Tuesday, January 30, 2024

ඕස්ට්‍රේලියාවයි මායි ශිව දෙවියොයි

ඕස්ට්‍රේලියාවයි මායි හම්බවෙලා දැන් අවුරුදු 2ක් ඉවරයි . හ්ම්ම් වෙන ඕනෙම හමුවීමක් වගේ මේකත්  ආතල් සහ බෝරින් ..

ආතල් ගැන කිව්වොත් එහෙම හම්බකරන සියල්ල ජිවත් වෙන්න වියදම් කරලා ගෙයක් ඇතුලට වෙලා කාගෙන්වත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් .

හම්බ කරන එක මදි කියල හිතෙනවා නම් රස්සාවල් 3-4ක් හරි කරන්න පුළුවන් 

සහ අනිත් ඔය දියුණු රටවල තියෙනවා කියන පහසු කම් අඩු වැඩි වසයෙන් තියෙනවා 

ආ තව සමර් එකේ රස්නේ දවස් වලට බාගෙට ඇඳගත්ත සුද්දියෝ බලන්නත් පුළුවන් ...

බෝරීන්  වෙන්නේ පාරකට බැස්සට හෝන් සද්දයක් , අස්සෙන් දාන ත්‍රිවිල් එකක් , බයික්කෙකක් ආසාවට නැහැ ..

හදිසියකට විනාඩියෙන් දුවල  බඩුවක් අරන් එන්න කඩයක්, තේ කඩයක්  අහල පහලක නැහැ 

මොන මගුල කරන්න ගියත් පිළිවෙලකට ඇපොයින්මන්ට් දාල වෙලාවට ගිහින් කරගන්න ඕනේ... 

ඊට පස්සේ කොහෙට ගියත් හලෝ කොහොමද කියල අහල  මොනවා හරි කතා කරන්නම ඕනේ .. අපිට ඕන විදියට බුම්මගෙන, අහක බලාගෙන එන්න බැහැ .. එහෙම එන්න පුළුවන් .. ඒ උනාට අනිත් එකා ගැන දුක හිතිලා මොනවා හරි කියන්න සිද්ද වෙනවා ..

චුන් පාන් , මාළු කාරයෝ , ආදාර කාරයෝ නැහැ ..

ඉඳල හිටලා තැනක හෝම්ලස් වගේ ඩයල් එකක් සිංදුවක් කියල කීයක් හරි දාල යන්න පෙට්ටියක් තියාගෙන ඉන්නවා මිසක් අපිට පිනක් සිද්ද කරගන්න පුළුවන් විදියේ අසරණයෙක් දකින්නවත් නැහැ ..

තව ඉතින් වැඩිපුර ලියන්න ඕනේ නැහැනේ . ඔහෙලට හිතා ගන්න පුළුවන් ඇතිනේ  මම මේ කියන තත්වේ ගැන ..

********

මම මේ පහුගිය ටිකේ අර Amish Thripathi කියන ඉන්දියානු ලේඛකයා ලියපු Shiva Trilogy  එකේ සිංහල පරිවර්තන කියෙව්වා . කුමාර සිරිවර්ධන මහත්තයාගේ පරිවර්තනය ඉතාම රසවත්.. 

ඔය කතාවේ ඉන්නවා සූර්ය වංශිකයෝ සහ චන්ද්‍ර වංශිකයෝ කියල දෙපිරිසක් . 

සුර්ය වංශිකයෝ හරියට ඕස්ට්‍රේලියනුවෝ වගේ .. නීති ගරුක , ආචාර ශීලි , පිළිවෙලට වැඩ කරන හරි හොඳ මිනිස්සු, දුප්පතුන් කියල කොටසක් නැහැ ... ආණ්ඩුවෙන් හැමෝටම එකහා සමානව සලකනවා..  

