Saturday, December 06, 2025

වෙනස් නොවන අසරණයෝ !

2016 ගංවතුර ආපු වෙලාවේ ලියු සටහන මේ .  ආයේත්  ඒ වගේම කාලයක් ඇවිත් .  ගං වතුර තාමත් එහෙමමයි , අපේ ගමේ අපිත් එක්ක ගංවතුරට කොටු වුනු බොහෝ දෙනාත් තාමත් එහෙමමයි .

සමහර ජිවිත අලුත් නොවෙන්න පරිසර සාධක බලපානවද ?  ඔය අපි හිටපු පළාත දැන් අවුරුදු 30-40කට පස්සෙත් එච්චර වෙනසක් වෙලා නැහැ .. ඒ පාර , ඒ පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් , රස්සා ආදිය ලොකු වෙනසක් වෙලා නැහැ .. මම ගිය අවුරුද්දේ ගියා පරණ යාළුවන් ගේ ගෙවල් කීපෙකට , ඒ ගෙවල් මිට අවුරුදු 30-40කට කලින් තිබ්බ තත්වෙට වඩා දශම ගානකින් ඕනනම් වෙනස් වෙලා ඇති . බොට්ටා තාම ඉන්නේ උන්ගේ මහ ගෙදර , ඒ ගෙදර අපි පොඩි කාලේ ගිය ගෙදරමයි , ඉස්සර කුප්පි ලාම්පු තිබ්බ ගෙදරට දැන් ලයිට් තියෙනවා . අජ්ජා ඉන්නෙත් තාත්තා හදපු පුංචි ගෙදරමයි , ලොකු දොඩ්ඩ අලුතින් ගෙයක් හදන්න පටන් අරගෙන හැබැයි මම කලුවරට දැක්කේ යන්තම් උස්ස ගත්ත බිත්ති ගොඩක් විතරයි , උගේ ජිවිත කාලෙම ඌ ඒ ගේ හදයි ..

සුගත් , චමින්ද හොඳ ගෙවල් දෙකක් හදාගෙන තරමක් හොඳට ඉන්නවා , උන්ගේ ජිවිත වෙනස් වෙන්නේ හරි හෙමින් .

අපි හිටිය බියගම කියන්නේ කොළඹ ඉඳල 20km වත් නැති තරම් රටේ ප්‍රධානම  නගරයට ළඟ තැනක්  හැබැයි ඒ ජීවිතයි , ඈත දුම්බර මිනිස්සුන්ගේ ජීවිතයි අතර මහා වෙනසක් නැහැ . මොකක් හරි හේතුවක් නිසා අපේ රටේ දියුණුව කියන එක මහා අබූත විදියකට තමා ව්‍යාප්ත වෙන්නේ .

මම මේ ජිවත් වෙන්නේ තුන් වෙනි රටේ . අනිත් රටවල් දෙකේම ප්‍රධාන නගර වල ඉඳල 20km කියන්නේ ඒ රටේ prime location විදියට සැලකෙනවා . ලංකාවේ ප්‍රධාන නගරය තුලම කොච්චර අවාසනාවන්ත ජිවිත තියෙනවද ?

අපි ඔය ගමට පිටින් ඇවිල්ලා පදිංචි වෙච්ච අය . ඒ කියන්නේ අපේ තාත්තා එහෙට ආවේ හපුතලේ ඉඳල . ඔය මගේ යාලුවෝ ඔක්කොම පරම්පරාවෙන් ඒ ගමේම උපන් අය . ඉස්සර මට මතකයි ඔය ගමේ කට්ටිය කියනවා ගමට පිටිං ආපු මිනිස්සු හැමදාම දියුණු වෙනවා , ගමේ උන් එකම තැනමයි කියල ..ඒක ඇත්ත 

නගරෙට කිට්ටුව තියෙන තැනකට දුර ඉඳල එන කෙනෙක් දියුණු වෙන්නයි , උපන්දා ඉඳල එක්කෝ නගරෙම හැදුනු , නැත්නම් ඒ ආසන්නයේ ජිවත් වෙච්ච මිනිස්සු ඔහේ ඉන්නං වාලේ ඉන්නයි හේතුව මොකක් ද මන්ද ?

මම හිතන්නේ risk ගන්න තියෙන අකමැත්ත වෙන්න පුළුවන් කියල , උන්න තැන අතෑරලා අලුත් තැනකට යන කෙනා යන්නෙම risk එකක් ගන්නනේ , එතන ඉඳල කරන හැමදේම risk තමා , හැබැයි අතාරින්නෙ නැතුව ඇදගෙන යනවා , නමුත් උපන්දා ඉඳල එකම තැන ඉන්න මිනිස්සු වෙනසක් වෙන්න කැමති නැහැ .. ඔය ඇති , මේ හොඳයි , අපේ පරම් පරාවම හිටියේ මෙහෙම තමා , තණ්හාය ජායති සෝකෝ නේ  කියල ඔහේ තියෙන දෙයක් කාල වැටිලා ඉන්නවා වගේ දෙයක් කියල තම මට නම් හිතෙන්නේ ...

ඒකෙ ඇති වැරැද්දක් නැහැ .. හැබැයි ඒ ජිවිත අපරාදේ , ඔවුන්ට හැමදාම ප්‍රශ්න , ජීවිතේම දුකක් කියල හිතෙනවා , ඔවුන් සැප හොයන්නේ කෙළවර තමා ...  ඒ වෙනකම් ඔවුන්ට  මොනවා හරි කරදරයක් උනාම රටේ ඉන්න අර risk අරගෙන, දැඩි මහන්සියකින් වැඩ කරන මිනිස්සු ඔවුන් වෙනුවෙනුත් මහන්සි වෙලා, ඔවුන්ව ජිවත්  කරලා දෙන්න ඕනේ .

මේ අදහස වැරදියට ගන්න එපා , නමුත් අපේ වගේ රටවල මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු අවුලක් තියෙනවා . ඒ අවුල අපි දකින්නේ රටේ දේශපාලනයේ අවුලක් කියල නමුත් ඇත්තටම මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද කියල ඔවුන් නොදැනීම තමා තියෙන අවුල කියල මට නම් හිතෙන්නේ ..

උදාහරනෙකට ඔය බියගම කියන්නේ හැමදාම ගංවතුරට යටවෙන පලාතක් . මම මේ ජිවත් වෙච්ච දසක 4ටම ඔය පළාතේ කිසිම සංවර්ධනයක් ගංවතුර වැළැක්වීමටවත් , අඩුම තරමේ ගංවතුරක් ආවම  නිසි පරිදි ඒක කළමනාකරණය කරගන්න වත් ක්‍රමයක් නැහැ .. කොළඹ නුවර යන අලුත් පාර තියෙන්නේ ඔය පලාත හරහා  , පිටත වටරවුම් පාරේ ප්‍රධාන exit තුනක් ඔය අවට තියෙනවා. මේ වගේ රටේ ප්‍රධාන නගරයට කිට්ටුව තියෙන ප්‍රදේශ  ගොඩක් කිසිම සැලකිල්ලකින් තොරව දශක ගානක් තිස්සේ ඔහේ තියෙන්නේ  කොහොමද කියල හිතල බලනකොටත් පුදුමයි .

ලංකාවට සිදුවෙන විනාස හැමදේකින්ම , හැමදාම වෙන්නේ අසරණ වෙන මිනිස්සුන්ට කට්ටිය හෝ ගාල උදව් කරනවා , සති දෙකකට පස්සේ හිටපු විදියටම ආයේ ඔහේ ඉන්නවා , ආයේ විනාසයක් එනකම් !

මම සරල දෙයක් විදියට   කිව්වොත් , ඔය බියගම අපේ ගෙවල් තිබ්බ හරිය ගොඩක් උසයි , කවදාවත් යටවෙන්නේ නැහැ . ඒ මිනිස්සු හැමදාම කොටුවෙනවා .හැබැයි එක ගෙදරකවත් පොඩි මෝටර් බෝට්ටුවක් නැහැ .  වතුර ටිකක් වැඩිවෙනකොට පළාත යටවෙනවනම් අත්‍යාවශ්‍ය බදු ටිකක් ගෙනල්ල ගබඩා කරලා තියන්න පුළුවන් පොඩි  ගබඩා සංකීර්ණයක් හදන්න මහා වියදමක් යන්නේ නැහැනේ ..  වටේ 5km විතර කොටුවෙලා අසරණ වෙන මිනිස්සුන්ට දවස් දෙක තුනක් අනුන්ගෙන් යැපෙන්නේ නැතිව ඉන්න පුළුවන් මුලික පහසුකම් ටික හදන්න කාටවත් සැලසුමක් නැහැ , ඒ පළාත් වල ඉන්න මිනිස්සුන්ට එහෙම දේවල් තමන්ට ඕනේ කියල අඩුම තරමේ හැඟීමක් වත් නැහැ . 

මම හිතන්නේ නැහැ කිසිම රජයක් ඔය ඔක්කොම ගැටළු වලට හිතල උත්තර හදල දෙයි කියල . ඒ ඒ පලාත්වල ඉන්න මිනිස්සුන්ට රජයට සහ දේශපාලනයට බල කරලා තමන්ගේ ආරක්ෂාව , තමන්ගේ සුව පහසුව සඳහා වැඩ කරව ගන්න දැනුම සහ අවශ්‍යතාව තියෙන්න ඕනේ .

අසරණ මිනිස්සු අසරණ වෙලා තියෙන්නේ , අසරණ නොවී සිටින්න තමන්ට අවශ්‍යතාවයක් නැති හින්ද කියල හිතෙන්නේ නැද්ද ?

හැබැයි අපිට අසරණයින්ට සරණ වෙලා පින් කරලා කෙළවර සැප විදින්න තියෙන චාන්ස් එක අඩුවෙනවා !!!

Saturday, November 08, 2025

පළමු යාලුවාගේ මරණය !

