Tuesday, August 25, 2015

සොෆ්ට් සරණිය - පොතේ විදියට සොෆ්ට්වෙයාර් එකක් හදන හැටි

අද සොෆ්ට් සරණිය වැඩසටහනින් මම ඔයාලට කියල දෙන්න යන්නේ සොෆ්ට්වෙයාර් එකක් පොතේ විදියට හදා ගන්න හැටි.

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍යය
  1. සොෆ්ට්වෙයාර් (මෘදුකාංගය) එකක් හදන්න අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතාවයක් ඇති පුද්ගලයින් (Client) - 1යි
  2. එයින් ලබා ගත හැකි ප්‍රයෝජන, නැත්නම් ලාභය, කුමන අය වෙනුවෙන් ද, කුමක් සඳහාද  යන ආදී දේවල් ගැන හොඳ අධ්‍යයනයක් කර ලබා ගත්ත දත්ත - හැකිතරම්
  3. මෙම මෘදුකාංගය කුමන මාධ්‍යක් සඳහා බාවිතා වෙනවද කියන තීරණය. ඒ කිව්වේ වෙබ් අඩවියක් විදිහට ද නැත්නම් ඩෙස්ක්ටොප් එකේ බාවිතා කරන්නද නැත්නම් ජංගම උපකරණ ආදියට ද එහෙම නැත්නම් වෙන උපකරණ, වාහන ආදී දේ ට ද යන්න ගැන -  හරි තීරණ 1යි
  4. ඒ සඳහා මොන මොන විදියේ තාක්ෂණික දේවල් බාවිතා කරනවද යන තීරණය (Development Languages/Platforms etc). මේක තීරණය කරන්න ඉහත සඳහන් 1,2,3 යන කරුණු ගැන තීරණය කරලා තියෙන්න ඕනේ - හරි තීරණ 1යි
  5. පුද්ගලයින්  - අවශ්‍ය තරම්
  6. උපකරණ සපයා ගැනීම උදා : අවශ්‍යය කරන පරිගණක යන්ත්‍ර, ඉන්ටර්නෙට් සම්බන්ධතා සහ වැඩ කරන පුද්ගලයින් සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් -  අවශ්‍ය තරම්
  7. වියදම් සඳහා මුදල් -  මිලියන වලින් කීපයක් සුදානම් කරගන්න