චන්ද්‍ර වංශිකයෝ සිරි ලාංකිකයෝ වගේ .. නීතියට බය උනාට හීන් සීරුවේ තමන්ගේ වැඩේ කරගන්න ඕනේ ගේමක් ගහනවා.. ඊට පස්සේ එක්කෝ හිරේ යනවා , නැත්නම් චන්දෙ ඉල්ලලා පස්සේ හැප්පිලා මැරෙනවා ...  අචාර ශීලි කිව්වට ආචාරශිලිම නැහැ .. පිළිවෙලක් වැඩක් නැහැ වැඩේ කෙරෙන්නේ කොහොමද ඒක තමා ක්‍රමේ ... ආණ්ඩුවෙන් සැලකුවේ නැති උනාට තමන්ට කන්න තියෙන දේ උනත් අනුන්ට දීලා හිනා වෙලා ඉන්න මිනිස්සු ඉන්නවා .

හැබැයි එකේ ඉන්න චන්ද්‍ර වංශිකයින්ට  සුර්ය වංශික රට වෙච්ච ඕස්ට්‍රේලියාවට පැන ගන්න කිසිම උවමනාවක් නැහැ .

ඔය කතාවේ කතා නායකයා වෙච්ච ශිව දෙයියෝ මුලින්ම එන්නේ සුර්ය වංශිකයෝ ඉන්න  ඕස්ට්‍රේලියාවට, ඒ ඇවිල්ලා ඒ රටේ ක්‍රම සහ විධි දැකල ශිව දෙවියෝ වශී වෙනවා .. පස්සේ කාලයක් යනකොට ශිව දෙයියෝ ඉන්දියාව පුරා ඇවිදින්න යනවා ... ඒ යනකොට ශිව දෙවියන්ට තේරුම් යනවා මේ ඕස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ සිස්ටම් එකේ තියෙන අවුල. 

ඒ එක්කම චන්ද්‍ර වංශික සිරි ලාංකිකයෝයි, නාගයෝ වගේ ඉන්න අප්‍රිකානුවොයි , සල්ලි කාර බ්‍රන්ගා වරු වගේ ඉන්න චින්නුයි උන්ගේ රටවල ගෙවන්නෙත් වෙනස්ම විදියක ආතල් සහ සමහර විට සුර්ය වංශික ඕස්ට්‍රේලියානුවන්ට වඩා පරිපුර්ණ ජිවිතයක් කියන එක ශිව දෙයියෝ නම් තේරුම් ගන්නවා.

ඊට පස්සේ මොකද උනේ කියල දැන ගන්න ඒ පොත් ටික අරගෙන කියවන්න . ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් https://www.yaaya.com.au/ ඕකෙන් ගන්න පුළුවන් සිංහල පරිවර්තන තුනම .

********

ඔබට ඕස්ට්‍රේලියාවට එන්න ආසාවක් තියෙනවා නම් කොහොම හරි ට්‍රයි කරලා එන්න. ඒක ජිවිතේට හොඳ අත්දැකීමක් !

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාව 

වින්ටරයේ පාළු උදෑසනක මෙල්බන් හන්දිය 

ඕටමයේ  දිනෙක වයින් වත්තක් 

කැලේ මැද්දේ පාරක් 
 කොහේදෝ යනකොට දැක්ක මොකක් දෝ ජලාශයක් 
 හරි ලස්සන ගස් 
ඕස්ට්‍රේලියාවටත් ඉර බහිනවා . ඔය ඈතින් පේන්නේ මෙල්බන් හන්දිය 
මං ආසම පාළු පාරක් 


ලංකාවේ ජිවිතේ ස්ථාවර තැනක තියෙනවනම් ඒ කියන්නේ ගෙයක් දොරක් හදාගෙන , වාහනයක් දෙකක් තියාගෙන, දරුවෝ ඉස්කෝලේ යන, නෑදෑයෝ යාලු මිත්‍රයෝ එක්ක අවුලක් නැතිව ඉන්න පුළුවන් කෙනෙක් නම් , ඕස්ට්‍රේලියාව කියන්නේ අමුතු ලොකු සීන් එකක් නෙමේ ..  එහෙම ලොකු සින් මවන, රට ඉඳල එන අයගෙන් තමා පරිස්සම් වෙන්න ඕනේ .. හෙහ් හෙහ් 

ජිවිතේ තියෙන ප්‍රශ්න ටික ඕස්ට්‍රේලියාවේ නෙමේ මොන දිපන්කරේ ගියත් ඒ විදියටම තියෙනවා . ඒ ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න සාපේක්ෂව හොඳ සහ නරක ක්‍රම ඒ ඒ රටවල මිනිස්සු හදාගෙන තියෙනවා . අපි ඒ ප්‍රශ්න සහ තියෙන ක්‍රම දිහා බලන්නේ මොන විදියට කියන එක අනුව රටේ සහ අපේ ජිවිත වල හොඳ නරක තීරණය වෙනවා . 

