මම අසරණ IT කාරයෙක්මි . විවිධා කාර IT කාරයෝ ඇත . මම අයත් වන්නේ එයින් කම්මැලිම වර්ගයටය.
කොච්චර කම්මැලිද කිව්වොත් ඒ ගැන ලියන්නත් කම්මැලිය !
මටම කියා මුලින්ම ලැප්ටොප් එකක් ගත්තේ 2006 දී පමණය . ඒ මගේ දෙවෙනි ජොබ් එකට ගිය පසුය . දෙවෙනි ජොබ් එක කීවාට දෙවෙනි කොම්පැනියට කීම වඩා හරිය . 2004 ජූනි මාසයේ ට්‍රේනි කොලුගැටයකු ලෙස software හදන්නට වැඩට ගිය මම මේ අද දක්වා කරපු එකම රස්සාව ඔය software හැදිල්ල පමණි . අවුරුදු 20ක් තිස්සේ බම්බු ගැහුවාදැයි සමහර විට සිතේ . ඒ හදපු බම්බුවක් නැති නිසාය . software වල හැටි එහෙමය .
නෙලුම් කුලුන හදපු මේසන් බාස් කෙනෙකුට නෙලුම් කුලන දකින වාරයක් පාසා තමන් එහි බැඳපු ගඩොල් කැට ගැන කතා කිරීමට අයිතියක් ඇත . ඒ ගඩොල් ගලවන්නට මොන ජගතෙක්වත් යන්නේ නැත . නමුත් software එකක් හැදුවා කියා ඒ ගැන ආඩම්බර වීමට අපිට ඇති කාලය ඒ කෝඩ් එක තව එකෙක් බලන තුරු පමණි . ඔබ වාසනාවන්ත නම් ෂේප් එකේ අවුරුද්දක් දෙකක් ඔබ ලියු කෝඩ් එක ඔහේ තියෙන්නට ඉඩ තිබේ .. නමුත් බොහෝ විට වෙන්නේ පහුවදා හෝ බොහෝ විට ලියපු දා හවසම තව එකෙක් එක දෙස බලා "වට් ද එෆ් ඉස් දිස් " යැයි කියා ඔබ දිවා රෑ උතුර දකුණ මාරු කරමින් හිත හිතා ලියු කෝඩ් කැබැල්ල වෙනස් කර ඌ පොර වීමය . ඔය ආකාරයෙන් අවුරුදු ගණනක් වැඩ කර ආපසු හැරී බලනවිට ඔබ ලියු code එකක් වෙනස් නොවී තවම run වීමට ඇති ඉඩ ඉතාම අල්පය . අල්පය කියන්නේ ඍණ බිංදුව තරම් වීමට ඉඩ ඇත .
සංසාරය අනිත්‍ය බව software හැදීමෙන් ම ඔබට තේරුම් ගත හැකිය .
ඉතින් ඔන්න ඔහොම අමුතුම ආතල් එකක් තියෙන කෝඩ් කොටන රස්සාව කරන මට, මගේම ලැප්ටොප් මේ අවුරුදු 20ට ම තිබ්බේ ලැප්ටොප් 3යි(4යි) .
එක ඔය මුලින්ම ගත්ත Acer Aspire ද කොහෙද කියල එකක් .. ඒ දවස් වලත් ඒක ලක්ස එකහමාරක් විතර උණා . මම ඕක ගත්තේ HSBC බැංකු ලෝන් එකක් දාල . මගේ මුල්ම බයික් එක (බයික් නම් එච්චරයි ගත්තේ )වෙච්ච TVS Apache එකයි ඔය ලැප්ටොප් එකයි දෙකම ගත්තේ ඔය ලෝන් එකෙන් .
මට ඉන්න ඉරිසියාකාර යාලුවෝ ඉඳල හිටලා තාම අහනවා අර ලැප්ටොප් ලෝන් එක ගෙවල ඉවරද දැන් කියල .. හෙහ් හෙහ් ..
