Friday, July 13, 2012

වර්ධිත යතාර්ථය හෙවත් Augmented Reality (වීඩියෝ සහිතයි 18+ නෙවෙයි)

මට තියෙන උණ වලින් එකක් ගැන පහුගිය දවස් ටිකේ මම කරපු සොයා බැලීම් ගැන පොඩි සටහනක් දාන්න හිතුණා. අතත්‍ය යාතාර්ථ උණ දැන් ටිකක් හොඳ වෙලා ඒ ගැන දැන් එච්චර උනන්දුවක් නෑ. දැන් තියෙන්නෙ මේ උණ.

Minority Report, Iron Man, Avengers වගේ චිත්‍ර පටි බලල තියෙන අය දැකල ඇති මෙන්න මේ වගේ පොඩි ආතල් වැඩ කෑලි දාන ෆිල්ම් වල ඉන්න අයියලා..




ෆිල්ම් වලදි නම් මේ දේවල් පෙන්නන්නේ පොඩි පොඩි කොම්පියුටර් ජිල්මාට් කෑලි,වීඩියෝ එඩිටින් වගේ දේවල් කරල. නමුත් මේ වගේ දේවල් ඇත්තටමත් කරන්න පුළුවන් සැලකිය යුතු මට්ටමකින්. (ඔය මයිනෝරිටි රිපෝට් මට්ටමට එන්න නම් තව කාලයක් යයි)

මොකක් ද මේ වර්ධිත යතාර්තය කියන්නේ කියන එක මම තේරුම් ගත්ත විදියට කියනවනම් අපි මේ ඉන්න පරිසරයේ තියෙන දේවල් සමඟ පරිගනකය මඟින් නිර්මාණය කරපු දේවල් මික්ස් කිරීම වගේ වැඩක්. ඒ වැඩේ ගොඩක් වෙලාවට චිත්‍ර පටි වලදි කරනවා.. ඒ කියන්නේ සැබෑ මිනිසුන් සහ පරිසරය තුළට පරිගණකයෙන් හදපු කල්පිත සතුන්,ගොඩනැඟිලි, වාහන වගේ දේවල් දාල කෘතිම පරිසරයක් නිර්මාණය කරන එක. හැබැයි ඒක කරන්නේ ගොඩක් වෙලාවට ලොකු පරිස්‍රමයක් දරල ගොඩක් උපකරණ සහ විවිධාකාර තාක්ෂණ ක්‍රමවේද පාවිච්චි කරල.

අතත්‍ය යතාර්ථය සහ වර්ධිත යතාර්ථය අතර වෙනස තමයි අතත්‍ය යතාර්ථය කියන්නේ ස්වභාවිකව අපි දකින පරිසරය සහ මිනිසුන්,සතුන්,ගහ කොල මේ පරිගණකය ඇතුලේ තියෙන ලෝකය තුළ කෘතිමව නිර්මාණය කරන එක. ඒ කියන්නේ ඔය ගේම් වල තියෙන විදියට පරිසරය සැකසීම, වර්ධිත යතාර්ථයේදි කරන්නේ පවතින පරිසරය තුළට පරිගණකයෙන් නිර්මිත දේ එකතු කිරීම.

මේ දෙක ගැන තාක්ෂණික කරුණු ඕනෙ තරම් විකීපීඩියාවෙන් හොයා ගන්න පුළුවන්. (මට ඒකේ තියෙන සහ ඔය ගූගලය දෙන විස්තර සිංහලෙන් ලියන්න අවංකවම පට්ට කම්මැලියි. මේ ටික ලියන්න හිත හදා ගත්තෙත් සෑහෙන අමාරුවෙන්).

හරි අපි සරලව බලමු කොහොමද මේ වර්ධිත යතාර්ථය කියන එකක් පරිගණකය බාවිතාවෙන් හදා ගන්නේ කියල. මේ කියන්නේ හෙනම ප්‍රාථමික විදියට මේ වගේ එකක් වැඩ කරන විදිය. අපි වෙබ් කැම් එකක් හරි නිකන් කැම් එකක් හරි පාවිච්චි කරල ගන්න පින්තූරය හෝ වීඩියෝ ව තියෙනවනේ. අපිට පුළුවන් මේ පින්තූරය හෝ වීඩියෝව Image Processing හෝ Video Processing Algorithms බාවිතා කරල ප්‍රොසෙස් කර ගන්න. ඊට පස්සේ ඒ ප්‍රොසෙස් (ප්‍රොසෙස් කරනව කියන්නේ ප්‍රොසෙස් කරන එකට. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් කරනවට.. තේරුණානේ) කර ගත්ත පින්තූරෙට හරි වීඩියෝ එකට හරි පරිගණකය මඟින් නිර්මාණය කරපු වස්තුවක් Real Time එකතු කරන්න. මේ පහල පින්තුර බැලුවම තේරෙයි.




