙවෙයි පොඩි අදහස් දැක්වීමක් .. තම තමන්ට දැනෙන ආකාරයට සහ තමන්ගේ ජිවිත අරමුණු අනුව තමන් විසින් තේරුම් ගන්න ඕනේ දෙයක් නිසා . හැබැයි ඉතින් එහෙම හොයන කෙනෙකුට උදව්වක් වෙන්නත් පුළුවන් මේ වගේ සාකච්චා ...

      විවිධ අදහස් සහ මත දරණ අයගේ කතා බහ වලදී ඉතින් තමන්ට වැටහෙන පරිද්දෙන් හරි ද වැරදිද කියල තේරුම් අරන් යන්න ඕනේ ...

      හැබැයි මම හිතන්නේ නම් අපිට මේවා ගැන ඇත්තටම හොයන්න ඕනේ නම් කවදා හෝ අපි යන මාර්ගයට ගැලපෙන අය හම්බවෙනවා ...

      Delete
  5. "සත්‍ය සෙවීම" - සත්‍ය කියල දෙයක් නෑ කියල අවබෝධ කරගැනීම වගේ එකක් නේද?
    කුමන හෝ විදිහකින් කෙනෙක්ගේ සිතීම දියුණු වෙනවනම් කොච්චර දෙයක්ද
    පැතුම් කියන විදිහටම උසස් තලවල දිවි පැවතුම් ගෙවන උදවිය ඉන්නව - සමහරුන්ට කියාදෙන්නත් හැකියි - සමහරුන් නිහඬවම අර දේශකය කීව වගේ තමන් තේරුම් අරගෙන තව තවත් දියුණු කරගන්නව
    සාපලද්දෙක් (භවයෙන්) ලෙස දිවිගෙවන්න කියලලු දේශනා කරල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියේ , ඇත්තටම නම් සත්‍යයය කියල දෙයක් තියෙනවා නේද ? ඒක අපි තේරුම් ගන්න ට්‍රයි කරන එක නතර වුනාම අපිත් ඒ සත්‍යයයේම කොටසක් බවට පත්වෙනවා .. දැනට අපි මමංකාරය නිසා ඒ සත්‍යයෙන් වෙන් වෙලා ඉන්නේ. අප තුල ඉන්න "මම " නැති වුනාම අපත් ඒ සත්‍යයයම බවට පත්වෙනවා කියල හිතෙන්නේ නැද්ද ..

      සිතීම දියුණු වෙන්නේ සිතීමෙන් ම විතරයි ...

      එහෙම උසස් තල වල ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට ඉන්නේ බොහොම පහල මට්ටමේ ... ඉහලින් ඉන්න උන් ගැන අනුකම්පාවෙන් .. :)

      [සාපලද්දෙක් (භවයෙන්) ලෙස දිවිගෙවන්න] මේ කතාව මම අහල නෑ .. හැබැයි තේරුම් ගන්න පුළුවන් .. කොහොමද එහෙම ජිවත් විය යුත්තේ කියලද දේශනාවේ තියෙන්නේ ?
      කම්මැලි නැතුව දන්න දේවල් ලියන්න අයියලා zzz ...

      Delete
  6. සෑහෙන්ඩ වටින ලිපි දෙකක්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි .. ඔයාල තේරුම් ගත්ත , අපි නොදන්න දේවල් එහෙම ලියන්න .. කාටත් වැදගත් වෙයි

      Delete
  7. හුගක් වටින ලිපියක්.බාලසූරිය මහත්තය වගෙ අය අප්‍රසිද්ධියෙත් ඉන්නව.ඔය සිරිවර්ධන බුදුන්ටත් සමහරු අපහාස කලාට ඔහුත් හොඳ දර්ශනයක් ගෙනාව.ඔය වගෙ කීප දෙනෙකුගෙම පොත් කියවපුවම මම බැසගත් නිගමනය තමයි මේ ඔක්කොම කියන්නෙ එකම කතාව කියන එක.
    ඒ විතරක් නොවෙයි ඉන්දියානු දාර්ශනිකයන් එදා ඉදන්ම කියල තියෙන්නෙ එකම කතාව.ඒ මමත්වය නැති කිරීම.
    ඒත් දර්ශනය මරා දමන්නෙ ආගමෙන්.ආගම තුල මමත්වය තිබෙනව.ඒක වන්දනාවක්.

    මම කාගෙ අදහස් පිළිගත්තත් ඒ අදහස් ඉදිරිපත් කරපු පංචකන්ද වලට නමස්කාර කරන එකනම් කරන්නෙ නෑ.
    බුදුන්ගෙ ධර්මය සත්‍ය බව මා පිළිගන්නව.ඒත් බුදුන් කියන්නෙත් මට නම් සාමාන්‍ය මනුස්සයෙක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ බුද්ධ කාලේ ( සිද්ධාර්ථ කුමාරයා කාලේ සහ බෝසත් කාලවල) ඉඳන්ම ඉතාම දියුණු භාවනා ක්‍රම පවා තිබ්බ. ඒ හින්ද බුද්ධ දර්ශනයේ 'සමහර' කරුණු අනෙකුත් ආගම්වල, නිකායන් වල ඒ වෙනකොටමත් තිබ්බ. නමුත් ඒ කිසිම දර්ශනයක, නිකායක 'නිවන' කියන දේ තිබ්බේ නැහැ. ඒ හින්ද හැමෝම 'එක වගේ' දේවල් මිසක් 'එකම' කිව්වා කියලා කියන්න බැහැ. බුද්ධ දේශනාවේ එක තැනක තියෙනවා නිඝන්ඨ නාතපුතගේ දර්ශනයක්, බුද්ධ දර්ශනයත් 'එකමයි' කියලා මුලාවෙන්න පුළුවන් කියල. එහෙම වෙනස් වෙන්නේ කොහොමද කියලත් විස්තර තියෙනවා.

      මේ සටහන පැතුම් ලියන්නේ 'සාමාන්‍ය ජීවිතය' ගැන හින්ද ඒ කරුණු සම්බන්ධයෙන් නම් කතාව ඇත්ත වෙන්න පුළුවන්.

      වටිනා අදහස් ඉදිරිපත් කරන පංචස්කන්ධ වලට වැඳිය යුත්තේ ඇයි ? 'කලයුත්තන්ට ගරු කිරීම' මංගල කාරණයක්. ඒ වගේම මේ පැතුම් සිදුකරන 'ධර්මය සාකච්ජා කිරීමත්' මංගල කාරණයක්. මාව වරදින් මුදවපු අයටත් , යහපතෙහි යෙදෙව්ව අයටත් මම වඳිනවා කිසිම ලෝබකමක් නැතුව. වැඩිහිටි කමට 'විතරක්' වදින අය නම් අඩුයි.

      බුදුන් කියන්නේ පෙනුමෙන් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න පුළුවන්. ඒකනේ මහා කාශ්‍යප රහතන් වහන්සේ පවා එක මුහුණුවර තිබ්බය කියල කියන්නේ. ඒකෙන් ගුණවත්කමේ මිම්ම හදන්න හරිම අමාරුයි. පෘතක්ජන මනුස්සයෙකුට නම් කොහොමත් බැහැ. මහා රහතන් වහන්සේලා පවා සමහර මිනිස්සුන්ට පිටතින් අඳුනගන්න බැරුව ගිය අවස්ථා ඕනේ තරම් තිබ්බා. ( විශාඛා සිටුදේවිය , නන්ද මාතාව, පුණ්ණා නම් දාසිය, සාමාවතිය පවා ගිහි ජිවිතේදී සාමාන්‍ය මිනිස්සු වගේ තමයි පෙනුනේ) බුදුන් වහන්සේ මට නම් කොහොමටවත් සාමාන්‍ය කෙනෙක් නොවෙයි. ( මම අන්ධ භක්තිකයෙක් වගේ පේන්න පුළුවන්. ඒකට කමක් නැහැ. ඒ සඳහා උත්තර මෙතන බඳින්න ඕනේ කියල මට හිතෙන්නේ නැහැ)

      Delete
    2. මධ්‍යස්ථ මතධාරියා,

      මේ ධර්මය අවබෝධ කරගත්ත තව අය ඇති .. සමහරවෙලාවට සමහර අය එක එක සියුම් තැන් වල හිර වෙලා ධර්මය විකුර්ති කරන සිද්ද්ත් තියෙන නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලයි මම හිතන්නේ ...

      අවසානයේදී තම තම නැණ පමණින් තේරුම් ගන්න ඕනේ ...

