බලෝන්මාද රටේ ඒකාධිපතියා සාධාරණත්වයේ ආණ්ඩුව බිඳ දැමුවේය. ඒකාධිපතියාගේ "වෛර කිරීම උගැන්වීම" සාර්ථක වුයේ පොදු වෛරය තරම් අන්කිසිවක් මිනිසුන් එක්සත් කිරීමට අසමත් වන බැවිනි. වර්ණ වාදී උපදේශක මණ්ඩලය ඔහු තෝරාගත්තේ ඔහුගේ මෙම සංකල්පය නිසාවෙනි.
වටකුරු හිස් ඇතියවුන්ගෙන් ශ්‍රේෂ්ඨතම මිනිසා ලෙස සැලකු විද්‍යා ප්‍රබුද්ධ ගේ න්‍යෂ්ටික පෘථක්කරණය වටකුරු හිස් ඇත්තන්ගේත් ,දිගැටි මුහුණු ඇත්තන්ගේත් විනාශය ළඟා කරවුයේය. මහද්වීප දෙකේ න්‍යෂ්ටික සමතුලිත තාවයක් ඇතිකර අන්නෝන්‍ය වශයෙන් ඇතිවන බිය නිසා මහා විනාශය වැලකි යනු ඇතයි සිතු අසරණ විද්‍යා ප්‍රබුද්ධ ගේ බලාපොරොත්තුව සුන්ව ගියේ ය.
ගුප්ත දොර කපොල්ල, චිත්ත බලයෙන් විවෘත වන දොරවල්, ලුවා අම්මා, යාර් අල්ටයිර් ...
දනිජාබ් රටේ ආවේ කුජටත් , බලෝන්මාද රටේ මාදා ගුරුටත් විනාශ වී ගිය පයේත් වරුන්ගේ ලෝකය පටවි ග්‍රහයා තුල නැවත ගොඩ නැගිය හැකිවේද?
කුට්සි බුදහු නම් කුදා ඇත්තටම කවුද?
දුට්ට පුළුටු ගේ කුමන්ත්‍රණ, ඩේයිමෝස් අජටාකාශ කඳවුර...
සතුටු සිරියුස් ගේ පොබෝස් අජටාකාශ කඳවුර, එතකොට බලවති සිරියුස්, දුට්ට පුළුටු ගේ බිරිඳ විරුපා පුළුටු...
වීර සිකුරු, ඉංජිනේරු ශාන්ත වේගා, රතු මැණිකේ වේගා, පසන්වති ලුවා, ලුවා ශිල්පියා
සදාකාලික හිතවතා වූ ගිරි පටවි..
විද්‍යා ප්‍රබුද්ධ ගෙන් තැන ගන්නට සමත් වූ දක්ෂයා චිත්ත විකාර පොලාරිස්...
පටවි ග්‍රහයා මත බිහිවන අලුත් ජිවිත......
විකාරයි වගේ ද? හෙහ් හෙහ්
ඉස්සර අපේ අක්ක මට කිව්වේ චිත්ත විකාර පොලාරිස් කියල.. එයා විද්‍යා ප්‍රබුද්ධ ලු.. නැත්නම් මාදා ගුරු ලු... හෙහ් .. මම එයාට කිව්වේ හැබැයි විරුපා පුළුටු කියල...
දන්නා කට්ටියට මේ වෙන කොට මතක් වුනාට නොදන්න අයට නිකන් අර මාන්දමික ගතිය දැනෙනවා ඇති..
හරි බ්ලොග් ලියන අය බොහෝ වෙලාවට කතා කරන රුසියන් සාහිත්‍යය පිලිබදව ලියවෙච්ච පෝස්ට් වල මිට කලින් මම නොදැකපු එක පොතක් ගැන නිදහස් සිතිවිලි ලියන රවී අයිය ලියල තිබ්බ.. ඒ ගපුර් ගුල්යාම් ගේ මගේ හපන්කම් ගැන.. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඒ පොත වැඩිය සිරා පොතක් නෙවෙයි වෙන්න ඇති එකයි කවුරුත් ඒ ගැන කතා නොකරන්නේ කියල.. හැබැයි පෝස්ට් එක බලද්දී තවත් අඹ ගස් තියෙනවා කියල දැක්ක..
