Thursday, September 12, 2024

මම බීලද ? මට වෙරි ද ?

බයියන්ගේ වචනය ජාතිවාදය විය එයින් අප බ්‍රේන්වොෂ් විය. 

ටොයියන් හොරු සමග හෙළුවෙන් සිටියෝය. 

ජෙප්පන් ගේ වචනය හොරකමය එයින් අප බ්‍රේන්වොෂ් වෙමින් සිටිමු.

සියල්ලටම හේතුව ජාතිවාදය බවද , එය නැති වූ කල රට සුකිත මුදිත වන බව අප විස්වාස කලෝය .

ජාතිවාදය බොරුවක් බවද , අවශ්‍ය වන්නේ යහපාලනයක් බවද , එයින් සියල්ල යහපත් වී අපි දියුණු වන බව අපි සිතුවෝය .

උගත්තු සමග හිට්ලර් කෙනෙක් ඇවිත් උගතුන්ගේ සහ හිට්ලර් ලාගේ හැටිද අපිට කියා දුන්නේය .

අවසානයේ පරිණත ජෝකර් කෙනෙක් යන්තම් පණ කෙන්ද රැකගැනීමට හැකිවන මට්ටමට ගෙන ආවේය. 

ඔය හැම මගුලක්ම වරදින්නේ ඔක්කොම හොරු බැවින් ද , හොරු නැති , හොරු අල්ලන අය අපිට ඕනෑ බවද , රටේ දියුණුව වෙනුවෙන් ගත යුතුව තිබූ බොහෝ තීරණ වලදී ඒවාට අකුල් හෙලූ , ලෝකයේ  විනාස වී යන මතවාද වලින් රටේ තරුණයින්ගේ මොලය විකෘති කරමින් සිටින , වචන වලින් සිහින ලෝක මවන ,  මෝඩ (මිනීමරු)  විප්ලවාදින්  පිරිසක් පසුපස දැන් අපි දුවමු. බ්‍රේන්වොෂ් කිරීම සාර්ථකය. 

රටින් එන උගත්තු ඔබ සමග රට හදන්නට  සදා ඉන්නේ නැත . ඉන්න කැමැත්තෙන් එන සියල්ලෝම සහෝදරවරු වීමට කැමති වන්නේද නැත . සහෝදරයින් හැර වෙනකෙකු සමග සාමයෙන් ජිවත් වීමට උපන්ගෙයි ජෙප්පන් දන්නේ ද නැත .

මාලිමාව උතුර දකුණ මාරු කර අයාලේ යැවුවිට යලි හරි පාරට ගන්නට පරිණත ජෝකර්ගේ පණ කෙන්ද අල්ලං සිටීදැයි විස්වාසයක් ද නැත. 

ධනපතීන්ට ඉරිසියා කරමින් හැදුනු , නොමිලේ ලැබෙන කම් බලා සිටින, නොදුන් විට බලෙන් හෝ ලබා ගැනීමට පුරුදු පුහුණු කරවූ රැලක් සමග දියුණු රටක් ගැන සිහින දකින සිරි ලාංකික අපිට තාර්කික බුද්ධිය ඇර අනිත් හැම ගොබ්බ හැකියාවක්ම ඇති බවට මීට වඩා සාක්කි ඕනෑ ද ?

මට වෙරි ද කොහෙද ... !

39 comments:

  1. මාලිගා අඩු කිරීමෙන්, විශ්‍රාම වැටුප් කැපීමෙන්, කාර් පර්මිට් කැපීමෙන් ඉතිරි කරගන්න සල්ලි වලින් අපි අපි රට ගොඩ දානවා. අපිට ඕනා නෑ ඔය එක එක එම් එෆ්.. ඇයි අවුල්ද?

