Friday, December 27, 2019

ඩේටා තණ්හාව සහ ඇන්ටික් ඩේටා


       තණ්හාව එක එක ආකාරයෙන් තියෙනවනේ.  අපි හැමෝම දන්න තණ්හා වර්ග වලින් මේ කාලයේ ඉතා වැදගත් තණ්හා වර්ගයක් තමා මේ ඩේටා තණ්හාව. මම මේ ළඟදී දවසක මගේ ලැප්ටොප්  එකේ තියෙන ඔය නානාප්‍රකාර ෆෝල්ඩර් අස්සට පොඩ්ඩක් එබිලා බැලුවා. කවදාහරි ඕනේ වෙයි කියල හිතෙන දහසක් ෆයිල් ජාති ඔහේ ගොඩ ගහගෙන ඉන්නවා. සමහර ඒවා කොච්චර වැදගත් වෙයි ද කියල හිතල එකම ෆයිල් එක තුන් හතර තැනක කොපි කරලා එක එක විදියට. ඒ කියන්නේ ඔය මීට කලින් පාවිච්චි කරපු කොම්පියුටර් වල සේව් කරලා තියා ගත්තු,ඊට කලින් පාවිච්චි කරපු කොම්පියුටර් වලින් පරිස්සමින් කොපි කරලා ආරක්ෂා කර ගත්තු, ඊටත් කලින් කොහෙන් හරි හොයා ගත්ත නැත්නම් හදා ගත්ත එක එක ජාතියේ ෆයිල් වර්ග තමා.  විවිදාකාරයේ ඔහොම බොහොම පරිස්සමින් රැකගෙන ආපු බොහෝ ෆයිල්ස්  අන්තිමට කොපි කරපු දවසට පස්සේ ඉඳල මේ වෙනකම් වෙන කිසිම අවස්තාවකදී අවශ්‍ය වෙලා නෑ. මගේ කොම්පියුටර් ඉතිහාසේ බැලුවහම එහෙම අවුරුදු 20ක් විතර එකතු වෙච්ච ෆයිල්ස් මගේ ළඟ තියෙනවා.

සමහර ඒවායේ පොඩි නොස්ටල්ජික් ආතල් එකක් තිබුනට 99% එහෙම පරිස්සම් කරගෙන ආපු කිසි දෙයක් මේ වෙද්දී වැදගත් නැහැ. නමුත් එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් සහ ඔය ක්ලවුඩ් බැකප් වලත් ඔය ෆයිල් අපි සේව් කරගෙන ඉන්නවා. හැබැයි කවද හරි ඕනේ වෙන්නේ 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් (සමහර රස්සාවල් කරන අයට ඇරුනම)

ඉතින් මොන මගුලක් ද කියල මම අන්න ඒවගේ ෆයිල්ස් ටිකක් මේ සැරේ මකල දැම්ම. හැබැයි ආතල් වැඩේ කියන්නේ කොයි එකටත් කියල තව බැකප් එකක් තියෙන ෆයිල් තමා එහෙම මකල දැම්මේ. හිත ඇතුලෙන් එන උස්සන් ඉන්න එකක්යැ ඔන්න ඔහේ තිබිච්ච දෙන් කියන හැඟීම තව බොහෝ ෆයිල් මකා දැමීමෙන් බේර ගත්තා.

එදා ඉතින් මම ඒ ආකාරයෙන් ෆයිල්ස් ටිකක් මකල දාල හාඩ් ඩිස්ක් එකේ ඉඩ පොඩ්ඩක් වැඩි කරගෙන, තව එක්ස්ටර්නල් එකක් අරන් බැකප් කරලා ඉතිරි ටිකත් මකල දානවා කියල හිතාගෙන හිටියා.

ඔය වැඩේ කරලා, මේ බොරුවට ෆයිල් සේව් කරන ඩේටා තණ්හාව ගැන කල්පනා කර කර හෙන බක පණ්ඩිත දේවල් හිත හිත සතියක් යන්න හම්බ වුනේ නැහැ  නිකන් ඉන්න බැරිකමට අපුරුවට තිබ්බ ලැප්ටොප් එකට උබුන්ටු (නොදන්නා අයට උබුන්ටු කියන්නේ ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එකක් ) දාන්න ගිහින් අර මුළු හාඩ් ඩිස්ක් එකම ෆෝමැට් වුනා නේ. 

