Saturday, September 09, 2017

පොත් කතා සහ කතුවරුන්ගේ ෂානර


             මේ සැරේ නම් පොත් ප්‍රදර්ශනේ බලන්න යන්න පුළුවන් වෙයි. අවුරුදු 4ක් මිස් වෙච්ච නිසා මේ සැරේ දවස් 3-4ක් වත් යන්න ඕනේ. ගන්න පොත් ගැන නම් තාම හිතල නෑ. ඒ වෙලාවට දකින හොඳයි වගේ පේන කිහිපයක් ගන්න තම හිතන් ඉන්නේ. 

සෝර්බා නම් ග්‍රීකයා - නිකෝස් කසන්සාකිස්
සියවසක් හුදෙකලාව - ගේබ්‍රියල් ගාසියා මාකේස් 

ඔන්න ඔය දෙක කාලයක් තිස්සේ මගේ ඔලුවේ ගන්න ඕනේ කියල තියෙනවා. මේ සැරේ හොයා ගන්න ඕනේ

පහුගිය කාලේ දිගටම කියෙව්වේ ඉංග්‍රීසි පොත්. මැලේසියාවේදී සිද්ද වෙච්ච එක හොඳ දෙයක් තමයි ඉංග්‍රීසි පොත් කියවන්න තිබුණු කම්මැලි කම නැතිවෙලා ඒ පොත් රසවිඳින්න හුරු වෙච්ච එක. 

ලංකාවට ආවට පස්සේ සිංහල පොත් දෙකක් කියවන්න පටන් ගත්තත් තාම ඉවරයක් කරගන්න බැරි වුනා. එකක් ඩබ්ලිව් ඒ සිල්වා ගේ රදළ පිළිරුව අනෙක The Mind of Ramana Maharshi - Arthure Osborne භාරත මහා සෘෂි රාමනා නමින් තිලක කුඩාහෙට්ටි මහත්මය පරිවර්තනය කරලා තියෙන පොත.   පොත් දෙකම බාගෙට කියෙව්වේ. අලුතින් ගන්න කලින් මේ දෙකවත් ඉවර කරන්න ඕනේ හෙහ් හෙහ්.

ඉස්සර නම් දිගින් දිගට පරිවර්තන පොත් ගත්තත් මේ සැරේ ලංකාවේ අපේ අය ලියන පොත් කිහිපයක් ගන්න හිතාගෙන ඉන්නේ. මම මැලේසියාවේ ඉද්දි අර කාලසර්ප පොත කියවන්න අරගෙන එපා වෙලා අතෑරලා දැම්ම. අනේ මන්ද බොරු වැල්වටාරම් මහා ගොඩක් එකේ තිබුණු හින්ද මට එපා වුනා. හැබැයි ඊට පස්සේ අර හාමුදුරු නමක් ලියපු රන් කරඩුව පොත කියෙව්වම ආයේ ලංකාවේ අයගේ පොත් කියවන්න ඕනේ කියල හිතුනා. 

පොත් රස විඳින විදිය එක එක්කෙනාට අනුව වෙනස් හින්ද මම ගොඩක් වෙලාවට පොතේ සාරාංශයක් බලල මිසක් පොතක් ගන්නේ නෑ... අනිත් එක ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සුන්ගේ දුප්පත් කමයි, දේශපාලන හොර මැරකම් එක්ක අපිට හැමදාම අහන්න දකින්න තියෙන මාතෘකා ගැනම ලියවෙච්ච පොත් මට කියවන්න හිතෙන්නේ නෑ..  කවදාවත් ඒවා ගන්නේ නෑ..



විදෙස් පරිවර්තන වලට ප්‍රිය වෙන්න හේතුව ඒ කතා වල තියෙන නැවුම් බව වෙන්න පුළුවන්. ඒවත් දුප්පත් කම හොර මැරකම් සහිත කතා වුනත් බොහෝ විට ඒ කතා කියවද්දී අපිට අලුතින් හිතන්න දේවල් ඉතිරි වෙනවා. ලංකාවේ පොත් වල තියෙන්නේ ඔහේ කියවගෙන ගිහින් පැත්තකට දාන්න හිතෙන කතා. කියවල ඉවර වුනාම මෙලෝ දෙයක් නෑ... (හැම එකම මෙහෙම නෑ. නමුත් ඉතින් හිතට ෆිට් වෙන විදියේ කතා තියෙන්නේ කලාතුරකින්).  

මේ සැරේ හොඳයි කියල හිතෙන පොත් කීපයක් විතරක් ගන්නයි හිතාගෙන ඉන්නේ. මොකද ගත්ත ගොඩක් ඒවා තාම කියවල ඉවර නැති හින්ද. හැබැයි කොච්චර ඔහොම හිතුවත් දකින දකින එක ගන්න හිතෙන  එක පාලනය කර ගන්න හරි අමාරුයි හෙහ් හෙහ්.

