මේක ලොකු කතාවක්... කියන්න තියෙන සුදුසුකම් ගැන අහන්න එපා.. හිතෙන දේ කියන්නෙ... බක පණ්ඩිත කතාවක් විදියට මට වඩා අවබෝධයක් තියෙන අයට පෙනෙයි.
ලංකාවට බනින්න මම කවදාවත් කැමති නෑ... හැබැයි මම හෙන දේශප්‍රේමියෙකුත් නෙවෙයි. පරිගණක තාක්ෂණයට ලැදි ගොඩක් අය අතරේ ඉන්න තවත් කෙනෙක් විදියට අපි කරන රැකියාව ගැන පොඩ්ඩක් ලියන්න හිතුණා...
ලංකාවේ තියෙන වැදගත් සම්පත් ගොඩක් අතරින් මූලික තැනක් ගන්නේ අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම... ඒක සෑහෙන්න ඉහළ තැනක තියෙනවා කියල අපිට සතුටු වෙන්න පුළුවන්. (කොයිදේත් බැලන්ස් වෙන්න ඕනේ නිසා බුද්ධියත් ඉතින් එක එක විදියට බැලන්ස් වෙලා තියෙනවා... ඒව ඉතින් හැමෝම දන්නවනේ)
ඔය ඉන්න බුද්ධිමත් මිනිසුන් ගේ හැකියාවන්ගෙන් ප්‍රයෝජන අරගෙන ඉතා අඩු ශ්‍රමයකින් අතිශය වැඩි වටිනාකමක් ගන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමා මේ මෘදුකාංග සංවර්ධනය.
මම මහා ලොකු කාලයක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා නෑ... නමුත් හිටපු අවුරුදු 5-6 අතරේ දැක්ක දෙයක් තමා අපි ගොඩාක් කරන්නේ තාක්ෂණික වහළුන් ලෙස වැඩ කරන එක...
මේක හෙන පටු අදහසක් තමයි. මොකද තාක්ෂණයට සීමා මායිම් නැති නිසා... ලෝකය හතර වටෙන් ම ලින්ක් වෙලා තියෙන නිසා මේක හෙන යල්පැන ගිය අදහසක් වගේ තමා. හැබැයි තියෙන ප්‍රශ්නය ඔය ලින්ක් වෙලා තියෙන ලෝකය ඔය විදියට ලින්ක් කරන්න අපි මොනවද කළේ කියන එක. මේක අපේ දෙයක්.. මේක හැදුවේ අපි... අපෙන් ලයිසන් අරගෙන මෙන්න මේ කොන්දේසි වලට යටත් වෙලා (ක්‍රැක් සහ හැක් නිසා මේක තේරුමක් නෑ) මේක පාවිච්චි කරන්න කියල කියන්න පුළුවන් එක සරල නිශ්පාදනයක් අපෙන් එළියට නොයන්නෙ ඇයි..
ඕක මට ඉස්සර ඉදල තියෙන ප්‍රශ්නයක් (මමත් ඉතින් ඔය කිව්වට ඕක වෙනස් කරන්න දගලන්නෙ නෑ...) ඉදල හිටල ලොකු කතා කියන්න ඕනේ නිසා මේ කියන්නෙ.
මම දකින්නේ එහෙම එක ප්‍රඩක්ට් එකක් හදන්න තරම් ඉවසීමක් අපේ තාක්ෂණික ලෝකේ ඉන්න ව්‍යවසායකයින්ට නැහැ කියල... ඉවසීම සහ හැකියාව තියෙන බුද්ධිමතුන් ඉන්නවා...
අපි හැමෝම දන්නවා කොහේ හරි රටක ඉන්න සුද්දෙක්ගේ ප්‍රොජෙක්ට් එකක් සෙට් කර ගත්තනම් කිසි කරදරයක් නැතුව ඉලක්කම් 6-7 ක පඩියක් අරගෙන ලංකාවේ සැපට ඉන්න පුළුවන්. හැබැයි ඉතින් සුද්ද එහෙ කඩේ වහපු දාට සොරි.කොම්.
