Friday, January 10, 2025

Amazon Kindle සහ මගේ පොත් කියවීම

අපි ඉතින් ලියනවා කිව්වොත් ලියනවා ..හෙහ් හෙහ්  (කොච්චර කල් ලියයි ද කියල අහන්ඩ එපා :))

ඔන්න මේ වසරේ නම් මම හෙන බුද්දිමත් වෙන්ඩයි යන්නේ .. ඒ කියන්නේ පොත් කියෙව්වහම බුද්දිමත් වෙනවා කියන සංකල්පය අනුව . මට තියෙන ප්‍රස්නේ එතකොට ,  යු බටේ , බුකිය ,  ටික්ටෝක් එක බැලුවම අපිට බුද්දිමත් වෙන්ඩ බැරිද කියන එක . 

ඔන්න දන්න කෙනෙක් එකට උත්තරයක් දෙන්න .. ඕක හරියට දැන ගෙන ඉන්ඩ ඕනේ ඉස්සෙල්ලා නැත්නම් අපිට කවදාවත් බුද්දීමත්තු වෙන්ඩ බෑනේ .

මේ ගිය අව්රුද්දෙ මම ගත්තා Amazon Kindle එකක් .  ඕක ගැන ඒ දවස් වලම පොස්ටුවක් ලියල රට්ටු දැනුවත් කරන්ඩ තිබ්බා ..ඒ වුනාට  ඒක නිකම්ම මෙව්වා වෙලා ගියා ..

කොහොම හරි පුරුස මෙව්වා එක අරන් මේ අව්රුද්දෙ ලියන්න ගත්ත හින්ද ඒක ගැන ඉස්සෙල්ලම කියල ඉන්ඩ එපෑ ..

මේ තියෙන්නේ මම ඒකට දාපු ලස්සන කවරෙත් එක්ක 
මෙන්න මෙහෙමයි ප්‍රධාන මෙනුව තියෙන්නේ 
අපි පොතක් කියවනකොට මේ විදියට අකුරු ලොකු කරලා , දන්නේ නැති ඉංග්‍රීසි වචන වල තේරුම ඔටෝ එන්න හදාගෙන එහෙම කියවන්න පුළුවන් 
පින්තුර නම් කළු සුදු තමා .. කලර් පින්තුර බලන්නයි පොත් කියවන්නයි දෙකක් කරන්ඩ බෑ  කියල Amazon එකේ බෙසොස් අයියා නම් කියන්නේ ..


ඔය මොන ගැජට් එක ගත්තත් සල්ලි දීල පොත් ගන්ඩ තියෙන මෙව්වා එක මෙව්වා වෙන්නෙත් නැහැ .. ඒක  හින්දා මේ ගිය දෙසැම්බරේ ලංකාවට ගිය වෙලාවේ ගත්තු පොත් ටික මේ ..

මේකට අමතරව අර මැයි මාර ප්‍රසංගය කියන පොඩි පොතත් ගත්තා .. ඒක එක හුස්මට (එක හුස්මට කිව්වට හුස්ම 1500ක් විතර ගත්තා ) කියෙව්වා .. ලස්සන කතාවක් .. ඒ පොත මම තියල ආවා ..

ඊට පස්සේ ඔය තිලෝපාගේ මහා මුද්‍රා ගීතය ටිකක් කියෙව්වා .. පස්සේ අනුන්ගේ ලේ කියවන්න ගත්තා .. ඔය පොත මම පොඩි කාලේ ඉඳල දකින ,  නමුත් කවදාවත් ගත්තේ නැති පොතක් .. 

අනිත් එක ඈ හෙවත් අයේෂා ගත්තා .. ඕක කියවල තියෙනවද කොහෙද ඒත් දැන් මතක නැහැ .. අයේෂා කිව්වම ඇලෙන්ඩි කෙල්ලවත් මතක් උනා ඉතින් .. සංසාරේ හැටි නේද .. හෙහ් හෙහ් ..

බව තරණය කොල්ලා කාලේ කියවල තියෙනවා .. දැක්ක හින්ද ගත්තා .. නාකි වෙලා කියවනකොට කොහොම හිතෙයි ද කියල බලමු ..