දැනට අවුරුදු දෙකකට විතර කලින් අපේ රවී තුමාගේ මෙන්න මේ පොස්ට් එකේදී පොත් කතුවරු සහ ඒ ඒ අය ලියන ශානර ගැන කතාවක් ඇති වුනා. ප්‍රා.ජේ ගෙන් සිරාම කොමෙන්ට්ස් ටිකක් ඔය පොත් ගැන කතාවේදී ලැබුනා. මම එදා කතා වෙච්ච කතුවරු සහ එයාලගේ ශානර පොඩි සටහනක් දාල තියා ගත්තා. ඒ ඔක්කොම විදෙස් කතුවරු හැබැයි පොත් ගැන උනන්දු වන අයට වැදගත් වෙයි කියල හිතල මම මෙතන ඒක දාන්නම්


Author
Genre
Mark Twain
American classics/Satire/Short stories
Richard Gordon
Humour (Medical)
Gerald Durrell
Autobiography (Animals & Zoos)
James Herriot
Mythology, Poetry
Robert Graves
Mythology, Poetry
Rosemary Sutchcliff 
Children's historical fiction, myth and legend
Mary Renault
Historical fiction
Nigel Tranter 
Historical fiction, Adventure, Western, Children's
Henry Treece
Novel, dramaturgy, theater, poetry, 
essay, drawing
Earnest Hemingway
Novel, dramaturgy, theater, poetry, 
essay, drawing
Victor Hugo
Novel, dramaturgy, theater, poetry, 
essay, drawing
Mario Puzo 
Crime fiction
Jim Corbett 
Realism, symbolism, modernism
Kenneth Anderson 
Realism, symbolism, modernism
E.M. Forster 
Realism, symbolism, modernism
Jawaharlal Nehru 
Autobiography
Nadine Godimer 
Novels, dramatic plays
Somerset Maugham 
Novel, Essay
V.S. Naipaul 
Novel, Essay
Winston Churchill 
Historical novel
Gore Vidal 
Historical novel
O. Henry 
Short story, novel, children's literature, 
poetry, travel literature, science fiction 
Rudyard Kipling 
Short story, novel, children's literature, 
poetry, travel literature, science fiction  
Charles Dickens 
Historical fiction
Chinua Achibe
Historical fiction
Dan Brown 
Thriller, adventure, mystery, conspiracy
Michael Crichton 
Science fiction, Techno-thriller, Horror fiction
Sidney Sheldon  
Crime fiction, Thriller
Soloman Northup 
Autobiography
Chris Kyle
Isaac Asimov 
Science fiction (hard SF, social SF), mystery
Arthur C Clarke
Science fiction
Konstantin Paustovsky
Adventure fiction
Jack London
Adventure fiction
James Rowlins
Science fiction/adventure/thriller
Simon Toyne
Action Adventure
Scott Mariani
Action Adventure
Alistair Mclean
Adventure
Desmond Bagle
Adventure
Bernard Cornwell 
Historical fiction
Conn Iggulden 
Historical fiction
Robert Low
Historical fiction
David Baldacci
Murder investigations, Serial Killers
Lee Child
Murder investigations, Serial Killers
Clive Cussler
Murder investigations, Serial Killers
Robert Ludlum
Murder investigations, Serial Killers
John Grisham
Legal Thrillers
Ken Follet
Historical Novels
Jeffrey Archer
Historical Novels
Robin Cook 
Medical Thrillers
Stephen King
Para-normal & horror
P D James
Murder investigations, Serial Killers
Terry Pratchett 
Fantasy
Sharon Beder 
Corruption politics/Environment power



අපේ ලංකාවේ ඉන්න කතුවරු ගැනත් මේ විදියට ලිස්ට් එකක් තියෙනවනම් වැදගත්. 


මේ ලිස්ට් එකේ අඩුපාඩුවක් තියෙනවනම් හරි තව එකතු වෙන්න දෙයක් තියෙනවනම් හරි මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් එකතු කරන්න පුළුවන්.




දැන් ආයේ මේක ලියන්න  රවියගේ ඒ පොස්ට් එක කියෙව්වට පස්සේ මෙන්න මේ ටිකත් අහක දාන්න බෑනේ කියල හිතුනා.