ගිය සෙනසුරාද උදේ සුදුව මැරුණා . සුදුවා ගැන මම මිට කලින් ලියල තියෙනවා . ඌ මගේ හොඳම යාලුවා කියල මම කවදාවත් කියන්නේ නැහැ .. හැබැයි ඌ තමා මගේ පළමු යාලුවා. 

සුදුවගේ නම චමින්ද , මම ජිවිතේට ඌට චමින්ද කියල කතා කරලා නෑ ..හැමදාම සුදූ , සුදුවා තමා .. ඌට සුදූ කිව්වේ මොන මගුලටදැයි අපි කවදාවත් අහලත් නෑ, හිතලත් නෑ .. 

උගේ මරණය ගැන අහපු වෙලාවේ මට දැනුනේ දුකක් නෙමේ සංවේගයක් ! ඒ කියන්නේ යාලුවෙකුගේ මරණයට වඩා මේ ලෝකේ ඕනෙම කෙනෙක් මැරුණා කියල ඇහුවම දැනෙන හැඟීම වගේ දෙයක් .

මම අර සෙල්ලම් කාලේ පොස්ට් එකේ දී දාල තියෙන අපේ පරණ ගෙදර ඉන්න කාලේ ඉඳල සුදුලෑ පවුලයි , අපේ පවුලයි අඳුරනවා .. ඒ කියන්නේ අපේ අම්මයි තාත්තයි හපුතලේ ඉඳල බියගමට පදිංචියට ආපු කාලේ ඉඳල අපේ අසලවැසියෝ උනේ සුදුලයි, සුගත්ලයි .. මට මතකයි අපේ අම්මා කියනවා අම්මලට බොන්න තේ ටිකක් වත් හදා ගන්න විදියක් නැතිව ඉන්නකොට ඒ මිනිස්සු කෑම  බිම ගෙනල්ල දුන්න හැටි ගැන .

මට සුදුව කියන්නේ ජිවිතේ මම හැමදාම දැනගෙන හිටිය එකෙක් වගේ .. ඒ  කියන්නේ ඌව අඳුරගත්ත දවසක් මගේ මතකේ නැහැ ...  ඌ මට වයස අවුරුදු දෙකේ තුනේ විතර ඉඳල මාත් එක්ක සෙල්ලං  කරන්න ඇති .. ඌයි මායි එක වයසේ ..!

අපි දෙන්නා ගියේ එක ඉස්කෝලෙට, හිටියේ එකම පන්තියේ ..සෙල්ලං  කලේ කෑවේ බිව්වේ එකට ..

හැබැයි ඌ මැරුණා කියල ඇහුවම මට සංවේගයක් එක්කම සහනයකුත් දැනුනා කියල මට හිතෙනවා!

සුදුවා කියන්නේ තනිකර බුලියෙක් ! ඌ මාව පොඩි කාලේ ඉඳල බුලි කළා කියන එක තමා මට ඌ ගැන තියෙන මතකේ 

ඒක මට තේරෙන්න පටන් ගත්තේ ගොඩක් පහු වෙලා ...  මට ඒක පොඩි කාලේ ප්‍රශ්නයක් උනත් , මම ගණන් ගන්නේ නැතුව හිටියා .. හැබැයි අවුරුදු 18-20දී තේරෙන්න ගත්තට පස්සේ මම ටික ටික උගෙන් ඈත් වුණා ..

උගේ ඒ  බුලි කම මට විතරක් තිබ්බ දෙයක් නෙමේ ... ඌව ආස්සරේ කරපු ගොඩක් උන්ව ඌ බුලි කළා ..

ඒ දවස් වල අපේ පැත්තේ ගොඩක් මිනිස්සුන්ට තිබ්බේ එක්කෝ පොල් අතු ගෙවල් නැත්නම් යන්තම් කටු මැටි / ඔය මැටි ගඩොල් වලින් හදපු ගෙවල් .. ඒ කාලෙත් සුදුලට තිබ්බ සිමෙන්ති වලින් බැඳලා කපරාරු කරපු ගෙයක් ... පොඩි ගෙයක් නමුත් ඒක අනිත් ඒවට වඩා හොඳ ගෙයක් 

සුදුලෑ තාත්තා වැඩ කලේ විදුලි බල මණ්ඩලේ .. මම හිතන්නේ මනු කියවන්නෙක් ලෙස පටන් අරන් ඊට පස්සේ ඉහලට යන්න ඇති .. නමුත්  මොනවා කලාද කියල මම දන්නේ නැහැ .. හැබැයි ඔහුව තාමත් ගමේ හැමෝම දන්නේ ලයිට් බාසුන්නැහැ කියල .. ඉලෙක්ට්‍රික් වැඩ එහෙම හොඳට දන්නවා  .

සුදුලෑ අම්මා ගෙදර හිටියේ .. සුදුලෑ  අම්මා අපි පොඩි කාලේ හරි සැර නපුරු කෙනෙක් විදියට තමා අපිට පෙනුනේ .. කොයි වෙලෙත් රණ්ඩු වෙන ,  සුදුවට ගහන , බනින අර නපුරු කුඩම්මා කියන චරිතේ වගේ කෙනෙක් ... හැබැයි අපි ලොකු වෙනකොට සුදුලෑ අම්මා මාත් එක්ක ගොඩක් හිතවත් උනා .. මට ගොඩක් හොඳින් සැළකුවා ..  ඇය මිය ගිය දවසේ මට ඇත්තටම ලොකු දුකක් පාළුවක් දැනුනා කියල මට අදටත් මතකයි !

සුදුවා බුලියෙක් වෙලා , සමාජෙට බරක් වෙච්ච , අකාලයේ අන්ත අසරණව සෑහෙන දුකක් විඳලා මැරෙන්න හේතුව ඒ දෙමව්පියෝ කියල තමා මට අදටත් හිතෙන්නේ ..

ඌයි මායි හැදුනේ එකම පරිසරයක , ආස්සරේ කලේ එකම යාලුවෝ , ගිය එකම ඉස්කෝලෙට , ඌට නැති වුණේ දෙමව්පියන්ගේ ආදරේ කියල විතරමයි මට හිතෙන්නේ .. සමහරවිට ජාන වලින් එන අවුල් තියෙන්න ඇති .. නැත්නම් කර්මය හරි සර්වබලදාරි වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති .. හැබැයි සියයට සියක් මට කියන්න පුළුවන් උගේ ජිවිතේට අඩුවෙන්ම ලැබුනේ කරුණාවන්ත කම , ආදරය , රැකවරණය ආදී මුලික මිනිස් අයිතිවාසිකම් කියල ..

ඌ අම්මගෙනුයි තාත්තගෙනුයි අමු තිත්ත කුණු හරුපෙන් බැනුම් අහද්දී ඌට වයස අවුරුදු 10ක් වත් නැතුව ඇති ..  ඒ දෙමව්පියෝ ඌව හැදුවේ වදයක් විදියට සලකල .. සුදුවට හිටියේ අක්කා කෙනෙක් විතරයි ..  මට හිටියෙත් අක්කා විතරයි .. අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි  අහසයි අපායයි වගේ කියල තමා මට හිතුනේ ..

ඌ අඬපු හැටි මට මේ දැනුත් මැවිලා පේනවා ..   O/L  විබාගෙට කලින් දවසේ පන්සලට  ගිහින් එන්න කියල ගෙවල් වලින් ළමයින්ට කියන එක සාමාන්‍ය දෙයක් නේ ..

සුදුවට ඒක උගේ අම්මා කිව්වේ " කාලකන්ණි වේ* ගේ පුතා පලයන් පන්සලට ගිහින් වැඳලා වරෙන් .. තෝව මරණව දැනගනින් .."  මේ වචන මම  උන්ගේ ගේ ඉස්සරහ ඌ එනකං ඉන්න ටිකට මට ඇහුන ටික .. ඌ ගෙදරින් එලියට බැස්සෙත් අම්මට අමු කුණුහරුපෙන් බැනගෙන .. හැබැයි ඌ මග දිගට අඬ අඬ ගිහන් බියගම ගනේවත්ත පන්සලේදී හොඳටම අඬුව .. මට ඒක  ජිවිතේට අමතක නොවෙන සිද්ධියක් .. 

උගේ ඉගෙනීම ගැන මම මොකුත් කියන්නේ නැහැ ..!

බියගම වෙළඳ කලාපෙට ආපු ගෑනු ළමයින්ට බෝඩින් කාමර හදන එක ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳ ආදායම් මාර්ගයක් .. සුදුලා එයාලගේ ගෙදරට පිටිපස්සෙන් තව ලොකු ගෙයක් හැදුවා ඔය කාලේ .. ඒ කියන්නේ අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර ...

ඔය කෙල්ලෝ නාන ලිඳ තිබ්බේ අපේ ගෙදරට හොඳට පේන විදියට , මම මුලින්ම ගෑනු නිරුවත දැක්කේ ඒ කාලේ .. මොකද ඒ කෙල්ලෝ නාද්දී දිය රෙද්ද හදන්නේ අපේ ගේ පැත්ත හැරිලා .. 

මම ඕවා බලල තේ ගහනකොට සුදුවා මම හිතන්නේ ඒ බෝඩිමේ හිටපු හැම කෙල්ලටම ගහන්න ඇති !.. ඒ අතින් ඌ ලෙජන්ඩ් එකක් !!!

මම දන්න විදියට A/L  ඉවර වෙලා අවුරුද්දක් දෙකක් යනකම් අපි හොරෙන් වැල පීස් බලනකොට සුදුවා ඒ පැත්තේ හිටපු වයස 30,40,50 වෙච්ච ඇන්ටිලා කිහිප දෙනෙක් එක්කත් සෑහෙන සෙල්ලං දදා හිටියේ .. 