මම ඔය කොම්පුටර් ගත්ත මුල් කාලේ ඔය වගේ ඔපරේටින් සිස්ටම් මාරු කරන සහ තවත් මකබාස් වැඩ ඕනේ තරම් කරලා ඇති. නමුත් පහුගිය අවුරුදු 10ක් විතර වගේ ඉදල ඔන්න ඔහේ කඩෙන් ගත්ත බඩුව එහෙමම තියාගෙන අදාළ වැඩේ විතරක් කරන කම්මැලි ගතියක් තමා මට තිබුනේ. රස්සාවේ දෙයක්/ෆිල්ම් එකක්/සිංදුවක්  ඇරුනම වෙන කිසිම දෙයක් ලැප්ටොප් එකෙන් නොකරපු වගේ කාලයක්. 

දැන් මේ නෝටි ෆෝටි කිට්ටු වෙලා කොලු ගති ආයේ වැඩි වෙන හින්දද මන්ද අතපය තියාගෙන ඉන්නේ නැතුව අපුරුවට තිබ්බ හාඩ් එක ෆෝමැට් කළා. ඒකත් වුනේ වෙන මොකුත් හින්ද නෙමේ "ආ මේවා මේ සිම්පල් වැඩනේ... " කියල උපදෙස් කියවන්නේ නැතුව පොර වෙන්න ගිය හින්ද... අඩුම තරමේ පරණ ෆයිල් කොහොම වෙතත් මේ දවස් වල අවශ්‍ය වෙන වැදගත් කිසිම දේක බැකප් එකක්වත් ගන්නේ නැතුව තමා ඔය මකබාස් වැඩේ මම කලේ හෙහ් හෙහ් ...
  
දැන් ඉතින් පන දාගෙන රිකවරි සොෆ්ට්වෙයාර් හොයනවා මැකිච්ච ෆයිල්ස් හොයන්න ... හෙහ් හෙහ් ...

 දන්න කියන හොද රිකවරි සොෆ්ට්වෙයා එහෙම නැද්ද ..?

දැන් කාලේ මේ ස්ටෝරේජ් වලට අපි ගෙවන්න ඕනේ මිලත් එක්ක ඇත්තටම මේක ඒ හැටි වැදගත් දෙයක් නෙමේ. දත්ත ගබඩා කිරීම එතරම් ප්‍රශ්නයක් නෙමේනේ දැන්. නමුත් ඉතින් හිතල බැලුවොත් අපි ළඟ බහුතරයක් තියෙන්නේ කිසිම වැදගැම්මකට නැති දේවල්. දැන් බොහෝ වෙලාවට ඊමේල් වලින් ගනුදෙනු කරන නිසා අපිට එන වැදගත් ලිපි ලේඛන ඊමේල් සේවාව තුල සේව් වෙනවා. ඊට අමතරව අපි ගන්න ෆොටෝ නැත්නම් තමන් කරන නිර්මාණ තමා මේ විදියට වැදගත් වෙයි කියල හිතල අපි පරිස්සම් කර ගන්නේ. මීට අවුරුදු කීපයකට කලින් මම ගත්තු ෆොටෝ කීයක් විතර තියෙනවද කියල නිකමට හොයල බැලුවා. මගේ කැමරාවේ මෙමරි එකේ විතරක් ෆොටෝස් 11000කට වැඩි ප්‍රමාණයක් තිබුනා. එතකොට ෆෝන් එකෙන් ගත්තු ෆොටෝස් විතරක් 16000ක් වගේ, සම්පුර්න හාඩ් ඩිස්ක් සහ අනෙකුත් තැන් වල පරිස්සම් කරපු ෆොටෝ එක්ක ඔය ගාන 50000ක් විතර වෙන්ඩ ඇති.   ඊට අමතරව ඊමේල් ඉන්බොක්ස් එකේ නොකියපු ඊමේල් මේ  වෙනකොට 24000ක් විතර හෙහ් හෙහ් .....

