මේක මගේ අදහසක් නෙවෙයි... හෙන සම්භාව්‍ය ගතියක් තිබුණට මේක උපුට ගත්තෙ කාගෙවත් පොතකිනුත් නෙවෙයි...
ත්‍රී වීල් වල පිටිපස්සෙ ගහල තියෙන ඒව කියවන එක හරි ජොලි වැඩේ නේ... මගේ ප්‍රියතම වැඩ වලින් එකක්... හික් හික්..
මේ අදහස අද මම දැක්කෙත් ත්‍රී වීල් එකකම තමා.. මම ත්‍රී වීල් එක ඉස්සර කරල මිනිහා දිහා හැරිලත් බැලුවා පොඩි ගරු කිරීමක් විදියට...
Pages
▼
Tuesday, December 29, 2009
Monday, December 28, 2009
මගේ පොත...
මම කැමතිම දේවල් වලින් එකක් ලියන එක... කවි සහ විද්‍යා ප්‍රබන්ධ තමයි වැඩිපුරම... කොම්පියුටරයක් දැකලවත් නැති කාලේ පෑනයි අහුවෙන ඕනෙම කොල කෑල්ලකුයි තිබුනම ඇති පොඩි නිසදැසක් ලියන්න... උ.පෙ කාලෙ පන්ති වල දෙන හෑන්ඩ් බිල්ස් වල අනන්ත කවි ලියල ඇති... ලව් සික් තදේටම කියන කාලෙ නෙ ඉතින්...ඕනේ වෙලාවක කවියක් ලියන්න පුළුවන්...
පොඩි කාලෙ ඉඳලම හොඳට කියවන්න පුරුදු වෙච්ච නිසා වෙන්න ඇති... වැඩියෙන්ම කියෙව්වෙ පරිවර්තන... වැඩියෙන්ම කැමති ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ට... සයි-ෆයි උණ තදේටම තිබුණා උ.පෙ කාලෙදි.. හැබැයි ඉන්ටර්නෙට් කියන්නෙ මොකක් ද කියලවත් දැනගෙන හිටියෙ නෑ ඒ දවස් වල.
( ඒ දවස් කියල කිව්වෙ 2000-2001 දි.. වැඩි ඈතකදි නෙවෙයි..).
ඉන්න ගමන් පොඩි කතාවක් ලියල දැම්ම විදුසරට... පත්තරේ ගියෙ නෑ... ඊට පස්සෙ ලිව්ව තව එකක්... ඒක විදුසරේ ගියා.. වැඩ ඔක්කොම නතර කරල විද්‍යා ප්‍රබන්ධ ලියන්න ගත්තා.. ඊට පස්සෙ විදුසරට දාපු එකත් ගියා...සතුට වැඩි කමට විද්‍යා ප්‍රබන්ධ 8ක් විතර එකතු කරල ලිව්ව පොතක්...
පොතේ නම "පරිණාමයේ වේදනාව සහ වෙනත් කතා"
වැදගත් ම දේ තමයි පොතේ පිටිපස්සෙ පොත ගැන ලියන අදහස ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා ගෙන් ලබා ගැනීමට හැකි වීම...
පොතේ පිටපතක් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාට පිළිගන්වන්න ලැබීම මගේ ජීවිතේ වැදගත්ම දෙවල් වලින් එකක්...සාමාන්‍යයෙන් කෙනෙකුට නොලැබෙන අවස්ථාවක් ලැබුණ කියල කියන්න පුළුවන්...
කර්තෘ ප්‍රකාශනයක් විදියට එළි දක්වපු පොතේ පිටපත් 1000ක් ගැහුවා.. සෑහෙන්න විකුණ ගන්නත් පුළුවන් වුණා... ගෙදර තියෙන ඉතිරි පොත් ටික දැක්කහම තම පොත ගැන ආයෙ මතක් වුණේ...
පෝස්ට් එක දැම්මෙ පොත් ගැන ප්‍රචාරයක් දෙන අරමුණින් නම් නෙවෙයි... කැමති කෙනෙකුට නොමිලේ දෙන්න පුළුවන්...
මං ගැන පුංචි පොර ටෝක් එකක්... හික් හික්...
මේ තියෙන්නෙ පොතේ කවරෙ..
ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමඟ...
පොර ටෝක් එක ඉවරයි... කියවූ ඔබ සැමට බොහෝම ස්තූතියි෴
Sunday, December 27, 2009
ක්‍රොම් වල සිංහලෙන් ලිවීම...