    ReplyDelete
    Replies
    1. සෙන්නා මාලිමාව IMF එක්ක ඉන්නේ . 😀 පෙරටුගමින් විතරයි දැන් IMF එපා කියන්නේ . සජ්ජත් සාකච්ඡා කරනවා කීවට ඉන්නවා

      Delete
    2. සෙන්නා , IMF නැතුව ගොඩ යෑම නම් බොරු .. කොහොම උනත් කියුබාව වගේ තැනක නතර වෙන්න ඉඩ තියෙනවා . මාලිගා සුද්දන්ට විකුණලා ඩොලර් හම්බ කරන්න පුළුවන් හැබැයි .. ලංකාවේ මිනිස්සු හිටියොත් නේ හොරු වෙන්නේ .. හෙහ් හෙහ් හෙහ්

      Delete
    3. අජිත් IMF එක්ක සාකච්චා කරලා ඕක වෙනස් කරන කතානේ කියන්නේ .. මම හිතන්නේ නැහැ දැනට කරන අයත් මේ ජොලියට IMF කියන දේ අහගෙන ඉන්නවා කියල ..බලමු ඉතින්

      Delete
    4. @අජිත්, එයාලා එක එක වෙලාවට එක එක කතා කියනවා..අනුර එකක් කියද්දි ලාල්කාන්ත තව එකක් කියනවා. ඒ දෙන්නම එකක් කියද්දි යටත්විජිත තව එකක් කියනවා. එලෝන් මස්ක්ව නොදන්න එයාලගෙ ආර්තික ඇමති IMF එක ගැන කියපු දේ තමා මේ තියෙන්නෙ. එයා මහ බැංකුව ස්වාධීන කරණවට කැමති නෑ. හැබැයි ආචාර්‍ය හර්ශණ එදා කියුවෙ එයාලා භාණ්ඩාගාරෙත් ස්වාධීන කරණවා කියලා...

      https://www.youtube.com/watch?v=CXfV_IvEszY

      Delete
    5. ඒ ගොල්ලෝ බැංකුව ස්වාධින කරන එකක් නැහැ මම හිතන්නේ. රාජ්‍ය බලය ගැන වැඩි විශ්වාසයක් තියාගෙන ඉන්න කැටිය නේ . ලාල් කාන්ත ගේ ජොබ් එක මම හිතන්නේ පැරණ ජවිපෙ කේඩරය අල්ලා ගැනීම . එය කතා කරන්නේ ඒ අයට.අනුරලා හරිනිලා වයිඩර් ඕඩියන්ස එකට . සජිතුත් ඔය වැඩේ කරනවනේ . බෞද්ධ ටෝක් දනව් ආගම වලට ගිහින් . චෛත්‍ය 10000 හදනවා කියල කියනව . ලංකාවේ දේශපානය

      Delete
  2. පරණ හොරුම පත්කරන්න පැතුවද පැතුමෝ????

    ReplyDelete
    Replies
    1. අලුත් හොරු ආවම හොරු හොරු කියල කෑගහන්න කෙනෙක් නැති වෙන එකයි මට කනගාටු .. හෙහ් හෙහ් ..
      අපි බලමු .. සැබෑ වෙනසක් වෙන්නත් පුළුවන් නමුත් ඉතිහාසේ හැටියට නම් අපි කවදාවත් හරි වෙලාවේ හරි තීරණ අරගෙන නැහැ

      Delete
  3. රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට
    රට අනුරට
    අනුරට රට

    ReplyDelete
  4. බිලත් නෑ වෙරිත් නෑ.... උඹට පිස්සු

    ReplyDelete
    Replies
    1. ඔව් අයිසේ .. මට විතරක් සිහි කල්පනාව තියෙන්න විදියක් නෑනේ

      Delete
  5. අතපය හතර හොඳට තියෙන උන්ට පිනට කන්න දෙන එක නැවැත්තුවොත් සෑහෙන ගානක් ඉතුරු කරගත්තහැකි.

    ReplyDelete
    Replies
    1. ඉතුරු කරලා දියුණු කරන්න බෑ බන් .. දියුණු රටවල් කියන්නේ අසරණ මිනිස්සුන්ට වඩා හොඳට සලකන රටවල් .. රට දියුණු කරන්න වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් ඕනේ .. මට මාලිමාව ගැන විස්වාසයක් තිබ්බත් මාලිමාව එක්ක ඉන්න ජෙප්පෝ විස්වාස නැහැ .. වැඩි ඉඩක් තියෙන්නේ එන උගත්තු කැපිලා ගොබ්බ සෙට් එකක් පාර්ලිමේන්තු යන්න ..

      Delete
    2. මෙහෙත් සිසුන් ඇමතිලා වෙයි ද? හෙහ් හෙහ්...
      අරගල කරන්න ගිහින් බංගලි නානවා ලොවෙත් නැති නෑමක්.. පුස් අරගල වලින් රටකට කරන්න පුළුවන් විනාශයට හොඳම උදාහරණය බංගලාදේශය..