ඔය ෆොටෝස් වලින් උපරිම ෆොටෝස් 100/500 වගේ ගානක් අපිට (මට)  වැදගත් වෙයි. අනිත් සේරම අපි (මම ) පරිස්සම් කරගෙන ඉන්නේ මොකටද?  ෆෝන් එකේ තියෙන ඒවා නම් ඔය කරන්නම  දෙයක් නැති වෙලාවට හෙන බිසී වගේ ඉන්න වැදගත්.. ඒ කියන්නේ ෆෝන් එකට මුහුණ ඔබාගෙන ඔහේ බල බල ඉන්න පුළුවන් නේ... හැබැයි අර අනිත් ෆොටෝස් එකක් දිහාවත් ආයේ කවදාවත් බලයි ද කියල මට කිසිම විශ්වාසයක් නෑ... හැබැයි මකන්න හිතෙන්නෙත් නැහැ...

ඊමේල් ටිකත් ඒ වගේ තමා... වැදගත් ඒවා තියෙනවද දන්නේ නැහැ කියල මකන්නේ නැහැ... ඉඩ මදි වෙද්දී ගුග්ල් එකට සල්ලි ගෙවල තව ටිකක් ඉඩ ගන්නවා... හෙහ් හෙහ් ...

නමුත් මට මේ ඉන්ටර්නෙට් ඩේටා තණ්හාව නම් සෑහෙන අඩුයි. ඒකට එක හේතුවක් මේ රටේ අධිවේගී අන්ලිමිටඩ් ඩේටා සෑහෙන අඩුමිලකට ලැබෙන නිසා. ඩේ ටයිම්/නයිට් ටයිම්   කතා නැති නිසා හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන්. කොහොමත් මම මොබයිල් ඩේට උනත් ඕනේ තරම් පාවිච්චි කරලා බිල ගෙවල දානවා. ඒවා නම් තණ්හාවට ඉතිරි කරන්න යන්නේ නැහැ...

මම හිතන්නේ මේ ඩේටා තණ්හාව කියන්නේ හරිම අහිංසක වර්ගයේ තණ්හාවක්. කවුරු උනත් සමාදානෙන් බෙදා ගන්නවා මිසක් මරා ගන්න යන්නේ නැහැනේ මේ  ඩේටා වලට... ඔය බුදු බණේ වුනත් ඩේටා තණ්හාව ගැන මොකුත් ලියවෙලා නැත්තේ ඒ හින්ද මම හිතන්නේ ... මුදල් තණ්හාව / වස්තු තණ්හාව/ බල තණ්හාව ගැන ඕනේ තරම් ජාතක කතා, සුත්‍ර, දේශනා තිබුනට මේ ඩේටා තණ්හාව ගැන කිසිම දෙයක් නෑනේ...

කිසිම ආගමකින් එපා කියපු දෙයක් නෙමේනේ මේ ඩේටා රැස් කිරීම...බලන්නකෝ  එකෙත් හැටි ...

මම මේ දවස් වල කියවන්නේ අර  Sapiens: A Brief History of Humankind කියන පොත Professor Yuval Noah Harari කියල ඊශ්‍රයේල් ජාතික මහාචාර්ය වරයෙක් ලියපු එකක්.  හරි අපූරුවට මිනිස්සු කොහොමද මේ අද ඉන්න මට්ටමට ආවේ කියන එක ඒ පොතේ තියෙනවා.   එකේ එක තැනක තියෙනවා මේ ලෝකේ තියෙන කිසිම ආගමකට බැරි තරමට මිනිස්සුන්ව එකමුතු කරන්න, සමාදාන කරන්න, සහ මිනිස්සු අතර විශ්වාසය ගොඩ නගන්න සල්ලි වලට පුළුවන් කියල. ආගම් වලින් සල්ලි කියන්නේ විනාශයක් කියල හංවඩු ගැහුවට අනාගත ලෝකයේ ආගම පරිබෝජනවාදය හෙවත් Consumerism වෙන්න ඉඩ තියෙනවා.  අනාගත ලෝකයේ මුදල් වර්ගය වෙන්නේ වෙන මොනවත් නෙමේ මේ ඩේටා... ඒක දැන් දැන් අපිට පෙන්නුම් වෙන්න පටන් අරන් තියෙනවනේ.  