දැන් කොම්පියුටරය කොහොමද මේ කෘතිම වස්තු ස්ථාන ගත කරන්න ඕනේ නියමිත තැන හරියටම හොයා ගන්නේ. ඒකට අපිට තෝරාගත් Patterns පාවිච්චි කරන්න පුළුවන්. Patternස් කියන්නේ මෙන්න මේ වගේ ඒවා


අපි යොදා ගන්න පින්තූරේ හරි වීඩියෝ එකේ හරි තියෙන මේ Pattern එක අර ප්‍රොසෙසින් කරනකොට අඳුරගෙන ඒක තියෙන ඛන්ඩාංක වලට අදාල ස්තානයේ අපිට ඕනෙ කරන වස්තුව නිර්මාණය කිරීම තමා මේකෙදි කරන්නේ.

ෆිල්ම් වල දකින ඒවට අමතරව මෙන්න මේව බලන්නකෝ.. කොච්චර අපූරුද කියල..


                                          




හරි මෙන්න මේ වීඩියෝ 2ක බැලුවහම වෙන්නේ මොකක් ද කියල තව හොඳට තේරෙයි... හික්.. ඔය ඉන්නේ මම, අපේ ඔපිස් එකේ, මේ අද තමා වීඩියෝව ගත්තේ මේකට දාන්න .. ජීවිතේ ප්‍රථම වතාවට මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ.. ඒ නිසා අවුල් වෙච්ච ගනන් ගන්න එපා. සිද්දිය විතරක් බලා ගන්න හික්...



මේ මගෙ අතේ තියෙන කොලේ ප්‍රින්ට් කරල තියෙන පැටර්න් එක අඳුරගෙන ඒක උඩ මේ වර්ණවත් ත්‍රිමාණ රූපය පරිගනකය මඟින් නිර්මාණය කිරීම තමයි මේකෙදි වෙන්නෙ.  හොඳට බැලුවොත් පෙනෙයි මේක ඇත්තටම නිර්මාණය වෙන්නේ ඒ පැටර්න් එකට මඳක් ඉහලින් කියල.  අපිට පරිගණක වැඩසටහන් මඟින් මේ දතත වෙනස් කරල ඕනෙ විදියට මේක හදා ගන්න පුළුවන්.


මේ කන්දක් වගේ හැදෙන එක අර පැටර්න් එක උඩ හැදෙනවා.  මම කොලේ එහෙට මෙහෙට කරන නිසා තමයි හැම වෙලේම ඒක නැවත නැවත හැදෙන්නේ. ඇඟිල්ලෙන් ඇනල කඩල දාන්නත් පුළුවන් ඔන්නම්.. හික් හික්...

ඔපිස් වෙලාවේ හදපු නිසා මගේ සුමියුරු ටකරං හඩිං මොකුත් කියන්න විදියක් නෑ.. අනිත් උන්ගේ සද්ද බද්ද නම් ඇහෙනවනේ..

ප්‍රොජෙක්ටර් සහ නියමාකාරයෙන් කැමරා භාවිතා කරල ඇත්තටම මේ දේවල් අපේ  මේසේ උඩ හෝ වෙනත් ඕනෙම මතුපිටක හදන්න පුළුවන් එහෙම කරන්න නම් ඉතින්  අපිටත් රජයෙන් සහයෝගය අවශ්‍යයි. හික් හික් (මම වැඩ තියෙද්දි මේව කරන එක ලොක්ක සද්ද නොකර බලාගෙන ඉන්න එකම මදෑ.. ඔය වීඩියෝ එකේ පිටිපස්සෙන් ලාවට පේන්න ඉන්නේ ලොක්කා තමයි. මම කරන හැමදේම පොරට පේනවා. මම ඉතින් මිනිහටත් බලාගන්න කියල මේවගේ දේවල් කර කර ඉන්නව. තාම පඩිය නම් යනවා පොතට.. අනේ මන්ද ඉතින් තව කී කාලයක් මිනිහා මේවා බලාගෙන ඉඳියි ද දන්නෑ.. හි හි හි..)

මේ වගේ ආතල් වැඩ වලට අමතරව මේ වර්ධිත යාතාර්ථය කියන දේ ගොඩක් වෙලාවට වෙළඳ දැන්වීම් වල,ක්‍රීඩා වැඩසටහන් විකාශය කරනකොට වගේ ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඔය ක්‍රිකට් මැච් බලනකොට ග්‍රවුන්ඩ් එක පුරා ඉරි එහෙම ඇඳල ගහපු ෂොට් එහෙම පෙන්නන්නේ මේ තාක්ෂනෙන්.

අනාගත ලෝකෙ බොහෝ දේවල් වල මේක තියෙයි. ඒ කියන්නේ මේ ක්‍රමේ පාවිච්චි කරල හදපු කන්නාඩියකින් දකින් දකින දේ ගැන විස්තර අපේ ඇස් ඉදිරියේ පෙන්නුම් කරන වගේ දේවල්. ගූග්ල් එකෙන් මේ ලඟදි හදපු Project Glass  කියන නිර්මාණය මේ ක්‍රමයේ සහ තවත් තාක්ෂණික ක්‍රම වල සංකලනයෙන් බිහි වෙච්ච තවත් අපූරු නිර්මාණයක්.

