Monday, August 19, 2013

මගේ සිංහල බ්ලොග් ලිවිම...

මේක මේ ඊයේ හදිසියට ලියල දාපු පෝස්ට් එකේ ලියන්න කියල හිතන් හිටපු පොඩි පොර ටෝක් එකක් .. ඊයෙ ගෙදර එනකොට පොඩ්ඩක් රෑ වුණා .. රස්තියාදුවට සීමාවක් නෑනේ ... :) 

මම හිතන්නේ මම මේ බ්ලොග් එක පටන් ගත්ත කතන්දරේ එහෙම මිට කලින් ඇනිවසරි පොස්ට් වල දාල තියෙනවා .. ඉතින් පරණ තැටි ආයේ කරකවන්න ඕනේ නෑනේ..  කොහොම හරි මේ බ්ලොග් ලිවිල්ල මම අවුරුදු 7ක් කළා .. ලොකු සීන් එකක් නෙවෙයි .. මොකද ලියන්න හිතුනම ලියනවා නැත්නම් නෑ ..ඇත්තටම අවුරුදු 7ක් ලිව්වට මම පොස්ට් 200ක් වත් ලියල නෑ .. ඉතින් පරණ උනාට පොරක් නෙවෙයි ..  අනිත් එක මම මේක ලියන්න පටන් ගත්ත කාලේ ඉඳලම ලියන තවත් පරණ බ්ලොග් තියෙනවා .. ඔවුන් තාමත් ලියනවා ඕනනම් පොඩි වෙනසක් ඇති පටන් ගත්ත දිනයේ..එච්චරයි ..

උදාහරනෙකට මෙන්න මේ බ්ලොග් එක..  


මේ 2005 ඉඳන් බ්ලොග් ලියන කෙනෙක්.. පලවෙනි සිංහල යුනිකෝඩ් පොස්ට් එක මට වඩා පොඩ්ඩක් පරක්කු වෙලා දාල තියෙන්නේ හි හි.. ඔන්න ඔහොමයි ඉතින් පරණම එකා වෙලා තියෙන්නේ..  

කොහොම හරි මම මේ බ්ලොග් එකේ මොනවා හරි ලියන්නේ මට හිතුනම තමා. වෙන කිසිම බාහිර සාධකයක් නිසා කවදාවත් ලියල නැ.. කොටින්ම හැමදාම උදේ පාන්දර වැඩට ගිහින් ඉස්සෙල්ලාම මේක බලල වැඩ පටන් ගන්න බට්ටි නංගිගේ හිතසුව පිණිසවත් මම මේකේ මොකුත් ලියල නැ.. අනේ අරකෙ මොනවා හරි ලියන්නකෝ කියල කිව්වට ඉතින් මට එහෙම මොකුත් ලියන්න හිතෙන්නේ නෑ.. බ්ලොග් අංසෙන් නම් ඔන්න පොඩ්ඩක් ස්වාධින කමක් යාන්තමට වගේ තියෙනවා .. J

අනිත් එක තමා ලියන්න දේවල් නැති කම ...ගොඩක් වෙලාවට මට හිතෙන දෙයක් තමා  අනිත් බ්ලොග් ලියන අය හැම පැත්තම කවර් වෙන විදියට ලියල දානවනේ මම තව මොනවා ලියන්නද කියන එක ..සහ ඔය එක එක අංශ ගැන තියෙන මගේ තියෙන බොහෝම අඩු දැනුම.. උදාහරනෙකට දේශපාලනය සහ ලංකාවේ තියෙන ප්‍රශ්න.. ලංකාවේ තියෙන ප්‍රශ්න සහ දේශපාලනය කියන්නේ 2ක් නෙවෙයි එකක්.  මම දේශපාලන සබ්ජෙක්ට් එක  මොකුත් දන්නේ නැති කම  සහ ඒවා ගැන දන්නා බොහෝ අය ඉන්න නිසා ඕක ගැන ලියල වැඩක් නැ..  

ඊට පස්සේ තාක්ෂණික දේවල්...  මම ඔය කොම්පුටර් අන්සේ රස්සාවක් කලාට මොකද දන්න ලබ්බක් නෑ... ඒ කියන්නේ ඔය එදිනෙදා කරන රස්සාවට අදාළ තාක්ෂණික දේවල ඇරුනාම ගැජට් බැජට් සහ අලුත්ම හෝ පරණ  හෝ ටෙක්නිකල් දේවල් ගැන දැන් එච්චර ඔලුවේ නැ... දැන් ඉන්න පොඩි උන් සිරාවටම බොහෝ දේවල් දන්නවා ඉතින් ටෙක්නිකල් දේවල් ලියල වැඩකුත් නැ... 

ඊට පස්සේ ආගම දහම ගැන... මේක ගැන කතා කරලා මෙලෝ වැඩක් නැ කියල මට දැනට අවුරුදු 5-6ක ට කලින්ම හිතුනා.. ඉතින් ඒවා ගැන දන්න අය සහ  උනන්දු අය ගේ කතා බහ එහෙන් මෙහෙන් බල බල ඉන්නවා.. මගේ මතය ලියන්න මට එච්චර හිතෙන්නේ නැ..  

කලාවටත් ඉතින් හෙන හැකියාවක් නැති නිසා ඒ අන්සේ ගැනත් ලියන්න දෙයක් නෑ... චිත්‍රපට බැලීම ,ටීවී සිරිස් බැලීම වගේ දේවල් ගැන ඉතින් ලියන්න තරම් දෙයක් නෑ... පිස්සුවෙන් වගේ බලනවා මිසක්...  මම පට්ට බිසී විදියට ඉදන් ගොඩක් වෙලාවට කරන්නේ ඒක .. හි හි...

ඊට පස්සේ ගවේෂණ , වාර්තාමය ලිපි, ආදී වෙනත් කරුණු ඇතුලත් අධ්‍යාපනික ලිපි වගේ ඒවා ලියන්න තරම් දැනුමක් හෝ හැකියාවක් නැති නිසා සහ හොයල ලියන්න තියෙන පට්ට කම්මැලි කම නිසා ඒවගේ දේවල් ලියන්නෙත් නැ...  වැඩිය එලිපහලියට යන්නේ නැති ගෙදරට වෙලා ෆැන්ටසි ආතල් ගන්න ගතිය නිසා ආතල් සිද්දීත් වැඩිය නැ.. (පරණ සින් ට්කක් වත් පස්සේ ලියල දාන්නම්).. ඊට පස්සේ ජිවිතේ ගැන, රස්සාව ගැන ,මිනිස්සු ගැන එච්චර අත්දැකීම් නැති නිසා ඒවා ගැනත් මොකුත් ලියන්න හිතෙන්නේ නැ...  හැබැයි ගොඩක් අයගේ ජිවිත අත්දැකීම් වලින් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තියෙනවා...