රුසියන් සාහිත්‍යය ගැන පොර ටෝක් දෙන්න මට බෑ.. නමුත් රුසියන් සාහිත්‍යයේ පිහිටෙන් හීන දකින්න පුරුදු නොවන්නට මමත් මොකක් හරි කර්මාන්ත ශාලාවක මැෂිමක් ඔපරේට් කර කර ඉන්න තිබ්බා.. (දැන් කියලත් වෙනසක් නෑ.. හැබැයි දැන් මම මැෂිමට ඕනේ විදියට වැඩ කරන්නේ නෑ.. මැෂිම මට ඕනේ විදියට වැඩ කරනවා)
දැදිගම වී. රුද්රිගු මහත්මය විසින් පරිවර්තනය කරපු ,ඇලෙක්සන්දර් කසාන්ට්සෙව් විසින් රචිත ග්‍රහ ලෝකයක විනාශය පොතේ ඉන්න චරිත කීපයක් ගැන තමයි මම ඔය උඩින් ලිව්වේ..
අපි බොහෝ විට කතා කරන රුසියානු සාහිත්‍යයේ සමාජයීය, දේශපාලන, විප්ලවියය සහ සුරංගනා කතා වලට අමතරව බිහිවුණු විද්‍යා කල්පික නවකතාවක් තමයි මේක.
මේ කතාව තුල ඇති අපුර්වත්වය ලෙස මා දකින්නේ එහි චරිත වලට පර්වර්තකයා යොදා ඇති සිංහලකරණය කල අපුරු විද්‍යා නම් දැමීමයි.
චරිතය ගැන අමුතුවෙන් විස්තර කිරීමක් නැතිව නමෙන් චරිතය විස්තර කරන මෙවන් නම් දැමීමක් මම මෙතෙක් කිසිම පොතක දැකල නෑ
අපිට දුට්ට පුළුටු ලා, චිත්ත විකාර පොලාරිස් ලා, විද්‍යා ප්‍රබුද්ධ ලා, වීර සිකුරු ලා ගැන අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නෑ වගේ නේද ... මුල් කෘතියේ මේ නම් කෙසේ සඳහන් වුවා දැයි මා දන්නේ නැත. නමුත් දැදිගම වී. රුද්රිගු මහතා ඒ නම් සදාකාලිකව මතකය තුල රැදෙන විදියට කතාවට යොදා ගෙන තියෙනවා...
කතාව අපූරු ලෙස ගලා යනවා.. වෙන ඕනෙම රුසියන් පොතක් කියවන්න කැමති කෙනෙකුට මේ පොතත් රසවිඳින්න පුළුවන්...
ඇත්තටම මේක තුන් ඈදුතු නවකතාවක පළවෙනි කොටස, මටත් තාම හම්බවෙලා තියෙන්නේ මේක විතරයි... දැන් අවුරුදු 15ක් විතර තිස්සේ මම මේක 10-15 සැරයක් විතර කියවල ඇති.. ලංකාවෙන් මෙහෙ ආවට පස්සේ අම්ම ලව්වා මම ගෙන්න ගත්ත පොත් ගොඩේ මේක තියෙනවා දැක්කේ අහම්බෙන්... එදා රවී අයියගේ පෝස්ට් එකේ මගේ හපන්කම් ගැන දැක්කම මට ඒක කියවන්න පට්ට ආසාවක් ආව.. ඒ අස්සේ පොත් ගොඩේ මේක දැක්කේ..
සදා අමරණිය සෝවියට් සාහිත්‍යය ගැන අපි කොච්චර ලිව්වත් මදි කියල හිතෙනවා මේ පොත් ගැන එක එක්කෙනා මතකයන් අවදි කරද්දී...