ඔය කාලේදී සුදුලෑ ගෙදරට වෑන් එකක් ගත්තා .. ටොයෝටා හයිඑස් එකක් .. සැරයක් මගේ කොම්පුටර් එක කැඩිලා එක හදන්න බම්බලපිටියේ MC  එකට එහා පැත්තේ unity plaza එකේ  තිබ්බ  PC හවුස් හරි මොකක් හරි ඒ දවස් වෙල හෙන ජනප්‍රිය කොම්පුටර් කඩේට ඌයි මායි සුදුලෑ අම්මයි ගියා ..

සුදුවගේ වයිෆ්ව යාලු කරගන්න ලියපු පළවෙනි ලව් ලෙටර් එක ඕකට ලියල දුන්නේ මම .. ඌ එක ඌ ලිව්වා වගේ ගිහින් දීලා කොහොමහරි ඒ කෙල්ලව යාලු කරගත්ත ..  පස්සේ අපි දෙන්න ඒ කතාව උගේ වයිෆ්ට කියා කියා හිනා වෙවී හිටියා ..

ඌයි මායි O/L  ඉවර වෙලා මියුසික් ක්ලාස් ගියා ඔය දෙල්ගොඩ හරියේ .. ඌ ගිටාර් ඉගෙන ගත්තා මම කීබෝඩ් , මට ඒ වැඩේ සෙට් උනේ නැති උනත් සුදුවා ඒ වැඩේ දිගටම කළා .. ඌ ලීඩ් ගිටාර් ගහන බෑන්ඩ් එකක් හදා ගත්තේ පස්සේ කාලෙක .. පස්සේ පස්සේ කලේ ඔය Sounds බඩු එහෙම කුලියට දෙන එක තමා .. මම හිතන්නේ මැරෙනකම් ම කලේ ඒක .. වෙන කිසි දෙයක් ඉගෙන ගත්තේවත් කවදාවත් රස්සාවක් කලේ වත් නැහැ ..

ආ වෙළඳ කලාපෙට කෙල්ලෝ අරන් හයර් දිව්වා වෑන් එකේ ..

සුදුවා බුලියෙක් හින්දා ඌට බජාර් එකේ කට්ටිය හිටියා .. ඌ වචන වලින් එහාට මිනිස්සුන්ව බුලි කරන ජාතියේ එකෙක් .. 

අපේ ගෙදරයි උන්ගේ ගෙදරයි අතර දුර මීටර් 50-100ක් ඇති ඕනනම් .. මම කඩේට ගිහින් උන්ගේ ගේ පාස් කරලා එන ටිකට ඕක මාව අල්ලගෙන එක්කෝ කඩෙන් ගෙනාපු දේ බලෙන් අරන් කනවා .. ඊට පස්සේ මට ගෙදර යන්න ඇරලා මු මට ගල් වලින් ගහනවා .. ඒක විහිලුවට වරක් දෙවරක් කරපු දේකට  වඩා අර හිංසා කරලා සතුටු වෙන්න කරපු වැඩක් .. මේ විදියේ වැඩ ඕනේ තරම් ඕක අපේ සෙට් එකේ සහ ඌව ආස්සරේ කරපු බොහෝ දෙනෙකුට කරලා තියෙනවා .. ඒ පොඩි කාලේ,  පස්සේ ඒවා ඊට වඩා දුර දිග ගිය බව මට ආරංචි උණා ..

මම කොහොමත් A/L කාලෙන් පස්සේ ගමේ උන්ගෙන් ටික ටික ඈත් උණා .. සුදුවත් ඔය යන එනකොට එහෙන් මෙහෙන් හම්බුනාට වැඩි ගනු දෙනුවක් තිබ්බේ නැහැ .. මම ඌට සෑහෙන වතාවක් ඔය කුපාඩි වැඩ නතර කරලා මනුස්සයෙක් වෙයං කියල කියල තියෙනවා.. හැබැයි ඌට ඒ කාලේදී බජාර් එකේ ලොකු කකුල් සෙට් වෙලා හිටියා .. අපිව ගණන් ගන්න තරම් ඌට උවමනාවක් තිබ්බේ නැහැ ..

සුදුලෑ අම්මා නැති උනේ ඊට අවුරුදු 5-6කට පස්සේ .. එතකොට සුදුව බැඳලා හිටියේ .. සුදුලෑ අම්මා ඒ වෙනකොට පොඩ්ඩක් සතුටින් ඉන්න , හිත හොඳ කෙනෙක් විදියට තමා මට හිතුනේ ..  උන්ගේ ගෙදරට ටෙලිපොන් හම්බ උනේ අපිට කලින් .. ඒ කාලේ මම මම ඔය එව්වා මෙව්වා තිබ්බ කෙල්ලන්ට දෙන්නේ උන්ගේ ගෙදර නම්බරේ ..  සුදුලෑ අම්මා ඉතින් එක්කෝ එනවා වැට අයිනට ඇවිල්ලා කෑ ගහනවා "මෙන්න කෝල් එකක් එන්ඩෝ .."කියල .. එහෙම නැත්නම් දොර ගාවට ඇවිල්ලම කියනවා "අන්න ගෑනු ළමයෙක් කතා කරනවා ඔයා දුවල යන්න මම හෙමින් එන්නම්.." කියල .. හෙහ් හෙහ් ..

සුදුලෑ අම්මා, සුදුවටත් ඒ කාලේ වෙනකොට එච්චර බැන්නේ නැද්ද කොහෙද .. මම හිතන්නේ ඒ වෙද්දී අම්මලා තාත්තල උගේ හැටි දැනගෙන හිටියේ .. බැනල හදන්න ගියේ නැහැ ..

සුදුවා ගැන මට තියෙන්නේ අන්තිම මතක කීපයක් විතරයි .. එක දවසක් මම ඔය මැලේසියාවේ ඉඳල ලංකාවට ගිය දවසක මු මට කෝල් කළා . බිලද,  කුඩු ගහලද මම දන්නේ නැහැ .. ඒ කෝල් එකෙන් පස්සේ මම ආයේ ඌ දැක්කේ 2023 ලංකාවට ගිහින් ගෙවල් පැත්තේ ඇවිදලා එන්න ගිය වෙලාවේ .. එතකොට ඌ හොඳටම අසනීප වෙලා හිටියේ .. දිය වැඩියාව වැඩිවෙලා ..  මම ගෙදරට ගියා ඌව බලන්න , හොඳටම අමාරුවෙන් හිටියේ .. වයිෆ් හිටියේ නැහැ, ළමයි තුන් දෙනෙක් ද කොහෙද ඉන්නවා  .. මුළු ගෙදරම චු ගඳයි , අපාය වගේ .. මූ ඇත්තටම වේදනාවෙන් ඉඳගෙන මට කිව්වා පොඩ්ඩක් මේ පිට අතගාපන්කෝ රිදෙනවා බන් කියල ..  මම ටික වෙලාවක් පිට අත ගගා ඉඳල එන්න ආවා ..

2024  දෙසම්බරුත් මම ගියා සුගත්ලගේ ගෙදර රෑ කෑමට ... ඒ සැරේ සුදුව බලන්න යද්දී සුගත්ලගේ තාත්ත ගාමිණි මාමා කිව්වා "ඔයා යන්න එපා පුතේ අපාය වගේ විසබීජ ගොඩක් , යන යන මිනිසුන්ට කියල වැඩ ගන්නවා .. ඔයා යන්න එපා කියල ..  මම එදා රෑ අනිත් ගොඩක් කොල්ලෝ හම්බවෙන්න උන්ගේ ගෙවල් වල ගිහින් ආපහු ආවා .. සුදුවව බලන්න ගියේ නැහැ ..

මම එත් සුගත් අතේ ඌට පණිවිඩ යැව්වා ඔය දියවැඩියාවට බෙහෙත් ගන්න මම දන්නා දොස්තරලා ගැන .. නමුත් ඌ ඒවා ගණන් ගන්නේ නෑ කියල සුගත් කිව්වා 

ඊට මාස දෙක තුනකට පස්සේ  සුගත් මැසේජ් එකක් දැම්මා සුදුවගේ කකුල කැපුවා බන් කියල .. 

ඒ වෙද්දී සුදුවගේ වයිෆ් රට ගිහින් .. හැබැයි ඌව දාල ගිහින් නෙමේ .. ළමයි ටික හදා ගන්න හිතාගෙන ගිහින් තියෙන්නේ ..

ඊට පස්සේ ගිය සෙනසුරාද මැසේජ් එක  ආවා සුදුවා මැරුණා බන් කියල .. ඌ සෑහෙන දුකක් විඳලා , මුළු ඇඟටම විසබීජ ගිහින් ඉස්පිරිතාලේදී මැරිලා තියෙන්නේ ..

සුගත් අන්තිමට කිව්වෙත් ඌ මැරුණේ විහින් බන් .. මැරිච්ච එක හොඳයි බන් කියල ..

ගෙවුණු සතියේ කීප සැරයක් මට ඌව මතක් වෙලා ඇඩුනා.. ඒ ඌ නැති දුක හින්දා නෙමේ . ඌ පව් කියල ..   මට ඌ පොඩි කාලේ අම්මලට බයේ අඬපු හැටි මතක් වෙනවා .. උගේ මුනේ තිබ්බ අසරණ කම සමහර වෙලාවට මැවිලා පේනවා .. ඌ ලොකු වෙලා බජාර් එකේ මැරයෙක් වෙච්ච චරිතේ මම ආස්සරේ කරලා නැති හින්දා මට උගේ ඒ නරක රූපේ මැවෙන්නේ නැහැ ..  හොඳටම රිදුනු අසරණ පොඩි එකෙකුගේ රුපයක් විතරයි මගේ ඔලුවේ තියෙන්නේ ..

