Thursday, July 03, 2014

කළු දල මල හම්බ වුනොත් කියනවද

මේ සැරෙත් සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනේ මිස් වෙන ලකුණු තමයි තියෙන්නේ... මෙහෙන් ගත්ත පොත් සෙට් එක නිසා පොඩ්ඩක් හිතේ අමාරුව අඩු වුනාට .. පොත් ගොඩවල් වටේ ටිකක් ඇවිදල, පොත් වල සුවඳ විඳලා, අත පත ගාල එන ආතල් එක මිස් වෙන එක සැහෙන දුකක්...

මේ පරණ පොත් ගැන මතක් කර කර ඉන්නකොට මතක් වෙච්ච පොතක් ගැන අහ්! අදහසක් විදියට ලියල දාන්න හිතුනේ මේක. මොකද සැප්තැම්බර් කිට්ටු වෙනකොට අමතක වීමේ ඉඩ සැහෙන වැඩි නිසා.. 

ඇලෙක්සැන්ඩර් දුමා ගේ The Black Tulip කියන නව කතාව සිංහලට පරිවර්තනය වෙලා තිබුනා කළු දල මල නමින්. සැහෙන කාලෙකට කලින් මේක මගේ පොත් ගොඩෙන් අතුරුදහන් වුණා. ටීනේජ් (teenage) කාලේ පටන් ගන්න කොටම වගේ කියවන්න ලැබුණු හරි අපූරු කතාවක්.



කියවල නැති කෙනෙකුට පොඩි අසාධාරණයක් වුනත් කතාවේ තියන්නේ මෙහෙම සීන් එකක්

1600 ගණන් වල නෙදර්ලන්තේ කතාවක් මේක. කතාව පාදක වෙන්නේ සහෝදරයින් දෙදෙනෙක් වටා. මට මතක විදියට එක්කෙනෙක් දුෂ්ට චරිතය අනිත් කෙනා තමයි කතාවේ වීරයා. කතන්දරේ ගෙතෙන්නෙ නෙදර්ලන්තයේ බොහොම ප්‍රසිද්ධ Tulip මල් වටා.  බොහොම ආදරණිය ප්‍රේමයක් කතාව පුරාම ගලාගෙන යනවා. ඒක මිනිසෙකු පරිසරයට සහ මල් වල සුන්දරත්වයට ප්‍රේම කිරීම ලෙසත් ඒ වගේම සුන්දර තරුණ හදවත් දෙකක ඇතිවන රහසිගත ප්‍රේමයක් විදියටත් කතාව පුරාම තියෙනවා. දුෂ්ට කම සහ අව නීතිය නිසා දැන් කාලේ වගේම ඒ කාලෙත්  සිද්ද වෙච්ච සමාජ අසාධාරණය කතාවේ කුතුහලය සහ ත්‍රාසය භීතිය ඇති කරලා තියෙනවා. කොහොම වුනත් අවසානය සුඛාන්තයක්.. ඒ නිසා රස වැඩියි... :)

හිර ගෙවල් වල ඉඳන් මිනිස්සු පරෙවියෝ අතේ පණිවිඩ  යවල වැඩ ගත්ත හැටි බොහොම අපුරුවට මේකේ තියෙනවා. මට අදටත් ඔය කුරුල්ලෝ අතේ පණිවිඩ යවන කතාවක් ඇහුනොත් මතක් වෙන්නේ මේ කතාව.

මෙතනින් එහාට කතාව ගැන කිව්වොත් නොබලපු අය පව් නිසා ඔය ඇති..

මට කතාවේ පරිවර්තක ගේ නම මතක නෑ. නමුත් ලස්සනට පරිවර්තනය කරලා තිබුනා. කේ.ජි කරුණාතිලක මහත්මය ද මන්ද.. ෂුවර් නෑ..

