Monday, January 21, 2019

ඉස්කෝලේ කාලේ කතා 2 කොටස - කෙල්ලන් සමග කපුටා සහ ICQ


      මේක නම් ඉස්කෝලේ කාලේ කතාවක් නෙවෙයි. එත් කෙල්ලන් සමග වෙච්ච හින්ද ඒ කැටගරියටම දැම්ම. මේ තියෙන්නේ කලින් ලියපු එක. මේ සිද්දි ටික සිද්ද වුනේ ඉස්ල්කොලෙන් අස් වෙලා පලවෙනි රස්සාව කරන කාලේදී. මේ ටික මතක් වුනේ කලින් දාපු වෙන පෝස්ට් එකකට බුරා ICQ චැට් එක ගැන දාල තිබ්බ කොමෙන්ට් එක හින්දා.

මම මුලින්ම වැඩ කරපු කොම්පැනියේ ඉන්න කාලේ අපිට හොඳට අන්තර්ජාල පහසුකම් එහෙම තිබුනා. ඉතින් ගෙදර යන්න එහෙම ඒ තරම් උවමනාවක් තිබ්බේ නෑ ඒ දවස් වල. නොමිලේ ඉන්ටර්නෙට් එක්ක දවස ගෙවන්න ලැබීමට වඩා සැපයක් ඒ දවස් වල තිබුනේ නෑ.

කරන්න වැඩක් තිබ්බත් නොතිබ්බත් උදේ පාන්දර ආපු ගමන් අපේ පලවෙනි වැඩේ වෙන්නේ කපුටා චැට් එකටයි, ICQ චැට් එකටයි ලොග් වෙලා දවස ගත කරන්න චැට් කරන්න කවුරු හරි අල්ල ගන්න එක. ඔය කපුටා චැට් එක ඒ දවස් වල පට්ටම නැගල ගිය තැනක්. මම හිතන්නේ එකේ චැට් කරපු අය දන්නවා ඇති ඒ ආතල් එක ගැන. හෙහ් හෙහ් ලොවෙත් නැති නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන මරු ආතල් ගත්ත තැනක්. ඔය අස්සේ කෙල්ලෙක් හොයා ගැනීමේ අධික උණෙන් හිටපු මමයි ඔපිස් එකේ හිටපු මගේ තව යාළුවෙකුයි එක එක දවසට එක එක නම් වලින් ප්‍රොෆයිල් හදාගෙන කෙල්ලන්ගේ නම් බල බල ASL අහන එක තමා කරන වැඩේ... හෙහ් හෙහ්. ASL අහනවා කියන්නේ Age, Sex, Location අහන එක. කපුටා චැට් රුම් එකේ ප්‍රධාන චැට් එකේ පැත්තකින් ගෘප් එකට සෙට් වෙලා ඉන්න අයගේ නම් ටික පෙන්නනවා. ඒ නම ක්ලික් කලාම අදාළ කෙනාට වෙනම චැට් කරන්න පුළුවන්. එහෙම චැට් කරද්දී ඉස්සෙල්ලම hi පාරක් දාල reply එකක් ආවොත් ඊළඟ එක asl? ඕකට reply එක 20 f වගේ ආවොත් ඉතින් පැණි හැලීම පටන් ගන්නවා. 35 m වගේ අපු ගමන් ක්ලෝස් කළා වෙන එකක් හෙව්වා.. හෙහ් හෙහ් ඔන්න ඔහොමයි වැඩේ යන්නේ... 

ගොඩක් වෙලාවට කොල්ලෝ ආතල් එකට බොරු දානවා. හැබයි ටිකක් චැට් කරද්දී බොරුවක් කියල මාට්ටු වෙනවා. මුල් කාලේ නිසා ගෑනු ළමයි ඕකේ හිටියා. මම දන්නේ නෑ දැන් නම් එකේ කට්ටිය ඉන්නවද කියල. ඉතින් අපිට ලංකාවේ කෙල්ලෝ හොයා ගන්න ඕනේ උනාම ඒ කාලේ පිහිටට හිටියේ කපුටා චැට් එක තමා.