      Delete
    3. අරගල කරලා අනවශ්‍ය අය පන්නල සුදුසු කෙනෙකුට බාර දෙන වැඩේ අපි නම් හරියට කළා කියල මම හිතනවා .. දැන් මේ ඒක ආයේ රිවස් කරගන්න හදන එක තමා අවුල

      Delete
  6. සැකයේ වාසිය විත්තියටයි කියනව නෙව? එයාල කියන්නෙ, අපිටත් චෑන්ස් එකක් දීල බලන්න කියලනෙ? ඇත්ත, කස්ටියගෙ පැටිකිරිය දන්න අයට, ඒකෙ අවදානම තේරෙනව. ඒත් වෙන විකල්පකුත් නැති එකේ, ඒ අවදානම ගන්නම වෙනවා.

    රට ආසියාවේ ඈස්චර්‍යය වෙන එකක් නෑ. ඒත් යම් සිස්ටම් චේන්ජ් එකක්/සමාජයේ ආකල්ප වෙනසක මූලාරම්භය වුනොත් හොඳටම ඇති. ආණ්ඩුවේ සුදු අලි/ පිංබතාල, කොමිස් සංස්කෘතිය. "ගේමක් ගසා" ගොඩ යෑම වගේ දේවල්. කොටින්ම, අරටුවටම කුණුවී ඇති සමාජයේ ආකල්ප වෙනසක් ඇති වුනොත්....

    ReplyDelete
    Replies
    1. මයෙ අදහසින් වැඩි පංගුවක් බර බසූගෙ අදහසට තමයි.
      ඒත් අවදානම අරගෙන ඉවරව කරයි කියල බලා හිටියොත් කවුරැම වේවා කරාවි කියල තමයි බය

      Delete
    2. මටත් එහෙම සුබවාදී හැඟීමක් තියෙනවා බස්සා .. හැබැයි බොහෝ වෙලාවට වෙන්නේ අපි ඔය දකින සුබවාදී පැත්තට වඩා අපිට දැනට නොපෙනන හානි වෙන්න පුළුවන් කම , උදාහරණ විදියට දැනට වැඩ කරන නිලධාරින් සහ උග්‍ර ජෙප්පන් සමග ගැටුම් .. මොකද අදහස් වල තියෙන පරස්පර බව නිසා ..

      බලය ලැබුණු විට ඒවා පාවිච්චි නොකර , තමන්ට සහ තම තම හිතවතුන් වෙත වාසි නොලබා ගන්නට තරම් ජෙප්පන් යනු වෙස්සන්තරලා නොවීම ..

      කැම්පස් වල බ්‍රේන්වොෂ් කීරීම රාජ්‍යානුග්‍රහය ඇතුව සිදුවී අනාගත පරපුර තව දුරටත් යල්පැනගිය අදහස් පසුපස දිවීමට ඇති ඉඩ වැඩිවීම .. මේවා වෙන්නට ගත්තොත් අවුරුදු 10-15කින් නැවත රිවස් කිරීමට නොහැකි මට්ටමක් ඇතිවීම .. බොහෝවිට කාටවත් නොපෙනී යන දේවල් .. හැමෝම හොරු අල්ලපු සතුටින් ඉන්නකොට

      ඔවුන්ගේ ධනවාදී නොවන ආකල්ප කාලයක් තිස්සේ සමාජ ගත උනොත් අලුතින් වෙනස් වන්නට තියෙන අමාරුව ..

      මේවා ඔක්කොම වෙන්න පුළුවන් දරුණු හානි ..

      නමුත් සැකයේ වාසිය දීලා බලමු ඉතින්

      Delete
    3. නමියා , අපි බලාගෙන ඉමු ඉතින්

      Delete
    4. @බකුස්, ඕකට තව එකතු වෙන්න ඕනා පගා සංස්කෘතිය. ඒකෙ ප්‍රධාන පංගු කාරයො තමා ඔය අද හොරු හොරු ගගා බූමිතෙල් වැදිච්ච ගැරඩි වගේ දගලන්නෙ.. උන්ට මොනවා හරි කියපු ගමන්, උන්ගෙ අනියම් ආදායම් අහිමෙ වෙන මොකක් හරි තීරණයක් ගත්ත ගමන් වැඩ වර්ජණ..