ජැක් ලන්ඩන් ගේ Call of the wild - වනපෙත අඬගසයි (පරිවර්තනය ආරියවංශ රණවීර මහත්මයා)
කොන්ස්ටන්ටීන් පවුස්තවුස්කි නම් රුසියානු ලේඛකයගෙ The golden rose - රන් රෝස (පරිවර්තනය ආරියවංශ රණවීර මහත්මයා)


මිට අමතරව බ්ලොග් ලියන තරුරසී ගේ පොතත් ගන්න ඕනේ කියල හිතුවා.  මේ සැරේ බ්ලොග් ලියන අය එලි දක්වන පොත් ගැන කොහේ හරි සටහනක් තියෙනවද?

මේ සැරේ උදේ පාන්දරම පොත් බලන්න යන්න පුළුවන්. හෙහ් හෙහ් (විරැකියාවේ වාසි)

බ්ලොග් ලියන set එක පොත් බලන්න යද්දී සෙට් වෙනවනම් පොඩ්ඩක් කියන්න. එහෙම හරි හම්බ වෙන්න පුළුවන්.

විප්‍රවාසේ ඉන්න කාලේ පොත් ගැන ලියවෙච්ච සටහන් කීපයක් මේ.

මැලේසියාවේ ජනප්‍රියම පොත් ප්‍රදර්ශනයක් -  ඔන්න ඉතින් මැලේසියාව නැති අඩුව දැනෙන තැන්

දෙවෙනි වතාවට ගිහිල්ල ලියපු එක මේ

කළු දළ මල මතක් වෙලා ලියවුනු එක. මේක දැකල මට ඒ පොත ගෙනත් දුන්න මගේ පරණම යෙහෙළියකට ආයේ ඒක දෙන්න යන්න ඕනේ.  කීප සැරයක් ට්‍රයි කලාට මිස් වුනානේ. මේ සැරේ දෙන්නම් හෙහ් හෙහ් හෙහ්

ඊට පස්සේ ඔය හදිස්සියේම මතක් වෙලා කියවපු ඔල්මොරොන්දම් කතාවක් තියෙන පොතක් ගැන මේ සටහන

යල් පැන ගිය සම්භාව්‍ය පොතක් ගැන ලියවෙච්ච මේකත් එකක්


තව වැදගත් දෙයක් සම්පත් බැංකුවේ තියෙනවා MyBookClub කියල කාඩ් එකක්. රුපියල් 100කට ගන්න පුළුවන්. පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ඉන්න පහත සඳහන් පොත් කඩවලින් වැඩිපුර ඩිස්කවුන්ට් මේ කාඩ් එකට හම්බවෙනවා කියල බැංකුවෙන් කිව්වා.

මේ තියෙන්නේ




 මේ සැරේ ගන්න පොත් ටිකත් එක්ක තව එකක් ලියන්නම්කො

Wednesday, August 30, 2017

දෙවියෝ සහ භූතයෝ


             කොච්චර මතවාද තිබුනත් මේ දේව භූත සංකල්ප අපේ ඔලුවෙන් අයින් කරන්න හරි අමාරුයි. අපි කොච්චර උගත්, බුද්ධිමත්, දියුණු ජාතියක් කියල හිතුවත් ජීවිතේ යම් යම් අවස්ථා වලදි මේ දේවල් වලට යොමු වීම සිද්ද වෙනවා. හැමදේම හරියට ගානට සිද්ද වෙන තාක්කල් අපි මේවට බැන්නට අපේ ජිවිත වලට එන කරදර බාධක වලදී  අඩුම තරමේ අපේ පවුල් වල අය හරි අපි වෙනුවෙන් මේ දේවල් වලට යොමු වෙනවා.

           තම තමන්ගෙ පුද්ගලික මතවාද මොනව උනත් ඔන්න ඔහෙ ඕවා කරලා දානව මම නම්.  එහෙම කලාම දෙවියෝ භූතයෝ කොහොම වෙතත් ගෙදර දොරේ කනක් ඇහිලා සැනසිල්ලේ ඔය තියෙන ප්‍රශ්නෙකට විසදුමක් හොයන්න පුලුවන්. නැත්නම් ඉතින් මේ ඔක්කොම වෙන්නේ දෙයියෝ කෝප වෙලා හින්දා නැත්නම් මොනව හරි දෝශ හිංද තමයි කියන එක ඔලුවට ඇවිල්ලා සිහි බුද්ධියෙන් හිතල මතල වැඩක් කරන්නෙත් නැතුව යනවා. ඉතින් මුලින්ම දේව භූත සයිඩ් එක ඒ ඒ අයගෙ හිතේ හැටියට බැලන්ස් කරල හිටියහම වැඩක් කරගෙන යන්න ලේසියි.