මටම හිනා මේ වෙච්ච වැඩේට... ගූග්ල් ක්‍රොම් මුලින්ම ලෝන්ච් කරපු දවසෙම ආපු ප්‍රශ්නේ තමා ඒකේ සිංහල හරියට ලියන්න බැරි වෙච්ච එක... සිංහල ලියන්න බැරි වුණා කියල ක්‍රොම් පාවිච්චි කරන එක නතර කලේ නෑ... ෆයර් ෆොක්ස් වල වගේ කෙලින්ම සිංහල ලියන්න බැරි නිසා මම ගොඩක් වෙලාවට කළේ නෝට්පෑඩ් එකේ ලියල අලවන එක... ක්‍රොම් ලෝන්ච් වෙලා දැනට අවුරුද්දකට වැඩියි හරියටම නම් 2008 සැප්තැම්බර් 2.. මම 3න් වෙනිදා උදේ ඔෆිස් ගිය ගමන් කළේ ඔෆිස් මැෂිමට ක්‍රොම් දාන්න හදපු එක.. හික් හික්.. අද වෙනකම් ඒක නම් කර ගන්න බැරි උණා... කොහොම වුණත් එදා උදේම සිංහල යුනිකෝඩ් සමූහෙට මේල් එකක් දැම්ම ක්‍රොම් ගැන කියල... ඒකෙ සිංහල වැඩ නැති (හොඳට පෙනුනට ලියන්න බැරි අවුල...) කේස් එක ගැන එදාම අපි කතා කළා..
මේ තියෙන්නෙ ලින්ක් එක.. හික් හික් හික්...
කොහොමින් හරි එදා ඉඳල මම ක්‍රොම් එකේ ඉඳන් ලියපු හැම සිංහල අකුරක් ම ලිව්වේ නෝට් පෑඩ් එකේ.. මොන වස ලැජ්ජාවක් ද හැබෑටම... ඊයෙත් ලියපු ඊමේල් එක ලිව්වෙ නෝට්පෑඩ් එකේ.. දැන් මේ බොලොග් එකට අළුත් පෝස්ට් එකක් දාන්න හිතාගෙන මේකේ නිකමට ලියල බැලුවා... සංසාරේ කියල හිතුණා.. එළ කිරි වගේ වැඩ... මෝඩ කමට බෙහෙත් නෑනේ කියල හිත හදාගෙන මේ පෝස්ට් එක බබා වගේ ලියල දැම්ම ක්‍රොම් වල ඉඳලම...
තව මොන මොන බුල් කෙලිනවද දන්නෑ... පොඩ්ඩක් හිතල බලන්න ඕනේ නිවාඩුවක් වත් දාලා... :)
Thursday, December 24, 2009
2012-12-21 මොකක් වෙයි ද?
මේක මේ දවස් වල ජනප්‍රිය මාතෘකාවක්... 2012 ෆිල්ම් එක ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති.. ලංකාවේ අපි මේක ගැන නොහිතුවට ගොඩක් මිනිස්සු මේ ගැන උනන්දු වෙනව කියල ගූග්ල් එකේ ටිකක් බලනකොට පේනව...
මේක ගැන පෝස්ට් එකක් දාන්න හිතුනෙ ඊයේ මට ආපු ඊ මේල් එකක් නිසා..
අපි අපේ අනුරාධපුර යුගය,පොළොන්නරු යුගය හෝ ඊටත් එපිට ප්‍රාග් ඓතිහාසික දේවල් උදාහරණ වලට අරගෙන බොහෝ දේ කතා කරනවා වගේ මේ මායන් ශිෂ්ටාචාරය උදාහරණයට අරගෙන මෙවැනි දෙයක් පැවසීම තුළ කිසියම් සත්‍යතාවක් තියෙන්නෙ පුළුවන් කියල මට නිකමට වගේ හිතුණා...
කොහොම වුණත් දැන් මේ වෙන පරිසර විනාශය නිසා 2012 කොහොම වුණත් 2050-2100 විතර වෙන කොට නම් ලෝකෙ තියෙන එක ගැන ෂුවර් නෑ
2012 ෆිල්ම් එකෙත් කතාව පැහැදිලි ව තියෙනවා... මට නම් Roland Emmerich ගෙ Independence Day තරම් 2012 ඇල්ලුවෙ නෑ...
කොහොම වුණත් මේක මෙහෙම වෙනවනම් අපිට තව මොන දේ කරන්නත් තියෙන්නෙ වසර 3කට දවස් 3ක් අඩු කාලයක්.. අද අද එයි මරු පින් කර ගන්නේ කියල කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමා...
මේ තියෙන්නෙ ඊ මේල් එක...

Wednesday, December 23, 2009
SBU හමුවීම
සිංහල බ්ලොග් කරුවන්ගේ හමුවීම ගැන පෝස්ට් එකක් දාන්න හිතුණා... හිතුනෙ නම් හමුවීම වුණ දවසෙමයි..
වෙලාවක් ලැබුණෙ අද..
මේ සයිබර් ලෝකේ හමු වෙලා කතා බහ කරල.. දැන හඳුන ගත්ත අයව සැබැවින් හමුවීම ඇත්තටම හරිම වැදගත් දෙයක්... ජාලේ අස්සෙ තියෙන වැඩකට නැති සමූහ, අඩවි ලක්ෂ ගානින් කීයෙන කීයක් මේ වගේ සාර්ථක වෙනවද කියල නම් සැකයි... කොහොම වුණත් සමූහයේ අරමුණ හොඳ වීම මේ සාර්ථකත්වයට හේතු වෙන්න ඇති කියන එක තමා මට නම් හිතෙන්නෙ... ඒ වගේම තමා ඒ අරමුණ වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන පිරිසක් ඉන්න එක හරිම වැදගත්...