සුරංගනා හීන දකින්නට කැමති, ස්ටෙප්ස් තැනිතලාවන් දිගේ ඔහේ ඇවිදන කමකට නැති එකෙකුගේ ජිවිතයට පෙම් බඳින, අබලන් තානායම් අස්සේ අඳුරු මුළු වල දුම් උරන සැබෑ මිනිසෙකුගේ කතාවක් අවසානයේ ඉතිරි කරන්නට හිතෙන, එහෙත් වයිෆ් ගෙන් නිතර බැනුම් අසන තවත් එක චිත්ත විකාර පොලාරිස් කෙනක් හැදු රුසියාවට... ජයවේවා (කොම්පුටර හැදු ඇමරිකාව භංග වේවා!)
බොහොම ඉක්මනට අපිට බලාගන්න ලැබෙයි වගේ කාට ජය වෙයිද, කවුරු බංග වෙයිද කියලා....
ReplyDeleteමුල ටික කියවලා ඇත්තටම මංඤන් වුනා.. මම හිතුවේ විද්‍යා ප්‍රබන්ධයක්වත්දෝ කියලා..
ස්වභාවධර්මෙලාගේ ගැමියත් ඔය ජාතියෙ එකෙක් තමා.. අවාසනාවට අපි ඌව අවුරුදු දා එල්ලලා මැරුවා.... හෙහ් හෙහ්... :D
සෙන්නා හොයාගෙන කියවල බලන්න වටින විද්‍යා ප්‍රබන්දයක් මේක.. ස්වභාවධර්මෙලාගේ ගැමියයි චිත්ත විකාර පොලාරිසුයි නියමෙට මැච් වෙනවා නේද.. හෙහ් හෙහ්
ReplyDeleteපොලරිස් කියලා සබ්මැරීනයක් හෝ මුහුද යට ගවේෂණ කටයුතු සඳහා සකස් කල විශේෂ යාත්‍රාවක් ගැන පැරණි මතකයක් තියනවා. හැබැයි ඒක හොයන්න ගිහින් ලැබුනේ මේක විතරයි.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Polaris
මම නම් අදයි එහෙම එකක් ගැන ඇහුවේ.. මේ පොලාරිස් කියන්නේ පොඩ්ඩක් මොලේ කචල් විද්වතෙක් .. ස්තුතියි.. සබ්මැරීනය ගැනත් හොයල බලන්නම්
Deleteමං විතරක් නෙමේ එහෙනම් තව පොලාරිස්ලා ඉන්නවා :)
ReplyDelete"චිත්ත විකාර පොලාරිස්ලා"
Deleteමගේ මේ චිත්ත විකාර ගතිය නිසා කොයි වෙලේ හරි කෙල වෙලාම යනවා.. හෙහ් හෙහ්.. හැබැයි කොච්චර කෙල වුනත් මේ චිත්ත විකාර නිසා තමයි මෙහෙම සන්තෝසෙන් ඉන්නේ..
Deleteගම් අනී ඔතොවාදවර් :0
Deleteහි හි මාත් එහෙමයි ඔය හිබ්රු වලින්
ඔය බංගවේවා කිවුව එකනම් ඉතින් වෙයිද කියලා ශුවර් නෑ.. මරු, මම මුලින් කියවන් එද්දී හිතුවේ ප්‍රභන්ද කතාවක් කියලා..
ReplyDeleteපොත හොයාගෙන කියවල බලන්න වෙනසක් තියෙන පොතක්..
Deleteමම රුසියන් පොත් කීපයක් කියවල ඇති ඒත් ඕක කියවන නෑ. ඒක නිසා රවියා පෝස්ට්කටුව දාලා සතියක් විතර ගියාට පස්සේ මම එහාට යන්වා ඒක පාඩං කරන්න...