කොටින්ම ඉතින් එදිනෙදා කාල බිලා ඉන්නවා මිසක්, සිද්දි මොකුත් නැති නිසා (හෝ සිද්ද වෙන සිද්දි වලට මම දෙන බර අඩු නිසා ද මන්ද) එහෙමට කියල ලියන්න දෙයක් නැ.... ගොඩක් වෙලාවට  15x7 වගේ ඔන්ලයින් හිටියට මම කරන මගුලක් නැ...  බොහොම අමාරුවෙන් ඉන්ටනෙට් කනෙක්ට්  වෙලා බ්ලොග් ලියන අයව සිරාවටම අගය කරන්න ඕනේ...  

හැම අනිවසරි පොස්ට් එකකදීම හිතනවා තව ටිකක් වැඩිපුර ලියනවා, කමෙන්ට් කරනවා ටිකක්   මනුස්සයෙක් වගේ මේ බ්ලොග් කෙරුවාව කරනවා කියල හැබැයි ඉතින් ලියපු දාට පහුවදා ඉදන් ඉතින් ආයෙත් බැක් ටු නෝමල්.. :P කොහොම හරි මේ බ්ලොග් නිසා ඉගෙන ගෙන තියෙන දේවල් නම් හෙනට වටිනවා.. මේක නිසා අඳුර ගත්ත හිත මිත්‍රයෝ ටිකත් ගොඩක් වටිනවා...  යලට මහට ලියල ඔහේ ඉන්න නිසා වලි හෝ තරහකාරයෝ නම් කවුරුත් නැ... ඉස්සරහටත් ඉතින් එහෙමම ඉමු.. බ්ලොග් එකක් නිසා තමන්ටත් අනුන්ටත් ඇන වෙන්න ඕනේ නැනේ... අනිත් එක අපිට තියෙන එක එක විදියේ ප්‍රශ්න එලෝ කෝටියක් එක්ක මේ බ්ලොග් කට්ටක් නිසා තව අලුත් ප්‍රශ්න ඔලුවේ දාගන්නේ මොකටද..


ඉතින් ඔන්න ඔහොමයි මම අවුරුදු 7ක් තිස්සේ මේක ලිව්වේ... ඉස්සරහටත් වැඩි වෙනසක් නම් වෙන එකක් නැ... කලින් පොස්ට් එකේ සුබ පතපු කස්ටිය ආයේ සුබ පතන්න මහන්සි වෙන්න එපා.. හි හි..  ඒ සුබ පැතුම් වලට බොහොම ස්තුතියි... මේක මේ තවත් එක පොස්ට් එකක් විතරයි.. ලියන්න මෙලෝ දෙයක් නැතුව හිටිය මට පොඩි පොයින්ට් එකක් හම්බ වුණා මොනවා හරි කුරුටු ගාන්න..  කවදා හරි ලියන තව පොස්ට් එකකින් නැවත හමුවෙමු.. 

Sunday, August 18, 2013

හුටා..!!!! අදට මම මේ බ්ලොග් එක පටන් අරන් අවුරුදු 7ක් ගෙවිලා..

7 වෙනි වසර සමරන්න එක්ක ටිකක් බරසාර පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ.. හැබැයි අමතක වුනා... දැනට මේකෙන් නිල වශයෙන් අවුරුදු 7 සමරල හෙට අනිද්දට එකක් ලියල දාන්නම්.. මේ අවුරුදු 7තේ මේක බලපු සහ කොමෙන්ට් කරපු ඔක්කොටොම තැන්කු... :)

Sunday, August 04, 2013

My Life Is So Much More Interesting Inside My Head

මේක මට ඉස්සර ඉඳලම තියෙන ලෙඩක්.. ඒ කියන්නේ යථාර්තයට වඩා ෆැන්ටසියට කැමති වීම ... ඔය ෆැන්ටසිය ඇතුලේ මම බොහෝ දේවල් කරලා තියෙනවා... තාමත් කරනවා කොටින්ම මේ දැනුත් මේක ලියන්නේ ඔය ෆැන්ටසිය අස්සේ ඉඳන් ... මට විතරක් නෙවෙයි අපි හැමෝටම මේ ලෙඩේ තියෙනවා කියල මම හිතන්නේ .  එකම දේ අපි ලොකු වෙන්න වෙන්න අපි ඒ ෆැන්ටසි ලෝකෙන් ඈත් වෙනවා .. මේ ෆැන්ටසි ලෝකේ ජිවත් වෙන්න තියෙන කැමැත්ත ලස්සනට  විග්‍රහ වෙච්ච තනි වාක්‍යක් මේ මාතෘකාව.

 මම මේක මුලින්ම දැක්කේ මම කලින් වැඩ කරපු තැන හිටපු මල්ලි කෙනෙක්ගේ ස්කයිප් ස්ටේටස් එක විදියට . උට ටිකක් මොලේ කචල් ... හැබැයි මු මේ ස්ටේටස් එක දාපු වෙලාවේ මට හිතුන යකෝ මුට වැඩිය මට කචල් නේ කියල.. හි හි .. 

ෆැන්ටසියට වඩා යතාර්ථය දකින්න කියල තමයි අපිට හැමෝම උගන්වන්නේ... අපි යතාර්ථය කියල දකින්නේ ඇත්තද? නැත්නම් සමාජය විසින් අපිට ඇත්ත කියල දකින්න සලස්සපු තවත් ෆැන්ටසියක් ද?  

මේ ලෝකේ රිද්මය හරියට හදුනාගත්ත මිනිස්සු කාලෙන් කාලෙට බිහිවෙනවා. ඔවුන් ඒ රිද්මය එක එක විදියට පාවිච්චි කරලා බොහොම අපුරු ෆැන්ටසි නිර්මාණය කරනවා .. හොඳ සහ නරක දෙකටම..  ඔය අතරින් අපි වගේ හුදී ජනයා තම තමන් කැමති ෆැන්ටසි තොරගෙන් ඒවා ඇතුලේ ජිවත් වෙනවා.

ගොඩක් වෙලාවට අපි අපේ ෆැන්ටසි ලෝකෙට හිර වුනාම අපිට අනිත් කෙනාගේ ෆැන්ටසිය පෙන්නේ නෑ .. මට වගේ වෙලා තියෙන්නේ දේශපාලනය,ආර්ථිකය,සමාජ ප්‍රශ්න වගේ ෆැන්ටසි එච්චර පෙන්නේ නෑ .. මට පෙන්නේ හඳට යන සින්, ඒලියන් සීන්, ඊට පස්සේ ඔය හයි ටෙක් සීන් සහ සුරංගනා කතා වගේ දේවල් තමයි..  තවත් කෙනෙකුට කලාව සංගීතය වගේ ෆැන්ටසි ඇති .. මහ පොළොව සමඟ ගැටී වැඩ කරන ගොවියා,කම්කරුවා ගේ ෆැන්ටසිය ඔය හැම එකටම වඩා වෙනස් ඇති... ආගම ෆැන්ටසියක් කරගත්ත අයට ඔය අනිත් ෆැන්ටසි හැම එකටම වඩා වෙනස් ලෝකයක් පේනවා ඇති ..