පිටුවෙන් පිටුව කියවද්දි ආස හිතෙන පොතක් විදියට තමයි මට නම් මේක මතක තියෙන්නේ. අවුරුදු 20කට විතර පස්සෙ ඒ ආසාව ආයේ වැඩි වෙලා පොත ගැන මතක් වෙලා මේ හොයල බලන්න හිතුනේ.

ඉංග්‍රීසි කොපියක් නම් මේ ලින්ක් එකේ තියෙනවා


හැබැයි මට ඕනේ මම මුලින්ම කියවපු පරිවර්තනේ ආයේ කියවන්න...

කට්ටිය පොත් ප්‍රදර්ශනේ ඇවිදින කොට පොඩ්ඩක් හොයල බලන්න .. හම්බ වුනොත් අරගෙන පණිවිඩයක් එවන්න. 

53 comments:

  1. පැතුමා ආපහු පරණ මතකයක් ඇවිස්සුවා , කාලෙකට කලින් කියවපු මේ පොත ආපහු කියවන්න හිතුනා මේක කියවලා , පරිවර්තනය කලේ ඊරියගොල්ල මහත්තයාද මන්දා ... ශික් කිසිදෙයක් මතකනැති හැටි

    ReplyDelete
    Replies
    1. මතක තියෙන කට්ටියගෙන් වැඩි විස්තර බලාපොරොත්තුවෙන් තමයි මමත් ලියල දැම්මේ.. හෙහ් හෙහ්.. මේ පොත මම ඊට පස්සේ දැක්කෙම නෑ... බලමු දන්න කියන කවුරු හරි ඉඳියි ද කියල..

      Delete
  2. කළු දළ මල පරිවර්තනය කොළේ ඔය දෙන්නම නෙවෙයි. මං ගාව තියෙනව පොත. බලලා හෙට අප්ඩේට් කරන්නං.

    ඒකෙ හැඳින්වීමෙ තිබ්බා, "අලිසන්දිරී දූමා නමැත්‍තානෝ මහා පබඳුවාණ කෙනෙකි" කියලා. ඒක නං තාම මතකයි.

    මාර පොතක් තමා. නෙදර්ලන්තයෙ විලියම් කුමාරයා රජ වෙද්දි තිබ්බ දේශපාලන පෙරළිය පසුබිමට දාගෙන ලියපු සිරාම ලව් ස්ටෝරියක්...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, එල කිරි... මට ඔය අලිසන්දරී දූමා කෑල්ල හොඳට මතකයි... උඹට කියන්න මම දැන් ඇවිල්ල නාන ගමන් කල්පනා කළා අලිසන්දරී දුමා කියන නම මොකේද තිබ්බේ කියල... හෙහ් හෙහ්..

      Delete
    2. පොත හම්බවුනා. හැබැයි රජෝ ඉල්ලන්න නං එපා. පරිවර්තනය කරලා තියෙන්නෙ එඩී ප්‍රනාන්දු. ගුණසේන පොතක්. (ගුණසේන එකේ, අලුත්කඩේ බ්‍රාන්ච් එකේ තොග අවසන් කිරිමේ මහා සේල් එකක් තියෙනවා මේ දවස් වල. ගිහිං බලහං. 50% දක්වා වට්ටම්!) මං ගාව තියෙන පොතේ ගාණ රු. 72.50 - 1991 මුද්‍රණය.

      Delete
    3. හෙහ් හෙහ් ඩ්‍රැකී.. බය වෙන්න එපා... :D ඒ කියන්නේ පොත තාම තියෙනවනේ.. මම ලංකාවට ආපු කාලෙක හොයා ගන්න පුළුවන් වෙයි...විස්තරේට පට්ට තැන්ක්ස්..

      Delete
  3. මේ පොත ගැනනම් මීට කලින් අහලම නෑ. පොත් ප්‍රදර්ශන හැමදාම කොළඹට විතරයි. අපිට නිකං පොතක් හොයාගන්නෙක කළුනික හොයනවාටත් වඩා අමරුයි.