      මමත්වය නැති කිරීම කියන දේ ඇර ආගම් වලින් අනිත් ඔක්කොම ටික නම් කියල දෙනවා කියල මටත් හිතිලා තියෙනවා .. හෙහ් හෙහ්

      බුදුන් වහන්සේ ගැන මගේ තියෙන හැඟීමත් ඔය උපේක්ෂා කියපු දේට සමානයි ... ඒක අන්ධ භක්තියක් නෙවෙයි ...

      ඔබේ අදහසට ස්තුතියි ...

      Delete
    3. මගේ හිතේ තියෙන භක්තිය ගැන මම මරු ටෙස්ට් එකක් කරලා බැලුව .. මම 2008 දී වගේ අම්මත් එක්ක දඹදිව වන්දනාවේ ගියා .. මට වන්දනාවේ ගියේ ඉන්දියාව බලන්න ආසාවටයි ඔය ඇවිදින්න තියෙන ආසාවටයි.

      ඒ දවස් වල අධිකාරම් මහත්තගෙයි ක්‍රිෂ්නමුර්ති තුමාගෙයි දේශනා, පොත පත බලල කොහොමත් මට භක්තිය ගැන පොඩි පොඩි ප්‍රශ්න තිබුණ .. :)

      ඉතින් අපි ඔය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාව වෙච්ච ධම්මචක්කපවත්තන සුත්‍රය දේශනා කරපු තැනට ගිය වෙලාවේදී එතන තියෙන ගඩොලින් කරපු ස්මාරක වලට හැමෝම වඳින්න ගත්තා ...

      මම ඉතින් පොර වගේ හිතුව මේවට වඳින එක තේරුමක් නෑ ... බොරු වැඩ .. කියල දන්නේ නැද්ද ඉතින් හෙන ටෝක්ස් හෙහ් හෙහ් ..

      හැබැයි ඉතින් ටික වෙලාවක් ගිහිල්ල කට්ටිය යන්න හදනකොට මට තව දුරටත් නොවැඳ ඉන්න බැරි ගතියක් දැනුනා .. ඒ කියන්නේ මට දැනුනා මේ ධර්මය දේශනා කරපු තැන ගැන ගෞරවයක් හිතේ නැත්නම් ඔය මහලොකුවට ධර්මය ගැන කතා කලාට වැඩක් නෑ කියල වගේ හැඟීමක් .. පස්සේ ගිහිල්ල දන ගහලම වැඳලා ආවා .. ඔන්න ඔහොමයි ඉතින් ඕවා ...

      Delete
    4. මමත් අම්ම එක්ක ඉන්දියාවේ ගියා. තාත්ත නැති නිසා අම්ම එක්කරන් යන්න කවුරුත් හිටියෙත් නැහැ. ඒ චාරිකාව ගැන ලිපි පෙළක් ඉෆිරියේදී ලියන්න ඕනේ. මම ගඩොල් ස්මාරක වලට නම් වන්දේ නැහැ. බැලුව හා ෆොටෝ ගත්ත මිසක්. බුද්ධ ප්‍රතිම හා දාගැබ් වලට වැන්දා . මටත් හොඳ පහන් හැඟීමක් ඇතිවුනා ඔය දෙව්රම් වෙහෙර , බුද්ධ ගයාව, මහා මෙව්නාව වගේ තැන් වල.

      Delete
    5. ජේතවනාරාමේ තමයි මට නම් හොඳටම හිතට දැනුන තැන ... ඒ ගමන ජිවිතේට හොඳ අත්දැකීමක් .. අජිත් ගේ ගමනේ විස්තරේ දාන්න ... කාටත් වැදගත් වෙයි ..

      Delete
  8. කවුරු උනත් ස්වභාව දහමත් එක්ක ජීවිතේ පවත්වාගෙන යනවනං එතන තමයි සාර්ථකත්වය. බුදු හාමුදුරුවො උනත් කළේ ඒ ටිකම තමයි. මනුස්සය කියන එකා කොච්චර විද්‍යාව අතින් දියුණුයි කියල කිවුවත් ස්වභාව ධර්මයට පිටුපාල හෝ ස්වභාව ධර්මයට ඉහලින් ගිය වෙලාවට වෙන දේවල් ඔය නිවුස් වලින් අහන්න ලැබෙන්නෙ කොතෙක්.
    ඇත්තටම යම් දෙයක් වටහාගන්න කදිම ලිපි දෙකක් පැතුම්.

    ReplyDelete
    Replies
    1. [කවුරු උනත් ස්වභාව දහමත් එක්ක ජීවිතේ පවත්වාගෙන යනවනං එතන තමයි සාර්ථකත්වය. ]

      මෙන්න මේ ටික තමයි තේරුම් ගත යුතුම දේ .. එහෙම අයට ස්වභාව දහමේ නිරන්තරය්න්ම තියෙන මේ සත්‍යය තේරුම් ගන්න ලේසියි කියලයි මගේ අදහස ..

      බොහොම ස්තුතියි ප්‍රසන්න අයියා ..

      Delete
  9. මේ සටහන් පෙළ ඇතුලේ හිතන්න යමක් ඉතුරුකරනවා. තමන්ට තමන් කවුදැයි සොයාගන්න පුළුවන් නම් ඊට පස්සේ අනිකුත් දේ සොයා යෑම පහසුයි කියලා මට දැණෙනවා. මේ මම කියන දේ වැඩිදුර පැහැදිලි කරන්නවත්, තර්ක කරන්නවත් මට තේරෙන්නේ නැහැ. නමුත් මේක තමයි මට දැණෙන්නේ. ඒ නිසා තමයි මට පහසුවක් තේරෙන්නේ. මට ජීවිතය ගැන කලබලයක් නැත්තේ.

    ReplyDelete
  10. [තමන්ට තමන් කවුදැයි සොයාගන්න පුළුවන් නම් ඊට පස්සේ අනිකුත් දේ සොයා යෑම පහසුයි කියලා මට දැණෙනවා.] ඔන්න ඕක කෙනෙක් හරියට තේරුම් ගත්තට පස්සේ පහසු වෙනවා .. පහසුවෙනවා කියන්නේ හිතු පතු සම්පත් ලැබෙනවා වගේ .. ජිවිතේ හරිම ලේසියි .. සැපවත් ...

    අරූට තියෙන ජිවිත අත්දැකීම් එක්ක මේ දේවල් තේරුම් ගන්න එක කාලයත් සමග ඉබේම ඇති ... මෙතනින් එහාට ගිය තවත් සත්‍යයයක් අපිට දකින්න මේ තමුන් කවුද කියන හඳුනා ගැනීම හෙන වැදගත් .. අන්තිමට තමුන් කිසිවෙක් නොවෙයි කියල අපිට අවබෝධ වෙච්ච දාට කතන්දරේ ඉවර වෙනවා ...

    ReplyDelete
  11. මිනිසෙකු ගමන් කල යුතු මාවතෙන් අපගමනය වී ගමන් කරන විට ඔහු නැවත නිවැරදි මාර්ගයට ගැනීමට ආගම කියන සංකල්ප්ය බිහි උනා කියල මම හිතනවා. මට අදත් කියන්න හිතෙන්නෙ මිනිස්සු බුදු දහම කියන ගැඹුරු දර්ශනය ඉගෙන ගන්න හදාරන්න හිතලවත් නෑ. ඔවුන් තවමත් ඒ වටේ තියෙන සීනි තවරපු කවරින් එක ලෙවකකා ඉන්නවා. අපි හොයන ඔය ප්‍රශ්න සේරටම උත්තර මට හිතෙන්නෙ අභිධර්මය තුල තියෙනවා. කොහොම උනත් ඔය කොයි දහමටත් වඩා උසස්ම දහම තමයි සොබාදහම. එයයි හැම දේකම උපත, පැවැත්ම සහ විපත.

    ReplyDelete
  12. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14519-2014-11-21-03-56-38

    ReplyDelete
  13. පැතුම් මේ ලිපියයි අර ගුගල් කන්නාඩිය ගැන එකයි ලංකානිව්ස්වෙබ් එකට යැව්වා දාන්න. ප්‍රශ්නයක් නැහැනේ.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/14667-2014-11-29-04-05-58

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නෑ ... :)

      වටින දේවල් කොපි කරන්න අවසර ඇත (එහෙම ඒවා නැත) කියල ඔය මම බ්ලොග් රෝල යටින් දාල තියෙන්නේ .. හෙහ් හෙහ්

      Delete
  14. මචන්, තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.

    මට නම් හිතෙන්නෙ උඹ එක තැනකට ඇවිත් හිර වෙලා කියල‍යි. උඹට ඕන ලෞකික ජීවිතයත් පවත්ව ගන්න ගමන් අධ්‍යාත්මික පැත්තටත් යන්න නම්, උඹ දැනටමත් සාර්ථකයි. ඒත් මචන් නිවන් මග කියන්නෙ වෙන එකක්.