පාවුලෝ කොයියෝ ගේ එකක් ගත්ත .. සමහර ඒවා එච්චර අල්ලන්නේ නැහැ .. මේක කොහොමද කියල බලමු 

භික්ෂුව සහ දාර්ශනිකයා සහ එක් රැයෙක නවාතැන මට ආපු හොඳ රෙකමදාරුවක් හින්ද ගත්තේ .. 

ආපහු එන දවසේ සරසවි එකට ගිය වෙලාවේ කැමෙලියා ගත්ත එක නම් 80% විතර flight එකේදිම කියෙව්වා .. කතාව හොඳ උනාට ලියල තියෙන උපහැරණ ටිකක් දුර කියවනකොට වදයක් වෙන තරමට වැඩියි කියල මට හිතුනා .. සමහර වෙලාවට සරල දේ සරලව කිව්වනම් කියවන කෙනාට ලේසියි ..

අන්තිමට බෝදිනී දොස්තර නෝනගේ සායනික සටහන් නෙමේ එකත් ගත්තා .. හැමදාම ගන්න හිතාගෙන හිටපු එකක් .. එකත් හොඳ ඇති 

ආ ෆොටෝ එකට ගන්න අමතක වෙච්ච තව එකක් තමා සුරත් ද මැල්  මහතාගේ ළමුතු අමයා පොත .. එකත් හොඳ ඇති කියල හිතල ගත්තේ .

ආ කින්ඩල් එකෙන් මම ප්‍රංස පෙම්වතා සහ හර්මන් හෙසගේ සිද්ධාර්ථ කියෙව්වා .. තවත් එකක් දෙකක් කියවන්ඩ ගත්තා 

මේ අව්රුද්දෙ ඔය පොත් සහ තව සැරෙන් සැරේ අරන් ගොඩ ගහගෙන ඉන්න අනිත් පොත් ටිකත් කියවල ඉවර කරලා ,  හෙන බුද්දීමතෙක් වෙන්ඩ ලැබේවා කියල ආයේ සාදු කාරයක් දෙන්ඩ !!


3 comments:

  1. හේරත් දියතලාවේ හෙන ගොඩේ ඉදං මේ වගේ රැකියා කිරීම ගැන අපේ සතුට

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 6.13

      ගොඩේ කියලා මිනිසුන්ව බුලි කරන්න එපා, උපන් ස්ථානය, පවුල් පසුබිම, හමේ පාට සහ පෙනුම මත, ශරීර ස්වභාවය, අධ්‍යාපන තත්ත්වය, පාසල් පසුබිම, රැකියාව වගේ දේවල් මත මිනිසුන්ට බුලි කරන එක හරිම කැත පුරුද්දක්. ලංකාවේ බෞද්ධ දර්ශනය අනුව බුදුන් වහන්සේ පවා මේ ගැන ගොඩක්ම දේශනා කර තිබෙනවා

      ඔය ගොඩේ කියලා බුලි කරපු අය කොච්චර ලෝකෙට විශාල සේවා කරපු අය ඉන්නවා ද? ලෝකයේ ලොකුම ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් දකුණු අප්‍රිකාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වුණ කෙනෙක්.

      ලංකාවේ බදුල්ල මොණරාගල ඌව පලාතෙන් බිහිවී රටට වගේම ලෝකයටත් විශාල සේවයක් කරපු ලොවම පිලිගත් මිනිසුන් ඕනතරම් ඉන්නවා. දැනටමත් ලංකාවේ ගොඩක්ම ක්ෂේත්‍ර වල ඉහලම ඉන්න අය දක්ෂතම ව්‍යාපාර කටයුතුවල නිරත වන ව්‍යවසායකයො ගොඩක්ම කොළඹ හතේ පොෂ් අය නෙවෙයි අති බහුතරය දකුණු පළාත මූලිකව පීට පලාත්වල සිට කොළඹට පැමිණ සිටින අය.