      Delete
    5. සෙන්නා, පැතුම් බොලා කියන පොයින්ට් වල සෑහෙන ඇත්තක් තියනවා. සාම්ප්‍රධායිකව සහෝදරවරු කැමති දේවල්:
      1. තුවක්කුවෙන් බලය අල්ලා සදාකාලිකව බලයේ සිටීම.
      2. විපක්ෂ, අරගල, යූනියන් අතුගා දමා ඒකපාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම.
      3. අධිකරණය මකවා "කැන්ගරු කෝට්" ක්‍රමයට නඩු ඇසීම. එක පෙලට සිටුවා වෙඩි තැබීම සහ ලයිට් කණුවල එල්ලීම.

      විප්ලයෙන්/තුවක්කුවෙන් තමයි බලය අල්ලන්න ඕනෙ කියන අදහස අතහැරලා චන්දෙට ආපු නිසා මම අනුරට සැකයේ වාසිය දෙන්න කැමතියි . ඔහු අවංකවම වෙනසක් කරන්න කැමතියි කියල මම හිතනවා. අපේ රට වටේටම මූද, මුඩු ඉඩම්, පුරන් වෙච්ච කුඹුරු සෑහෙන්න තියනවා.

      හැබැයි ඉතිං මාවෝ කලා වගේ මිනිස්සුන්ව කුඹුරු වලට දක්කලා, වී කුරුල්ලො මරලා පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන්න හිතුවොත් (ආරේ ගුණ නෑරේ) සොරි ඩොට් කොම් තමා. ඒකට ලුණු වතුරට ඔරොත්තු දෙන බීජ තාක්ෂ්ණය ඕනෙ. මූදෙන් අස්වැන්න ගන්න මෙහෙම ඕනෙ.නව තාක්ෂණික ක්‍රමවේද

      සමාජයක් වශයෙන් අපි කම්මැලි, උද්දච්ච මෝඩ ජාතියක්. මේ තාක්ෂණය අන්‍රයියා සමාජවාදී කියල හිතන් ඉන්න යාළු-මිත්‍ර චීනෙ,රුසියාවෙන් නිකං දෙයි කියල හිතන්න බෑ.
      New fish farming technologies

      Delete
    6. අපිට හැමදාම තියෙන්නේ quality අවුලක් බස්සා , අපි හෙන ලාමක දේවල් වලින් සතුටු වෙනවා .. අනුර ගැන මට ඉස්සර ඒ අවුල තිබ්බා නමුත් මාලිමාව සහ දැන් රටේ තත්වය අනුව ඔවුන්ට බාල වැඩ කරලා ඇඟ බේරගන්න බැරී වෙයි කියල මමත් හිතන්න කැමතියි ...

      වැරදි පාරට වැටෙන සැනින් පාරට බැහැල හරි පාරේ අරන් ගියොත් ඔය කියන වෙනස කරගන්න පුළුවන් වෙයි .. නමුත් එහෙම කරන්න ඉන්නේ කවුද ?

      ජෙප්පන්ට බලය දෙන්න තිබ්බ නියම අවස්තාව එක්කෝ යහපාලනේ ආපු කාලේ , නැත්නම් යුද්දේ ඉවර කරපු ගමන් . . නැත්නම් තව අවුරදු 5කින් විතර .. කෙල වෙලා ගොඩ යන ගමන් (ගොඩ යන්නේ කොහොමද කියල වැදගත් නැහැ .. නමුත් මිනිස්සුන්ට අවශ්‍ය දේ තියෙනවනේ . ) අවිස්වාසබල් සෙට් එකකට බලය දෙන එක මෝඩ කමක්

      දියුණු රටවල් slow and steady බොහෝවිට දිනනවා .. නමුත් අපිට හැමදාම ඕනේ කලේ rapid results . බොහෝ විට වැරදි ප්‍රතිපල ..

      මේ තියෙන්නේ අපි දන්න කාලේ කරපු එහෙම වැඩ
      දෙමලු මරල යුද්දේ ඉවර කරන්න
      පුළුවන් තරම් ලොකු බිල්ඩින් හදල දියුණු රටක් විදියට පෙනී ඉන්න
      හිට්ලර්ලා ගෙනල්ලා හොදින් හරි නරකින් හරි ඔක්කොම එකපාර වෙනස් කරන්න ..
      දැන් සියලු හොරු එකපාර පන්නල දාල අලුතින් restart කරන්න ..

