මම ඉන්නෙ සතුටින් ද දුකින් ද කියල හිතාගන්න බෑ...
ඇයි මෙහෙම වෙන්නෙ කියන එක ගැන හිතල බලලම ඇති වෙලා තියෙන්නෙ...
වෙන දේට මුහුණ දෙන්න තීරණේ කළා ඉතින් අන්තිමට... හැමදාම කරනව වගේ...
ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් කිහිපයයි... ලොකූ දුකක් දැනුන දවස් කිහිපයයි පහුගිය සති කිහිපයේදී ගෙවා දැම්මා... (වැඩියෙන්ම දුක් වෙච්ච දවස් නම් ගෙවල ඉවර වෙලා මේ වෙනකොට අවුරුදු 7ක් විතර...)
හැබැයි වැඩියෙන්ම සතුටු වෙච්ච දවස් නම් පහුගිය ටිකේ තිබුණා කියල කියන්න පුළුවන්...
වෙච්ච දේ නම් කියන්න බෑ...
නමුත් අන්තිමට හැමදේම හොඳින් ඉවර වුණා කියල කියන්න පුළුවන්...
හැමදේම හොඳින් ඉවර වෙන්නෙ හැමෝම සතුටු වුණහම ද කියල නම් ඉතින් මම දන්නෙ නෑ... නමුත් අනුන්ගේ සතුට වෙනුවෙන් සමහර දේවල් හොඳින් ඉවර කරන්න පුළුවන්... කරන්න තියෙන්නෙ අපේ හිත පොඩ්ඩක් හදා ගන්න එක විතරයි...
කෙනෙකුගේ සතුට වෙනුවෙන් තවත් කෙනෙකුට දුකක් දෙන්න වෙන එක දරාගන්න හරිම අමාරු දෙයක්...
නමුත් ඇත්තටම ම කරන්න ඕනේ මොනවද කියල හරියට තේරුම් ගත්තහම හිත ටිකක් හදා ගන්න පුළුවන්...
අපි හැමදාම අපිට ඕනේ දේ ලැබෙන කම් ආසාවෙන් බලා ඉන්නවා...ඒ දේ කවදා හරි හිතාගන්න බැරි විදියට,බොහෝම ලස්සන විදියට, ඔය ෆිල්ම් වල තියෙන හරී රොමෑන්ටික් විදියට අපි ලඟට ආවහම... අපිට ඒක අයිති කරගන්න බැරි වෙන එක....අනේ මන්ද...
ලැබුණු දේ අයිති කරගන්නම ඕනේ නෑ නෙ සතුටු වෙන්න... හැමදාම හොයපු දේ ලැබුණනේ කියල සතුටු වෙන්න හිත හදා ගත්තා...
අනිත් එක ජීවිතේ කියන්නෙ අපි හොයන දේම ලබා ගෙන සතුටු වෙන එක නෙවෙයි... ලැබිල තියෙන දේ තියෙන සතුට හොයා ගන්න එක... ඒකත් හරීම රොමෑන්ටික් විදියට කරන්න පුළුවන්...(ටිකක් අමාරුයි තමයි...)
ජීවිතේ කවියක්...
ආදරය එහි සොඳුරුතම වදනක්...
කඳුළැලි බිඳක්...හසරැළි පොදක්...
එකට එක් වූ විට දැනේවී...
පෙර නොවිඳි රසයක්...
AUTOMOTIVE : 2026 ලොව වැඩියෙන්ම විකිණෙන ඉලෙක්ට්‍රික් වාහන 20න් 17ක්ම චීන
-
Global Electric Car Sales - January 2026 to August 2026
1. [image: 🇺🇸] Tesla Model Y: 748,088 2. [image: 🇨🇳] BYD Song / Seal U:
325,091 3. [image: 🇨...
6 hours ago
No comments:
Post a Comment