    උඹ අධ්‍යාත්මික ගමනෙ එක තැනක නැවතිලා. උඹ ඔය චින්තනයෙන් මිදෙනකම් එතනින් එහාට යන්න බැහැ. නිවන් මග කියන්නේ ලෝකයත් එක්ක එකතු වීම නෙවෙයි. ලෝකයෙන් මිදීම.

    උඹ ඔය කරන දෙයින් උඹට සසරෙ සැප ලැබෙයි. හැබැයි සසරින් එතෙර වීම කියන දේ එතන නැහැ. අත්හැරීම, ලෝකයෙන් වෙන් වීම ගැන අවධානය යොමු කරන්න ඕන ඉස්සරහට යන්න නම්.

    උඹට තවත් ඉස්සරහට යන්න කැමති ඇති කියලයි මෙහෙම කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ , කිසිම තරහක් නෑ ... :)

      මේ පෝස්ට් එක මම කරපු දේවල් සහ හමුවුණු මිනිසුන් ගැන ලියපු සටහනක් . මම බාලසුරිය මහත්මයාගෙන් ඉගෙන ගෙන අවබෝධ කරගත්ත ගොඩක් දේවල් මේකේ ලියල නෑ .. එහෙම නොලිව්වේ අවබෝධයෙන් සහ බුද්ධිමත් ව නොබලන කෙනෙක් සමහරවිට වැරදි අදහසක් ගන්න පුළුවන් කියල මට හිතුනු නිසා . මොකද ඉන්ටර්නෙට් එකේ දාන දේවල් ගැන මිනිස්සු එක එක අදහස් දරනවා . ඒවා නිසා මම මේකේ සඳහන් කරපු පුද්ගලයින් ගේ ඉගැන්වීම් ගැන වැරදි අදහසක් එන්න පුළුවන් කියල මට හිතුනු නිසා ..

      හමුවී කතා බහ කරනව වගේ නෙවෙයි නේ .. :)

      මම තේරුම් අරන් තියෙන දේ මෙන්න මේ වගේ .. කෙටියෙන් කිව්වොත් නිවන සහ නිවන් මග කියන දේ ගැන අපේ ඔලුවේ තියෙන එහෙම නැත්නම් අපිට කාවද්දල තියෙන හැඟීම දිහා වෙනස් විදියකට බැලීමක්.

      ධර්මය කියන්නේ මේ විශ්වයේ පවතින සත්‍ය ස්භාවය. ඒ කියන්නේ ඇතිවීම නැතිවීම , දුක සැප ආදී වශයෙන් අපි ඉගෙන ගෙන තියෙන පරම සත්‍යයන්. ඒවා ආගමෙන් ස්වායක්තව මේ විශ්වයේ තියෙනවා . ආගම කියන්නේ ඒ තියෙන සත්‍යයය ගැන මිනිසුන්ට පැහැදිලි කරලා දීමේ ක්‍රමය . අපි අප තුල තියෙන මම කියන තත්වය හඳුනාගෙන ඒක නැති කරලා දැම්මම අපිට දකින්න පුළුවන් වෙනවා මම කියල කෙනෙක් නෑ ... මමත් මේ විශ්වයේම ඇතිවී නැතිවී යන තවත් එක පරමාණු ගොඩක් විතරයි කියල .

      ඒ විදියට දකින්න නම් අපේ ඇතුලේ තියෙන ඔය ලෝභ දෝෂ මෝහ ආදී විදියට අපි ඉගෙන ගෙන තියෙන දේවල් අප තුලින් හීන වෙලා නැති වෙලා යන්න ඕනේ . ඒවා හීන වෙලා නැති වෙලා යන්න නම් අපි අපේ අභ්‍යන්තරය දකින්න ඕනේ .. ඒ කියන්නේ තමන් තමන්ගේ හිත දකින්න ඕනේ. හිතුවිලි දකින්න ඕනේ .. ඒ සිතුවිලි වලින් ඔබ්බෙහි තියෙන සිහිය දකින්න ඕනේ .

      එහෙම සිහියට පත්වෙලා ඔය සිතිවිලි වලින් හැදිච්ච "මම" නැති වෙලා ගියාම තව දුරටත් අල්ලා ගැනීම සහ බැඳීම් ඉතිරි වෙන්නේ නෑ ..

      ලෝකයෙන් මිදීම විදියට උඹ කියන්න දේ මම දකින්නේ ලෝකය දෙස සිහියෙන් දැකීම විදියට .. අපිට හැමවෙලේම සිහියෙන් ලෝකය දකින්න පුළුවන් නම් එහි තියෙන අනිත්‍ය බව හැම මොහොතේම අපිට දකින්න පුළුවන් වෙනවා . ඒ කියන්නේ තව දුරටත් ලෝකය සමග අපි ගැටෙන්නේ නෑ. නමුත් අපි මේ සොබාදහමේ කොටස්. ඉතින් අපි ජිවත් වෙලා ඉන්න කම් මේ සොබා දහමත් එක්ක ඉන්න වෙනවා . එකම වෙනස වෙන්නේ කවදාහරි මේ අපි දන්නා ලෝකයෙන් යන දාක කිසිවක් ඉතිරි නොකර යන එක. ඒ කියන්නේ අල්ලා ගැනීම් නැතිව.

      නිවන සැබවින්ම මේ මොහොත (මේ ක්‍ෂණය )තුල තියෙනවා කියන පැත්තෙන් පොඩ්ඩක් හිතල බැලුවොත් මම කියන දේ ගැන අදහසක් එයි .

      මම අවංකවම ඉස්සරහට යන්න කැමතියි .. දැනටත් මම කරන්නේ ඒක . උඹ දන්න දේවල් දැනගන්න මම කැමතියි . ඒ වගේම ඔබ අනුගමනය කරපු මාර්ගය සහ ප්‍රයෝගිකව ඔබ අව්බෝධකරගත්ත දේ දැන ගන්න මම ගොඩක් කැමතියි .

      Delete
    2. මට හිතෙන්නෙ මෙහෙමයි.

      සිහිය පැවැත්වීම නිවන් මගට අවශ්‍යයි. සතර සතිපට්ඨානයම අවශ්‍යයි. නමුත් මට හිතෙන්නෙ ඒකෙන් කෙරෙන්නෙ කෙලෙස් යටපත් වීම් විතරයි කියලයි. කෙලෙස් ප්‍රහාණය කරන්න නම් ඊට වඩා දෙයක් කරන්න වෙයි කියලයි.

      සිහියෙන් ඉන්න කොට කෙලෙස් මතු වීම පේනවා. එතකොට අපිට ඒවට වහල් නොවී ඉන්න පුලුවන්. එතනදි අපි අතින් අකුසල් සිදු වීම වැලකෙනවා. නමුත් ඒකෙන් කෙලෙස් යටපත් වීමක් මිස මුලින් ගලවා දැමීමක් වෙන්නෙ නෑ කියලයි පේන්නෙ. ඕනම මොහොතක ආයෙත් මතු වෙන්න පුලුවන්. ඒක හරියට සුලං පිරවූ බෝලයක් වතුර යට අල්ලගෙන ඉන්නව වගේ. අතහැරිය ගමන් උඩට මතු වෙනව.

      ප්‍රහාණය වෙන්න කරන්න ඕන මොකක්ද කියන එකට උත්තරය තාම හොයාගන්න බැරි වුනා.

      මට හම්බ වුන හොඳ පොත් 2ක් කියන්නම්:

      1. The Power of Now - by Eckhart Tolle

      මේක ජර්මන් අධ්‍යාත්මික ගුරුවරයෙක් ලියපු පොතක්. සම්පූර්ණයෙන් තියෙන්නෙ සිහිය පැවත්වීම ගැන. නමුත් එතුමා බෞද්ධයෙක් නෙවෙයි. නිවන් මග කතා කරන්නෙ නෑ.

      2. නිසල විල

      විදර්ශනා භාවනාව ගැන පුජ්‍ය අජාන් චා ස්වාමීන් වහන්සේගෙ අදහස් ඇතුලත් පොතක්. හුඟ දෙනෙක් කිව්වෙ මේක වැඩක් නෑ කියලයි. ඒත් මේක ගැඹුරු අදහස් තියෙන පොතක්. මතුපිටින් පේන්නෙ සරලයි වගේ. ඒත් එහෙම නෑ.

      මේ ගැන කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා. කාලය තියෙන හැටියට දාන්නම්.