ReplyDeleteරවී අයියාගේ පෝස්ට් කියවනකොට ඉතින් අපිටත් නිකන් කිචි කැවිලා යනවා.. හෙහ් හෙහ් කොමෙන්ට්ස් ටිකත් එක්ක පෝස්ට් එක බැලුවම කතාව කියවන්න ඕනේ නෑ... :)
Deleteඔන්න මං අරක ලියන්නත් ගිහින් නොලියා යනවා..
ReplyDeleteහරි හරි ඊළඟට සෙට් වෙන දවසට ඒ ප්‍රශ්නේ විසඳ ගමු... :)
Deleteඅඩේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ මේ පොත කියෝනකම් සිහියක් නෑ වගේ . . ඊලඟ සැරේ නිවාඩුවට ගන්න ඕන පොත් ලිස්ට් එකට දා ගත්තා . . තැන්කූ මචෝ ඔත්තුවට
ReplyDeleteකියවන්න වටිනවා... කතා තුනක් තියෙනවා තුනම සිංහලෙන් තියෙනවද කියල නම් මම දන්නේ නෑ.. පොඩ්ඩක් හොයල බලන්න ප්‍රදර්ශනේ තියෙයි..
Deleteචිත්ත විකාර එවුන් අපේ රටේ දේශපලනේ ඇතුලෙම බර ගානක් ඉන්නවා.
ReplyDeleteඒ විකාර ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ... අපි විකාර වෙනවා විතරයි ඊට සැපයි මේ වගේ පොතක් බලාගෙන මනෝ ලෝකෙක ඉන්න එක.. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට..
Deleteමේ කතාව තුල ඇති අපුර්වත්වය ලෙස මා දකින්නේ එහි චරිත වලට පර්වර්තකයා යොදා ඇති සිංහලකරණය කල අපුරු විද්‍යා නම් දැමීමයි.///
ReplyDeleteහි හි.... මේක තමයි මං හිතන්නෙ මේකෙ තියෙන චිත්ත විකාර ගතිය... මෙලෝ දෙයක් තේරුනෙ නෑ පෝස්ට් එකේ මුල හරියෙ...
අවුරුදු 15ට 10-15 පාරක්.. හපෝ... මදි මදි.... හි හි
මුල හරිය ලිව්වේ තේරෙන්න නෙවෙයි පොඩ්ඩක් විකාර ගතිය දැනෙන්න... අන්තිමට යනකම් කියෙව්වා කියන්නේ ඉතින් සිරාවටම විකාර පොරක් තමයි.. හෙහ් හෙහ්
Deleteමදි නම් තමයි හැබැයි ඕක තව කියෙව්වනම් මේ තත්වෙන් ජාමේ බේරන් ඉන්නත් බැරි වෙනවා.. :)
ටියුස්ඩේ ලොබ්සාං රම්පා......
ReplyDeleteකියපු දේ තේරුනා කියන්නේ... කියල වැඩක් නෑ තිස්ස අයියේ.. මාර විදියට තේරුණා...
Delete"අඟහරුවාදාට රම්පෙ කන්න ලෝබ වෙන්න එපා" කියල නේද ඔය කියල තියෙන්නේ.. හරි සෝක්.. :D
මම කියවපු අමාරුම පොත මාකේස්ගේ හුදකලාවේ සියවසරක්. මේ පොතත් ඒ වගේ එකක් වෙන්න ඕනේ. මේ පොස්ට් එකත් ඒ වගේ තමයි. මුල හරිය කොයිල් වගේ. රුසියන් කාරයෝ ප්‍රබන්ධ කරනවා අඩුයි ඇමරිකන් කාරයෝ එක්ක ගත්තම.
ReplyDeleteමම මාකේස් ගේ එක පොතක් කියවල තියෙනවා නම මතක නැති.. ඒත් ඔය හුදකලාවේ සිය වසරක් තාම කියවන්න බැරි වුණා..
Deleteමම නම් දැනට කියවන්න ගත්ත තාමත් කියවල ඉවර නැති අමාරුම පොත තමයි සලමන් රුෂ්ඩි ගේ නින්දාව කියන පොත.. මොකක් දෝ මන්ද අවුලක් ඒ පොතේ තියෙනවා කියවන්න හෙන අමාරුයි..
