2006 අගෝස්තු 17 ලියන්න පටන් ගත්ත මේ බිත්තියේ මේ වෙනකොට මම 119ක් දේවල් ලියල ඒකෙන් 98ක් විතරක් පබිලිස් කරල තියෙනවා.
අවුරුදු 4යි මාස 8ක් විතර මේ බ්ලොග් ලිවිල්ල කරල ඉගෙන ගත්ත දේ ගොඩයි.හම්බ වෙච්ච යාළුවොත් ගොඩයි. හම්බ වෙලා කතා කරල නැති උණාට කොමෙන්ට් වලින් දන්න අය ගොඩක් ඉන්නවනේ...මම නම් බ්ලොග් බලන්නෙත් කොමෙන්ට්ස් දාන්නෙත් හරිම අඩුවෙන්... ඒක හදාගන්න ඕනේ..
ඇත්තම කිව්වොත් මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ සිංහල යුනිකෝඩ් ගෘප් එකට සම්බන්ධ වෙලා හිටපු කාලේ... සිංහල යුනිකෝඩ් ප්රචලිත වෙලත් මහ කාලයක් නෑ එතකොට. කොහොම වුණත් එදා ඉඳන් අද දක්වා සිංහලෙන් ලියන්න උදව් කලේ නම් ගාර්ප් එක තමා. මේක ලියන්න පටන් ගන්නකොට මම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ...(දැනුත් දන්නේ නෑ)
බ්ලොග් ගැන නොදැන හිටියට පොඩි කාලේ ඉඳන් එක එක දේවල් ලියන්න තියෙන උණ හොඳ කරගන්න තිබිච්ච හොඳ අවස්ථාවක් නිසා ලියන එක නැඟල ගියා. හැබැයි කියවන්න නම් වැඩිය කට්ටිය හිටියේ නෑ... සි.යු. ගෘප් එකේ කට්ටිය විතරයි නිකමට හරි ඇවිත් බැලුවේ...
බලන්න අය හිටියත් නැතත් මට ලියන්න හිතෙන දේ ලියල දැම්මා... දැන් නම් ගොඩක් දේවල් වෙනස් නිසා සිංහල බ්ලොග් ලියන එක නැඟල යනවා.
ඒක නම් ඇත්තටම හෙනම වටින දෙයක්. ජාලේ ඇතුලේ සිංහලෙන් කියවන්න දේවල් තියෙන එකේ වටිනාකම කියල වැඩක් නෑ.(අපේ ඉතින් කඩ්ඩ හෙනම පොලිස් නේ ඒකයි)
ඉගෙන ගන්න දේවල්, එක එක අදහස්,තාක්සනේ, මඩ,වලි,බොරු,පොර ටෝක්ස් ඔය ඕනම දෙයක් දැන් සිංහලෙන් ම තියෙනවනේ....
කොහොම වුණත් මෙකත් එක්ක ලියපු පෝස්ට් 99ම ලිව්වේ තනිකඩයෙක් විදියට... මුල්කාලේ ලියපු පෝස්ට් වල ගොඩක් ම තියෙන්නෙ තනිකඩ කොලුකම් වල ආතල් තමයි... 100 වෙනි පෝස්ට් එක තනිකඩවම දානව ද දෙකඩ වුණාට පස්සෙම දානව ද කියල තාම හිතල නෑ... දෙකඩ වෙන්න තියෙන්නෙ තව දින 5යි...
ජීවිතේ සිද්ද වෙන වෙනස් වීම් එක්ක ලියන දේවලුත් වෙනස් වෙයි... මොන දේ වෙනස් වුණත් ලියන එක නතර වෙන්නෙ නෑ...
නගරයේ 'Pop' තරු සහ ගමේ 'බයියන්' අතර දෝලනය වූ දශක දෙකක මතකය
-
2000 දශකයෙන් පසු ලංකාවේ බිහිවුන පොප් සංගීත කන්ඩායම් අතර තරු යුවලක්
(Pop-Duo) සේ වැජඹුනේ භාතිය සහ සංතුශ්ය.
ඔවුන් ගීත ගායනා කල වැඩ සටහන් වලට අනුග්රහය ලැ...
1 day ago