මම මේ බ්ලොග් ලියන්න යුනිකෝඩ් ගැන දැනගත්තෙත් ඔය කාලේදී තමා. පස්සේ පස්සේ ඔය කපුටා අඩවිය කරන ආයතනයේ ඉන්න කට්ටියවත් අඳුරගන්න ලැබුණා.  මම හිතන්නේ දැන් අවුරුදු කීපයකට ( කීපයක් කියන්නේ අවුරුදු 7කට විතර කලින් හෙහ් හෙහ්)  කලින් ඔය ගැන මම සටහනක් ලිව්වා. මේ තියෙන්නේ



ඊට පස්සේ පිට රටවල ගෑනු ළමයි නිතර ගැවසුණු තැනක් තමා ICQ චැට් එක. ගොඩක් වෙලාවට පිට රටවල ජිවත් වෙච්ච ලංකාවේ ළමයි ඕකේ හිටියා. මගේ යාලුවාගේ ට්‍රයි එක තිබ්බේ කොහොම හරි පිටරට කෙල්ලෙක් සෙට් කරගන්න එක. ඌට ඉංග්‍රීසිත් හොඳට පුළුවන්. ඉතින් ඔන්න ඔහොම ඔය චැට් රුම් දෙකත් එක්ක ඔපිස් එකේ වැඩත් කරගෙන අපි දෙන්න සහයෝගෙන් හිටියා.

ඕකෙදි සෙට් වෙච්ච නානාප්‍රකාර ගෑනු ළමයි අතරෙන් 2ක් ගැන මේ පොඩ්ඩක් ලියල දාන්නම්... හෙහ් හෙහ්.. මතක හිටින මට්ටමේ දෙයක් තියෙන්නේ ඒ දෙක ගැන විතරයි...

අපි පලවෙනි ළමයට A ළමය කියමුකෝ. මේ ළමයාගේ ගම් පළාත නම් මට මතක නෑ.. හැබැයි ඉතින් දවස් දෙකතුනක් චැට් කරලා ටෙලිෆෝන් නම්බර් එකත් දීලා, ඔන්න දැන් ෆෝන් එකෙන් වැඩේ යන මට්ටමට දියුණු වෙලා තියෙන්නේ... හෙහ් හෙහ් ඒ දවස් වල චැට් මාස්ටර්ලා වෙලා හිටියේ ... හෙහ් හෙහ්...  අපි දෙන්න ඉතින් වැඩ කරන ගමන් එදා චැට් එකට සෙට් වෙච්ච කෙල්ලෝ ගැනත් කතා කරනවා. මම ඉතින් අරූට ඔක්කොම කියනවා ඌත් මට විස්තර වාර්තාව දෙනවා. 

දැන් මේ ෆෝන් එකෙන් කතා කරන මට්ටමට ආවට පස්සේ වැඩේ පොඩ්ඩක් විතර බැරෑරුම් මොකද ඉතින් චැට් වගේ ක්ලෝස් කරලා දාන්න බෑනේ...  කොහොම උනත් SMS ගගහ රෑට රෑට කෝල් කර කර මල් කඩ කඩ කාලේ ගත වුනා. අරූටත් එකක් සෙට් වෙලා ඌත් වැඩේ ගොඩ දාගෙන යනවා. 

මේ A ළමය එයාට තිබ්බ පවුල් ප්‍රශ්න, ඔය එක එක දේවල් එහෙම කියාගෙන මුලින් සෙට් වෙලා ආවා. මට අවංකවම විස්තර කිසි දෙයක් මතක නෑ... හැබැයි ටික දවසක් කතා කරද්දී සබ්ජෙක්ට් එක පොඩ්ඩක් ට්‍රැක් මාරු වෙනවා කියල මට තේරුනා. ඒ කියන්නේ කතාව වැඩි හරියක් සෙක්ස් පැත්තට යනවා. මුලින් මුලින් මම ඒ හැටි ගණන් ගන්නේ නැතුව ෂේප් එකේ හිටියට ඒ පැත්තෙන් හෙනම අසහනෙන් ඉන්න ගතියක් මට තේරුනා. මම ඉතීන් අරූට මේවා ගැන වාර්තාව ඔක්කොම දෙනවා. හෙහ් හෙහ්...

ඌ ඉතින් මට ඕනේ කොල්ලෙක් දෙන උපදෙස් ටික ඔක්කොම දුන්නා. ඒ කියන්නේ ඉතින් හම්බවෙන්න පලයන් කියල... දැන් වීරයා වගේ මෙව්වා කිව්වට මම ඒ දවස් වලත් හෙන හැදිච්ච ළමයා.  වැඩි වැඩ කරන්න බයයි... ඉතින් ඕකට උපක්‍රමයක් විදියට මම ෆොටෝ එකක් ඉල්ලුවා කවුද මේ කියල බලන්න. මේ කෙල්ල පොඩ්ඩක් අදිමදි කරලා ඔන්න දවසක් පොටෝ එකක් එව්වා.  ඒ දවස් වල ඉතින් ටක් ගාල සෙල්ෆියක් ගහල එවන්න පහසුකම් තිබ්බේ නැති හින්ද ඔය ස්කෑන් කරපු මුහුණ අපැහැදිලි පරණ පොටෝ එකක් එවල තිබ්බා. ෆොටෝ එක දැක්කම ඉතින් මට පොඩ්ඩක් වැඩේ ගැන අවුල් ගතියක් ආවා.. හරියට පැහැදිලි නැති නිකන් වෙන කාගේ හරි ෆොටෝ එකක් වගේ හැඟීමක් තමා දැනුනේ... හැබැයි ඉතින් ඔහොම චැට් කරපු කෙල්ලෙක් ෆොටෝ එකක් එවීම කියන්නෙත් සෑහෙන ජයග්‍රණයක් නේ... හෙහ් හෙහ්..