මාදා ගුරු ද ??? නැත්තං මාදා ආවේස් ද???? මට හරියටම මතක නෑ.
ReplyDeleteමමත් දන්න කාලෙක ඉදං ඉතුරු පොත් දෙක හොයනව. අඩුමගානෙ කඩු ට්‍රාන්ස්ලේශන් එකක් හරි. ඒත් තාම හම්බ උනේ නෑ
ඕනය, හරි නම මාදා ගුරු.. ආවේ කුජ කියන්නේ ලව් එක.. බැන්දට පස්සේ මාදා කුජ වෙනවා..
Deleteමම හිතන්නේ අනිත් පොත් ටික කඩු බාසාවට වත් හරවල නැතුව ඇති.. ටිකක් හොයල බලන්න ඕනේ..
චිත්ත විකාර කියන්නේ බොහෝ නිර්මාණවල අත්තිවාරම නේද?
ReplyDeleteඔව් දැන් කාලේ සිරා චිත්ත විකාරයක් කියන්නේ බිලියන ගණන් හම්බ කරන්න පුළුවන් උල්පතක්...
Deleteඅපිට වෙලා තියෙන්නේ අපේ චිත්ත විකාර ටික යටපත් කරගෙන වෙන කාගේ හරි චිත්ත විකාරයක් සැබෑවක් කරන්න ජිවිතේ ගෙවල දාන එක..
මමත් කියවලා තියනවා එක සැරයක් නෙවේ පස් හය සැරයක්ම. පට්ට කතාව. තව පොතක් කියවූවා බං අලියෙකුට මිනිස් මොලයක් බද්ද කරපු සීන් එකක් ගැන චරිත ටිකේ නම් මතක නැ. "වාග්නර්" කියන නම විතරක් මතකයි. එකත් නියම පොතක්. රුසියාව කැඩිලා බිඳිලා ගියාට පස්සේ රුසියන් පරිවර්තන නැති උනා.
ReplyDeleteකොහොමත් රුසියන් පොත් කියවනකොට ඒවගේ තියන නම් ඒ විදිහටම කියවන්න ගියොත් පිස්සු හැදෙයි. මම රුසියන් කතා කියවද්දී කටට ලේසි විදිහට නම් මොඩිෆයි කරගෙන තමා කියවන්නේ.
අනිත් පොත් දෙක හොයා ගත්තොත් අපිවත් දැනුවත් කරපන්
//තව පොතක් කියවූවා බං අලියෙකුට මිනිස් මොලයක් බද්ද කරපු සීන් එකක්//
Deleteකතාවෙ නම හොයිටි ටොයිටි
මහාචාර්‍ය වාගනර් ගෙ පරීක්ශන සීරීස් එකේ එක පොතක්
http://en.wikipedia.org/wiki/Hoity_Toity_(novel)
ඔකේ සිංහල පරිවර්ථනයක් තිබුනා.. ඒ හැටි ලොකු පොතක් නෙවෙයි... ඒත් කථාව බොහෝම රසවත්...
Deleteඒ.බෙලායෙෆ් තමා කතුවරයා.. සිංහල පරිවර්ථනයේ නම “කුංචනාද“ පරිවර්ථකයා ජේ.ඊ. ගුණසේකර...
බෙලායෙෆ්ගෙම ඇම්පිබියන් මෑන් පොත (හෝ සිංහල පරිවර්තනය - උභයජීව) කියෙවුවද ?? ප්‍රධාන චරිතෙ නම තමයි ඉක්තියැන්දර්. මෝරෙක්ගෙ කරමල් බද්දකරල තමයි උභය ජීවියෙක් උන ඉක්තියැන්දර්ව හදන්නෙ.