ඊට පස්සේ ආයේ මටම කියල ලැප්ටොප් එකක් ගත්තේ 2017 මැලේසියාවට ටටා බායි කියල එනකොට ඒක Dell Latitude එකක් .. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති එක නම් තාම වැඩ .. වටේ ප්ලාස්ටික් පොඩ්ඩක් කැඩිලා එච්චරයි .
හැබැයි ඔහොම ඉද්දි අපේ බට්ටි නගා වෙනුවෙන් මම 2020 දී තව ලැප්ටොප් එකක් ගත්තා . ඒක නිල වශයෙන් මගේ නොවුනට පාවිච්චි කලේ මම ..හෙහ් හෙහ්
ඒක උනේ මෙහෙමයි . මම Apple ෆෝන් වලට කැමති නැහැ .. ජිවිතේට එකක්වත් පාවිච්චි කරලා නැහැ නමුත් Mac Book Pro ගැන නම් පොඩි මෙව්වා එකක් තිබ්බ. පොඩි නෙමේ ලොකු මෙව්වා එකක් .. හැබැයි ඒ දවස් වලත් ඔෆිස් වලින් ලැප්ටොප් හම්බවෙන හින්දා කවදාවත් මටම එකක් ගන්න හිත හදා ගන්න බැරි උනා .
හැබැයි ඔන්න ඔහොම ඉන්නකොට Apple M1 චිප් එකත් එක්ක Mac Book Pro එක මුලින්ම එලියට දැම්ම නේ .. අන්න එතකොට නම් අර මෙව්වා එක තවදුරටත් මෙව්වා කරන් ඉන්න බැරි තරමට ඇවිල්ලා මම පොඩි උප්පරවැට්ටියක් කල්පනා කළා .
ඒ දවස් වල බට්ටි නගාට ඔය එක එක දේවල් පාඩම් කරන්න පොඩි ටැබ් එකක් වගේ එකක් ඕනේ වෙලා තිබ්බේ . අපි ගාව තිබ්බ ටැබ් එක ටිකක් මදි . මොකද ඔය Code කෑලි එහෙම රන් කරගන්න බැහැනෙ .
මගේ අර Dell මැසිම එයාට දෙන්න බැහැ කියල මම තදින්ම කිව්වා .
ඔය ආකාරයෙන් තර්ක විතරක් ටිකක් කරලා මම ඔප්පු කරලා පෙන්නුවා ඒ කාලේ හැටියට අපිට ගන්න පුළුවන් හොඳම මැසිම Apple M1 Mac Book Pro එක කියල , නමුත් පොඩි කොස්සකට හිටියේ එයාට ඕනේ කිව්වේ පොඩි ස්වීට් එකක් , මට ඕනේ උනේ අඟල් 16 ලොකු එක .
තවත් ටිකක් තර්ක කරනකොට මට තේරුනා වැඩේ කෙරෙන්න නම් එයා කියන විදියට තමා වෙන්න ඕනේ කියල .. හෙහ් හෙහ් .
කොහොම හරි ඉතින් මම අඟල් 13 එකක් අරන් මගේ Mac Book Pro උණ සනීප කර ගත්තා .
Mac Book Pro ගැන අවුරදු 5කට පස්සේ මට හිතෙන්නේ මෙහෙම , Apple Hardware පට්ට . Software විකාරයි .
Windows එක්ක ජිවිතේ ලේසියි .
ඉතින් ඔන්න ඔහොම කාලයක් ඉද්දි මට ජිවිත කාලෙම හිතේ කොණක තිබ්බ ගේමින් ලැප්ටොප් උනත් මතු වෙන්ඩ ගත්තා .
ඕස්ට්‍රේලියාවට ආවම තමා තේරුනේ මෙහෙ පාරවල් අයිනෙත් ලැප්ටොප් තියෙනවා කියල , ඒ කියන්නේ ඕස්ට්‍රේලියන් රුපියල් 500කට ගේමින් ලැප්ටොප් සූ ගාලා හොයා ගන්න තියෙනවා .
