ඉතිහාසය නැවත නැවත සිද්ද වෙනවා කියන එක ගැන ඔය කාට හරි සැකයක් තියෙනවනම් මෙන්න මේ කවිය කියවල ඔය ලින්ක් එකට ගිහින් බලන්න.. ඔබගේ සැක සංකා හිරු දුටු පිණි බිඳු මෙන් දියවෙලා යාවි.. රට්ටු කියයි එක එක කතා. හැබැයි ඇත්තම හේතුව නම් ඉතිහාසය නැවත නැවතත් සිද්ධ වීම කියන මහා බලගතු ක්රියාදාමයට අසරණ මාව අසුවීම.. එහෙම නැතිව මම කවදාවත් මේ බ්ලොග් එක ලිවීමට කිසිම කම්මැලි කමක් දක්වන මනුස්සයෙක් නෙවෙයි නේ... මම ඕක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ කියවන අය දන්නවනේ.. හැබැයි කොච්චර කඩිසර, උනන්දු, උද්යෝගී තව ඒවා මේවා ඔක්කොම තියෙන මනුස්සයකුට වුනත් ඔය ඉතිහාසය නැවත නැවත සිදු වීම වලක්වන්න බෑ.. ඉතින් පෙබරවාරි කියල නෑ ඕවා වෙනවා. වැඩේ කියන්නේ මට ඕක වෙන්නෙම පෙබරවාරි වලදී.. මට හිතෙන්නේ මට නොපෙනන අදිසි හස්තයක කුමන්ත්රණයක් මෙතන තියෙනවා.. ඒ කියන්නේ පෙබරවාරි මාසයේදී මට මේකේ මොනවත් ලියන්න නොහිතෙන තත්වයට පත් කරන ඉතාම සියුම් කුමන්ත්රණයක්.. අධික නිදිමත වගේ ඉතා ම සියුම් අකාරයෙන් ඔය කුමන්ත්රණ ක්රියාත්මක වෙන්නේ.
ඉතින් මම වගේ ඔය මොන්ටිසෝරි කාලේ ඉඳල මේ බ්ලොග් ලියන්න නියම පරිචයක් ලබා ගත්ත නැති කෙනෙකුට ඔය වගේ සියුම් කුමන්ත්රණ වලින් බේරෙන්න අමාරුයි. අනිත් එක අපි කවදාවත් ඉතිහාසය රිපීට් වීම වගේ ස්වාභාවික ක්රියාදාම වලට බාදා කරන්න හොඳ නෑ.. ඒවා ඒ විදියට වෙන්න අරින්න ඕනේ. ඕව බ්ලොග් ලෝකෙටත් අදාලයි.
නමුත් මිත්රවරුනි මේ අවස්ථාවේදී මම ඉතාම සතුටින් ප්රකාශ කරන්න කැමතියි ලබන මාසයේදී මේ සම්බන්ධයෙන් නියම පරිචයක් මොන්ටිසෝරි කාලයේදීම ලබා ගත් බ්ලොග් කරුවන් එහෙම ඉන්නවනම් ඒ අය හම්බ වෙලා මේ වගේ සියුම් කුමන්ත්රණ වලින් බේරිලා මොනවා හරි ලියන්න මේ අවස්ථාවේදී මම ඔබ තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා.
මේ වගේ යහපාලනය රජයන යුගයක පොරොන්දු ගැන විශ්වාස කරන්න කියල මම ඔබ තමුන්නාන්සේලාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.