             මම එක සැරයක් හෝ දෙසැරයක් ඔය දේවතා එලි කියන පාවෙන ලයිට් දැකල තිබීම ඇර වෙන කිසිම අත්දැකීමක් මෙච්චර කාලෙකට ඔය සම්බන්දයෙන් ලැබිලා නෑ.

හැබැයි මේ පහුගිය දවසක සිද්ද වෙච්ච දෙයක් නිසා මේ දේවල් ගැන අපි හැමෝම නැවත සිතා බැලිය යුතුයි කියල හිතුනා.

මොකද මේ විශ්වයේ තියෙන සමහර ශක්තීන් ගැන අපි තවම නොදන්න නිසා. පෞරාණික දැනුම හෝ විශ්වාස ගෙඩි පිටින් බැහැර නොකර සිහිබුද්ධියෙන් සිතා බැලිය යුතුයි කියල මට හිතුනා.

කතාව මෙහෙමයි.

අපි දෙන්න රට ඉදලා මෙහෙ ඇවිල්ලා දැන් මේ අපේ සකලසිරින් පිරි සිරි ලංකාවේ අලුතින් ගෙයක් හදන්න පටන් අරන්නෙ ඉන්නෙ.

"අයියෝ පිස්සුනෙ.. කවුද මේ රටට ආපහු එන්නෙ. මේක කවදාවත් හැදෙන රටක් නෙවෙයි. ඔය වයසට තව ටිකක් රට ඉදල, තව සල්ලි හොයල, ජොලි කරල ඉන්න එපැයි."

ඔහොම අවවාද අනුශාසනා බොහොමයක් ලැබෙද්දි අපි ඉතින් මෙහෙ ඇවිල්ලා අපිට පුලුවන් විදියට ගෙයක් හදන්න ගත්තේ මොනව උනත් මේක අපේ රට නිසාත් තමන්ගෙ රටේ තමන්ට කියල හරි හමන් තැනක් නැතුව නිකන් අහිගුන්ටික ජීවිතයක් ගෙවන්න අපි අකමැති වීම නිසා තමයි.

තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නවද කියන එක ගැන දැනට අපි අමතක කරලා මාතෘකාවට බහිමුකො... හෙහ් හෙහ්

ඔය ගෙවල් දොරවල් හදනකොට සුභ දවස්, නැකත්, වාස්තු එහෙම බලන එක අපේ සම්ප්‍රදායක් නේ. හරියට අවුරුදු නැකත් අපේ සම්ප්‍රදායක් වෙලා තියෙනවා වගේ... මට ඉතින්  ඕවා ගැන තියෙන්නේ පතෝල වගේ හැඟීමක් හින්ද උනන්දුවක් දැක්වුවේ නැති වුනාට ඉතින් සෙසු පිරිසගේ සිත් සතන් සනසවනු පිණිස ඔය හැමදේම බැලුව. මම ඉතින් ඔය ඩයිබර් වැඩේ, එතකොට ඔය අනිත කටු වැඩ එහෙම කරලා කොහොම කොහොම හරි අවශ්‍ය දේවල්, නැකත්, වාස්තු, ඊට පස්සේ ඔය එක එක දේවල් ඔක්කොම ලැස්ති කරලා ගත්ත.

ඔය වාස්තු බලපු කෙනා ඉතින් දකුණු ලකේ බොහොම පිළිගත් කෙනෙක්. ඒ වගේම උගත් කෙනෙක්. ව්‍යාපාරයක් විදියට නැතුව සේවයක් විදියට තමන් දන්න සාස්තරෙන් අනුන්ට උදව් කරන ඉංජිනේරු මහත්තයෙක්. කට්ටක් කාල තමයි හම්බ වෙන්න එහෙම පුළුවන්. කොහොම වුනත් ඉතින් ඒ මහත්මය කියපු විදියට අපි මේ වැඩේ පටන් ගත්තා. 

ගෙදර වැඩ කටයුතු පටන් ගන්න දවසට දවස් 3ක් කලින් ඉඳල රෑ 9න් පස්සේ අපේ ඉඩමට ගිහින්, පහන් පැලවල් හදල, පහන් පත්තු කරලා තුන් සුත්‍රය, ධජග්ග සුත්‍රය එහෙම කියන්න කියල තව තව පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තිබුනා. මේ වෙද්දී අපේ ඉඩමයි ඊට අල්ලපු ඉඩමයි දෙකම මම සුද්ද කරලා වැඩේට ලැස්ති කරගෙන තිබුනේ. අල්ලපු ඉඩමේ කෙනාගෙන් අවසර අරගෙන තිබුනේ ඒ හිස් ඉඩම අපි අපේ වැඩ වලට ගන්නවා කියල.  ඔය අල්ලපු ඉඩමේ තිබුනා ලොකු කැන්ද ගහක්. මම බැකෝ එකෙන් ඉඩම සුද්ද කරද්දී ඕක ගලවන්නත් හදල ඔන්න ඔහේ හෙවනටත් එක්ක කියල ඔහේ තියෙන්න ඇරිය.