සිංහල යුනිකේත නිසා බොහෝ පිරිසක් හඳුනා ගන්න ලැබීම යුනිකේත වලට වඩා වටිනව...
මීළඟ හමුවීම වෙනකොට අපිට බොහෝ ඉදිරියට ගිහින් ඉන්න පුළුවන් වෙයි... මේ යන විදියට කරගෙන යමු.. (මම නම් ඉතින් ඉඳල හිටල පෝස්ට් එකක් දානවට වඩා වැඩි යමක් කරන්නෙ නෑ... :) )
කොහොම වුණත් SBU එකට ජයෙන් ජය...

Sunday, December 13, 2009
Google වෙතින් Nexus One
Google වෙතින් Mobile Phone එකක් ළඟඳීම....
සැබෑ වෙනසක් වෙන්න වගේ යන්නෙ...
Google කියන්නෙ Internet එක තුළ වෙනසක් ඇති කළ ආයතනයක් බව කිව්වොත් වැරදි නෑ...
එයාල දැන් අළුත් වැඩකට අතගහල...
ලොව සුපතළ Mobile Phone නිෂ්පාදකයෙකු වන HTC හා එක්ක නිපදවා ඇති මේ Phone එක දැනට හඳුන්වන්නෙ Nexus One කියල...
මෙහෙයුම් පද්ධතිය Android
ලොවේ පෙරළියක් ඇති වෙන විදියෙ වැඩක් විදියට මේක හඳුන්වන්න පුළුවන් වෙයි...
කොහොම වුණත් ලංකාවේ අපිට නම් මේකක් පාවිච්චි කරන්න තව සෑහෙන කාලයක් යයි..
මෙතන විස්තර තියෙනවා...

Wednesday, December 02, 2009
සෙලෝලයිඩ් කටුගෙදර - The Museum Cinemaya - 2
ගෝර්ඩන් අයියගේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන වැඩි විස්තර එදා ලියන්න හිටියට ලියන්න බැරි වුණා නේ...
කටුගෙදර ගැන ලියන්න කලින් ගෝර්ඩන් අයියා ගැන විස්තර ටිකක් ලියන එක වටිනව කියල හිතුණා..
ගෝර්ඩන් ද සිල්වා කියන්නෙ ඇත්තටම අපූරු චරිතයක්...
කාටූන් සහ ඇනිමේශන් ක්ෂේත්‍රයේ දක්ෂයෙක්, ඒ වගේම හොඳ එකතු කරන්නෙක්...
ගෝර්ඩන් ගේ විනෝදාංශය තමා මුද්දර,කාසි,නෝට්ටු,මුල් දින කවර ආදිය එකතු කර සුරැකීම...සෑහෙන හොඳ එකතුවක් ඔහු ගාව තියෙනවා හරීම පිළිවෙලට ක්‍රමානූකූලව තමන්ගේ එකතුව පවත්වාගෙන යනවා...
එහෙම එකතු කරල ඔහුගේ මහන්සියෙන් සහ වියදමින් පවත්වාගෙන යන අපූරු තැනක් තමා මේ සෙලෝලයිඩ් කටුගෙදර කියන්නෙ...
නිශ්චල ඡායාරූපකරණය,
සිනමාකරණය,
පුවත්පත් මුද්‍රණය,
ගුවන් විදුලිය,
රූපවාහිනිය
යන ක්ෂේත්‍රයන්හි පෞරාණික භාණ්ඩ එකතුවක් සහ ඒ ආශ්‍රිත ලිපි ලේඛණ, චිත්‍ර පට හා ප්‍රචාරක දැන්වීම් කලාව සහ ඒ ඒ පෞරාණික භණ්ඩයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව හැදෑරීමට කැමති කෙනෙකුට නොමිලේම ඒ අවස්ථාව සලසා දෙන ස්ථානයක් විදියට මේ සෙලෝලයිඩ් කටුගෙදර ගැන කියන්න පුළුවන්...
පසුගිය නොවැම්බර් 20 වෙනිදා තමයි මේක නිල වශයෙන් විවෘත කළේ... විවෘත කෙරුණේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ අතින්...
ලංකාවට සෑහෙන කාලෙක ඉඳල තිබුණු අවශ්‍යතාවක් තනි පුද්ගලයෙකුගෙ උත්සාහයක් ලෙස මෙසේ රටට දායාද කරදීම ඇත්තටම අගය කළ යුතුයි
ඕනෙම කෙනෙකුට ගිහින් නරඹන්න... විස්තර දැන ගන්න පුළුවන්
ලිපිනය - 61/2C මාලපල්ල,නුගගහලන්ද,හෝමගම,
ගෝර්ඩන් ගේ දුරකථනය - 0714064647