Tuesday, March 24, 2015

Toastmasters ලාගේ පබ්ලික් ස්පිකින්

     වේදිකාවක් උඩ නැගල කතාවක් කරන්න කොච්චර පුරුෂ මෙව්වා එකක් (ගෑනු අයට නම් මොනවා තියෙන්න ඕනේ ද කියල මම දන්නේ නෑ) ඕනේ ද කියල ඔය බැරි වෙලා හරි එහෙම කතා කරපු අය දන්නවා ඇති.

       ඔන්න කතාවක් කරන්න ඕනේ කියල සෙට් වෙද්දී මුලින් ම හිතෙනවා ආ ඕක මොකක් ද ... ඔය දන්න ටික කියල දාන එක නේ කියල පොර වගේ ලැස්ති වෙලා, විස්තර හොයාගෙන ඇට්ටි හැලෙන්න දෙන්නම් කියල ඉන්නවා. සුපුරුදු පරිදි ඉතින් ඕනෙම දෙක අන්තිම මොහොත එනකම් ආතල් එකේ ඉඳල ඔන්න ටිකෙන් ටික උඩට නගින්න වෙලාව එනකොට හාට් එකේ ලබ් ඩබ් සද්දේ එළියටත් ඇහෙන්න පටන් අරන් හීනියට දාඩිය දාගෙන එනවා. මේ අපුරුවට තිබ්බ කකුල් දෙක හීනියට මෙව්වා වෙන්න පටන් ගන්නවා. තව ටිකක් වෙලා යනකොට කලිසමත් හෙල්ලෙනවද කියල ෂුවර් නැති තරමට අර කකුල් දෙකේ මෙව්වා එක වැඩි වෙන්න ගන්නවා. හදිස්සියට කෙල පොඩ්ඩක් හොයා ගන්න බැරි තරමට උගුර කට වේලෙන්න පටන් ගන්නවා. "මොන මගුලකට මේක බාර ගත්තද, යකෝ අපුරුවට අර පුටුවක වාඩි වෙලා කියන දෙයක් අහගෙන ඉන්න තිබුනනේ, අනිත් එක මේවා මේ එහෙම කියන්න පුළුවන් දේවල් නෙවෙයි, හරියට ලැස්ති වෙන්නත් බැරි වුනා, මේකද යකෝ යහපාලනේ කියල හිතෙන්න පටන් ගන්නවා ."



       තව ටිකක් ලං වෙනකොට වටේ පිටේ වෙන්නේ මොකද කියලවත් සිහියක් නැති තරමට අර හීනියට වගේ පටන් ගත්ත මෙව්වා ඔක්කොම ටික උපරිමේටම ආපු ගමන් අපිට ස්ටේජ් එකට නගින්න වෙනවා.... අඩුම තරමේ ඉඳන් ඉන්න පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන්න වෙනවා ... 

      ඔය ස්ටේජ් එකට නැගල මයික් එක ගාවට යන ටික හරි පුටුවෙන් නැගිටලා ඉස්සරහට යන ටික හරි 90% ක් විතර වෙලාවට සිද්ද වෙන්නේ ෆුල් ඔටෝමැටික්. ඒ කියන්නේ නින්දෙන් ඇවිදිනවා වගේ තමයි. එකපාරටම ඉස්සරහ වාඩි වෙලා ඉන්න උන් ටික දැක්ක ගමන් තමයි අම්මට හුඩු කියල සිහිය එන්නේ ... 

     කොහොමින් හරි අටවාගෙන අවසර ගත්ත කියමුකෝ. ප්ලෑන් කරපු වචන ටික දාල වාක්‍යක් දෙකක් කියාගන්නත් පුළුවන්. ඊට පස්සේ ටික ටික එකින් එක මඤ්ඤං වෙන්න පටන් ගන්නවා. අන්තිමට කියන්න හිටපුව මුලින් කියවෙනවා. හුටා දැන් කමක් නෑ කියල කියාගෙන යද්දී කියන්න හිතපුවත් නැති කෑලි අතර මැද්දෙන් කියවෙනවා. එතකොට තමයි ආතල් මොකද කතාව ට්‍රැක් පැනගෙන යනවා නේද කියල හීනියට දැනෙන්න පටන් ගන්නවා. ආයෙත් ට්‍රැක් එකට අරගෙන මාතෘකාවට අදාළව කතා කරන්න කියල මොනවා හරි කියන්න ගියාම මුලින් කිව්වේ මොකක් ද කියල මතක නෑ. ටිකෙන් ටික ආ...ආ ... ම්ම්ම් .. හ්ම් ..වගේ සද්ද , පොඩි පොඩි කැස්ස.. ආදිය එන්න පටන් ගන්නවා ... 

      වාඩි වෙලා ඉන්න උන් එකා දෙන්න මුනට මුණ බලාගෙන හීනියට හිනා වෙද්දී වැඩේ ජෝන් බාස් ට ගිහින් කියල ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. අර පුරුෂ මෙව්වා එකේ ඉතිරි වෙලා තියෙන ප්‍රමානේ හැටියට ඔය අවස්ථාව වෙද්දී ඉරණම තීරණය වෙනවා. පුරුෂ මෙව්වා රින මට්ටමට ඉවර වෙච්ච උන් කෙලින් ම ගිහින් ඉඳ ගන්නවා. (සභාවේ සිනා  සැපයි කියල හිතාගෙන ). බින්දුව මට්ටමට වගේ තියෙන උන් බොහොම ස්තුතියි වගේ එකක් කියල හිනාවක් දාල යනවා ... මුලින් අනාගෙන පස්සේ හතර වටේ ගාගෙන යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ වගේ හරි කතාව කරලා පිළිවෙලකට ගැලපෙන්න අවසානයක් දාල එන්න තරමින් පුරුෂ මෙව්වා ඉතිරි වුනා කියන්නේ ඉතින් ඌ සිරා පොරක් තමයි .. ඔය අතින් ගත්තම ඔය දේශපාලකයෝ කියන්නෙත් සිරාම පොරවල් ... මොකද ඉතින් වගේ වගක් නැතුව ගල් බොරු කියල ජාතික වීරයෝ වගේ අපුරුවට බැහැල යනවනේ. 

       මම කිව්වේ මේ අපි වගේ හුදී ජනයට ඔය හිටපු ගමන් කට්ටියක් ඉස්සරහ කතා කරන්න සිද්ද වුනොත් මුණ දෙන්න වෙන සන්තැසිය ගැන .. හැබැයි උපතින් ම ඔය හැකියාවල් තියෙන අය ඉන්නවා. එයාලට ඕව සිම්පල් වැඩ ..