අවශ්‍යය පුද්ගලයින් ලැයිස්තුව
  1. සම්පුර්ණ ව්‍යාපෘතිය කළමනාකරණය කල හැකි කළමනාකරුවෙක් හෝ අදාල අංශ කළමනාකරණය සඳහා ඒ ඒ අංශ පිළිබඳව දැනුම සහ පළපුරුද්ද ඇති කළමනාකරුවන් කිහිප දෙනෙක්.
  2. මෘදුකාංගය එක සැදීම සඳහා අවශ්‍යතාවය ඇති පුද්ගලයා හෝ ආයතනය සමග කෙලින් සම්බන්ධ විය හැකි පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් (සංකීර්ණ තාවය අනුව)
  3. අදාල මෘදුකාංගය එක ගැන නියමිත විදියට විශ්ලේෂණය කල හැකි ඒ පිළිබඳව දැනුම ඇති  (Business Analysts වරුන් ) අවශ්‍ය තරමට
  4. අදාල මෘදුකාංගය තාක්ෂණිකව නිමවීම පිළිබඳව සැලසුම් සැකසීම එක පිළිබඳව දැනුමැති පුද්ගලයින් (Solution/Software Architects)එක් අයෙක් හෝ කිහිප දෙනෙක්  (සංකීර්ණ තාවය අනුව)
  5. එම තාක්ෂණික සැලසුම අනුව වැඩ කල හැකි ඒ ඒ තාක්ෂණික පැති ගැන දැනුම සහ පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Tech Leads/Senior/Junior Software Engineers) අවශ්‍ය තරමට
  6. මෘදුකාංගය සඳහා අවශ්‍යය දත්ත ගබඩාකරණය සහ කළමනාකරණය ගැන දනුම සහ පළපුරුද්දද ඇති ඉංජිනේරුවන් (Database Administrators) අවශ්‍ය තරමට
  7. අවශ්‍යය පරිගණක ජාල, පරිගණක සහ වෙනත් තාක්ෂණික උපකරණ නඩත්තු කටයුතු සඳහා දැනුම සහ පළපුරුද්ද සහිත ඉංජිනේරුවන් (System/Network  Administrators) අවශ්‍යය තරමට
  8. මෘදුකාංගය සඳහා අවශ්‍ය වන ග්‍රැෆික් නිර්මාණ සහ වෙනත් ශ්‍රව්‍ය දෘෂ්‍යය නිර්මාණ සඳහා ඒ පිළිබඳව දැනුම ඇති නිර්මාණකරුවන් අවශ්‍ය තරමට
  9. මෘදුකාංගයේ තත්ත්ව පරීක්ෂණය සඳහා ඒ පිළිබඳව දැනුම පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Quality Assurance Engineers) අවශ්‍යය තරමට
  10. මෘදුකාංගය අවසන් තත්ත්ව පරික්ෂා වලින් පසුව පාරිහොගිකයා වෙත ලබා දීම සඳහා නිදහස් කිරීමට අදාල කටයුතු කිරමට දැනුම සහ පළපුරුද්ද ඇති ඉංජිනේරුවන් (Release Engineers)  අවශ්‍යය තරමට
  11. මෘදුකාංගය වෙළඳ පොළට නිකුත් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුම සහ අවබෝධය ඇති පුද්ගලයින් (Sales/Marketing) (මේ අය මුල් අවදියේදී අවශ්‍ය නැත)
  12. සම්පුර්ණ කාලය තුල ආයතනයේ අනෙකුත් කටයුතු සඳහා අවශ්‍ය කරන පුද්ගලයින් (Human Resource/කා.කා.ස වරුන් ආදිය)
  13. මෘදුකාංගය නිපදවීමේදී ඇති පොඩි පොඩි වැඩ සහ කල් ගතවන, ඉංජිනේරුවන් ගේ කාලය අනවශ්‍ය විදියට වැය වන වැඩ කරවාගැනීම සඳහා විශ්ව විද්‍යාල වලින් පිටවන නවකයින් කිහිප දෙනෙක්. මෙවැනි නවකයින් පුහුණු කිරීමෙන් ඔබට මහත්ඵල මහානිසංස ලැබෙන පිං සිදුවේ.

සාදා ගන්නා ආකාරය

මුලින්ම මෘදුකාංගය සැදීම සඳහා ඇති අවශ්‍යතාවය ගන්න. 

ඉන්පසු එම අවශ්‍යතාවය පිළිබඳව මෘදුකාංගයේ ව්‍යාපාරික ස්වභාවය විශ්ලේෂණය කිරීමට හැකි ඒ පිළිබඳව සුදුසුකම් සහ පළපුරුද්ද සහිත Business Analysts වරුන් සහ අදාල පාර්ශව සමග සාකච්චා වට කිහිපයක් පවත්වන්න. මෙහිදී Software Architects, Tech Lead ලා ගේ සහය ලැබීම ද වැදගත් විය හැක.

මෙසේ හොඳින් සාකච්චා කිරීමෙන් පසු Business Analysts වරුන් විසින් මෘදුකාංගයේ ඒ ඒ කොටස් සඳහා අවශ්‍යය කරන තොරතුරු, ක්‍රියාමාර්ග, පරිශීලකයින්, නිපදවීමට පෙර තිබිය යුතු අවශ්‍යතා, නිපයුමින් පසු කෙසේ විය යුතු ද යනාදී දේ ඇතුලත් වාර්තා පිළියෙළ කරනු ඇත. මේ සඳහා මාස කීපයක් ගත විය හැක.
එසේම වරින් වර විවිධ සාකච්චා වට පැවැත්වීමට සිදුවේ.