ඉතින් කොහොම හරි අපි කට්ටිය ඒ කිව්වේ මමයි, මමයි, අම්මල දෙන්නයි දවස් 3ක් ඔය වැඩේට ගියා. කිසි අවුලක් නැතුව වැඩ ටික කළා. අන්තිම දවසේ ඒ කියන්නේ පහුවදා මුල් ගල තියෙනවනම් ඊට කලින්දා රෑ 10න් පස්සේ කරන්න කියල තව ඔය පොඩි පොඩි දේවල් ටිකක් එහෙම දුන්න. එදා ඉතින් මුළු දවසම එහෙට මෙහෙට දුවල, පහුවදා වැඩේට ඕනේ කරන දේවල් එහෙමත් ඔක්කොම ලැස්ති කරලා අපි රෑ වෙලා ඇවිත් ඔය කරන්න කියපු දේවල් කරන්න පටන් ගත්තා. 

ඔය ගෙවල් හදපු අය දන්නවා ඇති, සාමන්යෙන් ඉඩම් වලට ආරක්ෂාවල් එහෙම දාන සීන් එකක් තියෙනවනේ. මම පොඩි කාලේ අපේ තාත්තා ගේ හදනකොටත් ඕවා දැම්ම, ඊට පස්සේ අක්ක ගේ හදද්දීත් ඕව කළා. ඉතින් මේකත් අන්න ඒ වගේ දෙයක්. ඔය ආරක්ෂාවල් කරන්නේ ඉඩම් කඩම් වලට අයිතිවාසිකම් කියනවයි කියල කියන අමනුෂ්‍ය කොට්ටාශ වලින් ඒ ඉඩම් ආරක්ෂා කර ගන්නයි, හදන නිවසට ඔය ඒ වගේ බලවේග වලින් සිද්ද වෙන්න පුළුවන් කරදර වලක්වා ගන්නයි කියලයි මම නම් දන්නේ. ඔය වගේ දේවල් ප්‍රතික්ෂේප කිරීම හරි භාරගැනීම හරි තම තමන්ට ආදාල වැඩක් හැබැයි ඉතින් අර මම කිව්වා වගේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස ඕවා කරලා දැම්මම ලේසියි නේ. 

එතකොට වෙලාව රෑ 11 පහු වෙලා, වටේ පිටේ ගෙවල් වල මිනිස්සුත් ඔක්කොම ලයිට් නිවල නිදි, පහුවදා සතියේ වැඩ දවසක් නිසා පාරේ තොටෙත් කවුරුවත් නෑ. අපේ ඉඩම තියෙන්නේ කොහොමත් ප්‍රධාන පාරක් කිට්ටුව නොවන නිසා පැත්තම පාලුයි. 

අපේ ඉඩම කිට්ටුව ගස් කෝලන් ගොඩක් නෑ. තිබුනේ අර ලොකු කැන්ද ගහ විතරයි. ඔය ආපු දවස් ටිකේ අපි පහන් පැලවල් කීපයක් හදල පහන් පත්තු කළා කියල මම කිව්වනේ.  ඔය පහන් පත්තු කරද්දී මට තේරුණු දෙයක් තමයි අර කැන්ද ගහ කිට්ටුව තිබුණු පහන් පැලේ පහන අපි කොච්චර පත්තු කලත් ටක් ගාල නිවෙනව කියන එක. හුලං නිසා වෙන දෙයක් නෙවෙයි කියල හොඳටම තේරුණා ..පහන පත්තු කරන්න හරි අමාරු වුනා.  ඒ වෙලාවේ අපි කාටවත් ඕක ගානක් නැති වුනාට ඊට පස්සේ වෙච්ච සිද්දියත් එක්ක නම් හොල්මන් වෙලා ගියා.

අපේ ඉඩම පාරවල් දෙකකට මායිම් වෙනවා.  එකක් ප්‍රධාන පාර, අනිත් එක අතුරු පාර. ඔය පාරවල් දෙක සෙට් වෙන තුන්මන් හංදියට පස්ස හැරිලා මම මොකක් හරි වැඩක්, අනිත් කට්ටියත් ඉඩමේ ටිකක් එහාට වෙන්න ඔය පහන් පත්තු කරන, දුම් අල්ලන වැඩ. ඉඩමේ මුල්ලකට වෙන්න මම ෆෝන් එකේ යු-ටියුබ් එකෙන් තුන් සුත්තරේ දාල තිබුනා ටිකක් සද්දෙට. වෙන කිසිම කිසි සද්දයක් නෑ. එතකොට වෙලාව 11.30ට කිට්ටු වෙලා. වටේ පිටේ ඒ හැටි කරුවලක් තිබුනේ නෑ, මොකද පාරේ ලයිට් සහ අවට ගෙදරක එහෙම එළියේ ලයිට් දාල තිබුන නිසා. 