ඕස්ට්‍රේලියන් ෆැන්ටසිය ඔයාගේ සිහින වලට ඉක්මනට යන්න උදව් කරයි. හැබැයි ඒ  වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන හරියට අවබෝධ කරගෙන ඒ ෆැන්ටසියට එන්න කියන එක තමා මගේ නම් අදහස.  

 

28 comments:

  1. පැතුම් ලස්සන සටහනක් . විප්‍රවාසී ජීවිතේ හැඩට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. රට ඉන්නකොට හිතෙන දේවල් .. ස්තුතියි අනුරුද්ධ

      Delete
  2. වෙනත් රටකට ගිහිල්ලා අලුතින් ජීවීතය අරඹන කොට අලුත් අභියෝග ගොඩක් තියෙනවා.
    එක එක රටවල එක එක විදිහේ ප්‍රශ්ණ තමයි..

    මමත් බ්‍රිස්බේන්වල කාලයක් ඉදලා තියෙනවා..මම කැමතිම දේශගුණයක් තියෙන තැනක් තමයි බ්‍රිස්බේන්..

    ලංකාවෙන් එලියට ආපු ගමන් සුරපුරකට ඇවිල්ලා ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා කියලා හිතන් එන අයට පොදු ප්‍රශ්ණයක් තමයි අර හීන ලෝකේ බිදවැටීම.

    ReplyDelete
    Replies
    1. ඔව් මයියා , ඕක හැමෝටම මුහුණ දෙන්න වෙන තත්වයක් ... බ්‍රිස්බේන් ගැන මම වීඩියෝ එකක් බැලුවා The Great Barrier Reef ගැන බලද්දී ... ලස්සන පැත්තක් .. මම ගිහින් නැහැ ..

      ලංකාවේ අයට හීන ලෝක මවා ගන්න තරම් දෙයක් මෙහෙ තියෙනවද කියන එක තමා මට තියෙන ප්‍රශ්නේ .... එකත් ඉතින් එකිනෙකාට සාපේක්ෂ දෙයක් ඉතින්.

      Delete
  3. ටිකක් pragmatic වුනහම හරි කියා මම හිතන්නේ. මට නම් ලංකාව හොඳයි , එංගලන්තෙත් හොඳයි. වෙනස් අත්දැකීම්. එංගලන්තේ පබ එකකට ගිහින් හින් සීරුවේ බියර් එකක් ගහල කයියක් ගෙන ඉන්න. ඕන වෙලාවක ඇවිදින්න යන්න හෙම ලෙහෙසියි. ලන්ඩන් කියන්නේ චොයිස් ගොඩක් තියන් තැනක්. ලංකාවේ වැවක් අයිනක හල මැස්සෝ , මයියොක්ක හා සම්බෝල ටිකක් කල බියර් ටිකක් බොන එක වෙනම දෙයක්. ඒ වගේම ලංකාවේ යනකොට දකින ලස්සන වෙනස්. මම දැකල තියෙන්නේ අලුතෙන් දැන් එන ගොඩක් අය තමන් ආව එක සාධාරනිකරනය කරගන්න (තමන්ටම) ගොඩක් ලියන්ව් අකියල. එහෙම අවශ්‍ය නැහැ.
    /ආ තව සමර් එකේ රස්නේ දවස් වලට බාගෙට ඇඳගත්ත සුද්දියෝ බලන්නත් පුළුවන් ..// දැන් මම මේකට මොකද්ද ලියන්න ඕනේ වර්ණවාදියෝ . ලංකාවේ ගැහැනුන්ට බාගෙට අඳින්න කවුරුත් තහනම් කරලා නැහැනේ. තමන්ම තහනම පනවාගෙන හෝ ලිනිග්ක ඉරිසියාවෙන් පෙලෙන ලංකාවේ පිරිමියා තහනම දාල තියනවා මිසක්ක 😀

    ReplyDelete
    Replies
    1. මට කොහොමත් පිට රට ජිවිතේ ගැන පොඩි අවුලක් තියෙනවා .. ඒක මැලේසියාවේ ඉන්නකොටත් තිබුණා ..