මේ අතර තුර මුලින් තීරණය කරගත් තාක්ෂණික කටයුතු පිළිබඳව ඉංජිනේරුවන් පුහුණු කිරම, ආයතනයට අවශ්‍යය පරිගණක ජාල, වෙනත් සේවා මෘදුකාංග Source Control / Version Control/ Backup   ආදිය පිහිටුවීම, ඒවා පිළිබඳව පුහුණු කිරීම් කටයුතු මේ කාලය තුල පටන් ගත යුතුය.   

මේ අතර සම්පුර්ණ පද්ධතියේ තාක්ෂණික  සැලසුම Software Architecture එකේ  මුලික අදියරේ වැඩ ඔබට ආරම්භ කල හැක.

එසේම අවශ්‍යය කරන මෘදුකාංග පිහිටුවීමේ කටයුතු, ඒවා ට ආදාළ පරිගණක යන්ත්‍ර/සර්වර් ආදිය නිවැරදිව පිහිටුවීම ද කල යුතුය.  

මේ කටයුතු සඳහා ද මාස කිහිපයක් ගත වනු ඇත. මෙහිදී ඉංජිනේරුවන්ගේ කාලය නියමිත විදියට යොදාගැනීමෙන් ඔවුන් ෆේස්බුක්,යු ටියුබ් , ෆිල්ම්, බ්ලොග් ලිවීම් ආදියට ගත කිරීම අවම කරගැනීමෙන් ඔබගේ මුදල් ඉතිරි කර ගත හැකිය. නමුත් එවැනි සමාජ මාධ්‍ය සියල්ල බ්ලොක් කිරීමේන් ද ඉංජිනේරුවන්ගේ කාර්යක්ෂමතාවය අඩු විය හැකිය. එසේම තාක්ෂණික තොරතුරැ සෙවීම සඳහා ඔවුන්ට නිදහස දීමද, Skype, Google වැනි චැට් පහසුකම් සැලසීම ද වැදගත් ය. මේ සියල්ල බ්ලොක් කර වැඩ ගැනීම කිසිවිටෙක නොකළ යුතුය. මක්නිසාද යත් බොහෝ ඉංජිනේරුවන් මාස 2-3කින් හින් සීරුවේ අස් වී යාම මේ හේතුවෙන් සිදුවිය හැකිය.

අනෙකුත් දත්ත කළමනාකරණ , ජාල කළමනාකරණ, තත්ත්ව පරීක්ෂණ, ග්‍රැෆික් නිර්මාණ ආදී කටයුතු වලද මුලික අදියරේ පුහුණු වීම් / නියමිත මෘදුකාංග පිහිටුවීම් ආදිය මේ කාලය තුලදී සිදුකරන්න. මේ සඳහා නියමිත ලෙස කළමනාකරුවන් යොදාගන්න.

ජනතාවට විහිළු සපයන කළමනාකරුවන් යොදා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් නිකරුනේ නාස්ති විය හැකි බව කරුණාවෙන් සලකන්න

මින් පසු හොඳින් සකස් කරගත් මෘදුකාංගයේ අවශ්‍යතා  සහිත වාර්තා (Software Requirement Specification/Business Requirement Book) ගෙන ඒවා නියමිත ලෙස කොටස් වලට බෙදා ගන්න.  ඒ ඒ කොටස් කණ්ඩායම් නායකයින් වෙත පවරා දී ඒ ඒ කොටස් නිර්මාණය කිරීම සඳහා නියමිත පරිදි Dead Line ලබා දෙමින් කොටසින් කොටස මෘදුකාංගය සැදීම පටන් ගන්න.

මෙසේ ඒක එක කොටස් සෑදීම ඉතා ඉවසිමෙන් කල යුතුය. හැමවිටම ප්‍රධාන සැලසුමට අනුව ,අනාගතයට අවශ්‍යවන වෙනස් කම් කිරීමට හැකි වන අයුරින් එසේම ආරක්ෂාව, කාර්යක්ෂමතාවය , දත්ත වල නිවැරදි භාවය ආදී කරුණු ගැන සැලකිලිමත්ව කළයුතුය. එසේ නොමැති වුවහොත් පසු කාලින ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. 