      ඔබල බලමු ඉතින් restart බට්න් එක බූට් උනොත් හොඳයි ... හෙහ් හෙහ් ..

      Delete
  7. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටක් හදනවනම් මම ඒකට කැමැතියි. හැබැයි හාඩ් ලයිනර්ස් ල උඩට ආවොත් ඉතින් සොරි ඩොට් කොම් තමයි

    ReplyDelete
    Replies
    1. ඔය සොරි ඩොට් කොම් වීම ගැන තමා මගෙත් බය .. බලමු

      Delete
  8. වෙනසක් කරන්නට බිය වුනි නම් සිදුහත්
    බුදු බව ලබනවද බෝසත් කවදාවත්
    Do or Die කියා අපි වෙනසක් කෙරුවොත්
    රටත් අපිත් ගොඩ අනුරව දිනවව්වොත්!

    ReplyDelete
    Replies
    1. නිදි අනුරට මැජික් කරන්න බැහැ .. අනුර වැරදි පාරේ ගිහින් විරුවෝ සමරන්නයි , කියුබාව රැකගන්නයි පටන් ගන්න පලවෙනි අවස්ථාවේම පාරට බැහැල එයාව හරි පාරේ ගෙනියන්නත් වෙයි

      Delete
    2. @නිදී, වෙනසක් කරණ එකනම් හොඳයි.. නොනැසී පවතින්නනම් වෙනස අත්‍යවශ්‍ය‍යි.. ඒත් අවුල වෙනසට තෝරගෙන තියෙන්නෙ වෙනස් වෙන්න අකමැතිම ජාතියක් වීමයි...

      Delete
  9. [වෙනසට තෝරගෙන තියෙන්නෙ වෙනස් වෙන්න අකමැතිම ජාතියක්] මේක තමා පොයින්ට් එක ! රැල්ලට මිනිස්සුන්ට ඕක මතක නැහැ .. තේරෙනකොට සොරි ඩොට් කොම්

    ReplyDelete
  10. හිතට එකගව රනිල්ට හෝ සජිත්ට චන්දෙ දෙන්න බෑ ... නන්දසෙනට වඩා දෙයක් ජෙප්පෝ කරයි කියල විස්වාසයි...

    ReplyDelete
    Replies
    1. රනිල් කරන දේවල වටිනාකම අපිට එදිනෙදා පෙන්නේ නැහැ ... rapid results නැහැ .. නමුත් යන්නේ slow steady හරි මාර්ගයක කියල මට නම් හිතෙනවා .. නමුත් කරන ජෝකර් වැඩ හින්දා කරන දේවල වටිනාකම වැහිලා යනවා ..

      මහින්ද (අනුර දැනට ) කියන කරන දේවල් වලට මිනිස්සු ආසයි , හෙන ත්‍රිල් හැබැයි අවසානය දන්නෙම නැතුව කෙලවිලා ..

      සජිත් ගැන වචන නාස්ති නොකර ඉමු

      Delete
    2. රනිල් තමයි "සේෆ් බෙට්" එක කියන එකට එකඟයි. ජනා-පිනා නිසා හිටු කියල බදු ගහන එක වගේ, ජන-අප්‍රිය තීරණ ගත්තා. IMF ගයිඩ් ලයින් එක අකුරට ක්‍රියාත්මක කරනවා. ආර්ථික අවපාතයෙන් ගොඩ ආවෙ ඒ නිසා මිස රනිල්ගෙ විශේෂ "ඉදිරි දැක්මක්" නිසයි කියල මට නං හිතෙන්නෙ නෑ.ඒත් පැටිකිරිය බැලුවාම, රනිල් අසමත් නායකයෙක්.

      අවුරුදු 76ක් අපි හිටියෙ ආර්ථික බුබුලක. "උගත්තු සමග හිට්ලර්" තමයි රට බංකොලොත් කරවලා ඒ බුබුල බින්ඳෙ. ඒහෙම බැලුවා ඒක හැරවුම් ලක්ෂයක්. මට මතකයි ඒ දවස්වල ඒ දවස්වල රංග තේනුවර කියල හාදයෙක් කාර්ගිල් එකෙන් ගෝට් චීස් - සැමන් "ෆිලට්" කලා ඇවිත් ඉකනො එක්ක මරාගත්ත, ආර්ථිකය බලොකොලොත් වෙන්නෙ නෑ කියල.