      ලංකාවේ හාල් වෙලදාම ජයටම කරගෙන යන අරලිය නිපුණ හාල් කර්මාන්ත කරන අය, ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ගොඩක් අය පිටින් ආපු අය

      ලංකාවේ කොළඹින් පත්වු නායකයෝ අවුලවපු 30 අවුරුදු යුද්ධය ඉවර කරන්න මූලීක වූණේ හම්බන්තොටින් ආපු මහින්ද රාජපක්‍ෂ, ගෝටා සහ අම්බලන්ගොඩ සරත් ෆොනී. ඒ වගේම යුද්ධ කරපු ගොඩක්ම කොල්ලෝ පිට පලාත්වල අය කුරුණෑගල අනුරාධපුර ඌව වගේ පැතිවල අය සහ විශේෂ බලකායේ එහෙම දකුණේ අය මිසක් කොළඹ අය නෙමෙයි.

      කොළඹ අය පොශ් විදියට හිතන එකත් හෑල්ලූවට ලක්වෙලා තියෙන්නේ මේ දවස්වල.

      Delete
  2. @ පැතුම්

    අසූව අනූව දශක වල මැද ඉපදුන අපට පොත් පත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා ඒත් අලුත් පරම්පරාව පොත්වලට වඩා නවීන තාක්ෂණය යොදාගෙන තිබෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට වැඩීපුර සම්බන්ධ බවයි පේන්නේ අපේ පරපුරේ අයත් ගෝඩක් පොත් කියෙව්ව අයත් දැන් කියවන්නේ නැති තරම් අපි වුණත් පොත් පත් ගත්තා වුණත් ඉස්සර වගේ කියවන්නේ නැතිව සෝෂල් මීඩියා වලට ඇඩීක්ට් වෙලා ඉන්නේ.

    කොහොම වුණත් පොත් කියවීම උගත්කම සහ පරිණතභාවයට එක්ක සම්බන්ධ බවයි පොදුවේ ජනතාව අතර ප්‍රචලිත මතය, ඒත් ඇත්තටම ඒක එහෙම ද? උදාහරණයක් විදිහට අපේ ලංකාවේ ගම්පලාත වන බදුල්ලේ මීට මාස දෙකකට විතර ඉස්සර බදුල්ලේ මිනිස්සු ඉතිහාසයේ ගහපු හොඳම කතිරය ගැහුව කියල බදුල්ලේ අය මේ දවස්වල කතාවෙනවා, ඒ තමයි චාමර සම්පත් මන්ත්‍රීවරයාට ගහපු කතිරය , හේතුව තමයි පහුගිය මාස කිහිපය තුල සමාජ ජාල වල දැඩි ත්‍රස්ත බලපෑමක් පවත්වාගෙන ගිය මාලිමා සෝෂල් මීඩියා ත්‍රස්ත රැල තම සමස්ත ඡන්ද ව්‍යාපාරය තුළම චාමරව දැඩිලෙස අපහාසාත්මක ලෙස බුලිකිරීමකට ලක්කළා සහ චාමරගෙ ඇඟ පෙන්වලා ප්‍රචාරක කටයුතු කළා ඔහු මලපොතේ අකුරු බැරි නූගතෙක් කියලා හංවඩු ගහලා කොන් කලා.

    ඒ වගේම ප්‍රතිඵල ආවම කිව්වෙ, චාමර කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නෙ මාලිමා ආචාර්ය මහාචාර්යවරු මැද්දේ කියලා , නමුත් මේ වෙද්දී තහවුරු වෙලා තියෙනවා වත්මන් මාලිමා ආණ්ඩුවට චාමරගෙ තර්ක එක්ක හැප්පෙන්න බැහැ කියලා, අර මහලොකු ආචාර්ය මහාචාර්ය බොරු සුචරිතවත් ලෝකෝත්තරයන් 159 කටම නූගතෙක් කිතලා හංවඩු ගහලා බුලි කරපු චාමර සම්පත් එක්කවත් කතාකරගන්න, ඒ තනිමිනිහාගේ තර්ක බිඳින්න බැරුව රෙද්දේ රෙවිලා තියෙන බව පේනවා, දැන් මේ වෙද්දී චාමරව ජෝක් එකට ගන්න ගෙනාව ආණ්ඩුව චාමර මන්ත්‍රී නිසාම තනිකරම ජෝකර් ආණ්ඩුවක් වෙලා කියලා පේනවා නේද?

    ලෝකය පුදුමාකාරයි නේද බලාගෙන ගියාම 🤔

    ReplyDelete