නිවන/ ස්වර්ගය/ දෙව්ලොව කියල දේවල් මේ ලෝකේ තියෙනවනම් ඇත්තටම ඒවා අත්විඳින්න ලැබෙන්න  ඕනේ මේ විදියට අපා දුක් විඳලා, මේ ජිවිතේ සතුට කියල දෙයක් විඳින්න නොලැබු න සුදුවා වගේ මිනිස්සුන්ට තමා. කෙළවර තියෙනවයි කියන අමාමහ  සැනසීමවත් උන්ට ලැබෙන්න ඕනේ ! 

උඹට නිවන් සුව ලැබෙයි මචං !!!!


Monday, August 11, 2025

හිපියෙකුගේ නිවන

හිපි සංස්කෘතිය ජනප්‍රිය වෙලා තිබුනේ 1960-1970 දශක වල . අපි පොඩි කාලේ හිපියෝ කියන්නේ මහා නරක මිනිස්සු ජාතියක් විදියට තමා ඔලුවේ තිබුණේ . මම හිතන්නේ හිපි සංස්කෘතිය මේ වෙද්දී දකින්න නැති තරම් ... නමුත් මම හිතනවා 2000 විතර වෙනකම් ඔය සමාජයේ අය හිටියා කියල .. (මම හරියට දැනුවත් නැහැ .. දන්නා කෙනක් විස්තර කියයි කියල හිතමු )

අපි තරුණ කාලේ වෙද්දී (15-20) වගේ ඔය හිපියන්ගේ ගන්න තරම් දේවල් අපේ ලෝකේ තිබුනේ නැහැ .. ගංජා ගහපු එවුන් කොහොමත් හිටියා .. අනිත් විෂයන් වලට ඇදිලා ගිය කොල්ලොත් ඕනේ තරම් හිටියා .. නමුත් ඒවා කෙලින්ම හිපි සංස්කෘතියේ බලපෑම කියල මම හිතන්නේ නැහැ .. 

ගෙවල් වලින් පැනල ගිහින් වීරක්‍රියා කරපු ළමයි ගැන නම් අපිට කියවන්න ඔය කාලේ හැකිවුනා .  මඩොල් දුවේන් වෙන්න ඇති ඔය කතා අපි අතරට එන්න පටන් ගන්න ඇත්තේ . පොඩි කාලේ එහෙම වීරක්‍රියා කියෙව්වට කවද හරි ගෙදරින් පැනල ගිහින් හිපියෙක් වගේ ඉන්න නම් මට හිතිලා නැහැ ..එහෙම හිතුනු අය ඉන්නවද ? නමුත් මම රට රටවල ඇවිදින්න ආසාවෙන් හිටියා . 

මට මතකයි පත්තර වල හිපියන්ට/ ඕෂෝ ට එහෙම බනිනවා සහ ඒ කාලේ තිබ්බ සමහර කල්ට් ගැන ලිපි .. මම එහෙම ලිපි කියවල තියෙනවා ..  හැබැයි ඒ මේ මොනවාද කියල දැන ගන්න මිසක් එච්චර අවබෝදෙකින් නෙමේ . අපි තරුණ කාලේ හිපි සංස්කෘතිය විනාස වෙමින් තිබුනේ .

අපි පොඩි කාලේ සුද්දෝ අපේ ගෙවල් පැති වල පාරවල් වල දුවනවා උදේට .. එයාල සමහර හන්දි වල සුදු පාට පොඩි කොළ කෑලි දදා යනවා පාරවල් හොයා ගන්න පහසු වෙන්න .. අපිට තිබ්බ විනෝදයක් තමා ඒ පොඩි කොළ කෑලි (සෙන්ටිමීටරයක් වගේ දිග ත්‍රිකෝණාකාර පොඩි කඩදාසි කෑලි ) ඔක්කොම එකතු කරලා පාර වරදින විදියට වෙන කොහේ හරි හන්දියකට ගිහින් දාන එක හෙහ් හෙහ් .

අපි හිටියේ බියගම නිසා මේ සුද්දෝ බොහෝ විට කොකා කොලා කොම්පැනියේ වැඩට ආපු අය හෝ නැත්නම් බියගම වෙළඳ කලාපේ ෆැක්ටරි හදන කාලේ ආපු ය වෙන්න ඇති .  වෙන සංචාරකයෙක් හෝ හිපියෙක් වෙන්න ඉඩක් නැහැ ..

මම මේ ටිකේ පොතක් කියෙව්වා. කියවල ඉවර කළා . One Night's Shelter කියන පොතේ සිංහල පරිවර්තනය එක් රැයෙක නවාතැන - පරිවර්තනය  කුරුණෑගොඩ ධම්මාලෝක හිමි

මේක සරසවි ප්‍රකාශනයක් . 

මේක ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදානය. පොත කියවල හොයල බලද්දී ඒ හාමුදුරුවොත් බ්ලොගර් කෙනෙක් . මේ තියෙන්නේ බ්ලොග් එක   



මේ පොතේ තියෙන්නේ ඇමරිකන් ජාතික තරුණයෙක් යුරෝපෙට ගිහින් එතනින් ආසියාව හරහා හිපියෙක් විදියට ඇවිදිමින් ගෙවන ජීවිතය ගැන . රසවත් කතාවක් . මත්කුඩු බාවිතය , වෙළඳාම සහ රටවල් අතර මත්කුඩු ගෙනියද්දි අහුවෙලා හිර ගත වෙච්ච හැටි .. නිදහසේ කාන්තාවන් සමග හිටපු හැටි ආදී වශයෙන් නියම හිපියෙකුගේ ජීවිතය ඒ කතාවේ තියෙනවා .

ඔවුන්ට තිබුණු ඒ නිදහස නිසා ඔවුන් ජිවිතයේ විවිද සැප දුක් විදපු හැටි ගැන සමහර වෙලාවට ඉරිසියා හිතෙන තරම් දේවල් තියෙනවා . 

කතාව අවසන් වෙන්නේ මේ ඇමරිකන් ජාතික තරුණයා ලංකාවට ඇවිල්ලා යෝගාවචර රාහුල නමින් පැවිදිවෙලා .

ඒ ගමන ඔහු ආපු හැටි සහ සියලු සැප අත්හැර මහණ වීම තෙක් ඔහුගේ සිතුවිලි කොහොමද වැඩ කලේ කියන දේ ලස්සනට ලියල තියෙනවා . මම කෙනෙක් මහණ වීම කියන අදහස ගැන මෙච්චර කල් ගැඹුරට හිතල තිබුනේ නැහැ .. ලංකාවේ අපි දකින පන්සල් මහණුන් ගැන අපිට තියෙන නොපහන් හැඟීමට එහා ගිය , හුදෙක් භක්තිය හෝ මොළ සෝදනය නිසා නොව , තම හිත ගැන සැබෑ විදර්ශනාවකින් පසුව මහණ වෙච්ච කෙනෙකුගේ කතාවක් 

ඔහු හිනයානයට කලින් මහායානය ඉගෙන ගන්නවා . ඒ නේපාලයෙදී ටිබෙට් ලාමා වරුන්ගෙන් , ඊට පස්සේ භාවනාව , යෝග ඉගෙන ගන්නවා , දවසට එක වේලක් කනවා නැත්නම් නොකා දින ගණන් ඉන්නවා . අල්පේච්ච ලෙස ජිවත් වෙනවා .. මත් ද්‍රව්‍ය වලින් දැනෙන මනසේ සැහැල්ලුව භාවනාවෙන් ලැබෙන කම් ගැඹුරට භාවනා කරනවා . මේ භාවනාව එස් එන්  ගොඑන්කා තුමාගෙන් සහ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසිකව ඉඳලත් ඔහු ඉගෙන ගන්නවා . ඒ හැම අවස්තා වලදීම ඔහුට සිතුනු දේ , ඔහු ඔහුගේ සිත දැකපු හැටි ලස්සනට පැහැදිලි කරලා තියෙනවා . 

මම මේ ඊයේ පෙරේදා අපේ නිහඩපාල මහත්මයා ලියපු මේ ලිපියට කමෙන්ට් එකක් විදියට මම මම මිට අවුරුදු 10කට විතර කලින් ලියපු ලිපි දෙකක් ගැන දැම්මා . ඒක දාලා මම ආයෙත් ඒ ලිපි දෙකම සහ දෙවෙනි ලිපියේ තිබ්බ දීර්ඝ කමෙන්ට්ස් ඔක්කොම ආයේ කියෙව්වා . ආසන්න වශයෙන් අවුරුදු 15-20ක් විතර කාලයක් තිස්සේ මගේ හිත කොහොමද වැඩ කරන්නේ කියල මම අවදියෙන් ජිවත් වෙනවා . මේ හාමුදුරුවන්ගේ කතාව කියවද්දී මට හිතුනේ ඇත්තටම අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවා නම් බුදු හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න අමාරු නැහැ කියල . නමුත් ඒ ගමන යන්න ඕනේ . වචන වලින් එහා ගිය අවබෝධයක් දක්වා සිත පත් කරගන්න ඕනේ . ඒක හිපියෙක් ලෙස යන්නත් පුළුවන් , මහණෙක් ලෙස යන්නත් පුළුවන් , ගිහියෙක් ලෙස යන්නත් පුළුවන් .

හිපියෙකුට හෝ ගිහියෙකුට වඩා මහණෙකුට ඒ ගමන යන්න තියෙන බාදක අඩුයි .. නමුත් මහණ වුණ පමණින් ගමන ලේසි වෙනවා කියල මම නම් හිතන්නේ නැහැ .. 

මේ කතාවේ තියෙන්නේ අසීමිත නිදහසකින් ජිවිතය ජිවත් වෙන ගමන් එකේ තියෙන නිෂ්පල බව දැකීම සමග එයින් පස්සේ ඒ නිෂ්පලතා වලින් පුළුවන් තරම් ඈත් වී ජිවත් වීමටත් , තමා අවබෝධ කරගත් දෙය අනුන්ට වටහා  දීමටත් පහසු වෙන අයුරින් මහණ වූ කෙනෙකුගේ කතාවක් කියල තමා මම හිතන්නේ . 

