Saturday, July 27, 2024

බ්ලොග් ෂෝර්ට්ස් - වචන 100යි !

අපි මැවුම්කාර දෙවියාට හෝ මැරෙණ උපදින යාන්ත්‍රණයට බයේ ජිවත් වෙනවා . ආදම් හා ඒවා මැව්වේ දෙයියා උනාට මේ දැන් ඉපදිච්ච දරුවාව මවන්නේ දෙයියා නෙමේ . හැමදේම කවදාහරි විනාස උනාට, අපි ජිවත් වෙන පුංචි සීමාව අපි ඉන්නකම් විනාස වෙන්නේ නැහැ . අපිට ඉන්නේ මේ මහා පොළොවේ ඉන්න ජීවියෝ ටික විතරයි! හාස්කම් කරන්නේ දෙයියා හෝ ප්‍රාණයක් නැති  විශ්ව බලය නෙමේ. මේ ලෝකේ ඉපදිච්ච පලවෙනි සත්වයාගේ පටන් ජාන වලින් එකතු වෙච්ච දත්ත ටිකයි,  ඒ දත්ත අපිට ඕනේ වෙලාවට ප්‍රොසෙස් කරලා දෙන මොළයයි. අපි දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්‍යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් බොලව් !

27 comments:

  1. මේ ඔක්කොම බොරුවක් කියලයි හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපි ඇත්තටම ඉන්නවා . හැබැයි අපි මනසින් මවන දේවල් තමා බොරු .. ඒ බොරු අතාරින්න බැරි /භය වෙන තරමට අපිට කා වැදිලා .

      Delete
  2. මම ළගදි කියෙව්වා Mark Twain ගෙ අද්භූත අමුත්තා පොත..ඒකෙත් අන්තිමට ඔන්න ඔයවගේ කුණුහරුපයක්ත තමා කිව්වෙ..

    " මම ඔයාට හෙළි කරපු දෙය ඇත්තක්. දෙවියෙක් නෑ, විශ්වයක්නෑ, මනුෂ්‍ය වර්ගයක් නෑ, ලෞකික ජීවිතයක් නෑ, දෙව්ලොවක් නෑ, අපායක් නෑ. ඒ සියල්ල සිහිනයක්. ඉතා ගොරහැඩි සිහිනයක්. ඔබහැරෙන්නට වෙන කිසි දෙයක පැවැත්මක් නෑ.ඔබ යනු සංකල්පයක් පමණී. ඉබාගාතේ යන සංකල්පයක්. අර්ථ විරහිත සංකල්පයක්. නියම තැනක් නැතිව, ශුන්‍ය සදාකාලිකභාවය මුළුල්ලේ ඉබාගාතේ තනිව යන සංකල්පයක්. " ඔන්න ඔහොමයි තිබ්බෙ..

    ReplyDelete
    Replies
    1. කවද හරි ඔප්පු උනොත් "ඔබ/මම " කියන සංකල්පය දත්ත වලින් හැදුනු, දත්ත හොයන්න ජිවත් වෙන, ක්වන්ටම් මට්ටමෙන් එකිනෙකාට සම්බන්ද, විද්‍යුත් චුම්භක බලෙන් දුවන , කාබනික මැෂින් දුවන්න රන් කරන ඔපරේටින් සිස්ටම් එක විතරයි , මැෂිම මළාම ඔපරේටින් සිස්ටම් එකත් මැරෙනවා කියල අපේ ඔළුවල තියෙන ඔය මල විකාර ආගමික සංකල්ප නැති වෙලා යයි ..

      මම හිතනවා ඒක ඉදිරි සියවස් කිහිපය තුල ඔප්පු වෙයි කියල ..

      සමහරවිට අපි හිතනවට වඩා කලින් ඕක වෙයි

      Delete
    2. ඒක තව එක විදියකින් දැකීමක් විතරයි. Just an another perspective... Not the whole or total truth but may be partial truth

      Delete
    3. total truth එක පිළිගන්න අපේ ඔලුවට කාවැදිලා තියෙන පරණ මතවාද වලින් ඔලුව නිදහස් කරගන්න ඕනේ .