හැබැයි සංවේදී කම සහ මානුෂික හැඟීම්  වල වෙනසක් මේ ෆැන්ටසි වෙනස නිසා සිද්ද වෙනවද? හිතන්න ඕනේ දෙයක්..

තමන් ජිවත් වෙන ෆැන්ටසියට අදාළව  බොහොම  වැදගත් දේවල් මේ ලෝකෙට කරපු මිනිස්සු ඉන්නවා ... අරගලයේදී මියයන පිඩිතයා  සහ අභ්‍යවකාශය ජයගත් අභ්‍යවකාශගමියා දක්වා තමන් දකින ඒ ෆැන්ටසිය නිසා ලෝකයට යම් මෙහෙයක් කරන මිනිසුන් ඉන්නවා.. වඩා වැදගත් වන්නේ කවුරුන් කළ  මෙහෙයද කියන එක අවසානයේ තම තමන් ජිවත් වෙන ෆැන්ටසියට සාපේක්ෂයි ... 

සමාජ ප්‍රශ්න නිසා එකිනෙකා ජිවත් වෙන්න කැමති ෆැන්ටසි කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. හැබැයි හිත යටින් තියෙනවා අපි ඇත්තටම ආස කරන ෆැන්ටසිය .. අපිට අපි ආස කරන ෆැන්ටසියට යන්න බොහෝ වෙලාවට ඉඩක් ලැබෙන්නේ නෑ .. සමාජය කියන ෆැන්ටසි ජෙනරේටරය කාලෙන් කාලෙට අපිව එක එක ෆැන්ටසි වල හිර කරන නිසා.  

හැබැයි පොඩි කාලේ තමන්ගේ හිතට කාවදින ෆැන්ටසිය තුල අපිව හැමදාම ජිවත්කරවන සුළු ස්භාවයක් මේ විශ්වයේ තියෙනවා. අපි එක හරියට දකින්න ඕනේ ..අනිත් ෆැන්ටසි වලට හිර නොවී තමන් ආස කරන දේ වෙනුවෙන් යන මිනිස්සු  අවසානයේ ඒවා තුලින් අපූරු දේවල් කරන්නේ ඒ නිසා වෙන්න ඇති ...

මට හිතෙන්නේ මේ ෆැන්ටසි අප තුල මුලින්ම වපුරන්නේ අප කියවන පොත පත. පොත් පත් නොකියපු අය තමන්ට සහජයෙන් උරුම වන හෝ ජිවත් වන සමාජය විසින් තල්ලු කරන ෆැන්ටසි වල ජිවත් වෙනවා. සමහරවිට දැන් දැන් වෙන වෙන දේ වලිනුත් පොඩි උන් ෆැන්ටසි හදාගන්නවා ඇති .. 

මට හිතෙනවා අපිට අපි ජිවත් වෙන ෆැන්ටසිය හරියට අඳුන ගන්න පුළුවන් නම් මේ ලෝකය වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන් කියල. සැරෙන් සැරේ එක එක ෆැන්ටසි වලට හිර වෙන්නේ නැතුව..
  
අප ජිවත් වන ෆැන්ටසි සියල්ලෙන්ම තොර වූ එක්තරා නිර්මල ස්භාවයක් මේ විශ්වයේ පවතිනවා... තමන් ජිවත් වූ ෆැන්ටසිය අවබෝධයෙන් යුතුව ගෙවා නිම කරලා අවසානයේ සියලුම ෆැන්ටසි යනු මායාවක් පමණයි කියල දකින මිනිස්සු අවසානයේ අන්න ඒ නිර්මල ස්භාවයට පත්වෙනවා. ඒක ෆැන්ටසි  වලින් ස්වයක්තයි ඒ කියන්නේ ෆැන්ටසි ඉන්ඩිපෙන්ඩන්ට්..  

කොහොම හරි ඉතින් ඒ කුමාරයා මකරව  මරල කුමාරිව බේරගත්තලු .. ඊට පස්සේ ඒ කුමාරයයි කුමාරියි බොහොම සතුටින් ජිවත් වුනාලු.. අම්මට හුඩු වැලිවේරියේ දෙන්නෙක් මරලා නේද වතුර ඉල්ලලා උද්ගෝෂණ කරලා.. අනේ අම්මප මේ ආණ්ඩුවනම් .. !

Monday, July 22, 2013

සිංහල යුනිකෝඩ් ලියන්න හොද ෆොනටික් මෘදුකාංගයක් ගැන උදව්වක්...

මම මෙච්චර කල් පාවිච්චි කලේ ගාර්ප් සිංහල සොෆ්ට්වෙයාර් එක... මොකක්දෝ හේතුවකට මම දැනට පාවිච්චි කරන ලැප් ටොප් එකේ මේ  ගාර්ප් එක වැඩ කරන්නේ නැ... සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් ගත්ත දා ඉදල ගාර්ප් එක පාවිච්චි කරපු නිසා ඊට පස්සේ අලුතින් එකතු වෙච්ච සිංහල යුනිකේත සොෆ්ට්වෙයාර් ගැන මට එච්චර අදහසක්  නෑ.. මට ඕනේ වෙබ් පිටු වල සහ වින්ඩෝස් වල ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් වර්ඩ්,එක්සෙල්,නෝට් පෑඩ් වගේ ඒවයෙත් කෙලින්ම ෆොනටික් විදියට ලියන්න පුළුවන් එකක්.. ගාර්ප් එකේ ඔය පහසුකම් ටික ඔක්කොම තිබුණ .. 

දැන් මේ ලියන්න ගූග්ල් ඉන්පුට් ටුල්ස් වලින්.. මේක හොදයි වෙබ් පේජ් වල ලියන්න .. හැබැයි කෙලින්ම වින්ඩෝස් වල ලියන්න මේක පාවිච්චි කරන්න නම් බෑ වගේ .. කට්ටිය සිංහල ලියන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් ටික කොහේ හරි ලිස්ට් එකක් හදල තියෙනවද..? මම ගූගල් කරලා හොයා ගත්ත කීපයක් ට්‍රයි කළා එකක් වත් අර මම කියපු ඔක්කොම පහසුකම් එක්ක හොයා ගන්න බැරි වුණා.. මේ ලැප් ටොප් එක ෆොර්මැට් කරලා මට ඕනේ විදියට හදාගන්න බෑ.. ඉතින් තව ටික කාලයක් යනකම් සිංහල ලියන්න මොකක් හරි අටව ගන්න ඕනේ ... අලුතින් මොකක් හරි එකකට හුරු වෙන එකේ මගේ අවශ්‍යතා ටික ඔක්කොම හරි යන එකක් හොයලම හුරු වෙන්නයි හිතුවේ ...  

මේ බ්ලොග් ලියන අයියල අක්කල ,නැන්දල මාමල,නංගිලා මල්ලිලා,ආච්චිලා සීයල සහ මචං ල මචින්  ලාගෙ අදහස් ටිකක් දෙන්න ප්ලීස්... ලා ....