අපි කාටුන් වල ෆිල්ම් වල දකින බොහෝ දේවල් ඇත්ත ජීවිතේට එන්න තව වැඩි කාලයක් යන එකක් නෑ.






12 comments:

  1. ඔව් ඔයා හරි. තාක්ෂනය කියන දේ වෙනස් වෙන දෙයක්නේ!

    ReplyDelete
  2. DG, මේ යන විදියට අපි හිතනවට වඩා ඉක්මනින් බොහෝ දේ වෙනස් වෙයි.

    ReplyDelete
  3. ඇත්තටම අර ප්‍රොසෙස් කියන එක පැතුම් තේරුම් කරපු විඳියට ඒක හොදින්ම අභ්‍යන්තර සංවේදිත විස්මෘතිමය තත්වය මත සංකල්පීය තලයක ඇති වන්නා වූ බ්‍රමනීය සිද්ධාන්ත කාණ්ඩික ත්‍රෛයිලෝක සාධනීය මට්ටමට මනාව සපැමිණුනා. එයට ස්තූතියි මචං...

    (මේ ටික අහන්නේ රහසින් වගේ.. ඔය සිස්ටම් එකට බැරිද බං අයිස්චර්යා එහෙම මේසේ උඩට ගෙන්න ගන්න..)

    ReplyDelete
  4. මාරයා වෙත, දැක්කනේ වැදගත් දේවල් නියමාකාරයෙන් තේරුම් කරල දෙන්න ඕනේ විදිය. ඔය උඹට අපූරුවට තේරිලා තියෙන්නේ.. අයිස්චරියා වයසයි බන් දැන්. වෙන කවුරු හරි කියපන් බලන්න. ගෙනත් දෙන්න පුළුවන් වෙයි. හරි විදියට ප්‍රොසෙස් කරල ගත්තම.

    ReplyDelete
  5. මල මගුලයිනේ..ඒකත් ප්‍රොසෙස් කරන්න ඕනද එතකොට... ආස්චර්යාව එහෙමනං කොහොමවත් ඕකට ගෙන්නන්න වෙන්නේ නැහැ..උන්දැව කල් ඇතිවම ප්‍රොසෙස් කරලානේ තිබුනේ... එහෙමනං අපි වෙන අතක් බලමු...

    ReplyDelete
  6. හිතේ ඇඳි රුව මේසේ උඩට කියල පොඩි බිසිනස් එකක් පටන් ගත්ත නම් හරි බන්.. සැක් අන්න වැඩේ..

    ReplyDelete
  7. @මාරයා - ඇ යකො තෝ අයිස්වර්යගේ ලඟදි ගත්ත ෆොටෝ එකක් දැක්කේ නැද්ද , දැන් නිකන් නෙලුම් පොකුණ වගේනේ

    ReplyDelete
  8. බුවාගේ සිතුවිලි, අන්න නියම වචනේ.. නෙලුම් පොකුණ.

    ReplyDelete
  9. අඩේ.. නියමයි බං.. මම හිතාගෙන හිටියෙ මේක අයිති වෙන්නෙ ඇනිමේෂන් කාණ්ඩෙට කියල... මේ වගක් දැනගෙන හිටියෙම නෑ... ස්තූති වොවා මේ දැනුවත් කිරීමට... මේ තාක්ෂණේ දියුණු අවස්ථා තමයි අපි චිත්‍රපටි වලින් දකින්නෙ නේද? ඔය පැටර්න්ස් අඳුණගන්න එක වෙන්වට සංකීර්ණ වස්තු, පෘෂ්ඨ අඳුණගන්න පුළුවන් වුණ කාලෙකදි වෙළඳපොලට මේ තාක්ෂණයෙන් එක එක ගැජට් එයි.

    ReplyDelete
  10. මම ඉගෙන ගන්න තැන සර් කෙනෙක් ඔය ගැන කිව්ව හන්දා මං ටික කාලෙකට කලිං ඔයගැන හොයලා බැලුවා. මේ තියෙන්නේ ටොයෝටා එකේ වැඩක් අපිට බාගෙන බලන්න පුළුවං. හරි ජොලි වැඩක්.

    ReplyDelete
  11. මට කලිං හොයාගන්න බැරි උනා මේක දැං හම්බ උනේ http://www.weareautobots.com

    ReplyDelete
  12. hare :-),

    ඔය මම කරපු වීඩියෝ එක තනිකරම ජාව වලින් හදපු එකක්. ට්‍රයි කරල බලන්න කැමති නම් විස්තර දෙන්න පුළුවන්.

    පූසා,
    ඒ ලින්ක් 2ක සිරා. ස්තූතියි.

    ReplyDelete