      මට ඔය පබ්ලික් ස්පිකින් කියන එක ටිකක් පුළුවන් .. මම හිතන්නේ අපේ තාත්තාගෙන් ආපු හැකියාවක්. හැබැයි ඔය මම කියපු ලක්ෂණ ඔක්කොම පහලවෙනවා කතාව කරන්න කලින්. යන්නේ කොහෙද මල්ලේ පොල් සින් එහෙමත් වෙලා තියෙනවා. හැබැයි පිළිවෙලකට අවසානයක් කරලා ඇවිල්ල ජාමේ බේරගන්න පුළුවන්. (කතාවේ හරය / ගත යුතු දේවල් වගේ ඒවා ගැන මට අදාළ නෑ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන්නේ ඒකනේ ..හෙහ් හෙහ් ) 

      මම මුලින් ම කතාවක් කලේ දහම් පාසලේ. මම හිතන්නේ ඔය උදේ රැස්වීමේ ද කොහෙද ඒ ගැන නම් ඒ හැටි මතකයක් නෑ. ඉස්කෝලේ කාලේදී ඒ හැටි ඕවට උනන්දු වුනේ නෑ. ඒත් ඔය කථික තරඟ වලට ද කොහෙද හිටිය.මට හැබැයි එච්චර අල්ලලා ගියේ නෑ ඔය කථික තරඟ වල දෙන හෙන පොර ටෝක් සහ අතපය විසි කරන විදිය මට එච්චර දිරවන්නේ නෑ. 

     ඉතින් පිරිසක් ඉදිරියේ ටිකක් වැදගත් විදියේ කතාවක් ස්ටේජ් එකක් උඩ නැගල මුලින් ම කලේ ඔය මගේ අර පොත එලි දක්වපු දවසේ ස්කොලේ මේන් හෝල් එකේ. එකත් ඉතින් සැහෙන්න නා ගත්තා . ගෙදරින් හොඳට පුරුදු වෙලා මෙහෙමයි අවසර ගන්නේ , මේ ටික තමයි කියන්නේ , මේ විදියට ඉවර කරන්නේ ආදී වශයෙන් ඔය මහතා ,මහත්මිය , මැතිතුමා යන වචන එහෙම හරියට කියල ඇවිල්ල ඉන්න අයට උදව් කරපු අයට ස්තුති කරන්න ඕනේ ආදී දේවල් ගැන හෙන අවවාද රැසක් එහෙම හම්බවුණා උත්සවේ දවසේ සහ ඊට කලින් ඉඳන් ම. 

     හැබැයි ඉතින් සිද්ද වුනේ මෙහෙමයි. මම අර පෝඩියම් එක ගාවට ගියා පිළිවෙලකට අවසර නම් ගත්තා. ලෑස්ති වෙච්ච කතාවකියන්න පටන් ගත්තට ප්ලෑන් කරපු පිළිවෙලට හරියට මතක් වෙන්නේ නෑ .. හැබැයි ඉතින් කොහොම කිව්වත් කියන්න ඕනේ මේවනෙ කියල ඔලුවේ තිබ්බ නිසා මම මට පුළුවන් විදියට කතාව කළා .ටික වෙලාවක් යද්දී මෙන්න හෝ ගාල ඇඩෙනවා .. ඒ ඉතින් ඔය අම්ම, තාත්තා උදව් කරපු පවුලේ අය ගැන කියද්දී .. කොහොම හරි ටික වෙලාවකින් හෝල් එකේ හිටපු සැහෙන කට්ටියක් ඇඬුව. හෙහ් හෙහ් .. ඊට පස්සේ ඉතින් මහතා මැතිතුමා කෑලි නෑ. අවසානය නම් කොහොම වුනාද කියලත් මතක නෑ දැන්. හැබැයි ඒ හැටිම චාටර් නම් වුණේ නැද්ද කොහෙද . කට්ටියම අනුකම්පා කරලා සද්ද නැතුව ඉන්න ඇති .. :)

      හරි ඊළඟට කරපු කතාව නම් ඉතින් ඔන්න පබ්ලික් කියන්න පුළුවන්. එකත් ඔය පොතේ සින් එකක් ම තමයි . ඔය පොතේ සින් එක කලේ මම උසස් පෙළ කරන කාලේ නේ. උසස් පෙළ කරන කාලේ වැඩිපුරම කරන්නේ රටේ ඉන්න ටියුෂන් මාස්ටර් ල ගාවට දුවන එකනේ . අපිත් ඉතින් ගම්පහ ටවුමේ තියෙන හැම පන්තියක් ම වගේ ඒ දවස් වල වන්දනා කළා . ඉතින් ඔය ගිය ප්‍රසිද්ධ පන්ති වල අවසන් දවසේ තියෙනවනේ පොඩි පාටි සීන් එකක් . මම ගිය එක ෆිසික්ස් පන්තියකත් දැන් ඔන්න ඔහොම පොඩි පහේ පාටි සීන් එකක් තිබුන . සර් ළමයින්ට දෙන්න ඕනේ අවසන් උපදෙස් දීල සුභ පතල අනම් මනම් කරලා එහෙම ඔය ඉතින් කට්ටිය ස්ටේජ් එකට් නැගල ඔය සින්දු කියල ආතල් ගන්න අවස්තාව ආව. 

     දැන් ඉතින් වැඩේ නැගලම යනවා අපිත් ඉතින් ඔහේ සිංදු අහගෙන ආතල් එකේ ඉන්නවා . දැන් ඔය කට්ටිය එක එක්කෙනාව ස්ටේජ් එකට නග්ගන්නේ සර් ට තුන්ඩු කෑලි යවලනේ . 

      සරුත් ඉතින් ඕව කියවල "ආ මෙන්න මෙයාට සින්දු කියන්න පුළුවන් ලු .. ආ කෝ එයා එන්න බලන්න" කියල කතා කරනවා . 

     කොල්ලො කෙල්ලෝ ඉතින් ආතල් එකටත් එක්ක නවා. හැබැයි ඉතින් ලස්සනට සිංදු කියන්න පුළුවන් ළමයි ගොඩක් ඔය පන්තිවල ඉන්නවා . වැඩේ ඔහොම නැගල යන අතරෙදි අපිත් ඉතින් දන්න දන්න උන්ගේ නම් ලියල සර්ට යවනවා . 

     ටික වෙලාවක් යනකොට මෙන්න සර් කාරය මගේ නම කියල කතා කරනව .. .කවුරු හරි එකෙක් හරි එකියක් හරි මගේ නමත් ලියල සර්ට යවල මට සිංදු කියන්න පුළුවන් කියල . අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු . මේ මොන මගුලක් ද කියල මම උඩ බිම බලනවා .. මට එහා පැත්තේ හිටපු එකා .. බක බක ගගා හිනා වේවි මාව තල්ලු කරනවා පලයන් පලයන් කියල .. හෙහ් හෙහ් .. 

      මම ඉතින් ඔන්න ඔහේ ඕනේ එකක් වෙන්න කියල නැගිටලා දැන් පිටිපස්සේ ඉඳන් ඉස්සරහට යනවා . ඔය පොතේ සීන් එක ගැන මම සර් ට කලින් දවසක කියල තිබ්බ නිසා සර්ට මාව මතකයි . මම පස්සේ ඉඳන් ඉස්සරහට යන ටිකට දැන් සර් ඔය පොතේ සීන් එක ගැන එහෙමත් කියල "අහ් මම දැනගෙන හිටියේ නෑනේ ඔයාට සිංදු කියන්නත් පුළුවන් කියල " වගේ පොඩි පොඩි චාටර් ටෝක් දෙනවා .. 