    ReplyDelete
    Replies
    1. නිවාඩුවක් දාල කොළඹ ඇවිත් පොත් අරන් ගියත් පාඩු නෑ මනොෂ්.. ගමට කිරි එනකම් බලන් හිටියොත් අපටයි පාඩු.. හෙහ් හෙහ්.. මේක ලස්සන කතාවක්.. හොයාගෙන බලන්නකෝ

      Delete
    2. මේ සැරේ එහෙම නෑ. ඔක්තොම්බර් මුල අනුරාධපුර එකක් තියෙනවා.

      Delete
  4. ඇලෙක්සැන්ඩර් ඩුමාගෙ එක පොතක්වත් මට තාම කියවන්න බැරි වුණා. මේ පාර බලනව ඔය පොත හොයාගන්න..

    ReplyDelete
    Replies
    1. ඇලෙක්සැන්ඩර් ඩුමාගෙ ගොඩක් හොඳ පොත් තියෙනවා. මොනත ක්‍රිස්ටෝ කතාව, එතකොට The Three Musketeers, තව කොර්සිකානු සහෝදරයෝ කියල පරිවර්තනයක් තිබුන මම නම් බලල නෑ..

      කියවල බලන්න ඕවයින් එකක් දෙකක්.. :)

      Delete
    2. උඹ දන්නවද මනුස්සයාගෙ තියෙනවා හෙන ඓතිහාසික කතන්දර ගොඩක්. අර මාරි ඇන්ටොයිනට් ‍රැජිණට ගිලටීනයට යන්න වුණු සීන් එක පවා මනුස්සයා ලිව්වා ‍රැජිණගේ දියමන්ති මාලය කියලා. තව එකක් තියෙනවා නිව් ට්‍රෝයි කියලා ඒක මරු. දි වුල්ෆ් ලීඩර් කියල එකක් තියෙනවා, ඒකත් මරු. (ඊබුක් තමයි ඉතින් කියවන්න වෙන්නේ)

      Delete
    3. ඊබුක් වලින් ටෙක්නිකල් දේවල් කියවනව ඇර මේ වගේ කතා නම් කියවල නෑ මම.. දැන් ඇලෙක්සැන්ඩර් ඩුමාගෙ පොත් කවුරුත් සිංහලට පරිවර්තනය කරන්නේ නැද්ද..?

      පරණ ටික විතරයි නේද හැමදාම තියෙන්නේ..

      Delete
    4. //කොර්සිකානු සහෝදරයෝ කියල පරිවර්තනයක් තිබුන මම නම් බලල නෑ..// ඒකත් මං ගාව තියෙනවා. කේජී කරුණාතිලකගෙ පරිවර්තනය. හැබැයි ඒකත් ඉල්ලන්න නං එපා ඕං.

      Delete
    5. කොර්සිකානු සහෝදරයෝ ඒ දවස්වලත් මට ගන්න හිතුනේ නැති පොතක්.. මොකක් ද එකේ කතාව. කෙටි කතා පොතක් ද? උඹ ඩ්‍රැකී නේ බන් ඉල්ලන එකාගේ ලේ බොනවා යකෝ කියල කියපං.. නැත්නම් ඕව පරිස්සම් කර ගන්න බැරි වෙයි.. :D

      Delete
    6. කෝසිකානු සහෝදරයෝ ඩූමා ගෙ ඉතාම කෙටි නවකතාවක්. ඒ වුනාට මාර ජීව ගුණයක් තියෙනවා. සම නිවුන් සහෝදරයො දෙන්නෙක්ගෙ කතාවක් ඒක.

      පොත් ඉල්ලන උන්ගෙ නෙවෙයි, ඉල්ලං ගිහිං ගෙනත් දුන් නැති උන්ගෙ නං ලේ බොන්න තමා හිත.