Friday, June 07, 2013

මැලේ මිනිසුන්ගේ දේශයේ සත් දිනක්…

          පහුගිය මැයි 25  සෙනසුරාදා උදේ 7.45ට යෙදුනු සුභ මොහොතින් සිරි ලංකාද්වීපයෙන් ගුවන් ගතවී පැය 3කුත් විනාඩි තිස් හතලිස් පනස් ගානක ගුවන් සවාරියකින් පසු බස්ටි නංඟී මැතිනිය සමඟ මම මහතා මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස්සෙමු. ඒ අවුරුදු 2ක් මැලේ මිනිසුන්ගේ රටේ පිහිටි ආයතනයක වැඩ කිරීමේ පරම පිවිතුරු චේතනාවෙනි.

මම මීට පෙර ඉන්දියානූ මිනිසුන්ගේ දේශයට වරකුත් තායි මිනිසුන්ගේ දේශයට වරකුත් ගොඩ බැස තිබුණද මැලේ මිනිසුන්ගේ රටට ගොඩ බැස නොතිබූ බැවින් මෙය අලුත් අත්දැකිමක් විය. මැලේ මිනිසුන් ආතල් ජන කොටසකි (ජන කොටස් හැට හුටහමාරකි)

ප්ලේනයෙන් බැස ටැක්සියක් ගෙන කලින් කතාබස් කරගෙන තිබූ ආකාරයට අදාළ පුද්ගලයා හමුවීමට එපාට්මන්ටුවට ආවිට අයියෝ සල්ලි කියා සුද්ද සිංහලෙන් කියනා යෙදුමක් මතක් විය. අප සිතා සිටියේ මැලේ මිනිසුන් යනු පට්ට සුපිරි ජාතියක් ලෙසය. හතර වටේම පට්ට පාරවල් සහ පට්ට කාර්ය.  බලන බලන් අත තට්ටු හැට හුටහමාරක් ඇති එපාට්මන්ටු බිල්ඩිං ය. එහෙව් රටේ අපට ඉන්නට මුන් සුදානම් කර ඇති එපාට්මන්ටුව හරියට ජයික් හිල්ටන් සිහිනය මාළිගාවත්ත ප්ලැට්වලින් එළිවීමක් වැනිය. බස්ටි නංඟීගේ මූණ දෙස බැලීම පවා දුක් සීන් එකකි.. ඕනෑම එකක් බොහෝ විට ඔන්න ඔහේ කමක් නෑ ගානෙන් ඉන්න මටත් මේ සීන් එක නම් ඇල්ලුවේ නැත. 

අපිව මෙහි ගෙන ආ නිල වශයෙන් අපේ මෙහි බොසා අපට එම තට්ටු නිවාසයේ ඇති එක එක එපාට්මන්ටු පෙන්නමින් ඒවා වර්ණනා කරයි.. උගේ හැටියට ඒවා මෙහි ඇති අපට සුදුසු ඉතාම හොඳ තත්වයේ ඒවාය. අපට වැඩ කිරීමට ඇති ස්තානය පේන දුරින් තිබීම සහ අපට පයින් වැඩට යාමට හැකිවීම ඌට ඒවා මාකට් කිරීමට ඇති පොසිටිව් ෆැක්ටර්ස්ය. සුමානයක් විතර එක දිගට මැරීගෙන එක එක ඒවාට මහන්සි වී පට්ට මහන්සියෙන් ආ අපිට වැටී නිදාගන්න තැනක් නොදී මූ අපිට අර එපාට්මන්ටු අවුරුද්දක බද්දකට ගැනීමට යෝජනා කරමින් හෙන ටෝක්ස් දෙයි. එනපොට හොඳ නැති බව හීනියට වගේ මගේ කුඩා මොළයට වැටහී මහන්සි නිවා ගන්නා තෙක්  හෝටලයේ නැවතී අද කළ යුතු දේ හෙටට කල් තබා ඒ රාජකීය එපාට්මන්ටුවෙන් ගැළවී ඊට සාපේක්ෂව ටිකක් විතර හොඳ හෝටලයකට යාන්තම් සෙට් වුනෙමු.

හෝටලයට පැමිණ මේ සිද්දිය පිළිබඳව මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද (වයසින් අංකල් වුවද අනිත් සෑම එකකින් ම එලම කොල්ලෙකි..) මහතෙකුට ඇමතුමක් දුන්නෙමු. ඒ මහතාගේ උපදෙස් පරදි සියලු කටයුතු හෙටට කල් තබා අප දෙදෙනා මලා සේ වැටී නිදාගත්තෙමු..

මැලේ මිනිසුන්ගේ දේශයේ අප ගෙවූ පළමු දිනය එසේ නිමා විය…

පහුවදා උදේ පාන්දර අටට විතර නැඟිට මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතා, එම මැතිනිය සහ පුතනුවන් සමඟ ඉහත කී පට්ට එපාට්මන්ටුව බැලීමට නැවත වරක් පිටත් වී ගියෙමු… ඒ මැලේ මිනිසුන්ගේ රටේ සෑම එපාට්මන්ටුවක් ම මෙසේම දැයි කන්ෆර්ම් පිට දැන ගැනීම සහ රටතොට සහ එහි ජීවිතවීම ගැන උපදෙස් ආදිය ඒ මහතාගෙන් ලබාගැනීමේ බලාපොරොත්තුව සහිතවය…මඤඤං  වී සිටි අප දෙදෙනාට රට ගැන,රටේ මිනිසුන් ගැන, උන් සමඟ කටයුතු කිරීම ගැන, වැඩ කටයුතු සිද්ද කර ගැනීම ගැන පියෙකු මෙන් උපදෙස් ඒ මහතා ද මවක මෙන් උපදෙස් එම මැතිනියද ලබා දුන්නෝය. ඒ මහතා විසින් ලබා දුන් ප්‍රණීත භෝජන සංග්‍රහය ගැන ද නොකියාම බැරිය. ඒවා මහත් ඵල මහානිසංස ලැබෙන පිං කං ය…

ඒ උපදෙස් වලට අනුව අප දෙදෙනා පෙර කී එපාට්මන්ටුවෙන් නූලෙන් ගැලවී අපිට හරියන එපාට්මන්ටුවක් අප හොයා ගනිමු යන ගට් එක හිතට අරගෙන නැවත පෙරකී හෝටලයටම සෙට් වුණෙමු. මෙහිදී අපගේ බොසාගේ හිත මද වශයෙන් රිදුණද ඒ හිත එක මොහොතකට හදන්නට අපිට අවුරුදු 2ක් කට්ට කන්න බැරි නිසා ඒවා ඒ ඒ විදියට සිද්ද වෙන්න ඉඩ ඇර අපි කෙලින් තීරණයක් ගතිමු.. අප ගත් තීරණය ගැන ඒ වන විටත් මැලේ දේශයේ සතියක් ගෙවා තිබූ අප මිතුරාටද, එදින ගොඩ බැසගත් නව මිතුරාටද දැන් වූ නමුත් ඔවූහූ අර පට්ට එපාට්මන්ටුවේ ජීවත් වීමට තීරණය කළ බව පසුව දැන ගන්නට ලැබිණි. ඒවා ඒ ඒ අයගේ කැමත්තය… 

දෙවන දවස එසේ නිමාවූ අතර 3න් වෙනි දවසේ මට පළමු වරට වැඩට යාමට සිදුවිය.