     ඔය විදියට ක්ලාස් එකේ බංකු මැද්දෙන් යනකොට දැන් අර උඩ හරියේ කියපු විදියට කකුල් මෙව්වා වෙන එක , හාට් බීට් වැඩි වෙන එක , තොල කට වේලෙන එක ආදී දේවල් සියල්ල එකවිට වෙනවා .. මොකද මම ඔය නානකොට බාත්රුම් එකේදී සිංදු කැල්ලක් කිව්වට මලාට සිංදු නම් කියන්න පුළුවන් එකෙක් නෙවෙයි නේ .. මම හිතන්නේ ජීවිතේටම සිංදුවක් මුල ඉඳන් අගට කියල නැතිව ඇති .. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ වගේ ෆුල් කොර වෙලා ඉතින් ඔටෝමැටික් වගේ යැවෙනවා. 

    ඕනේ එකක් කියල ස්ටේජ් එකට නැග්ගා ... බොක්ක කූල් වේලා ගියා හෝල් එක දිහා බැලුවහම ඔය ටියුෂන් ක්ලාස් එකක අඩුම තරමේ 500ක් වත් ඉන්නවනේ .. අන්තිම දවස නිසා හවුස් ෆුල් .. සර් ඉතින් පිටට තට්ටුවකුත් දාල මයික් එක අතට දුන්න .. ඔය වගේ ඒවායේ ඉතින් ඔය අවසර ගැනිලි , ෆෝමල් කතන්දර නෑනේ .. කොල්ලෝ ඉතින් මයික් එක ගත්ත සිංදු කිව්වානේ  . 

    මම ඉතින් හොඳට හුස්මක් එහෙම අරන් "අනේ මට සිංදු නම් කියන්න බෑ. මම මේ සර් දැන් කියපු , මම ලියපු පොතේ තියෙන කතාවක් කියන්නම් කියල අර පොතේ තිබ්බ පලවෙනි කතාව කියාගෙන කියාගෙන ගියා .. මොකද ඒ දවස් වල මගේ ඔලුවේ තිබුනේ ඕක නේ .. ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් තිබුනේ නෑ .. කතන්දරේ කිව්වා .. හීනියට හූ පාරවල් එහෙමත් ඇහුනද මන්ද .. දැන් නම් මතකත් නෑ .. කොහොම හරි ඉතින් විනාඩි 10ක් විතර ඕක කිව්වා ... ටික වෙලාවක් යද්දී ඉතින් අර කකුල් මෙව්වා වෙන එක එහෙම හරි ගියාට කොච්චර වුනත් ෂුවර් එකක් තිබුනේ නෑ කලින් නිකං එන්ජිම ස්ටාර්ට් කළා වගේ හෙල්ලිච්ච හැටි ඔය ඉස්සරහ පේලි වල හිටපු ගෑනු ළමයි එහෙම දැක්ක ද කියල .. හෙහ් හෙහ් 

    ඊට පස්සේ ඉතින් කතාවේ අවසානයට අවට පස්සේ එහෙනම් ඉතින් "ඔන්න ඕකයි කතාව .. මෙච්චර වෙලා අහගෙන හිටියට බොහොම ස්තුතියි" කියල ස්ටේජ් එකෙන් බැහැල රොබෝ වගේ හිටපු බංකුවට ගිහින් වාඩි වුණා .

  හැබැයි ඉතින් ක්ලාස් එක ඉවර වෙලා ගම්පහ ටවුන් එකේ ඔය ස්ටේෂන් එක පැත්තෙන්  යනකොට හොරෙන් හොරෙන් බලන ගෑනු ළමයි කීප දෙනෙක් ම දැක්ක .. හෙහ් හෙහ් මල් මල් ආතල් ඉතින් ..

   කොහොම හරි ඉස්කෝලෙන් පස්සේ විභාග ඉවර වෙලා රස්සාවලට ආවට පස්සේ ඔය පබ්ලික් ස්පිකින් තියා ගෙදර මිනිස්සු එක්කවත් හරියට කතා කරන්නේ නැති තරමට මේ කොම්පියුටරේට ඇබ්බැහි වුණා .

එතනින් මගේ පබ්ලික් කතා සමය ඉවර වුණා ...ඒ කාලේදී මට තිබ්බ තව බොහෝ හැකියාවල් සිරාවටම මේ කොම්පියුටර් රස්සාව නිසා මොට්ට වෙලා ගියා කියන්න පුළුවන් කනගාටුවෙන් වුනත් 

   හරි දැන් ඉතින් ආගිය කතා පොර ටෝක් ඇති නේ. කවුද මේ Toastmasters කියන්නේ කියල බලමු . මම හිතන්නේ ගොඩක් පුද්ගලික ආයතන වල වැඩ කරන අය මේ Toastmasters clubs ගැන දන්නවා ඇති . මොකද මේ සංගම් පෞද්ගලික අංශයේ රැකියා කරන අය අතර ප්‍රසිද්ධයි . මේ Toastmasters clubs වල ඉතිහාසය ගැන නම් ඒ හැටි විස්තරක් මම දන්නේ නෑ . මෙන්න මේකෙ තියෙන දෙයක් තමයි . කෙටියෙන් කිව්වොත් ඇමරිකාවේ  තමයි මේකේ උපත සිද්ද වෙලා තියෙන්නේ  මේ වෙනකොට ලෝකේ රටවල් සිය  ගානක මේක ව්‍යාප්ත වෙලා තියෙනවා .



   දැන් ඔය මම කියපු පබ්ලික් ස්පිකින් කියන සිද්දි ඔක්කොම කලේ සිංහලෙන් නේ . ඔය වගේ එකක් මේ යන්තම් ගැට ගගහ කතා කරන ඉංගිරිසියෙන් කියන්න වුනොත් කොහොමද ..? 

   මේ Toastmasters club කියන්නේ මේ විදියට ඉංගිරිසියෙන් පිරිසක් ඉදිරියේ කතා බහ කිරීම හුරු කරන්න . අර කකුල් මෙව්වා වෙන එක , හාට් එක බල්ටි ගහන එක , තොල කට වේලෙන එක ආදී දේවල් නැතුව ඉදිරිපත් වෙලා ටිකක් පිළිවෙලකට කතාවක් කරන හැටි තමයි මේ සංගම් වලදී ප්‍රැක්ටිස් කරන්නේ .



   මම ඔය දෙවෙනියට වැඩට ගිය ටෙලිෆෝන් කොම්පැනි එකේදී මේ වගේ සංගමෙකට සම්බන්ද වෙන්න මට පුළුවන් වුණා .  මම එකට සම්බන්ද වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ ඉංග්‍රීසි කතා බහ කරනකොට අපිට තියෙන ලජ්ජා බය ටිකක් නැති කරගන්න එක .

