tag:blogger.com,1999:blog-32870013.post7939696536323259024..comments2024-03-14T18:59:26.475+08:00Comments on බිත්තිය: The Eternal Torment of Unexpressed LovePathum Herathhttp://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-32870013.post-33965333619734516502021-12-17T22:05:24.546+08:002021-12-17T22:05:24.546+08:00මා 1995-97 කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබු...මා 1995-97 කාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම කොළඹ ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. කරල් දෙකකට ගොතපු ඇයගේ කෙටි කොන්ඩය, තද නිල් පාට tie පටියෙන් සමන්විත ඇයගේ සුදෝ සුදූ පාසැල් නිල ඇදුම අදටත් මට හොදින් මතකය.
ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, ඒ දීප්තිමත් නෙත් යුගල, ඇයටත් හොරා මාගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක Youtube video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. මා video එක pause කොට ටික වෙලාවක් ඒ රූප රාමුව දිහා බලාගෙන හිටිය අතර නොදැනීම මාගේ දෙනෙත් වලට කදුළු ගැලුවේ එදා ඇයට කියාගත නොහැකිවූ මසිතේ ඇතිවූ ආදරයත්, ඇය නිසා පාසැල් කාලයේ මා විදි ඒ අපුරු සුන්දරත්වයත් මතක් වීම නිසාය. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. Anonymoushttps://www.blogger.com/profile/15757697419969772139noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-45186781353797482282017-08-28T22:32:06.358+08:002017-08-28T22:32:06.358+08:00ලිඛිතා,
මෙන්න මේකයි උනේ. අර රවියා වෙරි මර ගාතේ ද...ලිඛිතා,

මෙන්න මේකයි උනේ. අර රවියා වෙරි මර ගාතේ ද මන්ද ඔය පට්ට පෝස්ට් ලියනවනේ. දැන් ඕව කියෙව්වහම අපිටත් හිතෙනවා යකඩෝ මෙව්වනේ පෝස්ට් අපි මොනවාද ලියන්නේ කියල ... අල්ලපු ගෙදර එකා කරපු වැඩේ මොන විදියෙන් හරි කරන අපේ ආර්ය සිංහල ගතිය වහා ඉස්මතු වෙලා හිටපන්කෝ මමත් එකක් ලියන්න කියල ඔන්න පටන් ගන්නවා. ටිකක් වෙලා යද්දී තේරෙනවා උතුර දකුණ මාරු වෙනවා වගේ ගතියක්.. අරූ කොහොම මේවා ලියනවද මන්ද මගේ ඔලුව නම් කරවෙලානේ කියල දැනෙන්න ගන්නවා. ඒත් කමක් නෑ කොහොම හරි ලියනවා කියල හිතාගෙන ලියනවා.. ටික වෙලාවකින් බැලුවහම මේ මොන හරුපයක් ද මේ කියල හිතෙනවා.. ඒ වෙනකොට යක්කු ගස් වලින් බහින් වෙලාවත් ඇවිල්ල. අන්තිමට ඉතින් ඔන්න ඔහේ කමක් නෑ උත්සාහය වැදගත් නේද..? සිංහල බ්ලොග් රැක ගැනීම වෙනුවෙන් එක සිංහල අකුරක් ලියන එකත් වටිනවා . මේ සිංහල දේශය අපි රැක ගන්න ඕනේ වගේ දේවල් ටිකක් හිතල නිදි මත පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා මොකක් හරි පින්තුරයක් එල්ලලා පබිලිස් කරලා දානවා...

කොටින්ම පස්සේ බැලුවහම මටත් කොයිල් වගේ. මම හිතන්නේ අවුල තියෙන්නේ හවසට ෂොට් එකක් නොදාන එකේ...

ඕක තමා ඔකේ අභ්‍යන්තරේ.. අයේ පරීක්ෂණ තියල හොයන්න දෙයක් නෑ අපේ හාමුදුරුවනේ...

වැදගත් ම දේ තමා කියන්න දෙයක් තියෙනවනම් හිතේ තියාගෙන ඉන්නේ නැතුව කියල දාන්න.. පස්සේ අර Eternal Torment of Unexpressed Thought වගේ දරුණු ලෙඩ හදාගන්නේ නැතුව..

අපි ඔය රට්ටු කියන කතා වලට සැලෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ... !Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-8908889464484592842017-08-28T13:25:47.111+08:002017-08-28T13:25:47.111+08:00තනි අන්ඩේ ලව් හෙහ් හෙහ් මේක පට්ට... තනි අන්ඩේ ලව් හෙහ් හෙහ් මේක පට්ට... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-81611168457740884802017-08-28T11:35:58.528+08:002017-08-28T11:35:58.528+08:00මේකේ මොකද්දෝ අභ්‍යන්තරයක් මට පෙනේ...... මේ දවස්වල ...මේකේ මොකද්දෝ අභ්‍යන්තරයක් මට පෙනේ...... මේ දවස්වල ලංකාවේ එකල-මෙකල වෙමින් ඉන්නවා කිව්වා නේ.... එක්කෝ.....

නැහ්.. ඕනේ නෑ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-32870013.post-75503445796347609812017-08-28T11:07:58.931+08:002017-08-28T11:07:58.931+08:00තනි අන්ඩේ ලව් සම්බන්ධව මාත් ලිපි දෙක තුනක්ම ලියා ඇ...තනි අන්ඩේ ලව් සම්බන්ධව මාත් ලිපි දෙක තුනක්ම ලියා ඇත.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com