ඉස්සර මිනිස්සු සල්ලි/ වස්තුව එකතු කරලා දියුණු වෙච්ච හින්ද දැන් අපි මේ එකතු කරන ඩේටා වලිනුත් අනාගතේ ප්‍රයෝජනයක් තියෙයි නේද... හෙහ් හෙහ් ... හෙහ් ඒ කියන්නේ ඉස්සරහට ඇන්ටික් ඩේටා වලට හොඳ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා...

හෙහ් හෙහ් ඇත්තටම ඇන්ටික් ඩේටා කියල ජාතියක් තියෙන්න පුළුවන්ද? විකාරයි වගේ එහෙම හිතුවම. ඩිජිටල් නිර්මාණ වල කොපි එකක් ගත්තම ඒක ඔරිජිනල් එකට වඩා වෙනස් වෙන්නේ නැහැනේ. ඉතින් කවද හරි මේ තියෙන්නේ ඕකේ ඔරිජිනල් වර්ඩ් ෆයිල් එක නැත්නම් අපේ මුත්තා එයාගේ පලවෙනි ලැප්ටොප් එකෙන් ටයිප් කරපු පලවෙනි ලියුම කියල ෆයිල් එකකට වටිනා කමක් එයි ද ඉස්සරහට ...? මොකද ඒ ෆයිල් එකේ කොපියක් කියන්නෙත් ඒ ෆයිල් එකම නිසා. ඇන්ටික් බඩු වගේ පරිස්සම් කරලා අරන් තියා ගත්තට වැඩක් වෙයි ද මේ ඩේටා... 

ඩේටා වල වටිනාකම වැඩි වෙන්නේ පුළුවන් තරම් අලුත් වෙන තරමට. "ඕක නෙමෙයි මේක තමා ඕකේ අලුත් ම එක... " වටිනා කම තියෙන්නේ පරණ එකේ අලුත් වර්ෂන්  එකට මිසක් පරණ එකට නෙමේ... 

කොහොම වුනත් අනාගතේ තනිකරම ඩේටා මත දුවන ලෝකයක්. ඩේටා සයන්ස් කියන්නේ පරිගණක සහ ව්‍යාපාර ලෝකේ අනාගතය. මේ පරිගණක රස්සාවල් වලට අලුතින් එන අයට ඉගෙන ගන්න සහ ඉතාමත් හොඳ රැකියා අවස්ථා තියෙන පැත්තක් තමා මේ ඩේටා සයන්ස්. 

2020 කියන්නේ අපි පොඩි කාලේදී හිතා ගන්නවත් බැරි තරම් දියණු වෙයි කියල හිතපු  අනාගතය. මට හොඳට මතකයි අපේ තාත්ත ගාව තිබ්බ පරණ සඟරාවක අමුතු විදියේ බිල්ඩින් සහ යානා උඩින් යන ඔය හයිපර් ලූප් සංකල්පයට සමාන ක්‍රමයක් තියෙන නගරයක චිත්‍රයක්. දැන් වෙද්දී ඒ දේවල් ඒ විදියටම නැති වුනත් හැමදේම ඉතා වේගයෙන් වෙනස් වෙමින් යනවනේ.  2060 දී විතර මම මේ බ්ලොග් එක ලියන්න කියවන්න ජිවත් වෙලා හිටියොත් දැනට හිතා ගන්නත් බැරි තරමට ලෝකේ වෙනස් වෙලා දියුණු වෙලා තියෙයි. ඒ දේවල් එහෙම දියුණු වෙන්න ප්‍රධානම සාධකයක් වෙන්නේ මේ ඩේටා තමා. ඉතින් මිනිස්සුන්ගේ මේ ඩේටා තණ්හාව කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි.        

23 comments:

  1. හෑ
    මේක මරු.. ඇන්ටික් ඩේටා...

    මම බලලා තියෙන ෆිල්ම් වල නම් ඔය ඔක්කොම ඩේටා එහෙම ඇනලයිස් කරලා හොරු එහෙම මාර වැඩ කරනවා... අන්න අනාගතේ... කරනවා නම් ව්‍යාපාර.. හි හි...