ඔය සංගමේ ගැන පොඩ්ඩක් විස්තර කලොත් මෙහෙමයි සිද්දිය වෙන්නේ 

අනිත් ඕනෙම සංගමයක් වගේ මේකෙත් ඉන්නවා සභාපති කෙනෙක් , ලේඛම් කෙනෙක්  භාණ්ඩාගාරික කෙනෙක් ආදී වශයෙන් තනතුරු . තව එක එක ඒවා තියෙනව. මේ තියෙන්නේ ඉන්න ඔක්කොම නිලධාරි මණ්ඩලය 

President 
Vice President Education
Vice President Membership 
Vice President Public Relations 
Secretary Treasurer 
Sergeant at Arms 

Ah-Counter 
The purpose of the Ah-Counter is to note any overused words or filler sounds. 

Grammarian 
The Grammarian helps club members improve their grammar and vocabulary. 

Timer 
A Timer is responsible for monitoring the time of meeting segments and speakers. 

Toastmaster 
The Toastmaster is a meeting's director and host. 

Topics master 
The Topics master delivers the Table Topics portion of the meeting. 

Meeting Speaker 
Every speaker is a role model and club members learn from one another's speeches. 

Table Topics Speaker 
Table Topics helps members develop their impromptu speaking skills. 

Evaluator 
Evaluators provide verbal and written feedback to meeting speakers. 

General Evaluator 
The General Evaluator evaluates everything that takes place during the club meeting.

            ඔය ආයතනයේ තිබ්බ අපේ සංගමේදී මම දැරුවෙ Sergeant at Arms කියන තනතුර . ඒ කියන්නේ මේ වගේ සංගමයක් පවත්වන තැන පොඩි පොඩි සංවිධාන කටයුතු කරන එක තමයි රාජකාරිය වෙන්නේ .  ඔය කට්ටිය හමු වුනේ  අපේ ඔෆිස් එකේ උඩම තට්ටුවේ තිබ්බ roof top එකේදී.  ඉතින් ආයතනයේ  විවිධ අංශ වලින් සමහරවිට දුර ඉඳල එහෙම එන අය ඉන්න නිසා මේ හමුවීම පවත්වන තැන ඉන්න කෙනෙක් තමයි ඔය තනතුරට පත් වෙන්නේ වැඩේ කරන්න ලේසි නිසා .

අනිත් තනතුරු ඔක්කොම නිල වශයෙන් තියෙනවා . ඒ නිලධාරින් ම තමයි ඉතින් ගොඩක් වෙලාවට සමාජිකයින් විදියට ඉන්නෙත් . මොකද සාමන්යෙන් ඔය ආයතනයක තියෙන සංගමෙකට 10-20 ක් අතර ප්‍රමාණයක් තමයි සහභාගී වෙන්නේ ..

 මේ Toastmasters club වලදී කෙරෙන්නේ සහභාගී වෙලා ඉන්න අයට පිරිසක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් විනාඩියක් දෙකක් මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරන්න අවස්තාව ලබා දෙන එක . නමුත් මේක සිද්ද වෙන්නේ සම්මත විදියට පිළිගත්ත ක්‍රමයකට . නියම විදියට පවත්වන Toastmasters club එකක් හරියට පවත්වන විදිය ගැන ලියවෙච්ච උපදෙස් ලියවෙච්ච පොත පත මේ සංගම් ලියාපදිංචි කරනකොට ලබා ගන්න පුළුවන් . ඒ විස්තර මේ අඩවියෙන් බලා ගන්න පුළුවන් .

සාමාන්යෙන් රැස්වීම සති දෙකකට සැරයක් වගේ පැවැත්වෙනවා . රැස් වෙන හැමෝටම වගේ තත්පර 30 ක් විතර කතා කරන්න සිද්ධ වෙන රවුන්ඩ් රොබින් වටයේදී සිද්ද වෙන්නේ ටොපික් මාස්ටර් විසින් නියම කරන මොකක් හරි දෙයක් ගැන එක් කෙනෙක් තත්පර 30 ක් කතා කරනවා . කාලය අවසානයේදී Timer බෙල් එකක් ගහල කලින් පුද්ගලයා අවසන් කල වචනය අරගෙන ඊලඟට ඉන්න කෙනා තව තත්පර 30 ක් කතා කරනවා . මේක ගොඩක් විනෝද ජනක වැඩක් . කවුරුත් කාවවත් විහිළුවට ගන්නේ නෑ .. අඩු පාඩු හෙවිල්ලක් නෑ .. හැමෝම තමන්ට පුළුවන් විදියට තත්පර 30 ක් කතා කරනවා . හිර වුණා  කියල ගානක් නෑ .. මොනවා හරි ටිකක් කියන එක තමයි වැදගත් . පොඩි වෝම් අප් සෙෂන් එකක් .  මේක ඉතින් හැමදාම මෙහෙම නැතිව වෙනත් වෙනත් මාතෘකා ගැන ටිකක් විනෝද ජනක විදියට කරනවා

 ඊට පස්සේ සංගමයේ ඉන්න අයට තම තමන් සුදානම් වෙච්ච මාතෘකා ගැන විනාඩි 5-7ක් වගේ කාලයක් කතා කරන්න පුළුවන් . මේවා ගොඩක් වෙලාවට Competent Communication Manual කියලා නිත්‍ය සමාජිකත්වය ගන්න අයට  Toastmasters International එකෙන් ලබා දෙන පොතට අනුකුලව එක් එක් සාමාජිකයා විසින් කරන කතා . සාමාන්යෙන් නම් පිළිවෙලට පොත් සඳහන් විදියට අදාලව කතා පවත්වනවා තමන් කැමති මාතෘකාවක් යටතේ . ඒ කියන්නේ උදාහරණයක් විදියට ආධුනිකයෙක් මුලින් ම කරන්න ඕනේ ice break කියන කතාව . මේක ටිකක් පුරුදු වෙලා පිළිවෙලකට කරන්න ඕනේ . මේ කතා වලදී අපේ තියෙන අඩුපාඩු ගැන අපට උපදෙස් ලැබෙනවා . ඒ වගේම නිත්‍ය සාමාජිකයින් ගේ පොතේ තමන් කරපු කතාව සහතික කරලා තමන්ගේ සංගමයේ Toastmaster ගෙන් අපිට අත්සනක් ලබා ගන්න ඕනේ . මේ විදියට පොතේ තියෙන හැම කොටසකටම අදාලව කතාවක් පැවැත්වීම තමයි කරන්න ඕනේ . මේ තියෙන්නේ පොතේ තියෙන ටොපික්ස් ගැන පොඩි සටහනක් http://www.1stlondontoastmasters.com/CC_Manual.pdf

ඊට පස්සේ ටේබල් ටොපික් වටය එනවා . එතැනදී ටොපික් මාස්ටර් විසින් කලින් ලෑස්ති කරපු මාතෘකා ගැන කැමති කෙනෙකුට විනාඩි පහක් කතා කරන්න පුළුවන් . මෙහෙදී හැමෝම කරන එක අනිවාර්යයය නෑ .. ස්වේච්චාවෙන් කැමති අයට කරන්න පුළුවන් . හරියට හිටිවන කතා වගේ . ක්ෂණික කතා (impromptu speeches)මේ කතා වලදී ඒ ගැන පොඩි උපදෙස් දීමක් , අඩුපාඩු ගැන කියල දීමක් සිද්ද වෙනවා . ඒ සියල්ල බොහොම සුහදව සිද්ද වෙන දේවල්.