එසේම මෘදුකාංගයට අදාල සියලුම ඛෙත (Programming Codes) නිවැරදි ලෙස සුරක්ෂිත කර ගත යුතුය.මේ සඳහා ඔබට කලින් පිළියෙළ කරගත්  Source Control / Version Control/ Backup ආදිය බාවිතා කල හැක.

එසේම ඉංජිනේරුවන් විසින් සංවර්ධනය කරන ඛේත  (Code) වල තත්වය උසස් ලෙස තබා ගැනීම සඳහා නිතර Code Reviews කළ යුතුය. 

මේ ආකාරයෙන් මාස කිහිපයක් බොහෝවිට මාස 6- අවුරුදු 1,2 ක් තිස්සේ සංවර්දනය වන එක එක කොටස් නිවැරදි ලෙස තත්ත්ව පරික්ෂා කරන්න. බොහෝවිට ඒ ඒ කොටස් එකිනෙකට සම්බන්ද කර අවසන් පද්ධතියේ විවිධ වර්ෂන් පරික්ෂා කිරීම සිදු කළ යුතුය.

මේ අතර තුර ඔබ විසින් පෙරසුදානම් කරගත් මුදල් අවසන් වුවහොත් බැංකු ණයක් හෝ ලබාගෙන නියමිත වෙලාවට පඩිගෙවිය යුතු බව සිහිතබා ගන්න. පිං තකා සොෆ්ට්වෙයාර් ලියන පිංවතුන් මින් පෙරද සිට නැත මින් මතුවටද නොසිටිනු ඇත.

මේ කාලය තුල Business Analysts වරුන් හා මෘදුකාංග ඉංජිනේරුවන් අතරද මෘදුකාංග ඉංජිනේරුවන් හා Quality Assurance ඉංජිනේරුවන් අතරද ගැටුම් සහිත ස්භාවයක් වර්ධනය විය හැකි බව කරුණාවෙන් සලකන්න. Business Analysts වරුන් හා Quality Assurance ඉංජිනේරුවන් එකතු වී මෘදුකාංග ඉංජිනේරුවන්ට කචල් දැමීමද නිතර දැකිය හැකි තත්වයකි. මෙවැනි තත්ත්ව සමනය කිරීම සඳහා කොකා කෝලා, පිට්සා ආදිය යොදා ගත හැකිය.

ඉන්පසු මෙසේ සකස් කල ගත් මෘදුකාංගයේ මුලික වටයේ වර්ෂන් එකක් Release Engineers වෙත බාරදී නියමිත පරිදි පද්ධතිය Live යාමට අවශ්‍ය පසුබිම සකස් කරන්න. මෙහිදී Release Engineers වරු බබ්බු ලෙස හැසිරෙන අවස්ථා ඇති බැවින් මෘදුකාංගයේ සියලුම අංශ පිළිබඳව අවබෝධය ඇති Tech Leads/Senior Software ඉංජිනේරුවරයෙක් ඒ කටයුතු සඳහා එකතු කරගන්න. මෙසේ කිරීමෙන් ඔබට අවසන් අවස්ථාවේදී සිදුවිය හැකි චාටර් කේස් අවම කර ගත හැක. (චාටර් කේස් කිසි දිනෙක 0 නොවන බව මතක තබා ගත යුතුය)

මේ අතර තුර මෘදුකාංගය බාවිතා කිරීම, තාක්ෂණික තොරතුරු, දත්ත ගබඩා ආදිය පිළිබඳව නියමිත පරිදි Documentation සකස් කළ යුතුය. මේ සඳහා හරි නම් Documentation Specialists වරු සිටිය යුතු වූවද ඉහතදී බඳවා ගත් නවකයින් ලවා මෙවැනි වැඩ කරවා ගත හැකිය.  දැනුම ඇති ඉංජිනේරුවරයෙකුගේ අධීක්ෂණය යටතේ මේවා Review කළ යුතුය. 