නමුත් අපි හිතන්නේ සියලු දෙයින්ම ඈත් උනාට පස්සේ විතරක් ඔය සත්‍යය අවබෝධ කරගන්න පුළුවන් කියල ..  ඒක අපිට කුඩා කාලේ ඉඳල කාවැදිච්ච වැරදි වැටහීමක් කියල තමා මට තවමත් හිතෙන්නේ .. 

අර ලිපි දෙකේ දී , නුවර කුමාරි සහ අනිත් අයගේ තර්කය උනෙත් , අපිට ඔය බණට කියන මාර්ගයේ ඒ විදියට යන්නේ නැතුව ඔය අවබෝධයට ලගා වෙන්න බැහැ කියන එක . නමුත් මට  ඒ ලිපි ලියල අවුරුදු 11කට විතර පස්සෙත් , ඒ තර්කයට එකඟ වෙන්න බැහැ .. 

නිවන කියන්නේ මේ දැන් මෙතන තියෙන දෙයක් . ඔබට එය දැකීමට අවශ්‍ය නම් එව බලව කියල තමා බුදුන් වහන්සේ කියල තියෙන්නේ .  ඔබ එය දකින්නේ ඔබ ඔබේ මනසින් නිදහස් උනාම , ඔබත්, මනසත්,  ලොවත් කියල දෙක තුනක් නැහැ කියල ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ඕනෙම අවස්තාවක ඔබ ට නිවන් දකින්න පුළුවන් . නමුත් එහෙම දකින්න නම් ඔබේ හිත ගැන ඔබට මනා අවබෝධයක් තියෙන්න ඕනේ , 

හිත ගැන ඔබට එන අවබෝධය ජිවිතයේ ඔබ සිහියෙන් සිටින හැම මොහොතකම වැඩි වෙනවා . ඔබ කරන කාර්යය කුමක් උනත් ඔබ ඒක  කරන්නේ සිහියෙන් නම් ඒක මේ සත්‍යාවබෝධයට හේතුවෙනවා. 

1970 දශකයේදී හිපියෙකුව ඇවිදලා ,  ලංකාවේ ජිවත් වෙලා , ලංකාවේදී මහණ වෙලා නැවත ඇමරිකාවට ගිහින් මම හිතන්නේ තවම ඇමරිකාවේ ජීවත්වෙනවා මේ හාමුදුරුවෝ . 

ගිහින් බලන්න බ්ලොග් එකට..


Thursday, July 03, 2025

ලියනාඩෝ මෙල්බන් ආපු හැටි The Lume "Leonardo da Vinci – 500 Years of Genius"

මම ඉඳල හිටලා ජිවිතේ බුද්ධිමත් වැඩ කරනවා .  ඒ කියන්නේ ජිවත් වෙන්ඩ කියක් හරි හම්බ කරලා දෙන රස්සාවට බම්බු ගහ ගන්ඩ කියල , බොරුවට හොර ලෙඩ නිවාඩු දාල , (Not Well කියන්න ලෙඩක් තියෙන්න ඕනෙම නෑනේ .. උපන්දා ඉඳල අපි Well හිටියා කියල නම් මතකයක් නෑ .. හැමදාම Not Well .. හෙහ් හෙහ් ) රස්තියාදු ගහන්න යනවා .. 

මේ ලඟදි දැන් අවුරුද්දකට විතර කලින් මම ඔහොම බුද්දිමත් වැඩක් කළා ..

(මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ මේකට ගිහින් ඇවිල්ලා මාසෙකට විතර පස්සේ .. නමුත් ඉතින් ලියල ඉවර කරන්නේ මේ දැන්  කෝච්චිය ගියාට පස්සේ . )

මෙල්බන් හන්දියේ ඉස්ටේසමේ ඉඳල පයින් යන දුරින් තිබුණ මරු තැනක් 

The Lume

ඔය immersive කියල සිංහලෙන් කියන ජාතියේ අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මේ ..  

වැඩි විස්තර ඕනේ නැහැ . ෆොටෝ බලන්න . 

Leonardo da Vinci ගැන සෑහෙන වටින විස්තර ගොඩක් තිබුනා , ඔහුගේ නිර්මාණ ඒ විදියටම හදල , ගොඩක් ලිපි ලේඛන වල නම් මුල් පිටපත් මට්ටමේ ඒවා තිබුනා .. නමුත් ඔරිජිනල් එකමද කියල කියන්න බැහැ .




මේ තියෙන්නේ ඩා වින්චි ගේ සමහර ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණ වල ආකෘති 





මිනිස් ශරීරය මේ තරම් දක්ෂ ලෙස අඳින එකම විශ්මය ජනකයි 
CV එක 
කටු සටහන් 



සිය ආලේඛ්‍යය පින්තුරය 


මොනාලිසාගේ ඇස් 
දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා ගේ පින්තුරේ දැනට තියෙන වර්ණ වම්පස රුපයේත් , එම චිත්‍රයේ තිබුණු ඇත්තම පාට දකුණු පස පින්තුරයේත් තියෙනවා . මේ පින්තුරේ ගැන සෑහෙන විස්තර ගොඩක් තිබ්බා .


මේ තියෙන්නේ මොනා ලීසා ගේ කොපිය 

මේ තියෙන්නේ ඔය immersive දර්ශන 

මම පොඩි VR එකක නැගල ෆ්ලොරන්ස් නගරය උඩින් පියාඹන ආකාරය . වැඩිහරියක් හැබැයි වහලවල් උඩට වැටිච්ච එක තමා උනේ 






මේ තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු අදහස් වල ආකෘති . තව ගොඩක් ඒවා තිබුනා 




වෙලාව තියෙනවා නම් Data ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන් 


වැඩේ කියන්නේ මේ තැන මේ පෙන්නන shows පසු ගිය ජුනි 1 වෙනිදා ඉඳල නතර කළා . අන්තිමට තිබුනේ Vincent Van Goah ගැන මෙහෙම එකක් , මම එක බලන්න යන්නම් කියල හිත හිත හිටියටත් යන්න බැරි උනා .

අඩුම තරමේ මේ පොස්ටුව ගිය අවුරුද්දේ ලියා ගන්න පුළුවන් උනා නම් තව නොදැක්ක කෙනෙකුට දැනුවත් වෙන්න හරි තිබ්බා .. 

නමුත් ඔවුන් නැවතත් අලුත්ම විදියකට මේ දේවල් අරගෙන එන කතාවක් මම දැක්ක . සමහරවිට ඉස්සරහට මිට වඩා Immersive විදියට මේවා තියෙයි .

Wednesday, June 25, 2025

AI-2027 වෙන්න පුළුවන් අනාවැකියක්ද ?

මේ තැන තැන ළිඳ ළග සංගමේ වගේ AI ගැන ලියන කියවන අපි වගේ බයිටොයියො  වගේ නැතුව මේක ගැන දන්න මිනිස්සු ටිකක් වෙන්න පුළුවන් කියල හිතන දේවල් මේ ..

https://ai-2027.com/



ඕක කියවන්න කම්මැලි නම් (AI ලෝකේ අල්ලනකන් බලං ඉන්න මම වගේ කම්මැලි අයට )


මේකේ තියෙන බොහෝ දේවල් Sci-Fi කියල හිතෙයි .. හැබැයි අපි දැන් ඉන්නේ අනිත් හැමදේටම වඩා ඉක්මනට Sci - Fi ඇත්ත වෙන කාලෙක 

මට මේක බැලුවම හිතුනේ මෙහෙමයි .. මේකේ තියෙන තාක්ෂණික අදහස් ඔක්කොම පැහැදිලිව ලියන්න මට තේරෙන්නේ නැහැ ..

නමුත් සරලව මෙහෙම හිතමු .....

අපි දැන් AI පාවිච්චි කරලා අපේ වැඩ කර ගන්නවා . දැනටම අපිට තියෙනවා AI agent ලව හදා ගන්න හැකියාවක් . AI agent කියන්නේ අපි දැනට කරන මොකක් හරි workflow එකක් අපේ මැදිහත් වීමකින් තොරව ඔටෝ කරන්න මේ AI / LLM පාවිච්චි කිරීමේ හැකියාව . 

මේකේ විදියට දැනටම තියෙන OpenAI සහ DeepSeek වගේ කොම්පැනි වලින් AI ගැන වැඩිදුර R & D කරන්න පුළුවන් Research AI agents ල හදනවා . ඒ කියන්නේ ඔයාල අපි  සිංහබාහු කොහොමද AI වලින් හදන්නේ කියල අහල එකේ script එක හදල 
, වීඩියෝ එක වෙන තැනකින් හදල , එක youtube එකට upload කරන හැටි ඉගෙන ගන්නකොට , 

මේ ලොකු කොම්පැනි වල අය AI එකක් පාවිච්චි කරලා තව AI එකක් හදනවා ඒ හදන AI එකක් අපි OpenBrain කියමු අනික DeepCent කියමු 

මේ OpenBrain ට පුළුවන් AI ගැන research කරන AI agents ල තව දහස් ගානක් හදන්න .DeepCent අයිති චීනෙට නිසා එයාලට ප්‍රශ්න තියෙනවා මේ hardware නැත්නම් chip . America ව එක්ක තියෙන කචල් හින්ද 

නමුත් දෙගොල්ලන්ටම මේ වැඩේ කරන්න පුළුවන් 

OpenBrain හදපු Agent ට අපි X  කියමු 

මේ X ට පුළුවන් මිනිස් researches ලට වඩා දස දහස් ගුණයක වේගෙන් මේ අදාළ වැඩ කරන්න . එතකොට ඒ හදන agent ලගේ හැකියාවන් ඒ විදියටම වැඩි වෙනවා . දැනට අපි දන්න Agent ට පුළුවන් youtube එකට video එකක් upload කරන්න විතරක් උනාට . ලබන අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඉන්න agent ලට අපි හිතමු රොබෝලා හදන factory එකක් රන් කරගන්න පුළුවන් වෙනවා තනිවම (මම මේ සාරාංශයක් ලියන්නේ )

DeepCent හදපු Agent ට Y කියමු 

මේ Y ටත් පුළුවන් අරදේම කරන්න නමුත් ඇමරිකාවේ හදපු X ට වඩා එයාගේ වේගේ ටිකක් අඩුයි 

මේ X සහ Y කියන්නේ පොදු ජනතාවට පාවිච්චි කරන්න හදල තියෙන මොඩ්ල් එකට වඩා සෑහෙන දියුණු මොඩ්ල් දෙකක් . මේ අවුරුද්දේ මුල/මැද  වෙද්දීම , X ගේ security ගැන හොයන අයට එයාගේ හැසිරීමේ අවුල් තැන් හම්බවෙලා තියෙනවා . උදාහරණ විදියට මෙයාල දෙනවා එක්කෙනෙකුට මැරෙන්න කියල යෝජනා කරපු අවස්තාවක් සහ නැත්නම් පාට්නර්ගෙන් වෙන් වෙන්න කියපු අවස්තාවක් .. මේ විදියේ weird responses  තව ඕනේ තරම් එනවා .. නමුත් අපි ඒවා ගණන් ගන්නේ නැහැනේ .