නමුත් ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියන් රුපියල් 500ක් වියදම් කරන්න හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා . ඒ මොකද කිව්වොත් අර Dell Latitude මැසිම පොළොවේ ගැහුවත් කැඩෙන්නේ නැහැ . ඒ අස්සේ Mac Book Pro එක මටම සින්න වෙලා මොකද බට්ටි නගාට මෙහෙ ආවම ඔෆිස් එකෙන්ම පට්ට එකක් දුන්න හින්දා . ඔය අස්සේ තව ලැප්ටොප් කොස් කොටන්නදැයි මම ම හිත හිත හිටියා .
ඔහොම ඉන්නකොට දවසක් චීන මල්ලි කෙනෙක් දැම්මනේ මුහුණු පොලේ පට්ට ලැප්ටොප් එකක් , එක දැකපු ගමන් මාව නිකං ටාන් වෙලා ටුං වෙලා ගියා. අයේ දෙපාරක් හිතුවේ නැහැ ගියා ගත්තා .
ඒක ASUS TUF Gaming එකක් .
ඔහෙලට කිව්වට ඉතින් කමක් නැහැ . මේ වෙද්දී දැම්මේ එක ගේමයි CyberPunk2077. තාම ගැහුවේ දෙපාරයි .
බර වැඩකට කියල කලේ DeepSeek Local install කරපු එක විතරයි .
එකෙත් 1.5B parameters තමා රන් කරගන්න පුළුවන් .
ගන්න කලින් කරන්නම් කියල හිතපු කිසිම වැඩක් නොකර , ඔහේ ඊමේල් ටිකයි , බුකියයි , යුබටෙයි බල බල ඉන්නවා ..
සංසාරේ හැටි ඉතින් ..
කම්මැලි IT කාරයින්ට Gaming Laptop වලින් කරන්න පුළුවන් වැඩ ටිකක් කොටාගෙන ගිහිං ලබන ආත්මෙදි ඔහෙලටත් ගෙමින් ලැප්ටොප් ගන්න හේතු වාසනා වෙන මහා පිණක් සිද්ද කරගන්න ඔන්න අවස්තාවක් !
ඔය කියන දෙල් ලැටිටියුඩ් එක නං පට්ට හාඩ් යූස් නේ? මං වැඩ කරල නං නෑ, ඒත් මගෙ යාලුවෙක් වෙන, රංග මාර විදිහට රෙකමන්ඩ් කරන මොඩල් එකක් ඒක.
ReplyDeleteඩ්‍රැකීයා , දෙල් මැසිමක් ගන්නවනම් කවද උනත් ලැටිටියුඩ් සීරිස් එකක් තමා ගන්න ඕනේ .. ගෙවන ගානට පාඩු වෙන්නේ නැහැ
Deleteප්ලාස්ටික් දිරල තියෙන්නේ මගේ එකේ .. හැබැයි ඇන්ජිම බ්‍රෑන්ඩ් නිව් වගේ තියෙන්නේ .. හෙහ් හෙහ්
හේරත් දියතලාවේ හෙන ගොඩේ නේද. මේ වගේ පරිගණක ක්ෂේත්‍රයේ ඉහලට යෑම ගැන අපේ ආඩම්බරය.
ReplyDeleteමෙවැනි කමෙන්ට්වලින් තමන්ගේ පහත්බව ප්‍රකට වන බව තේරුම් යන තරමට වත් පරිණත වන්න.
Deleteහපුතලේ සාර්ලිස් සුවාරිස්, එල එල
Deleteඩ්‍රැකී, සිගිති ආතල් ගන්න අය
Deleteමට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයේ බාගත ගොනු ලැයිස්තුව සටහන් කරැරති තැන හොයලා දෙනවද?
ReplyDeleteරෙජිස්ට්‍රිෙය් විස්තර තියෙනවා. ඒත් ගොනු වල නම් නෑ.