සුද්ද මත යැපෙන්න වෙනවා. මොකද මේ තාක්ෂණේ මෙච්චර දුරට ගෙනාවේ ඒ මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුම කැමති කෙනෙකුට තනියම ගොඩ යන්නත් පුළුවන් විදියට ඒක හදල තියෙනවා. එච්චර දෙයක් කරල දුන්නට පස්සෙ බනින එකත් කැත වැඩේ තමා.
ලොකු කතා කිව්වට අපි හැමෝටම ඕනේ සල්ලි.. සල්ලිවල මේක අපේ මේක සුද්දගේ කියල ගහල නැති නිසා කොහෙන් හම්බවුණාම මොකෝ කියල වැල යන විදියට මැස්ස ගහන එක තමයි අපි කරන්නෙ.. ඒකෙ වරදකුත් නෑ.
හැබැයි ටික කාලයක් ඉවසල, එක අරමුණකින් නව අදහසක් දියුණු කරන්න අපිට පුළුවන් නම් (නව අදහසක් වෙන්න ඕනේ නෑ... මිනිස්සුන්ට වැඩක් තියෙන එක නිශ්පාදනයක්) කරගන්න අපිට පුළුවන් නම් අපේ මේ ඉන්න කෝටි 2කේ ජනතාවට ලොකු සෙතක් කරන්න පුළුවන් වෙයි..
මට මේක ලියන්න හිතුණේ මේ දවස් වල අත්දකින සමහර දේවල් නිසා... සතෙන් සතේ... රුපියලෙන් රුපියල එකතු කරන්න ගිහින් ඇන ගන්න හැටි දැක්කහම අපි ගැනම දුකයි... කස්ටර්මර්ව /එම්ප්ලොයීව කොහොම හරි තියාගන්න ඕනේ කියල කරන සීනී බෝල වැඩ... මිනිහෙක් ගේ හිත සතුටු කරල ඒ මනුස්සය ස්ව කැමැත්තෙන් ඉන්න තත්වෙට පත් නොකර කැරට් අල පෙන්න පෙන්න අර බුද්ධිමත් යැයි සම්මත වුණ මිනිස්සුන්ගෙන් ලාබ වැඩ කරව ගන්න එක නතර කරන්න බැරි කම...කැපවීම සහ අවංක කම කියන සරල දේ තේරුම් නොගෙන හෙන මොඩර්න් කොන්සෙප්ට් දාන්නට ගොස් ඇණ ගැනීම...
ඔන්න ඔය වගේ දේවල් ටික අපේ මේ කොම්පුටර් ලෝකෙන් ගලව ගන්න පුළුවන් උණා නම් ටොම්කැට් වගේ පිස්සු පූසෙක්,ජේ බොස් වගේ ශ්‍රී බොස් කෙනෙක්, ඩොට් නෙට් වගේ අපේ නෙට් එකක්.. අපිටම කියල මොකක් හරි ෆ්‍රේම් වර්ක් එකක්... මූනුපොත වගේ හෝඩිපොතක් වත් හදා ගන්න අපිටත් පුළුවන් වෙයි.
තව කියන්න දේවල් ඔලුවට එනවා හැබැයි තේරුමක් නෑ... ලොකු කතා කියන එකෙත් සීමාවක් තියෙන්න එපැයි... ඊයේ නිදා ගත්තේ කීයටද පැටියෝ කියල ඇහුවහම බොරු කියන්නත් බැරි නිසා දැන් ඇති.
How to POST JSON request from Linux to test RESTful Web Services? Example
-
Even though, Postman is a great tool and chrome plugin to test RESTful Web
services for Java developers, I often find myself using "curl" or "cURL"
comman...
4 hours ago