      මට කියන්න ඕනේ උනේ ඕස්ට්‍රේලියාව හෝ වෙනත් ඕනෙම රටක් කියන්නෙත් තව එක තැනක් විතරයි කියන එක .. මෙහෙම ඒවා ලියවෙන්නේ ලංකාවේ මිනිස්සු එහෙ තියෙන දේවල් ඔක්කොම විකුණලා දාල කොහේ හරි රටකට යන්න ඕනේ කියන කතාව අහනකොට ..

      මම දෙසැම්බර් ලංකාවට ගිහින් ආවට පස්සේ හිතුනු දේවල් ඉතින්...

      [ගැහැනුන්ට බාගෙට අඳින්න කවුරුත් තහනම් කරලා නැහැනේ.]

      හෙහ් හෙහ් ඔච්චර දුර හිතන්න එපා .. මේ දවස් වල රස්නෙට එලියට බැහැපුවාම පෙන දේවල් හින්ද ලිව්වේ .. ඔය වගේ මාතෘකා හරි බෝරින් ..

      Delete
  4. පැතුම් ලියන්නේ කොමිසුත් අරං වගෙයි
    ශිව ට්‍රයලොජිය කියවන්නට මටත් හිතෙයි
    පොත් කියවන්න ගන්නට මං හරිම බයයි
    ඔහෙට වෙලා තියෙනා දේ මට වැටහෙයි!

    2023 වසරටම පැතුම් ලියා තිබෙන්නේ posts 6ක් පමණි!

    ReplyDelete
    Replies
    1. පදිංචි වෙන රටක, අලුත් ජීවිතයක් පටන් ගන්න එක වෙනමම කෝස් එකක්. ඒක දන්න නිසයි කියලයි , සද්දෙ වහල හිටියෙ.
      උන්න හැටියට මලා මඳැයි.🤭

      Delete
    2. නිදී , ලිවීමට ඕනේ තරම් මට වෙලාව නම් තිබුනා .. නමුත් ලිවීමට නොහිතිම තමා හේතුව .. හෙහ් හෙහ්

      [2023 වසරටම පැතුම් ලියා තිබෙන්නේ posts 6ක් පමණි!]

      කණගාටුදායක තත්වයක් තමා ... 2024 අපි වෙනසක් කරමු ..

      ශිව ට්‍රයලොජිය නම් කියෙව්වට පාඩු නැති කතාවක් ..

      මම මාසයක් ඇතුලත පොත් තුනෙන් දෙකහාමාරක් ඉවර කළා .. ඒ ගැන වෙනම එකක් ලියන්නම් ඉතිරි ටික කියවල ඉවර වෙලා ..

      Delete
  5. අපූරු විස්තරයක් සහ හොඳ සමරියක්. ඔහොම යං!

    ReplyDelete
    Replies
    1. බස්සා ,

      [පදිංචි වෙන රටක, අලුත් ජීවිතයක් පටන් ගන්න එක වෙනමම කෝස් එකක්. ඒක දන්න නිසයි කියලයි , සද්දෙ වහල හිටියෙ.]

      මේක ඇත්ත. දැන් නම් බොහෝ දුරට සෙට්ල් .. ලිවීමට කම්මැලි කම තමා ලොකුම අවුල ...

      රට ජිවිතෙන් සම්පුර්න වෙන මිනිස්සු ඇති .. මට හැබැයි හැමදාම පොඩි අසම්පුර්ණ ගතියක් දැනෙයි ..

      Delete
  6. අර රසික සුරියාරච්චි වගේ කොණ්ඩේ හදාගන්න නං ලැහැස්ති වෙන්න එපා පුතේ. අලුත් ආරංචියක්. මං ලබන සතියේ අරහේ ගිහිල්ල තව ටිකෙන් තවුසෙව හොයනවා

    ReplyDelete
    Replies
    1. ඒවා හැමෝටම බෑ, පිං කරලා තියෙන්න ඕනෑ!