 සාමාන්යෙන් සෑම සමිති වාරයකදීම වෙනත් ක්ලබ් එකකින් හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රවීන Toastmaster වරයෙකුගේ දේශනයක් සුදානම් කරනවා . බාහිරින් නැති නම් සංගමයේ ඉන්න ප්‍රවීන කෙනෙක් ගේ කතාවත් තියෙනවා . ඊට පස්සේ කෙරෙන ප්‍රධානම දෙයක් තමයි විවිධ සංගම් වල සමාජිකයින් සහභාගී වන තරඟ . මේවා ක්ලබ් මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් රටවල් මට්ටමින් පැවැත්වෙනවා .

පසුගිය වසරේ WORLD CHAMPIONSHIP OF PUBLIC SPEAKING දිනුවේ ලංකාවේ කෙනෙක් මේ තියෙන්නේ ඔහු ගැන විස්තරේ . මේ ධනංජය මහතා වරක් අපේ ක්ලබ් එකට ආවා . එහිදීත් ඔහු අපුරු කතාවක් පැවැත්තුවා . මේ කතා ගොඩක් වෙලාවට හිතන්නට යමක් තියෙන කතා . කෙටියෙන් අවශ්‍ය දේ නිර්මාණාත්මක විදියට පැවසීම තමයි කෙරෙන්නේ . මේ ධනංජය හෙට්ටිආරච්චි මහතාගේ කතා ඒ අතින් අති විශ්ෂ්ටයි කියන්න පුළුවන් .

 මේ තියෙන්නේ ඔහුගේ ජයග්‍රාහි කතාව .

 එක හමුවක් සාමාන්යෙන් පැයක් පැය 2ක් අතර කාලයක් තියෙනවා . පටන් ගන්න කලින් පොඩි කෙටි කෑමක් කාලා පොඩ්ඩක් රිෆ්‍රෙශ් වෙලා තමයි වැඩේ පටන් ගන්නේ.

ඔය තියෙන්නේ Toastmasters club එකක් ගැන සරල විස්තරයක් .

 මම මාස 6-8ක් විතර මේ සංගමේ හිටිය . පස්සේ ඒ ආයතනයෙන් අයින් වුනාට පස්සේ ආයෙමත් වෙන ක්ලබ් එකකට සෙට් වෙන්න බැරි වුනා . ඔය හිටපු කාලේදී මම එක තරගෙකට සහභාගී වුණා . 3න් වෙනි තැනද කොහෙද හම්බ වෙලා තව තරගෙකට යන්න සුදුසුකම් ලැබුනත් මට යන්න උනේ නෑ .. ඔය ජොබ් මාරුව නිසා . ඒක එතනින් ම ඉවර වුණා . කොහොම වුනත් අපේ ක්ලබ් එකේ Charter Ceremony එකට සහභාගී වෙන්න මට අවස්තාව ලැබුණා . ඒ කියන්නේ නිලවශයෙන් Toastmasters International වල පිළිගත්ත ක්ලබ් එකක් බවට අපේ club එක පත්වෙන උත්සවය තමයි ඒක . ඒ දක්වා එන්න ක්ලබ් එකක් බොහෝ දේවල් කරන්න ඕනේ . කොහොම හරි අපි හිටපු කාලේ තුලදී ඒ තත්වයට ක්ලබ් එක පත් කරගන්න අපිට පුළුවන් වුණා . හිටපු නිත්‍ය සාමාජිකයෙක් වශයෙන් මටත් වරලත් සාමාජික (Charter Member) සහතිකයක් ලබා ගන්න පුළුවන් වුණා .

මේ Toastmasters club එකට සම්බන්ධ වීම නිසා අපිට ඔය පිරිසක් එක්ක සාමාන්‍ය ඉංගිරිසියෙන් කතා බහක් කරනකොට තියෙන කුලෑටි ගතිය , පොඩ්ඩක් ඉදිරියට එන්න තියෙන අකමැත්ත , ලැජ්ජාව වගේ දේවල් හදා ගන්න පුළුවන් . මොකද ගොඩක් වෙලාවට අපිට තියෙන අවුල දන්න චුට්ටවත් කියා ගන්න බැරි කමනේ .. ඒ වගේ දේවල් හරි යනවා ඉතින් මේ වගේ දේවල් වලට සහභාගී වුනාම .

මගේ නම් දැන් ලැජ්ජා බය සැහෙන දුරට නැති වෙලා .. අමු වැරදියට උනත් කමක් නෑ මට ඕනේ දේ කියල දාල කිසි ගානක් නැතුව ඉන්න පුළුවන් ... හෙහ් හෙහ් .. එංගලන්තේ මහ රැජින ගැන හිතල අපිට කතා කරන්න බෑනේ  නැද්ද .. :D

35 comments:

  1. මේ වගේ දෙයක් තියෙනවනං සෑහෙන්න වැදගත්. ඇත්තටම කියනවනං මටත් ඔහොම තැනක කතා කරන්න බෑ.

    //මගේ නම් දැන් ලැජ්ජා බය සැහෙන දුරට නැති වෙලා// හපොයි. :D

    ReplyDelete
    Replies
    1. Praසන්ன අයියේ , මේ වගේ ක්ලබ්ස් ගොඩක් තියෙනවා . ඕනේ කෙනෙකුට යන්න පුළුවන් ඕපන් ක්ලබ්ස් එහෙමත් තියෙනවා .. පොඩ්ඩක් හොයල බලල සෙට් වෙන්න. පාඩු නෑ වැඩේ ..

      Delete
  2. මුලිංම මාත් හා හූ කියල නැග්ගෙ දහම් පාසලේ ඉස්ටේජ් එක උඩට...
    බුවා ගැන දන්න හිංද අනික් ඔක්කමල්ලම මං දිහා බලාගෙන මූ මොන ඇම්ඩ වැඩක් කරයිද කියල... හිහි මොකෝ අන්තිම මොහොතක වෙනකං හොදට ඉදල අන්තිමට ඕන දෙයක් සාටර් කරල දැමීමේ උපං හැකියාවක් තිවෙනව නෙව මට... හිහි
    දැං ඉතිං හීං දාඩියවිතරක් නෙවී මහ දාඩියත් දාල ඈ අර 5 ට විතර වැඩි කරල තිබ්බ ෆෑන් එකත් නිකං හෙමින් හෙමින් මට ආරෝවට කැරකෙනව වගේ (ඔව් ඔව් ඒකටත් මාත් එක්ක අම්බ තරහක් තියෙන්ට ඇති.... )
    ෙකා්ම හරි කතාව පටං ගත්ත(ඇත්තටම පටං ගත්ත කීවට ඒක ආරම්භ කරන්නවත් අවසාන කරන්න වත් අයිඩියාවක් තිබ්බෙ නෑ... මොකෝ අපි ඕවට ලෑස්ති වෙනව කියලැයි)
    දැං ටික ටික දාඩිය නිමෙනව
    මැඩ්ලින් පාර අඩු වෙනව... අර රත් වෙලා තිබ්බ බොක්කත් කූල් වේගන යනව...
    මම මගෙ ඉස්සරහ ඉන්න උංට නෙවී වගේ කියෝනව...
    කියෝල කියෝල ඉවර වෙලා....