මම පාරට පිටුපාල හිටියා කිව්වනේ. ඊට විනාඩි 2-3කට කලින් මම පාර දිහාට හැරිලා තව මොන මොනවදෝ කළා, කොහොම හරි මම මගේ වැඩේ කරලා එක පාරටම අනිත් පැත්ත හැරුනා.

මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක් මං ගාව හිටගෙන ඉන්නවා.

ඒ වෙලාවේ එතන අපි කරපු වැඩෙයි, වෙලාවයි, පරිසරයයි එක්ක බොරු කියන්නේ මොකටද මාව ගැස්සිලා ගියා. 

"අපි තමයි මේ ඉඩම බලා ගත්තේ, දැන් ඉන්නේ අර පල්ලෙහා". ඇසිපිය නොහෙලා නිකන් තියුණු හඩකින් මේ මනුස්සය එකපාරටම කිව්වා.

"මේ මොකාද යකෝ මේ.. කොහේ යන මරාලයක් ද දන්නේ නෑ... කොයි එකටත් වැඩිය ගණන් ගන්නේ නෑ.." ගැස්සිලා තිබුණු මගේ හිත ඇතුලේ වැඩ කලේ එහෙම. මොකා වුනත් කමක් නෑ කියල

"ආ එහෙමද? අපිත් මේ පොඩි වැඩක්" කියල මම ඕනෑවට එපාවට කිව්වා. මිනිහා මා දිහා නිකන් අමුතු හිනාවක් වගේ දාගෙන බලාගෙන හිටියා. දිලිසෙන ගිලුණු ඇස්, රැවුලෙන් වැසුනු තොල්, වක ගැසී ගිලි ගිය කම්මුල්, ගන ඇහිබැමී... හරියට ආත්මා ලියනගේ වගේ පොරක්. මුහුණේ ෂේප් එක, කොන්ඩේ රැවුල ඔන්න හිතා ගන්නල. ඊට වැඩිය වයසයි, අවුල් වෙච්ච කොන්ඩෙයි, රැවුලයි. පෙනුම හිඟන්නෙක් වගේ.

ටික වෙලාවක් මා දිහා කෙලින් බලාගෙන හිටපු මනුස්සය බුදු සරණයි කියල මෙන්න පාර දිගේ යන්න යනවා.

මේ මොකක් ද යකෝ මේ වුනේ කියල මම ඒ යන චායාව දිහා බලාගෙන හිටියා. අනිත් අය ඉඩම ඇතුලේ නිසා එයාල මේ යකාව දැක්කද කියල මට ෂුවර් නෑ...  ඒ වෙලාවේ මගේ ඔළුවට ඔය ඊට කලින් අහල තිබුණු දේව භූත කතා ඔක්කොම ආවා. යථාර්තය සහ ෆැන්ටසිය කියන දෙක අතර මැද තැනක තත්පර ගානක් හිටිය කියන්න පුළුවන්. හැබැයි බැරි වෙලා හරි මේ අර කියන ජාතියක අමනුෂ්‍යයෙක් ද කියන දේ ටෙස්ට් කරන්න ඕනේ කියල මට ක්ෂණිකව කල්පනා වුනා. මම ෆෝන් එක අරන් මේ යන රූපේ ෆොටෝ එකක් ගන්න හිතලත් හැබයි එහෙම කලොත් ඒ වෙනකොට සද්දෙට තිබුන තුන් සුත්‍ර දේශනාවට බාධාවක් වෙන නිසා ෆෝන් එක එහෙමම තියෙන්න ඇරලා යන චායාව දිහා බලාගෙන හිටිය.

මගේ අරමුණ වුනේ ඔය මේ වගේ අවස්තාවල බොහොමයක් දෙනා කියන විදියට ඔය හදිස්සියේම දකින මේ වගේ චරිත එක පාරටම අතුරු දහන් වෙනවද කියන එක ටෙස්ට් කරන්න. ඒ වෙද්දී මට නිකන් තුෂ්නිම්භූත වෙච්ච නමුත් පොඩි ආතල් excited ගතියක් තමයි තිබුනේ. ඒ කියන්නේ මේ මොකාද කියල දැන ගන්න ඕනේ වගේ එකක්. මමත් ඉතින් ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මේ යකා දැන් අතුරු දහන් වෙයි දැන් අතුරු දහන් වෙයි කියල.