      Delete
  5. ටොප් පොත පැතුම්.හැබැයි පරිවර්තනේ වෙලා තියෙන්නෙ හුදු හෙළුවෙන්.දැන් කාලෙ ළමයින්ට එහෙම නං තේරුම් ගන්නත් අමාරු වෙයි.පරිවර්තක කේ ජී කරුණාතිලක නොවෙයි ඔහු පරිවර්තන වලට අතගහන්න ගොඩක් කලින් මේ පොත.අනික භාෂාවත් ඔහුගෙ භාෂාව නොවෙයි.මගෙ ලඟ පොත තියෙනවා හැබැයි ලංකාවෙ.

    ReplyDelete
    Replies
    1. @ හැලපෙ...
      පරිවර්තක හියුබත් දිසානායක ද? මන්දා. අර 'සම්පත් දුපත' හෙම කළේ
      හර්ෂ

      Reply

      Delete
  6. හැලපෙ, අර ඩ්‍රැකී දීල තියෙන්නේ පොතේ භාෂාව ගැන නියම උදා හරණයක්... "අලිසන්දිරී දූමා නමැත්‍තානෝ මහා පබඳුවාණ කෙනෙකි" හෙහ් හෙහ්

    මම මුලින්ම කියෙව්වෙත් ගොඩක් පොඩි කාලේ.. මට නම් ඒ භාෂාව හොඳට අල්ලලා ගියා.. දැන් මේ පොත ආයේ කියවන්න පට්ට උවමනාවක් ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  7. අවුරුදු ගානක ඉදල මමත් හොයන පොතක්.ගන්න තැනක් ගැන හෝඩුවාවක් ලැබෙයිද දැනගන්නයි මාත් මේ පැත්තට ආවේ.අපේ අම්මගෙ පොත් එකතුවෙ තිබිල මමත් මුලින්ම ඔය පොත කියවද්දි ගොඩක් පොඩියි.සිංහල පරිවර්තනය පරන තාලෙට උනාට හැබැයි කතාව හොදට තේරුනා.කියවන්න ඉල්ලගෙන ගිය කවුරුහරි කෙනෙක් ආපහු ගෙනත් දීල නැති නිසා පොතේ මතකය විතරයි ඉතුරු.

    ටියුලිප් මලට ආස කරන්න පටන්ගත්තෙත් ඔය පොත කියවලම තමයි.

    පොතේ ප්‍රකාශකය කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

    ~Saji~

    ReplyDelete
    Replies
    1. "කියවන්න ඉල්ලගෙන ගිය කවුරුහරි කෙනෙක් ආපහු ගෙනත් දීල නැති නිසා " ඔන්න ඕක තමයි මගේ පොතටත් වුනේ.. හෙහ් හෙහ්..

      ටියුලිප් මල් කියල ජාතියක් මේ ලෝකේ තියෙනවා කියල දැනගත්තේ මේ කෙන් තමයි.. ටියුලිප් මල් වලට සිංහලෙන් කියන්නේ දල මල් කියලද? නැත්නම් ඒක පරිවර්තනයට යොදා ගත්ත නම විතරද..

      පොත ළඟ තියෙන කෙනෙක් විස්තර ටික දානවනම් ලොකු දෙයක්

      Delete
    2. ඇත්තටම නෙදර්ලන්තයේ ටියුලිප් ප්‍රදර්ශනයක් තියෙනවා.හැබැයි පොතේ වගේ හේග්වල නෙවෙයි දැන් තියෙන්නෙ කුකන්හොප්වල.මම ඒක අවුරුද්දක බලන්න ගියා පුදුම ලස්සනයි.

      Delete
    3. මමත් ටියුලිප් මල් යාය වල පින්තුර වලින් නම් දැකල තියෙනවා.. ඇත්තට දකිද්දී ලස්සන ඇති තමයි.. යුරෝපා සවාරියක් දාපු කාලෙක ගිහින් බලන්න ඕනේ.. හෙහ් හෙහ්

      Delete
  8. මමනම් හිතන්නේ නැහැ මේ සිංහල පරිවර්තනය දැන් හොයාගන්න පුළුවන් කියලා. ඉස්සර හැම පුස්තකාලයකම වගේ තිබුනා. මමත් මේක කියෙව්වේ 1960 දශකයේ අග භාගයේදී හෝ 1970 දශකයේ මුල භාගයේදී බවයි මතක. කොළඹ මහජන පුස්තකාලයේ බොහෝවිට තිබෙන්න පුළුවන්.

