කොරෝනා කාලේ සිද්ද වෙච්ච නරක ගොඩ අතරින් වෙච්චි හොඳම දෙයක් තමා වැඩි පුර සහ කොටින්ම එපා වෙනකම් ගෙදර ඉන්න පුළුවන් කම ලැබීම. ගිය මාර්තු මාසේ ඉඳල මේ අද වෙනකම් මං ගෙදර.
ඔය ගෙදර හිටපු කාලේ ඔන්න මුල් ටික පොඩ්ඩක් තක්බීර් වෙලා වගේ හිටියා මොකක් ද යකෝ මේ ලෙඩේ , මාර සීන් එකක් නේද ? කවද මැරෙයි ද දන්නේ නැහැ . ඉන්ඩ ඩිංග කාල බිල තන්තොසෙන් ඉන්ඩ ඕනේ කියල. එහෙම හිතල ඔය නානාප්‍රකාර කෑම ජාති කකා ගෙදරට වෙලා ටීවී සීරීස් තුන 4ක් ම ඉවර කරලා දැම්ම. ඒ කියන්නේ ඔය සීසන් බර ගානක් තියෙන ඒවා.
ඔහොම මාසයක් දෙකක් ඉද්දි තේරුනා මැරෙයි කියල හිතුවට අපිට එහෙම චාන්ස් එකක් දැම්ම එන්නේ නැහැ තව කට්ට කන්න වෙනවා කියල. ඊට පස්සේ ඉතින් ඔය තව කර ගන්න තිබ්බ වැදගත් වැඩ රාජකාරි ටිකකුත් කරලා ඉවරයක් කරලා දැම්ම.
ඊටත් පස්සේ කල්පනා කරලා බැලුවම මේ ඉස්සර කාලේ ඉඳල හිතේ තිබ්බ පොඩි පොඩි ආසාවල් සහ කවද හරි ලොකු වුනාම කරන්න ඕනේ කියල හිතපු වැඩ දෙක තුනක් ගැන මතක් වුණා . මොකද තව ලොකු වෙනකම් කියල හිටියට සමහර විට මීට වඩා ලොකු වෙන්න කලින් යන්න වෙන්නත් පොඩි චාන්ස් එකක් තියෙන හින්ද ඔන්න ඔහේ ඒ වැඩ දෙක තුනකටත් අත ගැහුවා.
ඔය ඔහොම කවද හරි ලියන්න හිතපු කතාවක් තමා මම මේ දවස් වල ඔය ලියාගෙන යන්නේ. මේ කොරෝනාව ආවේ නැත්නම් ඕක කවදාවත් නොලිය වෙන්න ඉඩ තිබ්බා. පටන් ගන්න එකනේ අමාරුම. යන්තම් ඉතින් දැන් පටන් ගත්ත හින්ද ලියාගෙන යනවා. හොඳ නරක කෙසේ වෙතත් ලියල දාපුවම හිත හදාගෙන මැරෙන්න පුළුවන්... හෙහ් හෙහ් .. ඔය බුද්ධාගමේ තියෙන වැදගත්ම කරුණක් නේ Unfinished Business තියා ගන්ඩ එපා කියන එක. ඒ කියන්නේ තමන්ට කරන්න ආස දෙයක්, කාටහරි කියන්න හිතාගෙන ඉන්න දේවල් එහෙම හිතේ තියාගෙන ඉන්ඩ එපා කියන එක. ඕනේ මංගල්ලයක් වෙන්න කරලා දාන්න ඕනේ. පතේ පොතේ ඕක කොහොම තියෙනවද කියල මන් දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් තියෙනවා.
ඔයිටත් අමතරව මට තිබ්බ මේ පොඩි ආසාවක් තමා රොබෝ කෙනෙක් හදන එක. හෙහ් හෙහ් ... දැන් ඔය රොබෝලා හදන එක හෙන ලේසි වුනාට අපි පොඩි කාලේ රොබෝලා කියන්නේ නිකන් තනිකර හීන. පොඩි රොබෝවෙක් වගේ සෙල්ලම් බඩුවක් ගන්න ඒ කාලේ තිබ්බ ආසාව මතක් වෙද්දී අපි හරි පව් කියල හිතෙනවා නේද ... ?
ඉතින් ඔය රොබෝ ආසාව තිබ්බට ඕවට වැඩ කරන්න කොහෙද වෙලාවක්. අනිත් එක රොබෝලා කියන්නේ දැන් මේ පොඩි ළමයි හදන දේවල් නේ. ඉස්සර තමා රොබෝ කෙනෙක් හදන්න නම් හොඳට ඉගෙන ගෙන විශ්ව විජ්ජාලේ ගිහින් හෙන පොරක් වෙන්න ඕනේ කියල කිව්වේ. දැන් මේ යූ ටියුබ් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි .
මට ඔය ඉලෙක්ට්‍රොනික් සහ ගැජට් ආසාව ඉස්සර ඉදල තිබ්බ කියල මං ඔය පරණ කතා දෙක තුනකම කියල ඇතිනේ.
මේ තියෙන්නේ එහෙම කරපු එක වැඩක් . මේ තියෙන්නේ තව එහෙම කරපු මක බාස් වැඩක්. ඉතින් ඔය වැඩේටත් මං අත ගැහුවා. ඇත්තටම රොබෝ කිව්වට මේක රොබෝ නෙමේ මේ ඉබේ දුවන පොඩි කාර් කට්ටක්. මේ වැඩේ හරි බේසික් දෙයක්. ඉන්ටර්නෙට් එකේ ඕනේ තරම් තියෙනවා හදන හැටි. කෑලි ටික ගෙනල්ල අටවන්න තියෙන්නේ. මේවා කොච්චර බේසික් දේවල් උනත් කරලා බැලුවම පොඩි මෙව්වා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනෙත් එක්ක දැන් මේ බේසික් කාර් එකකට සෑහෙන වැඩක් කරන්න පුළුවන් විදියට හදන්න පුළුවන්.
ඒ කියන්නේ ඔය කාර් එකට අපිට කතා කරලා අරෙහෙට මෙහෙට යන්න කියන්න පුළුවන්.
ඔන්නම් අපේ පස්සෙන් එන්න කියන්න පුළුවන්.
ඕනනම් අර නයිට්‍රයිඩර් කාර් එකට වගේ ෆෝන් එකෙන් කතා කරලා ළඟට ගෙන්න ගන්න පුළුවන්
ඊට අමතරව ලෝකේ ඕනෙම තැනක ඉඳල කන්ට්‍රෝල් කරන්න හදන්න පුළුවන්
ඔය වගේ තව නානාප්‍රකාර ජාති කරන්න හරිම ලේසියි .
මේවා කොච්චර කරන්න පුළුවන් කියල දැනගෙන හිටියත් කවදාවත් කරල බලල නැති හින්ද මම ඔන්න ඔහේ ඔය කාර් එකක් හැදුවා රොබෝලා හැදීමේ ආරම්බයක් විදියට.
මේ තියෙන්නේ ඔය හදපු කාර් කටුව.
මේ තියෙන්නේ වීඩියෝ එකකුත්...