      Delete
    3. ඇනෝ ස්තුතියි ..

      මම The Power of Now - by Eckhart Tolle කියවල තියෙනවා . ඒවගේම A New Earth: Awakening to Your Life's Purpose කියන Eckhart Tolle ගේ පොතත් බලල තියෙනවා .

      නිසල විල නම් බලල නෑ මම හිතන්නේ ..

      මම තේරුම් අරන් තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් . සිතිවිලි එන එක අපිට නතර කරන්න බෑ .. අපිට බඩගිනි දැනෙන එක නතර කරන්න බෑ වගේම දෙයක්. අපිට පුළුවන් එන සිතිවිලි දෙස බලල ඒ සිතිවිල්ල තේරුම් අරගෙන එකට අදාළ නිවැරදි ක්‍රියාව කරන්න.

      සොබාදහමෙන් අපේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දෙයක් විදියට අපේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ හිතන්න සහ සිතිවිලි වලින් තීරණ ගන්න පුළුවන් විදියට . අපේ ඇඟේ තියෙන අනිත් හැම කොටසම වගේ . මම හිතන්නේ අපිට ඒ ක්‍රියාව නතර කරන්න බෑ ..

      හැබැයි සිතුවිලි රහිතව ඉන්න පුළුවන් ටික වෙලාවක් ..එහෙම වෙන්නේ අපි අපේ හිතට එන සිතුවිලි දිහා බලල ඒවා තේරුමක් නැති දේ විදියට තේරුම් ගත්තට පස්සේ එන සිතිවිලි හීන වෙලා යන නිසා ..

      රහතන් වහන්සේලා සහ බුදුහාමුදුරුවෝ පවා ජවිතය පවත්වාගෙන යන්න හිතලමතල වැඩ කරන්න ඇති නේද ? කෙනෙක් රහත් වුනත් , බුදු වුණත් විශ්වයේ පවතින හොඳ නරක වෙනස් වෙන්නේ නෑනේ .. ඒවා ඒ විදියටම තියෙනවා . ඉතින් ඒ උතුමන්ලාටත් ජීවිතය ගෙවනකොට තීරණ අරගෙන වැඩ කරන්න වෙනවා . වැදගත් වෙන්නේ ඒ තීරණ හැමවිටම යහපත් වීම . තමන්ගේ හිත දකින්න තරම් සිහිය දියුණු නොවුන කෙනෙකුට හැමවිටම යහපත කරන්න බෑ.

      නිවන කියන්නේ පහන් දැල්ලක් නිවී යාම වගේ කියල මම අහල තියෙනවා . කෙනෙක් මරණයට පත්වන අවස්ථාවේදී ඔහු කිසිවක් හිතින් අල්ලාගෙන නැතිව සිතිවිලි රහිත මනසකින් මියගියොත් සමහරවිට නැවත උපතක් සිදුවෙන එකක් නෑ.. වැදගත් ම දේ මරණය කොයි මොහොතේ එනවද නොදන්නා නිසා හැමවිටම සිහියෙන් සිටිමින් ජිවත් වීම. පුරුද්දක් ලෙස යහපතෙහි සහ සිහියෙන් යුක්තව හැසිරීම.

      ඔය තියෙන්නේ මම ඉගෙන ගෙන තේරුම් අරන් තියෙන දේ . ඔය විදියට ජිවත් වෙන එක එතරම් අමාරු නෑ .. හැබැයි අපිට අපි ඇතුලේ තියෙන කුණු දකින්න තරම් ශක්තිමත් බවක් තියෙන්න ඕනේ ..

      මුළු ත්‍රිපිටකය පුරාම තියෙන සුත්‍ර දේශනා වල තියෙන්නේ මිනිසුන් ඔය යහපත සහ සිහියට පත්කරවීම ගැන බුදුන් වහන්සේ දේශනා කරපු කරනු නේද ?

      ඔබට හැකිනම් ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශණ වලට සවන්දී බලන්න . ධර්මය ගැන බොහොම ගැඹුරින් එතුමා කතා කරනවා.

      Delete
    4. මම අධිකාරම් තුමාගෙත්, ක්‍රිෂ්ණමූර්ති තුමාගෙත් දේශන ගොඩක් කියවල තියෙනව. ඒ අයට මම ගරු කරනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඒ අයගෙ අදහස් වල පිලිගන්න පුලුවන් වගෙම බැරි දේත් තියෙනවා. බුදු දහමට අනුකූල වගෙම නැති තැනුත් තියෙනවා.

      අධිකාරම්තුමා බෞද්ධ භාවනා ක්රම ගැන පැහැදීමක් නොපෙන්වපු තැන් තියෙනවා. එතුමාට අල්ලලා ගියෙ නැති වුනාට ඒවායින් සාර්ථක ප්රතිඵල ගත් අය ඉන්නවා. ඒක එතුමාගෙ පෞද්ගලික අදහසක් මිස භාවනා ක්රම වල වරදක් නෙවෙයි.

      ක්‍රිෂ්ණමූර්තිතුමා ලෝක ස්වභාවය ගැන, මනසේ ක්රියාකාරිත්වය ගැන ගැඹුරින් විග්රහ කරනවා. නමුත් දුකින් මිදෙන මාර්ගය කතා කරන්නේ නැහැ.

      ඒ වගෙ අයගෙ දර්ශන ක්‍රම ගැන ඔබට හිතුන දේම මටත් හිතුනා. තේරුම් ගන්න පහසුයි, ලෞකික ජීවිතයත් එක්ක පවත්වා ගන්න පහසුයි, ප්‍රායෝගිකයි කියන එක. මමත් මුල් කාලෙ වශී වෙලා වගේ ඒවාට ඇදිලා ගියා. නමුත් කාලයත් එක්ක මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි ඒ කිසිම කෙනෙක් ලඟ දුකින් මිදෙන මාර්ගය නැති බව.

      දුකින් මිදෙන මාර්ගය දේශනා කරන්නේ බුදුන් වහන්සේ නමක්ම විතරයි. ලෝකයට බුදුවරු පහල වෙන්නෙත් ඒ කාර්යය වෙනුවෙන්මයි.

      පටන් ගැනීමක් විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා වගේ අයගෙ දර්ශනය හැදෑරීම හොඳයි. තවත් දර්ශන ක්‍රම හදාරන්න පුලුවන් නම් හොඳයි. නමුත් එතන තියෙන අවදානම තමයි ඒ අයගෙ දර්ශනය පරම සත්යය විදිහට දකින්න තියෙන ඉඩකඩ. අන්න එතන නතර වෙන්න එපා මචන්. ඒ අය කවුරුත් කෙලෙස් සහිත පුද්ගලයෝ. බුදුන් වහන්සේ නමකගෙ ප්‍රඥාවට කොහෙත්ම සමාන කරන්න බැහැ.

      අර අයගෙ දර්ශනය අපිට ලේසියෙන් තේරෙන්නෙ ඒවා සාමාන්‍ය මිනිස් චින්තනයට වඩා පියවර කීපයක් විතරක් ඉදිරියෙන් තියෙන නිසයි. අපිට අතේ දුරින් වගේ තියෙන දෙයක් තේරුම් ගන්න පහසුයි නේ. ඒ අයගෙ දර්ශනය තියෙන්නෙ අතේ දුරින් නම්, බුදුන් වහන්සේගේ දහම තියෙන්නෙ සාගරයෙනුත් එහා වගේ. අපිට තේරෙන්නෙ නැත්තෙ අපේ ප්‍රඥාව ඒ තරම් දියුණු නැති නිසයි.

      අපිට උපතින්ම ලැබුණ ඉතාම වටිනා සම්පත් දෙකක් තියෙනවා. මිනිස් ජීවිතයක් ලැබීම සහ බුදු දහම ලැබීම. මේ දෙකම එකට ලැබීම ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඉතින් අපි වෙනත් දර්ශන පස්සෙ ගිහින් අපිට උපතින්ම ලැබුණ බුදු දහම පැත්තකට දානව නම්, ඊට වඩා මෝඩකමක් තවත් තියෙනවද?

      බුදුන් වහන්සේලා ලක්ෂ ගණනකගේ ශාසන අපි පසු කරන්න ඇති. ඒත් අපි තවමත් සසරෙ ඉන්නෙ අපි වරද්ද ගත්ත නිසයි. අපි ඉදිරියට වත් ඒ වරද නොවෙන්න වග බලා ගන්න ඕනෑ.