    හරි මගෙ කතාව ඉවරයි මාව මෙතෙන්ට එව්ව ප්‍රියංගි මිස්ට බෝම පිං ...

    කියල තවත් මොන මොනවදෝ කියල බැහැල ගියා....

    ආයෙ නං උංදැ මාව මෙලෝ දේකට යැව්වෙ නං නෑ...
    (පිළිවෙලක් නොතිබ්බත් කරපු කතාවට ලැබුණ රෙස්පෙක්ට් එකත් ඒකෙන්ම හේදිලා ගියා හිහි)

    ReplyDelete
    Replies
    1. මහේෂ් , හෙහ් හෙහ් ඔහොම තමයි බන් අපි කතා කරන්න ගියාමත් .. ඉස්සර ඉස්කෝලේ පොඩි පොඩි සමිති තියෙනකොට පට්ට ආතල් නේද ..

      Delete
  3. තැන්ක්ස් අයියේ පෝස්ට් එක බුක් මාර්ක් කළා ආයෙම පස්සේ කියවන්න. ලෝක ජල දිනය දවසේ විනාඩි 5 ක විතර පොඩි කතාවක් කරන්න තිබ්බා ඉස්කෝලේ 10 දී,, පේලි ටික කටපාඩම් ඒ තරම් බයට මතක හිටියා.. මුලින්ම අවසර ගද්දි ඉස්කෝලේ හාමුදුරුවන්ගේ න් අවසර ගන්න ඕනේ,, මට ඒක අමතක වුණා,, හුටා ඊට පස්සේ උප විදුහල්පතිනිය හරියේදී ආයේ හාමුදුරුවෝ මතක් වුණා. හම්මේ ඊට පස්සේ ඔක්කොම අවුල්,, අන්තිම හරියෙදි මට ඔක්කොම පේන්නේ නැතුව ගියා කලන්තේ වගේ මොනවා කීවද කියලා කාටවත් ඇහිලා නෑ.. මගේ දිව ගිලිලා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ ලක්ෂණ , ඔහොම තමයි වෙන්නේ .. හෙහ් හෙහ් ... ගොඩක් වෙලාවට ඔහොම හිර වෙන අය ගැන ඉස්සර මට නම් දුක හිතෙනවා .. සමහර ළමයි ෆුල් ම අසරණ වෙනවා ... පව් සමග ආතල් .. :D

      Delete
  4. ඉස්සෙලම නැග්ගේ දහම්පාසලේ ස්ටේජ් එකට.. ඒකත් අම්මා ටීචර් හන්දා එයා හොරෙන්ම නම දාලා.. කොහොමද ආතල් එක එක පාර නම කියද්දී.. කතා කරනවා කෝම වෙතත් එදා මවුගුණ ගීයක්ම කියලා බැහැලා ආවා.. ඉස්කෝලේ ඉතින් ප්‍රිෆෙට් උනාට පස්සේ නම් ඕවා අවුලක් නැතුවම ගියා..

    කෝම වුනත් මේ වගේ ප්‍රෝග්‍රෑම් නම් වටිනවා.. මේ රටවල නම් පොඩි කාලෙම ඉදන් ලමයි නාට්‍ය අනන් මනන් වලට යන හන්දා ඔය කතා බහ ගැන අවුලක් හිටින්නේ නෑ.. ලංකාවේ ලමයින්ට නම් මේක සෑහෙන්න වැදගත්..

    ReplyDelete
    Replies
    1. රිප්ලයි කරන්න පරක්කු වුනා . මම දිනේෂ් ලියපු එකත් බැලුව හෙහ් හෙහ් හැමෝටම එකයි නේද සිද්දිය ..

      ඉස්කෝලෙදි පුළුවන් තරම් කට් කරලා රස්සාවකට ඇවිල්ල හදිස්සියකට කට්ටියක් ඉස්සරහ ප්‍රසන්ටේෂන් එකක් වගේ කරන්න ගියාම තමයි ආයේ දෙලෝ රත්වෙන්නෙ .. ටෝස්ට්මාස්ටර්ස් තියෙන්නේ අන්න ඒ අයට .. ඉස්කෝල මට්ටමට ගියා නම් සිරා තමයි

      Delete
  5. අපි කවුරුත් වගේ මුලිම්ම කතා පවත්වල තියෙන්නෙ දහම් පාසල් රැස්වීමෙ තමයි. මොකද පිරිස වැඩි නිසා ඉස්කොලෙ චාන්ස් අඩුනෙ. ඒත් මම ඔය දෙකේම ඇති පදමට කතා කරා විතරක් නෙමේ අන්තිමට තරඟ වලටත් ගියා. හැබැයි කථික තරඟ විවාද තරම්ම ගතියක් නෑ.

    පස්සෙ බෞද්ධ සම්මේලනේ ඉන්නකොට පිට පලාත්වල ළමයින්ට නායකත්ව පුහුණු වැඩමුළු කරා. ඒකේ කථන කලාව කියන දේශනයත් මගෙන්. අපි අනූගනන්වල ඒක කරෙත් හැබැයි ටෝස්ට්මාස්ටර් වල හිටපු අපේ පරණ පොරක් කියල දුන්න දේ වලින් සහ අපේම අත්දැකීම් වලින් එකතු කරගත්තු කරුණු වලින්. මොන උනත් දැන්නං කතා පවත්වන එක කම්මැලි වැඩක්.

    ධනංජය මෙහෙටත් ආව. අපිත් ෆුල් සූට් ගහල ඩිනාර් දහයට ටිකටුත් අරන් ගියා මොනා උනත් ලංකාවෙ එකානෙ, හැබැයි මිනිහ නියමෙට රට රටවල දෙදහක් විතර උන්නු සාලාවෙ කතා කරා දැක්කම සෑහෙන ආඩම්භරයකුත් දැනුන.

    ReplyDelete
    Replies
    1. ධනංජයගේ කතා නම් සිරා තමයි . ගොඩක් කල්බ්ස් වල සිරා වට කතා කරන අය ඉන්නවා .

      මමත් ප්‍රසිද්දියේ කතා කරන්න කැමති නෑ .. හැබැයි ඉතින් මේවට ගිහින් පොඩ්ඩක් පුරුදු වෙලා ඉන්න එක නිසා නොකර බැරි තැනකදී වුනත් ඒ හැටි අවුලක් වෙන්නේ නෑ ...