Deleteමේ අපි කතාකරනා සියළුම ප්‍රබන්ධ හෝ අනිකුත් නිර්මාණ තුලින් පවතින සමාජ යතාවබෝධය වෙනුවෙන් දැක්වූ දායකත්වය කෙසේදැයි කියලා දෙන්න පුළුවන්ද? අහන්නේ ඉගෙණගන්න. වෙන අදහසකින් නෙමේ.
Deleteඋභයජීව පොඩි කාලේ කියවලා තිබුන මතකෙට මේ මෑතකදී ආයෙම හොයාගෙන කියෙව්වා..
Deleteඕනයට අහු වෙලා තියේද තව පොතක් තිබුනා.. ඒක මං මුලින්ම කතාවක් හැටියට දැක්කේ ඉස්සර පත්තරයක් තිබුනා “චිත්‍රමිත්‍ර“ කියලා ආන්න එකේ... වානර මිනිස් කලවං මොක්කුද මංදා ගැන වගේ මතක.. පස්සේ ඒකේ පොත අහුවෙලා කියෙව්වා.. ඒකත් ගති.. පොත ලියලා තිබුනේ එච් ජී වෙල්ස් කියලා මතකයි.. එයින් එහාට ලොකු මතකයක් නැහැ.. පුළුවන්නං පොතේ නම හොයලා කියහං මට ආයෙම හොයං කියවන්න ඕන.. ආයේ තව එකක් හොයා ගන්න ඕන.. එකේ තිබුනේ මායා ශිෂ්ඨාචාරය ගැන ලියවුන ඔය වගේම මගුලක්.. පිටසක්වල ජීවීන් විසින් මායා ශිෂ්ඨාචාරයට උදව් කලා වගේ මොකක්ද මංදා කේස් එකක්.. රියෝද ජෙනෙයිරෝව ගැන මුලින්ම කියවන්න අහු උනේ ඒක කියවද්දි... යන්තං වත් පොතේ නමවත් ලියපු එකාවත් මතක නැහැ... ටිකක් විතර පොත ලොකුයි කියලා මතකයි...
ඔය කියපු වේල්ස්ගෙ පොත තමයි මම හිතන විදියට The Island of Doctor Moreau කියන පොත. විකියෙ පොඩ්ඩක් කියවලා බලපං. මමත් චිත්‍ර මිත්‍ර එකෙන් කියවපු වගට ලා මෙමොරියක් තියනව.
Deleteඅනිත් පොත ගැන නං දන්නෙ නෑ. මම වැඩිය කැමති නෑ ඒලියන් සීන්ස් ගැන කියවන්න.
වේල්ස්ගෙ පොත චිත්‍රපටියක් විදියට බලනව නං මෙන්න බඩු
Deleteඅර බල්ලෙකුගේ හදවතත් ඔය වගේ කතාවක් ... ඒකේ තියෙන්නේ මිනිහෙකුට බල්ලෙකුගේ මොලයක් ද කොහෙද බද්ද කරන සින් එකක්
Deleteමේ තියෙන්නේ මම ඒක ගැන ලියපු පෝස්ට් එක
http://biththiya.blogspot.com/2013/01/blog-post_16.html
උඹල කතා වෙච්ච පොත් එකක් වත් මම කියවල නෑනේ ...
මම ඔය උභය ජිව, කුංචනාද පොත් දෙක දැකල තියෙනවා. හැබැයි කවදාවත් අරන් කියවල නෑ .. නම දැක්කම කිසි ගතියක් නෑ වගේ නිසා ගන්නේ නැත්තේ .. හෙහ් හෙහ්
Deleteමිට පස්සේ ඒ වගේ නම් තියෙන පොත් පොඩ්ඩක් කියවල බලන්න ඕනේ කෙලින්ම බලල නිකන් ඉන්නේ නැතුව ..
තැන්කූ ඕනේ... ඒක තමා පොත...