මේ ආකාරයෙන් නියමිත ලෙස සකස් කරන ලද මෘදුකාංගය දැන් Live යැවීමට සියල්ල සුදානම් දැයි සැක සංකා රහිතව දැන ගන්න  ( සැක සංකා කිසි දිනෙක 0 නොවන බව මතක තබා ගත යුතුය) 

අවසන් වශයෙන් ඔබ විසින් මෙපමණ කාලයක් තිස්සේ අතේ තියෙන තඹ පිච්චිය පවා වියදම් කර, නයිට් ගසමින්, කොකාකෝලා බොමින් පිට්සා කමින් සාදන ලද මෘදුකාංගයේ අවසන් වර්ෂන් එක හෝ ලයිව් යන URL එක ඔබ අදහන ආගම සිහි කර ඔබගේ සේවා දායකයා වෙත ඉතා සැලකිල්ලෙන් ලියා අවම වශයෙන් 10 පාරක් වත් කියවූ ඊමේලය යවා දඩ බඩ ගා ඔබගේ පරිගණකය වසා ගෙදර යන්න. (ඔබගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කිරීම ඔබට සහනයක් වනු ඇත)


ට්‍රින් ට්‍රින් ට්‍රින්.......

සමාවෙන්න, මෙන්න දැන් අපගේ කියවන්නෙක්  අපවෙත සජීවී ලෙස දුරකථන ඇමතුමක් ලබා දෙනවා. කරුණාකර අමතන්න. "මේ මහත්තයෝ මම මේ කොකිස් කඩේ හන්දියෙන් කතා කරන්නේ සේතන් කියල කෙනෙක් ... ඇහෙනවද? හලෝ සමාවෙන්න මොන තන් ද? කරුණාකර නම කියන්න.... "මම මේ සේතන් සේ තන්..." ආ හරි හරි සේතන් මහත්මයා කරුණාකර ඔබගේ ගැටලුව ඉදිරිපත් කරන්න

"මේ මහත්තයෝ ඔහෙලට පිස්සු ද හැබෑට.... මිලියන ගානක් අතේ තියෙනවනම් අවුරුදු ගානක් චාටර් වේවි ඔය සොප්ට්වෙයාර් හදන්නේ මොකටද.. අනිත් එක ඔහෙලා හිතුවද මෙතන UNP ආණ්ඩුවක් ආපු ගමන් අපිට මිලියන ගණන් සල්ලි හම්බ වෙනවා කියල .. කරුණාකර ප්‍රශ්නය කෙටියෙන් ඉදිරිපත් කරන්න බලන්න.. හරි හරි කෙටියෙන් තමයි මේ කියන්නේ... ඉස්සෙල්ල එයාල හම්බකරගෙන පස්සේ නේ ඉතින් අපට කියක් හරි හොයා ගන්න වෙන්නේ.. මේ එහෙම නෙවෙයි මහත්තයෝ බැරිද ඔය අපිට අඩු වියදමෙන් ගෙදර ඉඳන් ඔය මොකක් හරි එකක් අටවල කීයක් හරි හොයා ගන්න විදියක් කියන්න...නිකන් මෙතන බොරු වැඩ ගැන කියල අපේ කාලේ කන්නේ නැතුව... " 

"ඔව් බොහොම ස්තුතියි සේතන් මහත්මය... ට්‍රින් ට්‍රින් ට්‍රින්.......ආ මෙන්න තවත් කියවන්නෙක් අපට දුරකථන ඇමතුමක් ලබා දෙනවා.... අමතන්න.. කවුද මේ... හලෝ හලෝ හලොඕ ... ඇහෙනවද... ඔව් අමතන්න.. හරි හරි මම මේ මීගමුවේ ඉඳල ගලබොඩ අප්පුහාමි කියල කෙනක් කතා කරන්නේ... සමාවෙන්න ගලබොඩ කව්රු...නෑ නෑ නාන සාදු නෙවෙයි මම ගලබොඩ අප්පු හාමි.. හරි හරි ඔව් අප්පුහාමි මහත්තය මොකක් ද ඔබේ ගැටලුව.."