කතා බහ ටික ටික කෙරුනට පස්සේ අරුටයි මටයි දෙන්නටම සැකයක් ආව මේ කවුරු හරි ඇන්ටි ටයිප් කෙනෙක් ද දන්නේ නෑ කියල... මොකද ඇන්ටිලගේ කේස් වලට පැටලිලා අහක යන ලෙඩ දාගන්න අසරණ අහිංසක පොඩි ළමයි දෙන්නෙක් වෙච්ච අපි දෙන්නටම ඕනේ වුනේ නෑ. අනිත් එක වෙද්දී කොහොමත් අපේ ඩේලි චැට් වලින් තව තව ලස්සන නම් තියෙන නම්කිල එහෙන් මෙහෙන් සෙට් වෙන හින්ද ( එකක් සෙට් වුනා කියල අලුත් ඒවා හොයන එක නතර කරන්න බෑනේ ෆෙන්ස්) මේ අහක යන ඇන්ටිලගේ කේස් පටලවගන්නේ මොකටද කියල මම ඒ වැඩේ අතැරලා දැම්ම. ඔය පොඩි ඊමේල් එකක් දෙකක් ඊට පස්සේ ඇවිල්ල ඒක එහෙමම දිය වෙලා ගියා...

ආතල්ම වැඩේ වුනේ මට ICQ එකෙන් චයිනිස් කෙල්ලෙක් සෙට් වුනාට පස්සේ... හෙහ් හෙහ්...

තව කොටසකින් ඒ ටික කියන්නම්කො. දැන් මට නිදි මතයි.


20 comments:

  1. උඹට කියාන්ට පැතුමො, ඔය චැට් වැඩේ නිසා අපේ soft-skills සෑහෙන්න දියුණු වුනා නෙවැ. Typing speed එක අම්බානකට buildup වුනා. එතකොට shorthand typing, ඒ කියන්නෙ අකුරු අඩු ගානකින් අදාල වචනය ටයිප් කිරීම (උදා: I'm at Work->m @ wrk, I will come->i vl cm) ඉගෙනගත්තා. ඒ වගේම චැට් windows 3-4ක් එකපාර ඕපන් කරගෙන ගෑල්ලමයි 3-4 දෙනෙක් එක්ක එකපාර චැට් කරලා අපේ multipurpose skills, time management එහෙම වැඩිදියුණු කරගත්තා. අපි දැන් මේ ඉන්න තැනට එන්ට ඔය චැට් කිරීම සෑහෙන්න දායක වුනා කියාන්ට පුළුවන්.. මොකද උඹ හිතන්නෙ? :-D

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. අනේද කියන්නේ... ඔච්චර දේවල් කරන ගමන් වැඩත් කරලා පඩිත් ගත්තනේ...රස්සාවට විතරක් ද බන්... ඔය ගෑනු ළමයි බැලන්ස් කරන්න ඉගෙන ගෙන තිබීම කොච්චර ප්‍රයෝජනවත් ද ජාමේ බේරගෙන ජිවත් වෙන්න...

      උඹට කියන්න මම දවසක් අපේ අම්මටත් ඕක කිව්වා... අම්ම දවසක් මගෙන් ඇහුවා ඔයවගේ පැය ගණන් කතා කර කර හිටපු කෙල්ලෙක් ගැන...මොනවාද ඔච්චර කතා කරන්නේ කියල.. මම කිව්වා අම්මේ මම මේ ගෑනු ගැන ඉගෙන ගන්නවා.. කවද හරි බඳින්නත් එපෑ කියල... හෙහ් හෙහ්

      Delete
  2. කරලා තියෙන වල් වැඩවල හැටියට මුන්ව ආශ්‍රය කරන්නත් නරකයි , අම්මප

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා චුටි බබා... එන්න නලවන්න... හෙහ් හෙහ් හෙහ්