Deleteඒක ඒලියන් සීන් එකක් වගේ උනාට ඔය ග්‍රහලෝකයක විනාශය වගේම හරි අපූරු කතාවක්...නිකං මිසර පිරමීඩ් වගේ හරි අද්භූත කතාවක්... කියන්න ආස හිතෙන නියම පොතක් ලොක්කා.. මං කියනවට ටිකක් විපරං කරලා බලහං... කියෝපු හොදම පොත් විස්ස අතර තියන්න පුළුවන් එකක්...
arugeadaviya,
Deleteමම දන්නා විදියට නම් මේ වගේ කතා වලින් පවතින සමාජ යථාවබෝධය කියන දේට ඒ හැටි දෙයක් එකතු කරලා නෑ.. නමුත් මිනිසුන්ගේ චින්තනය වෙනස් මාන වලට අරන් යන්න මේ කතා සමත් වෙලා තියෙනවා.
පවතින සමාජයේ ම තියෙන මොකක් හරි කරුණක් පදනම් කරගෙන අනාගතයේදී හෝ එහෙම නැත්නම් වෙනත් මනකල්පිත සමාජයක තුල බොහෝ විට අපි පවතින සමාජය තුල කෙලින්ම නොදකින විදියේ යතාර්ථයක් පිළිබඳව ගොතන කතා තමයි නේද මේ වගේ පොත් වල තියෙන්නේ.
උදා හරණයක් විදියට මේ කතාවේ තියෙන දේ වර්තමාන ලෝකයේ තියෙනවා. අමරිකාවෙයි රුසියාවෙයි තියෙන න්‍යෂ්ටික සමතුලිත තාවය.. දැනට එක සමතුලිතයි දෙගොල්ලොම බයට සද්ද නැතුව ඉන්නවා.. නමුත් මේ කතාවේ වගේ ඒකාධිපතියෙක් කවද හරි ආවොත් ඔය කතාවේ තියෙන දේ මේ පෘථිවියට වෙන්න පුළුවන්..
මට හිතෙන්නේ ඔන්න ඔහොමයි මේවා ගැන..
පැතුම්...ඔබ හරි. මම එකඟයි!!
Delete///නමුත් මිනිසුන්ගේ චින්තනය වෙනස් මාන වලට අරන් යන්න මේ කතා සමත් වෙලා තියෙනවා./////
Deleteපැතුම්...ඔබ හරි. මම එකඟයි!!
හරියට හරි කුන්චනාද තමයි පොත. උබයජිවී එකත් මරු. ෆිල්ම් එකක් එහෙම ගැහුවනම් පට්ට විදිහට තියෙයි. අරු ට කියන්න තියෙන්නේ මේ වගේ හීන ලියපු පොත් වලින් ලෝකෙට දීපු දේවල් බොහොමයි. අපි අත් විඳින තාක්ෂණික බඩු බොහොමයක් කලින් විද්‍යා ප්‍රභන්ධ තමා
Deleteitnishantha, ඇමරිකන් කාරයෝ දැන් ඔය ෆිල්ම් හදල කොටි ගණන් හම්බ කරන්නේ මේ වගේ කතා වලින් තමයි..
Deleteඅඩේ ඕකේ දෙකක් තුනකුත් තියෙනවද..? මාත් කියවලා තියෙන්නේ එක විතරයි.. කතාව පටන් ගන්නේ මට මතක හැටියට මුහුදු වෙරලකින්.. කුජ අවේ රැලි මත සෙල්ලං දාන කොටසකින්.. හිතට අල්ලලම ගිය දේ තමා වසර ගානක කුට්සි බුධහුගේ කුදේ රහස එළි උන කෑල්ල... අරමුණක් වෙනුවෙන් පොතක චරිතයකින් මිනිහෙකුට දීලා තිබුන ලොකුම දුක මං දැක්කේ එතැනින්...
ReplyDeleteවිද්‍යා ප්‍රබන්ධයක් කිව්වට ඒක එකාතකින් පිළිගත හැකි කතාවක් ජීවයේ ආරම්භය ගැන කියද්දි... අවසානෙදී පෘතුවිය මත ජීවිතයට හිත හදාගන්නා තැනට එද්දි මේ නං අපේ මුතුන් මිත්තෝම තමා කියලා තමා පොත අහවර වෙන්නේ...
