මේ තියෙන්නෙ මගේ සිංහල බ්ලොග් එක නිසා පසු ගිය අවුරුදු 4 තුළ මම හම්බ කරපු දේ තමා.
ඇමරිකානු ඩොලර් 13.51 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 1540.14
මේ බ්ලොග් එකේ තියෙන්නෙ එකම එක ගූග්ල් ඇඩ් එකයි. ඒකෙත් හැමදාම යන්නෙ මහජන සේවා දැන්වීම්. මම ඉතින් මහජන සේවා අතර තුරේ ඉඳල හිටල එන ඇඩ්ස් ටික ක්ලික් කරගෙන සර්ච් බාර් එකෙන් මොකක් හරි සර්ච් කරල සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල තමා මේ ගාන හොයා ගත්තේ.
මේ යන වේගෙන් ගියොත් මට 2025 විතර ගූග්ල් එකෙන් චැක් එකක් ගන්න පුළුවන් වෙයි නේද?
කොහොම වුණත් කට්ටියගේ අනුමාන සෑහෙන්න දුරට හරි නේද? හික් හික්.. සිංහලෙන් ඇඩ් දාන කොම්පැණියක් දාමුද අපි කට්ටියවත් එකතු වෙලා... කාට කාටත් හොඳයි නේ.
Wednesday, June 30, 2010
Tuesday, June 29, 2010
ඇඩ්සෙන්ස් ආදායම සහ විසිට්
මම ගූග්ල් ඇනලයිටික්ස් බ්ලොග් එකට දැම්මේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ වෙනකම් කී දෙනෙක් මේක බැලුව ද කියල දැන ගන්න විදියක් නෑ. එදා ඉඳල අද වෙනකම් බලපු ගාන ගැන හිතපුවහම මගේ බ්ලොග් කෙරුවාව ගැන සතුටු වෙන්න පුළුවන්.
මට මේකේ මොකක් හරි ලියන්න හිතෙන්නේ වෙන මොකුත්ම හිතෙන්නෙ නැති වෙලාවටනේ. එහෙම වෙලාවල් වලදිත් මේකේ ලියන්න තරම් දෙයක් ඔළුවට එනව කියන්නේ අර කව්ද මොකක් ද එකකින් කොහෙද බැලුව වගේ කලාතුරකින් සිද්ද වෙන දෙයක් නේ.
බ්ලොග් එකේ විසිට් ගාන සහ ආදායම ගැන හිතල වැඩක් නෑ. මොකද මේ ආදායම තනිකරම මම විසින් මගේ ඇඩ් ක්ලික් කර ගැනීමෙන් (ගූග්ල්ට හොරෙන්) ලබා ගත් එකක් කියල මගේ පිවිතුරු හදවත දන්නවනේ.

Monday, June 28, 2010
මගේ ඇඩ්සෙන්ස් ආදායම
මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2006 දී. ගූග්ල් ඇඩ්සෙන්ස් ගැන මම දැන ගත්තේ මට මතක විදියට 2004 දි නැත්නම් 2005 දි. මම ඇඩ්සෙන්ස් කියන සංකල්පය ඇත්තක් කියල දැනා ගත්තේ 2007 දි. බ්ලොග් එකට ඇඩ්සෙන්ස් කෝඩ් කෑල්ල දැම්මේ 2007 මාර්තු 16 (මේක මේ අද ඇඩ්සෙන්ස් රිපෝර්ට් බලනකොට දැක්කෙ.)
මේ වෙනකොට මම ඇඩ්සෙන්ස් වලින් කීයක් විතර උපයල ඇති කියල ද හිතන්නේ?
සාමාන්‍යයෙන් අවුරුදු 4ක් බ්ලොග් ලියපු කෙනෙක් කොච්චරක් විතර ආදායමක් උපයනව ඇති ද?
අපි ඉතින් සුද්දම සිංහලෙන් බ්ලොග් ලියන නිසා ආදායම සාපේක්ෂව අඩු වෙන්න පුළුවන් නේ.
නිකමට තම තමන් බ්ලොග් වලින් උපයපු ආදායම් ගැන හිතල මම මේ වෙනකොට උපයපු ආදායම අනුමාන කරන්න කාට හරි පුළුවන් ද?