    ReplyDelete
    Replies
    1. ලිඛිතා, ෆිල්ම් වල විතරක් නෙමේ. ගොඩක් කොම්පැණි වල කරන්නෙත් එක තමා. අපේ ඩේටා ඇනලයිස් කරලා ගානට අපිව අන්දනවා.

      බිලියන් වලින් ඩේටා සයන්ස් වලට ඉන්වෙස්ට් කරන්නේ..

      Delete
    2. හි හි ඔයාට කියන්න මෙය මේ අපිත් එහෙම කරනවා... හි හි

      Delete
  2. අපි හුගක් වෙලාවට අපේ කොම්පියුටර් වල පරන අනවශ්ය දේ අයින් නොකර තියාගන්නවා වගෙම හිත්වලත් කල්ප ගනන් කුනු රොඩු තියන් ඉනනවා.. එව්ව අයින් කලාම ලොකු සෑහල්ලුවක් තේරේවි.. පිරිමින්ට නම් මේක ලේසියි.. කාන්තාවන්ට බොහොම අමාරුයි..
    සරත් ලන්කාප්‍රිය

    ReplyDelete
    Replies
    1. මම හිත ගාව ගන්නේ නැතුව මේක ලියල දැම්ම.. ඇන්ටික් සිතිවිලි නැති හිත හරිම සැහැල්ලු වෙයි තමා..

      Delete
  3. සමහර ඒවා ඉවත් කළාට පස්සේ ආයෙමත් ඕනේ වෙන වෙලාවලුත් ආවා. ඒ වුනණත් මාත් කාලෙන් කාලෙට ගබඩාවේ ඉඩ වැඩි කරගන්නවා....
    ඒකට මේ ලිපිය තවත් තල්ලුවක් වෙයි!

    ReplyDelete
    Replies
    1. ඔව් නිදී, එහෙම ඕනේ වෙන වෙලාවල් එනවා. මම කිව්වේ අපි තේරුමක් නැතුව තියාගෙන ඉන්න ෆයිල් මහා ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් උස්සන් ඉන්නේ නැති හින්ද ඒ හැටි කරදර වෙන්න දෙයක් නැහැ. :)

      Delete
  4. මමත් උබන්ටු දාන්න ගිහින් ලැප් එකම ෆෝර්මැට් කරලා අලුතෙන් ආයෙ වින්ඩොස් දාගත්තු පොරක්.. ඒ මීට අවුරුදු අටකට විතර කලින්..

    ඩේටා ත්න්හාවෙන් මැරුනොත් චිප් එකක් වෙලා ඉපදෙන්න බැරි කමක් නෑ...😂😂

    ReplyDelete
    Replies
    1. උබුන්ටු දානවා කියන්නේ හරි භායනක සෙල්ලම් නේ... මම හිතුවෙත් නැහැ මෙහෙම කෙල වෙලා යයි කියල.. හෙහ් හෙහ් ..

      දැන් ඉතින් කරන්න දෙයක් නැහැ .. සියලු ඩේටා ද නැසෙන සුළුයි කියල මම නම් හිත හදා ගත්ත.

      ඩේටා පිනට දීලා තන්හාව දුරු කරන්න පුළුවන්ලු ... :)

      Delete
  5. මචං ඊසියූස් කියල රිකවරියක් තියෙනව. ඒකෙන් පුළුවන්ද දන්නෑ ඔය වැඩේ. මොකද, උබුන්ටු දාද්දි පාටිෂන් හිටං වෙනස් කරන නිසා...

    තව ඒකාලෙ එකක් තිබ්බ, වින්ඩෝස් එක්ස්පීවල විතරක් වැඩකරන. ඕන්නං ඊමේල් එකක් දාහං (drackey@gmail.com) මට මම නම හොයල ලිංක් එකකුත් එවන්නං. ලංක් නැත්තං සෙටප් ෆයිල් එක ඩ්‍රොප්බොක්ස් දාන්නං.