      අවසාන වශයෙන් එක උපදෙසක් දෙන්නම්. ඔබ වෙනත් දර්ශන ගැන උනන්දු වුණා ඇති කියලයි මට හිතෙන්නෙ. ඔබට ඔය තැනට එන්න පුලුවන් වුණා නම්, ඔතනින් ඉදිරියටත් යන්න පුලුවන් වෙන්න ඔනෑ. හැම විටම නිවැරදි බුදු දහම ගවේශණය කරන්න. සිහිය පිහිටුවීම එක අංගයක් විතරයි. තව බොහෝ දේ කරන්න තියෙනවා. "මහ රහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙල කියවලා නැත්නම් කියවන්න. මාර්ගය වඩමින් නැවත නැවත කියවන කොට රේරුකානේ ස්වාමින් වහන්සේගේ පොත් තේරෙන්න පටන් ගනීවි. පිරිසිදු බුදු දහම තවමත් මේ රටේ ආරණ්යගතව හෝ ඇති. හොයාගන්න උත්සහ කරන්න.

      මෙතන කිසිම පහර ගැසීමක් එහෙම නැහැ. මමත් වැටෙන්න ගිය වැරදි පැත්තට ඔබත් වැටෙන්න යනවා වගෙ පෙනුන නිසයි, එකම ගමන යන අය විදිහට තවත් කෙනෙක්ව ගොඩ දාගෙන යන්නයි දන්න අත්දැකීම් ටිකක් කිව්වෙ.

      Delete
    5. ඇනෝ , ඔබ කවුරු උනත් ඔබේ මේ අදහස් දැක්වීමට මම ඉතාමත් කැමතියි . මට ඕනේ උනේ මේ වගේ කතා බහක් ඇති කරගන්න .

      බුදුන් වහන්සේ ගේ ප්‍රඥාව ගැන හෝ බුදු දහම ගැන මට සැකයක් නෑ . මම වෙනත් දර්ශන ගැන උනන්දු වෙන හේතුව තමයි බුදු දහම ලෝකේ පුර ව්‍යාප්ත වෙලා තියෙන විදිය ගැන දැන ගන්න . බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි නේ . අනිත් රටවල ඉන්න බෞද්ධ ජනතාව අපි තරම් පින්වන්ත නෑ කියල අපි බුදු දහම අපේ කරගන්න හැදීමෙන් අපිට බොහෝ වටිනා දේවල් මිස් වෙලා තියෙනවා කියල ඇනෝ ට හිතිලා නැද්ද ?

      අපිට උපතින් බුදු දහම ලැබුනට ඇයි අපිට එක තේරුම් ගන්න මෙච්චර අමාරු කියල හිතිලා නැද්ද ?

      ඇයි සෝවාන් ආදී මාර්ගඵල වලට ආපු අය බුද්ධකාලේදී තරම් මේ කාලේදී නැත්තේ .. බුදුන් වහන්සේ විසින් දෙසු දහම ඒ විදියටම අපිට ලැබිල තියෙනවනම් ඇයි අපිට ඒක අවබෝධ කරගෙන දුකින් මිදෙන්න ඔය තරම් අමාරු .. ඒකට හේතුව සසරේ පින් මදි වීම වගේ එක හේතුවක් විතරක් ම වෙන්න පුළුවන් ද ? මට තියෙන ප්‍රශ්න ඕවා .

      අධිකාරම් මහතා, ක්‍රිෂ්නමුර්ති තුමා සහ බාලසූරිය මහතාගෙන් මම ඉගෙන ගත්ත දේ තමයි පවතින සත්‍යයය ඒ ආකාරයෙන් දැකීම කියන දේ . ඒක බාහිර උපකාරක හෝ උපුටාගැනීම් වලින් තොරව දැකීම.

      (උපකාරක කියල මම අදහස් කලේ සත්‍යය නම් මෙය යැයි පොතේ තියෙන නිසා අපි එය ඒ විදියට දකිමු කියල අපිට ලැබෙන උපදෙස් )

      සත්‍යයය කියන දේ බුද්ධ කාලයේදී සහ අද වෙනස් වෙලා නෑ. අපිට තියෙන සැබෑ ගැටලුව අපි කොහොමද ඒක හරියටම දකින්නේ කියන එක . දුක නිවීම සහ සත්‍යයය ට විවෘත වීම කියන්නේ දෙකක් නෙවෙයි එකක් කියලයි මම හිතන්නේ .

      මම මහා රහතුන් වැඩි මග ඔස්සේ ලිපි කිහිපයක් කියවා තියෙනවා . එහි සඳහන් දේ ගැන මට ගැටලුවක් නෑ .

      මේකයි ධර්මය , මේ පොත බලන්න, අරය කියන දේ අහන්න යනුවෙන් අනුන්ගේ දහමක් තමන්ගේ කරගෙන නොකියන, නමුත් තමන් විසින් තේරුම් අරගෙන , ඒ තුලින් තමන් වෙනස් වූ ආකාරයත් , තමන්ගේ ප්‍රඥාව දියුණු කරගෙන ඒ ප්‍රඥාවෙන් කතා කරන මිනිසුන් සොයා ගන්නයි මට ඕනේ වුණේ.

      අධිකාරම් මහතා අපි දන්න බුදුදහමේ එන සමහර කරනු ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ ඒවා වැරදි නිසා නොව ඒවා අපි පිළිපදින ආකාරය වැරදි නිසා බවයි මගේ හැඟීම .

      ඔබ මේ දේවල් පිළිබඳව සොයා බලපු කෙනෙක් විදියට මේ කාලය තුලදී ඔබ විසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගත් දේ ගැන දැන ගන්න මම කැමතියි .

      ඊමේල් එකක් මගින් හරි කමක් නෑ.

      දිගටම සෙට් වලා කතා කරමු . මොකද මේ විදියට මේ දේවල් ගැන කතා බහ කරන අය හරි අඩුවෙන් තමයි හම්බ වෙන්නේ .

      Delete
    6. මගේ හිතේ තියෙන සහ ප්‍රයෝගිකව මට සත්‍ය බව ප්‍රත්‍යක්ෂය උන කාරනා මේ ඇනෝ මිත්‍රයාගේ අදහස් වලට බොහොම සමානයි. සතුටුයි මේ අදහස් දැකීමට ලැබීම. ( මගේ අදහසට සමාන අදහස් තියෙන කෙනෙක් මුණගැහුන එක ගැන තියෙන සතුට නෙවෙයි. මට අමතරව තව කෙනෙක්ට ඒ දේ සත්‍ය බව තේරෙන එක ගැන ඇතිවන සතුට)

      පැතුම්.. මේ සංවාද මම කැමතියි බ්ලොග් අවකාශයේ කෙරෙනවා නම්. මොකද ඒ වගේ දේවල් කියවීමෙන් අපි නොදන්නා පිරිසක් වගේම අපෙත් චින්තනය ( අපෝ අර චින්තනේ නම් නෙවෙයි හරිද) දියුණු වෙනවා. අපි සංවාදයක් ගොඩනගන්න ඕනේ එහෙමයි. මම ඉල්ලීමක් විදියට කරනවා එය අපිටත් විවෘත කරන්න කියල.

      Delete
    7. උපේක්ෂා, ඇනෝ සහ මම අතර වෙන කිසිම සාකච්චාවක් වෙලා නෑ.. මමත් කැමතියි ඇනෝ හෝ වෙනත් ඕනෙම කෙනෙක් මේ ගැන කෙලින් කතා කරනවට . ඕනේ දෙයක් මෙතන කතා කරන්න පුළුවන් ..

      උපේක්ෂා සහ ඇනෝ ඔය කියන දේ, උදාහරණ විදියට මේ කොටස
      [ක්‍රිෂ්ණමූර්තිතුමා ලෝක ස්වභාවය ගැන, මනසේ ක්රියාකාරිත්වය ගැන ගැඹුරින් විග්රහ කරනවා. නමුත් දුකින් මිදෙන මාර්ගය කතා කරන්නේ නැහැ.

      ඒ වගෙ අයගෙ දර්ශන ක්‍රම ගැන ඔබට හිතුන දේම මටත් හිතුනා. තේරුම් ගන්න පහසුයි, ලෞකික ජීවිතයත් එක්ක පවත්වා ගන්න පහසුයි, ප්‍රායෝගිකයි කියන එක. මමත් මුල් කාලෙ වශී වෙලා වගේ ඒවාට ඇදිලා ගියා. නමුත් කාලයත් එක්ක මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමයි ඒ කිසිම කෙනෙක් ලඟ දුකින් මිදෙන මාර්ගය නැති බව.]


      මේ කොටස් වලින් ඔබලා අදහස් කරන්නේ දුකින් මිදීම සහ තමන්ගේ මනස ගැඹුරු ලෙස තේරුම් ගැනීම දෙකක් විදියට සලකල කියලයි මට හිතෙන්නේ ...