හරි උත්තරය දුන්න කෙනාට වටිනා තෑග්ගක් නම් දෙන්නෙ නෑ... නමුත් සිංහල බ්ලොග් ලිවීමේ වටිනාකම ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.
මගේ ආදායම ඊළඟ පෝස්ට් එකේ දාන්නම්... දවස් දෙක තුනකින්

Sunday, June 20, 2010
මම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීමට තීරණය කළෙමි.
මට එදා සිටම ක්‍රිකට් බැරිය.
හැමදාම කොල්ලන්ගෙන් බැනුම් අසන්නේ "බෝලේ දිහා බලල ගහපන් බන් " යනුවෙනි. කොපමණ වැනුවත් වදින්නේ හෙනම කලාතුරකිනි. බෝලයේ කුඩා බව හෝ පිත්තේ කෙට්ටු බව හෝ විකට්(පොල්පිති,කැඩුණු පුටු,ලෑලී,මහත ටින් බෙලෙක්ක) ආදියේ පළල් බව යන හේතු කිහිපය හෝ එකක් හෝ නිසා මම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට (0<=5) බොහෝ අවස්ථාවල දැවී යයි. උන් මාව සෙල්ලමට ගන්නේ බොහෝවිට පැති දෙක බැලන්ස් කරගැනීමට අවශ්‍ය නිසා හෝ හරියට ලකුණු ටික ගැන ගැනීමට ඕනෑ බැවිනි.
වැඩිපුර ක්‍රිකට් සහ අඩුවෙන් ෆුට්බෝල් ගැසූ නිසා ෆුට්බෝල් වලදී මම එතරම් බැනුම් අසා නැත. කල්පනා කර බැලීමේදී මම ෆුට්බෝල් වලදී අපේ කොල්ලන් සැට් එකට අත්‍යාවශ්‍ය වූ අවස්ථා කිහිපයක් මතකයට නැගේ...
නමුත් එය එතරම් වැදගත් නොවූයේ අපිට ෆුට්බෝල් උණ හැදෙන්නේ වර්ල්ඩ් කප් අවස්ථා වලදී පමණක් වීම නිසාය. අනිත් හැමදිනම ක්‍රිකට් පමණකි.
මගේ ක්‍රිකට් උණ 96 වර්ල්ඩ් කප් එකත් සමඟම අවසන් වී ගියේය. අවංකවම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ කවුද කියා වත් මම දන්නේ නැත... වර්ල්ඩ් කප් ෆයිනල් එකකට ලංකාව ආවොත් එදාට මැච් එක බලනවා මිස අනිත් වෙලාවට මැව් බැලීම වස කම්මැලි වැඩකි.
වැරදිලාවත් කොල්ලෙක් මැච් එකට මොකද බන් වුණේ (මං ගැන නොදන්න එකෙක්) යැයි ඇසුවහොත් "අනේ උඹ... අනේ තෝ... " ආදියෙන් පටන් ගෙන වෙන එකෙකුගෙන් අවසන් වෙන සාකච්ඡාවක් බවට පත් වෙයි.
ෆුට් බෝල් යනු අතිශය සරල ක්‍රීඩාවක් ලෙස මම දකින නිසා සහ පැය 1.5 කින් දෙකෙන් එකක් වන නිසා ෆුට්බෝල් වලට කැමති වීම සාධාරණ ලෙස මට පෙනෙයි.
ඉස්සර මැරඩෝනා ගැන හෙන උණක් තිබීම නිසා සහ මෙවර ආජන්ටිනානූ කණ්ඩායමේ පුහුණු කරු මැරඩෝනා වීම නිසා මෙම ෆුට්බෝල් ෆෑන් කෙනෙක් වීම අදහස මට පහුගිය දිනවල ඇතිවී තිබිණි.. අද හයිලයිට්ස් බල බල ඉන්න වෙලාවේ වැඩේ ස්ථීර කර ගත්තා.
කොල්ලෙක් වුණහම එක ක්‍රීඩාවක වත් පිස්සෙක් විය යුතු බව දැන් ටිකකට කලින් හිතුන නිසා මේ අදහස ආවා වෙන්නත් පුළුවන්.
කොහොම වුණත් බෝලයක් පසුපස එලවා ගෙන ගොස් දැලකට ගැසීම වැනි සරල මූලධර්මයක් සහිත ක්‍රීඩාවක ෆෑන් කෙනෙක් වීම අතිශය බුද්ධිමත් තීරණයක් බව මම සිතමි.