      Delete
  6. කනිෂ්ඨ අංශයට වැටුන වයසේ ඉඳල පාසලෙන් අවුට් වෙනකම්ම විවාද කණ්ඩායමේ ඉඳලා, කථා පවත්වන එකනම් ගානක් නැතුවම ගිහින් තිබුනේ...... එත් මෙහෙ ඇවිත් කොම්පැනියේ මැනේජ්මන්ට් එක ඉස්සරහ මුල්ම ප්‍රොජෙක්ට් රිපෝට් එක කියවන කොටනම් ඔය කියන අංග ලක්ෂණ ටිකක් විතර දැනුනා...........
    ඔයා අද ලිව් ද මෙච්චර දිග පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඔය කොම්පැනි වල ප්‍රසන්ටේෂන් වලදී තමයි ඕක ආයෙත් වැදගත් වෙන්නේ . මෙහෙ ඉන්න ටිකේ නම් චීන්නු ඒ වගේ අංශ වල වැඩ ටික බලා ගන්නවා .. හෙහ් හෙහ්

      නෑ බන් මම මේක සති 3ක් විතර ටික ටික ලිව්වේ .. දෙකට කඩන්නත් හදල ඔන්න ඔහේ දාල දැම්ම ..

      Delete
  7. ෙබා්ම වටිනවා බං ෙම් අදහස් ටික.. මුලින්ම කතාවක් කරපු දවෙස්. මම විනාඩි ෙදකක් විතර ගල් ෙවලා හිටියා බං වචන නැතිව.. කරුෙම් කියන්ෙන් මං ට්‍රයි කරපු ෙකල්ලත් කට අැරන් බලන් ඉන්නවා. ෙකාච්චර ෙතාල ෙතමුවත් යෙකා් උගුරු ෙව්ලිලා. පස්ස් ෙකා්ම හරි ෙගාඩ දැම්මා .ඒ්ත් වස ලැජ්ජාවයි බං..පස්ෙස් හරි ගියා.. හැක්

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමත් දේශකය නේ .. ඉතින් පබ්ලික් කතා නොකර කොහොමද .. හෙහ් හෙහ් .. ට්‍රයි කරපු කෙල්ල ඊට පස්සේ ගෙදරටම ආවද .. :D

      Delete
  8. මටත් වේදිකාවට නගින්න ඉස්සර ටිකක් අබිලික් ගතියක් දැනෙනවා හැබැයි නැග්ගාම මං වෙන එකෙක් වෙනවා. ඔටෝ පයිලට්...

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා නේද ? අපේ තාත්තටත් හොඳ කථිකත්වයක් තිබුණ . ඕනේ වේදිකාවක් හෙල්ලෙන්න කතා කරන්න පුළුවන්. මට හැබැයි ඒවායෙන් දශම ගානක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ ..

      Delete
  9. මටත් අවුල තියෙන්නෙ වේදිකාවට නගින කං විතරයි. නැග්ගට පස්සෙ දෙන්නම් අම්මා බැටේ...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් වේදිකාවට නගිනකම් ටික නේ අල්ලන් ඉන්න බැරි .. මටත් ඊට පස්සේ ඒ හැටි අවුලක් නෑ දැන් ..

      Delete
  10. මුලින්ම වේදිකාවකට නැග්ගේ මුතුහර ළමා සමාජෙන්.. අපේ එකේ සභාපති වෙලා හිටිය කාලේ සෑහෙන්න කතා කරන්න උනා.. ඉන් පස්සෙ යෞවන සමාජේ වැඩ වලදි. එතනදි නම් ටිකක් පස්ස ගහල හිටියෙ. ඒ ඔක්කොම ආපහු කරන්න උනා නේවි එකේදි. දෙයියනේ කියල ගොඩාක්ම ගොඩ ගියෙ එතන්දි තමයි. ඒ වගේම මං කාලයක් ලීඩර්ශිප් ස්කූල් එකේ ඕ.අයි.සී. වෙලා හිටි නිසා පබ්ලික් ස්පීකින් ට්‍රේනර් කෙනෙක් විදියටත් වැඩ කලා.. ඒ කොච්චර උනත් අදටත් අලුත් ඕඩියන්ස් එකක් ඉස්සරහ කතාවක් කරන්න යනවනම් බඩේ සමනල්ලු දෙතුන් දෙනෙක් කැරකෙනව ටිකක් වෙලා යනකම්.. ඒකට හොඳම බෙහෙත තමයි කතා කරන්න යනදේ ගැන හොඳ අවබෝධයකින් හොඳ ප්ලොට් එකක් හදාගෙන යන එක. නැතුව ලෝ කොන්ෆිඩන්ස් ගියොත් මොනව උනත් පැටලෙනව. දැන් මට තියෙන ලොකුම අවුල තමයි මගේ මෙලෝ රහක් නැති කටහඬ. හැමතිස්සෙම මට හිතෙන්නෙ අහගෙන ඉන්න මිනිස්සුට කිසි ගතියක් නෑ මගේ කටහඬ හරි නැති නිසා කියල.. ඒක මානසික ලෙඩක්.. හදා ගන්න ඕනි.
    පැතුම් ගෙ ලිපිය ඉතාම වැදගත්.. ගොඩක් දෙනෙකුට තියෙන අඩු පාඩුවක්. ධනන්ජයගේ ස්පීචස් නම් සුපිරි ආ..

    ReplyDelete
    Replies
    1. ඔය කටහඬ ටකරන් වීම කියන අවුල මටත් ටිකක් තිබුන . මම දැන් ඕව හිතන්නේ නෑ .. ඔන්න ඔහේ කියල දානවා . නේවි එකේ ඉන්නකොට කොහොමත් සද්දෙට කතා කරන්න ඕනේ ඇති නේ ..

      කතාවට සුදානම් වෙලා යන එක හෙන වැදගත් තමයි . හැබැයි අර මුල් හරියේදී කලබල වුනාම වෙන්නේ මුල මැද අග පැටලෙන එකනේ .. එක හරි යන්න ලජ්ජා බය නැති වෙන්නම ඕනේ ..

