යුද්ධය විකුණමින් මේ කරන විගඩම් නටනවුනට යුද්ධ ජයග්‍රහණයේ සැබෑ අයිති කරුවන් කවුරුන්දැයි පැහැදිලි කළ අපූරුව... යුධ වීරයකු තුළ තිබිය යුතු සැබෑ විනය කෙසේදැයි මවාපෑමෙන් තොරව හදවතින්ම පෙන්වූ අපූරුව... සිදු වූයේ කුමක් ද යන්න අවංකව පැවසූ අපූරුව... සුදුස්සාට නියම ගෞරවය දෙමින් මහත්මා ගති පෙන්වූ අපූරුව...රට වෙනුවෙන් සේවය කිරීම යන්න කුමක් දැයි පැහැදිලි කළ අපූරුව...
රට වෙනුවෙන් කළ කී දේ නිසාවෙන් රට හැර යාමට සිදුවී ඇති අපූරුව...
හරි තීරණය රට වෙනුවෙන් ගත යුතු වන්නේ මෙවැනි වූ තවත් දස දහස් ගණනක් මිනිසුන්ට උපහාරයක් වෙනුවෙන් මිස කවදාවත් නොලැබෙන ඊනියා පොරොන්දු පත්‍ර නිසා නොවන බව දැන් වත් තේරුම් ගත යුතුය..
දූෂණයෙන් තොර, සුරංගනා ආර්ථිකයක් සහිත, සර්ව සම්පූර්ණ පාලකයන්ගෙන පිරි රටක් ගැන කතා කරන්නට ඉඩ සලසා දුන් මෙවන් මිනිසුන් පාවා දෙමින් කරන මේ විගඩම් කවදා හෝ පලදෙනු ඇත...
තමන් සිටිනුයේ කවර පැත්තේද යන්න තීරණය කිරීම ඔබ සතුය...
මෙවන් මිනිසුන් වෙනුවෙන් අවංකව වැඩ කළ නායකයා වෙනුවෙන් මම සිටිමි.
මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැති තුමනි ඔබට සුභ අනාගතයක්...