කැමරූන් සහ ඩෙන්මාර්කය අතර මේ දැන් පටන් ගැනීමට සැරසෙන මහා තරඟයත් සම්ඟ මගේ ෆුට්බෝල් ගමන පටන් ගැනීම (ජූලි 11 වන තෙක්) මෙසේ සටහන් කරමි.
ප.ලි.
DO IT FOR AFRICA යන බැනර් එක දැක අප්‍රිකාව කෙරෙහි ඇති වූ පහන් සංවේගය නිසා මම කැමරූන් පිලට සපෝර්ට් කිරීමට මේ දැන් තීරණය කළෙමි.
මැච් එක ඉවර වෙන්න කලින් නින්ද ගියොත් කරුණාකර සමාවන්න.
HERE WE GO....

Friday, June 18, 2010
ලංකාවේ IT කොම්පැණි
මේක ලොකු කතාවක්... කියන්න තියෙන සුදුසුකම් ගැන අහන්න එපා.. හිතෙන දේ කියන්නෙ... බක පණ්ඩිත කතාවක් විදියට මට වඩා අවබෝධයක් තියෙන අයට පෙනෙයි.
ලංකාවට බනින්න මම කවදාවත් කැමති නෑ... හැබැයි මම හෙන දේශප්‍රේමියෙකුත් නෙවෙයි. පරිගණක තාක්ෂණයට ලැදි ගොඩක් අය අතරේ ඉන්න තවත් කෙනෙක් විදියට අපි කරන රැකියාව ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා...
ලංකාවේ තියෙන වැදගත් සම්පත් ගොඩක් අතරින් මූලික තැනක් ගන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම... ඒක සෑහෙන්න ඉහළ තැනක තියෙනවා කියල අපිට සතුටු වෙන්න පුළුවන්. (කොයිදේත් බැලන්ස් වෙන්න ඕනේ නිසා බුද්ධියත් ඉතින් එක එක විදියට බැලන්ස් වෙලා තියෙනවා... ඒව ඉතින් හැමෝම දන්නවනේ)
ඔය ඉන්න බුද්ධිමත් මිනිසුන් ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ඉතා අඩු ශ්‍රමයකින් අතිශය වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමා මේ මෘදුකාංග සංවර්ධනය.
මම මහා ලොකු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා නෑ... නමුත් හිටපු අවුරුදු 5-6 අතරේ දැක්ක දෙයක් තමා අපි ගොඩාක් කරන්නේ තාක්ෂණික වහළුන් ලෙස වැඩ කරන එක...
මේක හෙන පටු අදහසක් තමයි. මොකද තාක්ෂණයට සීමා මායිම් නැති නිසා... ලෝකය හතර වටෙන් ම ලින්ක් වෙලා තියෙන නිසා මේක හෙන යල්පැන ගිය අදහසක් වගේ තමා. හැබැයි තියෙන ප්‍රශ්නය ඔය ලින්ක් වෙලා තියෙන ලෝකය ඔය විදියට ලින්ක් කරන්න අපි මොනවද කළේ කියන එක. මේක අපේ දෙයක්.. මේක හැදුවේ අපි... අපෙන් ලයිසන් අරගෙන මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙලා (ක්‍රැක් සහ හැක් නිසා මේක තේරුමක් නෑ) මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..
ඕක මට ඉස්සර ඉදල තියෙන ප්‍රශ්නයක් (මමත් ඉතින් ඔය කිව්වට ඕක වෙනස් කරන්න දගලන්නෙ නෑ...) ඉදල හිටල ලොකු කතා කියන්න ඕනේ නිසා මේ කියන්නෙ.
මම දකින්නේ එහෙම එක ප්‍රඩක්ට් එකක් හදන්න තරම් ඉවසීමක් අපේ තාක්ෂණික ලෝකේ ඉන්න ව්‍යවසායකයින්ට නැහැ කියල... ඉවසීම සහ හැකියාව තියෙන බුද්ධිමතුන් ඉන්නවා...
අපි හැමෝම දන්නවා කොහේ හරි රටක ඉන්න සුද්දෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් සෙට් කර ගත්තනම් කිසි කරදරයක් නැතුව ඉලක්කම් 6-7 ක පඩියක් අරගෙන ලංකාවේ සැපට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් සුද්ද එහෙ කඩේ වහපු දාට සොරි.කොම්.