    ප්‍රධාන පෙලේ පොත් ප්‍රකාශකයන්ගෙන් විමසා බලන්න. මමත් මේ දිනවල හොයනවා සිසිරකුමාර මානික්කආරච්චි මහතාගේ පොත්.

    ReplyDelete
    Replies
    1. එච්චර පරණ පොතක් ද එතකොට මේක... මම දැනගෙන හිටියේ නෑ... පරණ පොත් නැවත මුද්‍රණය වෙන්නේ හරි අඩුවෙන් නේද? එහෙම වුනාම ඒ කතා නිකම්ම අභාවයට යනවනේ..

      Delete
    2. තව ඔය වගේ මම කියවපු පරණ පොතක් තියෙනවා නාස්තිකාර පුත්‍රයා කියල.. ක්‍රිස්තියන් ක්‍රිස්තියන්සන් කියල චරිතයක් ඉන්නේ.. එකේ කර්තෘ සර් හෝල් කේන් කියල නමක් වගේ මතක.. පරිවර්තනය කාගේද කියල නම් ඒත් මතක නෑ..

      Delete
    3. බුදු අම්මේ, නාස්තිකාර පුත්‍රයා පොත ගැන මම අහලා තියනවා විතරයි කියවලා නැහැ. අපේ බාප්පා ඉස්සර කියනවා ඔය පොත ගැන, කරමසෝ සහෝදරයෝ පොත ගැන, ඒ කියන්නේ 1960 දශකයේ මුල භාගයේදී.

      Delete
    4. අම්මෝ ඒ කියන්නේ පට්ට පරණ එකක් නේ.. හැබැයි ඒ පොත නම් තාම ගෙදර තිබුනා. හෙහ් හෙහ් කවුරුත් අරන් යන්නේ නෑ මම හිතන්නේ කවරේ දැක්ක ගමන්.. මට නම් ඒක හොඳ පොත.ක් අපේ ගෙදරටත් කොහෙන් හරි හම්බ වෙච්ච එකක්...

      මම ඔය කරන්න වෙන කිසිම වැඩක් නැති දවසක කියවන්න අරගෙන හැබැයි පස්සේ පොත බීම තියන්නේ නැතුව බැලුව... රදල පවුලක නාස්තිකාර කොල්ලෙක් නන්නත්තාර වෙලා ආයේ මුල ඉඳන් අලුත් චරිතයක් විදියට සිරා පොරක් වෙන කතාවක් තියෙන්නේ..

      Delete
  9. පොත ගැන මේ ඇහුවමයි.. හම්බුනොත් අපි එක්කත් බෙදා ගන්න.. කියවන්න ආස හිතුනා විස්තරේ දැක්කම..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අපි නොදන්න ගොඩක් පොත් තියෙනවා. ඔය ඉතින් මතක් වෙන වෙන වෙලාවට මෙහෙම ලියල දානවා. කොහොම වුනත් මේ වගේ පොත් දැන් දැන් ලියවෙන්නේ නෑ මම හිතන්නේ.. ඉතින් හොයාගෙන කියවල බලන්න.. හැමදාම මතක හිටින කතාවක් වෙයි..

      Delete
  10. හෙන කාලෙක ඉඳන් ඕක හොයනවා මචන්. උඹට හම්බවුනොත් අපිටත් කියපන්. ඕකේ මට මතකම තියෙන චරිතේ තමයි ඔරේන්ජ් හි කුමාරයා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියවන්න හුරු වුනාට පස්සේ පොතක පරිවර්තනය කියවන්න ඕන වෙන්නේ නැති තරම්. ඒත් තාමත් හොයන පොතක් තමයි කළු දළ මල.