      රනිලට දෙනවා කියන්නෙ, ආර්ථිකය දෙලොවටම නැතිව, මෙහෙම ඇදි-ඇදී යනවා කියන එකයි. අපිට අවශ්‍ය ආයෙත් හැරවුම් ලක්ෂයක්. අන්‍රයියා එක්කො පරිනාමයට අනුගතවෙලා යම් වෙනසක් කරාවි, නැත්නම් අනාත කරවලා, කුජීත කරවලා කෙලවලාම දාලා දෙයි. කොහොම වුනත් ඒක හැරවුම් ලක්ෂයක්.

      මේ කොන්ස්පිරයි තියරිය මගේම එකක් නෙමෙයි. කාගෙද FB පේජ් එකක තිබ්බ සමහර අදහස් අරං හදපු එකක්.

      Delete
    3. ඕකම තමා මමත් කියන්නේ . එක්කෝ රනිල් . එක්කෝ අනුර . ප්පේමදාස ගෝඨා ගේ අවතාරයක්

      Delete
    4. ප්‍රේමදාස-ගෝඨා දෙන්නම "සොඳුරු ආඥාදායකයා" වගේ මතුපිටින් පෙනුනට, මට නං වෙනසක් පේනවා.

      ප්‍රේමදාස - සාර්ථක ආර්ථික ක්‍රමයක් ගෙනා එකම ආඥාදායකයා. ඒත් "සොඳුරු" කොටස ගැන කියනව නං, ලාංකික දේශපාලන ඉතිහාසයේ හිටපු කුරිරුම ඝාතකයා. ඒත් ඒකට තකතීරු ජෙප්පොත් වගකියන්න ඕනෙ. පුෂ්පයා, ජෙප්පොන්ට කිව්වා එන්න ඇමතිකම් දෙන්නම් කියලාත්.

      ගෝඨා - මෝඩයි, උද්දච්චයි ඒත් ඇත්තටම "සොඳුරු ආඥාදායකයෙක්". ආර්ථික වශයෙන් පට්ට ෆේල්, ඒත් දාලා ගියා මිසක් එක වෙඩිල්ලක් තිබ්බෙ නෑ.

      Delete
    5. මගේ නම් මතය රනිල් දිනලා මාලිමාව විපක්ෂය වෙලා ඊළඟ චන්දෙන් අනුර ජනාධිපති වෙන එක තමා වෙන්න පුළුවන් හොඳම සහ සේෆ් ම දේ ..

      අනුර කතාවට දක්ෂයි , ඇමතිකමක් වගේ දේවල් වලදී වැඩ කරන්නත් පුළුවන් කියල ඔප්පු කරලා තියෙනවා .. හැබැයි කෙල වෙච්ච රටක් ගොඩ දාන්න තරම් දක්ෂයි කියල හිතන එක මෝඩයි ..(මම වැරදි වෙන්න පුළුවන් ) වෙනස් නොවන තද ගති ලක්ෂණ පෙන්නුම් කරන මිනිස්සු සැබෑ ප්‍රශ්න වලදී හෙන දුර්වලයි ... එයාලගේ කන්ට්‍රෝල් එකෙන් තොරව සිද්දවෙන දේවල් වලදී නැමෙන්න , පරදින්න , තමන්ගේ ego එක කැඩෙන්න දෙන්න එහෙම අයට බැහැ .. එයාල ගන්න හෙන සිරා වගේ මුලින් පෙනෙන තීරණ වලින් දීර්ගකාලීනව වෙන හානිය දරුණු වැඩියි ..

      අනුර දැන් දිනන ක්‍රමය අල්ලගෙන ඉන්නේ .. මිනිස්සු ඉල්ලන දේ ගැන කතා කරනවා . මිනිස්සුන්ගේ සංවේදී නහර අල්ලන ආර්ට් එක ඔහු ඉගෙන ගෙන (මහින්ද වගේ )

      රනිල් පිස්සෙක් , ජෝකර් කෙනෙක් රනිල්ට මිනිස්සු දිනන , කතා කරන ආර්ට් එක තේරෙන්නේ නැහැ ..ඒක තේරුම් ගන්න කවදාවත් ඕනෙකමකුත් නැහැ .. නමුත් ඔහු ගන්න තීරණ සහ ඒවායින් ඇතිවන දිර්ගකාලින බලපෑම වඩා සුබදායි සහ නිවැරදියි ..