අවුරුදු 3-4ක් ඩෙනිමයි අතට අහුවූ ටීෂර්ට් එකකුයි ඇඳන් වැඩට ගිය මට ජෙන්ටා ගසා වැඩට යාම සියල්ලට වඩා අජූත කාරනාවක් විය. නමුත් මැලේ රටේ දී අප වැඩ කළ යුත්තේ එසේය. ඒවාට හිත හදාගත යුතු විය.

යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උදෑසන ටැක්සියක් කතා කරගෙන දන්නා ඉංග්‍රීසියෙන් යන්න ඕනෑ තැන ගැන ටැක්සි කරුවාට පාර කියූවෙමි. ඌ ගත් කටටම ගාන මෙච්චරයි යනවනම් යමු නෝ මීටර් කියා කැඩිච්ච ඉංගිරිසියෙන් කියා මට ඕනෑවට වගේ හිටියේය. ඕනේ මඟුලක් යැයි කියා ඔන්න ඔහේ යමු කියා අලුත් ජොබ් එකේ පළවෙනි දවස වෙනුවෙන් නොවටිනා ගානක් ටැක්සියට ගෙව්වෙමි.. ඒවා වැළැක්විය නොහැකිය.. අපි සුද්දන්ගෙන් කඩන ලෙසට උන් අපෙන් කඩා ගන්නේය..

ඔපීසිය නම් පට්ටය.. ඒ කියන්නේ සිරාවටම පට්ටය… ලෝකයේ බිහිවන නව නිර්මාණ බොහෝමයක උපත සිදුවන තැනකි.. පේටන්ට් බල පත්‍රම බර ගානක් හිමි කමක් ඇති මැලේ දේශයේ මහ ආණ්ඩුවේ වියදමින් දුවන රිසර්ච් ඇන්ඩ් ඩිවෙලප්මන්ට් සෙන්ටර් එකකි. 

නැනෝටෙක්නොලොජි,ඉලෙක්ට්‍රොනික්ස්,මයික්‍රෝබයොලොජි,කොමියුනිකේෂන් ටෙක්නොලොජි ආදී මෙකී නොකී සෑම දෙයක් පිළිබඳව පරයේෂණ කරන ආයතනයකි… 

මෙවැනි තැනක මම මොන ලබ්බක් කරන්නේදැයි ඔබට සැකයක් ඇත්නම් එය මෙසේ පැහැදිලි කළ හැකිය.. මැලේ රටේ රජයට සම්බන්ධව කරන නව සංකල්පයක් සහිත පද්ධතියක වැඩ කිරීම වෙනුවෙන් ඔවුන් මාව,බස්ටී නංඟීව සහ තවත් අපේ කොල්ලන් 4 දෙනෙකු තෝරාගත්තෝය. බොහෝ විට ලංකාවෙන් තවත් අයට එම අවස්තාව ලබා ගැනීමට හැකිවනු ඇත.. අදාළ ක්ෂේත්‍රයේ වසර 7-8ක පළපුරුද්ද ඇතිනම් චෑන්ස් ලබා ගත හැකිය..  වැඩි චිස්තර සඳහා ටොප් ජොබ්ස් බලන්න. නැතිනම් මාව අමතන්න..

එතන පස්ට කැන්ටිමක් ද ඇත.. උදේ දවල් කෑම ඉතා ප්‍රණීත ලෙස එතනින් සාධාරණ මිලට ලබා ගත හැක.
ඔය ආකාරයට 3න් වෙනි දවස ගෙවී ගිය අතර හවස ගෙදර යාමට නැවත ටැක්සියක් නොගෙන පුරුදු වෙන්නටත් එක්ක කෝච්චියේ සහ මොනෝ රේල්ලුවේ හෝටලයට ගියෙමි.. එතැන් පටන් අලුත් එපාට්මන්ටුවක් සොයා ගන්නා තෙක් උදේ හවස වැඩට ගියේ මේ ක්‍රමයෙනි..

අලුත් එපාට්මන්ටු සොයා ගැනීමද ආතල් ජනක වැඩකි,  ඉන්ටර්නෙට් එකෙන් බලා, දුරකතන ඇමතුමක් ලබා දී ඒජන්තවරයා සහ අයිතිකරුවා සමඟ වෙලාවක් වෙන් කරගෙන ඒවා බැලීමට යායුතුය. එසේ බැලීමට ගිය පළමු එකේදීම මට අර ඉහත කී මහත්මා කී කතාව සත්‍ය බව වැටහී ගියේයේ.. තවත් අඹ ගස් ඕනෑ තරම් ඇත.. බොහෝ ඒවා මී පැණි මෙන් රස ඇති අඹ ඇති ගස් ය.. මැලේ රටේ ද අන්ඩ පාලයෝ සිටින බව මෙයින් මට විසි පස්වන වරට පමණ තහවුරු විය..

කෙසේ හෝ ටැක්සි වලට බොරු ගනන් ගෙවමින් උන්ට කැඩිච්ච ඉංග්‍රීසියෙන් පාර කියමින් සොයා ගත් දෙවන එපාට්මන්ටුව (මෙය කොන්ඩෝවකි) පට්ට ලෙස අපේ සිත් ගත්තෝය.. ඒ කියන්නේ බස්ටි නඟිගේ සිත් ගත්තාය. ඒ කියන්නේ ඒ වැඩේ ෆයිනල් ය..

යට කී මහත්මාට ඩේලී අප්ඩේට් දෙමින්,ස්ටේටස් රිපෝට් යවමින්,උපදෙස් ලබාගනිමින් කෙසේ හෝ නියමිත පරිදි එම කොන්ඩෝව අපි අවුරුද්දක් සඳහා ලබා ගත්තෝය. ඒ මැලේ දේශයේ ගෙවුණු 4වෙනි දවසේදීය..

