Pages

Sunday, October 29, 2017

සුවසේ නිදමු!


ඔක්ටෝ බරයේ
බොහෝ දේ සිදුවිය.
සියල්ල නොවැම් බාරයට දමා
මම නිදමි.

නොවැම් බාරයේ ඇති දේ
දෙසැම් බාරයට දීම
නොවැම් ගේ වැඩකි.
මට අදාළ නැත.

ජන වාරිය
බාරයට කිසිත් නොගන්නා බැවින්
දෙසැම් කරන දේ
ඌට බාරය.

පෙබර වාරිය
ජන වාරිය
සමග උගේ වැඩ
බලා ගනු ඇත

මාර්තුව ට යෙදෙන කාර්තුවේදී
අලුත් දේ සිදුවී තිබෙනු ඇත.
මාර්තු කාර්තුව ගැන
පසුව බලා ගත හැක.

අප්‍රේලය 
කෑමට සහ බීමට
වෙන් වන බැවින්
ලිවිමට තැනක් නැත.

මැයි ඇයි
ලියයි නොලියයි
දැන් ම කීමට
කල් වැඩියි

ජුනියා,
ජුලියා
කෙලින මල ජුලි වලට ඉඩ තබා
ඔහේ සිටින්නට ඉඩ තිබේ.

අගෝස්තුව
තෝන්තු වී
සියල්ල සැප්තැම් ගේ
බාරයට දී මාරු වනු ඇත

සැප්තැම් බරය
සාහිත්‍යයට වෙන් වන බැවින්
වැදගත් දෙයක් 
ලිවීමට ඉඩක් නැත

බොහෝ දේ සිදුවන
ඔක්ටෝ බරය
සියලු දේ නොවැම් බාරයට දී
මට නිදා ගැනීමට ඉඩ දෙනු ඇත.


අසරණයාට වද නොදී නිදාගැනීමට ඉඩ හරින්න!