A land like no other යන්න ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස යොදා ගන්නා වැකියකි. මේ වැකිය ලංකාවට කෙතරම් ගැලපේද යන්න වසර 4කට පසු ස්ථිර පදිංචියට ලංකාවට පැමිණි පසු මට මනාව වැටහී ගියේය. ලංකාව ලස්සන රටකි. එහි දෙකක් නැත. ලෝකයේ මිට වඩා ලස්සන තැන් ඇති බව සැබෑ උවත් ලංකාවේ ලස්සන වෙනස් ය. අපි ගරු කල යුත්තේ අන්න ඒ වෙනසටය.
පැමිණි දිනට පසු දින යන්නට යෙදුනු ගාලු සවාරිය නිසා උණවටුනේ බීච් එක පැත්තේ යන්නට අවස්තාවක් ලැබිණි. ලෝකයේ ලස්සන මුහුදු තිරයක් ලෙස සැලෙකෙන උණවටුන මුහුදු තිරය සැබවින්ම ලස්සනය. වැල්ල තඹ පාටය. රැල්ල කිරි පාටය.සුදු වැලි සහිත නිල්වන් පැහැදිලි ජලය සහිත මුහුදු තීරයන් ලස්සනය නමුත් තඹ පාටට උඩින් කිරි වැනි රැලි නගන වෙරළ ඒ හැමටම වඩා වෙනස්ය. ඒ වෙනස ලස්සනය. එවැනි ලස්සන මුහුදු තීරයන් අවට කුණු දමා අපවිත්‍ර කිරීම A land like no other යන හැඟීම අප තුල ජනිත කරවයි. (මෙච්චර ලස්සන බීච් එකනේ මේ කුණු දාල විනාස කරන්නේ. අම්මප මෙහෙම රටක් නම් වෙන කොහෙවත් නැතුව ඇති)
තඹ වන් වැල්ලට කිරි වන් රැළි නගන අවස්තාවක්
මට ලංකාවේ ජීවිතය හැම විටම අපුරු ලෙස දැනේ. එසේ දැනෙන්නට නම් වෙන රටවල් සමග සංසන්දනය නොකළ යුතු යැයි සිතේ. අපේ රට අද තියෙන තැන ඇත්තේ අපි නිසාය. අනෙක් රටවල් ඒ ඒ තැන් වල ඇත්තේ ඒ රටවල වෙසෙන මිනිසුන් නිසාය. අපි කොහොමත් උසස් ශේස්ට ජාතියක් නිසා කෙලසකවත් අනිකුත් මිනිසුන් සමග සංසන්දනය නොකළ යුතුය.
ලංකාවේ ජීවිතය බෝරින් නැත. මක්නිසාද යත් උදේ පාරට බැස්ස විට හවස ගෙදර එනකම් නොයෙක් ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම් ලැබෙන නිසාය. ගානට පිළිවෙලකට නීතියට අනුව පාරේ යන විට කිසි ගතියක් නැත. බොහෝ විට ගමන එපාවෙ. නමුත් ලංකාවේදී We drive like real men ලෙස ලොවෙත් නැති විදියට වාහන එළවීම ජිවිතයේ ඇති ඒකාකාරී ගතිය, ගමනේ ඇති විඩාව නැති කරයි. ඔබට කාට හෝ කුණු හරුපෙන් බනින්නට අවශ්‍ය නම් ඕනෑම වෙලාවක එය කල හැකිය. ලේ වතුර වී අමුතු ත්‍රිල් එකක් ගැනීමට අවශ්‍ය නම් අවශ්‍යය වන්නේ තප්පර කිහිපයකි. වෙනත් රටවල මිනිසුන් සල්ලි ගෙවා තීම් පාර්ක් වල දී ලබා ගන්නා ත්‍රිල් නොමිලේ අපට ලැබේ. හොරා පොලිස් වැනි විනෝද ජනක ක්‍රීඩා මතක් කරමින් නීති කැඩීම් කිසි ගානක් නැතිව කල හැකිය. වැදගත් වන්නේ අපේ ගමන යාම පමණි අනෙකාගේ ගමන් අපට අදාළ නැත. ලංකාවේදී mind your own business කියන්නේ අන්න එහෙම ඉන්න එකටය.