අපේ ඉඩම තිබුනේ ප්‍රධාන පාරේ ඉඳල ටිකක් දුරින්. ඒ කිව්වේ දැන් මේ මනුස්සය ඇවිදන් යන පාරේ 30-50m විතර ගියාම ප්‍රධාන පාරට පිවිසෙන තුන් මං හන්දිය තියෙනවා.

මම දිගටම බලාගෙන හිටියා. මේ මනුස්සය හෙමින් හෙමින් ඇවිදන් ගිහින් අර තුං මං හංදියෙන් හැරිලා නොපෙනී ගිය හැටි!












******************************************************************************












මේ සිද්දිය අපුරු ප්‍රවාදයක් හැටියට අපේ පවුලෙයි, අපේ අහල පහල නෑ හිත මිතුරන් ගේ පවුල් වලයි, තව එතකොට ඔය මල ගෙවල්, පාටි, ට්‍රිප් ආදී ඕනෙම තැනක හොඳට රස කර කර මට කියන්න පුළුවන්. එතකොට අපේ අනාගත දරු මල්ලොත් රස කර කර මේ කතාව අනාගත පරම්පරාවට අරගෙන යයි. කට්ටිය මේකේ එක එක විදියේ අතුරු කතා නිර්මාණය කරයි. දිලිසෙන රතුම රතු පාට ඇස් එකතු වෙයි. ඇඟ පුරාම මයිල් එහෙමත් තියෙයි.

මේ විදියෙම කතා තව තව අය එකතු කරයි.  මේ චරිතෙට නම් එහෙමත් වැටෙයි. සමහර විට යන්ත්‍ර මන්ත්‍ර එහෙමත් හැදෙයි මේ තාපස වෙස් ගත්තු අමනුෂ්‍යාගෙන් ආරක්ෂා වෙන්න.

හැබැයි ඔය ඔක්කොම ප්‍රවාද ඇතිවීම මට වලක්වන්න පුළුවන් ඊට දවසකට පස්සේ හවස් වරුවේ මම ඉඩමට යනකොට අහිංසක, පොඩි මානසික රෝගයක් සමහරවිට තියෙන්න ඉඩක් තියෙන මුහුණ පුරා රැවුල වැවුණු, කොන්ඩේ උරහිස දක්වා විතර වැවුණු, කොන්ඩේ උඩ කොටස තාපසයෝ බඳිනවා වගේ උඩට ගෙඩියක් වෙන්න බැඳගත්තු, කෙට්ටු, කළු, උඩුකය නිරුවත්, කෙටි සරම් කෑල්ලක් වගේ ඇඳගෙන, මොනවදෝ පුරවපු මලු කිහිපයක් අතින් ගත්තු මනුස්සයෙක්ව මට හම්බ වුනා කිව්වම.

ඒ මනුස්සය ඒ පැත්තේ ජිවත් වෙන අසරණ මනුස්සයෙක්! නොපෙනී ගියේ පාරෙන් හැරිච්ච ගමන් තියෙන ගස් පේලිය හින්ද! අපේ ඉඩම බලාගත්තු කතාව නම් දන්නේ නෑ.. හැබැයි ඉතින් ඔය කුලී වැඩ කරන මිනිස්සු ඉන්නවනේ අන්න එහෙම කාලෙකට කලින් ඔය ඉඩම් වල ඉන්න ඇති.

දෙවියෝ සහ භූතයෝ අපිම මවා ගත්තද කියල හිතෙනවා! පුරාවෘත අපිම මවනවද කියල හිතෙනවා!









Monday, August 28, 2017

The Eternal Torment of Unexpressed Love


මාතෘකාව ඉස්සුවේ රවී තුමාගේ පෝස්ට් එකකින්

නොහැඟවූ ආදරය 

නොහඟවන ආදරය අපුරුයි, කලාත්මකයි, වින්දනියයි. නමුත් ඒ ආදරයම  Eternal Torment වීම ඛේදනීයයි. සැඟවුනු, ඒක පාර්ශවික සහ හොරෙන් බලා අහිමි වී යන ආදරය සදාතනිකයි. හිමි වී, විඳ, එපා වී, දියවී යන ටිපිකල් ආදරේ පරදවා  අහිමි වී, සැඟවී ගිය ආදරය අපේ හිත් වල රැඳෙනවා.

ආදරය ප්‍රකාශයෙන් පමණක් හැඟවිය නොහැකි නිසා ප්‍රකාශනය කෙතරම් වැදගත් ද?