      දුකින් මිදීම කියන දේ කෙනෙක් අත්දකිනවනම් අපි ඒක අත්දකින්න ඕනේ අපේ සිතෙන් .. එකට තමන්ගේ සිත තේරුම් ගැනීම ඇර වෙන විකල්පයක් නෑ කියලයි මම හිතන්නේ ..

      බුදුන් වහන්සේ ගේ ධර්මය පුරාම තියෙන්නත් තමන්ගේ සිත තේරුම් ගැනීමට ඉගැන්විම කියලයි මම හිතන්නේ ...

      සිතේ ක්‍රියාකාරිත්වය හරියට තේරුම් අරන් සිතිවිලි වලින් නැතුව සිහියෙන් වැඩ කරන කෙනෙකු සහ දුකින් මිදුණු කෙනෙකුගේ ප්‍රායෝගික ජීවිතය අතර මොනවගේ වෙනස්කම් තියෙන්න පුළුවන් කියල ද ඔබ හිතන්නේ ..?

      අපි සරලව හිතමු සෝවාන් වූ කෙනෙක් මේ සමාජයේ අපි අතර ජිවත් වෙනවනම් ඔහු/ඇය කොහොම ඉඳියි කියලද හිතන්නේ ..

      පොතේ තියෙන කරුණු වලින් නැතුව ප්‍රායෝගික අත්දැකීම් ගැන කතා කරන්න තමයි මම කැමති ..

      Delete
    8. නෑ නෑ ... පැතුම්. මම අදහස් කලේ එවැනි සංවාදයක් ඇතිවුනා කියා නෙවෙයි. ඇති වෙනවා නම් එය බ්ලොග් සංවාදයක් වෙනවා නම් හොඳයි කියල. මම එහෙම කිව්වේ ඔබ i මේල් මගින් උනත් කමක් නැහැ කියල කියලා තිබ්බ හින්ද.

      ඔක්කොම ගැන නෙවෙයි මම ඔබගේ ඒ සෝවාන් පුද්ගලයා ගක කියපු කතාවට මම යමක් කියන්නම්.

      ඔබ හිතන්නේ සෝවාන් උන කෙනා කොහොම ඉන්නවා කියලද? හෙමින් හෙමින් අඩි තියමින් ඇවිදගෙන යන, කිසිම සද්දයක් නගන්නේ නැති, කොටින්ම ගෑනු ළමයෙක් වගේ ඉන්නවා කියලද?

      අපෝ නැහැ.

      විශාඛා සිටු දේවිය ( වයස 5දී සෝවාන් උනේ) දරුවන් රැසක් හිටපු ගිහි කාන්තාවක්. අහල තිබෙනවාද ඒ චරිතාපදානය? මම ඇය ගැන කිව්වේ මෑතකාලේ ඉන්න අය ගැන මෙතන කියන්න ගියොත් උන්ගේ චරිත ඝාතනයට පේලියට කට්ටිය සෙට් වෙන හින්ද. ඇය විහාර පුජාවකින් පස්සේ අධික ප්‍රීතියෙන් පන්සල පුරාම පොඩි දරුවෙක් වගේ අසංවර විදියට දුවනවා කියල උත්සවේට ආපු කට්ටිය බුදුහමදුරුවන්ට පැමිණිලි කරලත් තිබ්බ. ( ඒ කාලෙත් එහෙමයි ලු නේ??) හොඳම උදාහරණය තමයි 'සරකානි' කියන චරිතය. මේ ධර්ම කාරනා උනත් නුහුරට තේරුම් අරගෙන නැට්ටෙන් අල්ලාගෙන දඟලන හින්ද කියන්නත් හිතෙන්නේ නැති වෙලාවල් තියෙනවා.

      සෝවාන් උන් උදවිය මට මුණගැහිලා තිබෙනවා. ඔවුන් අමුතු සත්තු ලෙස පෙනෙන්නේ නැහැ. කොටින්ම ෂෝ එකට පන්සල් දුවන සමහර අය වගේ පිටින් අඳුන ගන්නත් බැහැ. ඔන්න ඔතන තමයි මට හිතෙන්නේ අවුල.

      අහල තියෙනවද අර එක රහත් හාමුදුරු නමකගේ කටේ තියෙන්නෙම 'වසලයා' කියන වචනේ ලු ( බුද්ධ කාලේ හරිද) , තව ඕනේ තරම් තමුන්ගේ ගෝල නම රහත් බව නොදන්නා ගුරු නමවල් ගැන කතා එමටයි. ඒ වගේමයි අනික් අතට.

      තවත් එකක්.. කාලයක් තාවකාලික බුද්ධ උපස්ථායක වෙලා හිටපු හිමිනමක් බුදුන් පස්සේ දුවන ගමන් නිඝටයෝ දැකල එයාල තමයි රහත් අය බුදුහාමුදුරුවෝ මොන රහත්ද කියල හිතුවා කියල අහල තියෙනවද? ඒ කියන්නේ අමුතු 'වෙසක්' පෙරලෙන්නේ නැහැ කියන එකනේ.

      Delete
    9. ඔය උදාහරණ වලට කියපු චරිත සෝවාන් කියන දේ බෞද්ධ අපි පිලිගන්නවා . ඔවුන් බොහොම සාමාන්‍ය විදියට ජිවත් වෙච්ච මිනිසුන් . මම කියන්නේ ඔවුන් ගේ සිත වැඩකරපු හැටි අපි නොදන්නවා වුනාට ඔවුන්ගේ හැසිරීමෙන් ඔවුන් අපි වගේම සාමාන්‍ය විදියට ඉන්න ඇති කියල හිතන්න පුළුවන් නේ. විශාකා ව කියන්නේ දැන් කාලේ හැටියට නම් කෝටිපති පොෂ් නෝනා කෙනෙක් . සර්කානි සාක්‍යසිංහ කියන්නේ කුඩු වෙන්න ගහල පාරවල් පුරා ආතල් එකේ ඇවිදින නන්නත්තාර චරිතයක් ..

      ඒ මිනිසුන්ගේ සහ සෝවාන් නොවුණු මිනිසුන්ගේ වෙනස තමයි ඔවුන් ජවිතය දිහා දකින විදිය නැත්නම් ඔවුන් සිතන පතන විදිය . ඔවුන් තමන්ගේ සිත තේරුම් අරන් තමුන්ගේ ජිවන දැක්ම වෙනස් කරගත්ත අය නිසා වෙන්න ඇතිනේ ක්‍රියාවෙන් අනිත් මිනිස්සුන්ට සමාන වුනත් බුදුන් වහන්සේ ඔවුන් සෝවාන් විදියට හඳුන්වන්න ඇත්තේ .

      ඔවුන් තුල ආශාව, රාගය තියෙන්න ඇති .. කේන්තිත් යන්න ඇති .. පවුල් ප්‍රශ්න තියෙන්න ඇති . වෙනස තමයි ඔවුන් ඒ දේවල් සිහියෙන් දැකල හැමවිටම හරි දේ කිරීම . තමන්ගේ සිතට එන දේ නෙවෙයි ගැටලුවට අදාළ දේ කරන්න ඇති . සිත ඉක්මවා ගිය සිහියකින් වැඩ කරන්න ඇති නේද ?

      මම හිතන්නේ ඒ කියන්නේ කෙලෙස් සම්පුර්ණයෙන් නැති කිරීමක් නෙවෙයි නේ . එන කෙලෙස් හඳුනාගෙන ඒවා ට ඉඩ නොදී නිවැරදි දේ කිරීම . ඒක කරන්න අපි සිහියෙන් ඉන්න ඕනේ . සිහිය සහ සිත කියන දෙක අතර තියෙන වෙනස තේරුම් ගන්න ඕනේ .

      සම්පුරණයෙන් කෙලෙස් නැති වීම කියන තත්වය ට පත්වන්නේත් මේ ආකාරයෙන් ම සිත දිහා බලාගෙන සෑම සිතුවිල්ලක් දෙසම සිහියෙන් බැලීම තුලින් විතරයි කියල හිතෙන්නේ නැද්ද ?

      ඒක කරන්න නම් ඔය සියලු ඉගැන්වීම් වලින් අපේ ඔළුවට දාල තියෙන හැම සංකල්පයම ඔළුවෙන් අයින් කරලා අපිට නැවුම් විදියකට අපේ සිත දිහා බලන්න වෙනවා . ඒක කරන්න ඕනේ ධර්මය හොඳින් ඉගෙන ගෙන, පිළිවෙත් රැකලා, ශාසනය රැකගෙන ඉවරවෙලා නෙවෙයි . මේ දැන් මේ මොහොතේ තමන්ගේ සිත දෙස බැලීමෙන් .

