මම ඉඳල හිටලා ජිවිතේ බුද්ධිමත් වැඩ කරනවා . ඒ කියන්නේ ජිවත් වෙන්ඩ කියක් හරි හම්බ කරලා දෙන රස්සාවට බම්බු ගහ ගන්ඩ කියල , බොරුවට හොර ලෙඩ නිවාඩු දාල , (Not Well කියන්න ලෙඩක් තියෙන්න ඕනෙම නෑනේ .. උපන්දා ඉඳල අපි Well හිටියා කියල නම් මතකයක් නෑ .. හැමදාම Not Well .. හෙහ් හෙහ් ) රස්තියාදු ගහන්න යනවා ..
මේ ලඟදි දැන් අවුරුද්දකට විතර කලින් මම ඔහොම බුද්දිමත් වැඩක් කළා ..
(මම මේ පොස්ට් එක ලියන්න ගත්තේ මේකට ගිහින් ඇවිල්ලා මාසෙකට විතර පස්සේ .. නමුත් ඉතින් ලියල ඉවර කරන්නේ මේ දැන් කෝච්චිය ගියාට පස්සේ . )
මෙල්බන් හන්දියේ ඉස්ටේසමේ ඉඳල පයින් යන දුරින් තිබුණ මරු තැනක්
ඔය immersive කියල සිංහලෙන් කියන ජාතියේ අමුතුම අත්දැකීමක් ගන්න පුළුවන් තැනක් මේ ..
වැඩි විස්තර ඕනේ නැහැ . ෆොටෝ බලන්න .
Leonardo da Vinci ගැන සෑහෙන වටින විස්තර ගොඩක් තිබුනා , ඔහුගේ නිර්මාණ ඒ විදියටම හදල , ගොඩක් ලිපි ලේඛන වල නම් මුල් පිටපත් මට්ටමේ ඒවා තිබුනා .. නමුත් ඔරිජිනල් එකමද කියල කියන්න බැහැ .
මිනිස් ශරීරය මේ තරම් දක්ෂ ලෙස අඳින එකම විශ්මය ජනකයි
CV එක
කටු සටහන්
සිය ආලේඛ්‍යය පින්තුරය
මොනාලිසාගේ ඇස්
දැනට ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරයේ තියෙන මොනාලිසා ගේ පින්තුරේ දැනට තියෙන වර්ණ වම්පස රුපයේත් , එම චිත්‍රයේ තිබුණු ඇත්තම පාට දකුණු පස පින්තුරයේත් තියෙනවා . මේ පින්තුරේ ගැන සෑහෙන විස්තර ගොඩක් තිබ්බා .
මේ තියෙන්නේ මොනා ලීසා ගේ කොපිය
මේ තියෙන්නේ ඔය immersive දර්ශන
මම පොඩි VR එකක නැගල ෆ්ලොරන්ස් නගරය උඩින් පියාඹන ආකාරය . වැඩිහරියක් හැබැයි වහලවල් උඩට වැටිච්ච එක තමා උනේ
මේ තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු අදහස් වල ආකෘති . තව ගොඩක් ඒවා තිබුනා
වෙලාව තියෙනවා නම් Data ප්‍රශ්නයක් නැත්නම් මේ වීඩියෝ එකෙන් වැඩි විස්තර බලා ගන්න පුළුවන්
වැඩේ කියන්නේ මේ තැන මේ පෙන්නන shows පසු ගිය ජුනි 1 වෙනිදා ඉඳල නතර කළා . අන්තිමට තිබුනේ Vincent Van Goah ගැන මෙහෙම එකක් , මම එක බලන්න යන්නම් කියල හිත හිත හිටියටත් යන්න බැරි උනා .
අඩුම තරමේ මේ පොස්ටුව ගිය අවුරුද්දේ ලියා ගන්න පුළුවන් උනා නම් තව නොදැක්ක කෙනෙකුට දැනුවත් වෙන්න හරි තිබ්බා ..
නමුත් ඔවුන් නැවතත් අලුත්ම විදියකට මේ දේවල් අරගෙන එන කතාවක් මම දැක්ක . සමහරවිට ඉස්සරහට මිට වඩා Immersive විදියට මේවා තියෙයි .














.jpg)


