පස්වෙනි දවසේදී හීන් සීරුවේ බඩු ටික ගෙනත් දමා.. වැඩට ගොස් හීන් සීරුවේ අලුත් ගෙදරට ඇවිත් නිදා ගත්තෙමු.. මම වැඩට ගිය දාට පසු දින බස්ටි නඟාද වැඩ පටන් ගත්ත අතර අපි දෙන්නා දැන් වැඩ කරන්නේ එකම තැනය.. ඒ කියන්නේ අල්ලපු පුටුවේය..  (එහි හොඳ සහ නරක දෙකම ඇති අතර ඒවා බ්ලොග් වල ලිවීම සුදුසු නැත…)

හයවෙනි දවසේ උදේ පාන්දර අපේ එපාට්මන්ටුවට පොඩ්ඩක් දුරින් ඇති ගේට්ටුවකින් ටෙක්නොලොජි පාක් එකට ඇතුළත් වී පැය භාගයක් ආතල් එකේ ඇවිදීමෙන් ඔපිස් එකට ඉතා පහසුවෙන් ආ හැකි බව අප සොයා ගත්තෙමු.. ඒ සොයා ගැනීමත් සමඟ ටැක්සි වලට බොරු ගනන් ගෙවීම සහ උන්ට පාර කියා දෙමින් ගමන් යෑමේ කරදරයෙන් ගැළවුනෙමු.. කකුල් රිදීම වෙනම කතාවකි…

එසේ 6වෙනි දවස ගෙවා දමා අද සෙනසුරාදා මැලේ දේශයට පය ගසා ගෙවුණු සත්වන දවසේ යාන්තම් ඉන්න හිටින්න තැනක් පිළිවෙලකට සකස් කරගෙන මනුස්ස ස්වරූපයෙන් ඉදිරි වසර 2ක ගෙවීම නිල වශයෙන් ආරම්භ කළෙමි… මේ සියල්ලේ ගෞරවය ඉහත කී මැලේ දේශය පිළිබඳව විසේසන්නයෙකු වූද, ලංකාවට ප්‍රිය වූද, බ්ලොග් ලියන්නාවූද, එල කොල්ලෙක් වූද ඒ මහතාට, එම මැතිනියට පින් සිදු වන්නට ලබා ගත් දේමය.. සුළු සුළු ඇණ ගැනීම් කීපයක් මැද්දේ උවද සාර්ථක සතියක් ගෙවීමට මා වැනි මන්ද ඩයල් එකකට හැකිවූයේ ඒ විසේසන්න උපදෙස් මහිමයෙනි..

කෙසේ හෝ අවසන් වශයෙන් පැවසිය යුතු දෙයක් වන්නේ..  ලංකාව හැර යාමේ බලා කිසිම බලාපොරොත්තුවකින් තොරව සිටි මට බොහෝම සාමාන්‍ය ලෙස අලුත් ජොබක් සොයා ගැනීමට දැමූ ඇප්ලිකේෂන් එකක් බැක් ෆයර් වීමෙන් ලබා ගත් දෙයකි මේ ගමන සහ රැකියාව.. අවුරුදු 2ක අවසානයේ (ඊට කලින් දොට්ට නොදැම්මොත්) නැවත ලංකාවට පැමිණ සෙට්ල් බෙට්ල් වීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මේ ගමන පැමිණියෙමි… අපි නොදන්න බොහෝ දේ ලෝකයේ සිදුවන නිසා යන්තම් හෝ ඒ දේ සමඟ ගැටී වැඩ කිරීමේ අවස්ථාවක් ලැබීමත්, ඒ අවස්ථාව මට ඕනෑ හැම දේම (ගෙදර උන්දෑටත් රස්සාවක් සමඟම) දීමට ඔවුන් එකඟ වීමත්, කීයක් හරි වැඩියෙන් හම්බ කරගෙන ගැජමැටික්ස් ටිකක් එකතු කරගෙන යාමට හැකි නිසාත් ආ ගමනකි..


මෙහි බොහෝ දේ හොඳය.. හැබැයි ලංකාව ඊට වඩා බොහෝ හොඳය…

ප.ලී 

මෙම පෝස්ටය පසුගිය සෙනසුරාදා ලියා අවසන් කලද මාගේ google එකවුන්ට් එක මෙහි සිට බාවිතා කිරීමෙ  තිබූ ගැටලුවක් නිසාවෙන් බ්ලොගයට ලොග් වීමේ හැකියව ලැබුනේ අදය. 

Thursday, May 16, 2013

2 වෙනි ඇනිවසරි ට්‍රිපය - 2

1 කොටස බලල එනව නම් මෙතන කොටන්න...

1 කොටස මෙලෝ රහක් නෑ 2 කොටසවත් බලමු නම් පහළ බලන්න...

එදා ප්‍රවෘත්ති වලට නතර කළාට පස්සේ කතාව ලියන්න අමතක වුණා නේ (පස්ට බුසී).. ගොඩක් වෙලාවට මට ටීවී එකේ යන ෆිල්ම් බලන්න අමතක වෙනව ඔය ප්‍රවෘත්ති වලට නවත්තපුවහම.. නැත්නම් නින්ද යනවා..

හරි එහෙනම් එදා අර ටී පැක්ටරිය දැකල නේ සීන් එක අවසන් වුණේ.. ඕනේ එකක් වෙන්න කියල අපි ඉතින් ඔය පාර දිගේ ගියා... ගිහින් ගිහින් ගිහින් ගිහින් කොහොම හරි මෙන්න ආවා ටී පැක්ටරිය ලඟට

මේ තියෙන්නේ ක්ලෝස් අප් එකක්
වමෙන් බැලුවම මෙහෙම

දකුණ මෙහෙම

ළඟට ගිහින් බැලින්නම් මෙන්න වැඩක්..
ෂල්ලී බර ගානක් ක්‍රෙඩිට් කාඩ් එකෙන් කපාගෙන අපි ඇවිල්ල තියෙන හෝටලේ පරණ ටේ පැක්ටරියක් නේ බොලේ...

මේක සිරාවටම පරණ තේ ෆැක්ටරියක් හෝටලයක් බවට පත්කරපු තැනක්.. යන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න ලිංකුව

ඇතුළ සුපිරි ලෙස හදල තියෙනවා හැබැයි ෆැක්ටරි ගතිය එහෙම මම ඉතිරි වෙන විදියට..
යට ඉඳන් උඩ බැලුවම පේන්නේ මෙහෙම

උඩ ඉඳන් යට බැලුවම පේන්නේ මෙහෙම
අම්මට හුඩු මේ මොකක් ද?

මෙන්න ක්ලෝස් අප් එකක්

විස්තරේ තියෙනව මෙතන සිංහලෙන් ම

සයිඩ් 2කේ තියෙනව මෙන්න මේ වගේ තඩීඊඊඊඊඊඊ ෆෑන් 2ක්
කාමර තියෙන්නේ මෙන්න මේ ආකාරයට
මෙන්න අපේ කාමරේ ජනේලෙන් පේන විව් එක

ජනේලේ ඇරියම පේන්නේ මෙහෙම
ඔන්න ඔහොමයි හෝටලේ ඇතුළේ තත්තේ.. බලන්න වටින තැනක්.. ඔය මම ඉහළ දාල තියෙන මැෂිම මේ ෆැක්ටරිය වැඩ කරන දවස් වල පාවිච්චි කරපු ජෙනරේටර් එක.. අදටත් ඒක වැඩ. 1930 ගනන් වල තමා ඔතන හයි කරල තියෙන්නේ.. රාත්‍රී කෑම වෙලාවට කලින් ඔය ජෙනරේටරේ ඔන් කරල ඔය තඩීඊඊඊඊඊ ෆෑන් 2ක කරවල පොඩි ෂෝ එකක් එහෙම පෙන්නනවා..