      අපි කිසිම දෙයක් සත්‍ය විදියට පිළිගන්න කැමති නැහැ අපේ මනසින් මවන සංකල්ප නිසා. ඒක තමා මේ කාබනික මැෂින් එකේ විදිය.. අපි ඒ විදියට වෙලා තියෙන්නේ අවුරුදු මිලියන ගානක් තිස්සේ අපේ DNA වල ගබඩා වෙලා තියෙන රසායනික ද්‍රවය වල පිහිටීමේ තියෙන විවිධත්වය නිසා .. අපේ මොලය ඒවා විශ්ලේෂණය කරන විදිය නිසා ..

      සත්තු කියන්නේ ස්භාවික Quantum Computers වගේ මැෂින් ජාතියක්

      එක state එකක ඉන්න අපිට බැහැ ..

      අපි අහන, කියවන, කන බොන දේවල් හින්ද අපේ state එක එක මාරු වෙනවා

      ඒ state වලට අපි විවිධ නම් දීලා සංකල්ප හදාගන්නවා .

      ඔයාටයි මටයි එකම total truth එකකට එන්න කවදාවත් බැරි වෙයි .

      Delete
  3. බ්ලොග් ෂෝර්ට්ස් සංකල්පයක් ලෙස නම් සාර්ථකයි. සමහර කාරණා එක්ක එකඟයි.

    ReplyDelete
    Replies
    1. එකඟ නොවන කාරණා ගැන වලියක් දාගමු .. ළගදි හොඳ හෝටලේකින් කන්නත් බැරි උණා .. :D

      Delete
    2. මට බැහ්, මම කම්මැලියි බස්සෙක්. සමහර කාරණා /උපකල්පන තර්ක කරන්න අමාරුයි. ඔය කාබනික මැසිමේ CPU එක ගැන දෙවිදිහකට හිතපු දෙන්නෙක්
      https://www.youtube.com/watch?v=25LUF8GmbFU
      https://www.youtube.com/watch?v=b4HGSaDA5sk

      Delete
    3. ෂෝටක් ලියල කම්මැලි කම නැති කරගමු ..

      වීඩියෝ දෙක බලන්න ගත්තා ..

      මම පහුගිය ටිකේ මොලය සහ මනස ගැනත් Quantum Computers ගැනත් පොඩ්ඩක් ඉගෙන ගත්තා .. එතකොට හිතුන අදහසක් .. ටික කාලෙකට ආතල් එකේ ඉන්න පුළුවන් ඒකත් එක්ක .. හෙහ් හෙහ් ..


      Delete
    4. බස්සා මම වීඩියෝ දෙකම සෑහෙන දුරකට බැලුවා .. මම කියන්නේ දැන් තත්වය ගැන නෙමේ ..

      මේ යන විදියට දියුණු වෙලා ගියොත් තව උපරිම අවුරුදු 50-100ක් යද්දී මේ existence ගැටලුව විසඳගන්න මිනිස්සුන්ට පුළුවන් වෙයි ..

      අඩුම ගානේ ඒක ගැන තව දුරටත් හිතන්න හෝ සැලකිල්ලක් නොදක්කවන ගානට මිනිස්සු එයි ..

      Delete
    5. කෝවිඩ් කාලෙ මගේ සර්ච බලධාරී දේව සංකල්පය නැත්තටම නැති වුනා. ලොක් ඩවුන් වෙලා, ලාව්ලු කාපු රිලව් වගේ හිටි අපිට දැන් ඒවා මොකවත් මතක නෑ. ආයෙ සුපුරුදු පරිදිම මරා ගන්නවා.

      50-100ක් යද්දී මේ existence ගැටලුව විසඳ ගනීද, නැත්නම් වඳවෙලා යාවිද මන්දා? 🤔

      The Great Filter, and can we survive it?

      Delete
    6. වඳවෙලා යන්න කලින් මස්කයියා අඟහරු ලෝකෙට කට්ටියක් අරන් යයි ..