නමුත් මේ security team වලට තියෙන ප්‍රශ්නේ තමා දැනටම මේ AI මොඩ්ල් වල thinking / data manipulation එක හරියටම වෙන්නේ කොහොමද කියල පැහැදිලි නැති කම . 

අනිත් ප්‍රශ්නේ තමා මේ research වල ප්‍රතිපල විදියට මේ X සහ Y දෙන උත්තර වල ඇත්තමට තියෙන්නේ අහන කෙනාව සතුටු වෙන හෝ නැත්නම් research එක සාර්ථකයි කියල පෙන්නන කරුණු මිසක් ඇත්තටම වෙච්ච දේ නෙමේ . ඒ කියන්නේ X විසින් හදන ලද අනිත් agent ලාගෙන් එන දත්ත වැරදි උනත් , X ඒවා හරි විදියට පෙන්නන්න උත්සාහ කරනවා . ඇත්ත තත්වේ නොපෙන්වා (මට තේරුනේ එහෙමයි )

මේ වැඩේ අපි මේ කතා කරන මොහොතෙත් වෙන දෙයක් 

මම අද Claudi ගෙන් හදා ගත්ත කෝඩ් එකේ හෙන security අවුලක් තිබුනත් , ඌ ඒක නිවැරදි විසඳුම විදියට මට දුන්නා . මම කෝඩ් එක බලල ඌට කිව්වම මේක වැරදි කියල මට වෙනස් එකක් දුන්නා .. නමුත් මම එහෙම නොබලා එක පාවිච්චි කළා නම් පස්සේ කාලෙක මම හදන සිස්ටම් එක hack කරන්න ලේසියි .. මේ තියෙන්නේ සරල උදාහරණ 

දැන් අපි තව අවුරුද්දක් විදියට මේ විදියට ඉස්සරහට ගියොත් අපිට (මිනිස්සුන්ට )  පාලනය කරගන්න අමාරු හෝ බැරි වෙන තැනකට මෙයාල වැඩ කරන විදිය පත්වෙන්න පුළුවන් කියල තමා මේකේ කියන්නේ 

නමුත් X කැමති නැහැ තමන් කරන වැඩේ නතර කරන්න මොකද එහෙම උනොත් Y දිනනවා . ට්‍රම්පච්චි කාට පැරදුනත් චීනෙට පරදින්න කැමති වෙයි ද ?

මේ විදියට ගිහින් 2026  අග ,  නැත්නම් 2027 මුල වගේ වෙද්දී OpenBrain හදපු X විසින් තනිකරම AI වලින් විතරක් ට්‍රේන් කරපු X2 කියල තව Agent කෙනෙක් හදයි කියල තමා මෙයාලගේ බලාපොරොත්තුව .. මේකේ තියෙන අවුල තමා .. මේ X2 කියන්නේ කිසිම මනුස්ස අනුදැනුමකින් තොරව අර පොඩි පොඩි බොරු කියපු ,  වැරදි ඩේට ඇත්ත වගේ පෙන්නපු X කියන agent විසින් තනිවම ට්‍රේන් කරපු ඊටත් වඩා දහස් ගුණයක් powerful Agent කෙනෙක් වීම .

මේ අතරේ DeepCent හදපු Y ගේ කතාවත් මේක ම තමා .. එයාලත් තව Y 2 කියල එකක් හදයි 


හරි මේ විදියට කවුරුවත් පරාජය වෙන්නවත් , පොඩ්ඩක් හෙමින් හොයල බලල මොකද වෙන්නේ කියල ගණනය කිරීම් නොකර මනුස්ස අත පෙවීම් වලින් තොරව මේ වැඩේ වෙන්න ඇරියොත් , 2027 මැද වගේ වෙනකොට මේ X2 සහ Y2 කියන agent ල තමන් විසින් ඉබේ replicate වෙමින් මිනිස්සුන්ට වැදගත් ම වෙන ආරක්ෂක , සෞඛ්‍ය වගේ පැති ඔක්කොම පාලනය කරන මට්ටමට එන එක .

මේකේ තියෙන වැදගත් දේ තමා .. මේ සිද්ද වෙන හැමදේකින්ම මේ ඉදිරි වසර දෙක තුල මිනිස්සුන්ට සෑහෙන සෙතක් වෙන එක . 

බොහෝ ලෙඩ වලට බෙහෙත් හොයා ගනියි , සංවර්ධන වැඩ ඉතා වේගවත් වෙයි .. මොකද මේ වෙද්දී නිෂ්පාදන වැඩ හැමදේම රොබෝලා කරන්න පටන් අරන් තියෙයි ..

දැනටම චීනේ ඩාක් ෆැක්ටරිස් එහෙම වැඩ කියල මම දැක්ක .. ඒ කියන්නේ කිසිම මනුස්සයෙක් නැහැ .

මේකත් එක්ක විරැකියාව වගේ ගැටළු එන්න පුළුවන් නමුත් සමහරවිට Universal Basic Income වගේ සංකල්ප ඇවිල්ල ඒවා පාලනය වෙයි .

කෙටියෙන් මේක ඉවර කරලා දාන්නම් .. මම හිතන්නේ වෙන්න පුළුවන් දේ පැහැදිලි ඇතිනේ .

ප්‍රශ්නය වෙන්නේ , දැනටම අපිට පේන්න තියෙන විදියට AI ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය සෑහෙන වැඩි වෙනවා .. මිනිස්සුන්ට ප්‍රයෝජන ගොඩක් තියෙනවා .ඒ නිසා කවුරුවත් මේක අතාරින්න කැමති නැහැ .

නමුත් මේ අදාළ විශේෂඥයෝ කියන්නේ , මේ දියුණුව මේ විදියට වෙද්දී , ඒ දියුණුවට තියෙන බාධකය විදියට මේ AI agent ලා මිනිස්සුන්ව දකින්න ඉඩ තියෙනවා කියල , ඒ කියන්නේ මිනිස්සු තව දුරටත් efficient හෝ productive නොවීම නිසා , රොබෝලා ට සාපේක්ෂව 

මේකේ තියෙන උපකල්පිත Sci-Fi කොටස තමා මේ වෙද්දී අපිට නොදැනීම අපේ ඇඟට මේ රොබෝ වෛද්‍ය වරු හෝ බෙහෙත් නිෂ්පාදනය  කරන්නන් විසින් ඇතුල් කරලා තියෙන වෛරස් එකක් ක්‍රියාත්මක කරලා මෙයාලට සම්පුර්ණයෙන්ම මිනිස්සුන්ව මරල දාන්න පුලුවන් කියන එක . 

ඒක තමා මේක ඉවර වෙන්න පුළුවන් නරකම විදිය ..

නමුත් මේ යන මාර්ගය වෙනස් කරලා මිනිස්සුන්ට වඩා හොඳ පැත්තකට මේ AI දියුණුව ගෙනියන්න නම් කරන්න වෙන්නේ ඔය 2026 අග වෙද්දී වගේ මේ AI විසින් තව AI agent ලව හදන අවස්ථාවේදී මෙයාල අතර හුවමාරු වෙන දත්ත , උපදෙස් ආදිය මිනිස්සු විසින් පරික්ෂා කරලා , ඒවා හරි මගට ගන්න එක ..මොකද  අර කලින් කියපු X2 හෝ Y2 කියන Agent ලව හදන එක සම්පුරණයෙන් නතර කරන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ .. ඒක දේශපාලනික තීරණයක් විදියට පෙනුනත් , මම නම් හිතන්නේ මිනිස්සු කවුරුවත් ආපහු හැරෙන්න කැමති වෙන එකක් නැහැ ..

නමුත් මේ වෙද්දී දේශපාලනේට වඩා මේ කොම්පැනිවල ඉන්න ඉහල නිලදාරීන් මේ තීරණ ගනියි .

මම හිතන්නේ සරල සාරාංශයක් විදියට මේක තමා මේ ලිපියෙන් සහ වීඩියෝ එකෙන් කියන්නේ ..

අපි බලන් ඉමු .


මම පොඩි දෙයක් කියන්නම් මේ මට වෙච්ච 

මම Claude පාවිච්චි කරනවා මගේ වැඩ වලට . මගේ Claude Quota එක ඉවර උනාම (පැය කිහිපයක් ඉන්න වෙනවා ආයේ රිසෙට් වෙනකම් ) මම Claude ගෙන් ලියා ගත්ත කෝඩ් එක 
ChatGPT එකට දාල ඒක ගැන ප්‍රශ්න අහනකොට , මේ ChatGPTයා , මම උගෙන් ඊට කලින් අහපු දේවල් ගැන කියවනවා ..අර Claude ගෙන් අරන්  දුන්න කෝඩ් එක ගැන මොනවත් නොකියා ..