    ReplyDelete
    Replies
    1. මම ඊයේ මේක ලියද්දි චරිත ටික මතක් කළා. මට හැමදාම මතක තිබුනේ කොරනේලියස් විට් විතරයි.. දැන් ඔරේන්ජ්හි කුමාරයත් මතක් වෙනවා වගේ.. රෝසා කියන්නේ කෙල්ල.. ඊට පස්සේ මතක තියෙන්නේ හාලම් මල් සමාජය.. හෙහ් හෙහ්

      මේ සැරේ පොත් ප්‍රදර්ශනේ බලන්න යන දන්න කියන කට්ටියට කියන්න ඕනේ ඕක හොයන්න කියල..

      Delete
  11. සරසවි පොත් සාප්පුවේ තියෙනවා... 'උදාරතර කළු දල' මල කියලයි තියෙන්නේ. මා ලඟ තිබුනා පරණ පරිවර්තනය. දැනුත් ඇති, හොයලා බලන්ට ඕන. මේ ලින්ක්ස් බලන්ට
    http://www.sarasavi.lk/Book/Udarathara-Kalu-Dala-Mala-9789551887384
    http://ikman.lk/en/udarathara-kalu-dala-mala-for-sale-gampaha

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි Kandyan. මේ පරිවර්තනය කරපු කෙනා නම් මම මිට කලින් අහල නෑ.. මේක අලුත්ම එකක් ද නැත්නම් මුල්ම පරිවර්තනයම නැවත මුද්‍රණයක් ද?

      Delete
  12. ඕනම පොතක් ඕනම කාළෙක හොඳ ඩිස්කවුන්ට් එකකුත් එක්ක ගන්න. ඔඹත් ගොවන්න මරදාන වික්ස් පොත්හලට. පොලීසිය අත ළඟ. පොත් අංකල් ළඟ. සල්ලි ඇන්ටි ළඟ. වැඩිපුර පොත් මිළදී ගතහොත් වැඩිපුර ඩිස්කවුන්ට්..

    ඒ පනිවිඩය ඔබ වෙත ගෙන ආවේ. පොතෙන් ජීවත් වන, කුණුහබ්බ වපුරන, මහාචාර්ය මාතලන් වන මා විසිනි.

    ReplyDelete
    Replies
    1. ගිහින් බලන්න ඕනෙ වෙලාවක

      Delete
    2. ලංකාවට ආපු වෙලාවක ගිහින් බලන්න ඕනේ... මහාචාර්ය තුමා කියන විදියට නිකන් නැති දෙයක් නෑ වගේ නේ..


      Delete
  13. හම්බ උනොත් කියන්නම්කෝ... !!!

    ReplyDelete
    Replies
    1. අරගෙන කියවන්න.. ඊට පස්සේ කියන්න.. හෙහ් හෙහ්

      Delete
  14. @ හැලපෙ...
    පරිවර්තක හියුබත් දිසානායක ද? මන්දා. අර 'සම්පත් දුපත' හෙම කළේ
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හියුබත් කියන නම මටත් මතකයි.. අපට හුරු හියුබට් කියන එකට වැඩිය හියුබත් නිසා මතක හිටිය වෙන්න පුළුවන්.. පොතේ කර්තෘ ද කියල මතක නෑ.. ස්තුතියි ඇනෝ..

      Delete
    2. හියුබත් දිසානායකයන් 1990 අග භාගයේ වගේ මිය ගියා. සුනිල් ශාන්තයන් ගැයු 'කෝකිලයන්ගේ කෝකිල නාදේ' ගීතය ලියා ඇත්තේ මොහු. මතකද සින්දුව.