Jagath Pathirana, අමාරු ප්‍රශ්නයක් , මම ඔය IDM අන්තිමට පාවිච්චි කලේ මිට අවුරුදු 10-15කට විතර කලින් වෙන්න ඇති .. ලේසිම දේ එක්කෝ ගූගල් හරි ඔය චැට් බෝට්ටෙක් ගෙන් අහන්න
Deleteමම නම් ඔය coding දන්නෙ නෑ. කරපු එකම computer course එකේ තිබුනා Visual Basic, DBasee III වගේ ඒවා. Access ටිකක් දන්න හින්දා, එහෙන් මෙහෙන් අහුල ගත්තු codings දාලා company යට අත්‍යවශ්‍යම වෙලා තිබුනු වැඩ ටිකක් කරගන්න පොඩි programme කට්ටක් ඇටෙව්වා.. ඒකනම් දැන් අවුරුදු දහයක් තිස්සෙ තාම දුවනවා..හුඟක් උන් Access නොදන්න නිසා ඕක කූරු ගාන්න යන්නෑ. ඒක හින්දා යාන්තම් පණ ගැට ගහගෙන ඉන්නවා..මොකක් හරි ලෙඩක් ආවොත් අද මටත් තේරෙන්නෑ කොහොමද ඒක ගොඩ දාන්නෙ කියලා...🤣🤣🤣
ReplyDeleteහෙහ් .. එහෙම ඒවා තියෙනවා .. ඔය බැංකු වල core banking system එහෙම ඒ ජාතියේ තමා .. තාම දුවන්නේ AS 400
Deleteඔය කොම්පැනි වල තියෙනවා ඒ විදියට පණ වගේ ආරක්සා කරන කෝඩ් කෑලි .. ලියපු එකා ඉන්නකම් බහිරවයා වගේ ඒක අල්ලන්න දෙන්නේ නැහැ ..
ටෙක්නොලොජි අලුත් වෙලා වෙනස් වෙලා යද්දිත් සමහර කම්පැනි වලට අලුත් වෙන්න බැරි අන්න ඒ වගේ බහිරවයෝ අරක්ගත්ත කෝඩ් හින්දා ... හෙහ් හෙහ්
සිස්ටම් අලුත් නොකරන ප්‍රධානම හේතුවක් ඕක . ඉස්සර මම වැඩ කළා ලංකා බෙල් එකේ (ඒක වහල දාපු හින්දා දැන් ඕව කිව්වට කමක් නැහැ ..)
හෙන පතරංග SQL Query තිබ්බා දේවත්වයෙන් ආරක්සා කරන , පට්ට slow , නමුත් සිස්ටම් හැදිලා තිබ්බේ ඒවා මත . අරක වෙනස් නොකර මොකුත් කරන්න බැහැ .. ඒක වෙනස් කරන්න හිටපු ලොක්කෝ කිසි වෙලාවක දෙන්නේ නැහැ ..
ඒ ඒ වෙනස් කම් වෙනුවෙන් මුදල් කාලය ඒ ඒ කාලේදී වෙන් කරලා ලෝකේ යන විදියට වෙනස් උනා නම් සමහරවිට කොම්පැනිය බංකලොත් නොවෙන්න තිබ්බා ..
ඒක ඇත්ත.. මේකෙදිනම් මමම quotation අරගෙන ගෙනත් දුන්නා අලුත් software එකක් දාගනිල්ලා කියලා..ඕක බලලා, එහෙට මෙහෙට විසිකරලා අමතක කරලා දානවා..උන් බලනවා ඇති යකෝ කිසි අවුලක් නැතුව නිකං වැඩ ටික වෙන එකේ මොන මඟුලකටද ආයෙ සල්ලි දීලා එකක් ගන්නෙ කියලා.