ඔය පරණ යකඩ බඩු සහ බිල්ඩිම ඇරුනම අනිත් සියළු දේ තරු 4,5,6,7 ක හෝටලයක් වගේ (හරි තරු ගාන දන්නේ නෑ). සේවකයෝ හරිම සුහද ශීලීයි.. කොට කලිසම්, සරම් ඇඳගත්ත පරණ කංකානිල තමා හැම දේම කරන්න ඉන්නේ.. කොටින් ම මුලින් ම අපිට හම්බ වෙච්ච රූම් එකේ විව් එක පොඩ්ඩක් කචල් කිව්වම අපිට ඉහළම තට්ටුවෙන් හොඳ රූම් එකක් නොමිලේම දෙන්න එයාල එකඟ වුණා.. නිකන් කිව්ව විතරයි..

කෑමත් නරකම නෑ.. එකම් දේ ඉන්න කට්ටිය අඩු උනාම ඒ ගොල්ලෝ දෙන්නේ සෙට් මෙනු ක්‍රමයට කෑම.. අපි ඉතින් මෙනුවේ තියෙන ඉංග්‍රීසී පට්ට විදියට දන්න අය නිසා යාන්තම් බඩ ගින්නේ නොයි ද නිදාගත්තා.. උදේ නම් බුෆෙට් (ටී සයිලන්ට් ඈ) එකක් තිබ්බා.. දවාලෙත් සෙට් මෙනු සීන් එක්ක තිබ්බ නිසා අපි සුපුරුදු ලෙස දන්න කියන බතුයි හොදියි කෑවා (රයිස් ඇන් කරී කියන්නේ)..

තව විශේෂ දේවල් විදියට පුංචි තේ ෆැක්ටරියක් තියෙනවා.. ඔන්නම් අපිට වත්තෙන් තේ දලු ටිකක් කඩාගෙන ඒ ෆැක්ටරියට දාල කුඩු කරල පැකට් කරල ගන්නත් පුළුවන් පොඩි ගානක් ගෙවල.. තව ලස්සන මල් වත්තක් තියෙනවා.. ඊට අමතරව කෝච්චි පෙට්ටියකුත් තියෙනවා ඔන්නම් අපිට ඒකේ ඉඳන් කන්නත් පුළුවන්..

මේකේ තියෙන වැදගත් ම දේ තමයි ඔවුන් අපට දෙන හැම දේ සමඟම පුංචි තේ දල්ලක් දෙනව..  (අර සෙට් මෙනු කනකොට තේ දළුත් කැවෙන්න ඉඩ තියෙනවා හික් හික් හික්...)

හරි ඔන්න ඕක තමා අපි දෙන්නගේ සෙකන්ඩ් ඇනිවසරි ට්‍රිප් එක.. මේ වැඩේ එක දවසෙන් ක්ලෝස් කරන්න සිද්ද වුණා මට පහුවදා ආයෙත් එන්න ඕනේ කමක් තිබ්බ නිසා.. මේ සැරේ ඉතින් වන් ඩේ ට්‍රිප්..

ඇනිවසරි වලට යන්න, හනිමූන් යන්න, ඉඳල හිටල යන්න අවංකවම හොඳ ප්ලේස් එකක්.. ලොකු ගානක් නෑ.. ගිහින් බලල ලබන්න හොඳ අත්දැකීමක්..

ඊළඟ ඇනිවසරි ට්‍රිපයෙන් නැවත හමුවෙමු..

Thursday, May 02, 2013

ට්‍රිපය... 2+ ඉයර්ස් මෑන්..ඕ.ම.ගෝ

ජයග්‍රාහී දෙවැනි ඇනිවසරිය සමරනු වස් අපි දෙදෙනා විසින් යන්නට යෙදුණු ට්‍රිපයේ විස්තර.

මෙ සැරේ ඇනිවසරිය යන්න අපි සෑහෙන්න කාලයක් ප්ලෑන් කලා.. යන තැන් ගැන.. ලංකාවේ යන්න තැන් ඕනේ තරම් තිබුණට මේ වගේ දවස් වල එහෙම ආවට ගියාට යන්න බෑනේ.. සෙල්ලං ද අවුරුදු 2ක් ඇද්ද කියන්නේ.. :)

ගිය සැරේ කන්ඩලමේ ගිය නිසා මේ සැරේ රජරට පැත්ත අතෑරියා... දකුණු පළාතේ මුහුද අද්දර ඒවත් ඉතින් බෑ බෑ වගේ හිතුනා.. නිතර ගාලු යන නිසා.. නැගෙනහිර පැත්තට යන එකත් ටිකක් අදිමදි වුණා මාබල් බීච් සවාරිය හින්ද.. ඊට පස්සේ ඉතිරි වුණේ බස්නාහිරයි උතුරයි.. ‍ බස්නාහිර පළාතේ ට්‍රිප් යන්න පුළුවන් ද .. ගෙදර හිටිය වගේ නේ.. උතුරේ කොහෙද තරු පන්තියෙ හෝටල්.. කාල වරෙන්කො මේ සැරේ ගෙදර ඉන්න සෙට් වීමක් තව පොඩ්ඩෙන්...

කොහොම හරි පළාත් හතර අත ඇරල අන්තිමට මැද තෝර ගත්තා.. ආයේ හුනස් ෆෝල්ස් යමුද (නැලවිලි ස්වරයෙන්..)? සික් අවුරුදු 2කට කලින් නේ ගියේ.. ආයේ යන්න දැන්ම බෑ.. නුවර වෙන හෝටල් නැද්ද? නෑනේ සිරා ඒව නෑ..  නුවර වැඩක් නෑ.. එහෙනම් ඕනෙ එකක් කරගන්න (ගැස්සිලි ස්වරයෙන්)..

අන්තිමට ලෙඩට දුකට සැපට ඕනේ එහෙකට අපි කාටත් පිහිටට එන නුවර එලිය තමා අපේ 2වෙනි ඇනිවසරියට නිල වශයෙන් ආලෝකය සැපයුවෙ..

නුවර එළියෙත් ඉතින් එක එක ජාතියේ හෝටල් නේ.. මේ දවස් වල සීසන් නිසා සෙනඟත් වැඩියි.. මේ ලඟදිත් අම්මල එක්ක ගිහින් ආව නේද? අනේ මන් ද.. සික් ලංකාව නම්...

ලොකු ලොකු හෝටල් අයිතිකාර මහතුන්ලගේ වෙබ් සයිට් පීරමින් (මැදින් දෙකට බෙදා) ඔහොම හොයනකොට සෙට් වුණා පස්ට තැනක්...