      අපිට ජිවිතේ හම්බවෙලා තියෙන මේ ගති ලක්ෂණ තියෙන යාලුවෝ, බොස්ල ගැන පොඩ්ඩක් හිතල බලන්න


      Delete
    6. අනුර-රනිල් දෙන්නා ගැන සෑහෙන්න නිවැරදි විශ්ලේෂණයක් කියල හිතෙනවා.

      //හැබැයි කෙල වෙච්ච රටක් ගොඩ දාන්න...//
      මේක කරන්න ඕනෙ කරන තිරසාර ක්‍රමවේදයක් අනුර-රනිල් දෙන්නම ගාව නෑ නේද? එකම වෙනස, අනුර කනා බල්ලන් ගහනවා වගේ සමාජවාදී අතහදා බැලීම් කරන්න ගිහින් හොට බිම ඇනගන්න තියෙන සම්භාවිතාව වැඩි වීමයි. ඒත් හරියට කලොත්, සමාජයේ ආකල්පමය වෙනසක් කිරීමේ හැකියාව සහ හික්මීම ජෙප්පො ගාව තියනවා. රට දියුණු කරන්න, ආයෝජකයො අකර්ෂණය කරගෙන අවශ්‍ය කරන, අපට නැති තාක්ෂණික දැනුම ගෙන්න ගන්න ඒක වැදගත්.

      උදාහරණයක් : රනිල්ගෙ "පුස්ස වැගන්" පැට්ටේරිට අප්‍රිකාවට ගිය එක.

      Delete
    7. ජෙප්පෝ වෙනස් වෙලා නම් හික්මීම එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්.. ඒක ඇත්ත .. නමුත් එහෙම නොවුනොත් රට දැන් තියෙන තැන කියන්නේ ලොකු අවදානමක් තියෙන අවස්තාවක් .. රනිල්ගෙන් තව අවුරුදු කීපයක් වැඩ අරන් ජෙප්පන්ට දීම හොඳ වෙන්නේ ඒ නිසා ..

      අපි ඉතින් සොට් එකක් දාගෙන(බ්‍රෑන්ඩ් එක වයින් ) බලං ඉමු ... රටෙත් නැති අපි වෙන මොනවා කරන්නද

      Delete
  11. ඔයාල මේ වීඩියෝව බලල තියේද?
    https://www.youtube.com/watch?v=5Zul3iqJDF8&t=1755s

    ReplyDelete
    Replies
    1. නිදී මම මේක බැලුවා .. ඉතා හොඳ විශ්ලේෂනයක් ..

      මැලේසියාවේ මහතීර් මොහොමඩ් අවුරදු 95දීත් අගමැති උනා ..

      අවුරුදු 2කින් රනිල් ලෙඩ වෙනවා කියන උපකල්පනය මෝඩයි කියල මට හිතෙන්නේ .. ඒ සමගම රනිල්ගේ ආණ්ඩුවක විපක්ෂය අනුර වීම ගැන කතා කලේ නැහැ .. රනිල් ඉන්න ඕනේ මේ ටික කාලයක් පන්න ගන්න විතරයි .. ඒ අතරේ හොරු අල්ලන්න 30% විතර බලයක් අනුරට දෙන්න පුළුවන් ..

      මේ හැමදේම අපි දකින්න කැමති විදිය අනුව වෙනස් වෙනවා නිදී ..
      දේශපාලනේ කියන්නේ මොලෙන් ගන්න ඕනේ තීරණයක් .. ලංකාවේ අපි හැමදාම හදවතින් තීරණ ගන්නේ .. රනිල් මිනිස්සුන්ගේ හදවතට දැනෙන දේශපාලනේ කවදාවත් කරන්නේ නැහැ .

      අනුර ඉස්සර කලෙත් නැහැ ..නමුත් දැන් අනුර ඒ කලාව ප්‍රගුණ කරලා ..

      මට ෂුවර් නැත්තේ .. අනුර පෙන්නන හදවතේ නායකත්වයට , හදවතත් මොළයත් දෙකම නැති ජෙප්පන් රැලක් සමග කොච්චර දුර යන්න පුළුවන් වෙයි ද කියල ..


      නමුත් මමත් සුබවාදී වෙනසක් වෙයි කියල හිතන්න කැමතියි ...

      Delete