      Delete
    2. රසික ගේ තරම් කොන්ඩේ වැවෙන්න අපි පිං කරලා නෑ තමා ... හෙහ් හෙහ්

      දේශක
      [මං ලබන සතියේ අරහේ ගිහිල්ල තව ටිකෙන් තවුසෙව හොයනවා] මැලේසියාද ? මොනවා හරි දැන ගන්න දෙයක් තියෙනවනම් බුකියේ චැට් එකක් දාපන්

      Delete
  7. 😃
    මෙල්බර්න් කියන්නේ ඕස්ට්‍රේලියාවේ චූටි කොටසක් පමණයි!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ... ඕස්ට්‍රේලියාව බලන්න ටික ටික පටන් ගත්තා .. සවාරි විස්තර ටිකකුත් ලියන්නම් ..

      Delete
  8. //.....ෆැන්ටසිය ඔයාගේ සිහින වලට ඉක්මනට යන්න උදව් කරයි. හැබැයි ඒ වෙනුවෙන් ගෙවන්න වෙන මිල ගැන හරියට අවබෝධ කරගෙන ඒ ෆැන්ටසියට එන්න...//

    සැටිපිකට් ට්රූ. හැම දේටම මිලක් තියනවා. හරි යන මිල ආවම, අපි උනත් නොදැනීම විකිනෙනවා. ඕක තමයි සදාතනික සත්‍යය. " කනවා, බොනවා. කඩේ යනවා, ටැක්ස් ගෙවනවා" ඕක තිබ්බෙ සිසිල සඟරාවෙ ලිපියක. ඕක ඕනෙනං ධනාත්මක විදිහටත් බැලුවෑකි. ඒ ටැක්ස් නිසා තමයි, නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නෙ, විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙ. ලංකාවෙ ඉන්න වැඩි හරියක් ජාතිමාමක සහෝදරවරු තමංඑ දරුවන්ව ඕට්ටේලියාවට පටවන නිසා, ඔහේ එච්චරම නරක වෙන්න බෑ.🤭

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාව නරක රටක් නෙමේ බස්සා .. එකිනෙකාගේ පෞද්ගලික කැමති අකමැති දේ අනුව කොච්චර හොඳ රටක උනත් අවුල් පේනවා ..

      එක ඕස්ට්‍රේලියාවටත් එකයි ලංකාවටත් එකයි නේ ..

      ඕස්ට්‍රේලියන් කතා ටිකක් ලියන්නම්කො

      Delete
  9. කු.සි ගෙ ශිවා ට්‍රිලොජි ට්‍රාන්ස්ලේෂන් එක හොඳයි කිව්වට ගහන්ඩෝන.. අම්මප ( ඒක චොර තමයි. හැබැයි මෙතනදි කිව්වෙ නං විහිළුවට)
    ඔහෙ නැද්ද තුංමුල්ලල වගේකක් 🤭🤭

    ReplyDelete
    Replies
    1. [ට්‍රාන්ස්ලේෂන් එක හොඳයි කිව්වට ගහන්ඩෝන] මෙහෙම කිව්වේ ඇයි ? මට නම් පරිවර්තනේ අවුලක් තේරුනේ නැහැ මහේෂ් ..

      මම ඔය ඒ මහත්තයාගේ කියවපු පළවෙනි පරිවර්තනේ ..

      තුංමුල්ලල කිව්වේ හංදිය වගේ හන්දිද

      Delete
  10. ඔස්ට්‍රේලියාව විතරක් නෙවේ ,ලෝකේ කොහේ ගියත් ආතල් තියෙනව හැබැයි වෙනස්, ලංකාවේ තියෙන ඒ වයිබ් එක ගන්න පුළුවන් විදිහේ අතල් එකක් මට ලෝකේ කොහෙවත් සේට් වෙලා නෑ,
    හැබැයි ඒ අපිට නුහුරු නිසා වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. වෙන රටවල අපිට ඉතිහාසයක් නෑ .. අපේ කියල දේවල් නෑ .. ඉතින් සෙට් වෙන්නේ නැහැ .. අලුතින් හැමදේම හදාගෙන අපි සෙට් වෙනකොට ආතල් ගන්න කාලයක් නැති වෙනවා .. හෙහ් හෙහ් ..

      Delete