      අපිට සමාජයෙන් ඈත්වෙලා වනගත වුණා කියල සිතිවිලි සමග නොගැටී ඉන්න පුළුවන් වෙන්න විදියක් නෑනේ .. කරන්න පුළුවන් මේ විදියට ඉන්න ගමන් අපි ඒ විදියට ඉන්න ඉගෙන ගන්න එක. එක්තරා මට්ටමකට ආවට පස්සේ සිටින්නේ කොන්ක්‍රීට් වනයකද , මල් වත්තකද කියන දේ වැදගත් නෑ ..

      බුදුදහමේ එන දුක නැතිකිරීමේ මාර්ගය මිට වඩා වෙනස් කියල මට ප්‍රායෝගිකව තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මම බොහොම කැමතියි ..

      මම හිතන්නේ ඇනෝ මිත්‍රයා සහ නුවර මැණිකේ මේ මම කියපු දේවල් වලට අමතරව ධර්මයට යොමුවීම නිසා තේරුම් ගත්ත අනිත් දේවල් ගැන සටහනක් දානවනම් ගොඩක් වැදගත් වෙයි .

      Delete
    10. කාර්යබහුලත්වය නිසා මට කමෙන්ට් කරන්න වෙනවා අඩුයි. කාලය තියෙන හැටියට පිළිතුරු දාන්නම්.

      [මේ කොටස් වලින් ඔබලා අදහස් කරන්නේ දුකින් මිදීම සහ තමන්ගේ මනස ගැඹුරු ලෙස තේරුම් ගැනීම දෙකක් විදියට සලකල කියලයි මට හිතෙන්නේ ...]

      තමන්ට රෝගයක් තියෙනව කියල දැනගැනීමයි, රෝගයට හේතුව සහ ප්‍රතිකාර කිරීමයි කියන්නේ එකිනෙකින් වෙනස් වූ දේවල්නේ.

      චතුරාර්ය සත්‍යය අරගෙන බලන්න:

      1. දුක
      2. දුකට හේතුව
      3. දුක නැති කිරීම
      4. දුක නැති කිරීමේ මාර්ගය

      ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දර්ශනයේ අඩුපාඩුව:

      3,4 : දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය පෙන්වා දෙන්නේ නැහැ.

      දුක සහ දුකට හේතුව නම් යම් තරමකට පෙන්වා දී තියෙනවා.

      ක්‍රිෂ්ණමූර්තිතුමා ඉදිරිපත් කලේ තමන් අවබෝධ කල කරුණු. කොහෙන්වත් උගත් දේ නෙවෙයි. තම කරුණු බුදු දහම ලෙස පැවසුවේත් නැහැ.

      එතුමා සමහරවිට බෝසත්වරයෙක් වෙන්න ඇති. නමුත් බුදුන් වහන්සේ නමකට හැර වෙන අයකුට දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දිය හැකි නම්, බුදුන් වහන්සේලා පහල වීමේ අවශ්‍යතාවය මොකක්ද?

      මේ කරුණු දැක්වුවේ මම මෙතෙක් කියවපු ක්‍රිෂ්ණමූර්තිතුමාගේ දේශන ඇසුරින් ප්‍රායෝගිකව අත්දැකපු දේ. මට මග හැරුණු, එතුමා දුකින් මිදීම් ඉදිරිපත් කල තැනක් තියෙනවා නම් පෙන්වා දෙන්න.

      Delete
    11. [අපිට සමාජයෙන් ඈත්වෙලා වනගත වුණා කියල සිතිවිලි සමග නොගැටී ඉන්න පුළුවන් වෙන්න විදියක් නෑනේ .. කරන්න පුළුවන් මේ විදියට ඉන්න ගමන් අපි ඒ විදියට ඉන්න ඉගෙන ගන්න එක. එක්තරා මට්ටමකට ආවට පස්සේ සිටින්නේ කොන්ක්‍රීට් වනයකද , මල් වත්තකද කියන දේ වැදගත් නෑ ]

      ඔබ කතා කරන්නෙ අවබෝධය ලැබූ පසු ඇති වන තත්වයක් ගැන.

      මේක මෑතකදී සමාජයේ ඇති වුණ මතයක්. සත්‍යාවබෝධය ලබන්න වනගත වෙන්න අවශ්‍ය නැතිය, ගිහිව අඹු දරුවන් රකිමින් සියල්ල කරගත හැකිය කියන එක. කරන්න පුලුවන් අයත් ඇති. නමුත් හැම විටම සත්‍ය වෙන්නෙ නැහැ. මේවා පටලවා ගන්න එපා.

      ආරණ්‍ය සම්ප්‍රදාය ඇති කරල තියෙන්නෙ මාර්ගය වඩන්න ආධාරකයක් විදිහටයි. සමාජය හා ගැටීමේදී කෙලෙස් උත්සන්න වන නිසා ඒවායින් ඈත්ව සිටීමටයි. අවබෝධය ලැබූ පසු එහෙම ගැටලුවක් නැහැ.

      රෝගයක් තියෙන කෙනෙකු පිලිපැදිය යුතු කරණු තියෙනවා. ඒ ඒවා නොකලොත් සුව නොවීම හෝ පමා වීම වන නිසයි. නමුත් සුව කර ගත් පසු තවදුරටත් ඒවා පිලිපදින්න අවශ්‍ය නැහැ.

      භික්ෂූන් වහන්සේලා බ්‍රහිමචර්යාව රැකිය යුතුයි. නමුත් අනාගාමී උතුමකු ස්ත්‍රීයක හා සයනය කලත් කාමරාගය ඇති වෙන්නෙ නැහැ. පෘථග්ජන භික්ෂූන් ආයාසයෙන් බ්‍රහිමචර්යාව රකිනවා. අනාගාමී උතුමන් නිරායාසයෙන් රකිනවා. නමුත් පෘථග්ජන අය අනාගාමී උතුමන්ගේ තත්වය සිතට ගෙන කටයුතු කරන්න ගියොත් මොකක් වෙයිද?

      පූජ්‍ය අජාන් චා හිමියනුත් වනගත සම්ප්‍රදාය අනුගමන කල ගුරු හිමි නමක්. මට මතක හැටියට නිසල විල පොතෙත් මේ ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. ගිහි ජීවිතයෙන් සියල්ල කර ගන්න පුලුවන් නම්, බුදුන් වහන්සේ පැවිදි ජීවිතයක් අනුදැන වදාරන්න අවශ්‍ය නැහැ නේද?

      මගේ මිතුරු මිතුරියන් ඉන්නවා භාවනාව ඉදිරියට වැඩීම සඳහා රැකියාවෙන් ඉවත් වූ අය. ඒ අය කිව්වෙ එහෙම නැතිව අවිවෙකී ජීවිතයෙන් තවත් ඉදිරියට යන්න බැහැ කියලයි.

      මේවා දිහා විවෘතව බැලිය යුතුයි.

      Delete
    12. [බුදුදහමේ එන දුක නැතිකිරීමේ මාර්ගය මිට වඩා වෙනස් කියල මට ප්‍රායෝගිකව තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මම බොහොම කැමතියි ..]

      මට තේරුණ විදිහට සිහිය පිහිටුවීමෙන් කෙලෙස් යටපත් වෙනවා. නමුත් ප්‍රහාණය වෙයි කියල නම් හිතෙන්නෙ නැහැ. ඒකට ඊට වඩා දෙයක් කරන්න වෙයි කියලයි හිතෙන්නෙ. විදර්ශනා පොත් පත් වල සඳහන් වෙන්නෙ සිතේ ඇති වන අරමුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව දැකිය යුතුයි කියල. ඒක කරන්නෙ කොහොමද කියල මමත් දන්නේ නැහැ. ඒක තමයි මමත් තාම හොයන්නේ. ඒක නිවැරදිව කලොත් අභිධර්මයට අනුකූලව ත්‍රිලක්ෂණය ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. දිගටම වැඩීමේදී කෙලෙස් කොටසක් ප්‍රහාණය වෙලා මාර්ගඵල අවබෝධ කරනවා.

      කෙලෙස් කොටසක් හෝ ප්‍රහාණය වෙන්නේ සෝවාන් ඵලයවත් ලැබුවොත් පමණයි. නැත්නම් කොහොමවත් ප්‍රහාණය වෙන්නේ නැහැ. යටපත් වෙනවා පමණයි.