"මේකයි මහත්තයෝ මම මේ අපේ මායියත් එක්ක මිගමු පැත්තේ පොඩි ඉස්සෝ ටිකක් වගා කරගෙන ඉන්නේ.. මටත් ආසයි ඔය සොස්ට්වෙයා එකක් හදන්න.. බැරිද ඕක ගෘහ කර්මාන්තයක් නැත්නම් මේ ස්වයං රැකියාවක් විදියට අඩු ගානට අපේ ගෑනිටයි මටයි ඕනනම් ඔය තව කොල්ලෙක් දෙන්නෙක් දාගෙන කරන විදියක් කියා දෙන්න. අපි මේ කාටවත් කරදරයක් නැති අහිංසක මිනිස්සු. ඔය හැටි සල්ලි විසි කරලා ඔච්චර විච්චුරන නටන්න අපිට බෑ නෙව. එහෙනම් තියන්නං ඈ..."

ඔව් අපි දැන් ප්‍රධාන පාලක මැදිරිය වෙත මදකට යොමු වෙමු...




23 comments:

  1. ane ane pathumo.... pothe widiyata haduwath oka avuruddak hadanawa. siraawata haduwoth avurudu dekakuth maasa dekayi sathi ekayi dawas thunak yayi neda?
    thdakimen kiyanne. hik

    ara pizza wade nam ammapa niyamayi. nodakin ape issara hitapu ekek oya wage vidiyakata gatum niraakaranaya kale nehe nova.. check

    -Upeksha

    ReplyDelete
    Replies
    1. මේ විදියට අවශ්‍යය ද්‍රව්‍යය හොයාගෙන කරන්න ගියොත් මේ කපේදී ඕක කරන්න වෙන්නේ නෑ..

      මේක කියවල හරි ඔය ගහමරා ගන්න වෙලාවට කොල්ලන්ට කෙල්ලන්ට පිට්සා ටිකක් ගෙනල්ල දෙන්න දැන්වත්...

      Delete
  2. අපි ඉතිං සේතන් අප්පුහමිලා ගලබොඩලා වගේ නොවැ ආයුබෝවන්ඩ

    ReplyDelete
    Replies
    1. අපි ඊළඟ වැඩසටහනින් අප්පුහාමිලාගේ ඉල්ලීම් ඉටු කරනවා. කරුණාකර අප සමග රැඳී සිටින්න

      Delete
  3. අගෙයි අගෙයි.

    ඇත්තටම මොකක්ද ඔය සොෆ්ට්වෙයාර් එකක් කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. හාඩ් වෙයාර් එක දන්නවා නේද එකේම සොෆ්ට් එක තමයි ඔය සොෆ්ට් වෙයාර් කියන්නේ..

      Delete
    2. පොඩි නිවැරදි කිරීමක්....

      ඔය ස්පොන්ජ් වගේ සොෆ්ට් දේවල් වලින් වෙයාර් කරන්න හදන ජාතිනේ...

      Delete
    3. හාඩ්වෙයාර් කියන්නෙ යකඩ සිමෙන්ති එහෙම තියෙන එකනේ. එතකොට සොෆ්ට්වෙයාර් කියන්නෙ රෙදි කඩයක් වෙන්ටැ.

      Delete
    4. මෙන්ඩාගෙන් අහමු.

      Delete
    5. මෙන්ඩ හදන ජාතියේ ඇඳුම් තියෙන කඩ වලට ත් ඔය සොෆ්ට්වෙයාර් කඩ කියල කියන්න පුළුවන්.. අර උඩින් උපේක්ෂා පැහැදිලි කරලා තියෙන්නේ..