ආගමික අතින් ලොවේ ඉදිරියෙන්ම අප සිටින්නේ මන්දැයි මට පසුගිය දිනෙක වැටහී ගියේය. අපට පිනක් කිරීමට අවශ්‍ය වන්නේ තත්පර කිහිපයකි. තත්පර කිහිපයක් ඉවසීමෙන් ජිවිත බේරා ගත හැකිය. අනෙකාට පාරේදී මොහොතක් ඉඩ දීමෙන් අනුන්ගේ සිත් සතුටු කර මහත් පිනක් ලැබිය හැකිය. කඩවල් වලදී දැලි කුණු, දාඩිය, හොටු ආදිය තැවරුණු අතින් අල්ලා ලබාදෙන කෙටි කෑම වර්ග කෑමෙන් අපිට අල්පේච්චතාව පුරුදු පුහුණු කල හැකිය. අවශ්‍ය නම් පිළිකුල් භාවනාව දක්වා කඩය තුලදීම අපගේ සිත පුරුදු කල හැකිය. බඩුවක් ගැනීමට කඩයට ගිය විට උපේක්ෂාව අත්‍යාවශ්‍ය වේ. හොම්බට අනින්න හිතෙන සිතිවිලි උපේක්ෂාවෙන් දරා ගැනීමට වෙන රටවල මිනිසුන්ට හැකි වේ යැයි මා සිතන්නේ නැත. ඔවුන් අනිවාර්යයෙන් කස්ටමර් සර්විස් ගැන පැමිණිලි කර අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගනු ඇත. නමුත් අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් සියල්ල දෙස බලා අපේ වැඩේ කරගෙන මාරු වී යන්නෙමු.
ජෛව විවිධත්වය අතින් ලංකාව ඉතා පොහොසත්ය. එහි දෙකක් නැත. හෝර්ටන් තැන්නේ ඇති සුන්දරත්වය වෙන කොහේදිවත් අත්විදිය හැකි යැයි මම සිතන්නේ නැත. මම ලංකාවේ වඩාත්ම කැමති තැන් ගැන කල්පනා කලහොත් එහි පළවෙනි තැන හපුතලේ අපේ තාත්තාගේ ගෙදරට යන පාරටත් දෙවනි තැන හෝර්ටන් තැන්නටත් ලැබේ. වසර 5-6 කට පසු හෝර්ටන් තැන්නේ ඇවිද අපුරු අත්දැකීමක් මෙවර ලබා ගත්තෙමි. ඒ බේකර්ස් ඇල්ලේ සිට ලෝකාන්තය බලා නැවත ප්‍රධාන පිවිසුමට එන තුරු එක දිගට වැස්සේ තෙමිමට අවස්තාව ලැබීමයි. දැඩි ලෙස පොලිතින් වාරණය කරමින් අනගි සේවයක් කරන හෝර්ටන් තැන්නේ කාර්ය මණ්ඩලයට එහි ස්තුතිය ලබා දිය යුතුය. ගමනක් බිමනක් යන විට කුඩයක් රේන් කෝට් වැනි දේ සුදානම් කර නොගෙන ඕනෑම දේකට එඩිතරව මුහුණ දීමට කුඩා කල සිට අප පුරුදු පුහුණු වී ඇති බැවින් මෙවැනි අත්දැකීම් අපට ලැබුනත් බොහෝ දියුණු යැයි සම්මත රට වල සිටින රොබෝවන් වැනි මිනිසුන්ට නව තාක්ෂණයෙන් කාලගුණය ගැන සලකා ගමන් බිමන් නියමිත වෙලාවට සැලසුම් කර මෙලෝ රහක් නැති ලෙස ගමන් බිමන් යාම නිසා බොහෝ අපුරු දේ අහිමි වී ඇත. අප අන් රටවල් සමග සංසන්දනය නොකළ යුත්තේ එබැවිනි. හෝර්ටන් තැන්නේ මහ වැස්සට අහු වෙනකොට තියෙන ආතල් එක වෙන කොහේදිවත් ගන්න බෑ මහත්තයෝ ලෙස අපට බය නැතිව උන්ට කීමට හැකි වන්නේ එබැවිනි.