      භාවනාවෙන් පමණක් නිවන් අවබෝධ කරන්න පුලුවන්ද කියන එකත් හරියටම දන්නෙ නැහැ. අර්හත් සම්බෝධිය සඳහා දස පාරමිතා සම්පූර්ණ කල යුතු බවයි සඳහන් වෙන්නෙ.

      Delete
    13. ඇනෝ ඔබගේ අදහස් වලට ස්තුතියි . මගේ පරිගණකයේ ගැටලුවක් නිසා පොඩ්ඩක් පරක්කු වුණා .

      ක්‍රිෂ්ණමුර්ති තුමා දුක ගැන විග්‍රහ කරන සාකච්චා ගොඩක් තියෙනවා .
      ඔබට ඒ සම්බන්ධ සාකච්චා ගොඩක් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්
      මේ තියෙන්නේ ඒ වගේ සරලව පැහැදිලි කරන අවස්ථා 2ක්

      http://www.jiddu-krishnamurti.net/en/the-urgency-of-change/1970-00-00-jiddu-krishnamurti-the-urgency-of-change-suffering

      https://www.youtube.com/watch?v=BQdfonCStDw


      මේ අදහස් බැලුවම ඔබට හිතෙයි මේ කතා කරලා තියෙන්නේ දුක ගැන විතරයි දුකෙන් මිදෙන මාර්ගය නෙවෙයි කියල .

      එක මම තේරුම් අරන් තියෙන්නේ මෙහෙමයි

      බුදුහාමුදුරුවෝ සහ ක්‍රිෂ්නමුර්ති තුමා තේරුම් අරන් තියෙන සත්‍යයය දෙකම එකයි . බුදුහාමුදුරුවෝ අවබෝධකරගත්ත සත්‍යයය අපිට බුදුන්වහන්සේගෙන් ම අසා දැනගැනීමට හැකියාවක් තිබුනානම් ඒ කියනදෙත් මේ ක්‍රිෂ්නමුර්ති තුමා කියන දේත් එකම වෙයි කියලයි මට හිතෙන්නේ. අපිට අද බුදු දහම විදියට ලැබෙන්නේ බොහෝ අයට තේරුම් ගත හැකි විදියට පිළිවෙලට දහමක් විදියට සකස් කරපු ධර්මයක්. එකේ ලෝකයේ ඉන්න හැම විදියෙම මිනිසුන්ට ගැලපෙන විදියට දේශනා කරපු ධර්මය තියෙනවා .ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කලයුතු දේවල් . බුදුන් වහන්සේ විවිධ අවස්තා වල දේශනා කරපු ධර්මය පිළිවෙලට සකස් කරලා හාමුදුරුවරු විසින් ඒ විදියට හදන්න ඇති .

      මම මේ සටහනේ කිව්ව වගේ මම ඉස්සෙල්ලාම මගේ හිත ඇනලයිස් කරලා බැලුව ඇත්තටම ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අනුව මම සාමන්‍යයෙන් මොනවගේ තැනකද ඉන්නේ කියන එක . ඒ කියන්නේ පන්සිල් රකින එක මට ඒ හැටි අමාරු දෙයක් නෙවෙයි වගේ (මම හිතන්නේ අපි ගොඩක් අයට ඕක පුළුවන් )

      ඊට පස්සේ මෙතනින් එහාට යනකොට කොහොමද කියන එක ගැන හොයනකොට මේ ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා වල කෙලින් ම හරය තියෙනවා නේද කියල මම තේරුම් ගත්තා .

      ඒ කියන්නේ උදාහරණයක් විදියට දුක කියන්නේ සමස්ථ දෙයක් . අපි ඒක විවිධාකාරයෙන් අපේ කරගැනීම නිසා අපි දුක්විඳිනවා කියන දේ. එහෙනම් අපි දුකින් මිදෙනවා කියන්නේ සමස්ථ දුක (සංසාරයෙ තියෙන දුක ) නැති කිරීම නෙමෙයි. ඒ දුකින් අපි නිදහස් වීම කියන එක . අපි අපේ කරගන්න දුක නැති කරන්න නම් ඉස්සෙල්ලාම අපි අපිව තේරුම් ගන්න ඕනේ කියන එක මම තේරුම් ගත්තා . ඒ විදියට අපි තුල තියෙන බැඳීම් මොනවාද කියන එක තේරුම් ගන්න පුළුවන් . බැඳීම් නැති වීම ඉබේ වෙන්නේ නෑනේ. බැඳීම සහ එහි ස්භාවය අපි හරියට තේරුම් ගැනීම නේද අපි කරන්න ඕනේ . ඒක තේරුම් ගත්තම ඒ දේවල් වල තියෙන හරසුන් ගතිය ටික ටික වැටහිලා අපිට බැඳීම් වලින් ටික ටික මිදෙන්න පුළුවන් . ඒ විදියට තමන් ව තේරුම් ගන්න නම් අපේ සිහිය දියුණු කරගන්න ඕනේ .

      ඔය ටිකම තමයි අපි ඉගෙන ගෙන තියෙන බුදුදහම පුරාම තියෙන්නේ කියලයි මම හිතන්නේ. නමුත් ඒ දහම ආගමක් විදියට අපි පිලිපදිනකොට අපිට එක මහාලොකු බැරෑරුම් දෙයක් ව්දියට ඔළුවට යනවා . ඒ කියන්නේ අපිට තව බොහෝ කාලයක් යනකම් මේක තේරුම් ගන්න බැරි වෙයි වගේ හැඟීමක් . අපි අපි ගැනම අවතක්සේරු කරගන්නවා වගේ හැඟීමක් මට නම් තියෙනවා .

      ඇත්තටම කලයුතු වන්නේ මේ දෙය නම්, ඒ දෙය කෙලින් ම නොකර සිලබස් එකක් අනුව දුර ගමනක් ලොකු කාලයක් ගිහින් අවසානයේ අවබෝධ කරගතයුතු දෙයක් විදියට නැතුව මේ දැන් මේ මොහොතේ මේ දෙය අවබෝධ කර ගත හැකි වීය යුතුයි යන්න මම තේරුම් ගත්තේ මේ ක්‍රිෂ්නමුර්ති තුමාගේ දේශනා සහ බාලසුරිය මහත්මයාගේ ඇසුර නිසා .

      [සිතේ ඇති වන අරමුණු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අනුව දැකිය යුතුයි කියල.]

      මේක හරි. නමුත් මේක මන්තරයක් වගේ අදහන එකෙන් වැඩක් නෑ . මේකට වන්දනා කරන එකෙනුත් වැඩක් නෑ . අපි මේ වැඩේ කරන්න ඕනේ . එක කරනකොට අපි අපේ සිතෙහි ස්භාවය හරියටම තේරුම් ගන්න ඕනේ . ඔබට කොයිතරම් අවශ්‍යතාවයක් මේ වෙනුවෙන් තියෙනවද කියන එක මත මේ සත්‍යයය තේරුම් ගැනීම රඳා පවතිනවා කියලයි මම හිතන්නේ .

      ඉතිරි කොටස පහල කොමෙන්ට් එකේ .

      Delete
    14. ඉතිරි ටික ...

      [මගේ මිතුරු මිතුරියන් ඉන්නවා භාවනාව ඉදිරියට වැඩීම සඳහා රැකියාවෙන් ඉවත් වූ අය. ඒ අය කිව්වෙ එහෙම නැතිව අවිවෙකී ජීවිතයෙන් තවත් ඉදිරියට යන්න බැහැ කියලයි.]

      භාවනාව ගැන මමත් මුලින් හිතුවේ ඔහොම තමයි.

      මම ඔය විදියට භාවනා කරද්දී අර දිපිතිමත් එළියක් වගේ දැනෙන අවස්ථාවෙන් එහාට යන්න බැරි වුණා. නමුත් පස්සේ මම එදිනෙද සිද්ද කරන වැඩවලට, කතා බහට සංවේදී වෙන්න පුරුදු වෙලා , ටික ටික ඒ මොහොතට අවධානය යොමු කරලා ඒ මොහොත තුල පමණක් ජිවිත් වීම ප්‍රයෝගිකව කරන්න ගත්තට පස්සේ භාවනාවෙන් ලැබෙන සැනසීම , සැහැල්ලුව ඒ විදියටම දැනෙන්න ගත්තා .

      ඔබට රෑට නිදාගන්න කලින් හෝ වෙනත් පහසු වේලාවක (කාගෙන්වත් කරදරයක් නැති වෙලාවක ) පොඩ්ඩක් තමන් කවුද ? මගේ හිතේ මොනවාද මේ වෙලාවේ තියෙන්නේ වගේ දේවල් ගැන පොඩ්ඩක් නිවිහැනහිල්ලේ කල්පනා කරලා බලන්න. ඊට පස්