      Delete
    3. 'කෝකිලයන්ගේ කෝකිල නාදේ'
      'කෝකිලයන්ගේ කෝකිල නාදේ'

      ඔන්න ඔහොම එකම පද ටික දෙපාරක් කියනවා කියල නම් මතකයි. සිංදුවේ ඉතිරිය මතක නෑ.. :)

      Delete
    4. පැතුම්....දකුණු ඉන්දීය සංගීතයෙන් පිරිලා තිබුනු අපේ සංගීත ක්ෂේත්‍රය ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත ආගමනයත් එක්ක වෙනස් වෙන්න ගත්තා. ඔය සින්දුව අහන්න වටිනා සිංදුවක්.

      මේ ලිපිය කියවා...පසුව ගීතය හොයාගෙන රස විඳින්න.
      HUBERT DISSANAYAKA

      Delete
    5. මේ සිංදු රේඩියෝ එකේ ඇහුනේ අපි ගොඩක් පොඩි දවස් වල අරූ. අපිට එතකොට ප්‍රේමය කියන දේ ගැන එච්චර උනන්දුවක් නැති කාලේ නේ.. :)

      හැබැයි මට සුනිල් සාන්තගේ හඬ හොඳට මතකයි..

      සිංදුව ආයේ හොයාගන්න ඕනේ..

      ගීතය සහ හියුබත් දිසානායක ගැන විස්තරයට ගොඩක් ස්තුතියි..

      Delete
  15. කළු දළ මල' අපේ ගෙදරත් තිබ්බා . පොත ලිව්වේ කව්ද කියලා අමතක වෙලයි තිබ්බේ මේ කොමෙන්ට් ටික කියවනකන් . මේ කතාව කාලයක් ලංකාවේ මොකක් හරි පත්තරේක චිත්‍ර කතාවක් හැටියටත් ගියා

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වලින් බොහෝ දේවල් දැන ගන්න පුළුවන්. මම මේක ගැන ලිව්වෙම ඔය අමතක වෙච්ච විස්තර ටික කොමෙන්ට් වලින් කවුරු හරි කියයි කියන බලාපොරෝත්තුවෙන්මයි..

      චිත්‍ර කතාව ගැන නම් මට මතකයක් නෑ..

      බොහොම ස්තුතියි ඇවිල්ල කොමෙන්ට් එකක් දැම්ම එකට :)

      Delete
  16. විද්යෝදෙ (දැන් ජපුර) පුස්තකාලෙට පින් සිද්ද වෙන්න ඔය ඔක්කොම කියෙව්වා. පියදාස සිරිසේනගෙ එව්ව පවා. අර මනුස්සයා හිර ගෙදර ඉඳන් ජනේලෙන් වැටෙන ඉර එලියෙන් මල් ගහ හදන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මල් හැදිල්ල නම් නියම වැඩක්. ගහකොළ මල් වලට ආදරය කරන මිනිස්සු ගැන මම කියවපු ලස්සන කතාවක්..

      මම නම් පුස්තකාල වලින් අරන් ගොඩක් පොත් කියවල නෑ.. අම්ම හරි අක්ක හරි පොඩි කාලේ ගෙනත් දුන්න පොත් තමයි. මේකත් අක්ක ද කොහෙද ගෙනාපු එකක්..

      Delete
  17. මම පරිවර්ථන කියවලා තියෙන්නෙ ඉතාම අඩු සංඛ්‍යාවක්. කථාවෙ පළවෙනි පිටු එක දෙක පෙරළද්දි හිතට වැදුනොත් කියවනවා නැත්තං නෑ....

    ReplyDelete
    Replies
    1. මම ඔකේ අනිත්පැත්ත.. පරිවර්තනයක් නොවන පොතක් කියවපු කාලයක් මතක නෑ වගේ.. හෙහ් හෙහ්

      Delete
  18. මෙහෙ ඉන්න අපිට ඉතින් සිංහල පොතක් ඕනනම් ඉබුක් සරනං ගච්චාමිම තමයි

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය ලංකාවෙන් එන අය ලව්වා ගෙදර තියෙන පොත් ගෙන්න ගත්ත බන්.. නිකන් සාංකාව වගේ සිංහල පොතක් දකින්න නැති වෙනකොට..

      Delete