      Delete
  4. ක්වන්ටම් ෆිසික්ස් යාන්තමට ඉගෙන ගත්තට පස්සේ 9ඇස්ට්‍රෝ ෆිසික්ස් ) ඩිග්‍රිය කරල ඉවර වෙලා , හොයා ගත්ත කියවපු දේවල් ඇතැම් විට ලියන්නත් අමාරුයි. කම්මැලි කමට වුනත් මේ ෂෝට් ලිවිල්ල හොඳයි. අපි වගේම තව අය ඉන්න බවත් එයාලගේ වෙලාව අපේ වෙලාවට වෙනස් බවත් මට මිනිත්තුවකට පස්සේ මේ බ්ලොග් එකේ මෙහෙමම කියවන , ලියන තව චරිතයක් සිටිය හැකි බවත් -- එක්කෝ ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔහෙට කියන්න ගම මහත්තයෝ. මට මුලිච්චි වුනා නොවැ කකුල් හතරෙ බස්සෙක්. හැබැයි ටිකාක් ඉතර අවුල්. පැරලල් වර්ල්ඩ්ස්, ටයිම් ලයින්ස් වගේ වගේ කතන්දර තමයි කිව්වෙ.

      https://www.youtube.com/watch?v=kpqlmjr7Zuo

      Delete
    2. බස්සා,
      Loki සීරිස් එකේ තියෙන්නේ ඔය සිද්දිය නේද ?

      අජිත්, මම කියන්නේ ක්වන්ටම් කොම්පුටර් එකක AI එකක් රන් වෙන කාලේ ගැන .. දැනට AI වැඩ කරන්න Binary හින්ද, ඒකත් අපි වගේම තමා .. හැබැයි
      AI බොට්ටෙකුට ක්වන්ටම් අවකාශේදී වෙන්න පුළුවන් දේවල් සහ කරන්න පුළුවන් දේවල් හිතන එකත් ෆන් වැඩක් ..

      ඉගෙන ගත්ත දේවල් සිංහලෙන් අපිට තේරෙන්න ලියන්න. තරු ගැනත් ලියන්න කියල මට කීප සැරයක් ම කිව්වා .. :|

      Delete
    3. පැතුම්: ඔව් මට තේරුණා ඔයා කියපු එක. අතිශයින් පවර්ෆුල් කම්පියුටර් එකකට ඒ අයි එක්ක සම්පුර්ණයෙන්ම භාර දෙන එක හොඳ නැහැ කියන එකයි මගේ අදහස. 100 ෆිල්ම් සිරිස් එක බලනවද ?
      බසු - මම තව දුරටත් මාක්ස්වාදී භෞතික වාදියෙක් නෙමෙයි. ඉස්සර එහෙමයි. ඒක වුනේ ක්වන්ටම් ෆිසික්ස් නිසා. බොහෝවිට දෙවන ලෝක යුද්ධය කොහොමත් වෙන්න තිබුන කියන එක මගෙත් අදහස තමයි. අර ආදිපාද ට වෙඩි තැබුවා නිකන් -සිද්ධියක් විතරයි. වැඩේ පටන් ගන්න පොඩි තල්ලුවක්.

      Delete
  5. Blog ෂෝට්ස් නම් පැතුම්
    හිතන්නත් බැරි තරං
    මට- එයට මක් කරන්
    කියමි එක් දෙයක් දැන්

    පෝස්ටුව කෙටි වුණත්
    තියෙයි නං රස අරුත්
    අවුළුවයි අපෙ ඔළුත්
    පෙනෙනවා දැනටමත්!

    ReplyDelete
    Replies
    1. කවිත් හැබැයි ෂෝට්ස් වගේ නේද ?

      Delete
    2. වවුලගේ මඟුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕනිලුනෙ පැතුම්...

      Delete
  6. Blog ෂෝට්ස් ගැන හිතනකොට
    දෙකකුල් ගැහෙනවද පට පට
    බැලුවොතින් හොඳට වට පිට
    ඉගෙන ගත හැක යමක් බොට

    අන්සතු දිනපොතේ අමිල , සෑහෙන සාර්ථකව Blog ෂෝට්ස් සීරීස් එකක් ලියනවා. ඒකත් පාද යාත්‍රා වගේම
    දීර්ඝ පෝස්ටුවක්. ඒක ලස්සනට කුට්ටි කරල, ඒත් කම්මැලි නැති වෙන්න යහමින් ලුණු ඇඹුල් සහ පිංතූර දාලා ඔය ලියන්නෙ යස අගේට.

    කොට්ටව තේ වතුර පොට් එක

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් ටික සිරා තමා .. හොඳ ක්‍රමයක් දිග විස්තරයක් ලියන්න

      Delete