      Delete
  4. මොනා වුණත් මේක තමා ඇත්ත. රටකජු ඇටයක් තලන්න කුළුගෙඩියක් ගන්නවා. ප්‍රෝග්‍රැමර් ඇරෙන්න අනික් උන් සේරම කාලෙ කනවා සල්ලි කනවා.
    වැඩිය ඕනි නෑ. එළවළු බොහොමයක් ගොවිපොලෙන් එන්නෙ කිලෝ එක රු.10-20 ට. අපි ගන්නෙ දෙසීයට. අතරමැදියො ඉතිරි 190 ම ගසාකනවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි සොෆ්ට්වෙයාර් හදද්දී නම් අතරමැදියෝ කියන අය හරිම අඩුයි.. ගොඩක් වෙලාවට ක්ලයන්ට් කෙනෙක් ව හොයල දෙන කෙනාට ගානක් දෙනවා මිසක් අදාල නැති පාර්ශව වලට සල්ලි යනවා අඩුයි.. වෙන්න පුළුවන ලොකුම පාඩුව තමයි මිනිස්සු හරියට මැනේජ් නොකලම කාලය ගත වෙන එක සහ වැඩ වල තත්වයේ ඇති දුර්වල තා නිසා අනවශ්‍යය ප්‍රශ්න ඇවිල්ල වැඩේ දික් වීම නිසා වෙන පාඩු..

      Delete
  5. චැහ්! නෝනයි පොඩි එකයි හවුල් කරගෙන සොෆ්ට්වෙයා එකක් හදන්න හිතාගෙන ආවෙ..... මදැයි කොලා

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉන්න රාජ් අපි ඊලග වැඩ සටහනෙන් ස්වයං රැකියාවක් විදියට සොෆ්ට්වෙයා හදන ආකාරය පැහැදිලි කරනවා..

      Delete
    2. හෑ ! මට වැරදිලාද? වෙන්න බෑ .. මම හිතන් උන්නේ ඔය සොෆ්ට් වෙයාර් හැදිල්ල 'සොයන් රැකියාවක්' කියලනේ. රැකියාව මොකද්ද කියල සොයමින් තමයි අපි ඉන්නේ. කෝ තාම හම්බුනේ නැහැනේ.

      ඔය පැතුමගේ කෙබර වලට අහුවෙන්න එපා හරිද? චීන උන්ට මෙයා ඉන්ක්‍රිමන්ට් දෙන්නෙත් ඔය පොත දාලලු. 'බය වෙන්න එපා මෙයා.. අපි ඊළඟ අප්රේසල් එකෙන් තමයි පඩි වැඩි කරන්නේ හොඳේ..'

      නැත්තම් මේ රෙසිපි දදා ඉන්න වෙලේ හදපු එකක් පින්තුරයක් දාන්න බැරිද? හුහ්.. අපිව රවට්ටන්න! හිතුව මදි!

      Delete
  6. අනේ අම්මේ... එපෝ.. මට නම් සොෆ්ට්වෙයාර් එපෝ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් අඩෝ එහෙම කියන්න එපා. සොෆ්ට්වෙයාර් නැති ලෝකයක් ගැන දැන් හිතා ගන්නවත් පුළුවන් ද

      Delete
  7. මටත් නම් බෑ වගේ...:D

    ReplyDelete
  8. පීසා තමයි ආහාරේ! රෑ උනාම ගෙනත් ශේප්මන්ට් එක දාන!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මේ ඉන්න දන්න කියන උදවිය

      Delete
  9. ඔය කියල තියෙන්නෙ හදන්න පුළුවන් එක ක්‍රමයක්, ඕකම හදන තව ජනප්‍රිය ක්‍රමයක් තියෙනව "ස්ක්‍රාම්" කියල. අපි හදන්නෙ ඒ ක්‍රමේට.

    ReplyDelete
    Replies
    1. සඳමල්,

      මම මේ ජොලියට වගේ මේ ක්‍රමේ ලිව්වේ. හදන ක්‍රමය ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට වෙනස් වෙනවා. ස්ක්‍රම් කියන්නේ Agile Software Development Methodology එකේ තියෙන එක ප්‍රැක්ටිස් එකක්. විවිධ ක්‍රම වලට ඉතින් හදන්න පුළුවන්. දැන් ගොඩක් ජනප්‍රිය ඔය Agile ක්‍රමේ තමයි.

      Delete