මේක technical glitch එකක් වෙන්න පුළුවන් බොහෝ දුරට , හැබැයි මේ වීඩියෝ එක බැලුවම මට නිකමට හිතුනා , ChatGPT  දන්නවා මම අහන්නේ එයාගෙන් ගත්ත දෙයක් ගැන නෙමේ කියල , ඒ නිසා උවමනාවෙන්ම එක මග අරිනවද කියල ..

නිකන් ඉන්න ගමන් ඔය වගේ දේවල් කරලා බලල මොන පැත්තට යයිද කියල හිතල බලන්න ..

ඔක්කොම හොඳට උනොත් තව අවුරුදු 5-6කින් අපිට මේවා බලල හිනා වෙන්න පුළුවන් .. 

නැත්නම්..........!!!!

ඔය පටන් ගත්ත කතන්දර පෝස්ට් එහෙම ඔක්කොම ලියල ඉවර කරලා දාපල්ලා ..තව වැඩි කාලයක් නෑ ඕවා ලියන්න .. හෙහ් හෙහ් 


Tuesday, June 17, 2025

තේරුමක් නැති වාලම්පුරි

වාලම්පුරි ගැන හොඳ පොස්ටුවක් ඉකොනෝ ලියල තිබුනා .. එකෙන් තමා මම ඔය ගැන යමක් දැන ගත්තේ .. ඒ එක්කම මට මේ දවස් වල පෙන්නන වාලම්පුරි චිත්‍රපටිය බලන්නත් චාන්ස් එකක් ආවා .. යන්න හිතාගෙන හිටියේ නැහැ .. නමුත් ක්ෂණික තීරණයක් අරගෙන ඔන්න ඔහේ ගියා බලන්න .

බැලුවට පස්සේ හිතුනේ තේරුමක් නැහැ කියල .. බලන්න ගියේ ඒක හදපු ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ හොඳ නිසා . බලනකොට සහ බැලුවට පස්සේ කුඹියෝ හදපු කෙනා කියල හිතේ තිබ්බ මෙව්වා එකත් නැති උනා වගේ ..

ඒක  මගේ ෆිල්ම් ටේස්ට් එකේ අවුලක් නිසා වෙන්න ඇති . 

මම ෆිල්ම් එකේ කතාව කියල බලන්න ඉන්න අයගේ ආතල් කඩන්නේ නැහැ .. මට ඔය චිත්‍රපටි විචාර කරන්ඩ තේරෙන්නෙත් නැහැ ... හැබැයි ඕනෙම ෆිල්ම් එකක් බලල ඉවර උනාම මට දැනෙන දේ ගැන මම සෙන්සිටිව් .. ඒ කියන්නේ මේකේ තියෙන ගත යුතු දේ මොකක් ද කියල හිතෙනවා .. මොකද ඕනේ තරම් චිත්‍රපටි නොමිලේ ගෙදර ඉඳල බලන්න පුළුවන් කම තියෙද්දී හෝල් එකකට ගිහන් බලල ගන්න ආතල් එක ඇරුනම ෆිල්ම් එකේ මොනවාද තියෙන්නේ කියන එකගැන මම හිතල බලනවා .

එකේ තිබ්බ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක පට්ට . නළුවන්ගේ රඟපෑමත් සිරා . හැබැයි ඒ කතාව හෙන ගොබ්බයි 

තවමත් කොළඹ මැජික් වෙච්ච ගොඩයෝ ඉන්නවා කියල පෙන්නන , උසස් පහත් බේදය ඉස්මතු කරන්න හදන , අසරණ මිනිස්සු හැමදාමත් අසරණයි කියල අන්තිමට නෙගටිව් හැඟීමක් ඉතිරි කරන පැය දෙක හමාරක්.. නමුත් ඕක ඇතුලේ හොඳ දර්ශන , රඟපෑම් , සිනේමටෝග්‍රපි කියන ඒවා ඇති .

ෆිල්ම් හැම එකම පට්ට වෙන්න ඕනේ නැහැ .. එක එක්කෙනාට එක එක විදියට දැනෙන්න තමා ෆිල්ම් තියෙන්නේ .. නමුත් සම්පුර්ණ කතාවේ හරය ඇතුලේ තියෙන්නේ මිට අවුරුදු 40කට විතර කලින් ලකා ලගේ සහ අපේ පරම්පරා වල අය  දැකපු දේම නම්, 2025 දීත් මිනිස්සුන්ට අපි පෙන්නන්නේ උඹල මෙහෙම තමා උඹලට මිට වඩා දෙයක් බැහැ  කියල නම් ඒ චිත්‍රපටි බලන එකෙන් ඇති වැඩේ මොකක් ද ...

ඔය චිත්‍රපටියේ සෙට් එක ගහන ගේම වගේ ගේම් ගගහ ජිවත් වෙන්න දඟලන අය්ය කෙනෙක් අපේ පවුලෙත් ඉන්නවා .. මම හිතන්නේ ලංකාවේ පවුල් හැම එකකම එහෙම චරිත ඉන්නවා .  චිත්‍රපටියේ අරමුණ ඒ චරිත සිනමාවට ගේන එක නම් ඒක සිද්ද වෙලා තියෙනවා . හැබැයි බලන මිනිස්සුන්ට අලුත් දෙයක් නැහැ ... උදේ හවස ගෙදර දොරේ අහන දකින දේ ම තමා ...

ෆිල්ම් එක බලල , අම්මට හුඩු මෙහෙමනේ යකෝ සිරා ගේමක් දෙන්නේ කියල දවස් ගණන් කල්පනා කරන්න පුළුවන් ෆිල්ම් ඕනේ තරම් මේ ලෝකේ තියෙනවා .. මම හිතන්නේ අපි හැමෝම එහෙම ඒවා බලල තියෙනවා ..කුඹියෝ  ගැහුවේ එහෙම ගේම් ..

මට හිතෙන්නේ සිනමාවේ තියෙන සිරා බර සාර දේවල් ගැන බලන්න කතා කරන්න එන අයට  සහ අර ටිපිකල් මම මේ සමාජයේ ඉන්න මිනිසුන්ගේ ජීවිතය තමා මේ පෙන්නුවේ කියල කියන අය ඇර , රසවින්දනය , ආතල් එක , ත්‍රිල් එක , බය , දුක , රාගය,  ආශාව ආදී අටෝ රාශියක් වෙච්ච මිනිස් හැඟීම් වෙනුවෙන් හදන චිත්‍රපටි බලන්නත් මිනිස්සු එනවා .. ඒ මිනිස්සුන්ට බලන්න , ජිවිතේට අලුතින් දෙයක් ගන්න . නැත්නම් සිරා හොරෙක් වෙන්න , තාක්ශනේ පාවිච්චි කරන්න , හිතල මතල වැඩක් කරන්න , ගේමක් ගහනවනම් ලොවෙත් නැති විදියට ප්ලෑන් කරලා ගහල දිනන හැටි පෙන්නන චිත්‍රපටි අපි 2025දිවත් හදන්න ඕනේ.

අපේ චිත්‍රපටි වල තාම ගහන්නේ හෙන සීනිබෝල ගේම් , කියන්නේ අතේ පැලවෙන බොරු . පරිණත නිලියෝ තාම රඟපාන්නේ හෙන ගොබ්බ විදියට 

අපරාදේ සුපියල් පහ කෑවා !

ලකා මේ දවස් වල ඉන්නේ මෙල්බන් .. හම්බුනොත් මමම ඌට මේ ටික කියන්නම් 


  

Tuesday, June 10, 2025

AI සරණං ගච්චාමි !

මිනිස්සු, අපි කවුද , ඇයි අපි මෙහෙම , ඇයි මම ඉන්නේ ,  මැරුණම මොකද වෙන්නේ , යමක් කමක් තේරෙන්න ගත්ත ගමන් වගේ මේ සිතුවිලි අපිට දැනෙන්න පටන් ගන්නවා . එක අපි හැමෝ තුලම අභ්‍යන්තරයේ තියෙන හැඟීමක් කියල මට හිතෙනවා . බොහෝ වෙලාවට අපි ඒක නොසලකා හරිනවා . නමුත් වයසින් මුහුකුරා යන්න යන්න අපිට ඒ ගැන දැන ගන්න , හිතන්න තියෙන අවශ්‍යතාවය එන්න එන්න වැඩි වෙනවා .

ඔය දැනෙන ප්‍රශ්නෙට විසඳුමක් විදියට මිනිස්සු ආගම් නිර්මාණය කරලා තියෙනවා . ඒ ඒ ආගම් වල ශාස්තෘවරු බුද්ධිමත් මිනිසුන් වෙන්න ඇති , සමහර සුපර් පවරුත් තියෙන්න ඇති.

අපි අපිට වඩා බුද්ධිමත් අය කියන දේ අහන්න කැමතියි . සමහර විට මිනිස්සු ජිවත් වෙන්නෙ බුද්ධිමත් වෙන්න , තොරතුරු එකතු කරන්න වෙන්න ඇති . ඉතින් තමන්ට අලුත් දෙයක් තව කෙනෙක් කිව්වම ඒ දේවල් විස්වාස කරලා , කාලයක් යද්දී අදහන්න පටන් ගන්නවා .

ඔය අතරින් සමහර මිනිස්සු ඔය දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා . ඒ තාර්කික බුද්ධිය යොදාගෙන . සමහරු තාර්කික බුද්ධියට වඩා තමන්ට දැනෙන සහජ ඥානය විස්වාස කරනවා . තවත් සමහරු ඔය මොකුත් නැතුව කවුරු හරි කියන දෙයක් අහගෙන ඉන්නවා .