ටක්කර ටාංංංංංංංංංංංංංංංංංංංං

නෝනාවරුනි,මහත්වරුනි,නෝනාවරු නැති මහත්වරුනි,මහත්වරු නැති නෝනාවරුනි,දරුවනි,දැරියනි... 

බැඳලා අවුරුදු 2ක් පිරීමේ සතුට (සතුට ඈ) සැමරීම වස් මෙවර අපට පිහිට වූ හෝටල් රාජයා...

උතුරු කරෙන් එන්න....ආආආආආඅ
දකුණු දෙසින් එන්න....ආආආආආඅ
නැගෙනහිරින් එන්න....ආආආආආඅ
බස්නාහිරිනුත් එන්ඩෝඕඕඕඕඕඕ..
ලයිට් නිමල එන්න......ආආආආආආ
(මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඇයි මීට කලින් මුදල් ගෙවපු ඇඩ් දැකල නැද්ද.. නිකන් යනව මනුස්සයෝ යන්න)

මේකට යන්න මම තෝරගත්තේ ලංකාවේ මේ කාලේ යනවනම් යන්න තියෙන හොඳම පාර.. ඒ කියන්නේ  කිලෝමීටර් 30-40 විතර සුපිරි ගමනක ආශ්වාදය ඔබට ලබා දෙන අපූරූ මාර්ගයක්... 

අවිස්සාවේල්ල නුවර එළිය මහා මාර්ගය.. 

ඔය පාරේ යනකොට හම්බවෙනවනේ කිතුල් ගල.. ඔය කිතුල්ගල හරියේ යනකොට මම කනාවට වගේ දැක්කා මේං මේ බෝඩ් ලෑල්ල



මම හිතාගෙන හිටියේ කිතුල්ගල හරියෙන් ගලන්නෙත් කැළණි ගඟ කියල මෙච්චර කල්.. හික් හික් (මගේ තවත් මෝඩ ආතල් එකක්)

මේක දැක්කම ගොඩක් අය දන්නවනේ මොකක් ද සීන් එක කියල.. ගොඩක් අය දැන ගත්තට බස්ටි නංඟි වගේ අය ඕක දන්නේ නෑ.. බෝඩ් එක පහු කරන් ගිහින් සෑහෙන දුරක් ගිහින් වැදගත් කම පැහැදිලි කරල දීල ආපහු හරෝගෙන ආයේ බෝඩ් එක පහු කරන් ගිහින් මුල ඉඳන් ආයෙත් බලන් ඇවිත් යාන්තම් ගියා අර බ්‍රිජ් ඔන ද රිවර් ක්වායි කියන ෆිල්ම් එකේ ලොකේෂන් එක බලන්න.. ෆිල්ම් එකේ ලෝකේෂන් එක කිව්වේ පාළම හදපු තැන බලන්න

මෙන්න මේ පඩිපෙලෙන් බැහැල
 මෙන්න මේ වගේ තේවතු..
 කඳු පල්ලම්
 වලින් බැහැල ගියාම මෙන්න මේක බලා ගන්න පුළුවන්.. 
මේ තියෙන්නේ එහා ඉවුර

මේ තියෙන්නෙ ගඟේ දෙපැත්ත

මේ ක්වායි ගං කොමළිය

මේ තියෙන්නේ ඔය හැදුවයි කියන පාළම..  (ෆිල්ම් එක බලල නැති අයට)
මේක උඩින් කෝච්චියක් යනව ඉතින් ෆිල්ම් එකේ නම්.. (1957 දි කොම්පියුටර් ජිල්මාට් තිබ්බද?)

ඕක බලල ඉතින් ආපහු අපේ ගමනට අපි සෙට් වුණා.. කිතුල්ගලින් නාල යමු,වයිට් වෝටර් රාෆ්ටින් කරල යමු, මේ හරිය හෙන සිරා නාන්න.. ඊ.ටී.සී වගේ කතා ගොඩකින් පස්සේ අපි සුපුරුදු විදියට ගමන ගියා..

ඔන්න පාරේ තියෙන සිරාම ටිකට ආවා.. හැටන් හන්දියෙන් හරෝල නුවර එළිය පැත්තට යන්න ගත්ත විතරයි කිලෝමීටර් 3ක් විතර යනකම් පට්ට පාර.. සැහ්.. අන්න පාරවල්.. ඊට පස්සේ.....

දෙයිහාමුදුරුවනේ මගෙ කාර් එක.. මේක ඕෆ් රෝඩ් යන්න හදල නෑ යකෝව්ව්ව්...

අපරාදේ කියන්න බෑ හැටන් ඉඳන් රදැල්ල හරහා නුවර එළිය ටවුමේ ටී හන්දියට එනකම්.. තව අවුරුදු 2-3කට ආයේනම් යන්නේ නැති තරමට පාර හොඳයි.. අපි යන්න කලින් දවසේ ත්‍රීවීල් එකක් පෙරළිලා කෙනෙක් මැරිලත් තිබ්බා.. කොටින්ම අපි යනකොටත් මිනිස්සු එබි එබි බල බල හිටිය අපි දැක්ක..

ඇත්තටම කිව්වොත් පාර හදනවා.. තව ටික කාලෙකින් නියමෙට තියෙයි.. දැන්නම් තනිකරම පස්,මඩ,ගල් ගොඩක් විතරයි.. සෙන්ට් ක්ලේයාර් හරිය එහෙම ගන්න දෙයක් නෑ.. හැබැයි පාර හැදෙන්නෙ වටපිටාව හොඳට බලන්න පුළුවන් නැරඹුම් ස්තාන එහෙමත් එක්ක.. තව ටිකක් ඉවසල ඉමු.. ලයිටි බිල් වැඩි වෙනව වගේ ඒව කමක් නෑ කියල හිතෙනවා ඒ වගේ දියුනු වෙනව දැක්කම..

ඔන්න ඔහොම පට්ට පාරක පැය 3-4ක් (මුලු ගමනට පැය 7.5ක් විතර) ෆුල්ම ෂපාන් එකේ බඩේ ගින්දරේ බැරුව නුවර එළියට ආවා.. නුවර එළියෙන් කාලා උඩුපුස්සැල්ලාව පාර දිගේ කඳ පොළ පැත්තට ආවා..

කඳපොළ හන්දියෙන් හැරිල පාරක යනකොට හාවෝ මාරු වෙන තැන්,මුවෝ පාර පනින තැං,ඌරෝ පාර පනින තැං,වල් ඌරෝ පාර පනින තැං (පේනවනේ රට පිළිවෙලකට යන හැටි), තව මොකුන් ද මන් ද පාර පනින තැං හැටහුටහමාරක් පාස් කරගෙන යනකොට මෙන්න තියෙනවා....

ටක්කර ටාංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං


පරණ තේ පැක්ටරියක්... 

පස්ට පරණ තේ පැක්ටරියක් කියන්නේ පස්ටම පරණ එකක්.. 

මේ තියෙන්නේ පොටෝ කෑල්ලක්



ගමනේ ඉතිරි කොටස ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න....