    නැත්තං oldversion.com එකේ බලහං පරණ රිකවරි... එව්ව ගොඩක් හෙණ පවර්ෆුල්. හැබැයි එක්ස්පී හරි 2000 හරි තමා ප්ලැට්ෆෝම්.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, මම ඊසියූස්, TestDisk, Recuva, DiskDrill වගේ කීපයක්ම ට්‍රයි කරලා බැලුවා. හරි ගියේ නැහැ. මම උබුන්ටු වල ඉදලම ගන්න බැලුව වැඩක් උනේ නැහැ. පස්සේ ආයේ NTFS වලට ෆෝමැට් කරලා වින්ඩෝස් 10 වලින් ගන්න බැලුව. ඕනේ කරන ෆයිල් එන්නේ නැහැ.

      මගේ ළඟ තියෙන්නේ වින්ඩෝස් 10 විතරයි බන්. පරණ ඒවා වැඩ කරන එකක් නැහැ.

      Delete
    2. ඔය මොරටුව කැම්පස් එකේ එහෙම ඔය ඩේට රිකවරි කරන්නෙ කොහොමද දන්නෑ? උන් ගාව ඇති යකා වගේ ඇප්...

      Delete
  6. ඔය පරණ ඩේටා තියාගන්න එක මගෙත් හෙණ විනෝදාංශයක්. මට මතකයි ඒ කාලෙ මං කාටවත් මා ළඟ තියෙන මූවි ඩීවීඩී දුන්නෙ නෑ. ඕන්නං කොපියක් ගහල දුන්නා මිසක්. දැනටත් පොත් අල්මාරියෙ එක පැත්තක් තියෙන්නෙ ඩීවීඩී...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තියාගෙන හිටියා. මම මුල් කාලේ කරපු ෆොටෝ එඩිට් වගේ ඒවා. ෆිල්ම් සහ සිරිස් DVD වල තියාගෙන හිටිය මමත්.

      දැන් මගේ ලැප්ටොප් එකේ DVD බලන්න ඩ්‍රයිව් එකක් නැහැ. ඉතින් ඒවායින් වැඩක් ගන්න බැරි නිසා මම අපේ මල්ලි කෙනෙකුට දීලා දැම්ම..

      කොහොමත් ඕනේ ෆිල්ම් එකක් දැන් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න පුළුවන් නිසා මම ඒවා තියා ගන්නේ නැහැ.

      Delete
    2. ඇත්ත. මාත් දැන් කල්පනා කරන්නෙ මේ යටකරපු මහා ධනස්කන්ධය අපතෙ යනව නේද ඩීවීඩී ඩ්‍රයිව් නැතුව ගිය කාලෙක කියල...

      Delete
  7. ඔය පැතුම් කඋඩ කියල තියෙන පොත මෙතනින් බාගත කරගන්න පුළුවන්...

    https://www.academia.edu/37049700/Sapiens_A_Brief_History_of_Humankind_Yuval_Noah_Harari?auto=download

    ReplyDelete
    Replies
    1. ඔකේ පිටු 450කට වැඩිය තියෙනවා. කියවන්න ලේසියි කඩදාසි පොත ගත්ත නම්. ඇත්තටම වටින පොතක්. මම දෙවෙනි කොටසත් ගත්ත

      Delete
    2. කඩදාසි පොත නිකං දෙන්නෑනෙ. මේක නිකං...

      අඩේ දෙවෙනි කොටසකුත් තියෙනවද?

      Delete
  8. Did you realize there's a 12 word phrase you can communicate to your man... that will induce intense feelings of love and instinctual attractiveness for you deep within his heart?

    Because hidden in these 12 words is a "secret signal" that triggers a man's instinct to love, admire and protect you with all his heart...

    ====> 12 Words Who Fuel A Man's Love Instinct

    This instinct is so hardwired into a man's mind that it will make him work better than before to take care of you.

    In fact, fueling this all-powerful instinct is so mandatory to having the best possible relationship with your man that once you send your man a "Secret Signal"...

    ...You'll immediately find him open his mind and soul for you in a way he's never experienced before and he'll perceive you as the only woman in the galaxy who has ever truly interested him.

    ReplyDelete
  9. It's very helpful post for me cz I'm studying btech.
    love from dvdvilla

    ReplyDelete
  10. amazing work keep up the good work also check mine on
    raspberry pinout
    and Serial communication

    ReplyDelete
  11. Very nyce article well explained keep up the good work also check my article onraspberry pi 5 and lcd display arduino

    ReplyDelete