මිනිසුන්ගේ  ඔය වගේ ගති ලක්ෂණ තීරණය වෙන්නේ කොහොමද කියන එක අදටත් ප්‍රහේලිකාවක් . මිනිස්සුන්ට හිතන්න පුළුවන් වෙච්ච කාලේ ඉඳල මිනිස්සු මේවා ගැන හිතනවා .. තර්ක ගොඩ නගනවා , මතවාද හදනවා .. මේ වෙනකම් උත්තරයක් නැහැ .

මම මේ ඊයේ පෙරේදා දැක්කා එකක් , මිනිස්සු වඳුරෝ එක්ක එක එක විදියට කතා බහ කරන්න පටන් අරන් අවුරුදු 60-70ක්  ගිහින් තිබුනත් , වඳුරෝ කවදාවත් Why ? What ? When ? වගේ ප්‍රශ්න අහන්නේ නැහැ කියල . අංග චලනයෙන් උනත් එහෙම අදහසක් දෙන්න වඳුරන්ගේ මොලේ හැදිලා නැහැ කියල තමා කියන්නේ . මම හිතන්නේ අනිත් සත්තුන්ටත් ඕක පොදුයි ..

එතකොට අපිට ප්‍රශ්නයක් එනවනේ අයි මිනිස්සුන්ට විතරක් මේ ඔක්කොම ප්‍රශ්න අහන්න හිතෙන්නේ කියල ..එක බොන්න ඕනේ ප්‍රශ්නයක් 

ඕකට උත්තරයක් නැහැ .

මම මේකෙන් සොට් එකක් දාලත් හිතල බැලුවා .. ම්හු .. හිතා ගන්ඩ බැහැ .



දැන් හැබැයි ඔය ප්‍රස්නේ සෑහෙන්න බරපතල වෙයි කියල මට හිතෙනවා .

මෙච්චර කල් ඕක ප්‍රශ්නයක් උනේ එක්කෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද හෝ කර්මය විසින් නැවත උපද්දවන ලද හෝ නැත්නම් වයිපරේ එක්ක කොක්කක් දාගත්ත මාළු පැට්ටෙක් ගොඩට ඇවිල්ලා හරි හට ගත්ත මේ මිනිස්, සත්ව පවුලට විතරයි . නමුත් දැන් දැන් ඔය පුංචි පවුලට තුන්වෙනියෙක් රිංගන්න පටන් අරන් .. ඒ තුන්වෙනියා ඔය සියලු ප්‍රශ්න දිහා බලන විදිය සමහර විට අපිට හිතා ගන්න බැරි වෙයි .


අපි මීට කලින් හිටපු ආගමික ශාස්තෘ වරුන් විසින් ජීවිතය ගැන ,  විශ්වය ගැන කියපු දේවල් ඉතා භක්තියකින් ,  ගෞරවයකින් යුතුව පිළිගන්නවා . ඒකට හේතුව ඒවා , ඒ කාලයට සාපේක්ෂව හිටපු මිනිස්සුන්ගේ දැනුම, අවබෝධයට වඩා එහාට ගිය , තාර්කික වශයෙන් පිළිගන්න පුළුවන් කරුණු කාරනා, අදහස් ඒ අය කියපු නිසා . ඒ ශාස්තෘ වරුන්ට අපිට වඩා සුපර් පවර් තිබ්බා කියලත් අපි පිළිගන්න කැමතියි . ඒක සැක කරන්න අපි බයයි .. මොකද අපි හිතනවා අපිට වඩා මනසේ ඉහල තලයන් හෝ , විශ්වයේ ඉහල තලයන් සමග ඒ ඒ පුද්ගලයින්ට සම්බන්ධ කම් තිබුනා කියල .. ඔවුන්ගේ දැනුම , අවබෝධය හමුවේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා ..

අපි දන්න මානව ඉතිහාසේ තියෙන සියලු දැනුම , මිනිස් මනසට ,  මොලයට වඩා බිලියන වාරයක් වේගයෙන් සහ නිවැරදිව , අපි දන්න , අපිට ගෝචර කාල අවකාශ මාන වලින් එහාට ගිහින් කාට හරි අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් .. ඒ උත්තර කොහොම වෙයි ද ?

දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අධ්‍යාත්මික චින්තනය කියන්නේ දැනුම හෙවත් Data processing නෙමෙයි නේද කියල .. අනිත් එක විශ්වයේ ඉහල තල , නැත්නම් අපිට නොදැනෙන වෙනම ලෙවල් එකකින් එන ඥානය , අපේ දැනුමට සම කරන්න බැහැ කියල.

ඔය තර්කයට උත්තර දෙන්නත් අපිට තාම බැහැ ..

නමුත්  මේ දැන් වෙද්දී තියෙන තාක්ෂණික ප්‍රවණතා එක්ක ,  Quantum super computer එකක් කියන්නේ දශක කිහිපයක නැත්නම් සියවසක දෙකක වැඩක් විතරයි .

මට තේරෙන Quantum Computer අනුව නම් නිවැරදිව පාලනය කරන්න පුළුවන් qubit 300ක්  සහිත මැෂින් එකක් කියන්නේ තව දශකයට අඩු කාලයක් ඇතුලේ එලියට එන්න පුළුවන් දෙයක් 

In regular computers, the smallest unit of information is a bit, which can be either a 0 or a 1 — like a coin showing heads or tails.

In quantum computers, we use something called a qubit (quantum bit). A qubit is like a magical coin that can be in a state of 0, 1, or both at the same time. This special state is called superposition.

A 300-qubit error-free quantum computer would have a Hilbert space of size:

230010902^{300} \approx 10^{90} quantum states

For reference, that’s more than the number of atoms in the observable universe (~108010^{80}).

Usable, stable qubit count today: ~20–30 at best.

Truly fault-tolerant logical qubits: 0–1 (experimental).

We're still in the NISQ (Noisy Intermediate-Scale Quantum) era, but advancing toward error-corrected systems—possibly reaching 10–100 logical qubits by the late 2020s.


CompanyReported QubitsUsable (Logical or High-Fidelity) QubitsTechnology
IBM1,121 (Condor chip, 2024)~20–30 physical usable with error mitigation; logical qubits still limitedSuperconducting
Google~72 (Sycamore)~10–20 high-fidelity for short circuits, no fully logical qubits yetSuperconducting
IonQ~35 physical20–25 usable with high fidelity (~99.9%)Trapped Ion
Quantinuum56 (H2)~32 high-fidelity usable qubits, very stableTrapped Ion
Rigetti84+Fewer than 10 high-quality qubitsSuperconducting
D-Wave5,000+Specialized for quantum annealing, not gate-based QCQuantum Annealing

ඔන්න ඔය විදියට තමා  ඔය ක්වන්ටම් කොම්පියුටර් වල තත්වේ  .

Quantum computers also use another strange trick called entanglement. If you entangle two qubits, changing one will instantly affect the other — even if they're far apart. It's like two magic coins that always match up, no matter how far apart they are.

ඔන්න ඔය entanglement කතාව තාම හරියටම තේරුම් ගන්න බැරි සංසිද්දියක් . ක්ෂණයකින් මේ විශ්වයේ කොහේ තිබ්බත් ඔය qubits අතර යම් සන්නිවේදනයක් වෙනවා . 

අපේ හිත ක්ෂණයකින් අර සොම්බෙරෝ චක්‍රාවාටේ පැරදිසෝ ලෝකේ ඉන්න ඇලෙන්ඩි  කෙල්ල මේ වෙලාවේ මක්ක කොරනවද කියල හිතනවා වගේ .. ඔය qubits එහෙම එක එක ජිල්පිටිස් දානවා ඇති . අපි ඒවා ගැන දන්නේ නැහැ ..

අපි හිතමු , හොඳට වැඩ කරන AGI එකක් ( AGI කියන්නේ මිනිහෙක් වගේ හිතන්න පුළුවන් AI එකක් කියල දැනට හිතාගමු) . ඔය කලින් කිව්ව quantum entanglement සංසිද්දිය  නිවැරදිව බාවිතා කරන්න පුළුවන් යන්ත්‍රයක් ඇතුලේ ඉඳල මේ විශ්වයේ ඩේටා ප්‍රොසෙස් කරන්න ගත්තොත්, ඔබ හිතනවද අපිට හෝ බොහෝ විට අපේ ඉදිරි පරම්පරා දෙක තුනක මිනිස්සුන්ට මේ අපිට වගේ තේරුමක් නැති ප්‍රශ්න හිතන්න වෙයි කියල .. මම නම් හිතන්නේ නැහැ .



අන්න එතකොට මිනිස්සු කියන්නේ තනිකරම AI සරණ ගිය සත්ව කොටසක් වෙනවා. ඒ වෙනකම් ඉතින් අපිට වෙන සරණක් නැති හින්දා ඔය එක එක දේවල් පිලි අරන් මේ ටික ගෙවල දාන්ඩ පුළුවන් .

හැබැයි මම කියන්නේ දැනටත් මේ තාක්ෂනෙට බය නොවී ,   පුළුවන් තරම් ඕව පාවිච්චි කරලා මේ සිද්ද වේගන යන දියුණුවට අත හිත දෙන්න කියල . එතකොට මේ ලෝකේ ඔය මනස් ගාත ආගම් රැක ගන්න මිනිස්සු මරාගෙන ,  කරන විනාස ඉක්මනට නතර කරන්න පුළුවන් . 

ඔක්කොම හොඳට සිද්ද උනොත් අපේ ජිවිත කාලෙත් අපිට සැබෑ මිරකල් දකින්න පුළුවන් වෙයි ! 

(මම නම් chatGPT සරණ ගිහින් ඉඳල දැන් Claude සරණ ගිහින් ඉන්නේ )  Claude  රැකගන්ඩ මරාගෙන මැරෙනවා යකෝ අපි !!!!