DeleteIf it's not broken. why fix it කිවුවලු
Deleteමමත් හැමදාම වගේ ඩෙල් තමා ගත්තෙ. මගෙ මුල්ම ලැප (දැන් අවුරුදු 20ක් විතර ඇති) තාම පණපිටින් ඉන්නවා, වැඩක් නං ගන්නෙ නෑ. නංගිගෙ පුතාට සෙල්ලං කරන්න දීලා තියෙනවා.
HPත් හොඳා. IBM එකත් (ලෙනොවෝ එකට ගන්න කලින්) පට්ට හාඩ්කෝ වැඩ්ඩා.
පින්තූර ගොනුවක ප්‍රොපර්ටීස් මෙනුව ඩීටේල්ස් ටැබය තේරී ඇති විදියට ප්‍රෝගෑමටිකලි විවෘත කරගන්න පුලුවන්ද? (වින්ඩෝස් ෆොටෝ වීවරයේ ඔය දේ වෙනවා.)
ReplyDeleteයුනිකේත කොමෙන්ටුවක් පින්තූරයක එක්කල හැකිද? ඇස්කි නම් පුලුවන් යුනිකේත කොමේන්ටු දැම්මාම විකෘති වෙනවා. මම පාවිච්චි කරන්නේ විශුවල් බේසික්
ChatGPT අහන්න . වැඩේ ගොඩ දාල දෙනවා ටක් ගාල
Deleteමගේ අවුරුදු 20 විතර පරණ SQL proceedures තවම පාවිච්චි වෙනවා දැක්ක මගේ ඉනිෂල්ස් එක්ක . ඒවා ඉතින් ආයේ අලුත් කරන්න ඕනේ නැහැ . ගේමින් කම්පිටරයක් තියෙනවා . ඩෙල් තමා කම්පනියේ දුන්නේ . පට්ට ලැප . දැනුත් තියෙන්නේ එකක . මම අර ස්නයිපර් ගේම් හෙම ගහනවා ලෙහෙසි නිසා .
ReplyDeleteSQL procedures ගොඩක් වෙලාවට update කරන්න වෙන්නේ core system එක වෙනස් වෙනවනම් නේ . නමුත් ORM ආපු දවස් වල ඒවා ඉගෙන ගෙන client side අලුත් කරන්න හෙන බයක් තිබ්බා .
DeleteSQL Injection කරලා වෙබ් සයිට් එක හැක් උනාට පස්සේ ද කොහෙද සමහර දේවල් වෙනස් කලේ .. හෙහ් හෙහ්
Game ගහන්න ආස උනාට වෙලාවක් සෙට් වෙන්නෙම නැහැ .
ලියන්නට මැලියි කිව්වේ බොරු නේද
ReplyDeleteලියා තියෙනවා දිගටම 'ඔව්' නේද
දන්නා දේ ලියන එක පහසුයි නේද
දැනුනු ඇත්ත කිව්වට ඔබ තරහයිද?
නිදී දන්නා දේ ලේසියිනේ කොහොමත්
Deleteකම්මැලි කම නැති කරගන්න හොඳ විදියක් දන්නා සරල දේවල් ලියන එක
ප්‍රබන්ද කතා හැරුණු කොට මේකේ මම ලියන හැමදේම මගේ ජිවිතේ ඇත්තට සිදුවූ දේවල් තමා .
ඉතින් දාන කොමෙන්ට් වලත් තියෙන්නේ ඇත්ත කියල මම දන්නවා . මොකට තරහ වෙන්නද .. හෙහ් හෙහ්
Gaming Laptop ඉතිං ගේම් වලට තමයි. තව වීඩියෝ එඩිටින්, 3D රෙන්ඩරින් වගේ දේවලටත් කරනව නං ඒවටත් හොඳයි.
ReplyDeleteඅනිත් එකම දේ දැනටමත් කරපු Deepseek.
වීඩියෝ එඩිටින් නම් කරන්න දන්නේ නැහැ . මට DeepSeek එච්චර අල්ලලා ගියේ නැහැ . 1.5 B මදි . මගේ වැඩ වලට ChatGPT සෑහෙන හොඳයි .