      Delete
  3. බලන් ගියාම මුන්ව තියන්න වටින්නෙ නෑනෙ… :D

    ReplyDelete
    Replies
    1. අනේ තවත් අහිංසක අසරණයෙක්... හෙහ් හෙහ් හෙහ්

      Delete
  4. Hmm ... living in the past and enjoying it ... married man !!
    Sarath Lankapriya

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි මේකත් හරි... ලොකු මහත්තයට බ්ලොග් මතක් වෙලා තියෙන්නේ... හෙහ් හෙහ්

      Delete
  5. එක පාරක් එකම ඔෆිස් එකේ හිටපු යාලුවෙක් එක්ක චැට් කරා කියන්ඩකො වරුවක් විතර. ඒ යකාගෙ නම දැක්කම මං හිතුවෙ කෙල්ලෙක් කියලමයි. ඌත් හිතල තියෙන්නෙ මං කෙල්ලෙක් කියල...ASL ඇහුවෙ නෑනෙ ගටක් නැති හිංදා

    ReplyDelete
    Replies
    1. හපොයි.. පස්සේ දැන ගත්තද යාලුවා කියල... හෙහ් හෙහ් මම ඔහොම වැඩක් කළා skype එකේ.. හෙහ් හෙහ්

      Delete
  6. කපුටා මට නැගල ගියේ නෑ.. onlanka එක තමයි ෆේස් බුක් එකට කලින් නවාතැන වෙලා තිබ්බේ.. ඔය කියන කාලේ මං නම් කොල්ලෙක්ම නෙවෙයි එක් දරු පියෙක් හිටං.. ඒ චැට් එකේ හිටපු කාන්තාවෝ වැඩි හරියක් දැන් ෆේස් බුක් යාළුවො.. ඒකත් පට්ට.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. මමත් කපුටා එකේ හිටියේ ටික කාලයයි... ICQ අල්ලලා ගියා.. onlanka මම කවදාවත් ගිහිල්ල නෑ...

      Delete
  7. මමනං කපුටා එකට ගියාට කවදාවත් චැට් කියල එකක් කලේ නෑ. ඒ කියන්නෙ ඒ කාලෙත් අපි අහිංසක ඩෑල් වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. කපුටා එකට ගිහින් චැට් කරලා නෑ කියන්නේ.. කපුටා ගියේ නෑ වගේ තමා.. ඔහොම අහිංසක වෙලා බෑ මෙයා..

      Delete
  8. Nostalgia at its best (or is it worst?)

    ReplyDelete
    Replies
    1. Luckily all the girls settled without making chaos. So can say ok but could have been better.

      Delete
  9. ICQ ගැන මිහිරි මතක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්නට කාලෝ අයන්තේ!

      Delete
  10. අඩේ අපි ඔක්කොම එක වල්ලේ පොල්නෙ බන්ස්....😜

    අපි use කරේ yahoo chat එක.. ඔය චැට් එකකින් සෙට් වුන texas කෑල්ලක් අදටත් මගෙ කන්ටැක්ට් වල ඉන්නවා.. අවුරුද්දකට විතර සැරයක් hi පාරක් එහෙට මෙහෙට යනවා අහම්බෙන් පරණ contacts බලනකොට..

    එතකොට chinese කෑල්ලක් දවසක් මට ඒකිගෙ දුකක් කිව්වා.. ඒකිගෙ කොල්ලා හිටියෙ රොමේනියා වල... ඌව කන්ටැක්ට් කරගන්න බෑ කියලා.. මම අපේ රොමේනියා ofc එකෙ⁣් එකෙක්ව අල්ලන් වෙනම project එකක් දියත් කලා අරූව locate කරගන්න...

    මරු බන්..දැන්නම් මතක් වෙද්දිත් ගති.. ඔය බූරා කියලා තියනවා වගේ අපේ skills සෑහෙන දියුනු වුනා ඕකෙන්..

    Asl මට අමතකම වෙලා තිබුනෙ.. මේ දැන් උබ කියනකොට තමා ආයෙ මතක් වුනේ...🙂🙂🙂

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේවා මතක් වෙන කොට ගති තමා නේද... මගේ නම් ඒ පරණ කන්ටැක්ට් දැන් නෑ... සමහර ඊමේල් එකවුන්ට් වල පාස්වර්ඩ් මතකත් නෑ... හෙහ් හෙහ්.. ඉන්න කීප දෙනාත් එක්කත් ආස්සරේ හරි අඩු වෙලා දැන්... හැබැයි හැමදාටම මතක් කර කර ඉන්න පුළුවන්...

      Delete