      Delete
  11. මමත් කැම්පස් එකේ ඉද්දි අනුරාධපුරේ ක්ලබ් එකේ මිටින් එකකට ගියා. ආයේ යන්න හම්බුනේ නෑ වැඩ නිසා.. ආපහු යන්න පටන් ගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. මමත් නතර කලාට පස්සෙ ආයෙ සෙට් වුණෙ නෑ. මෙහෙ තියෙන එකකට ගිහින් බලන්න ඔනේ.... මරු මරු අය අදුර ගන්න පුලුවන් ගියාම

      Delete
  12. කොමෙන්ටු කියවගෙන යද්දි දහම්පාසල් වේදිකාව කොයිතරම් වැදගත් තැනක්ද කියල හිතුන. මමත් මුලින්ම කතාවක් පැවැත්තුවේ දහම් පාසල් වේදිකාවේදී. 9 වසර වෙනකොට මං දහම් පාසල් මහා සභාවේ සභාපති. ඒ කාලේ නං ඔය කිචිය තිබ්බේ නෑ. මුලදී නං මරන්නා වගේ තම වේදිකාවට ගොඩ වෙන්නෙ.
    ඒ කොහොම උනත් ටෝස්ට් මාස්ටර්ස් ක්ලබ් එක ගැන මේ විස්තරේ බොහොම ආසාවෙන් උනන්දුවෙන් කියෙව්ව. මටත් යන්න තිබ්බ නං කියල හිතුන. බොහොම ස්තුතියි සහෝදරයා. මැරෙන්න කලින් වත් යන්න ඕන එකකට. ඉස්කෝලෙ කාලේ බොහෝ දුරට දියුණු වෙලා තිබ්බ ඉංගිරිසි කතා කිරීමේ හැකියාව දැන් බින්දුවයි. ගල් වලේ කරවෙනව මිසක් කොයින්ද භාවිතයක්? ලොරි කාරයෝ එක්ක ඉංගිරිසියෙන් කතා කරන්න කියල යැ. කියවන අහන දේවල් තිබුණට කතා කෙරෙන්නෙ නෑ. එහෙම අවස්තාවක් උදා උනත් දැන් බිරිඳව ඉස්සරහට දාල මම පස්සට වෙලා ඉන්නවා. ඇත්තටම මට දුකයි ඒ හැකියාව දියුණු කරගන්න බැරි උන එකට. අපේ උන්දැ හොඳින් ඉංගිරිසි හැසිරෙව්වත් දැනුත් උන්දැ නොදන්නා වචනයක තේරුම ඇහුවම කියන්න පුළුවන් හැකියාවක් තිබ්බත් කතා කරද්දී මට මෙලෝ දෙයක් බෑ. පැටලෙනවා, ගොතගහෙනවා. හැමදාම ඒ සම්බන්ධයෙන් හිතේ පොඩි වේදනාවක් එක්ක ජීවත් උනු මට අලුත් බලාපොරොත්තුවක් එක කරපු එකට පින්. බොහොම ආසාවෙන් කියෙව්ව. දවසක ඔය එකකට යන්න බලාපොරොත්තු වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙ තමයි ගොඩක් අයට තියෙන්නෙ. කතා කරන්න ගියාම දන්න ටිකත් පැටලෙනවා. සජ්ජා ඔය ළඟ පාත තියෙන ක්ලබ් එකක් හොයල සෙට් වෙන්න. ඔපන් ක්ලබ්ස් තියෙනව ඕනෙ කෙනෙකුට යන්න පුලුවන් එවා.

      Delete
  13. දෙයියනේ කියලා ඕනම මාතෘකාවක් විනාඩි 2ක් අතුලත කරන්න පුළුවන්. තාත්තට පිං සිද්ධ වෙන්න ඕන ඒ හැකියාව ලබාදුන්නට. හැබැයි ස්කෝලෙදි නිකමටවත් කථාවක් කරන්න වේදිකාවට නැගලා නෑ. නාට්‍ය දෙක තුනක හිටියා, ඒ නිසා පිරිසට තියන බය අඩුවුන එක ලේසි උනා.

    ReplyDelete
    Replies
    1. මටත් තාත්තගෙන් ආපු පොඩි හැකියාවකුත් තියෙනව. හැබැයි ඉංග්‍රිසියෙන් කතා කරද්දි වෙන පැටලිලි එහෙම හරි යන්න මේ ක්ලබ්ස් සෑහෙන්න උදව් වෙනව.

      Delete
  14. මිනිස්සුන්ට ගොඩනැගෙන්න වටිනා තැනක්

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් ම ඔය ප්‍රයිවට් කොම්පැනි වල වැඩ කරන අයට
      සෑහෙන්න වටිනවා.

      Delete
  15. බොහොම පරක්කු වෙලා ආවත් බීටල්ගේ කතාවයි පැතුම්ගේ කතාවයි දෙකම කියවන්න ලැබීම සතුටක්. ටෝස්ට්මාස්ටර් ක්ලබ් ගැනත් මගෙත් අත්දැකීම් ටිකක් තියෙනවා පස්සේ ලියන්නම්

    ReplyDelete
    Replies
    1. බිට්ල් ගෙ කතාව මරු. ටෝස්ට් මාස්ටර් අත්දකිම් ලියන්න. සෑහෙන දෙනෙකුට වැදගත් වෙයි.

      Delete
  16. ටෝස්ට්මාස්ටර්ස් මමත් ආසාවෙන් හිටියා යන්න. මගෙ හිටපු බොස් ඒ අහල පහල තිබ්බ ක්ලබ් එකේ හිටපු හින්දා මාවත් එක්කගෙන ගියා ඒවාට.

    මට වඩා ගොඩක් හොඳට ඉංග්‍රීසි කතා කරන අය එතන හිටියත් මට දියුණුවෙන්න එතන මදි කියලා හිතුනා. අනික එතන ඉන්න හොඳම කට්ටිය තරඟවලට එනවා මිසක් සාමාන්‍ය දිනවලදී එන්නේ නෑ. ඉතින් හැමදාම යන එහෙන් මෙහෙන් කඩ්ඩ දන්න කට්ටියක් තමයි ක්ලබ් එක ඇදගෙන යන්නෙ. ඉතින් අනික් කට්ටියගේ දැනුම දියුණු වෙන්නෙ කොහොමද? විශේෂයෙන් සමාජයක් එකතුවෙලා දියුණුවෙන්න ඕන තැනක.

    පස්සෙ ටික කාලෙකින් හිතුනා 'Something is better than nothing' කියලා. එතන තිබ්බ පොඩි වැඩසටහනකට අපි ගියා. ආවට පස්සෙ සැරෙන් සැරේ කෝල් කර කර සල්ලි ඉල්ලන්න ගත්තා. කතා කලේ ආවත් නාවත් කමක් නෑ සල්ලි ඉක්මනට දීපන් වගේ. එතනින්ම ටෝස්ට්මාස්ටර්ස් ගමන නැවතුණා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගොඩක් වෙලාවට ක්ලබ්ස් වලට කට්ටිය හොයා ගන්න අමාරු වෙනව. අපිත් හෙන කට්ටක් කෑව ඒ දවස් වල. ඉංග්‍රිසි දියුනු වෙනවට වඩා දන්න ඉංග්‍රිසි ටික ලැජ්ජා බය නැතුව කියා ගන්න පුලුවන් ගතියක් එනව නේද? අපෙ ක්ලබ් එකෙත් ගොඩක් වෙලාවට හොදම අය හිටියෙ නෑ. හැබැයි උනන්දුවෙන් කරපු කීප දෙනෙක් හිටියා. ඒ නිසා අවුලක් වුනේ නෑ... නිකන් ඉන්න එකේ ආයේ ට්‍රයි කරල බලන්න :)

      Delete
    2. හෙ හෙ මටත් තියෙන ප්‍රශ්නයක් තමයි මේ club වල සල්ලි අය කරන සීන් එක

      Delete
  17. ඒකත් මරු සීන් එක... හොයල බලන්න ඕනි...

    ReplyDelete