DeleteGPU එකෙන් වැඩක් ගන්නේ නෑ අනිත් ඒවා ටික නම් ඉතින් ඕනෙම වැඩකට හරි යනවා
Hmmmmmmm
ReplyDeleteසෑහෙන වැදගත් නේද
Deleteපැතුම්ගේ බිත්තියේ ලියන පලවෙනි වතාවද කොහෙද... කම්මැලිකම තමා ඉතිං.
ReplyDeleteමටනම් laptop කිව්වොත් ඉතින් Lenovo තමා. මගේ අදහස නම් Gaming වලට හොඳ අදාළ accessories ගහපු desktop එකක් තමා.
දිගටම ලියමු මචං.. ජය වේවා!
ගෙමින් ඩෙස්ක්ටොප් එකක් ගන්නත් ආසාවක් තියෙනවා .. Lenovo සිරා වැඩ කරන්න . ThinkPad එකක් තමා ඔෆිස් වැඩට තියෙන්නේ ..
Deleteමේ පැත්තේ ආවට ස්තුතියි .. මමත් බ්ලොග් බලන්නේ හෙන අඩුවෙන් .. කම්මැලි කම ගැන නම් කියල වැඩක් නෑ ..
කම්මැලි කම කලාවක් නම් අපි එහි පිකාසෝලාය
//Apple Hardware පට්ට . Software විකාරයි . Windows එක්ක ජිවිතේ ලේසියි // සහසුද්දෙන්ම එකඟයි.
ReplyDeleteදෙල් ලටටියුඩරය තරම් නැතත් Hp ProBook සෙට් එකත් මරු. අපිවාගෙ දසවද දී වැඩ ගන්න අයට සාධාරණයක් කළා 😁
මම HP පාවිච්චි කරලම නැහැ .. වැඩ කරන එකාට ඕනේ මැසිමක් ඔට්ටුයි ..
Deleteමම මේ කල්පනා කලේ මිනිස්සු හඳට යන කාලේ තිබ්බ තක්ශනේ එක්ක අපි මේ මොන සීනිබෝල වැඩද කරන්නේ කියල .. හෙහ් හෙහ් ..
රජයට නිකං සොප්ටෙයාර් එක හදා දීල රෙපෙයාර් එකකදී අස්ප ගන්න කේවල් කරන සමාගම ගැන කතාවක් මැතකදී ඇහුව. අන්න බිසිනොස්. code නොදන්න අස්සෙ වෙලා තියෙන්නෙ උණු හන්ද බොන්නත් බෑ කිරි හන්ද අහක දාන්නත් බෑ වගෙ වැඩක්. වැඩිය විස්තර හොයන්න ගියෙ නෑ බොරුවට ඔලුවට බර දාගන්න ඕන නෑනෙ
ReplyDeleteරජයේ නිලදාරීන් ගැන කිව්වම මතක් උනේ මේ ලඟදි අපේ අක්කා මගෙන් ඇහුවා Bitcoin කියන්නේ මොනවද කියල . ..
Deleteමම විනාඩි 2ක් විතර සද්ද නොකර ඉඳල කිව්වා , මම තමුසෙට ඕක කියල දෙන්න යන වෙලාවත් , තමුසේ ඕක අහගෙන ඉන්න යන වෙලාවත් දෙකම අපරාදේ , වෙනදෙයක් කතා කරලා සැනසිල්ලේ ඉමු කියල ..
ඊට පස්සේ දෙන්නම සතුටින් හිටියා .
අපේ අක්කත් රජයේ නිලදාරියෙක්
IT දැනුම රින අයන්නේ තියෙන්නේ ..
ලංකාවේ රජයේ දැනට ඉහල තනතුරු වල ඉන්න අයට මේ තක්ශනේ ග්‍රහණය කරගන්න සෑහෙන අමාරුයි .. ඒ නිසා අන්දන්න හරි ලේසියි