ලංකාවට පැමිණ දැන් මාසයක් පමණ ගෙවී ඇත. පසුගිය මාසය පුරාවට විවිධ කටයුතු රැසක් කර ගැනීමට හැකි වූ අතර තවමත් රැකියා විරහිත ආතල් එක විඳිමින් සිටිමි. "දැන් නම් ඔය ඇති හිටියා නේද " යනුවෙන් සැරින් සැරේ එන අවවාද, අනුශාසනා ගැන සීරියස් විදියට සිතීමට කාලය පැමිණ ඇත. හරි හමන් අන්තර ජාල පහසුකමක් නැති වීම තවමත් උග්‍ර ප්‍රශ්නයක් වී ඇත. ඩේටා යනු වැදගත් ගරු කටයුතු දෙයක් බව මට තේරුම් ගියේ ලංකාවට පැමිණි පසුවය.
ලංකාවේ ජීවිතය තවමත් එපා වී නැත. මැලේසියාව මතක් වන්නේ කඩවලින් බඩු ගන්නට ගිය විටය. මේ රටේ තියෙන බඩු වල ඇතුලේ රත්තරන් තියෙනවාදැයි හිතෙන තරමට බඩු බොරු ගණන් ය. ඒවා ඉතින් කොහෙත් එහෙමය. මැලේසියානුවන් කොයි වෙලෙත් උන්ගේ රටේ බඩු ගණන් යැයි විස්සෝප වෙති. ඇමරිකාවේද වැඩි වෙනසක් තිබිය නොහැක. ඕවා ගැන මම කවදාවත් වොරි වන්නේ නැත. වයිෆා ගේ කන්කරච්චල් ඉවසීම ඇර වෙන කිසි අවුලක් නැත. මෙලොව වෙසෙන කොයි වයිෆාත් එසේම බැවින් ඒ ගැන ද එච්චර සිතිය යුතු නැත.
රට සිටින අයට ලබා දුන් බදු සහන ගැන පසුගිය දිනවල ලොකු ප්‍රචාරයක් ගිය බව ෆේස්බුක් එකෙන් නිවුස් බලන ඔබ සැම දන්නවා යැයි සිතමි. ඒ බදු සහනය ලැබෙන්නේ මෙසේය. ඔබ වසරකට දවස් 365ක්වත් අවම වශයෙන් පිට රට සිටිය යුතුය. බැරි වෙලාවත් සතියක් දෙකක් එහෙ මෙහෙ උනොතින් ඔබ වසර 10ක් රට සිටියත් ඒ බදු සහන ලැබෙන්නේ නැත. රේගුවේ මහත්තුරුන් ගානට ඒ නොසිටි කාලය ගණන් හදා ඔබට නියමිත බදු මුදල් අය කරගන්නවා ඇත. රට සිටි කාලය ඔවුනට වැදගත් වන්නේ අන්තිම අවුරුද්දේ පමණි. ඉතින් මගේ අවවාදය රේගුවේ මහතුන් සමග විශේෂ ඇයි හොඳයියක් පයිරු පාසානමක් ඔබට නැති නම් සහ කවදා හෝ ලංකාවට ඔය මොනවා හරි බඩු ටිකක් අරගෙන එන්න සිතා සිටිනවානම් අන්තිම අවුරුද්දේ පණ ගියත් ලංකාවට පය නොගැසිය යුතු බවයි. නමුත් ඉතින් මේක ශ්‍රී ලංකාව කියන ඔප්ෂන් එකත් ඔබට ඇති බවත් මතක තියාගත යුතුය.
ලංකාව යනු ඉතින් රමණිය, මරණිය, සෝබමාන කුණු පිරුණු රටකි. ඒ රටේ ඉපිද හැදුනු වැඩුණු අපිට ඉතින් හත් වෙනි දෙව්ලොවට ගියත් නැවත ලංකාවට ඇවිත් එහි ජිවත් වීමට ඇති කැමැත්ත වැළැක්විය නොහැකි යැයි මට සිතේ.
බ්ලොග් ලිවිම කියවීම නැවත යතා තත්වයට පත්වන්නේ මට ජොබ් එකක් ලැබුණු පසුව බව සඳහන් කල යුතුය. මක්නිසාද යත් රස්සාවක් නැතිව ගෙදර සිටින විට කොම්පියුටරයක් බධාගෙන සිටීමේ නරක පුරුදු අපිට උපතින්ම පිහිටා නැති බැවිනි.