මේකේ ඉතිරි කොටස් දෙක මම හිතන්නේ ඉංග්‍රීසි වලටවත් පරිවර්තනය වෙලා නෑ බන් .. මම පොඩ්ඩක් හොයල බැලුව හොයා ගන්න බෑ ..
Deleteමේ කතාව පදනම් වෙලා තියෙන්නේ දැනට අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයා අතර තියෙන ඇස්ට්‍රෝයිඩ් බෙල්ට් එක හැදුනේ මේ කතාවට අදාළ පයේන කියන ග්‍රහලෝකය මේ න්‍යෂ්ටික යුද්ධයෙන් විනාශ වෙලා කියන එක
ඉතිරි කොටස් වල තියෙන්නේ මම හිතන්නේ පෘථිවියේ ජීවිතය ගැන වෙන්න ඕනේ .. මාදා සහ ආවේ ගෙන් පටන් ගන්න පරපුර
මේකේ නම් හැදිලා තියෙන්නේ වාස ගම සෞරග්‍රහ පද්ධතියේ තියෙන ග්‍රහලෝක සහ තරු වල නම් වලින්
ඉංග්‍රීසි පොතේ තියෙන නම් ටිකයි සිංහල පරිවර්තනේ නම් ටිකයි බොහෝ වෙලාවට මැච් වෙලා තියෙනවා
කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ලින්ක් එකේ මුළු පොතම තියෙනවා ඉංගිරිසියෙන්
http://www.lib.ru/RUFANT/KAZANCEW/kazantsev_faety-engl.txt
ඇමේසන් එකෙත් තියෙනවා සල්ලි දීල ගන්න
http://www.amazon.co.uk/The-Destruction-Faena-Alexander-Kazantsev/dp/5050024676
අම්මට සිරි... මේක කියවපු තව උං ඉන්නව එහෙනං... මේක මං ගොඩක් පොඩි කාලෙ අපේ තාත්ත කොළඹ ගිහින් එනකොට ගෙනත් දීපු එකක්. ඒ කාලෙ අමාරුවෙන් කියෙව්වෙ. මගේ ගොඩක් පොත්වලට වෙලා තියෙනව වගේ මේකත් එකෙක්ට කියවන්න දීල රහත් වුණා. පස්සෙ මං කොළඹ ඉන්න කාලෙ මේක ආයෙම ගත්තා ඇස් වාට්ටුව හන්දියෙ අර SPC එක ගාව පේමන්ට් එකේ දාල තිබුණ පොත් කඩේකින් (ඒ කඩ ඒ දවස්වලම අයින් කලාද කොහෙද) අර්ථය දැණෙන්න කියෙව්වෙ ඊට පස්සෙ.
ReplyDeleteනම් ටිකත් එක්ක කතාව පෙළගස්සල තියෙන හැටියට මේකත් සියක් වසක හුදකලාවට දෙවෙනි නෑ. මොනව වුණත් අමතක නොවෙන නම් ටිකක් තමයි...
දෙවෙනි තුන්වෙනි පොත් මාත් සෑහෙන්න හෙව්වා. ඔය කොම්පඤ්ඤ වීදියෙ තිබුණ රැසියන් පොත් කඩේ කැරකි කැරකි කීප වතාවක්ම ඒව හෙව්වා...
චිත්ත විකාර කාරයෝ තව ඉන්නවා එහෙනම්.. :D මටත් මේක පොඩි කාලේ මුලින් කියවනකොට වැඩිය තේරුනේ නෑ.. පස්සේ ආයේ ආයේ කියවනකොට තමයි සිරාවට තේරෙන්න ගත්තේ...
Deleteමම හිතන්නේ අනිත් පොත් ඉංග්‍රීසි වලටවත් පරිවර්තනය වෙලා නෑ...