සුද්ද මත යැපෙන්න වෙනවා. මොකද මේ තාක්ෂණේ මෙච්චර දුරට ගෙනාවේ ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුම කැමති කෙනෙකුට තනියම ගොඩ යන්නත් පුළුවන් විදියට ඒක හදල තියෙනවා. එච්චර දෙයක් කරල දුන්නට පස්සෙ බනින එකත් කැත වැඩේ තමා.
ලොකු කතා කිව්වට අපි හැමෝටම ඕනේ සල්ලි.. සල්ලිවල මේක අපේ මේක සුද්දගේ කියල ගහල නැති නිසා කොහෙන් හම්බවුණාම මොකෝ කියල වැල යන විදියට මැස්ස ගහන එක තමයි අපි කරන්නෙ.. ඒකෙ වරදකුත් නෑ.
හැබැයි ටික කාලයක් ඉවසල, එක අරමුණකින් නව අදහසක් දියුණු කරන්න අපිට පුළුවන් නම් (නව අදහසක් වෙන්න ඕනේ නෑ... මිනිස්සුන්ට වැඩක් තියෙන එක නිශ්පාදනයක්) කරගන්න අපිට පුළුවන් නම් අපේ මේ ඉන්න කෝටි 2කේ ජනතාවට ලොකු සෙතක් කරන්න පුළුවන් වෙයි..
මට මේක ලියන්න හිතුණේ මේ දවස් වල අත්දකින සමහර දේවල් නිසා... සතෙන් සතේ... රුපියලෙන් රුපියල එකතු කරන්න ගිහින් ඇන ගන්න හැටි දැක්කහම අපි ගැනම දුකයි... කස්ටර්මර්ව /එම්ප්ලොයීව කොහොම හරි තියාගන්න ඕනේ කියල කරන සීනී බෝල වැඩ... මිනිහෙක් ගේ හිත සතුටු කරල ඒ මනුස්සය ස්ව කැමැත්තෙන් ඉන්න තත්වෙට පත් නොකර කැරට් අල පෙන්න පෙන්න අර බුද්ධිමත් යැයි සම්මත වුණ මිනිස්සුන්ගෙන් ලාබ වැඩ කරව ගන්න එක නතර කරන්න බැරි කම...කැපවීම සහ අවංක කම කියන සරල දේ තේරුම් නොගෙන හෙන මොඩර්න් කොන්සෙප්ට් දාන්නට ගොස් ඇණ ගැනීම...
ඔන්න ඔය වගේ දේවල් ටික අපේ මේ කොම්පුටර් ලෝකෙන් ගලව ගන්න පුළුවන් උණා නම් ටොම්කැට් වගේ පිස්සු පූසෙක්,ජේ බොස් වගේ ශ්‍රී බොස් කෙනෙක්, ඩොට් නෙට් වගේ අපේ නෙට් එකක්.. අපිටම කියල මොකක් හරි ෆ්‍රේම් වර්ක් එකක්... මූනුපොත වගේ හෝඩිපොතක් වත් හදා ගන්න අපිටත් පුළුවන් වෙයි.
තව කියන්න දේවල් ඔලුවට එනවා හැබැයි තේරුමක් නෑ... ලොකු කතා කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි... ඊයේ නිදා ගත්තේ කීයටද පැටියෝ කියල ඇහුවහම බොරු කියන්නත් බැරි නිසා දැන් ඇති.

Thursday, June 03, 2010
කාර් වල මිල අඩු වීම - පෙර සහ නව බදු
මේක දකිනකොට සමහර අයට දුක හිතෙයි. සමහර අයට සතුටු හිතෙයි.. ටැක්ස් වල හැටි ඔහොම තමා.
මේක මම හොරකම් කලේ මෙතනින්.
මේකට අනුව 30% විතර කාර් මිල අඩු වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලු... ඉඳලම බලන්න වෙනවා ඉතින්...

Type | Previous Tax | New Tax |
| Diesel cars | 412% | 199% |
| Petrol cars below 1000CC | 186% | 110% |
| Petrol cars 1000-1500CC | 217% | 136% |
| Petrol cars 1500-1600CC | 217% | 136% |
| Petrol cars 1600-2000CC | 290% | 166% |
Subscribe to:
Comments (Atom)