බටහිර සංකල්ප ප්‍රේමය සහ ඒ හා බැඳුනු දේ සැඟවීම අනුමත කරන්නේ නෑ. නමුත් ඔවුන්ගේ ප්‍රේමයන් Eternal ද? නිතර ප්‍රකාශ කරන ප්‍රේමය සමගම නිතර ප්‍රකාශ කරන අනෙකුත් හැඟීම් නිසා ඔවුන්ගේ පෙම් කතා තාවකාලිකව නිමා වෙනවා. නමුත් ප්‍රකාශිත හැඟීම් නිසා ඔවුන් තුල Torment නෑ. ඔවුන් එය විඳ අවසන් නිසා. 

පෙරදිග අපි ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීමට උනන්දු නමුත් වචනයෙන් ප්‍රකාශ කිරීමට එතරම් උනන්දු වන්නේ නෑ. බොහොමයක් දෙනා සිය ජිවිත කාලයම ඒ ප්‍රේමය වෙනුවෙන්, වරක් ප්‍රකාශ කළ ආදරය වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ ජිචිත තුල Eternal නොවුනTorment නැතුවා නොවුනත් සමහර ඛේදාන්තයන් දක්වාම ඒ කැපවීම කරන මිනිසුන් බහුතරයක් පෙරදිග ඉන්නවා. පෙරදිග අපිට අනුව විඳීම වරදක් මිසක්  විඳ නිම කිරීම තවම නොතේරීම හේතුව විය හැකියි.

වඩා වටින්නේ කුමක් ද යන්න සාපේක්ෂ නමුත් ප්‍රේමය Torment එකක් කර ගත යුතු ද කියල තමුන්ම සිතා බැලිය යුතුයි.  

රවියාගෙන්ම  උස්සපු මෙන්න මේ ටිකට අනුව

Who was I to question a love that was whispering as a winnowing wind?
Who was I to question a love that was shooting up sprouts as when the spring comes? 
Who was I to question a love that was as gentle as a floating snowflake that heralds the winter? 
Who was I to question a love that would inside me every day for the rest of my life and even beyond? - Nicholas Sparks - The Notebook

ඉබේ හටගෙන සදා රැදෙන හැඟීම් වල සුන්දරත්වය දකින්න අප ඉගැනිය යුතුයි. හැඟීම් තෙරපීමට උගන්වා ඇති අපට හැඟීම් විඳීමට, විඳ අවසන් කිරීම ඉගෙනීමට කාලය එළඹ ඇත. 

හැඟීම් විදීම වරදක් ලෙස කාවැදී ඇති අපේ සිත් එයින් මුදවා ගත යුතු වන්නේ විඳීමේ සිමා මායිම් හරි හැටි තේරුම් ගැනීමෙනි. පෙරදිග අපට ලැබී ඇති වාසිය මේ සිමා මායිම් නිර්ණය කර ගැනීමේ පහසුවයි. 

ප්‍රේමය ප්‍රකාශ කිරීමේ සහ නොකිරීමේ අයිතිය හැමටම ඇති බැවින් අප්‍රකාශිත ප්‍රේමයන් යනු ජිවිත කාලයක් විඳවන Torment කර ගැනීම නිෂ්ඵලය.  විඳිය යුත්තේ අප්‍රකාශිත ප්‍රේමයේ සුන්දරත්වයයි. අප්‍රකාශිත ප්‍රේමයේ ඇති මමත්වය ඉවත් වූ විට එහි ඇති විඳවීම හීන වී යයි. 

දෙපසට වෙන්වී යන යුවලකගේ සෙවනැලි සිප ගන්නා ග්‍රැෆික් නිර්මාණයක් පින්තුරයේ ඇත

--------------------------------------------------------------------------

බොරු කියන්න ඕනේ නෑ. මම නම් කොල්ල කාලේ ඔය මගේ හිත ඇදිල ගිය ගෑනු ළමයින්ට මට හිතුනු දේවල් කියල දැම්ම. සමහර ඒවා නිකන් පොල්ලෙන් ගැහුවා වගේ හෙහ් හෙහ්. සමහර සිද්දි මතක් වෙද්දීත් ලැජ්ජයි. හැබැයි ඉතින් මට ඔය Torment ඉතිරි වෙලා නෑ. 

බැරි වෙලා හරි ඒ ඒ ළමයින්ට සහ තව වෙනත් අයට එහෙම ඒවා ඉතිරි වෙලා තියෙනවනම් නැට්ට පිටින් අලි මැරෙන එකේ ඕක මොකක් ද කියල ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. 

රවියා තරම් නාකි වුනාට පස්සේ විස්තර එක්ක ඒ කතා ලියන්න බැරියැ.